ගමේ ඉඳන් අනාගත හීනය දිගේ කොළඹට සේන්දු උන සඳමාලිට දැන්නම් කොළඹ නුහුරු තැනක් නෙමේ.බෝඩිං කාමරයේ ඉඳන් ඇවිදන් යන දුරකින් තිබ්බ කාර්‍යාලයට, ඉවක් බවක් නැතුව එහෙට මෙහෙට යන වාහන අස්සෙන් සඳමාලි ඇවිදන් ගියේ පුරුදු කාරියක් වගේ.කොළඹට ඇවිත් ගෙව්නේ යන්තම් මාස තුනක් හතරක් උනත්, සඳමාලි ඉක්මනින් කොළඹ පරිසරයට හුරු උනා. කාර්‍යාලයට එපිටින් තිබ්බ බෝඩ් කෑල්ල හැමදාම දකින දෙයක් උනත් සඳමාලි ගේ ඇස් මානයට ආව ගමන් ඒ දිහා බලන එක පුරුද්දක් වෙලා. එහෙම බලන ගමන්ම සඳමාලි ඒ වචන ටික හිත යටින් කියවනවා.... “ Rooms Available…”
ඇඹිලිපිටියේ ඉඳන් රත්නපුරය හරහා කොළඹට එද්දී පාර දිගට මේ වගේ බෝඩ් කෑලී කීයක් නම් සඳමාලියේ ඇහැ ගැටුනද ... Rooms Available කියලා නිර්ලෝභීව ආරාධනා කරන්නේ වැඩි හරියක්ම ප්‍රේමවන්තයින්ට වග සඳමාලිට නොතේරුනා නෙමේ.ඒත් ඉතින් " සැබෑ ප්‍රේමවන්තයින්ට ආදරය කරන්න ඕවා ඇතුලට යන්නම ඕනෙද ? " සඳමාලි හිතෙන්ම හිතන ගමන්ම ආයෙමත් අර අකුරු දිගේ ඇස් දිවෙව්වා... Rooms Available…
තව ගෑණු ළමයින් දෙන්නෙකුත් එක්ක බෝඩිං වෙලා උන්න සඳමාලී දඩි බිඩියේ මොනා හරි දෙයක් තම්බාගෙන උදේට ගෙදරින් පිට උනාම ආයේ එන්නෙ බිං කරුවලත් වැටුනට පස්සේ. අතට කීයක් හරි ඉතිරි කරගෙන ගෙදරට යවන එක සඳමාලිගේ එකම උවමනාව උනා.අම්මත් නැති ගෙදර අප්පච්චී අම්මගෙ වැඩ කොටසත් හරියට කරගෙන නංගිවයි මල්ලිවයි බලාගන්න විඳිනා දුක සඳමාලි නොදන්නවා නෙවේ.
උසස් පෙළ ප්‍රථිපල ආව ගමන් පත්තරේ දැක්ක තමන්ට සුදුසුයි කියලා හිතන හැම රස්සවකටම සඳමාලි අයදුම් කලේ බලාපොරොත්තු කන්දක් හිත මැද්දේ තියාගෙන. කීයක් හරි හොයාගෙන අප්පච්චිට හයියක් වෙන්න සඳමාලිට තිබ්බේ පුදුම උවමනාවක්.කොළඹට ආවේ ඒ සේරම බලාපොරොත්තු කර පින්නාගෙන...ලැබුන රස්සාව හොඳින් කරගෙන ඉන්නවා කියන පොරොන්දුව හිතට දීලාමයි. ගතවුන මාස තුන හතරෙ ගෙදර නොගියේ යන්න උවමනාවක් නැති හන්දා නෙමේ. සෙනසුරාදාත් වරුවක් වැඩ කරලා අමතර ගානක් අතට ගන්න ඕනෑකම තිබුණු නිසාමයි. එක දවසින් ගෙහුන් එන්න දුරක්යෑ ඇඹිලිපිටිය කියන්නේ... කීයක් හරි අතට එකතුකරගෙන නංගිලාට ඕනෑ දෙයකුත් මිට මොලෝගෙන ගෙදර යන්න සඳමාලි මඟ බලාගෙන දවස් ගෙව්වා..
සඳමාලි නොදැන උන්නට ඒ වෙද්දී සඳමාලි දිහා බලාගෙන උන්න බොරපාට ඇස් දෙකක් තිබුනා. සීතල වීදුරු කාමරයේ ඉඳන් පෙනෙන නොපෙනෙන දුරින් උන්න අහිංසක පෙනුමක් තිබ්බ සඳමාලි දිහාට මේ ඇස් දෙක හැමවෙලාවෙම කැරකුනා. මහ පෙරේත කමකින් …ඒ සඳමාලිගේ ආයතන ප්‍රධානියා සේනාධීර. ගමෙන් ආපු සුන්දර සඳමාලිගේ අහිංසක කම සේනාධීර දැක්කෙ බයාදු කමක් හැටියට.
මේ කිසි දෙයක් නොදන්න සඳමාලි එක සීරුවට වැඩ. පරිඝණකයේ ගණු දෙනු අතර ඇස් දුවවනවා මිසක් , තමන් ගැන කෑදර කමින් බලාගෙන ඉන්න ඇස් ගැන සඳමාලිට ගානක් නෑ.
" අන්න සඳමාලි මිස්ට ලොක්කා කතා කරනවා..."
සඳමාලිට කැඳවීමක්. ඉස්සර ඉස්සරවෙලාම සේනාධීරගේ කාමරයට යන පළවෙනි දවස හන්දා හිත ඩිංගිත්තක් කලබල උනත්, සඳාමලි හීන් සීරුවේ නැගිටලා සේනාධීර ලඟට ගියේ තමන්ව ගිලින්න බලාගෙන ඉන්න කෑදර ඇස් දෙක ගැන කිසිම දෙයක් නොදැනමයි.
" සර්..." බොහෝම යටහත් පහත්ව සඳමාලි සේනාධීරව ඇමතුවා.
" ආ...සඳමාලි..වාඩිවෙන්න..සඳමාලි මේ කිට්ටුව නේද නතරවෙලා ඉන්නවා කිව්වේ ...? "
" ඔව් සර්.."
" ආ...එහෙමනම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. අපිට අලුතින් ප්‍රොජෙක්ට් එකක් හම්බ වෙලා තියෙනවා සඳමාලි. ඒක හන්දා ඔයාටයි අරුණිටයි ටිකක් රෑ වෙනකල් වැඩ කරන්න වේවී. අපි ඒකට ඔයාලට ඕ. ටී. ගෙවන්න තීරණය කලා. මම අරුණිට මේ ගැන කිව්වා. මොකද කියන්නේ ?...."
සඳමාලි ටිකක් හිතුවා. කීයක් හරි අතට එන එකේ ඔන්න ඔහේ හා කියනවා. අනික ඉතින් අරුණිත් ඉන්නවනේ...
" පුළුවන් සර්.." සඳමාලි හෙමින් උත්තර දුන්නා.
" එහෙනම් අද ඉඳලා වැඩ කරන්න පටන් ගන්න..." එහෙම කියලා මිස්ටර් සේනාධීට ඇස් යටින් සඳමාලි දිහා බලාගෙන උන්නා...
එදා හවස කාර්‍යාලයේ හැමෝම ගියාට පස්සෙත් අරුණියි සඳමාලියි එක දිගටම වැඩ.වෙනසක් නැතුවම පැය කීපයක් ගෙවිලා දෙන්නම එළියට ආවා. අරුණිගේ මහත්තයා අරුණිව එක්ක යන්න ඇවිත් උන්නා. සඳමාලිවත් එයාගේ බෝඩිං කාමරය ලඟට ඇරලවලා ඒ දෙන්නා යන්න ගියා.
ඔය විදියට දවස් දෙක තුනක් ගත උනා . දවසක් හවස අරුණිට සේනාධීරගෙන් කැඳවීමක් ලැබුනා. අරුණි ආවේ විනාඩි හතලිස්පහක් විතර ගත උනාට පස්සේ. සඳමාලි ඒ ගැන අමුතුවෙන් හිතුවේ නෑ. හිතන්න ඕනෑ උනෙත් නෑ.රාජකාරි වැඩ නේ. ඊ ලඟ දවසෙදිත් ඒ විදියටම අරුණිට කැඳවීමක්. එදත් අරුණි ආපහු ආවේ පමා වෙලා. ලොක්කා කතා කලේ ඇයි කියලා අහන්න සඳමාලිවත්, ඒ ගැන කතා කරන්න අරුණිවත් උනන්දු උනේ නෑ.දවස් කීපයක් ඔය විදියට ගත වෙලා ගියා.
එක දවසක් අරුණි වෙනුවට ඒ කැඳවීම ලැබුනේ සඳමාලිට.. සඳමාලිත් වෙනසක් නැතුවම ගියා. ඒ අඳුරු කරපු සීතල වීදුරු කාමරයට....
" සඳමාලි...කොහොමද වැඩ කටයුතු..... ? "
" අවුලක් නෑ සර්. මායි අරුණියි සර් කියපු විදියට ඒක කරගෙන යනවා..."
" සඳමාලි ඉක්මනින් වැඩ අල්ලා ගත්තා කියලා ආරංචියි...එහෙම තමා ඉන්න ඕනේ...හොඳයි හොඳයි..."
කපටි හිනාවකින් මූණ පුරෝගත්තු සේනාධීර එහෙම කිව්වේ හීනියට සඳමාලිගේ පිටට තට්ටුවක් දාන ගමන්...විදුලියක් ඇඟට වැදුන වගේ හැඟීමක් සඳමාලිට දැනුනා. වෙනසක් නොපෙන්වා ඉන්න උත්සාහ කලත්...සඳමාලිගේ හිතට මහා අමුත්තක් දැනුනා.
සඳමාලිට හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. එක පාරටම සඳමාලි ලඟට ලං උන සේනාධීර සඳමාලිගේ පිරුණු රෝස පාට ලොකු දෙතොල් සිප ගත්තා.උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරි උන සඳමාලි කලබලයට පුටුවත් පෙරලාගෙනම නැගිට්ටා. මහා අපුලක් එක්කම දියෙන් ගොඩ දැම්ම මාලුවෙක් වගේ අහිංසක සඳමාලි ගැහෙන්න ගත්තා. බය ලැජ්ජාවත් එක්ක එකතු වෙලා සඳමාලීගෙ පපුව ගැහෙන්න උනා. මහ සද්දෙන්...
" මොකෝ මේ බය වෙලා...අයියෝ...මේ මොකද...."
ඒ සේනාධීර. ඒක අහපු කැත විතරක්. සඳමාලිගේ බය උන ලොකු ඇස් කඳුළු වලින් පිරුනා. එතැනින් පැනලා දුවන්න ඕනෑ උනත්, ලැජ්ජාව හන්දද කොහෙද කකුල් පණ නැති වෙලා වගේ දැනුනා.
" අපෝ අපෝ...අරුණි නම් ඔහොම නෑ. සඳමාලි මොකෝ මේ...හරි හරි ඔයා දැන් යන්න....යන්න සීට් එකට..." සේනාධීර එහෙම කිව්වේ සඳමාලිව තමන් ලඟට ඇද ගන්න ගමන්..
තමන්ගේ මේසය ලඟට කොහොම ආවද කියලා සඳමාලිට නිනව්වක් නෑ. අරුණිට මූණ දෙන්න බැරි අපහසුවක් සඳමාලිට දැනුනා.බිම බලාගෙන කඳුළු හිර කරගෙන උන්නත්, බෝඩිමට ආපු ගමන් නාන කාමරය වැදිලා සඳමාලි හොඳටෝම හඬා වැටුනා. දැනුන අපුල යන්න දහ දොළොස් සැරයක් මූණ සේදුවා.
තමන් හිතුවාට වඩා මේ ලෝකය වෙනස් කියලා සඳමාලිට දැනෙද්දී පමා වැඩී. රස්සාව දාලා ගෙදර යන්න හිතුනත්, දෙයියනේ කියලා පටන් ගත්ත රස්සාව නේද කියලා හිතද්දී මහා ලෝබ කමක් සඳමාලිට දැනුනා.කීයක් හරි ගෙදරට යවලා තමන් විඳපු අහිංසක සතුට මතක් වෙද්දී සඳමාලිගේ දුප්පත් පපුවට උහුලන්න බැරි දුකක් දැනුනා. වෙනතැනක් හොයා ගන්න කල්වත්...ඒත් මේ විදියට කොහොම ඉන්නද...සේනාධීරගේ මූණ කොහොම බලන්නද....අසරණ සඳමාලි...තවත් අසරණ උනා....තීරණයක් ගන්න බැරිව..
ඊ ලඟ දවසේදී සඳමාලි උන්නේ හුඟාක් තෙහෙට්ටුවෙන්. රැය පුරාම නිදිවරා තීරණයක් ගන්න බැරිව ලත උන හන්දද මන්දා සඳමාලිගේ මූණ මැළවිලා තිබුනා. හවස් වෙන්න වෙන්න සඳමාලිගේ හිත ගැහුනා බයෙන්...හරියට මාරයාගේ හෝරාවට ලං වෙනවා වගේ හැඟීමක් සඳමාලිට දැනුනා..
" අද අපි එළියට ගිහින් ඩිනර් එක ගමු. ඔය දෙන්නා හත වෙද්දී ලෑස්ති වෙන්න අරුණි..."
සේනාධීරගේ විධානයෙන් සඳමාලිට සහනයක් දැනුනා. මේ කාමරයේ ඉන්නවාට වඩා එළියට යන එක තමාගේ ආරක්ෂාවට හොඳයි කියන හැඟීම සඳමාලිගේ හිතට දැනුනා..
කලින්දා සිදුන උන කිසිම දෙයක් දන්නෙ නැති ගානට සේනාධීර හැසිරුනා. තුන්දෙනාම සේනාදීරගේ වාහනයේ නැගලා කොළඹ නිදහස් වටපිටාවක තිබුන සුන්දර අවන්හලක කෑම ගත්තා. අරුණිට යන්න හදිස්සිය නිසාම අරුණි යන්න ගියා. සඳමාලිව බෝඩිම ලඟින් දමන්න සේනාධිර පොරොන්දු උන හන්දා සඳමාලි ආයෙමත් සේනාධීරගේ වාහනයට ගොඩ උනා. පාර දිගේ ආපු වාහනය එක පාරටම නැවැත්තුවේ පටු පාරක. එතැන තිබුන බෝඩ් එක සඳමාලි හීනෙන් වගේ දැක්කා....” Rooms Available … “
හීනෙන් වත් නොයන්න උන්න තැනක ,සේනාධීරගේ කිළිටි හැඟීම් බොර දියවරට, සඳමාලිගේ ජීවිතය සන්තකයේ තිබුන අනර්ඝත්වයේ නිල් දියවර ගලා යන්නට උනා. ආත්මයේ සළු පිළි එකින් එක ගැලවී වසන්තය නිමා උනා. සඳමාලිගේ මුළු ජීවිතයම ඉඩෝරයකට අහු වෙලා සියල්ලම කෙටි වෙලාවකින් ඉවර උනා.
දින සති මාස වලින් ගෙවී යද්දී සඳමාලිගේ කුසේ වැඩෙන අවජාතක කළලයට සුජාත අයිතියක් දෙන්න බැරි හන්දා සේනාධීර ඒ කළලය කිසිම හිතක් පපුවක් නැති ගානට … කලියෙන්ම ඉවරයක් කලා.
ඊ ලඟට ගෙවුන සති කීපයකට පස්සේ සඳමාලි ගමේ යන්න ලැහැස්ති උනා. සේනාධීර මිට මොලවාපු දෙදාගේ නෝට්ටු ටිකකුත් ගුලි කරගෙන.. ඒ ගෙදරින් පිටවෙලා ආපු අප්පච්චිගේ සුන්දර ලොකු දෝණි හැටියට නම් නෙමේ.... දරුවෙක් බඩේදීම ඉවරයක් කරපු කාලකන්නි ගැහැණියක් හැටියට. රත්නපුරය හරහා ඇඹිලිපිටියට යන අතරෙදිත් සඳමාලි දැක්කා තැනින් තැන අර බෝඩ් කෑලි......” Rooms Available “
මෙහෙම සිද්ධි අහනකොටත් දුකයි. කතාවක් උනත් ඇත්ත ලෝකයේ පැතිකඩක් පෙන්නලා තියනවා. අර පලවෙනි දවසෙම එයාට තීරණයක් ගන්නයි තිබුණේ. දුප්පත් කම ඒ අයව අසරණ කරනවා. හ්ම්ම්...
ReplyDeleteදුප්පත් කමක් හේතුවක් වෙන්න ඇති. ඒත් සයුරි කෙල්ලක් උනාම තීරණ ගන්න ඕනෙ හරි තැන්වලදී ඒ තීරණ අමාරුවෙන් හරි ගන්න ඕනෙ. නැත්තම් මේ වගේ දුක්බර තැන් වලින් ජීවිතය ඉවර වෙනවා. ස්තුතියි නිකමට ලියූ කතාව කියවන්න ආවට
Deleteදුප්පත් කම මිනිස්සුන්ව තව තව අසරණ කරනවා.. මේත් ඒ වගේ කතාවක්..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteසමහරවෙලාවට එහෙම වෙනවා. ඒත් සඳමාලිගේ හිත තව චුට්ටක් තද උනානම්...රස්සාවට මොනා උනත් ජීවිතය වටිනවා කියලා හිතන්න පුළුවන් උනා නම්...ඒත් ඉතින් ඒවා සරළ වෙන්නෙ නෑනෙ අපි කිව්වට
Deleteස්තුතියි නිකමට ලියූ කතාව කියවන්න ආවට
අසරණ කමටවඩා හරි වෙලාවේදී හරි තීරණය නොගත්ත නිසයි අමාරුවෙ වැටුනෙ.
ReplyDeleteකතාව ලියාපු මටත් හිතෙන්නෙ විමුක්තිට හිතෙන දේමයි...
Deleteහ්ම්ම්...මිනිස්සුන්ගේ ජිවිතේ සල්ලි වලට ගන්නවා කියන්නේ ඕක තමා. අහිංසක ජිවිතයක්...:(
ReplyDeleteහුඟාක් වෙලාවට ඔව්.. සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න පුළුවන්ලුනෙ
Deleteහැමදේ ගැනම නිතර අවධානෙන් ඉන්න ඕන ගැහැණු ළමයෙක් උනාම.එක එක අයට ඕන විදිහට ජිවිත දෙන්න බෑ.මොකක් හරි වෙන්න යනවා වගේ දැනෙනවා නම් අපි දැනගන්න ඕන එතනින් අයින් වෙන්න.ඔහොම දේවල් ලෝකේ අනන්තයි.හොඳයි මෙහෙම ලියන එක.කියවන කෙනෙක්ට දෙයක් දුර දිග හිතන්න.
ReplyDeleteඅන්න හරි. ඔය විදියට තමා කෙල්ලක් උනාම හිතන්න ඕනෙ හිරූ. යමක් උනාම දුක් වෙනවට වඩා වෙන්න කලින් කරන්න ඕනෙ හැම දෙයක්ම කරන්න ඕනෙ. සඳමාලිත් එහෙම කලානම්...ඒත් ඉතින් ඒක කතාවක්නෙ... :)
DeleteMe wage dewal aththatama wenawa... Genu lamai kalpanawen jewath wenawanam me wage godak karadara maga era ganna puluwan...
ReplyDeletepipunu malak para wenna one ekko gehema, nathnam pudasunaka... nathnam adaraneya ath dekaka.... malak kunu kanuwakata watenna narakai...
ගැහැණු ළමයෙක්වට වරදින්න යන්නෙ බොහෝම ටික වෙලාවයි...
Deleteමේ වගේ මිනිස්සු ඉන්නකම් මේ වගේ කතාත් ඇත්තටම අහන්න පුළුවන්.අද මේ වගේ කතා සාමාන්‍ය ගානට වැටිලා ඒත් සඳමාලිට ඕකට කොහොම හරි විරුද්ධ වෙන්න තිබ්බා.ඇත්ත කතා වලදී නම් බොසාට විතරක් වරද පටවන්න බැහැ.
ReplyDeleteමම දන්න එක කොම්පැනියක් තියෙනවා නිශාන් බොහෝම ප්‍රසිද්ධ එකක්. ඒකේ ඉන්න ලොක්කොත්, එතැන වැඩ කරන පොෂ් කියා ගන්න ගෑණු පරාණ ටිකයි අතර මේ වගේ සිදුවීම් සාමාන්‍ය දේවල්. ඇත්තටම.
Deleteදන් නම් කියවන්ඩ වෙන්නේ නෑ.. දැන් ෆලෝ කරලා ගිහින් උදේට කියවන්නම්..
ReplyDeleteජය වේවා !
ගමේ ඉදලා නගරෙට එන ගෑල්ලමයින්ට මේ වගේ ඉරණමක් අත්වෙන එක ගැන නම් සෑහෙන්ඩ දුකයි !
Deleteතව දෙයක් කියන්ඩ ඕනා.
ගම් වල ඉදන් එන ගෑල්ලමයි නගරයේදි කරන්ඩ පුලුවන් හැම විලාසිතාවම කරලා විහින් පොශ් වෙන්ඩ හදනවා. ගමේදි ඇඟ වැහෙන්ඩ දිගට ඇන්ද ගෑල්ලමයි නගරෙදි කොට ඇඳුම් අඳිනවා. මේවයින් බොහෝ වෙලාවට කෙරෙන්නේ අනතුරකට අත වැනීමක් වගෙයි.
ගමෙන් අරගෙන ආපු ගමේ කම ආරක්ෂා කරගෙන රස්සාවට් කරගෙන ජීවත් වෙන්ඩ හැම ගෑල්ලමයෙක්ම හිතා ගන්නව නම් ගොඩක් හොඳයි !
මේ කතාවේ බොස් ගැන නම් කියන්ඩ වචන නෑ.. කාලකන්නියෙක් !!!
බොහෝම සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට සහෝදරයාව :)
Deleteසඳමාලි අහිංසක චරිතයක් උනත්, ඔළුව හරියට පාවිච්චි කලා නම් මේ වගේ වින්නැහියක් වෙන්නේ නෑ කියලයි කතාව ලියාපු මට නම් හිතෙන්නේ. මොකද ගෑණු ළමයෙක් උනාම ඔළුව කියන දේ වැඩිපුර පාවිච්චි කරන්න වෙනවා අනිත් අයට වඩා. සේනාධීර හරියි කියනවා නෙමේ. ඒත් සේනාධීර වගේ කපටින්ගේ උගුල් වලින් බේරෙන්න නම් ඔළුව හොඳින් පාවිච්චි කරන්න ඕනෙ
තමන්ගෙ ස්ථාවරයෙ ඉන්න කෙනෙක්ව අමාරුවෙ දාන්න ලේසි නෑ. අන්තිම හරිය නොදැනිම වුනා වෙන්න බෑ.
ReplyDeleteවල් සේනාධීරය හරියි කියනවා හෙම නෙවෙයි මේ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඔයා හිතන විදියටම තමා මටත් හිතෙන්නෙ සහෝ
Deleteමේ වගේ දේවල් එන්න එන්න සුලබ වෙන කාලයක් මේක.
ReplyDeleteමෝඩ කමද අහිංසක කමද? නැත්නම් මිනිස්සුන්ගේ තියෙන ජරා කමද..?/ :(
අර මම කලිනුත් කිව්වා වගේ ප්‍රමුදි, කෙල්ලෙක් උනාම අනෙක් අයට වඩා ඔළුවෙන් වැඩ කරන්න ඕනෙ කාලයක් මේක. මේක කතාවක් උනත්, මේ වගේ දේවල් අනත්ත සිද්ධ වෙනවා අපේ සමාජයේ..ස්තුතියි මගේ කතාව කියවන්න ආවට
Deleteමම නම් හිතෙන විදිහට මෝඩ කමයි,අහිංසක කමයි,ජරා කමයි ඔක්කොම කලවම්.සමාජය කියන්නේ මොකක්ද කිය එක හොදින් තේරුම් ගන්න ඕනි.
ReplyDeleteඔව්. මේ සමාජයේ ජීවත් වීම ලේසි නෑ. හොඳම දේ තමයි මේ සමාජය මොකද්ද කියලා කාටවත්ම තේරුම් ගන්න බැරි එක. එහෙම තේරුම් ගන්න වැරැද්දක් වෙන්නම ඕනෙනෙ
Deleteසමාජය ගොඩක් කුරිරුයි ......
ReplyDeleteඔව්. අනිවාර්යෙන්ම
ReplyDeleteAluth nawathanak. Hithuwa nawathila balanna. Kiyawanna dewal thiyenawa. Dukai. Eth duka sathutak kiyala hithenne oya jivithey hondata thereum aran innawa kiyala hithena nisa.
ReplyDeleteSndamalila godak innawa. Hama welema nath bari kama, duppath kama issarakaraganna eka danwath nathi karagana one. Hitha dadi karagena jeevath wenna ganu lamayek mahansi ganna one.
Aluth nawathanak. Hithuwa nawathila balanna. Kiyawanna dewal thiyenawa. Dukai. Eth duka sathutak kiyala hithenne oya jivithey hondata thereum aran innawa kiyala hithena nisa.
ReplyDeleteSndamalila godak innawa. Hama welema nath bari kama, duppath kama issarakaraganna eka danwath nathi karagana one. Hitha dadi karagena jeevath wenna ganu lamayek mahansi ganna one.
මිනිස්සුන්ට මොළයක් ලැබිලා තියෙන්නෙ ඒක පාවිච්චි කරන්නයි, නමුත් දුප්පත්කම වගේ දේවල් එක්ක කාළකන්නි මිනිස්සු සෙල්ලම් කරද්දි සමහර වෙලාවට හිතන්න අමතක වෙනවා ඇති. ඒත් ගින්දරත් එක්ක සෙල්ලම් කළා ම පිච්චෙන්නෙ තමන් කියලා තේරුම් ගන්නෝන! ඒත් අනේ මන්දා මොනවා කියන්නද කියලා...
ReplyDeleteලස්සනයි ලිහිනියෝ. මෙහෙම තමා ලියන්න ඕන ගෙඩිය පිටින් අතාරිනවට වඩා හිතෙන දේ වැදගත්.
ReplyDelete