මාව කියවන අය අතර..

07 September 2012

අතීතෙක මතක ....



කඳුළු මත දමා ගිය
අතීතෙක මතක ගොඩ
විරිත්තලා හිනාවෙයි
ඔච්චමට වගේ මට...

වැස්ස යට තෙමෙමින්ම
දිය කරපු කඳුළු මිට
හෙමින් රූටලා විත්
    ආයෙමත් ඇස් තුලට...

සඳ කොහිද මම කොහිද
දැනෙන් නැද්දෝ සිතට
හිරිවැටුන ඇඟිල්ලෙන්
  ඇන බලන්නෙ ඇහැට....

විසිකලද මතක ගොඩ
කල්පනා තිඹිරි ගෙට
ඇදෙයි ජීවිතය මත
  එකට ඇමිණුව ලෙසට....


ළිහිණි
07/09/2012



ප.ලි

සිංහල බ්ලොග් කියවනයට මගෙ බ්ලොග් අඩවියත් එකතු කරන්නට දන්නා සෙල්ලම් දැමූවත් පලක් නැත.බ්ලොග් අඩවිය ඇතුලත් කරන්නට අදාල මේ ලින්ක් එක කීප සැරයක් පුරවා යැවූවත් පලක් වුයේ නැත. සිංහල බ්ලොග් කියවනයේ ඇඩ්මින් තුමාටද ඊයක් මගින් දැන්වුවද පිළිතුරක් නැත. සිංහල බ්ලොග් කියවනය මට අයිති නැති හැඩක් පෙනේ :(


31 comments:

  1. සියළුම ලිපි ටික කියවා අවසන් කරන ලදි... හොඳින් ලියාගෙන යන බ්ලොගයක්..මීට කලින් වෙන නමකින් හරි බ්ලොග් එකක් ලියාපු වගක් හිතන්න පුළුවන් තරමට හොඳින් වැඩේ කරනවා...

    කවදද මුලින්ම මේක බ්ලොග් කියවනයට දාන්න බැළුවේ..? සාමාන්‍යයෙන් සිංහල බ්ලොග් කියවනයට බ්ලොග් එකක් දාන්න ටිකක් කල් යනවා... හැබැයි නොවැටී තියෙන්නේ නම් නැහැ..නිතර නිතර ඇඩ් කරන්න යන්න එපා... ඇඩ්මින් වරයෙක් ලොග් උන වෙලාවක ඕක බලලා එක්කාසු කරයි

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මාරයා තුමාව මේ පැත්තට.මීට කලින් නම් මොන නමකින්වත් බ්ලොග් ලියා නැත. ඒත් 2009 වසරේ සිට බ්ලොග් කියෙව්වෙමි. ලියන්නට හිතකවත් තිබුනේද නැත. ඒත් අන්තිමේදී ලියන්නට පටන් ගත්තෙමි... :D

      මගෙ බ්ලොග් අඩවිය පටන් ගත්තේ ජූලි මාසයේදී. පෝස්ට් තුනක් විතර දැම්මට පස්සේ බ්ලොග් කියවන කීපයකට බ්ලොග් අඩවිය ඇතුලත් කලා. නමුත් සින්හල බ්ලොග් කියවනයට මෙතෙක් මගේ බ්ලොග් අඩවිය ඇතුලත් වී නෑ. දින 14 ක් ඇතුලත දන්වන්න කියලා තියෙන හන්දා ඒ වග සිංහල බ්ලොග් කියවනයේ ඇඩ්මින් තුමාට ඊයක් මඟින් දැන්නුවා...තාමත් පිළිතුරක් නැත

      Delete
  2. ලස්සනයි...

    ටිකක් සතුටු හිතෙන එකකුත් ලියමු නේද ලිහිණි?

    ReplyDelete
    Replies
    1. සයුරී..මේ " කාංසියට ලියවුන කවි" ... :D

      Delete
  3. කවිය නම් මරේ මරු.
    බය වෙන්න එපා. මමත් ඔය සිංහල බ්ලොග් කියවනයට මගෙ බ්ලොග් එකත් දැම්මා. තාම ඇඩ් කරල නැහැ...කොහොමත් ඔයා ගැහැණු පරාණයක් හින්දා ඉක්මනට ඇඩ් කරයි....

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වේ ගෑණු පරාන වලට වැඩි තැනක් තියෙනවා කියන එකද ?
      ඔබ තුමාගේ බ්ලොග් එක මොකද්ද කියලා දැම්මා නම් අපිටත් ගිහින් බලන්න තිබුනා කෝ එහෙම දෙයක් දාලා නෑනෙ

      Delete
  4. කවියනම් ගොඩක් ලස්සනයි අක්කේ...

    බ්ලොග් කියවනයට ඇඩ් වෙන්න නම් ටික දවසක් යනවා අක්කේ..

    ReplyDelete
    Replies
    1. දිනේශ් වගේ ලස්සනට කවි පද හදන්න නම් මට දන්නෙ නෑ. ඒත් එහෙන් මෙහෙන් යන්තමට ගලප ගන්න නම් පුළුවන් :)

      Delete
  5. හේයි උඹට කවිත් ලියන්න පුළුවන් කියලා මම දැනගෙන උන්නේ නෑනෙ. හග් හග් නියමයි. මතකද IIT යන දවස්වල උඹේ පස්සෙන් ආපු මුස්ලිම් බුවා උඹට දීලා ගිය කවි ටික. හේයි ඒක මතකනම් ඒ සීන් එකත් එක්ක දාපංකො

    ආර්.

    ReplyDelete
    Replies
    1. මේ කවුද කියලා හිටියනම්. ඇයි හත්දෙයියනේ ආර් කිව්වම කොයි ආර් ද ? රවිඳු ද ? නැත්තම් රුචිරද ? නැත්තම් රමේශ් ද ?කවුද කියලා කිව්වොත් අර කතාව ලියන්න පුළුවන් :D

      Delete
  6. ළිහිණි මාර වැඩ්ඩෙක්නෙ. ඇත්තෙන්ම මම නම් ඔය කවි සම්බන්ධව හුඟක් දුර්වලයි. ඉස්සර මම කවි කියවන්නෙත් නෑ මග අරිනවා. නමුත් මේක නම් සොලීඩ්.
    අර හිරිවැටුන ඇඟිල්ලෙන් ඇන බලන්නෙ ඇහැට.... කියන්නෙ අසංවේදී පුද්ගලයෙක් අනෙකාව අඬවනවා කියන එක නේද.
    මම හිතුනා ළිහිණි අර "විරිත්තලා හිනාවෙයි" කියන තැන 'විරිත්තලා' නැතුව 'විරිත්තා' කියලා තිබ්බා නම් හොඳට රයිම් වෙයි කියලා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඩූඩ් මට විහිළු කරනවද කොහෙද...මේ තරම් සරළ පද ටිකත් ලියා ගත්තේ බොහෝම අමාරුවෙන්.. ඩූඩ් පෙන්නපු තැන් හරි. එතැනට " විරිත්තලා " නැතුව " විරිත්තා " කියලා තිබ්බ නම් හොඳයි කියලා මටත් හිතුනා. ඔන්න බලන්න ඉතින් කවි ලියන්න වැඩ්ඩෙක්නම් ඔහොම වරද්දලා ලියයිද... :)

      Delete
  7. ලස්සනයි යාලු :)

    ReplyDelete
  8. කවි සිතුවිල්ල නම් පට්ට !!!
    ලාංකීය එකටයි සින්ඩිය.කොම් එකටයි හත්මාළුවටයි ඇප්ලයි කලා ද ???

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග. ලාංකීක එකට ඇප්ලයි කරන්න තේරෙන්නෙ නෑ. සයිට් එකට ගිහින් බලපුවම ඇප්ලයි කරන්න විදියක් හොයා ගන්න බැරි උනා. පුළුවන්නම් ඇප්ලයි කරන විදිය කියලා දෙන්න..

      Delete
  9. ගිනි
    න්



    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. දාන්න පහක්.. මමත් සිංහල බ්ලොග් කියවනයට අයිති නැති එකෙක් තමා.. ඔයා වගේ දන්න සෙල්ලම් ඔක්කෝක දැම්මා. ඇඩ්මින්තුමාටත් ලිව්වා. ඊට පස්සේ මම ගේම අතහැරලාදාලා මගේ පාඩුවේ මොනවා හරි බ්ලොගේ කොටාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම පහක්... නියමයි එහෙනම් අපි දෙන්නම බලාගෙන ඉමු. ඇඩ්මින් තුමා කවදද අපේ පැත්තට බැල්ම දාන්නෙ කියලා

      Delete
  11. කවිය හැගීම්බරයි...

    ReplyDelete
  12. ඔන්න ඉතින් ඇනෝලා කරන වැඩ හන්දා ළිහිණි ටත් Comment moderation කරන්න settings වෙනස් කරන්න උනා. ඇනෝ කෙනෙක් ඇවිත් " මාරයා " කියන කෙනාට එක එක ඒවා මගේ පෝස්ට් එකෙත් කොමෙන්ට් විදියට දමා ගිහින්. මට ඉතින් පැය 24 ම බ්ලොග් එක දිහා ඇහැ ගහගෙන ඉන්න බෑනෙ. අනික කාට හරි මොනයම් දෙයක් හරි මගේ බ්ලොග් එක හරහා වෙනවට මම අකමැතියි.හැම ඇනෝ කෙනෙක්ම ගැනම වැරදි විදියට බලන්න මම ලැහැස්ති නෑ. ඒ නිසාම අද ඉඳන් Comment moderation කරන්න හැදුවා :D

    ReplyDelete
  13. නියමයි ලිහිනියො ...............

    ReplyDelete
  14. හිතට කා වැදුන පැරණි මතකයන් අමතක කරන්න අමාරුයි තමයි..

    ReplyDelete
  15. ඒකනම් ඇත්ත රෙහානි

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.