මාව කියවන අය අතර..

05 March 2013

මෙවන් අය තවදුරටත් අපේ වීරයෝ වේවිද ?


එකෝමත් එක කාලෙක මිනිස්සුන්ගෙ වීරයෝ උනේ නළුවන් සහ නිළියන්..ඉන්දියාවේ නම් ඒක උන්මාදයක්..තවත් ටික කාලයක් යද්දී හුඟක් මිනිස්සුන්ගෙ වීරයෝ උනේ ක්‍රිකට් ක්‍රීඩකයෝ.. ක්‍රිකට් වලට ආස නැති ..ආදරය නැති මිනිස්සු හොයා ගන්නත් බැරි තරම් කාලයකුත් තිබුනා..යන්තම් තේරෙන කාලෙ ඉඳන්ම අපේ ගෙදර වගේම අපේ අහල පහල ගෙවල් වල උන්නු හැමෝටම ක්‍රිකට් " උණ " තිබුනා.මටත් ඒ උණ බෝඋනා... ඒක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කාලේ.. අඩුම තරමින් ගහන පාරක්වත් දන්නෙ නෑ. රූපවාහිණිය වටේ ඉඳන් අපේ අයියා එක්ක ඉන්න අනෙත් කොළු රෑණ කෑගද්දී...මමත් කෑ ගැහුවා..හුරේ දැම්මා..

ටිකින් ටික ක්‍රිකට්වලට තියෙන ආශාව වැඩි උනා වගේම ක්‍රිකට් ගැන, ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන, හොයන්න තියෙන ආශාවත් වැඩි උනා. මොන ලෝකෙක තියෙන ක්‍රිකට් මැච් එකක් උනත් කර ඇරගෙන බලාගෙන උන්නා.. සනත් ජයසූරිය...මගෙ ක්‍රිකට් ලෝකයේ වීරයා.. සනත් බැට් එකත් උස්සාගෙන පිට්ටනියට එනකොට මගෙ හුස්ම නැවතුනා.. පිච් එක උඩ අතන හද හදා..මෙතන හද හදා...පිත්ත හද හදා සනත් ලැහැස්ති වෙනකොට....ඒ එක මොහොත පපුව බිත්තර දාහක් තම්බන්න පුළුවන් තරම් රත් වෙලා. බත් එක අතේ තියාගෙන..ඇස් දෙක සනත් දිහාට දාගෙන..ඉන්න වෙලාවට පස්ස පැත්ත පුටුවෙන් ටිකක් ඉහළට ඉස්සෙනවත් එක්ක. අම්මා ලඟට ඇවිත් කණ ලඟ කෑ ගහද්දි තමා මතක් වෙන්නෙ බත් කාලා නෑ කියලා. ඒ වෙද්දී බත් එක සීතල වෙලා...ඉඳුල් අත වේලිලා...

ක්‍රිකට් වලට තිබ්බ ආශාව හින්දම බඩගින්නක් තියා නිදිමතකවත් දැනෙන එකක්ද..මහ රෑ ජාමේ ඇස් ලොකු කරගෙන රූපවාහිනි තිරයට ඇස් ඔබාගෙන හුරේ දැම්මේ.ඒ වගේද  මැච් එකක් දිනනකොට දැනෙන සතුට... පැරදුනත් පැරදුනේ " ඇඟට දැනෙන ගේමක් " දීලා.. එහෙව් කාලෙක ක්‍රිකට් වලට ආදරය කරන එක අහන්නත් දෙයක්ද...

96 ලෝක කුසලානය අරන් එද්දී අපි පොඩි උන්. ඒත් " කැප්ටන් කූල් " ගැන තිබුනේ ගෞරවයක්. ඒ නිහතමානි කමට ගෞරවයක්. දවසක් කැප්ටන් කූල් එක්ක කතා කරන්න ආසාවක් හිත ඇතුලේ තිබුනා. ඒ ආශාව ඉටු උනේ සෑහෙන කාලයක් ගියාට පස්සෙ.එතකොට කැප්ටන් කූල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිහින්..  මට මතකයි එදා අපේ ඉස්කෝලෙට ඇවිත් අර්ජුන රණතුංග කියාපු කතාව..

" ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. හැම ක්‍රීඩාවකදීම ක්‍රීඩාවට උචිත සැහැල්ලු ඇඳුමක් ඇන්දත්...ක්‍රිකට්වලට අඳින්නේ කලිසම.ඒ නිසා ක්‍රිකට් වලදී ඒ කලිසමේ නම්බුවත් තියන්න ඕනේ "


************************************************************************

ඒ ඉස්සර...ඉස්සර තමා ක්‍රිකට් " මහත්වරුන්ගේ " ක්‍රීඩාවක් උනේ..අද වෙද්දී ක්‍රිකට් වලට වගේම ක්‍රිකට් ගහන මහත්වරුන්ටත් මහත්මා ගුණය එහෙම පිටින්ම අමතක වෙලා ගිහින්..

ගෞරවයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරපු..ඒ නිසාම පොඩි මිනිස්සුන්ගේ ඉඳන් ධනපති පන්තියේ මිනිස්සුන්ගේත් ගෞරවය දිනා ගත්තු ක්‍රීකඩයෝ මුදල් මතම ඉඳගෙන ක්‍රිකට් ගසන්නට තරම් පෙළබිලා. ඒ විතරක්ද... ලැබෙන මුදල. වැටුප ගැන සෑහීමකට පත් නොවුනොත්.. තරඟ වර්ජනය කරන්නටත් පෙළඹිලා..

එක දිගට විකට් අරන් ලෝක වාර්ථා තියලා අපේ ගෞරවය ඉහලින්ම දිනාගෙන උන්න ක්‍රීඩකයෝ අද ඒ අයට හුරේ දැම්ම අයට කතා කරන්නේ ඉතාම නින්දිතව..

" අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? ..." 

" ඇයි ? මාව කලින් දැකලා නැද්ද ? නිකම් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ..."


මේ ඔවුන්ව කරේ තියන් හුරේ දැම්ම මිනිස්සුන්ට දෙන ප්‍රථිචාරයි. මේ මහත්මා ක්‍රීඩාවේ සැබෑ තත්වයයි.

ලසිත් මාලිංග කියන්නෙ ගමෙන් නගරයට ඇවිත්...තමන්ගේ දස්කම් වලින් ලොවක් දිනා ගත්තු ක්‍රීඩකයෙක්. දුප්පතාගෙ ඉඳන් පෝසතාගේ පවා ආදරය දිනා ගත්ත කෙනෙක්. ඒත් ටිකින් ටික ඉහලට එද්දී තමන් ඉහළට ඔසවා තැබූ  ඉණිමඟට පයින් ගැසීම කෙතරම් ශිෂ්ඨදැයි ලසිත්ට දෙවරක්ම හිතන්න සිද්ද වෙනවා. ඔහු වැනි ක්‍රීකඩකයෙක් තමන් ආමඟ අමතක කරන්නේ තමගේ තත්වය රුපියල් මිලියන ගණන්වලට ලංසු තැබෙන බව දන්නා නිසාමද ?

ඔවුන් ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් කියලා හිතාගෙන උන්න කාලය හිතින් මකා දමන්නට කාලය ඇවිත් ඇති බව මගේ හැඟීමයි.. කෙනෙකු ජනප්‍රිය වෙන්නට වෙන්නට ඔහු තුල නිහතමාණිකමත්...මනුස්සකමත් තිබිය යුතුයි. විජය කුමාරතුංග නම අසහාය නළුවාට..එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාට මිනිසුන් තවමත් ආදරය කරන්නෙ ඔහු තුල තිබුන සැබෑ නිහතමානි කමටත් මනුස්සකමටත්ය.

රටේ වග කිව යුත්තන් අයුක්ති අසාධාරණ වෙනකොට... පහලින් සිටින අයත් ඒ තත්වයට පත්වෙන එක පුදුමයකුත් නොවේ ..මනුස්සකමක්..විනයක් නැති මෙවන් ක්‍රීඩකයින් තවදුරටත් අපේ වීරයෝ වේවිද ?

බල්ලනවත් නොකනවායි කියන කාසි නිසාම මිනිසුන් බල්ලන් වීමට වැඩි කාලයක් නොයන බව නම් දැන් සහතිකය.


ප ලි

හිතට දැනුන කලකිරීමෙන් හදිසියේ කුරුටු ගෑ වගයි

75 comments:

  1. ලසිත් මාලිංගලා ගේ සිතේ තරහක් වේදනාවක් ඇති ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදු කරපු එකට.එහෙත් බළධාරින් සමඟ ඇති අවුල මධ්‍යෙව්දින්ගෙන් පිරිහිමලා හරි යන්නේ නැ.මිනිස්සු හෙමි පෙත්තට නැඟ්ගට ඔවුන්ගේ අධ්‍යාත්මික පැත්ත පහළ දමා ගොස් ඇත.සංවර්ධනය කර ගත යුත්තෙ එයයි.මධ්‍යෙව්දීන් යනු ජනතාවයි.ජනතාව බලාපොරොත්තු වෙන දේ තමයි මධ්‍යෙව්දීයා ඔවුන්ගේ අහන්නේ. ලංකාව අද යන තැන හිතා ගන්නටවත් බැ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. අක්කගේ කතාවට මමත් එකඟයි.

      Delete
    2. කණ්ඩායමක් හැටියට ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාද කප්පාදු කිරීම අසාධාරණයි. මොකද ක්‍රිකට් කියන්නෙ සල්ලි හොඳින් හොයන ක්‍රීඩාවක්. ඒත් තමන්ගෙ හැඟීම් මේ විදියට පිට කිරීම මාලිංග වගේ ක්‍රීඩකයෙකුට කොතරම් උචිතද කියන එක දෙවරක් හිතන්න වෙනවා....

      Delete
  2. ලසිත්ගේ ඔළුව ඉදිමිලා කියලා හැමෝම කියනවා. ඇත්තටම මෙහෙම කිව්වනම් මිනිහා මහා කැත පොරක්.. ඔය වගේ උන්ට කවදාවත් හරි යන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු එහෙම කියන්නෙත් හේතුවක් ඇතුව. ජනප්‍රිය පුද්ගලයින්ගේ ජීවිතවල පීඩනය මොන තරමක් තිබුනත් ඔවුන් තමන්ට ආදරය කරන රසික ජනථාවට සිනා මුහුනක් පෙන්වන එක සාමාන්‍යය දෙයක්. ඒ පීඩනය මිනිස්සුන්ට පෙන්වන්නෙ නෑ, නමුත් ලසිත් මාලිංග ඒකෙ අනිත් පැත්ත. කැමරාවට රවන්නෙ ඒක අලුවෙන තරමේ ගින්දර බැල්මකින්. ඒක ලසිත් වගේ පුද්ගලයෙකුට ඔබින දෙයක් නෙමේ ..

      Delete
  3. මාත් දැක්ක. ඒ වචන මට හරියටම මතකයි, මාධ්‍යවේදියා ඇහුවෙ "මාලිංග 'මහත්තයා' පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ?" කියල. ඒකටයි ඔය උත්තාර් දුන්නේ. අද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ 96 ක්‍රිකට්වත් 82ක්‍රිකට්වත් නෙවේ.(ඒක අර්ජුනටත් තේරුම්ගන්න බෑ) ඒක වෙනම දෙයක්, ක්‍රීඩකයන්ට ප්‍රශ්න තිබීමත් තවත් දෙයක්, ඒත් කතාව නරකයි.

    ReplyDelete
    Replies
    1. මේ මොකාද බොල හහ්...

      Delete
    2. ක්‍රීඩකයින්ට ප්‍රශ්ණ තියෙනවා. ඒක ඇත්ත. ඉල්ලීම් දිනා ගන්න ඔවුන් එක එක පියවර ගන්නවා..ඒකත් ඇත්ත. මුදල් හැමෝගේම අවශ්‍යතාවයක්. ඒකත් ඇත්ත. නමුත් ඔය හැමදේම එක්ක මනුස්සකමක් තියාගන්න බැරි කමක් නෑ. මහා ලොකු පීඩාකාරි ප්‍රශ්ණයක් ඇහුවෙත් නෑ. මාධ්‍ය මග හරින්න ඕනෙ නම් " දැන් නම් ඒ ගැන කතා කරන්න බෑ. අපි පස්සෙ ඒ ගැන කියන්නම් " කිව්වනම් මොන තරම් හොඳද..මෙච්චර ලොකුකම් දාන්නෙ නැතුව.

      Delete
  4. මුදලට හැමදේව විකිණිලා තියෙන රටක මෙහෙම නුනොත් තමයි පුදුමේ.

    සල්ලි, සල්ලි දෙය්යන්ගේ මල්ලි නෙවේ දෙය්යන්ගේ අප්පොච්චි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. සල්ලි උඩ පිණුම් ගහන්න පුළුවන් උනත් " මදි " කියන හැඟීම ත් ඕකට එකතු වෙනවනේ...

      Delete
  5. මේ ප්‍රශ්ණය ආදරයත් අරගෙන කතා කල එක හොඳයි. මෙයාලා පොඩි උන්ගේ වීරයෝ.. දැන් ගොඩක් උන් බෝල් කරන්නේ ලසිත් මාලිංග වගේ. එත් එයාල දරුවන්ටවත් ආදරේ නෑ. මම කීප විටක්ම නිරීක්ෂණය කරලා තියෙනවා ඔය පොඩි එක වයසෙ පොඩි දරුවෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අතින් අල්ලන් එන කොට මෙයා කවදාවත් ඒ දරුවන්ගේ අත අල්ලනෙවත් ඒ දරුවා දිහා බලන්නෙවත්. අනික් උනුත් අතින් ඇල්ලුවට කතා කරන්නෙ නෑ. ඒත් අනික් හැම රටේම ක්‍රීඩකයින්, අතින් අල්ලා කතා කරනවා පමණක් නොව හිස පවා අතගානවා. දිනක් මම දැක්කා කාන්තා ක්‍රිකට් තරඟයකදි.. එක දරුවෙක් වැඩිවෙලා සංවිධායකයෝ එයාව අයින් කරන්න උත්සාහ කලා.. ඒත් අන්තීමට ආපු ක්‍රීඩීකාව අර දරුවෙගෙයි අනිත් දරුවගෙයි දෙන්නගෙම අත් අල්ලගෙන් ගියා.. ඊට පස්සේ පෙන්නුවෙම ඒ දර්ශණය. අර දරුවා ඉවත් කලානම්. කොතරම් මානසික පීඩනයක් එයිද..? කී දෙනෙකුට කියලද එන්නේ.. අන්න ම්නිස්සු.. අපේ රටේ ඉන්නේ වනචාරියෝ... මහත්තුරු බොහෝම අඩුයි.. මාධ්‍යවේදියොන්ටත් හොඳ පාඩම්, හාල්පාරුවෝ ප්‍රමෝට් කරනවාට... කොහොමත් හරිම උද්දච්ච මිනිහෙක්...

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන්ම ඇත්ත මාතලන්

      මෙයා කවදාවත් ඒ දරුවන්ගේ අත අල්ලනෙවත් ඒ දරුවා දිහා බලන්නෙවත් නැහැ / ඒක මමත් දැකලා තියෙන දෙයක් ඔය ගැන ඒ වගේ දවසක අපිත් කතාවුනා .

      Delete
    2. මාධ්‍යාත් අපේ අයව පුම්බනවා වැඩී. අන්තීමට එයාලට මේ වගේ පිම්බුවම තමා වැඩේ දැන ගන්නේ. මේ මනුස්සයා කැමරාවට රවන්නෙ හරියට " අපිව මරන් කන්න ආපු යක්ෂයෝ " වගේ හැඟීමකින්. ඔවැනි ක්‍රිකට් ක්‍රීඩකයෝ වටේ මාධ්‍යකාරයෝ ගැවසෙන එක පුදුමයට කාරනාවක් නෙමේ. ඒ වගේ වෙලාවකදී ශිෂ්ඨ විදියට මඟ හැරියානම් ඉවරයි. පඬි ටෝක් දාන්නෙ නැතුව..

      Delete
    3. ඔන්න ඔය අතින් අල්ලන් යන්නේ නැති එක නම් මාත් දැන් කාලයක් තිස්සේ ඉදන් නෝට් කරපු එකක්.... හැමදාම මං ඒ වෙලාවට කලපනා කරනවා ඇයි මේ මනුස්සයට මේ පොඩි එකාගේ අත අල්ලන් වචනයක් කතා කරන්න බැරි කියලා....

      Delete
  6. ක්‍රිකට් ගැන නොදන්නා,ඒ ගැන ඒ තරම් තැකීමක් නොකරන් මම,, එද් මාලිංගට හුරේ නොදැම්මා සේම,..අද ඔහුට කිසිවක් නොකියමි,, (කියන්නත් බෑනේ ඉතින්)

    සමස්තයක් විදියට ටීම් එකෙනුයි,මහත්මාගති තියන,කොලිටීස් තියන නායකයෝ දෙන්නෙක්,,මිනිස්සු දෙන්නෙක්..විදියට මම පෞද්ගලිකව කැමති මහේලටයි,සංගක්කාරටයි,,

    දැන් ඉතින් අක්කෝ හැමදේම පිරිහිලා යන එකේ ඕක ගැන අහන්නත් දෙයක්ද?..

    ReplyDelete
    Replies
    1. සංගක්කාරටයි මහේලටයි මොන තරම් පීඩණයක් ආවත් ඒ අය ජනථාව ඉස්සරහා " මහත්තුරු " වගේ හැසිරෙන්නවත් දන්නවා. මේ වගේ පොල්ලෙන් ගහන වචන දාන්නෙ නැතුව..

      Delete
  7. මේක අර මේ දෑස මක්කටෙයි වගේ ප්‍රශ්නයක්, ඕනෑම් කෙනෙකුට කේන්ති ගියාම තමන් ආයාසයෙන් යටපත් කරන් ඉන්න තමන්ගේ පාරම්පරික ගති එලියට එනවා. ඔය ලසිත් මාලිංග ගේ ගම් පළාතේ මහත්තයා කියල වචනයක් නෑ. එහේ තියෙන්නේ වාහේ කියන වචනය. අන්න ඒ විදියට ඇහුව නම් හරි උත්තරය දෙන්න ඉඩ තිබුණා. ඒ අනුව ඒ ප්‍රශ්ණය ඇසිය යුත්තේ "මේ වාහේ අපිට පොඩ්ඩක් කතා කරනවකෝ " වගේ එකක්. නිකං නොතේරෙන ප්‍රශ්න ඇහුවාම කලබල නොවෙන්නේ කවුද?:)

    ReplyDelete
    Replies
    1. :D :D :D

      නියමයි සුදීක....එහෙමම තමයි අහන්න තිබුණෙ...? ගංකබරයින් එක්ක මොන ‍හුරතල් ද .....?

      Delete
    2. ඔව්..ඔව් ගිංතොටට ටිකක් මෙහානෙ.

      Delete
    3. අලේ...ඒකද මේ වෙලා තියෙන්නෙ...හරි හරි..ප්‍රශ්ණත් අහන්න ඕනෙ ක්‍රමේටනේ... :b

      Delete
  8. ක්‍රිකට් තියා මොක ගැහුවත් උනුත් ලංකාවේ උන් නේ අප්පා.ඉතිං කොහොමද ඔය වගේ දේකට කටක් ඇරලා බණින්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ලංකාවේ අයට තියෙන බහුලම රෝගය වෙන " අමතක වීම " මෙයාටත් තියෙනවා ඇති...

      Delete
  9. මම කියන්න ඕනේ දේ ගයානි අක්ක කියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගයානි කෝරලේ වෙනුවට කතා කරලා කියලා මම හිතන්නම් :)

      Delete
  10. මේ සම්බන්දව මමත් පොස්ටුවක් දැම්මා ඒ දැම්මෙත් ඔබ වගෙම ආවේගයට. ලින්කුවට යන්න මෙතන කොටන්න

    ReplyDelete
  11. ඊයේ මමත් ඔක දැක්කා අක්කි. අනේ මන්දා මිනිස්කමට ගිය කලක්. හ්ම්ම්........

    ReplyDelete
  12. මුදල් බලය හැම දේම නැති කරලයි තියෙන්නේ. දිල්ශාන්ගේ නිව්ස් එක දැක්කා නේ. දැං මහත්තුරු නෑ කිරිකට් වල.. එච්චරයි

    ReplyDelete
  13. මටනම් ඉන්දියාවට කඩේ යන කොයි එකත් එකයි....

    ReplyDelete
  14. , ක්‍රිකට් කණ්ඩායම ඒ වෙලාවේ පිළිතුරු දුන් ආකාරය මට නම් පෙන්නේ හරි විදියට , මාලිංග විශේෂයෙන් අල්ලාගෙන දගලන්න ඕනේ නැහැ , අනිත් අයත් හිතින් කිවේ එකම තමයි , මාලිංග විශේෂ උනේ ඔහුගේ වචන මාලාව නිසා , මුලින් බලන්න ඇයි මාලිංගට විටහ්රක් එතන මාලිංග මහත්තයා කියනවා ඇහෙන්නේ කියල , ඊළගට බලන්න එයාල එකට අව ඉරියව් සහ ,පිට වෙද්දී එයාලගේ ඉරියව් , ක්‍රීඩකයන් ඕනේ කෙනෙක්ට (ඕනෙම ක්‍රීඩාවක) තමන්ට අසාධාරණයක් වෙද්දී පීඩනයක් එද්දී හැගීම් ඔය වගේ තමයි , ග්‍රවුන්ඩ් එකට බැහැල බැලුව නම් ඕනේ තරම් ඔය වගේ ඒවා දකින්න පුළුවන් , එයාල පිට කරේ තමාගේ ආවේගේ , අවුරුද්දම කිලින් නිවුස් වලින් මලින්ගාව පතුරු ගහන අය ඒ මනුස්සයගේ මාසික දිමනවව් අඩු උනාම ගිහින් අහනවා මොකක්ද වෙලා තියෙනෙන් කියල , ගොන් කතා !
    මාසෙකට ඇමති මණ්ඩලේට කොටි 60 කට වැඩිය වියදම් වෙන එකේ (උප නැතුව) , උන්ට වියදම් කරන්න පෙට්‍රල් රුපියල් තුන මදි වෙන්න ඇති , අන්තිමට ලෝක පුජිත වෙච්චි ක්රිකයන්ව අල්ලාගෙන ට්‍රම්පට් ගහන්නේ ,
    මාලිංගගේ ඉගැනීම / සධාචාර ඉගෙනිම අඩුයි ඒ නිසයි කියන අය එහෙනම් මේ මෑතකදී වෙච්චි සුලෝහිත සන්ග්රමේ ගැනත් පොඩ්ඩක් කතා කරන්නකෝ , එයාලත් මිනිස්සුගේ මාලිංග වගේම ,
    ඕවට තමයි කියන්නේ අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අන්න වගේ කියල

    ReplyDelete
    Replies
    1. ජනප්‍රිය කෙනෙක් මාධ්‍ය එක්ක හැසිරෙද්දී ඔයිට වඩා ශිෂ්ඨ වෙන්න ඕනේ ( මම මේ කතා කරන්නෙ මන්ත්‍රී සහ ඇමතිලා ගැන නම් නෙමේ ) මාලිංග තමන්ගෙ හැසිරීම ගැන ලෝකයට මීට කලිනුත් පෙන්නුවා. අර මාතලන් කියනවා වගේ ලෝක කුසලාන තරඟාවලිය අතර තුරදී මාලිංග සමඟ ගිය පුංචි දැරියකගෙ අතින් අල්ලන්න තරම් වත් නිහතමානි නෑ.

      මෙතනදී මාලිංගගේ පීඩනය ගැන කතා කරලා වැඩක් නෑ. මාසයකට ලක්ෂ 40 ක වැටුපක් ගන්න කෙනෙක්ගෙ පීඩණය ගැන අපිටත් හිතා ගන්න පුළුවන්..ඇත්තටම ලක්ෂ 40කින් මොනවා කරන්නද ? හැරෙන්නත් මදි ගාණක්නේ :P

      හැබැයි ඉතින් අර පුස් බූරු ඇමතිලා වගේ කටට එන වචන ඔහේ හලනවා නම් ඇති වැඩේ මොකද්ද ? ඊට වඩා ටිකක් ශිෂ්ඨව මාධ්‍ය මඟ හරින්න තිබුනේ නැද්ද ?

      තමන්ට කතා කරන්න අවශ්‍ය නැත්තම් කට වහගෙන යනවා මිසක් " ඇයි මාව මීට කලින් දැකලා නැද්ද ? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ " කියන හෑල්ල කියවන්න තරම් පීඩණයක් ආවාද ?

      මාලිංග අද පායලා හෙට බැහැලා යන " තරුවක් " හැබැයි ඒ තරුවේ දිස්ණය ගැන මිනිස්සු කතා කරන්නෙ අද නෙමේ හෙට. අපි අදටත් 96 උන්න ක්‍රීඩකයෝ ගැන හුඟාක් ආදරයෙන් කතා කරනවා. ඇයි ඒ ? එදා ඒ අයට මේ කියන " පීඩණය " තිබුනේ නැද්ද ?

      මුරලිදරන් කියන්නෙ හුඟාක් නිහතමානි ක්‍රීඩකයෙක්. මම මගෙ ඇස් දෙන් දැකලා තියෙනවා තමන්ගේ බිරිඳත් එක්ක බඩු ගන්න බත්තරමුල්ලේ අර්පිකෝ එන මුරලි හැමෝ එක්කම සුහඳව කතා කරන හැටි, හිනා වෙන හැටි, පොඩි අය එක්ක කතා කරන හැටි...

      එතැනටම එන ලසිත් මාලිංග ඉන්නේ අඩු තුන හතරක් උඩින්... බිල් එක දමන්න පොඩ්ඩ පරක්කු උන ගමන් කැෂියර් එකේ ඉන්න ගෑණු ළමයින්ට බනින්නේ අනිත් අයටත් ඇහෙන්න...මේ දෙන්නගෙන් ලෝකයේම වැඩියෙන් අවධාණය දිනා ගත්තෙ මුරලි, ඔය කියන " පීඩණය " එදා මුරලිටත් තියෙන්න ඇති. හැබැයි වෙනසකට තියෙන්නෙ මාලිංග ලඟ තියෙනවාට වඩා හුඟක් ලොකු මනුස්සකමක් මුරලි ලඟ තියෙනවා...වෙනස් ඒකයි..

      Delete
    2. පළමුවෙන් කියන්නේ ඕනේ මම මැච් එකක් කියල හරියට බැලුවේ ගිය අවුරුද්දේ ලෝක කුසලානය, මට ඕක වැදගත් දෙයක් විදියට පෙනුනේ නැති නිසා , තවමත් එහෙමයි , හැබැයි ක්‍රියාවලිය වටිනවා මොකද ජ්යතන්තරේට අපේ මේ පුංචි දිවයින අරගෙන යන නිසා :

      1."ජනප්‍රිය කෙනෙක් මාධ්‍ය එක්ක හැසිරෙද්දී ඔයිට වඩා ශිෂ්ඨ වෙන්න ඕනේ " - ජනප්‍රියතාව මනින මිනුම් ඒකකය මොකක්ද ? , ඇයි මාලිංග කලින් මාධ්‍ය සාකච්චා වලදීත් ඔහොමද කතා කරේ ? . නැහැනේ ? . රැවුල ගිනි අරන් තියෙද්දී සුරුට්ටු පත්තු කරන්න ඉල්ලනවද මිනිහෙක්ගෙන් ? එහෙම නම් ඌ කියන්නෙත් "මගේ රැවුල නිමනකම් ඉන්නවා ඔයි / නිමල දෙනවා ^&%##^ , මම පස්සේ සුරුට්ටු 100ක් පත්තු කරලා දෙන්නම් "

      2 ."අර මාතලන් කියනවා වගේ ලෝක කුසලාන තරඟාවලිය අතර තුරදී මාලිංග සමඟ ගිය පුංචි දැරියකගෙ අතින් අල්ලන්න තරම් වත් නිහතමානි නෑ. "
      - නිහතමානිත්වය මනින්නේ ඒ වගේ දෙකින්ද ? , ඕක හරියට මයිකල් ජැක්සන් පොඩි ළමයින්ව බදාගෙන පින්තුර අරගෙන පස්සේ බලපචාර කරා වගේ කතාවක්නේ , නිහතමානිත්වය නිර්ණය වෙන්නේ ඒ පුද්ගලයාගේ ළමා කාලයේ ඉදල නිහතමානිත්වය සමාජය එයාගේ හිතට කා වද්දල තියෙන විදියට . මිනිහෙක්ගේ අවස්තනුකුල සිතිවිලි තේරුම් ගන්නේ නැතිව , ඒ මනුස්සයට ගරහන එකයි මගේ විදියට නම් නිහතමානී නැ කියල මම දක්වන්නේ

      3."මාසයකට ලක්ෂ 40 ක වැටුපක් ගන්න කෙනෙක්ගෙ පීඩණය ගැන අපිටත් හිතා ගන්න පුළුවන්.."
      මගේ මාසික පඩිය 15,000 යි , ඔයාගේ 60,000යි , මඩිස්සලේ නිෂාන්ගේ ලක්ෂ 5 යි , මතලන්ගේ 10 යි , (ඔහොම පඩිය ලැබෙන අය ගත්හ්ටෝත්, ලක්ස්හෙන් එහා අය සැපට ඉන්නවද ? , ) , කෙනෙක්ගේ සමාජ ජිවන චක්‍රය හැදෙන්න තමාගේ ආර්ථිකය මතයි , අනිත් කෙනාට පොඩි මරුටියක් තියෙනවා නම් අනිත් කෙනාට BMW තියෙයි , ඕක ඔයාටත් අදාලයි , මටත් අදාලයි , මුළු මනුස්ස සංහතියටම අදාලයි , ( ආර්ථික සමාජේ ජිවත් වෙන අය), ඊළගට මම දන්නා හැටියට එයාලගේ ඩොනේෂන්, ටැක්ස් , වෙනත් ගෙවීම් ගත්තොත් ඒ මනුස්සය හැඩ ගැහිලා ඉන්නේ ඒ ලක්ෂ 20 පඩියට මිස රුපියල් පහළොස් දාහේ පඩියට නෙමෙයි ,

      4.චරිත ලක්ෂණ ගැන කතා කලොත් (හිනා වෙන / ඔරවන / බුම්මගෙන ඉන්න / සමාජ ආශ්‍රය නැති / නිතරම සෙට් වෙලා ඉන්න ) ඔය වගේ මිනිස්සු කලින් දැකල නැද්ද ? ඔයාගේ ගම / නගරය ගත්තොත් එකේ ඉන්න හැමෝම එක වගේ අයද ?
      මුරලි පට්ට හොදයි මාවලස් කැරැක්ටර් කියලා ලසිත් මාලිංගත් එහෙම වෙන්න ඕනෙද ? එයා එහෙම නෙමෙයි නම් එයාට එකට බැනල වැඩක් තියෙනවද ? එය හදුනා සමාජ රටාවට බනින්න එහෙනම් මුලින් , ජනප්‍රිය චරිතයක් උනා කියල උඩින් ඔපෙ යටින් හැපේ තියාගෙන බොරුවෙන් ජිවත් වෙන්න ඕනෙද මිනිහෙක් ?

      ඔක්කම අවසානේ - ක්‍රීඩා කරලා තියෙනවද ? ගෘන්ඩ් එකට බැහැල තියෙනවද ? එහෙම තියෙනවා නම් එහෙම යන්න තිබ්බ නම් තමාට තමාගේ කණ්ඩායමට අස්ධාරනයක් උන වෙලාවේ කොහොමද ඔයාගේ ප්‍රතික්‍රියාව ? , මම / අපි / මම දැකල තියෙන ඔක්කම වගේ අය නම් තේරීම් නිලධ්රියාට උනත් බලපෑමක් කරන්න පසුබට වෙලා නැහැ.වෙන්නේ නැහැ , බලන්න හොදින් ටීම් එක අස්සට යද්දී එයාලගේ අත්/දෑස්/මුනවල් වල ඉරියව් , සාමාන්‍ය තැතිගැන්මක් තියෙන විදියටයි මට නම් පෙනුනේ ,
      නමුත් එලියට එන්නේ දොරෙන් බලෙන් එකිනෙකා හා හිනා වේවි , හැමෝම හිතින් කිවේ මාලිංග කිව දේම තමයි ,
      වෙනසකට උනේ ආවේග පාලනයෙන් තොර ලසිත් මාලිංග කෙලින්ම ඒවා ප්‍රසිද්දියේ පිට කරලා දැන්ම එක විතරයි ,

      කොහොමත් අපේ අය පිටින් පෙන දිලිසිමටනේ හැමදාම බලන්නේ , අස්සේ තියෙන දේ දිහා බලන්නේ කලාතුරකින්,


      පසුව : මේ බන් අමනාපයක් එම හිතන්න එපා හරිය , මම මේ මගේ අදහස් දැක්වුවා පමණයි ! :D


      Delete
    3. ඔයාගෙ මුල ප්‍රශ්ණ ඔක්කෝටම මම හිනා වෙනවා. ඒවා විහිළු තර්ක. හේතුව මෙන්න මේ ටිකෙන් තේරුම් ගත්තා..

      // පසුව : මේ බන් අමනාපයක් එම හිතන්න එපා හරිය , මම මේ මගේ අදහස් දැක්වුවා පමණයි ! :D //

      ඔයා දකුණේ කෙනෙක්. ඒ නිසයි මේ දකුණ නිසා රිදුම. වෙන දෙයක් නෙමේ..:)


      //ඔක්කම අවසානේ - ක්‍රීඩා කරලා තියෙනවද ? ගෘන්ඩ් එකට බැහැල තියෙනවද ?//

      මගෙ ඉස්කෝලේ ( වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය - මීගමුව නිව්ස්ටර්ඩ් බාලිකාව ) මේ දෙකම ක්‍රීඩාවලට නම් දරාපු ඉස්කෝල දෙකක්. ( දන්නෝ දනිති )

      අපේ ඉස්කෝලේ දරුවෙකුට ක්‍රීඩාව අනිවාර්‍යයි. කර අරින්න බෑ. ඔව්. මම ක්‍රීඩා කරපු කෙනෙක්. ඒකල සහ කණ්ඩායම්. දෙකම. මම නිව්ස්ටර්ඩ් එකේ හොකී ටීම් එකේ නායිකාව වෙලා උන්නා. තව විස්තර අවශ්‍ය නෑ. කණ්ඩායම් හැඟීම මොකද්ද කියලා මට තේරුම් ගන්න තරම් මගෙ මනස වැඩිලා නෑ කියලා හිතන්න එපා. මේක කණ්ඩායම් හැඟීම නෙමේ. තමන්ගේ මඩිය ගැන සිතීම විතරයි. ඒක වරදකුත් නෙමේ.

      මම මේ කතා කරන්නෙ මොකද්ද ? සල්ලි ඉල්ලීම් ගැනද නැත්තම් මාලිංගගේ හැසිරීම් ගැනද ?

      මතකද එක පාරක් මාලිංග ක්කෙලින්ම කිව්වා එයා සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් නෙමේ..සල්ලි වෙනුවෙන් කියලා ? මතක නැත්තම් ඒ ගැන හොයලා බලන්න. කතාව ඇති උනේ අයි පී එල් නිසා ටෙස්ට් තරඟ වලින් අයින් වූ දවස්වල.

      මාලිංගගේ මේ හැසිරීම ගැන මම විතරක් නෙමේ බහුතරයක් කැමති නෑ. මෙතන කොමෙන්ට් බලන්න..කවුද හොඳක් කියන්නේ ? ඒ විතරක්ද මාලිංගගේ මේ හැසිරීම ගැන විනය පරීක්ෂණයක් තියෙනවා.

      මෙතැනින් බලන්න..

      මේ නිවුස් එක තිබුන අනිත් තැන් වල බලන්න..මාලිංගගෙ හැසිරීම් ගැන මොනවද මිනිස්සු කතා කරන්නෙ කියලා..මේ මාලිංගගෙ රැවුල ගිණි ගත්තු පලවෙනි වතාව නෙමේ. ක්‍රීඩාවකින් මිනිස්සුන්ගෙ " හික්මීම " ඇති කරනවා. මම අහලා තියෙන්නෙ එහෙමයි. එහෙනම් මේ වෙලාවේදී මාලිංගගෙ හික්මීම කොහෙද තිබුනේ කියන එකයි ගැටළුව. එයා කොහොම පුද්ගලයෙක් උනත් මේ අවස්ථාවේදී හැසිරුනේ අත දරුවෙක් වගේ. ලැජ්ජා සහගත විදියට...

      ආ තව එකක් ජනප්‍රියත්වය මනින්නේ කොහොමද කියන එක වට පිටේ ඔය වගේ අය දිහා බලපුවාම කියන්න පුළුවන්. ඒ එක්කම අපේ දිහා බලලා වෙනස තේරුම් ගන්නත් පුළුවන්.
      මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ ඔළුව ඉදිමුනාම. ක්‍රිස් ගේල් වගේ අයට මිනිස්සු ආදරය කරන්නෙ ඇයි කියලා පොඩ්ඩක් හිතන්න. ඒ මනුස්සයාගෙ තියෙන නිහතමානිකමට. ටෝනි ග්‍රේග්ට මිනිස්සු ආදරය කලේ ඇයි ? ඒත් ඒ මනුස්සයා තුල තිබුන නිහතමානි මනුස්සකමට..

      Delete
    4. http://www.espncricinfo.com/srilanka/content/story/623635.html

      Delete
    5. දකුනෙ කියල මොකට රිදෝ ගන්නවද..ලිහිණි..!මට නම් තිත්ත වෙලා හුඟක් කල්.

      Delete
    6. වෙන්නප්පුවේ හෝලි ෆැමිලි කොන්වන්ට්/ජෝශප් වාස් කොලේජ් ,මීගමුවේ නිව්ස්ටර්ඩ් බාලිකාව/මාරිස්ටෙලා කොලේජ් ගැන දන්නෝ දනිති :).

      Delete
    7. මම ඔබට පල කරපු පිළිතුරු ලිපිය පල කර නැහැ ඔබ ?

      Delete
    8. කොමෙන්ටුවක් ලැබී නෑ.

      Delete
    9. මාලිංග කොල්ල මේ දවස්වල ඉන්නෙ කාර් රේස් මේනියා එකේ.කටට ඇක්ස්ලේටරේ හයි කරගෙන මාධ්‍යයේ අයට ස්පීඩ් කිරීමනම් ලැජ්ජයි මාලිංග....!!!
      >>කොන්ඩේ බ්‍රවුන් කලාට//කනේ කරාබු දැම්මට//අතේ පච්ච කෙටුවාට //<<මම හිතුවෙ ගමේ හැදිච්ච කම තොපට තියෙනව කියල.
      මාලිංග ව "නොහික්මුණු ඇසින්" බලල අපව දැනුවත් කරන්න යන උන්දලට කියන්නෙ අපේ කට අවුස්ස ගන්න එපා කියල.

      Delete
    10. Kenji @ Japan - ප්‍රථමික මනස් වලින් මිනිසුන්ව නිගමනය කරන ඔබ වගේ අයගේ කටවල් අවුස්සගන්න නම් කිසිම කැමැත්තක් නැහැ තමයි ,

      @ලිහිණි- ම්ම්හ්හ් කොමෙන්ටුව ලැබී නැති නම් කමක් නැහැ , නැවත ලීවත් එක නැති වෙයි කොහොමත් , කෝකටත් ස්පෑම් ගොඩෙත් බලන්න ,

      Delete
    11. කොමෙන්ටුව නෑ කියන්නෙ නැති නිසයි. ස්පෑම් වල තියෙන්නෙ එකම එක කොමෙන්ටුවයි. ඒ අර ආචාර්ය කියන කෙනාගේ. . ආව නැති කොමෙන්ටුවක් ගැන මම මොනා කියන්නද...නැවත ලිව්වත් නැතිවෙයිද බලන්න එවන්න එපායෑ. නේද ?

      Delete
    12. කොමෙන්ටුව හංගන්න තරම් අවශ්‍යතාවයක් මට නෑ. එහෙනම් ඔයා එවපු පලවෙනි එකත් දෙවෙනි එකත් ඒ වගේම නැති කරන්න එපායෑ. මේක සාමාන්‍ය කතා බහක් විතරක්. පෞද්ගලිකව අරගෙන මෙහෙම හැසිරෙන්න එපා. මට හිතුන දේ මම ලිව්වා. ඔයාට හිතුන දේ ඔයා කිව්වා. ඒ ඔයාගෙ අදහස . එච්චරයි යාළු...

      Delete
  15. මාලිංගලාට පාලක මණ්ඩයල එක්ක ගැටලු ඇති. ඒත් මාලිංග යනු තව දුරටත් නිකම්ම නිකම් චරිතයක් නොවේ. රටේ එක්තරා සංඛේතයකි. එවන් ප්‍රතිරූපයක් දරන්නෙකුගේ මේ හැසිරීම රටටම අවමානයක්.. මේ ප්‍රශ්නයට පිරිපුන් සංගා මුහුණ දෙන විශිෂ්ට ආකාරය හා සැසඳීමෙන් වෙනස වටහාගත හැකියි. ඔන්න ඔවැනි දේට තමා ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන කියමන ආදේශ කරන්න වෙන්නේ.

    ReplyDelete
  16. මාත් දැක්කා ඔය සීන් එක... ඒත් මුකුත් කියන්නේ නෑ ළිහිණි.... ක්‍රිකට් එච්චර පිස්සුවක් නෙවෙයි මට.. ක්‍රිඩාවට ආසාව වෙනම දෙයක් ක්‍රීඩක වන්දනාව නම් මම කරන්නේ නෑ... මම ආස කීඩකයෙක් ඉන්නවා.. කළුවිතාරණ... හැබැයි මම ක්‍රීඩා කරනවා දැකලා තියෙන කළුවිතාරණ කියන ක්‍රිඩකයට මිසක් මම මෙලෝ දෙයක් දන්නේ නැති මනුස්සයට නම් නෙවෙයි...

    ReplyDelete
  17. කටුස්සාගේ කරේ බැන්දානම් රත්තරන් විදවමු දැන් කුම්බලා මාළු කෑ බළලුන් සේ....

    ReplyDelete
  18. මට මේක කියවනකොට නොයෙකුත් දේ හිතුනා. මම මේක තියෙද්දි අනිත් බ්ලොග් කියවලා ආවා. දැන් ආවේගය අඩුයි.

    දැන් පුලුවන් පුද්ගලයා දිහා නොබලා, පහත් ක්‍රියාව විතරක් හෙලා දකින්න.

    මම සුලෝහිතයෙක් වෙලත් ක්‍රිකට් පිස්සෙක් නොවීම ගැන හුඟ දෙනෙක් පුදුම වුනා කවදත්. සමහරු ඇත්තටම ක්‍රිකට් උන තිබීම කොළඹ උසස් පාසැලක සිසිවෙකුට තිබිය යුතුම ගුණාංගයක් හැටියටයි සැලකුවේ.

    ඇත්තෙන්ම ක්‍රිකට් ගැන දැණුම අඩු හුඟාක් දෙනා ක්‍රිකට් ලෝලීන් බව පෙන්නන්න කියන කතා මම බලා හිටියේ හිත යටින් හිනාවෙමින්.

    මම කොහොමත් මැච් එකක් බැලුවේ ඒක ලංකාවට බලපාන අති විශිෂ එකක්නම් විතරයි. අනික අපි ඉස්කෝලෙ යන කාලෙ තිබ්බෙ අර දවස් ගනං ගහන ටෙස්ට් මැච් නිසා මම දැක්කෙ ඒක කාලෙ කන අපරාධ ක්‍රීඩාවක් හැටියටයි.

    ඒ නිසා මම කොහොමත් ඔය ක්‍රිකට් කාරයො පොරවල් හැටියට සැලකුවේ නෑ කවදාවත්.

    හදිසියේ පාරෙ තොටේදි ක්‍රිකට් ක්‍රීඩකයෙක් දැක්කොත් හුඟ දෙනෙක් දුවගෙන යනවා දැක්කාමත් මට හිතුනේ මුන්ට පිස්සුද යකෝ කියලා.

    ඉතින් මම ක්‍රිකට් පිස්සෙක් නොවීම වෙනම කතාවක්. ක්‍රිකට් ක්‍රීඩකයන්ට වන්දනාමාන කිරීම දිහා මම අවඥාවෙන් බැලීමත් වෙනම කතාවක්. නමුත් මොකා වුනත් රසිකයන්ට හෝ මහජනතාවට හෝ මෙහෙම ගොංපාට් දැමීම හෙලා දැකිය යුතුයි. දැන්වත් ඉගෙන ගම්මු අපිත්.

    වරහං ඇතුලේ සිනමා තරු ටෙලි තරු ගායන තරු වුනත් මගේ මතය මේකයි, ඇයි දේශපාලන තරු! වරහං වහලා

    ReplyDelete
  19. මේ වගේ අයගේ ආයුෂ අඩුයි මුල අමතකයි

    ReplyDelete
  20. IPL එකෝ හොදට පන්දු යවන එකා, සාමාන්‍ය මැච් වල එච්චර උනන්දු නැත්තේ සල්ලි බලාගෙන සෙල්ලම් කරන නිසා. මට ඌ කෝමත් අප්පිරියයි !

    ReplyDelete
  21. හැමෝම මාලිංගට බැන්නට කව්රුත් මාධ්‍යවේදීන්ගේ තත්වය ගැන හිතුවේ නැහැනේ.කගේ හරි දුකක් ප්‍රශ්නයක් හාරලා ඒකට පබ්ලිසිටි එකක් දීලා සල්ලි හම්බ කරන්න තමා එයාලත් බලන්නේ.මාලිංගත් එවෙලේ එහම් හැසිරුණ එක වැරදියි.ඔහුටත් ටිකක් විනීත වෙන්න තිබ්බා තව.

    ReplyDelete
    Replies
    1. මේ කතාවට එකඟයි . ලසිත් මාලිංගගේ හැසිරීම වැරදියි පැහැදිලිවම. ඒත් මාද්‍යවේදීන් කියන්නෙත් අමුතුම ජාතියක්. අඬන්න ඉන්න කෙනාගේ ඇහැට ඇඟිල්ලෙන් අනින ජාතියක්.

      Delete
  22. හිහ්,,,, පට්ට කතාව... මනුස්සකම විකිනිලා.... ඔන්න හොද උදාහරනයක්.....

    ReplyDelete
  23. මම මෙයා මේ තත්වෙට පත්වෙන බව දැක්කෙ අවුරුදු කීපයකට කලින්... ඒක නිසා අමුත්තක් දැනෙන්නෙ නෑ..

    මිනිස්සු සල්ලි ලැබුනාම අන්ධ වෙනවා කියන්නෙ ඕකට තමයි.. පේන්නෙ නැද්ද ජයා කෙලින පිස්සු..

    ReplyDelete
  24. මාත් දැක්ක ඔය සිද්ධිය නිව්ස් වලට පෙන්නනවා. දක්ෂකම් කොච්චර තිබුනත් මොකටද මනුස්සයෙකුට කතා කරන්න දන්නේ නැත්නම්. මාධ්‍ය මගිනුත් සීමාව ඉක්මවල ක්‍රීඩකයින්ව පුම්බනවා කියලයි මට හිතෙන්නේ. ඒවා ආපහු හම්බ වෙන්නේ ඔන්න ඔහොම තමයි. අපේ මිනිස්සුත් ක්‍රීඩාව උන්මාදයක් විදිහට ගන්නේ නැතුව, ක්‍රීඩාවක් විදිහට දකින්න පුරුදු උනා නම් ඔය ඔය මොකුත් නෑ.

    ReplyDelete
  25. ඇත්තටම ඒ හැසිරීම, කතාව කතා විලාසය සධාරණීකරණය කරන්න බෑ. තමන්ගේ මුදල් ඉපයීම ගැන උනන්දු වීම අයිතිවාසිකමක් වෙන්න පුලුවන්, ඒත් ආත්මගෞරවයක් තියන මනුස්සයෙක්ට තමන්ගේ මනුස්සකම තියා ගන්න තරම් ඉවසීමක්, සිහියක් තියෙන්න ඕනෙ.

    ReplyDelete
  26. දැන් ටීම් එකේ ගතයුත්තො එකෙක් නෑ...!ඔක්කොම එකයි.
    ලක්ෂා40ක මූලික පඩියක් ලබල....ඒ මදිවට ගොන් ඇඩ් වලත් ඉන්නව,

    ඉස්සර හිටිය ක්‍රීඩකයින්ට මල් තියල වඳින්න ඕන.

    ReplyDelete
    Replies
    1. හික් හික්. ඉස්සර ඔහොම චාන්ස් තිබුනෙ නෑ. තිබුන ඒවාත් පොලිටික්ස් බලන් උන්න කට්ටිය ඒවා ගත්තෙ නෑ ඒත් ගන්න ඕන(පුලුවන්) අය ගත්තා. නම් ගම් ඕනෙ නෑ

      Delete
  27. මාලිංග කතා කරපු හැටි නම් අනුමත කරන්න බෑ.ක්‍රීඩකයෙක් කියන්නේ අනිත් අයට වඩා සංයමයක් තියෙන කෙනෙක් වෙන්න ඕනි.
    හැබැයි ලොකු ලොක්කෝ රටේ සල්ලි වලින් පිස්සු කෙලිනකොට ඒවා දැක්කේ නෑ වගේ ඉඳලා රාවනා ගැනයි,කාලි අම්ම ගැනයි,අරය ගැනයි මෙයා ගැනයි පුම්බලා මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරන ජඩ මාධ්‍යවේදියොන් ටත් හොඳ වැඩේ.

    ReplyDelete
  28. ගැටලුවක් තියෙන්න ඇති ඒත් ඒක මාධ්‍ය පිටින් ඇරපු එක වැරදියි ...
    සල්ලි දුන්නට පාඩුවක් නැහැ ලංකාවට කිරිකටි නිසා ලැබෙන සල්ලි බලපුවාම

    ReplyDelete
  29. මේකට කියන්න දෙයක් හිතාගන්නත් අමාරුයි ලිහිණි.. මාලිංග කතා කරපු හැටි දැක්කම මමත් කලකිරුණා. මිනිස්සු ආදරය කෙනෙක් හැටියට ඔහුට ඊට වඩා සංයමයක් තිබිය යුතුයි. ඒ වගේම අනිත් අය කියන තරම්ම මම ඔහුගේ ලොකු වරදක් දකින්නේ නෑ. මේ අවස්ථාවේ හැටියට කණ්ඩායමේ අනිත් අයගෙන් ඔහු වෙනස් උනේ ආවේග පාලනය කරගන්න බැරිකම හේතුවෙන්. මාධ්‍යවේදීන් ඒ හැම දෙනාටම ඇඟිල්ලෙන් ඇන ඇන ඔය ප්‍රශ්න ඇහුවා. පිඩනයක ඉන්න වෙලාවක එහෙම කරන එකත් වැරදියි. සමහරු කිව්වත් ලක්ෂ 40 ක පඩියක් ලැබෙන ඒ අයට මොන පීඩනයක්ද කියලා අපි ඒ ගැන ඊට වඩා හිතන්න ඕනේ.

    මම මුලින්ම රස්සාවකට ගියේ 60000 ක පඩියකට. ඒ වෙලාවේ මගේ අවශ්‍යතා වලට ඒක හොඳටම ඇති. අද තත්වය ඊට වෙනස්. අද මගේ පඩිය 60000ක් කරන්න හැදුවොත් ඒකට හැඩගැහෙන එක මට කරන්න අමාරු දෙයක් (බැරුව නෙමෙයි, ඒත් සෑහෙන කැප වීමක් කරන්න වෙනවා). හැබැයි 10000ක පඩියක් ගන්න කෙනෙක් මේක දැනගත්තොත් කියාවි 60000ක් තියනවනම් මොනවද කරන්න බැරි කියලා. ඕනෑම කෙනෙක්ට තමන්ට දැන් තියන තත්වෙට වඩා පහලට වැටෙන්න සිද්ධ උනොත් ඒක දරා ගන්න අමාරුයි. ක්‍රිකට් කණ්ඩායමටත් ඒ විදියටම දැනෙන්න ඇති කියලා මම හිතනවා. මම ඔවුන්ට සම්පුර්ණයෙන් වරද පටවන්න අකමැති ඒකයි . මොකද ඔවුන් පඩි නැතුවත් ක්‍රිකට් ගහපු අය.

    ReplyDelete
    Replies
    1. මමත් පල්ලෙහාට පල්ලෙහාට ආවේ මේ කතාව කියන්න තමයි, මාලිංග වැරදි කියල මම පිලිගන්නවා ඒවගේම ක්‍රිඩකයෙක් වගේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ හැසිරීම මීට වඩා වැදගත් වෙන්නත් ඕනි. ඒත් අපි හිතුවට ලක්ෂ 40ක් අරගත්තහම හැමදේම කරගන්න පුලුවන් කියල ඒක නම් වැරදි. මොකද අපි හැමෝගෙම ආදායමේ හැටියට වියදම තියනවා හම්බ කරල ඇති වෙන්නෙ නැති මිනිස්සුත් ඉන්නවා.
      එකම වෙනස මෙයාට තමංගේ හැගීම් පාලනය කරගන්න බැරිවීම සහ තමන්ගැන තියන උද්දච්චකම.

      Delete
  30. මාලිංග හැසිරුනේ කිසිසේත්ම අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකුට ගැලපෙන ආකාරයෙන් නෙමෙයි. මීට කලින් මාලිංග ටෙස්ට් තරඟ අත හැරලා එකදින සහ T20 තරඟ විතරක් සෙල්ලම් කරනවා කිව්වහම ගොඩක් මාධ්‍ය මාලිංගගෙ පැත්තෙ හිටියා. ක්‍රිකට් ආයතනයෙන් මාලිංගට සැලකුවට වඩා හොඳට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මාලිංගට සැලකුවා කියලත් මාලිංග කිව්වා. ඒ අවස්ථාවේ ගොඩක් මාධ්‍ය ඒක පිළිගත්තා.

    දවසක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ කිහිප දෙනෙක් අහම්බෙන් හමුවූ අවස්ථාවකත් මාලිංග මේ ආකාරයෙන්ම අපට ඇහෙන්නම අපිව හෙලාදකිමින් කතා කලා. ඒ වෙලාවේ උපුල් තරංග අපි පත්වෙච්ච අපහසුතාවය දැකලා අපිත් එක්ක සුහදව කතා කලා.

    ක්‍රිකට් ක්‍රීඩකයෝ උනහම දැන් ක්‍රීඩාව විතරක් නෙමෙයි මාධ්‍ය, ක්‍රීඩා ලෝලීන් එක්ක හැසිරෙන්න ඔවුන් ඉගෙන ගන්න ඕනේ.. මොකද ඒවායින් තොරව ක්‍රීඩාවට විතරක් පවතින්න බැරි නිසා. මාලිංග වගේ තමන්ගේ මෝඩකම ප්‍රකාශ නොකලත්, සනත්, මුරලිදරන්, අර්ජුන වැනි ක්‍රීඩකයෝ පවා සාමාන්‍යයෙන් වැඩි සුහදත්වයක් නොපෙන්වන අය. ඒක ඒ අයගේ ස්වභාවය වෙන්න ඇති, ලොකු වැරැද්දක් මම දකින්නේ නෑ. සංගා, රසල් ආනල්ඩ්, ප්‍රමෝදය බොහොම සුහදශීලී ක්‍රීඩකයෝ.

    ReplyDelete
  31. කථා කරලා වැඩක් නැහැ කලකිරුනා මිහිහා ගැනනම් ..

    ReplyDelete
  32. මාලින්ගයා පෙරලගත්ත බාල්දිය එච්චර කාලයක් අපේ රටේ කොල්ලන්ට මතක තියන එකක් නෑ...අපට කොහොමත් ගොඩක් දේවල් මතක තියෙන්නේ පොඩි කාලයයිනේ.. කෝටි ගණන් සල්ලි වලට ක්‍රිකට් ගහල රටට ආඩම්බරේ ගේනකොට අපේ කොල්ලෝ මාසේ පඩිය වියදම් කරලා කරලා මැච් බලලා ආයෙම මාලිංගට හුරේ දමාවි. ඒ කොල්ලෝ කෙල්ලෝ අතරේ මාලිංග ගණන් නොගත්ත මාධ්‍යවේදී කොල්ලොත් ඉඳීවි....මිනිහෙක් ජනප්‍රිය වෙන්න වෙන්න නිහතමානි වෙන්න ඕනි. නැත්තම් ඉදිමිලා ඉදිමිලා පුපුරලා යනකම් දන්නේ නෑ..

    ReplyDelete
  33. කච්චිය පිච්චියට ගියත් බල්ලා විලි වහගනීද කියලා කතාවක් තියෙන්නෙ ඕකයි.....

    ReplyDelete
  34. කතා කරපු විදිය වැරදි තමා.එත් ඒ ප්‍රකාශය ඔහු හිතන්නේ නැතුව ඇති මුළු ශ්‍රී ලංකිකයෝන්ටම බලපානවා කියල.මොකද කේන්ති ගියාම කොයි උගතත් වසලයෙක් වෙනවා. ගමෙන් ආපු මාලිංගත් සාමන්‍ය මිනිහෙක්.

    ReplyDelete
  35. මචන් ලිහිනි මට හිතුන දේ මේ ගැන , මම ලිව්ව මගෙ බ්ලොග් එකේ

    ReplyDelete
  36. තරු බබලනවා . සමහර තරු වල්ගා තරු .හැමෝම සාමාන්‍ය මිනිස්සු . සමාජය විසින් දේවත්වයෙන් පුදල. ඇතැම් විට ඔවුන් සාමාන්‍ය මිනිස්සු බව අපට මතක් කරවනවා . ඉතින් මොකට අපි හිත අමාරු කර ගන්නවද .

    ReplyDelete
  37. මාලිංග IPL සිද්දියේදී අවසර ගන්න අ*****ට බලුම
    වැඩක් කරා.මුළු ලෝකේ ඉස්සරහම ක්‍රිකට් ලෝකේ
    ප්‍රතාපයෙක් උන කෙනෙක්ට .එදාම තේරුම් ගත්ත මිනිහගේ
    හැටි.

    කාසි වලට නැට්ට වණන **ලෙක්..

    ReplyDelete
  38. මනුස්සකම පිරිහෙච්ච කාලෙක මෙහෙම තමා ලිහිණි. මුල අමතක කිරීම හොඳ ගතියක් නම් නෙවෙයි. එහෙම කරන කෙනාට කවදාවත් හරියන්නෙ නෑ. ධනය ප්‍රසිද්ධිය හැමදාම තියෙන දේවල් නෙවෙයි. ඒවා නැති වෙන කොට ඉතිරි වෙන්නෙ තමන් ලඟ තිබුන මනුස්සකම විතරයි.

    ReplyDelete
  39. ක්‍රිකට් පොරවල්ලට හැමදාම ගහන්න බෑනේ. ඉතිං හම්බ කරන්න පුලුවන් කාලේ හම්බ කර ගන්න ඕන

    අනික මේ මාද්‍යවේදියෝ කියන උන් අරක්කු බෝතලේකට ආත්මය පාවා දෙන්නෝ කියලා ඒ අය ගැන දන්න හමෝම කියනවා.

    වර්ථමානයේ සමාජ දූෂන, මහජන මුදල් ගසාකෑම් වගේ දේවල් දිහා ඇහැක් ඇරලා බලන්නැති උන්ට මේ වගේ පොඩි දෙයක් මහා ලොකු දෙයක් වගේ පෙන්නේ උන් උන්ගේ රස්සාව වෛශ්‍යාවෘත්තියේ යොදවන නිසා මිසක් වෙන මොකද්ද?

    මේ ගැන බොහොම සමබරව ලියපු ලිපි දෙකක් තැන් දෙතනක දැක්කා.
    ඒ ටිකත් කියවල ඉන්නකො.

    http://ramachandrageadaviya-ramachandra.blogspot.ae/2013/03/blog-post.html

    http://ranrandil.blogspot.ae/2013/03/169-of-hairstyles-discipline.html

    ReplyDelete
  40. අද එයා විනය පරීක්ෂණේට ආවානේ. සුපුරුදු විදිහට මාධ්‍යවේදියෙක් ඇහුවා අද විනය පරීක්ෂණේදී මොකද වුණේ කියලා කියන්න පුලුවන්ද කියලා. මිනිහා මීක් සද්දයක් නැතුව වාහනයට නැගලා දොර වහගත්තා

    ReplyDelete
  41. ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ .සෑහෙන වෙලාවක් ගියා නතර කරපු තැන හොයාගන්න .ඔන්න අකුරක් නෑර කියෙවුව ඈ .ලස්සනයි ඈ .අයෙත් නිදහස් වෙලාවක එන්නන්කෝ ඈ

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.