මිහයිල් හා මරියා දොස්තයෙවුස්කි යුවලට දරුවෝ හත්දෙනෙක් වූහ. මොස්කව් නුවරදී පියොදෝර් දොස්තොයෙවුස්කි උපත ලැබුවේ එම පවුලේ දෙවෙනි දරුවා ලෙසිනි. ඒ 1821 නොවැම්බර් මස 11 දාය .
රුසියාව එකල දේශපාලනීක හා සාමාජයීක වශයෙන් පිරිහී යමින් තිබිණ. වෛද්‍යවරයෙකු වූ පියොදෝර් ගේ පියා මොස්කව් නුවර දුප්පතුන් සඳහා වූ රෝහලක සේවය කලේය.ඔහු බිරිඳ සහ දරුවන් සමඟ පදිංචිව සිටියේ රෝහල් බිමේ වූ නිවසකය. එයට යාබදව තවත් වැදගත් තැන් තුනක් පිහිටා තිබිණ. ඒ අනාත නිවාසයක්...පිස්සන් කොටුවක් හා මරණ දඬුවම් ලබන්නන්ට වෙන්වූ සොහොන් බිමකි.
පියොදෝර් ගේ සිතේ දුකට හා පීඩාවට පත් අසරණයින් කෙරෙහි සානුකම්පිත හැඟීම් ඇති කලේ මෙම පරිසරයයි. දෙමාපියන් විසින් තහනම් කර තිබුනද , ළමා කාලයේදී පියොදෝර් රෝහල් බිම පුරා ඇවිද්දේය. වත්ත පුරා අව්ව තපිමින් සිටි රෝගීන් සමඟ ඔවුන්ගේ ජීවිත කතාවලට ආශාවෙන් සවන් දුන්නේය.පියොදෝර්ට වයස අවුරුදු 16 වන විටදී (1837 දී )පියොදෝර්ගේ මව ක්ෂය රෝගයෙන් මිය ගියාය.
සාන්ත පීටර්ස්බර්ග් හී හමුදා ඉංජිනේරු පාසල වෙත පියොදෝර් ගියේ ඉන් පසුවය.මේ වන විය බේබද්දෙකු බවට පත්වී සිටි පියොදෝර් ගේ පියා ද මිය ගියේය. (1839) ඉංජිනේරුවකු වීමට උගෙන ගන්නා අතරම පියොදෝර්ට සාහිත්‍යය නිර්මාණ කියවීමටද අවස්ථාවක් ලැබුනේය.ඔහු වඩාත් ප්‍රිය කලේ වික්ටර් හියුගෝ , විලියම් ශේක්ස්පියර් යන අගයේ නිර්මාණවලටය.
ඉංජිනේරු පාසලෙන් පිටවූ පසු ඔහු බැල්සැක්ගේ Eugenie Grandet “ නම් ප්‍රංශ නවකතාව රුසියන් බසට පරිවර්ථනය කලේය. එය එතරම් ඇගයීමට ලක් නොවුනද, පියොදෝර් විසින් ඊ ලඟට ලියන ලද ඔහුගේම නිර්මාණයක් වූ " PoorFolk (දුප්පත් මිනිස්සු)නම් කෙටිකතාව සාහිත්‍යය විචාරකයින්ගේ අවධානය යොමු කරලන්නට සමත් විය.
1848 දී යුරෝපයේ පැතිර ගිය කැරලි වලින් සාර් රජු භීතියට පත් විය. විප්ලවකාරී නිදහස් අදහස් දැක්වූ සියළු දෙනා රජය විසින් හිරභාරයට ගන්න ලදි. ඒ අනුව පියොදෝර් දොස්තොයෙවුස්කි හට මරණ දඬුවම නියම විය. හිම වැටෙන උදෑසනක ඔහු ඇතුළු කීප දෙනෙක් එළිමහනේ පේලියට රඳවන ලද්දේ වෙඩි තබා මරා දැමීම සඳහාය. එහෙත් වාසනාවට මෙන් අන්තීම මොහොතේදී මරණ දඬුවම වෙනස් කෙරිණ. පියොදෝර්ට බරපතල වැඩ ඇතිව අවුරුදු හතරක සිර දඬුවමක් නියම කරන ලදි.
1854 දී සිර ගෙදරින් නිදහස්ව ආ පියොදෝර්ට මරියා දිමිත්‍රියෙව්නා නම් කාන්තාවක මුණ ගැසී ඇයව විවාහ කර ගන්නා ලදි. නමුත් 1864 දී ඇයගේ සහ පියොදෝර්ගේ සොහොයුරාගේ අකල් මරණ වලින් දැඩි කම්පාවට පත් වූ ඔහු මත්පැනට සහ සූදුවට ද යොමු විය.
අන්නා ස්නිට්කිනා
1867 වර්ෂයේදී අන්නා ස්නිට්කිනා නම් තරුණියක් මුණ ගැසී ඔහුගේ ජීවිතය තුල පෙරළියක් ඇති කල නිසා ඔහු දෙවෙනි වර ඇයත් සමඟ විවාහ විය. වෘත්තියෙන් ලඝුලේඛිකාවක වූ ඇය ඔහු කියවූ කතා වේගයෙන් සටහන් කර ගත්තාය. ඔහුගේ ලේඛන දිවියේ සාර්ථකම අවදිය එය විය.
Crime and Punishment (අපරාධය හා දඬුවම ) , The Idiot (මෝඩයා ) , The Karamazov Brothers (කරමසොව් සහෝදරයෝ ) , The House Of the Death & theGambler (සූදූ අන්තුවා ) ඔහු ලියූ ප්‍රකට නවකතා කීපයකි.
ඔහුගේ ජනප්‍රිය කෙටි කතා අතර White Night (ධවල රාත්‍රිය) , The Honest Thief (අවංක හොරා ) , The Little Hero ( පුංචි වීරයා ) ආදී බොහෝ කෙටි කතා වේ.
පෙණහැල්ලෙ ඇතිවූ ලේ ගැලීමකින් පියොදෝර් දොස්තොයෙවුස්කි මියගියේ 1881 දීය. ඔහු හා ශ්‍රේෂ්ඨ ලේඛක ලියෝ ටොලෙස්ටෝයි කිසිදිනක මුහුණට මුහුණ හමුවී නැති අතර , ටොලෙස්ටෝයි ලියූ ඇනා කරලිනා කෘතිය පියොදෝර් ආශාවෙන්ම කියවූ පොතක් බව සඳහන්ය. එමෙන්ම ලියෝ ටොලෙස්ටෝයි මිය යද්දී ඔහු අවසාන වරට කියවීම සඳහා ලඟ තබාගෙන සිට ඇත්තේ පියොදෝර්ගේ “කරමසොව් සහෝදරයෝ “ නම් නවකතාව බව ද සඳහන්ය
මේ වගේ කතා කියවන්න, අහන්න මම හරිම ආසයි..ඒ මගේ තාත්තා මං පොඩි කාලේ රුසියන් නවකතාකරුවන්ගේ කතා සහ ජීවිත කතා මට ඇහෙන්න කිවූ පුරුද්දට ඇති වූ ඇබ්බැහිය නිසා වෙන්න ඇති... මෙච්චර දවසක් බුක් ෆෙයාර් යන්නේ නෑ කියලා හිතාගෙන හිටපු මට මේකෙන් යන්න ඕනෙ කියලා අදහසක් ආවා.... වෙන මොකකටවත් නෙවෙයි... කරමසොව් සහෝදරයෝ පොත ගන්න...
ReplyDeleteමට නම් ඉතින් හිරූට වගේ ඇහෙන්න පොත් කියලා දෙන්න තාත්තා කෙනෙක් උන්නෙ නෑනෙ. ඒත් ඉස්සර ඉස්කෝලේ පුස්තකාලෙට වැදිලා තනියම කියවන්න පුරුදු උනා. ඒ හන්දද කොහෙද පොත් වලට මහා කෑදරයි
Deleteහ්ම්... හැබෑම දක්ෂයෙක්.
ReplyDeleteශ්‍රේෂ්ඨ ගත් කතුවරයෙක්
Deleteජය !
ReplyDelete:D
Deleteමම නම් මේ පොත් එකක්වත් කියෝලා නෑ...
ReplyDeleteකෙටි කතා ටික බලන්න . ඒවා නියමයි
Deleteහ්ම් හ්ම් හ්ම්...! මට නම් මේ තොරතුරු අලුත්.මොකද මම දැනන් උන්නේ නෑ ඒගැන. මටත් ඉන්නවනේ පොත් ගුල්ලියක්. එයාට කියන්නම් මේ ගැන. එයාට ඉතින් පොත් කිවුවොත් ඊට වඩා දෙයක් නෑ. මටත් බැරියෑ වැකේෂන් එකකදීවත් කියවන්න. ස්තුතියි ඔයාට.
ReplyDeleteජය..!
මමත් පොත් ගුල්ලියක්. ඒ උනාට පොතක් අරන් ඇදට වෙලා පිටු තුනක් කියවද්දි මම දොයි...:D
Deleteළිහිණි රුසියානු සහ සෝවියට් පරිවර්තන සාහිත්‍යයට ආසද? ඇත්තෙන්ම කිව්වොත් මම නම් වැඩිය කියවලා නෑ, පොත් පහ හයකට වඩා. ඔය කරමසෝ බ්‍රදර්ස් (බ්‍රාත්‍යා කරමසෝ) පොත කියවන්න ඕනෙ නෑ, උස්සගෙන ගේ වටේ රවුම් දෙක තුනක් ගියත් බොඩිය හදාගන්න පුලුවන්. :D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
රුසියානු පොත් වලට ආසයි නෙමේ ඩූඩ් පෙරේතයි. පුංචි කාලෙ ඉඳන්ම ඉස්කෝලේ පුස්තකාලෙන් අරන් එන්නේ රුසියානු පරිවර්ථන පොත්. ඒ කාලේ මොනවත් තේරුනේ නැති උනත් හරිම ආසාවෙන් කියෙව්වා. දැන්නම් කොයි තරම් පොත ලොකු උනත්...කියවන්න ගත්තොත් පැත්තකින් තියන්න නම් හිතෙන්නෙ නෑ.
Deleteඩූඩ් ඔය කරමසොව් සහෝදරයෝ පොත ඒ තරම් ලොකුයිද ?මම කියවලා නෑ
ඩූඩ් අය්යේ.. ඒක එච්චර ලොකුද.... ? එහෙනම් මරු.. හි හි....
Deleteඅනේ බං බොලා බයිල ගහනවා ලොකුද කියලත් අහනවා. මට ඒ දවස් වල ඕක කියවන්න සති දෙකක් විතර ගියා. දොස්තෙයෙව්ස්කිගේ හැම පොතක්ම ලොකුයි. නිවටයා (The Idiot) පොතත් හෙන ලොකුයි. මම ආසම පොරගේ අපරාදය හා දඩුවම. රෝඩියා රෝමනෝවිව් රැස්කොල්නිකොව්. කතා නායකයා. මිනිස් හැගීම් ගැන හොද රසයක් දෙනවා. මතකද ඉවාන් පවුලෝෂා ගීතය. අන්න ඒ පොතේ චරිත තමා තියෙන්නේ. කරමසෝ ගැන කියන්න මට දැං මතක නෑ. රුසියන් සාහිත්‍යයට මං ඇඩික්ටඩ්. ඒ කාලේ මං රුසියානු භාෂාව පවා කොංඤ්ං විතර ඉගෙන ගත්ත වී රොද්රිගු මහත්තයා ඒ පොත් වල රුසියානු බසිනුත් පොත ගැන විස්තර ලියල තිබුන නිසා. සුන්දර මතකයක් ඇවිස්සුවා ලිහිණියා..
Deleteමම නම් මේ පොත් කියවලා නෑ පටන් ගන්න ඕනි....
ReplyDeleteමෙතන තියෙන පොත් වලින් මම කියවලා තියෙන්නෙත් නවල් දෙකයි. ඒත් කෙටි කතා නම් කීපයක් කියවලා තියෙනවා. අවංක හොරා කියන එක නියමයි
Deleteඅවන්කවම මේ පොත් නම් කියවලා නෑ!ඒත් විශ්ව සාහිත්‍යයට ඇලුම් කරනවා!18 වෙනිදට අනිවාර්යෙන් මේ පොත් වලින් එකක් හෝ ගන්නවා!:)
ReplyDeleteකදිම පොස්ටුවක්!
ඔය ලියෝ ටොලෙස්ටෝයි.. මක්සිම් ගෝර්කි , මුල්ක් රාජ් ආනන්ද් , ගී ද මෝපසං , ඕ හෙන් රි , ආර් කේ නාරායන් වගේ අයගෙ පොත් වලට මම හරිම ආසයි.
Deleteඒ කියන්නේ මෙයා ලියෝ ගේ සම කාලිනයෙක් නේද? මේ පොත් නම් මම කියවල නෑ. බලමුකෝ ඉඩක් ලැබුනොත්.
ReplyDeleteඔව් සයුරි. මෙයා ලියෝගේ සමකාලීනයෙක්. ලියෝගේ ඇනා කරලිනා පොත තමා මෙයා ආසාවෙන්ම කියවාපු පොත වශයෙන් හදුන්වන්නේ. ලියෝ ගේ මරණය දැන්ගත්ත මොහොතෙදී මෙයා හුඟාක් කම්පාවට පත්වෙලා ඉකි ගගහා ඇඬූ වග සඳහන් වෙලා තියෙනවා
Deleteස්තුතියි විස්තරයට!
ReplyDeleteඔබට ජය! :)
:)
Deleteමේ පොත් නම් මම කියවල නෑ ඇත්තටම.. වටින විස්තරයක් අක්කේ..
ReplyDeleteරුසියන් පොත සරළ නැති නිසා කියවන්න ටිකක් බෝරිං දිනේශ්..ඒත් වටිනා පොත් පත්
Deleteබොහොම වටිනා කරුණු ටිකක් එක හුස්මට කියවගෙන ගියා.ස්තුතී
ReplyDeleteඔය වගේ රටවල ඉද්දී පොත් කියවන්න වෙලාව ලැබෙනවා අඩුයි මම හිතන්නෙ. නේද කස්සා
Deleteමමත් රුසියානු කථා පිස්සෙක් තමා.ඒත් මේ පොත් වලින් මට අහලා පුරුදු සූදූ අන්තුවා විතරයි.අනිවා එක කථාවක් හරි කියවලා ඇති දොස්තොයෙවුස්කි ගේ.මොකද මට ඒ නම හොදට හුරුයි.ඒත් අප්පා මට තියෙන ලෙඩක් නේ කොච්චර පොත් කියෙව්වත් ඒවයේ නම මතක හිටින්නේ නෑ නේ.කලින් කියෙව්වා කියලා හොයාගන්න පිටු 2,3ක් කියවන්නම වෙනවා.
ReplyDeleteවැදගත් ලිපියක්.
ජය!!
ඉස්සරවෙලාම ආදරෙන් පිළිගන්නවා මේ පැත්තට
Deleteමෙයාගෙ වැඩි පුරම තියෙන්නෙ කෙටි කතා. ඒවා නම් නියමයි. ඔය දවල රාත්‍රිය එහෙම හරිම ලස්සනයි. මට නම් කියවාපු පොත් මතකයි. ඒත් රුසියානු පොත් ඇතුලේ චරිතවල නම් මතක තියා ගන්න එක නම් වාතයක්. දිව උලුක් වෙන නම් නෙ තියෙන්නෙ
ඇත්තටම වටින විස්තරයක්.මමත් කැමතිම ලේඛකයෙක් ගැන ලියලා තියෙන්නේ.මේ විස්තරය චන්දන මෙන්ඩිස් මහත්මයාගේ 'සොඳුරු සිතුවම්' පොතේ අග කොටසේ ලේඛක විස්තරයේ තිබුණා මතකයි.දිගටම ලියන්න.ජය!!!
ReplyDeleteඔව් මේ පොත් පරිවර්ථනය කරලා තියෙන්නෙ චන්දන මෙන්ඩිස් තමා
Deleteරුසියානු කතාවල තියෙන නම් කියවන්න ගියාම දිව පැටලිලා වෙද මහත්තයා ගාවට යන්න වෙනවා පත්තු බඳින්න..
ReplyDeleteරුසියන් පොත්වල චරිත ඇතුලේ නම් මතක තියා ගන්න එක නම් හරිම අමාරුයි තමා. මොකද ඒවා දිව උලුක් වෙන නම්
Deleteළිහිණි හරිම වටින රචනය...හරිම ආසාවෙන් කියෙව්වා.ඉසබෙල් අයින්දේ( Isabel Allende)ගේ House of the Spirits ගැන අදහස කොහොමද.මේ පොත සිංහලට පරිවර්ථනය වෙලා තියනවා.
ReplyDeleteහුරේ...දාන්න පහක් නලින්. මට ඔය පොතේ නම මතක නැතුව උන්නේ . ගිය අවුරුද්දෙත් හොයා ගන්න බැරි උනා.ඔය පොත් ගැන දවසක් මගෙ යාළුවෙක් කිව්වට මට නම මතක තිබුනේ නෑ.නලින් නම් නියමයි මට ඕනෙ කරන දේ ගෙනල්ල දුන්නා.තෑන්ක්ස් නලින්
Deleteලිහිනියා පොත් වලට තියෙන ආසාව දැක්කම මට හිතෙන්නෙ මොනාද දන්නවද මේ පාර බුක් ෆෙයා එකේන් එන්නෙ නැතිවෙයි කියලා. ( ඔන්න පොත් ගොඩ ගහගෙන ඉන්න කෙල්ලක් දැක්කොත් ඒ ලිහිනි :) )
ReplyDeleteශෙශාන්
පොත් නම් ලොකු ලයිස්තුවක් හදාගෙන ඉන්නවා. ඒත් ඉතින් ඉස්සර වගේ නෙමේනෙ. පොත් ගනන් වැඩී. හිතාගෙන ඉන්න තරම ගන්න ලැබේවිද දන්නෙ නෑ :D
Delete"අපරාදය සහ දඩුවම " මම කැමතිම පොතක් ..
ReplyDeleteඑහෙනම් ඔයත් ඒක කියවලා තියෙනවා. එඩ්ගා ඇලන් පෝ ගෙ පොත් වලට කැමති නැද්ද ?
Deleteපොත්..! ඇඬෙනවා..
ReplyDeleteවටින විස්තරයට ගොඩක් ස්තූතියි අක්කේ.. :)
දැන් තියෙන පොත් වල ගාණ ඇහුවමත් ඇඬෙනවානෙ නන්ඳු :0
Deleteමොස්කව් උමං දුම්රිය නැවතුම්පොල අංක 181 හි බිත්ති සරසන්නට ඉවාන් නිකොලායෙව් අතින් නිමැවෙන නිර්මාණයන් වලින් අළුතින් ම එකතු වෙච්ච සාහිත්‍යකරුවා මෙයා.
ReplyDeleteඒ ගැන නම් විස්තර දැනගෙන උන්නෙ නෑ අරුණි අක්කා. ස්තුතියි මේ පැත්තට ඇවිත් සටහනක් තිබ්බට
Deleteනියමයි ලිහිණියෝ....අද ඉඳං හැමදාම මම කියවනවා ඔයාව
ReplyDeleteබොහෝම ස්තුතියි :)
Delete