නිල් අහසේ අඳුර ඉරා……දිළිසි දිළිසි බැබලුනාට
ඉඳ හිට එබිකම් කර කර… උකුළු මුකුළු මට පෑවට
ඔය එළියේ සඟවාගෙන… හිඳින්නෙමියි දිවුරුවාට
මං දන්නවා මගේ තරම…. අත දිග නෑ හඳ ගාවට....
කවියක් මිට මොළවාගෙන…යන එන මඟ නැවතුනාට
ඊයේ උන්නේ ඈත් එක්ක……මං දැක්කා දුර ඈතට
මවා පාන පාට හීන…………සේදුනාම වැහි වතුරට
රැවටුන හිත හදා ගන්න….මටයි වෙන්නේ කඳුළු බොන්ට...
අමාරුවෙන් දුර ආවේ.......දුක එක්කලා ගාට ගාට
සෙල්ලම් බෑ හිතත් එක්ක... .හීන තියෙයි බර ගානට
ලං වෙන්නට ආස උනත්.....ආයෙත් බෑ විඳවන්නට
ඇස් ගහන්න එපා තවත්... හිතත් අරන් මාරු
වෙන්ට....
ළිහිණි
31/10/2012
( මේ දවස්වල මට වෙන වැඩ තමයි මේ.. )


