මිනිස්සුන්ගේ ජීවිත ගොඩ නැගෙන්නෙ
හීන..එහෙමත් නැත්තම් බලාපොරොත්තු එක්ක. හරි හමන් ගෙයක් දොරක් නැතුව..ඔහේ මොනා හරි
බඩට විසි කරන් බඩ ගින්දර නිවාගෙන .... අද්දන බස් කෝච්චි වල එල්ලීගෙන මහ පාරවල් වල
රස්තියාදුවෙලා රස්සාවක් කරගෙන..මෙන්න මේවායි කියන්න බැරි තරම් අඩුපාඩුකම් මැද්දෙ
ඉඳන් උනත් මිනිස්සු බලාපොරොත්තු තියෙනවා පේන්නෙවත් නැති අනාගතයක් ගැන...
එහෙමත් කලාතුරකින් දවසක ඉටු වෙන ඔය වගේ
බලාපොරොත්තුවක කෙළවර අච්චර කාලයක් විඳපු දුක් කන්දරාවේ මතක තැවරිලා තිබුනත් එදාට ඒ
දුක් කන්දරාව අමතක කරන්න පුළුවන් තරම් සතුටක් ඒ අය විඳිනවා. කොටින්ම කිව්වොත්
විඳවාපු ජීවිතේ විඳින්න ගන්නවා...
ඒ වගේම දුක මහා ගොඩක් තැවරිච්ච විඳවාපු
අතීතයක් මටත් තියෙනවා. තාත්තා කෙනෙක්ගේ ආදරය..රැකවරණය මොකද්ද කියලාවත්
නොදැන...අම්මත් ලඟ නැතුව , අනුන්ගේ ගෙදර
හැදී වැඩිලා, තනියම හිතට වීරිය අරගෙන ඉගෙන ගෙන ...අද
දක්වාම මම ආපු මේ ගමන කොහෙත්ම ලේසි එකක් නම් නෙමේ...
කඩාගෙන වැටුන වෙලාවෙදී නාය ගිය මහා කන්දක්
වගේ බිමටම කඩා වැටුනා. ආයෙමත් ටිකින් ටික නැඟිට්ටා. අත දෙන්න කවුරුත්ම නැති වෙලාවේ
කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව තනියම හීල්ලුවා. මේ හැමදෙයක්ම තනියම
කරගන්න මම ඔට්ටු වෙන හැටි දැක්ක මගෙ අම්මාටත් පැත්තකට වෙලා පාඩුවේ ඉන්න බැරි උනා.
අන්තීම කාලෙදී අම්මත් මට තල්ලුවක් දුන්නේ " ආයේ කවදාවත් උඹ වැටෙන්න එපා
""" කියන්න වගේ..
මට උන්න එකම සහෝදරයා තනියම දුර ගමනක් යනකොට
මම...එක අඩියක් ඉස්සරහට තියා ගන්න බැරුව දුක් වින්ඳා. ඒත් එයා ඒ දුක දිහා හැරිලාවත්
බැලුවේ නෑ. ඒත් මගේ ලඟම ඉඳන් මාව ඉස්සරහටම තල්ලු කරන්න එකම එක යාළුවෙක් උන්නා. ඒ
තමා " අයෝමි ".හෙවනැල්ල වගේ ඒකා උන්නා මගේ ලඟම. උසස් පෙළ ලියලා
හිතුවාටත් වඩා හොඳට විභාගේ පාස් උනාම " උඹ මේ ෆීල්ඩ්
එකේ යමන් ළිහිණි. ඒක තමා හොඳම තීරණය.. " කියලා මාව මේ ෆීල්ඩ් එකට තල්ලු කලෙත්
අයෝමි… කැම්පස් යන්න
ඕනෙ කිව්ව ගමන් අම්මට මතක් උනේ " සල්ලි ". ඇත්ත. සල්ලි නැතුව කොහොමද
ඉගෙන ගන්නේ ...? ඒත් අයෝමිගේ ගෙදරින් ලැබිච්ච උදව් එක්කම මම
ඉගෙන ගත්තා. ඒකට අයෝමියට පිං දීලා මදි.
ඉස්සර ඉස්තෝප්පුවේ තිබ්බ වේවැල් පුටුවේ කට්ට
කරුවලේ ඉඳගෙන මම ඉකි ගගහා අඬනවා. සමහර වෙලාවට මට බය හිතුනා මේ ගමන යා ගන්න බැරි
වෙයිද කියලා. ඒත් අතර මඟ හැරෙන්නේ නැතුව කොහොමෙන් කොහොම හරි මම මගේ ගමන ටිකෙන් ටික
ආවා.හැමදාම කෝච්චියේ කොළඹ යන්න එන්න යන වියදමුත් එක්ක මහා දෙයක් කාල බඩ පුරෝගන්න
බැරි හන්දම කැන්ටිමෙන් වඩයක් අරන් කාලා ප්ලෙන්ටියකින් මගෙ බඩ පුරෝගෙන තියෙනවා. එකම
ඇඳුම සතියකට කීප සැරයක් ඇඳලා තියෙනවා. ඒත් මට කවදාවත්ම ලැජ්ජාවක් නම් දැනුනේ නෑ.
මොකද..මම මගේ තත්වය හරියට තේරුම් අරගෙන උන්න නිසා..
මාස්ටර් (MSc ) එක කරන්න මගේ තිබ්බේ හීනයක්.ඒත් ඒ හීනය
කවදාවත්ම ඉටු කර ගන්න ලැබෙන්නේ නෑ කියලා මම දැනගෙන උනා. ලක්ෂ ගානක් මම කොහෙන්
හොයන්නද...කජු ඇටවත් කොස් ඇටවත් නොවුන ස..ල්..ලි.
දවසක් හවසක ඉස්තෝප්පු කෑල්ලේ ඉඳගෙන මං අම්මා
එක්ක මේ ගැන කතා කලා. දන්නෙම නැතුව මම අඬනවා. එක වචනයක්වත් කතා නොකර අම්මත් අහගෙන
ඉන්නවා.මගේ මේ උනන්දුව අම්මව පුදුම කරන්න ඇති. මම යන ෆීල්ඩ් එක ගැන අවබෝධයක් නූගත්
මගේ අම්මට තිබ්බේ නෑ. ඒත් තමන්ගේ දුව ඉංජිනේරුවෙක් කියන එක විතරක් එයා දැනගෙන උන්නා.
ඒ තැනට එන්න මම විඳපු දුක් එයා ඇස් දෙකෙන් දැකලා තිබුනා.
" අම්මේ..මට මේක
කරන්නම ඕනේ...අපි දෙන්න වෙනුවෙන්..ප්ලීස් අම්මේ බෑ කියන්න නම් එපා.. අර මගේ නමට
තියෙන ඉඩක් කෑල්ල විකුනලා මට මාස්ටර් එක කරන්න දෙන්න. මං කවදා හරි දවසක ඉඩම්
කෑල්ලක් අරගන්නම්....දැනට මට මේක කරන්නම ඕනේ අම්මේ...."
අම්මගෙ කකුල් දෙක ලඟ වැටීගෙන මං ඇඬුවා
මතකයි. කවදාවත්
දැනෙන්න ආදරේ නොපෙන්නුවත්...ඒ අම්මා කෙනෙක්. දරු සෙනෙහස හිතේ කොතැන හරි හිර වෙලා
තියෙන්නෙ ඇති. ඒ සෙනෙහස මගේ කඳුළු ලඟ දිය වෙන්නත් ඇති. අම්මා වචනයක්වත් නොකීවට මම
දැක්කා ඒ ඇස් දිලිසෙනවා..
අම්මටයි කියලා තිබ්බ එකම වස්තුව ඔය ඉඩම්
කෑලි දෙක විතරමයි. එකක් අයියගේ නමටත් අනික මගේ නමටත් ලියලා තිබ්බා. කරන්න කිසිම
දෙයක් නැති තැන මගේ නමට තිබ්බ අර ඉඩම් කෑල්ල විකුනලා අරගත්ත සල්ලි වලින් මම MSc එක කරන්න ලැහැස්ති උනා.. ඒ ඉඩම
විකුනාපු දවසෙදි මගේ සහෝදරයා අම්මට කෝල් කරලා කියලා තිබ්බ කතාව මට දරා ගන්න බරි
උනා..
" තියෙන ඉඩම්
විකුනලා මගේ ලඟ වැටෙන්නද දන්නෙ නෑ බලාගෙන ඉන්නේ..."
ඔය වචන ටික මට දැනුනේ යවුලකින් මගේ පපුව හරි
මැද්දෙන් හාරනවා වගේ. ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න බැරි තරම්. ජීවිතේ මේ වගේද
කියලා හිතෙද්දී මගේ යටි හිත මට කිව්වේ එකම
එක දෙයයි. " උඹ දවසක තැනකට එනවාමයි. ඒ හින්දා ඉවසාපන්.."…
මගේම
සහෝදරයාත් මට එදිරිවාදිකම් කරද්දී මට තදින්ම උවමනාවක් දැනුනා දවසක තැනකට එන්න
ඕනෙමයි කියලා..ඒ තැන දිනා ගන්න මම හරියට මහන්සි උනා. දුක් වින්ඳා...හදවතින්ම සතුටු
වෙන්න කාලයක් එනවාමයි කියන තද විශ්වාසයේ උන්නා. කිසිම ඇයි හොඳයියක්
නැති අපි දෙන්නා හේතුවක් නැතුවම විරසක වෙලා. අම්මා ඉන්නේ අයියගෙ පැත්තෙද මගේ
පැත්තෙද කියන්න මම දන්නෙ නෑ. ඒත් අම්මව රැකබලාගන්න එකේ සම්පූර්ණ බර මම මගේ කර උඩට
අරන් තියෙනවා. දැනට අම්මා අයියා ලඟ උන්නත් එයාගේ සේරම විය හියදම් දරන්නෙ මම..ඒක මට
සතුටක්....
දැන් මට අවුරුදු 25 ක් …අන්තෙටම දුක්
විඳපු...එකම ඇඳුම හෝද හෝදා පට්ට ගහපු..මම අද වෙද්දී සැලකිය යුතු මට්ටමකට ඇවිත්
ඉන්නවා කියලා මට හිතෙනවා.ලෝකයම පිළිගත්ත ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවෙක්
විදියට රස්සවක් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ රස්සාව හන්දම ඉහල මට්ටමේ වැටුපක්
ගන්නවා.මගේම ගෙයක් නැතත් අනුන්ගේ ඇනෙක්සියක හරි බොහෝම නිදහසේ මගේ පාඩුවේ ජීවත්
වෙනවා..
අර මම මුළින්ම කිව්වා වගේ සතුට විඳින්න
පුළුවන් මට්ටමකට ඇවිත් ඉන්නවා. තව ඉටු කරගන්න තියෙන බලාපොරොත්තු බොහෝම ටිකයි.
පුංචි ඉඩම් කෑල්ලක් අරගෙන මගේම කියලා ගෙයක් හදා ගන්න එක....හැමදාම අද්දන බස් වලට
දුවලා මහන්සි හන්ද මටයි කියලා පොඩි වාහනයක් ගන්න එක....ඒ හීන තවමත් මගේ හිත අස්සේ
දිළිසෙනවා. මේ ආවා වගේම ඉතිරි දුරත් යන්න පුළුවන්...මම ඒක දන්නවා... එදා විඳවපු
ජීවිතේ අද වෙද්දී විඳිනවා.. දැන් මට මෙහෙම
හිතෙනවා.
ඔව්...මම
දිනලා තමයි...
ඔව ඔයා දිනලා තමයි...හුඟ කාලෙකින් මම කියවපු සතුටුම හිතෙන පෝස්ටුවක් මේක ලිහිණි. ඉතිරි හීන හැබෑ කරගන්න ඔයාට කීයටවත් අමාරු වෙන්නේ නෑ. මට පොඩි ආසාවක් ආවා ඔයාගේ කැම්පස් එක මොකද්ද කියලා දැනගන්න :) කැමතිනම් විතරක් කියන්නෝ...මොරටුවේද? එහෙනම් අපි දන්නවත් ඇති...සමහරවිට.
ReplyDeleteමොරටුවේ නම් නෙමේ සයුරි. කොළම්බූ. ඉයර් එක හිතා ගන්න පුළුවන්නේ. නම නම් එහෙට මෙහෙට කරලා තමයි කියලා තියෙන්නෙ. හැබැයි ළිහිණි කියන නම් නම් තියෙනවා:)
Deleteඔය තියෙන්නේ අර මං කිව්ව හයිය ඔය හිතේ.....
ReplyDeleteආයිත් මොනාද බං නඟේ....
හැබැයි උඹට මං එකක් කියන්න ඕනේ... ඔහොම යන ගමන් උඹට කවදහරි ආස කරන හිතක් ළඟ නවතින්න හිතෙයි.. එදාට ඉස්සෙල්ලම හිතපන් උඹ ඔය ගමන යන්න ගත්ත මහන්සිය තේරුම් ගන්න පුළුවන්, ඒ ගමනේ වටිනාකම ගැන උඹට වඩා වටිනාකමක් දෙන්න පුළුවන් කෙනෙක් ද කියලා... නැත්තම් උඹ කරපු මේ හැම දෙයක්ම පැත්තක තියලා හිතේ තියෙන බලාපොරොත්තු ඔක්කොම ඉස්කෝලේ බෑග් එකේ දාලා ස්ටෝ රූම් එකකට දාන්න වෙයි... උඹ වගේ ස්වාධින කෙල්ලෙක්ට කොල්ලෙක්ට යටත් වෙලා ජීවත් වෙන එක හරි අමාරුයි.. ඒක නිසා ගොඩාක් කල්පනා කරලා ඒ වගේ තීරණ ගනින්...
හිරු හගවන දේ සම්බන්ධව මගේ අදහසනම්, ඔය ඉන්න විදියම හොදයි කියන එකයි.
Deleteහිරු කියල තියනදේ ගැනත් දෙවරක් හිතන්න වෙනවා..
Delete@ හිරු
Deleteආස කරන බලාපොරොත්තු වෙන හිතක් ලඟ නවතින්න මමත් ආස නැතුව නෙමේ හිරූ. මට ඒවා ඔක්කොම අමතක උනා. මගේ ඉලක්කය තිබ්බේ මෙතැනට එනවා කියන එක හින්දා වෙන්න ඇති. හිරූ දන්නවනෙ මම තමා වෙන්න ඇති ආදරේ අඩුවෙන්ම ලැබිලා තියෙන කෙල්ල. තාත්තගෙන් කියලද...අයියගෙන් කියලද..යන්තම් අම්මගෙන් ලැබුන ආදරේ විතරයි. ඉතින් කවදා හරි දවසක මම ආදරය කරද්දී ඔය හැමෝගෙන්ම නොලැබිච්ච ආදරය මම බලාපොරොත්තු වෙයි අර පුද්ගලයාගෙන්. සමහර විට ඒක මගේ ආත්මාර්ථකාමි කමක් වේවී. නැත්තම් ඒ පුද්ගලයාට ඒක වදයක් වේවී.
හිරූ කිව්වා වගේ ඒ ගැන මගෙ හදිස්සියක් නෑ. ඔයා ලියලා තියෙන දේ ඇත්ත. මට ඒ හැම දෙයක් ගැනම හිතන්න වෙනවා. බලමු හිරූ මේ වගේම ඒ බලාපොරොත්තුවත් ලැබේවී...එක දවසක..
@Sumith Niriella
Deleteතනියෙන් ඉන්න එක හොඳයි තමා.. මේ නිදහස වටිනවා. ඒත් සුමිත් කෙල්කල්ට ඒක කොයි තරම් දුරට ප්‍රායෝගික වේවිද කියලා හිතන්න වෙනවා. ආරක්ෂාව වගේම රැකවරණයත් ලැබෙන්න ඕනෙනෙ. මොකද මේ සමාජයේ ගැහැණියකට තනියම ඉන්න අමාරුයි කියලා මට හිතෙනවා..
දැනටනම් මෙහෙම හොඳයි :D
@ Naleen Dilruksha
Deleteඔව් . ඒ ගැන නම් හිතන්නම වෙනවා :)
හිරු අක්කගේ කමෙන්ට් එකනම් නියමයි!
Deleteජයගන්නේ උත්සාහවන්තයාය. උත්සාහයක් නොකර ජයක් බලාපොරොත්තු වී ඵලක් නැත. නංගි උත්සාහවන්තියෙකි. ජය නිසැකයි. ජයෙන් ජය ම ලැබේවා!
ReplyDeleteස්තුතියි අරුණි අක්කා
Deleteඉගෙන ගන්න වියදම් කරන්න, විකුණන්න ඉඩමක් වත් නැති මිනිස්සු ඉගෙන ගන්නවා හොඳට. ජීවිතේ ජය ගන්නවා. ඒ අතින් ඔයාට විකුණ ගන්න ඉඩමක් හරි තිබිලා. අවශ්‍ය වෙන්නේ මුදල් වලටත් වැඩිය ආත්ම ශක්තිය, හිතේ හයිය. පරණ දුක් හෑලි ලියනවට වඩා මෙන්න මේ වගේ එව්වා ලිව්වොත් අනිත් අයටත් ආදර්ශයක් වෙයි. ඉතිරි බලාපොරොත්තුත් ඒ හැටියෙන්ම ඉශ්ඨ වේවා.
ReplyDeleteවෙන්න ඇති ශශී. හොඳ වෙලාවට මට ඒ ඉඩම් කෑල්ල හරි තිබුනේ. මගේ යාළුවා අයෝමිත් මට සෑහෙන උදව් කලා ශශී. තවමත් උදව කරනවා...
Deleteස්තුතියි සුබ පැතුමට :)
++++++
ReplyDeleteමේ පොස්ටුවට කමෙන්ට් 1ක් ලියන්න මට නොතේරේ
ReplyDeleteසමාවෙන්න!
එත් ජීවිතේ කවදාවත් අක්කට වරදින්න නම් බෑ කියල මම දන්නවා!
ජය වේවා!
ස්තුතියි මල්ලී :)
Deleteඒ හැම හීනයක්ම සැබෑවේවා...!
ReplyDeleteබොහෝම ස්තුතියි :)
Deleteහ්ම්..ඇත්තටම අපේ පැත්තෙත් ඔය වගේ අය හිටියා.ගමේ මිනිස්සු බොහොම ඉරිසියාවෙන් තමා ඒ පවුල දිහා බැලුවේ.මොකද සල්ලි තියෙන එවුන්ට ඉගෙන ගන්න බෑ.මෙයාලා හොදට ඉගෙන ගන්නවා.නමුත් අද...
ReplyDeleteඉගෙන ගන්න සල්ලිත් ඕනෙ. මොකද නිදහස් අධ්‍යාපනය කියන වචනවලින් කිව්වට ඒ හැමදෙයකටම සල්ලි ඕනේනෙ. ඒත් සල්ලි එක්කම උවමනාවත් ඕනේ වෙනවා. උදා විදියට. මගෙ අම්මා උගත් ගැහැණියක් නෙමේ. පුංචි කාලෙදී මට ගෙදර වැඩ දුන්නම ඒක කරගන්න උනේ තනියම. හැබැයි මගෙ උවමනාව ඉහටත් උඩින් තිබ්බා. ඒ තමා මේ ගමනේ ආරම්භය...
Deleteඕනෙම දෙයක් බෑ කියලා අතහරින්නේ නැතුව කරන්න පුලුවන්නම් ඒක තමා සැබෑ දක්ෂකම.
ReplyDeleteහැම හීනයක්ම සෑබෑ වේවා..!! ජය..!
ඔව්. කිසිම ගමනක් මල් මාවත් උඩ යන්න බෑ. උත්සාහය උනන්දුව තියෙනවා නම් හැමදේම පුළුවන්.
Deleteස්තුතියි ඔයාට :)
හදවතින්ම සුබ පැතුම්..!! ඒ හැම හීනයක්ම හැබැවින් දකින්නට අක්කේ..!! :)
ReplyDeleteස්තුතියි නන්ඳූ :)
Deleteලිහිණිගේ ජයග්‍රහණයට සතුටුයි..
ReplyDeleteඅපේ භෞතික විද්‍යගුරුවරයා හැමදාම වගේ කියපු කතාවක් තිබ්බා. ඒ,
"තමන්ට යමක් කල හැකි බව සිතෙයි නම් ඒ දේ කිරීමේ හැකියාව ඔබ සතුයි"
-අමිත් පුස්සැල්ල -
ළිහිණිගේඉදිරි ගමන සර්වප්‍රකරයෙන්ම සාර්ථක වෙන්ඩ කියලා පතනවා !
// තමන්ට යමක් කල හැකි බව සිතෙයි නම් ඒ දේ කිරීමේ හැකියාව ඔබ සතුයි //
Deleteමේ කතාව සහතික ඇත්ත. තියෙන්නෙ ඕනෙ උවමනාව. අපේ ජීවිතය ඉලක්ක කරන්න ඕනෙ අපි.මොකද වෙන කාටවත් අපිව දිනවන්න බෑ.අපිව දිනවන්න ඕනෙ අපි..
බොහෝම ස්තුතියි මධුරංග :)
හ්ම්ම්.. ගොඩක් දේවල් හිතෙනවා ඒත් අකුරු වලට හරවන්න තේරෙන්නේ නැහැ අප්පා... එක නිසා ඔයාගේ හැම හීනයක්ම සැබැවේවා !! කියලා පාර්ථනා කරන්නම්..
ReplyDeleteබොහෝම ස්තුතියි :)
Deleteළිහිණි, මේකට කමෙන්ට් එකක් ලියන්න මම සෑහෙන වෙලා කල්පනා කලා. මට ඔයාගෙ පවුලේ සාමාජිකයන්ව විවේචනය කරන්න අනන්ත හිතුනත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ සුවවෙන ලකුණු තියෙන තුවාලයක් පාරණවා වගෙ.
ReplyDeleteඇත්තෙන්ම ලිහිණි අර බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නෙ. මේ මටත් තියෙනවා බලාපොරොත්තු. කෙනෙක් ඒවා අත හැරිය යුතු බැඳීම් කියලා කෙනෙක් කියන්න පුලුවන් වුනත් මම නම් එහෙම දකින්නෙ නෑ. බලාපොරොත්තු නැති වුන දවසක තව දුරටත් ජීවත් වෙන්න තියෙන හේතුව මට හිතාගන්න බෑ. ඒ නිසා ළිහිණි ඔය බලාපොරොත්තු සපල කරගන්න දිනය වැඩි ඈතක නොවෙන බව නම් කියන්න පුලුවන්. ඒ වගෙම ඒවා ලඟාකරගත්තාම අලුත් බලාපොරොත්තු ඇති වෙයි. ඒකෙ වරදක් නෑ. එහෙම තමයි වෙන්න ඕනෙ.
ඔයාට අපි ගරු කරනවා ඔය ආත්ම විශ්වාසයට ධෛර්යයට. ඔයාට වැරදි පාරෙ යන්න හේතු දහස් ගනනක් තියෙද්දිත් හරි මග තේරුම් ගන්න තරම් බුද්ධිමත් වීම ගැන.
ඔයා දිනුවේ ඒ දවස් වලමයි.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
බලාපොරොත්තු කියන්නෙ බැඳීම් උනත් බලාපොරොත්තු කියන්නෙ ශක්තියක් කියලා මම හැම වෙලාවෙම හිතනවා ඩූඩ්. අඳුරේ අත පත ගානවා වගේ ඔහේ ජීවිතය ගෙනියනට වඩා එක ඉලක්කයක් හිතේ තියාගෙන ඒ ඉලක්කයට යන එක හරිම සුන්දරයි. මම කලේ ඒ විදියට. ඩූඩ් කිව්ව වගේ සමහරු කියන්නෙ බලාපොරොත්තු කියන්නෙ බැඳීමක් කියලා. අනේ මන්දා..
Deleteමගෙ අයියා ගැන මොනවා කියන්නද කියලා මට තේරෙන්නෙ නෑ ඩූඩ්. එයා පැහැදිලිවම ආත්මාර්ථකාමි කෙනෙක්.එයා බයයි මම එයාට බරක් වෙයි කියලා.
ඉතිරි දුර යන්න පුළුවන් කියලා මට හිතෙනවා ඩූඩ්.ඒ ගැන මම හොඳින් හිතනවා. ප්ලෑන් කරනවා..:)
ඔයාගේ හැම හීනයක්ම ඉටු වෙන්න ඕන කියලා මම අවන්කයෙන්ම සුබ ප්‍රාර්ථනා කරනවා අක්කා.
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලියො :)
Deleteලියන්න බොහෝ දේ ඇතත් නොලියමි කිසිවක්....ඉදිරියටම යමු...
ReplyDeleteමගේ සතුට ඔයාල එක්ක බෙදා ගන්න ලැබුන එක මට සතුටක් නලින් අයියා :)
Deleteජයග්‍රාහී ජීවිතයකට සුභපැතුම්!
ReplyDeleteඇවිදින්න කලින් දණගාන්න අපිට සිද්ධ වෙනව...
මගෙ දණහිස් වලින් ලේ ගලන කම් මම දැන ගාන්න ඇති. ඒ සතුට අද මම විඳිනවා. ස්තුතියි ඔයාට :)
Deleteමොනවා කියලා කියන්නද...!අක්කේ උඹ සැබෑ චරිතයක්!!!!! සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි මල්ලියො :)
Deleteකන්දක් නැග්ගොත් පල්ලමක් තියනවමයි.ඒවගේම තමයි දුකත්,දුක් විඳින තරමට තමයි සැප.පහුගිය ජීවිතේ ගැන කල්පනා කරල බලනකොට ගොඩක් සතුටු හිතෙනව නේද?
ReplyDeleteතාම ගමන ඉවර නෑ..යමු යමු...සුභපැතුම්
අනිවාර්යෙන්ම සතුටු වෙන්න පුළුවන් කස්සා. කවුද හිතුවේ මට මේ වගේ ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. මේ පෝස්ටුව කියවාගෙන යද්දී මගේ ඇස් වලට කඳුළු එනවා. හැබැයි ඒ සතුටු කඳුළු :)
Deleteඅක්කෙ වැටි වැටි ජීවිතේ දිනන මිනිස්සු ලෙසියෙන් වට්ටන්න බෑ උන් ගොඩ දුර යනවා එක කාටවත් නවත්තන්න බෑ.හැදෙන එකෙක්ට කියවල ගන්න දෙයක් තියෙනවා මේකෙ.ඔයාගෙ ඉතුරු බලාපොරොත්තු ටිකත් ඉක්මනට ඉශ්ට වෙන්න කියලා මන් සුභ පතනවා....!
ReplyDeleteඅපි වගේ සල්ලි යහමින් නැති මිනිස්සුන්ට යමක් ලබා ගන්න නම් හුඟක් දුක් විඳින්න වෙනවා මල්ලි. මම ඒ දුක වින්ඳා. මේ තරමක් දුර එන්න. ඒත් මට අද ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.
Deleteබොහෝම ස්තුතියි ඔයාගේ සුබ පැතුමට :)
duk vidapuvage prathipala thiyenava ne akke :-)
Deleteඔයාගෙ සිහින සැබෑ වේවි නංගී අනිවාර්යයෙන්ම. මොකද ඔයා ගොඩක් ධෛර්යවන්ත කෙල්ලෙක් හින්ද? අම්ම ගැනවත් අයිය ගැනවත් අහිතක් හිතන්න එපා. ජීවිතේ දුක් අමාරුකම් ළගදි ගොඩක් අයගෙ හදවත් ගල් වෙනවා. ඒවා ආයෙම උණුවෙලා ආදරය ගලා හැලෙන දවසක් ඒවි. ඔයා ආදරය දෙන්න එයාලට. ආපහු ලැබෙන දේ ගැන නොහිතම. ඒක ඔයාගෙ හිතට සහනයක්, සතුටක් වේවි. ඔයාගෙ ධෛර්යය මම අගය කරනවා හදවතින්ම.
ReplyDeleteමම මගේ අම්මට හුඟාක් ආදරෙයි. මම මගේ ආදරේ අම්මට පෙන්නනවා. දැනෙන්න දෙනවා. අම්මට කිසිම අඩුවක් කරන්න මම කැමතිත් නෑ. එයාට මොනාද ඕනෙ කියලා අහන හැම වෙලාවෙම කියන්නෙ මට මොනවත් එපා.ඔක්කොම තියෙනවා කියලා. ඒත් මම එයාට හැමදේම දෙන්න උත්සාහ කරනවා. මොකද මම දන්නවා අම්මා අපිව දාලා වෙන රටකට ගිහින් දුක් වින්ඳේ කරන්න දෙයක් නැති හින්දමයි කියලා. කාලයක් ඒ ගැන හුඟක් හිතලා හිතලා මට අම්මා ගැන වෛරයක් හිතට දැනුනා. එත් අන්තිමේදී මටම තේරුනා අම්මා කලේ කැපවීමක් කියන එක. මොකද ඒ කැපවීම අද මම කරනවා. මම අම්මා ලඟ නෑ. අම්ම ඉන්නේ ගෙදර තනියම. එදා මට දැනුන පාළුව අද එයාට දැනෙනවා ඇති.යමක් ලබා ගන්න නම් අපිට කැප කිරීම් කරන්න වෙනවා කියලා මට තේරුනේ පස්සෙ කාලෙකදී
Deleteමතකද දවසක් මම ලිවුවා ඔයා හරිම උත්සහ වන්තියක් කියලා මට දැනෙනවා කියලා. මගේ අනුමානය නිවැරදි බව මට තහවුරු උනා මේ පෝස්‍ටුව කියවපුවම. ස්වෝත්සාහයෙන් ජීවිතේ දිනමින් ඉන්න ඔයාට අපි උපදෙස් නොදුන්නට මේ ගමන දිරියෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ඔය හිතේ නො අඩුව තියනවා කියලා මට හිතෙනවා. හැබැයි මම මෙහෙම චරිත වලට හරි කැමතියි. එයාලගේ කතා කියවන්න. තව කෙනෙකුට යමක් කියන කොට එහෙම කෙනෙක් උදාහරණයක් හැටියට දක්වන්න මම කැමතියි. ටිකකට කලින් නංගි බබාට මම කිවුවේ ඔයාගේ උත්සාහය ගැන. උපදෙස් දෙන්නේ නෑමම ඔයාට ඒ වෙනුවට සුභපතනවා හදවතින්ම ඔය හීන ප්‍රාර්ථනා හැම එකම සාර්ථක වෙලා ඔයා දිනපු දවසක මුන ගැසේවා කියලා අපි.
ReplyDeleteදන්නවද ඔයාලා වගේ ගෑණු දරුවෝ ගැන අපේ උන්දැට නම් හරි පුදුමයි. ඔය සේරම කොහොමද දරාගෙන ඔහොම ගමනක් යන්නේ කියලා. එයාලා ඉගෙන ගන්න කාලේ ඉගෙනගෙන මේ වෙනකොට හෝම් වර්ක් නෙව. එයාගේ වයසේ ළමයෙක් ඔහොම ධෛර්යයවන්තයි කියලා කිවුවම හරි සතුටුයි එයාටත්.
බෝහෝම ස්තුතියි අයියේ. මටත් පුදුමයි මම මේ ගමන කොහොම ආවද කියලා. සමහර විට මගේම අයියා මට නොසලකා හැරපු එක මගේ හිතට තදින්ම දැනෙන්න ඇති.
Deleteඉස්සර මට මතකයි ඉස්කෝලේ ළමයි මගෙන් අපේ තාත්තා ගැන අහනවා. " කෝ තාත්තා ? ඇයි තාත්තා දාලා ගියේ ? ආයේ එන්නේ නැද්ද ? එයා ආයේ කසාද බැඳලද ? " ඔය වගේ ප්‍රශ්ණ ගොඩයි. ඒ වෙලාවට මම හිත යටින් අනන්ත දුක් විඳලා තියෙනවා. අඬලා තියෙනවා. තාත්තත් නැති ගෙදර අයියා මට තාත්තෙක් වෙන්න ඕනෙ උනත් ඒ දේ කවදාවත් උනේ නෑ. ඒ හින්දම මම හැම වෙලාවෙම මා ගැන හිතන්න ගත්තා අයියේ.ඒ හිතපු නිසයි මට අද මේ තරම් දුර හරි එන්න ලැබුනේ...අද මගේම අයියට තියෙන්නෙ මා ගැන ඊරිසියාවක්.
ඒත් මම එයාට තාමත් මගේ අයියා කියන සෙනෙහසින් ඉන්නවා :)
හදවතින්ම සුභ පතනවා. ජීවිතයේ ඉතිරි හීනත් ඉහළින්ම සැබෑ කරගන්න ජය!
ReplyDeleteබොහෝම ස්තුතියි :)
Deleteනියමයි ලිහිණි අක්කා තමන්ගෙ දුක ගැන නෙවෙයි සතුට හිතෙන දෙයක් ගැන හිතන්න එතකොට ජීවිතේ ගෙනියන්න ලේසියි
ReplyDeleteඅපිට කරන්න අමාරුම දේත් ඒකනෙ .ලඟ තියෙන සතුටට වඩා දුක ගැන අපි වැඩියෙන් හිතනවා.අමාරුවෙන් හරි ලැබෙන චුට්ටං සතුට ගැන හිතන්න පුළුවන්නම්...
Deleteඔව් ඔයා ඇත්තටම දිනලා....ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!
ReplyDeleteස්තුතියි රෙහානි :)
Deleteඇඩෙනවා ඈ අක්කේ....
ReplyDeleteදසදහස් ගණනින් සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩවි රජගේ සුබ ප්‍රාර්ථනාව නියමයිනේ :D
Deleteදසදහස් ගණනින් සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තිතක් නොවන්නට , කොමොවක් ,,,,
ReplyDeleteජය !
-_ ඩී -_
බොහෝම ස්තුතියි
Deleteලිහිනි ගැන මට සතුටුයි.ඊටත් වඩා ආඩම්බරයි. මේ පෝස්ටුව මගෙ නංගිට කියවන්න උනේ ෆෝන් එකෙන්. එයාට හරිම සතුටුයි ලිහිනි ගැන.ඉතින් තව මොනවද අඩු ? ඔයා දිනලා තමයි ලිහිනි
ReplyDeleteශෙශාන්
නංගිලාට ඔහොම ආදරේ කරන සහෝදරයොත් ඉන්න අතරේ මගෙ සහෝදරයා....
Deleteඔව් ශශාන්. මම දිනලා තමයි
anonymous liyanne mata eccount1i nathi nisai ....mata ahamben kiwanna labune oyage blog 1 e danata masayakata vithara kalin harima asawen okkoma post kiyewwa...හැමදාම කෝච්චියේ කොළඹ යන්න එන්න යන වියදමුත් එක්ක මහා දෙයක් කාල බඩ පුරෝගන්න බැරි හන්දම කැන්ටිමෙන් වඩයක් අරන් කාලා ප්ලෙන්ටියකින් මගෙ බඩ පුරෝගෙන තියෙනවා. එකම ඇඳුම සතියකට කීප සැරයක් ඇඳලා තියෙනවා....oya matawada wasanaawanthai nangi...man uni therunata mata viyadam karanna kawruwath unne ne...thattha nathi une mata awu 17 di..mata negambo yanna enna viyadam dunne aiya e man pvt hospital 1ka nursing cuorse1k karanisa eth e bus viyadama vitharai...man e masa ganatama kawadawath ude dawal kemak aran ne ganna salli thibuneth ne udeta gedarin beela yana khata te 1 vitharai gedara eddi re wenawa e gollo kalabeela nidi man the1k vitharak beela nida gannawa..mata kiyala thibune gawum 4k vitharai ethakota mata wayasa 20k vithara...oyata wagema matah honda yaluwek unna eyata job karana akka kenek unna nisa mata adan yanna eya adum dunna...thawath liyanna deyak ne man ada godak hodin sathutin sapashasuwa lankawen godak durin jeewath wenawa...
ReplyDeleteඔයා දන්නවද ..මට ඔයා ගැන හුඟාක් සතුටුයි. ඒ ඔයාත් මම වගේම ( සමහර විට මටත් වැඩියෙන් ) දුක් විඳලා අද ඔය තත්වයෙන් ඉන්න එක ගැන. ඒක තමා ඇත්තටම වෙන්න ඕනෙත්. අද ඔයා මොනතරමක් සතුටින් උන්නත්...එදා ඔයා විඳපු දුක් හදවත් පැත්තක තියෙනවා ඔයාට මතක් කරන්න. සමහර විට ඒවා මතක් කරද්දී ඇස් වලට කඳුළු එයි. ඒත් ඒ සතුටු කඳුළු. සතුටුයි ඔයා ගැන. ඒ වගේම සතුටුයි මගෙ පෝස්ට් කියවනවට...:)
Deleteeda thawath oyata kannabonna denna be job 1k hoyanna kiyala kiwwa aiyyawath kane thibuna karabu 2kth illaganna tharam darunu hithak thubuna ammawath hamadamath kenehili kam karapu nangiwath ada balanne mama e gollange viyadam yawanne man...eda adinna harihaman adumak nothibuna mata ada awurudu gaanak wath adala ivarakaranna bari tharam adum thiyanawa re wunama AC bus 1 yanna salli netiwa langama bus1k enakam peyaganan rasthiyadu unamata ada one welawaka yanna one tharam vhana thiyanawa...me tikath liwwe lokukamata newei duka pannaraya karagena jeeviteta muna dena hamomatama jeevithe dinnana pluwan .....oyata jaya nangi..
Deleteඅවංකවම ආඩම්බරයි අක්කෝ..ඉදිරියත් ජයම වේවා!
ReplyDeleteස්තුතියි හිරු නංගා :)
Deleteඅදයි මේ පැත්ත ට ගොඩ වැදුණේ. බොහොම වටින පෝස්‍ටුවක් අක්කේ...
ReplyDeleteඔව් ඇත්තට ම ඔයා දිනලා. සැප විඳ විඳ මේ ගෙන්දගම් පොළව උඩ පා වෙවී ඉන්න අය ට ඔයාගේ උත්සහය හොඳ ආදර්ශයක්. යහපත්, ඉසුරුමත් අනාගතයක ට හදවතින් ම සුබ පතනවා....!!!
ජය!!
මේ පැත්තට ආපු ඔයාව ආදරෙන් පිළිගන්නවා. ස්තුතියි මගේ කතාව කියෙව්වට වගෙම ඔයාගේ සුබ පැතුමටත් :)
Deleteඅක්කි මම ඔයාව දන්නේ නෑ. ඒත් පොඩි දුකක් වත් දරා ගන්න බැරි මට ඔයාගේ පෝස්ට් එක දැක්කම හිතට ලොකු ශක්තියක් දැනුනා.මෙහෙම දෙයක් ලිව්වට ඔයාට පින්......
ReplyDeleteකරදර වලට අපි කරදර කලොත් ඒ කරදර උනත් අපිට බය වෙයි කියලා මට හිතෙනවා. මමත් මගේ කරදර වලට මහ ගොඩාක් කරදර කරපු කෙනෙක්. ඒ නිසයි මම අද මෙතැනට ඇවිත් ඉන්නේ. අනික අපි හැම වෙලාවෙම ඉවසන්න ඕනේ..හැම දෙයක්ම :)
Deleteමගේ ඇස් දෙකේ කඳුළු අක්කේ..
ReplyDeleteහරිම ආඩම්බරයි ඔයා ගැන.
හිතේ තියෙන හැම හීනෙම හැබෑ වෙන්න කියලා ලෝබකමක් නැතුව ප්‍රාර්ථනා කරනවා!
බොහෝම ස්තුතියි ප්‍රමුදි :)
DeleteMata oya gana harima santhoshai nanga.... Oya dinala thamai. Langa paathaka hitiya nam oyawa hoyagena awith sathuta beda gannawa. Oyata aye kawadaawath waradinne na. Hondata igena gaththa oyata "Educatin Key" eka thiyenawa. Loke kohata giyath e yathuren oyata rassawal vivurtha kara ganna puluwan.
ReplyDeleteOyata dalanda samidu rakawaranai nanga. Man awankawama suba pathanawa.
Awith oyage katha kiyewwa ta comments danna welawak thibune na. Sorry honde...
කොමෙන්ට් නොකලාට කමක් නෑ අක්කේ. මේ පැත්තට ඇවිත් යන එක ගැන හුඟාක් සතුටුයි.
Deleteබොහෝම් ස්තුතියි කුමාරි අක්කගෙ ප්‍රාර්ථනාවට :)
කියන්න දෙයක් හිතා ගන්න බෑ අක්කේ... සුභ පැහුම් හදවතින්ම.. ඇත්තමයි..
ReplyDeleteස්තුතියි දිනේශ් :)
Deleteඅක්කේ මගේ ජීවිතෙත් ඔයවගේ තමයි. මට ඇත්තටම ඇහැට කඳුලක් ආවා. ඒ කොච්චර කාලෙකට පස්සෙද කියල මටවත් මතක නැහැ. සැබෑවටම සංවේදියි. වැටෙන්න වැටෙන්න නැගිටින කෙනා තමයි ජීවිතේ ජය ගන්නේ. මම මගේ මුළු මහත් හදවතින්ම මගේම සහෝදරියකට මෙන් ජය පතනවා!
ReplyDeleteReally proud of you..aththtama Nangi Hama kenekutama adarshayak..oyage herewith ayya thawa lasagna wanna Kigali pathanawa
ReplyDelete