මාව කියවන අය අතර..

27 September 2012

අහඹු ලෙස දිග හැරුණු ප්‍රථම ප්‍රේමය...





" ළිහිණි....උඹට අරවා නැද්ද ?...."

" කොරවද ?..."

" හැඟීම් දැනීම් කියන ඒවා...."

" ඇයි සැකද නෑ කියලා ?..."

" ඒ හින්දනේ අහන්නෙ..."

" මගේ හැඟීම් දැනීම් දැනෙන්නෙ මට..උඹට නෙමේනේ...."

" අනේ...පලයන් යන්න...හැඟීම් දැනීම් තිබ්බ නම් කොල්ලෙක්වත් හොයා ගන්නෙ නැතුව ඔහොම ඉන්නවද ?...."

" ආ...ඒකද මේ උඹ මගේ හැඟීම් දැනීම් ගැන අහන්නේ ?... මේක හරි වැඩක්නේ….දැන් බලාගෙන ගියාම මටත් වඩා ඒ ගැන අමාරුව තියෙන්නේ උඹටනෙ....මාරයි ආ...."

" විහිළු නෙමේ...දැන් ඔහොම උන්නා ඇති...සෙටල් වෙයන්...නාකි උනාම බැඳින්නයෑ... දැන්වත් අරකට හා කියපන්.... මම මේ කියන්නෙ උඹේ හොඳටමයි….."

" මගේ හොඳට නෙමේ...උඹේ තියෙන ඊරිසියාවට...උඹ වැටුන වලේ මාවත් වට්ටන්න හදන්නෙ ඒකයි. මගේ නිදහසට සීමා පනවන්න උඹට මාර උවමනාවක් තියෙන්නේ නේද...."

" අනේ...වැඩේමයි...ඔය නිදහස කන්නද බං....මම කිව්වේ ඇත්ත...හිතපන් ඒ ගැන මෝඩියක් නොවී ...."

මගේ දයාබර යෙහෙළිය අයෝමි නිතර නිතර මා ගැන සොයා බලා වෙහෙසුනේ මගේ ජීවිතය පිළිවෙලක් කරන්නට බව මම දැන උන්නෙමි. ඇය මට යෙහෙළියකට වඩා දයාබර මවක් වැනිය. මගේ සිත අකුරක් නෑර කියවීමේ හැකියාව ඇය සතුය. දුර රටක හිඳ හෝ මගේ දුක සැප හැම විටකම සොයා බලන්නේ ඒ නිසාමය. ගැලපෙන කෙනෙකු සොයා දී මා විවාහ කොට දෙන්නට ඈ අපමණක් වෙහෙසෙයි. වෙනතක් තබා මගේ මවට නැති උවමනාවක් ඈට ඇති සේය.

ඇගේ මේ සොයා බැලීම් කිසිදු විටක මට වදයක් නම් වූයේ නැත. ඕනෑම කෙල්ලක මෙන් නිසි වයස ආ කල විවා පත්වී යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නට මමද බලාපොරොත්තුව උන්නෙමි. සැරින් සැරයේ හිතට ආදරය ඉබිකම් කල විටදී මඟ හැර ගියේ මගේ ඉලක්කයින්ට යාමේදී ඒවා බාධාවක් වේයැයි සිතූ නිසාමය. කිසිදා කිසිවෙකුගෙන් නොලැබුන ආදරය සිත්සේ විඳ ගන්නට උවමනා වීද මම සිත් කොනක ඒ බලාපොරොත්තු තබාගෙන උන්නෙමි. බොහෝ සේයින් නිහඬ චරිතයක් වූ නිසාම අයෝමි හැරෙන්නට අනෙක් යෙහෙළියන් ඒ ගැන තැකුවේද නැත. නමුදු අයෝමි ඒ ගැන  නිතර අවධානයෙන් පසු උනාය.

" තාම බැරි උනාද ?..."

" මොනාද ? ..."

" කොල්ලෙක් හොයා ගන්න..."

" මට පිස්සුද බං කොල්ලො හොය හොයා ඉන්න... වෙන වැඩ නැතුවටද ….."

" පිස්සුවට නෙමේ....ඕන නිසා...අපි හැමෝටම  ඒ පැත්ත හරි යද්දී උඹට විතරක් ඔහොම ඉන්න බෑ.. ඔය ඔෆීස් එකේවත් නැද්ද හිතට හරි යන එකෙක් ?..."

" උඹ හිතුවද මම අර මොකාද වගේ කොල්ලො දිහා බලාගෙන ඉන්න එකෙක් කියලා...ඒකා හරියනවද...මේකා හරි යනවද කියලා හිත හිතා ඉන්න...පිස්සුද අයෝමි උඹට ? ... පාඩුවෙ ඉන්න දීපංකො බං වද නොදී...."

ඇයට විහිළු කරමින් කතාව මඟාරින්නට මා සතු හැකියාව බොහෝය...

හැම පැයක්ම මට දැනුනේ තප්පරයෙන් දයෙන් පංගුවක් ලෙසය. සිත තුල එතරම්ම කලබලයකි. කොතනින් පටන් ගෙන කොතනින් ඉවර කරන්නදැයි නොතේරෙන සිතිවිලි පඹගාලක මම පැටලී උන්නෙමි. ඒ අයෝමි නිසාමය. සති ගනන්...මාස ගනන් එක දිගට එකම දෙය කියවූ ඇය ඉදිරියෙහි මම පරාද වී සිටියෙමි. තමන්ට අති මහත්වූ ජයග්‍රහණයක් ලද කලෙක මෙන් ඇය සතුටට පත්වී උන්නාය.

" අම්...මෝ...ඇති යාන්තම්...මමයි රවියි බයේ උන්නේ උඹ ඒකටත් බැග් ගායි කියලා...."

තමන්ගේ උත්සාහයෙන් සාර්ථක ප්‍රථිපල නෙලා ගත්තියක සේ ඇය සැනසුනාය.එතරම් දෙයක් සිදු උනාදැයි මම මොහොතකට සිතුවෙමි.

" රවීන්ද්‍ර " යනු අයෝමිගේ ආදරණිය සැමියාය. මීට වසර තුනකට පමණ පෙර විවා පත්වූ ඔවුන් දෙදෙනා කැනඩාවේ ස්ථීර පදිංචිය සඳහා පිටත්ව ගියහ. ද්‍රවිඩ ජාතිකයෙකු වූ රවීන්ද්‍රත් අයෝමිත් අතර තිබූ සම්බන්ධයට රවීන්ද්‍රගේ නිවසින් කෙසේ වෙතත් අයෝමිගේ නිවසින් නම් බුරුලක් ලැබුනේම නැත. ඉතා යහපත් ගති ගුණ ඇති රවීන්ද්‍රව කිසි ලෙසකින් හෝ අත්හැරීමට අයෝමි උත්සාහ ගත්තේද නැත. පණට පණසේ ආදරය කල ඔවුන් දෙදෙනා අන්තිමේදී අයෝමිගේ නිවසේ අයගෙ දැඩි විරෝධය මැද හිතුමතේට විවාහ වූහ. තව දුරටත් සමාජයෙන් එල්ල වන චෝදනා වලින් ඈත් වීම පිණිස ඔවුන් දෙදෙනා තෝරා ගත්තේ මෙරටින් පිට වීමයි. එසේ වූ නමුදු මෙරට උන්නා සේම මා ගැන සොයා බලන්නට ඇය කිසිවිටකත් අමතක නොකලාය.

විවාහ වීමට මට කාලය පැමිණ ඇතැයි තීරණය කලේද මගේ යෙහෙළිය අයෝමි විසින්මය. ඒ මා හට ඇති අති මහත්වූ සෙනෙහස නිසා බව මම දනිමි.මට සුදුසු කෙනෙකු සොයා ගන්නට මා උනන්දු නොවන තැන්හී ඇය ඒ ගැන සොයන්නට වෙහෙසුනාය. දන්නා කියන අයගෙන් එසේ සොයා බලන තැන්හී ප්‍රථිපලයක් ලෙස " තේජාන් " සම්බ වී තිබුනේය. රවීන්ද්‍රගේ මිතුරෙකුගේ මිතුරෙකු වන තේජාන් හට මාව ජෝඩු කරවන්නට අයෝමිත්..රවින්ද්‍රත් උනන්දු වූ තරම....

දිනපතාම ලැබෙන ඇගේ දුරකථන ඇමතුම් වලින් වැඩි කොටසක් වෙන්වූයේ තේජාන්ගේ විස්තර සඳහාය.

"කොල්ලා සිරා....උඹට හොඳටම ගැලපෙනවා ළිහිණියෝ..."

" උඹට සිරා වෙලා විතරක් බෑනේ...මොකද ඌව බඳින්නේ උඹ නෙමේනෙ..."

" උඹ ඔහොම කියන්නේ ඌ ගැන දන්නෙ නැති  හන්දනේ.... දැනගත්තට පස්සෙ මට පිං දෙයි..."

" වැඩේමයි...."

" වැඩේමයි නෙමේ...මම කියන්නෙ ඇත්ත..."

" කොහොමත් මම ප්‍රොපෝසල් වලට කැමති නෑ බං. කොහොමද අඳුනන්නේ නැති එකෙක්ව බඳින්නේ ?..."

" මෝඩියේ...උඹ දන්නෙ නැති උනාට අපි ඌ ගැන හොයලා බැලුවා. එහෙම කොහෙවත් ඉන්න එකෙක්ව අපි උඹට හොයනවද...තේරුම් ගනින්කෝ බං..."

" අයෝමි මේක විහිළුවක් නෙමේ...මට බයයි...ඕනෙ නෑ බං මට ඕවා..."

මේ බලපං ළිහිණි...ඌ හොඳ එකා. ඉස්සර එෆෙයාර්ස් තියෙන්න ඇති. ඒවා හැම කොල්ලෙක්ටම පොදුයිනෙ...ඒත් දැන් නෑ. උඹේ ෆෝටෝ ටික දැක්කම ඌ කැමති උනා උඹ ගැන දැනගන්න...වෙන එකක් තියා ගෙදරටත් ඒ ගැන කියලා...ආන්ටි මට කෝල් කලත් එක්ක...."

" අනේ මන්දා බං මේවා...."

" අපි උඹට වරදක් කරන්න හදන්නෙ නෑනේ. ඌව ඉස්සරවෙලා අඳුනගනින්....කොල්ල උඹේ නම්බර් එක ඉල්ලුවා...මම දුන්නා...කතා කලොත් කතා කරපන්.."

" ටිකක් කතා කලා කියලා මනුස්සයෙක්ව අඳුනගන්න පුළුවන්ද අයෝමි ?..."

" ළිහිණියෝ...ඔහොම නෙමේ අවුරුදු දහය දොළහා ලව් කරලා බඳින උන් උනත් අන්තිමේදී රන්ඬු වෙලා දෙපැත්තට වෙන වෙලාවල් තියෙනවා. ඒක හන්දා අංජනම් බලන්නෙ නැතුව හිටපං...අනික මේ මම උඹට හෙට උදේට ඌව බඳින්න කිව්වේ නෑනෙ...ටිකක් අඳුර ගනින්. ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා නම් අයින් වෙමු...ඉවරයිනේ...... "

"ඒ උනාට අයෝමි …....."

" හරි ...එහෙමනම් උඹ මේක අත ඇරපන්...උඹට හරියි කියලා හිතෙන එකෙක්ව හොයා ගනින්...අපි ඒක කරමු..."

ඇගේ තර්කයන් බිඳින්නට මට හැකියාවක් තිබුනේ නැති නිසාවට මම අන්තිමේදී නිහඬ උනෙමි.ඒ ඇයවත් රවීන්ද්‍රවත් මට වරදක් නොකරන බව දන්නා නිසාමය...

ගත වූයේ දින කීපයක් පමණි...මගේ දුරකථනයට ආ නාඳුනනා ඇමතුමකි.

" හෙලෝ....කුඩ් අයි ස්පීක් ටූ මිස් ළිහිණි ...."

" යේර්ස්...ස්පීකින්..."

" හේයි...ළිහිණි..මම තේජාන්...."

ඒ හඬ ඇසුනු සැනින් මම තිගැස්සුනෙමි



මතු සම්බන්ධයි........

51 comments:

  1. ඉතිරිය ඉක්මනින්ම බලාපොරොත්තුවෙනවා. පලවෙනි කොමෙන්ටුව මගෙන් :)

    ReplyDelete
  2. \\..ද්‍රවිඩ ජාතිකයෙකු වූ රවීන්ද්‍රත් අයෝමිත් අතර තිබූ සම්බන්ධයට රවීන්ද්‍රගේ නිවසින් කෙසේ වෙතත් අයෝමිගේ නිවසින් නම් බුරුලක් ලැබුනේම නැත..\\
    මහලොකුවට කියනවා අපි යුද්ධයෙන් දිනුවලු!තාම අපි යුද්ධයේ දෙමලු එක්ක!

    කතාව මාර තැනකින්නේ නවත්තල තියෙන්නේ!:)
    තෙජනුත් ද්‍රවිඩ ජාතිකයෙක් ද??

    ReplyDelete
    Replies
    1. // මහලොකුවට කියනවා අපි යුද්ධයෙන් දිනුවලු!තාම අපි යුද්ධයේ දෙමලු එක්ක!//

      ඇත්ත. ඒ අයත් අපි ගැන ඒ විදියටම හිතනවා ඇති සමහට විට. පහුගිය දවස්වල ඉන්දියාව පැත්තේ සිද්ධ උන දේවල් ගැන බලද්දී අපිට එහෙම හිතන්න වෙනවා

      // තෙජනුත් ද්‍රවිඩ ජාතිකයෙක් ද?? //

      නෑ...තේජාන් සිංහල.. ගම්පහ පැත්තෙ කෙනෙක් :)

      ස්තුතියි නුවන් :)

      Delete
    2. //මහලොකුවට කියනවා අපි යුද්ධයෙන් දිනුවලු!තාම අපි යුද්ධයේ දෙමලු එක්ක!//

      මේකට කෙලින්ම යුද්ධේ සම්බන්ධයක් ඇති කියලා මම හිතන්නේ නෑ නුවන්. විවාහ වලදී මුලට එන ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය තමයි මේක. සිංහල කතෝලික කෙනෙක් බඳින්න හැදුවත් ගෙවල්වලින් කොයි තරම් විරුද්ධ වෙනවද? කොටින්ම, වෙනත් කුලයක කෙනෙක් බඳින එකටත් විරුද්ධ වෙද්දී වෙන ජාතියක කෙනෙක් බඳින එක ගැන කවර කතාද?

      Delete
    3. ඒක තමයි සයුරි අක්කේ!මම අදහස් කරේ යුද්ධය ඉවර උනා කියල අපි දෙමල මිනිස්සු දිහා බලන විදියේ වෙනසක් උනාද??
      අපිට තවමත් දෙමල මිනිහෙක් දැක්කම පේන්නේ කොටියෙක් විදියට!අනිත් ජාතින් ගැනත් සුළු වශයෙන් හෝ අපිට ඒ ආකල්පය තියෙනවා!අපේ හිත්වල තියෙන බැම්ම ඉවත් කරන්න යුද්ධෙට බැරි උනා!මම අදහස් කරේ ඒක!

      Delete
  3. මං 1 ද?

    සතුටු හිතෙන අවසානයක් තියෙන කථාවක් නේද මේක?

    ReplyDelete
    Replies
    1. // සතුටු හිතෙන අවසානයක් තියෙන කථාවක් නේද මේක? //

      මෙතන සතුටක්වත්...දුකක්වත් නැති කතාවක් විදියටයි මගේ හිතට දැනෙන්නෙ තේජී. ඔව්..ඒක එහෙම තමා..අනිත් කොටස කියවලා බලන්නකෝ...

      Delete
  4. එල!!!!!මෙන්න පස්ට ලව් ස්ටොරියක් ස්ටාට් කරන්නයි යන්නේ!!!!!

    ReplyDelete
    Replies
    1. // මෙන්න පස්ට ලව් ස්ටොරියක් //

      අපෝ නෑ...නිකම්ම නිකම් ස්ටෝරියක් ...

      Delete
  5. ඊලඟ පෝස්‍ටුව අන්තිමට එලාම් එකේ සද්දෙට මට ඇහැරුනා කියලා එහෙම තිබුනොත් ලිහිණියෝ..................

    මෙහෙම කතා ලියවෙනකොට හිතට සතුටක් දැනෙනවා,ඇයි කියලා නොතේරෙන. ඒත් බ්ලොග් ලියන හුඟාක් අය මෙහෙම කතා කියලා අපිව අන්දන නිසා හිතට දැනෙන දේවල් ලියන්න හිතෙන්නේ නෑ දරුවෝ..!

    ReplyDelete
    Replies
    1. // ඊලඟ පෝස්‍ටුව අන්තිමට එලාම් එකේ සද්දෙට මට ඇහැරුනා කියලා එහෙම තිබුනොත් ලිහිණියෝ//

      අනේ නෑ සරා අයියේ...මේක හීනයක්වත්...ගොතපු එකක්වත් එහෙම නෙමේ. මේක ඇත්ත එකක්. කොටින්ම කියනවා නම් අයෝමිත් , රවීත් , මාත් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් දන්නෙවත් නැති කතාවක්. අඩුම තරමි අපේ අම්මවත්....ඔන්න මම දැන් ලිව්ව නිසා ඔයාලත් දන්නවා.

      අනිත් කොටසත් කියවලාම බලන්නකෝ...

      Delete
  6. මේ ඇත්ත කථාවක්ද ළිහිණි....
    ලස්සනයි ,ඉතිරි ටිකත් ඉක්මනින් දාන්න...

    ReplyDelete
    Replies
    1. //මේ ඇත්ත කථාවක්ද ළිහිණි....//

      මෙහෙම කිව්වොත් හිනා වෙයිද දන්නෙ නෑ. මේ මගේ හිතට දැනුන ෆස්ට් ලව් එක...ඒක ලව් එකක්මද කියන්න මම දන්නෙත් නෑ..කියවන ඔයාලා තීරණය කරන්නකෝ ඒක මොකද්ද කියලා...

      Delete
  7. හි හි.... ළිහිණියෝ.. මාත් ඉස්සර ඔය වගේ තමයි... හැබැයි මම කසාදෙට කොච්චර අකමැති උනත් මගේ පස්සෙන් ආපු එකා නැවතුනේ නෑ... මටත් ඌව නවත්තන්න ඕනේ උනේ නෑ.. ඒකෙන් උනේ එකම දෙයයි... ඒ ගැන නොකිය ඉන්න තරමට හොඳයි...
    දැන් නං වැඩක් නැ තියලා හිතෙනවා.... කසාදේ කියන්නේ මට නම් විසදෙ ගන්න බැරි ප්‍රශ්න ගොඩක් විතරයි.....

    ReplyDelete
    Replies
    1. // හැබැයි මම කසාදෙට කොච්චර අකමැති උනත් //

      මම කසාද බඳින්න අකමැතිම උනා නෙමේ හිරූ බය උනා. අපේ තාත්තා වගේ අතරමඟ දාලා යන එකෙක් ලැබුනොත් කියලා බය උනා. මට කවදාවත් අම්ම තාත්තගෙන් වත් නොලැබුනයි කියලා දැනිච්ච ආදරේ නෙ මට ඕනෑ වෙලා තිබුනේ. එහෙම එකෙක් ඉඳීවිද කියලා සැකයෙන් තමා මම හැම තිස්සේම උන්නේ...

      // කසාදේ කියන්නේ මට නම් විසදෙ ගන්න බැරි ප්‍රශ්න ගොඩක් විතරයි..//

      උඹ මාව බය කරනවා කෙල්ලේ... සිරාවට. මොකද උඹ ලව් කරලා බැන්ඳ එකෙක් වෙච්චි...අනේ මන්දා...හැබැයි මෙහෙම දෙයක්..කසාඳෙ කියලා අලුතින් ජීවිතයක් නෙමේයිනෙ ලැබෙන්නේ...තියෙන ජීවිතේම තව කෙනෙක් එක්ක හවුලේ ගෙවන්න වෙන එකක් නිසා ඔය ප්‍රශ්ණ කියන ඒවා නැති වෙන්නේ නෑනෙ...තේරුම් ගැනීම තමා ලොකුම දේ කියලයි මම හිතන්නේ...

      Delete
    2. බය වෙන්න දෙයක් නෑ බං.. මූදට පැන්නම පීනන්න බැරි උනත් නැතත් පීනන්න වෙනවා.. පුළුවන් එකා ගොඩ යනවා.. බැරි එකා ගිලිලා මැරෙනවා.....
      කසාදේ කියන්නේ කෙල්ලෙක්ට අලුත් ජීවිතයක්... හැමදේම අලුත් වෙනවා... කොල්ලෙක්ට එච්චර දැනෙන්නේ නෑ... ඒකයි අවුල..

      බදින්න කලින් මට ප්‍රශ්න තිබුන් නෑ.... කොන්ද කෙලින් තියාගෙන, ආව ප්‍රශ්න මට විසදගන්න බැරි උනෙත් නෑ... ඒත් දැන් තියෙන ප්‍රශ්න විසදනවා තියා ප්‍රශ්නේ මොකද්ද කියලාවත් හිතාගන්න බෑ... අඩු ගානේ ඒවා මට විසදන්නත් බෑ.. හරියට මගේ ජීවිතේ මගේ නෙවෙයි වගේ...

      මම කසාදේට අකමැති උනේ ම‌ෙග් නිදහස නැති වෙන නිසා... අනිත් එක කවදාවත් මට නැන්දම්මා කෙනෙක් එක්ක ඉන්න නම් බැරි වග ඒ වෙනකොටත් තේරිලා තිබුන නිසා..

      මේවා ගැන හිතලා බය වෙන්න එපා. මට වෙච්ච දේ මටම විතරයි.. නොකියා ඉන්න පුළුවන්.. ඒත් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට කියන්නේ මං විදවපු දේම තවත් කෙනෙක්ට විදවලා තේරුම් ගන්න සිද්ධ නොවේවි කියලා හිතලයි...

      Delete
    3. //මම කසාදේට අකමැති උනේ ම‌ෙග් නිදහස නැති වෙන නිසා... අනිත් එක කවදාවත් මට නැන්දම්මා කෙනෙක් එක්ක ඉන්න නම් බැරි වග ඒ වෙනකොටත් තේරිලා තිබුන නිසා.. //

      උඹ කටු අත්තක් නෙමේනේ...හි හි කොහොම උනත් කෙල්ලෙ අර කතවට කියනවනෙ නැන්දම්ම එක්ක කොක්කෙන් ඉන්න බෑ ලියලා. ඒ වගේ වෙලාවට අර 64 න් ටිකක් ප්‍රයෝජනයට ගත්ත නම් හරි ( මම කියන ඒවා ප්‍රායෝගිකද නැද්ද දන්නෙ බැඳලා ඉන්න උඹ මිසක් මම නෙමේ)

      //මූදට පැන්නම පීනන්න බැරි උනත් නැතත් පීනන්න වෙනවා.. පුළුවන් එකා ගොඩ යනවා.. බැරි එකා ගිලිලා මැරෙනවා..//

      සහතික ඇත්ත. මම නම් ඔය මූදේ පනින්න මාර බයයි. අනේ මන්දා මෙහෙම බය උනොත් මට බඳින්නම හිතෙන් නැති වෙයි....

      Delete
  8. ඊළග කොටසත් ලියන්න බලන්න. ඒකත් කියවලාම අන්තිමට අදහස් ඉදිරිපත් කරන්නම්. :)

    ReplyDelete
    Replies
    1. ඔව්..එහෙම හොඳයි ඉෂාන්...මොනවත් කියන්න කලින් මොකද උනේ කියලාවත් දැනගන්න එපායෑ නේද ?

      Delete
  9. ඊලඟ කොටසත් ඉක්මනටම ලියන්ඩ ඈ..
    අඩේ ලිහිණියා ගොඩ ගිහින් දෑ... ඒක දැනගන්ඩත් ලියන්ඩ එපා ය.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩ ගියාද නැද්ද කියලා බලන්න ඊ ලඟ කොටස ලියනකම් හිටු.. ..:)

      Delete
  10. කොහොම හරි ජීවිතේ ජයගන්න ලැබෙනවන්ම් ළිහිණි ඒකට අපේ සුබපැතුම්. හදවතින්ම කියනවා ඔයාට හරියන්නම ඕනෑ.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තුතියි නලින් අයියේ..ඒත් ඉතින් ....

      Delete
    2. නලින් අයියගෙ පෝස්ට් වලට මට කොමෙන්ට් කරන්න බෑ :(

      Delete
  11. හරි... බලමුකෝ එහෙනං ඒ කතාවත් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් බලමුකො ඊ ලඟ කොටසත් නේද රජෝ :)

      Delete
  12. ප්‍රථම ප්‍රේමය...ඒක නම් ඉතින් කාටද අමතක කරන්න පුලුවන්...බලමු ඉස්සරහට..
    ආදරේ ගැන නම් මට තියෙන්නෙ බොහොම නරක හැඟීමක්....

    ReplyDelete
    Replies
    1. මම මේ ලියන්නේ ඇත්තටම ප්‍රේමයක් ගැනද කියලා නම් මම දන්නෙ නෑ කස්සා. මේ කතාව ඔක්කොම කියවලා ඉවර උනාට පස්සෙ පුළුවන්නම් මට ඒක කියලා දෙන්න.

      Delete
  13. හැමදාම ළිහිණි අක්කා මගේ බ්ලොග් එක පැත්තේ එනවා..මට එන්න වෙන්නෙ නෑනේ..ඔන්න මමත් ආවා..ලස්සන බ්ලොග් එක අක්කෝ.. ම්ම්ම්ම්..තේජාන් :ඔ මමත් දන්න කෙනෙක් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවට...

      Delete
  14. මම හරිම කැමතියි මේ වගේ ඇත්ත කතා අහන්න..ඉක්මනට ලියමු ලිහිණියෝ...
    තේජාන් කිව්වම මට හිතුනේ ද්‍රවිඩ ද කියලා. අයෝමි නම් හොඳම හොඳ යාලුවෙක්.

    ReplyDelete
    Replies
    1. අයෝමි මගෙ හෙවනැල්ල වගේ කෙනෙක් සයුරි. එයා ගැන වෙනමම පොස්ටුවක් ලියන්න ඕනෑ. කොටින්ම ඒකි මගේ අම්ම වගේ...

      //තේජාන් කිව්වම මට හිතුනේ ද්‍රවිඩ ද කියලා//

      නෑ සයුරි තේජාන් සිංහල කෙනෙක්...

      Delete
  15. ඉතිරි කොටසත් ඉක්මනටම ඕනා ළිහිණි අක්කේ.. :)

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලියන්නම්..ප්‍රොමිස් :)

      Delete
  16. Lassana arambayak. Awasanayath lassana athi neda. Ikmanin dannako balanna. Oyata waradinne na aye. Duk vidapu kale iwara athi. Hamadama hinawela sathutin inna. Oyage prathama adareta magen suba pathum.

    ReplyDelete
  17. Issellama mage unusum suba pathum .
    Parthana karanawa mata wage mother-in-low kenek nolabewa kiyala.
    E wagema awasanawa sathuthudayaka wewa kiyala.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම හැමෝටම නැන්දම්මලාගෙ කේස් තියෙනවා වගේ නේද කුමාරි අක්කා...? ඕවා අහද්දී බයෙත් බෑ අප්පා...

      Delete
    2. Lihini awasanawa nemei "AWASANAYA" lesa niwaradi wenna one . Sorry

      Delete
    3. ටයිප් කරද්දි එන මිස්ටේක්ස්...ඒවා ගැන එච්චර හිතන්න එපා කුමාරි අක්කා :)

      Delete
  18. හ්ම්ම.. ඉතිරිය ලියනකල් බලාගෙන ඉන්නවා අක්කෙ.. මේ ගැන අදහසක් කියන්න.. :)

    ReplyDelete
  19. ඉතිරි ටිකත් බලලා ඉමු ...

    ReplyDelete
  20. මදැයි අන්තිම වෙනකල් බලන්ට හිටියා... ඒ පාර මතු සම්බන්ධයිලු... ඉතිරියත් ඉක්මනට දාන්ටෝ... හීනයක් කියලා එහෙම දැම්මොත් බලාගෙනයි ඕං...

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන්නෙ වෙලාවකට හීනයක් වගේනෙ අලුත් මල්ලි. නැද්ද මං අහන්නේ :)

      Delete
  21. henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    මම මේ පෝස්ට් එක කියෙව්වා. නමුත් කමෙන්ට් එකක් දාන්න වෙලා තිබ්බේ නෑ. හෙන බිසි වෙලා හිටියනෙ. ඉතින් ළිහිණි කෙල්ලගෙ වැඩේට මොකද වුනේ කියලා දැනගන්න ඊ ලඟ පෝස්ට් එක වෙනකල් ඉන්න ඉපායැ නේ?
    නමුත් ඔයා අර බෝඩිමේ ආන්ටිට කිව්ව කතාව (බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න් එපායැ කියලා) මට මතකයි. :)

    ReplyDelete
    Replies
    1. ඩූඩ්ට හුඟාක් දේවල් මතක තිබිලනේ...මාර ස්මාර්ට් :)

      Delete
  22. Woooooooooooooooooo..බලමු ඉතුරු ටිකත් :) :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ...බලමු ඉතුරු ටිකත්

      Delete
  23. oyaa maara ilakkayak thiyan weda kala manussayek neda akke,nathnam igena gena ivara venakan aadarayak balaporoththu novi inne naa ne
    ayiyooo hoda hariyen navaththalaaa ne :/

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.