මාව කියවන අය අතර..

04 December 2012

හිනා ගියොත් හිනා වෙන්න..නැත්තම්...ඒත් හිනා වෙන්න :D



ලෙඩේ වැඩේ...

දවසක් මනෝ වෛද්‍යවරයෙක් ලඟට ආපු මනුස්සයෙක් කියනවලු..

" ඩොක්ටර් මගේ වයිෆ් ට අමුතු ලෙඩක් තියෙනවා...එයා හරි බයෙන් ඉන්නේ කවුරු හරි ඇවිල්ලා එයාගෙ බඩු අරන් යාවි කියලා.."

වෛද්‍යවරයා - " ඔයා කොහොමද ඒක හරියටම දන්නෙ ? "

" මේ ලඟදි දවසක මම කලින් ගෙදර ගියා ඩොක්ටර්. ගිහිල්ලා නිදන කාමරයේ අල්මාරිය අරිද්දී ඒකෙ ඇතුලේ සිකියුරිටි ගාඩ් කෙනෙක් හංගලානේ අපේ වයිෆ්..බඩු ගන්න එන හොරුන්ව අල්ලන්න..."


 බය හිතුන වෙලාව..

ඔන්න ඉතින් ගුවන් යානයක් හොයා ගත්ත මුල්ම දවස්වල තනි එන්ජිමක් තියෙන යානයකින් මුදල්වලට මිනිස්සුන්ට අරන් රවුමක් දෙකක් යනවලු. ඒ යානයේ ගුවන් නියමුවාට අමතරව යන්න පුලුවන් තව එක්කෙනෙකුට විතරලු..ඔන්න දවසක් වයසක ගොවියෙක් ඇවිත් ගුවන් නියමුවාට කියනවාලු..තමන්ගේ බිරිඳවත් අරගෙන යන්න ඕනෑ කියලා. ලෝබ ගොවියා ඉල්ලීම කරන්නෙ තමන්ගේ බිරිඳවත් අරන් යන්නෙ ඕනෙ සාමාන්‍යයෙන් අය කරන මුදලටම විතරක් කියලලු.ඒ කියන්නෙ දෙන්නෙක් යනවා කියලා වැඩිය ගන්න බෑ... මේ ගොවියාගෙ කන් කෙඳිරිය හින්දම ඔන්න ඉතින් දෙන්නවම අරන් යන්න කැමති උනාලු. එක කොන්දේසියක් උඩ..

" හැබැයි මඟදී කවුරු හරි බයවෙලා කෑ ගැහුවොත් ගාන දෙගුණ වෙනවා "

දැන් ඉතින් ඔන්න යානය උඩ ගියාලු..අර ගුවන් නියමුවාට ඕනෙ මේ දෙන්නව බය කරලා ගාණ කඩා ගන්න..ඉතින් ගුවන් නියමුවා ඒ අතට මේ අතට හරව හරව…. කරණමක් එහෙම ගහලා අරන් ගියත්...අර දෙන්න සද්දයක්වත් නෑලු... පස්සෙ ඉතින් ඔන්න පොළොවට එන අතරේ ගුවන් නියමුවා කියනවලු ..

" කරණම් ගහද්දී මටත් බය හිතුනා...ඔහේලා හරිම නිර්භීතයිනේ..."

එතකොට අර ගොවියා කියනවලු

" ඒත් එක වෙලාවකදී මට යටි ගිරියෙන් කෑ ගහන්න හිතුනා..ඒත් ගාණ හින්දා.... "

" ඒ කොයි වෙලාවෙද ? "

" කරණමක් ගහනකොට මගේ බිරිඳ බිමට වැටුන වෙලාවේ..."


වතුර නෑ..

අප්‍රිකාවේ ඈත කැලෑවක ඇවිදින්න ගිය සුදු ජාතික දඩයම් කාරයෙක් දකිනවලු කොළ අතු ඇඳගෙන ඉන්න වනචාරියෙක් බෙරයකට හයියෙන් ගහනවා..

සුදු ජාතිකයා - " මොකද ඔය කරන්නේ...ඇයි බෙරයකට මෙච්චර හයියෙන් ගහන්නේ ?.. "

වනචාරියා - " අපිට වතුර නෑ.."

සුදු ජාතිකයා -" හා හා...එතකොට ඔය බෙරේට ගහලා බලාපොරොත්තු වෙන්නෙ වැස්සද ?"

වනචාරියා - " නෑ අපේ පයිප්ප බාස්.."



ලේසි වැඩක්...

ඔන්න හිර ගෙදර ඉන්න තමන්ගේ ස්වාමිපුරුෂයාව බලන්න බිරිඳ ඇවිත්...එයත් එක්ක කතා බහ කරලා එහෙම ආපහු යන ගමන් ජේලර් කෙනෙක් ලඟට ගිහින් කියනවාලු...

බිරිඳ - " එයාට ලේසි වැඩක් දෙන්න බැරිද ? දවල්ට එයාට හරිම මහන්සියිලු..."

ජේලර් - " මහන්සි වෙන්න අපි එයාට කිසිම වැඩක් පවරලා නෑනේ....."

බිරිඳ - " අනේ මන්දා...එයා නම් කිව්වේ රෑ තිස්සේ උමඟක් හාරනවා කියලායි..."


ගණිතයත් බෑ...

ඔන්න ගුරුවරයෙක් ළමයෙකුගේ සටහන් පොත් බලන ගමන් කියනවලු..

ගුරුතුමා - " ඔය ළමයගේ අභ්‍යාස හරිම දුර්වලයි.ඒ හින්දයි මම කිව්වේ මේ එකම වක්‍ය විසි වතාවක් ලියන්න කියලා. ඒ උනාට ඔය ළමයා ඒක ලියලා තියෙන්නෙ දහ වතාවයිනේ..."

ළමයා- " අනේ ටීච...මම ගණිතයටත් දුර්වරයිනේ..."


ප්‍රශ්ණයක් නෑ

පුතාගේ වාර්ථා පොත අරගෙන තාත්තා කියනවලු..

තාත්තා - " පුතා හැමදාම පන්තියේ අන්තිමයනේ..."

පුතා - " ප්‍රශ්ණයක් නෑ තාත්තේ... අපේ ටීචර් මට වගේම පළවෙනියට උගන්වන්නෙත් එකම දේනේ... "


දඟ වැඩ...

නහයට අහන්නෙ නැති තමන්ගේ පුතා දිහා බලාගෙන තාත්තා කෙනෙක් කියනවලු...

තාත්තා - " පුතෙක් දඟ වැඩ කරන හැම වෙලාවකම එයාගේ තාත්තගේ කෙස් ගහක් සුදු වෙනවලු..."

පුතා - " මගෙ අම්මෝ...එහෙනම් තාත්තා මොන තරම් දඟ වැඩ කරලා ඇතිද...සීයගෙ කෙස් ඔක්කොම සුදුයිනේ..."


98 comments:

  1. හිහිහී.... ඔක්කොම වගේ කලින් කියවල තියනවා, එත් දැන් මේක කියවලා මගෙ නිදිමත ගියා... ඉඳල හිටල ලිහිණි පින් අතේ වැඩත් කරනව නේද?

    ReplyDelete
    Replies
    1. අපේ සිරා කොල්ලගෙ මාගලත් කියවලා මගෙ නිදිමතත් ගියානෙ ඒ වෙලාවෙ...ඒ අස්සෙන් මම මේක දැම්මා...

      Delete
  2. ඈ බං ළිහිණියෝ.. මේ ඔක්කොම වගේ මේල් වලින් ආපු කතා.... මේ වෙලාවට නම් හොඳයි හැබැයි... හි හි....

    ReplyDelete
    Replies
    1. මට නම් මේල් වලින් ඇවිත් නෑ හිරුවො...ඔය එක එක ලන්ච් එකේදී කියන ඒවා තමා ඔය...

      Delete
  3. හික්ස්..නියමයි ලිහිණි. මුල්ම කතාව මරු. ඔයා බලල තියනවද මන්දා වීඩියෝ එකක්, ඔය විදියට කබඩ් එකක හැංගිලා ඉඳලා අහුවෙලා ඌ එතනට ආපු හැටි කියන එක්ස්ප්ලනේෂන් එක. හිහ්

    අනිත් කතා ටිකත් නියමයි

    ReplyDelete
    Replies
    1. ඔව් sayury අර ගඟක වැටිලා , ලී කොටයක් බදාගෙන
      ඇවිත් ලොකු ෆැක්ටරියක ඉඳල එන දිග
      කතාවද ? ඒක ඇති, ඒත් හොයන්න ගියොත්
      පැය ගානක් යනවා..මන් බලන්නම් ටිකක්..
      ඇත්තටම බලන්න වටිනවා..

      Delete
    2. මට නම් ඒ වීඩියෝ එක බලන්න ලැබිලා නෑ සයුරි...සයිලන්ට්සහන් ලින්ක් එක දැම්මොත් හොඳා...

      Delete
    3. මම හෙව්වා දැනට 800 ගානක් විතර..
      හොයාගන්න බැරි උනා තාම .නම නැතුව
      හොයන්න බැහැ එකින් එක බලන්න වෙනවා...:(

      Delete
    4. ඒ වීඩියෝ එක තමයි සහන්..මටත් ලින්ක් එක හොයාගන්න බෑ. ඔයාට හම්බ උනොත් දාන්නකෝ.

      Delete
  4. කලින් අහලා තිබුනත් ඉතින් ආයේ ආයේ කියවනකොට ඒකේ ගතිය හොදට දැනෙනවා එහෙමනම් ඔන්න අපි හිනා උනා ගොඩාක්


    :D :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. දේවා මේ පැත්තට අදමයි නේද ආවේ...හිනාවක් දාගෙනම පිළිගත්ත ඕන්... :D

      Delete
  5. හහ් හහ් හා. මේ ඔයාගෙ චාටර්ම දවස නේද ලිහිණි? ඒකනෙ ලොල් කතා ලියන්න හිතුනෙ. තවත් මේවාගේ චාටර් දවස් එත්වා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඩූඩ්ට ඒක මතකයි නේද...ඕනෙ ඩූඩ් අද චාටර් දවස..මීටින් බාගෙට තිබ්බේ...හැමෝටම උණයි..කැස්සයි හැදිලා...මමත් ඒවට වෙට්ටු දදා බේරිලා ඉන්නවා තාම...මීටින් රූම් එක ඇතුලේ මොන මීටින්ස් ද...කැහි වාට්ටුව වගේ...ඒක සීරුවට කට්ටිය කහිනවා...

      Delete
  6. ප්‍රශ්ණයක් නෑ එකට හැර අනිත් ඔක්කොම ගින්දර ....:)

    ReplyDelete
  7. //වනචාරියා - " නෑ අපේ පයිප්ප බාස්.."//

    නියමයි නියමයි.... ඉඳලා හිටලා හරි විහිලු කරන එකඇඟට ගුණයිලු

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ...හැමතිස්සෙම මුම්මාගෙන ඉන්නට කොට කිසි ගතියක් නෑනෙ...නේද තිසර...

      Delete
  8. :D :D නියමයි! ඔක්කොම අලුත් කතා.

    ReplyDelete
    Replies
    1. ඔන්න දොස්තර මහත්තයත් අද හිනාවෙන් දවස පටන් ගත්තලු.... :D

      Delete
  9. නියමයි... මට මේ එකක්වත් කලින් සෙට් වෙලා නෑ... :)

    ReplyDelete
    Replies
    1. එලනෙ...මම හිතුවේ ඔක්කෝමලා මේවා කියවලත් ඇති කියලා.. :D

      Delete
  10. ඔන්න ළිහිණි අද නම් උදේම වැඩ පටන් ගත්තේ හරිම සැහැල්ලු මනසකින්. ඔයාගේ මේ හිනා කතා ටික සේරම කියෙව්වේ තනියම හිනා වෙවී. ඒක බලාන උන්න අපේ කෙල්ලො සෙට් එක මට හිනා වෙනවා මං මල් කඩනවා කියලා...මට ඒකටත් හිනා තමා. කොහොමත් මේ හිනා කෑලිත් එකක් සතුටින් අද දවසේ වැඩ කටයුතු ඇරඹුවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. අද මගේ චාටර් මීටින් දවසනෙ නලින් අයියා...ඒකනෙ මේ ලොල් කතා... දැන් නම් වැඩක් අස්සෙ ඇවිත් හොරෙන් බ්ලොග් අස්සේ...

      Delete
  11. මරු කතා සෙට් එක... නියමයි ඈ.

    ReplyDelete
  12. බය හිතුන වෙලාව තමා මරු.............:))))))

    ReplyDelete
    Replies
    1. සල්ලි හන්දා කට පියාගෙන ඉඳලා...හි හි

      Delete
  13. හික්..හික්..හික්.. අනේ මට හරි හිනා ..:D

    //අල්මාරිය අරිද්දී ඒකෙ ඇතුලේ සිකියුරිටි ගාඩ් කෙනෙක් හංගලානේ අපේ වයිෆ්..බඩු ගන්න එන හොරුන්ව අල්ලන්න..."//
    මේකනම් සුපිරි

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් ආසම...නියම වැඩේ...

      Delete
  14. ළහිණි අක්කා දන්න කතා........ අෆ්ෆෙ උදේම හොද කතා ටිකක් කියෙවුවේ. ඒ අක්කෙ මම කැමති මේ ලිපියට. හික් හික්...

    ReplyDelete
    Replies
    1. චුට්ටක් හිනා උනාම කොච්චර හොඳද නංගා... :)

      Delete
    2. එයා උදේම බලලා.. මම මහ රෑ බලලා.. ඒකත් නරක නෑ..

      Delete
  15. මට නම් වැඩිපුරම හිනා ගියේ දඟ වැඩ වලට හි හි ...

    ReplyDelete
    Replies
    1. කොහොමද කොල්ලගෙ ටිකිරි මොළේ...

      Delete
  16. 2ක් කියෝල තියෙනෝ :)
    ගොඩක් වෙලාවට පත්තර වල එන්ටටේන්ට්මන්ට් පාර්ට් එකි අන්ටිම පිටුවට කලින් එකේ මේ වගේ කතා යනවා. බකස් ගාලහිනාගියෙ නැති උනාට හිතෙන් හීනියට හිනාවක යනව :)

    ReplyDelete
    Replies
    1. හීනියට ලාවට හිනාව තමා ජොලිම හිනාව... :D

      Delete
  17. යකෝ මේක කතා ගබඩාවක් නේ. එක එක වර්ගයේ එව්වා.. එක එක විදිහට හිනා උන. :):)
    එලම කිරි. මරේ මරු!!

    ReplyDelete
    Replies
    1. අලේ...චන්දන නම් පින්තූරෙත් හිනා වෙලානෙ ඉන්නේ...:)

      Delete
  18. හි හි හි.. මරු කතා සෙට් එක.

    ReplyDelete
  19. පිංසිද්ද වෙච්චාවෙ ලේ ටිකක් පිරිසිදු උනා..!

    ReplyDelete
    Replies
    1. කෝ අර ඩෝල්කියෙන් පස්සෙ පෝස්ට් ?

      Delete
  20. අන්තිම එක ඇරෙන්න අනෙත් සේරම මට අලුත්.මරු තමා ලීනියෝ.

    ReplyDelete
    Replies
    1. // ලීනියෝ //

      ලීනී ??...ඒකත් හොඳ නම නේද ...හි හී

      Delete
    2. ඒක ලේනි වගේ උනානං තවත් සෝක් .. :ඩී

      Delete
    3. @ රස්තියාදුකාරයාගේ දිනපොත

      ඇයි ? මම ටින් ටින් ගානවා එහෙම ඇහිලා තියෙනවද... හි හි හී

      Delete
  21. සීයා තමයි දඟකාරයා. හිකිස්......... පට්ට කතා සෙට් එක

    ReplyDelete
  22. කලින් කියවපු කතා ඇති කියල හිතාගෙන සැකෙන් සැකෙන් කියෙව්වට කලින් කියවපු එකම කතාවක්වත් මෙතන නෑනෙ. ඔක්කොම අලුත්. හෙහ් හෙහ් හෙහ්... මට ඔය වගේ මේල් කතන්දර එන්නේ නෑනේ' අප්පා....

    ReplyDelete
    Replies
    1. මේවා මටත් ඇවිත් නෑ අප්පා..ඒ උනාට අපේ ඔෆීසියේ ලන්ච් අවර් එකේදී කියෝන ඒවා මාත් මතක තියාගෙන උන්නා..

      Delete
  23. Onna kalekin me wage katha tikak ahuwe. Ayya innawa nam kiyanawa oya wage ewa. Dan nane ithin. Eth me katha tika nam ahuwe adamai. Hina una onna thaniyama.

    ReplyDelete
    Replies
    1. ඇත්තට කෝ අපේ සරා අයියා ? පෝස්ටුත් නෑ...අයියත් නෑ

      Delete
  24. උදේම හිනාවෙලා දවස පටන් ගත්තා මරු

    ReplyDelete
  25. අහපු නැති ඒවත් තිබුන . හොඳ විහිලු ටිකක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දි අක්කා.. :)

      Delete
  26. මට නම් මරු පයිප්ප බාස් එකයි හිරේ උමග හාරන් එකයි.....

    ReplyDelete
  27. පුංචි උනත් පොඩි ගතියක් ආවා බං.. මේ කතා ටිකෙන්..

    ReplyDelete
  28. Replies
    1. අර ලින්ක් එක හොයන් එන්ඩෝ...

      Delete
  29. අම්මෝ.... හෙන කම්මැලි කමේ හිටියේ.... මේක කියෙව්වම කම්මැලි කම ඇරුන.... :)

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් මම සමනලීගෙ කම්මැලි කමට බේත් දුන්නා... :)

      Delete
  30. පණ්ඩිත් අමරදේවගෙ මින්දද හී සර අහලා ඉවරවුණ ගමන්මයි මේ පැත්තෙ ආවෙ. අනේ අර විස්සෝප මූඩ් එක කොහෙ ගියාද නෑ. :D

    ReplyDelete
    Replies
    1. මින්දද අහලා විස්සෝප උනා....හි හි හී...මට ඒකට හිනා...

      Delete
  31. අනිවා ලේ පිරිසිදු උනා.....! මේ පිණෙන් ලිහිණිගේ ලේ වතුර වගේ පිරිසිදු වෙන්න ඕනෙ....!

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා කතාවක්..මගේ ලේ වතුර වගේ උනොත් මට ලියුලේමියාව හැදෙයිනෙ ...හි හි හී

      Delete
  32. අහල තියෙන කතා අතරේ තව ඒව තිබ්බා.

    හිනා යනවා බොල ලිහිනියෝ

    ReplyDelete
    Replies
    1. හිනා ගියා නම් එලනෙ සැමෝ..

      Delete
  33. හිනා වෙලා බඩත් රිදෙනවා.කතා සෙට් එකම ඉතාමත් ලොල් සහගතයි කොහෙන්ද හොයාගත්තේ එකක්වත් මම මීට කලින් අහලා නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ කොල්ලො ටික ලන්ච් අවර් එකේදී කියෝන හෑලි...ඒවා තමා මේ ඇමිණුවේ...අතින් පයින් එහෙම දාලා...

      Delete
  34. මුල් කතා තුනනම් අද තමා ඇහුවේ.හොඳට හිතා වුනා. අර ලෝභ ගොවියාගේ කතාව.

    ReplyDelete
  35. අමතක කරලා හිටපු පරණ කෙනෙක්ගේ හෝඩුවාවක්
    පස්සේ ගියා මම අර වීඩියෝ එක හොයද්දි..ඒ කෙනත්
    මෙතන ඉන්නවා.ඒත් එයාගේ ලක්ෂණ කිව්වොත් දෙන්නෙක්ට
    ඇගිල්ල දික් වෙනවා..ඒත් මන් දන්නවා එයා කව්ද කියන දේ..
    අන්තිමට ඔයා කරන්න හදපු , දෙන්න හදපු හැම දේම ඒ මෝඩ
    රැලෙන් අයින් වෙලා මේ විදිහට දීපු එක හොඳයි..ඔයා ගත්ත තීරනේම
    මාත් අද අරන් ඉන්නේ..
    සතුටු වෙනවා ඔයාගේ උත්සාහය මරන්න ඒ මෝඩ යක්කුන්ට ඉඩ නොදුන්න එකට...





    මේක කිව්වේ එයාට ..එයා දන්නවා හරියටම මීට අවුරුදු 2 පිටිපස්සට ගියොත්...

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා..මේ මොනාද අප්පා මේ... :D

      Delete
    2. මම ලොකු තොරතුරු ගබඩාවක් තියන් ඉන්නවා dr එක එක්කෙනා
      ගැන..මේ අලුත් search entry එක දාපු ගමන් හරිම පුදුම result ටිකක්
      ආව.අතීතයේ මන් හොයපු කෙනෙක් ගැන..එයා නැවතිලා නැහැ ..
      දිගටම ඇවිත් ..හ්ම්ම්ම්ම්ම් සතුටු වෙනවා ඒ ගමන ගැන...ඉස්සර අපි
      දෙන්න පිල් දෙහෙක හිටියේ.ඒත් මට තේරුනා එයත් ඉන්නේ මගේ පිලේ
      ඒත් සතුරු පාර්ශවයක් නිසා සන්නිවේදන ගැටළුවක් තිබ්බා..ඒ එක්කම
      අපි හිටපු තැනට අපේම උන් බෝම්බ දැම්ම..අපි සී සීකඩ ගියා..
      ඊට පස්සේ හම්බුනේ අද ...
      ඒත් ඔයා දන්නවද dr අද අපි දෙන්නම එකම පිලේ...
      සතුටුයි නේද ?
      මන් දන්නවා බින්දුවක් වත් තේරෙන්නේ නැහැ ..
      ඒත් ඔව් කියන්න... :D

      Delete
    3. කියන්නෙ නම් මොනාද පැහැදිලි නැත....මොනාද අප්පා මේ බෝම්බ කතා..හි හි හි

      Delete
    4. ඒක මානුෂවාදී මුහුණුවරක් ගත්ත තාර්කික බෝම්බයක් ..
      ඒ කියන්නේ ළමයෝ කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණයක්..

      Delete
    5. හි හි හි...කුමන්ත්‍රණ..කුමන්ත්‍රණ...

      Delete
  36. Replies
    1. මෙන්න හොයාගෙන...අලේ ..තැන්ක්ස් මෙයා..

      Delete
    2. ඔය තියෙන්නේ :) මහන්සි වෙලා මේක හෙව්වට තැන්ක්ස්...

      Delete
    3. යුවර් වෙල්කම් මෙයා ..
      බලල කියන්න හොද නරක ...

      Delete
    4. අන්න මිනිස්සු...කොහොමද Explanation එක...සිරා ආ....තැන්ක්ස් අගේන් මෙයා...

      Delete
  37. සෝයි කතා ටික.. ගොඩක් ඒවා අදමයි කියෙවුවේ..

    ReplyDelete
  38. ලොල් කථා ටික නම් පස්ටයි... අර මුලින්ම තියෙන දෙක තුන ඉතාමත් පස්ටයි...

    ReplyDelete
    Replies
    1. එහෙනම් සිරා කොල්ලත් කලින් කියවලා නෑ ඕවා...එලනේ...

      Delete
    2. ko meka hmmmm?

      කොහොමද වැඩේ ලිහිණි පුළුවන් නම්
      පොස්ට් එකක් විදිහට දාන්න ඔයා කට්ටිය බලල
      කියන කමෙන්ට් බලන්න ආසයි ..:D
      හ්ම්ම්ම්ම්ම්ම් ඔව් සයුරි මන් මුළු MCS එකම බැලුව ඒත් හිතට
      දුක නැහැ කාලයක් හොයපු කෙනෙක් හම්බුනා
      අද මෙතනදීම...

      Delete
  39. කොලොම්පුරේ පැත්තේ ඇවිදින්න ගිහින් හොදටම මහන්සිවෙලා දැන් තමා ආවේ... මහන්සිය නිවෙන්න එක්ක ටිකක් හිනාවුනා. මරු කතා ටිකක්

    ReplyDelete
  40. හි.. :) හි..:) ලිහිණි අක්කත් විහිළු කතා දන්නවා එහෙනම් අහ්... එළ එළ අහ්... (Y)

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.