තප්පරයකටත් ඇතිවෙලා නැතිවෙලා යන කාලයක් තියෙනවානෙ. හෙට දවස ගැන කොහෙත්ම බලාපොරොත්තුවක් නැති සංකාබරිත මගේ ජීවිතයත් ඇතිවෙලා නැතිවෙලා යන තප්පරයකට සීමා උනා නම් මොනතරම් හොඳද...
සෑහෙන දවසකට පස්සෙ ඊයේ ගෙදර ගියා.ඉස්සර ගෙදර යද්දි දැනෙන සනීපය දැන් ගෙදර යද්දි නෑ. ඒ ගෙදර මට අයිති නෑ කියන හැඟීමත් එක්කම හරිම ආගන්තුක බවක් දැනෙනවා. ඉස්සර අපි උන්න පොඩි කාමර දෙකයි කුස්සියයි එක්ක තිබ්බ ගේ නෙමේ දැන් එතැන තියෙන්නෙ. අයියගේ ඉතාලි සල්ලි යට කරලා හදපු මහ පත සයිස් ගෙයක්. මාළිගාවක් වගේ තිබ්බ ඒ ගේ ඇතුලේ කොහෙන්ද පාත් වෙච්ච චූටි කුරුමිණියෙක් වගේ ඔහේ වැටිලා ඉන්නවා වගේ හැඟීමක් උන්න පැය කීපයේදීම මට දැනුනා. දෙන දෙයක් කාලා අන්තීමේදී එන්න ආවා. පොඩිකාලෙ නොදුන්න ආදරය දෙන්න වගේ අම්මා මම ආස කෑම ජාති හදලා කන්න දුන්නා .ආපහු එද්දී ලොකු බත් මුලකුත් දුන්නා. ඒ ගෙදර සැපෙන් ඉන්න මට පිණ නෑ. මගේම වැරදි තමා. ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බැරි උනත් , ඒ ගිය නුවණ මොහොතක් මොහොතක් පාසා මාවා පාරවනවා කියලා නම් මට දැනෙනවා.
පොඩි කාලේ මම ගියේ ගමේ ඉස්කෝලෙට. මාව ඉස්කෝලෙට බාර දෙන්න යන්නවත් අම්මට වෙලාවක් තිබ්බේ නෑ. එක දවසක් නිවාඩු ගත්තොත් පඩියෙන් කපනවලු. අපි හතර දෙනාම ජීවත් උනේ ඒ හම්බ උන පඩියෙන් හන්දා රස්සාව අම්මට හුඟාක් වැදගත් උනා. මාව ඉස්කෝලෙට බාර දුන්නේ ගේ ලඟ නැන්දා කෙනෙක්. ගමේ ඉස්කෝලේ හන්දා වැඩියෙන් නීතිරීති තිබ්බෙත් නෑ. කලින් තිබ්බ ඉන්ටවීව් වලට අම්මා මාව එක්ක ගිහින් සියළුම දේවල් ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කියලා තිබ්බ නිසා එතරම්ම කරදරයක් නැතිව මාව ඉස්කෝලෙට බාර දෙන්න පුළුවන් උනා.
නාඳුනනා මූණු අතරේ තිගැස්මක් ඇති උනත්, හිතේ බය යන්න අම්මාගේ සාරි පොට අස්සෙ හැංගෙන්න කෝ අම්මා ? එදා මගේ පුංචි හිතට අම්මා නැති අඩුව තදින්ම දැනුනා.මේ අද වගේම දැනුනා. දරුවෙකුට අම්මාගේ ආදරය , රැකවරණය , සෙනෙහස වගේ තව දෙයක් කොයින්ද..... ඊටත් ගෑණු දරුවෙක් උනාම...
ගෙදර ලඟ ඉඳන් ඉකෝලෙට මහ දුරක් තිබ්බේ නෑ.අම්මා රස්සාවට යන්න කලින් මා වත් ලෑස්ති කරනවා.ඊටත් පස්සෙ අමාරුවෙන් අර බරම බර පොත් බෑග් එකත් උස්සාගෙන වතුර බෝතලයත් එල්ලාගෙන වැට ලඟට වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා. ලඟ පාත ඉන්න ඉස්කෝලේ අක්කා කෙනෙක් එනකල්…අයියට කොහෙද මං ගැන වගක්.මාව නොදැක්ක ගානට කාගෙ හරි බයිසිකල් කට්ටක එල්ලිලා අයියා යනවා. " අනේ මේ මගෙ චූටි නංගියනේ " කියලාවත් හිතන්නෙ නැතුවම. ඒ දවසවල නොදැනිච්ච සහෝදරකම අද වෙනතුරුත් අයියාට දැනුනෙම නෑ.එයා හරිම ආත්මාර්ථකාම සහෝදරයෙක් විතරමයි.
අම්මාට මා ගැන වද වෙන්න ඕනෙ උනේ නෑ. ඉස්කෝලෙ වැඩ මම දක්ෂ කමින් කලා.ඉගෙනුමට දක්ෂ උනා. ගෙදර ඇවිත් ගෙදර වැඩත් පාඩුවේ කලා මිසක් අයියගෙන් උදව්වක්වත් ලැබුනේ නෑ. එයා හැමදාම කොහේ හැරි වැටිලා ඔළුව පලා ගත්තා. නැත්තම් අතක් කඩා ගත්තා.මාව ඉස්කෝලෙට බාර දෙන්නවත් නිවාඩු ගන්න බැරි උන අම්මට , අයියව අරන් වෙද්දු ගානේ දුවන්න උනා. ඒ වගේ වෙලාවට " අම්මා මට වඩා අයියාට ආදරෙයි " කියන සිතුවිල්ල හීන් සැරේ මගෙ හිත අස්සේ වද දුන්නා.
ඇත්තටම ඒ වෙද්දී මට අම්මගේ ආදරය තදින්ම ඕනෑ උනා.අම්මා මට ආදරේ නැතුවා නෙමේ. ඒත් තාත්තත් නැති ගෙදර තාත්තාගේ යුතුකම් කොටස කරන්න ගිය අම්මාට සමහර වෙලාවට අම්මාගේ යුතුකම් අමතක උනා. පහුකාලේක මම ඔය ගැන අම්මාට කිව්වම , අම්ම මට අපූරු උත්තරයක් දුන්නා.
" තව කසාදයක් කරගෙන ඔයාලට බාප්පා කෙනෙක් ගෙන් ටොකු කන්න දුන්නා නම් , ඔයාලා අද මට ඔහොම කතා කරන්නේ නෑ ළිහිණි ..."
ඇත්ත...තාත්තා අපිව දාලා යද්දී අම්මගෙ වයස අවුරුදු 24 යි ලු.තරුණ අම්මා එයාගේ මුළු ජීවිතයම අපි දෙන්නා වෙනුවෙන් කැප කරපු එකත් මොතතරම් වටිනවද ...එයාට වෙන කසාදයක් කර ගත්තා නම් ඔය තරම් දුක් නොවිඳින්න ඉඩ තිබ්බා. ඒ වගේම අම්මා කිව්වා වගේ ඒ බාප්පාගෙන් අපිට කරදර හිරිහැර වෙන්නත් ඉඩ තිබ්බා.
මොනවා උනත් , අම්මා මට නිකම්ම නිකන් " ළිහිණි" කියලා කතා කරනවට මම කෙහෙත්ම කැමති උනේ නෑ.අනිත් අම්මලා දරුවන්ට ආදරේට " දුවේ ..පුතේ " කියලා කතා කරද්දී . අපේ අම්මා මට කතා කලේම " ළිහිණි " කියලා විතරමයි. අම්මට ඒක නොකීවත්..ඒදා එදන් අද වෙනකල්ම... අම්මා මට " දුවේ " කියලා කතා කරනවා අහන්න මගේ හිත ආසාවෙන් මොර දුන්නා. ඒත් ඒ බලාපොරොත්තුව...ආසාව තව වෙනතුරාවට ඉටු උනේම නෑ.
ඔයාගෙ කතාව කොටසින් කොටස කියවද්දි මම ගොළුවෙනවා ලිහිණි අක්කේ...
ReplyDeleteමුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා...
දුක් වෙලා පලක් නෑනෙ බට්ටි. එක එක්කෙනාට උරුම ජීවිතය නෙ. මේ මට උරුම වෙච්චි හැටි. සමහරවෙලාවට හිතද්දී මටම පුදුමයි. ඒ කාලෙ මම මේවා පුංචි කමට කොහොම ඉවසාගෙන උන්නද කියලා
Deleteඅද මේ පැත්තට ගොඩ උන වෙලේ පළවෙනි එක කියෙවුවා.. දැන් දෙකත් බැළුවා.. ලියන්නේ මොනාද කියලා හිතා ගන්න බෑ අක්කේ..
ReplyDeleteඔන්න ඔහේ මොනවා හරි ලියලා යන්න මල්ලි මේ වගේම. ලිව්වේ නැතිවට මේ පැත්තට ආව එකත් වටිනවා
Deleteදුක හිතෙනවා ලිහිණි. ඔයා ලියන විදියෙන් දුක වැඩි වෙනවා. අම්මා මගේ නම කියලා කතා කලොත් මමත් ඒකට ආස නැහැ. හැබැයි මමනම් එහෙම උනොත් කියනවා එහෙම කියන්න එපා කියලා.
ReplyDeleteඒ දවස්වල මගෙ හිත හයිය නෑ අම්මගෙන් ඒ වගේ අහන්න සයුරි. සමහර විට අම්මා වින්ඳ දුක මම දැක්ක නිසා වෙන්නැති. ඒ උනත් මගෙ පොඩි හිත ඉල්ලපු දේවල් අන්න ඒ වගේ. ඒවා දෙන්න මගෙ අම්මට බැරි උනා. අදටත් බැරි උනා
Delete'මොනවා උනත් , අම්මා මට නිකම්ම නිකන් " ළිහිණි" කියලා කතා කරනවට මම කෙහෙත්ම කැමති උනේ නෑ.අනිත් අම්මලා දරුවන්ට ආදරේට " දුවේ ..පුතේ " කියලා කතා කරද්දී . අපේ අම්මා මට කතා කලේම " ළිහිණි " කියලා විතරමයි. අම්මට ඒක නොකීවත්..ඒදා එදන් අද වෙනකල්ම... අම්මා මට " දුවේ " කියලා කතා කරනවා අහන්න මගේ හිත ආසාවෙන් මොර දුන්නා. ඒත් ඒ බලාපොරොත්තුව...ආසාව තව වෙනතුරාවට ඉටු උනේම නෑ.'
ReplyDeleteමේ ටික කියවද්දී.......................................................................................................................................................................................................................................................................................................................................................:(
මගෙ අම්මා මට ආදරේ නැතිව නෙමේ හිරු. ඒත් අම්මට ආදරේ පෙන්න පෙන්න ඉන්නවට වඩා දේවල් අපි වෙනුවෙන් කරන්න තියෙනවා කියලා හිතෙන්න ඇති. දෙමාපියන්ගේ සැබෑ ආදරය විඳින්න හැම දරුවෙක්ම පිං කරලා නෑනේ. මමත් අන්න එයින් එක්කෙනෙක්
Deleteme dukbara athethayaen shakthimath gahaniyak... hondama honda amma kenek goda naganna Nangi..
ReplyDeleteඑහෙම හිතාගෙන හිටපු කාලයකුත් තිබුනා. කාලෙකට කලින්. දැන්නම් අනාගතය සත පහක බලාපොරොත්තුවක් නෑ සහෝ
Deleteමමත් ආහල තියෙනවා සමහර දෙමාපියෝ කතා කරන්නේ දරුවන්ට නම කියල. පොඩි කාලේ මම අම්මට කියල තියෙනවා මටත් පුතා කියන්නේ නැතුව නම කියල කතා කරන්න කියල. එහෙම කියද්දී අම්ම බැනලත් තියෙනවා.
ReplyDeleteඔයාගේ කතාව ගොඩාක් දුක හිතෙනවා. අයියා ගැනනම් කේන්තියක් ඇති වුනේ. ප්‍රශ්න ආව අහන්න ඉදිරියේදී ඒ හැම ප්‍රශ්නයකට උත්තර ලැබෙයි කියල හිතනවා.
දෙමාපියන් ළමයින්ට නම් කියලා කතා කරන්න හොඳම නෑ කියලයි මට නම් හිතෙන්නෙ. දුවේ පුතේ කියලා කතා කරද්දී බැඳීමක් වගේම සෙනෙහසත් ඇතිවෙනවා.
Deleteඅයියා ගැන නම් කතා කරලා වැඩක්ම නෑ. එයා තරම් ආත්මාර්ථකාමි සහෝදරයෙක් මම දැකලම නෑ
ඇත්තමද මේ ?
ReplyDeleteබොරුවක් ගොතලා ලිව්ව කියලා මට ලැබෙන දෙයක් නෑනෙ. ඇත්ත ලියන්නෙ හිතේ බරින් චුට්ටක් නිදහස් වෙන්න. ලිව්වම හිත ඇතුලේ තියෙන දේවල් එළියල එනවනෙ... එතකොට හිත සැහැල්ලු වෙනවලු. ඒ හන්දා ඇත්තම ලියනවා :)
Deleteකොහෙන්දෝ මමත් ළිහිණි ගේ කූඩුව පැත්තෙ ආවා....ජීවිතේ හරි පුදුමයි ළිහිණී.... නමුත් කියන්න වෙන දෙයක් හිතට එන්නෙ නෑ...දිගටම මේ පැත්තෙ එනවා..ඔයාගෙ හිත සැහැල්ලු වෙනකම්
ReplyDeleteදිගමට ලියන්න....
කොහෙන් හරි කමක් නෑ ළිහිණි ගෙ කතාව කියවන්න මේ පැත්තට ආපු සිත්තමී ව ආදරයෙන් පිළිගන්නවා
Deleteමඟ හැරුණ පළවෙනි කෙටසත් කියෙව්වා..
ReplyDelete//'මොනවා උනත් , අම්මා මට නිකම්ම නිකන් " ළිහිණි" කියලා කතා කරනවට මම කෙහෙත්ම කැමති උනේ නෑ.අනිත් අම්මලා දරුවන්ට ආදරේට " දුවේ ..පුතේ " කියලා කතා කරද්දී . අපේ අම්මා මට කතා කලේම " ළිහිණි " කියලා විතරමයි. අම්මට ඒක නොකීවත්..ඒදා එදන් අද වෙනකල්ම... අම්මා මට " දුවේ " කියලා කතා කරනවා අහන්න මගේ හිත ආසාවෙන් මොර දුන්නා. ඒත් ඒ බලාපොරොත්තුව...ආසාව තව වෙනතුරාවට ඉටු උනේම නෑ.' //
ගොඩක් හිතට දැනුන තැනක් අක්කෙ.. :( හැමදාම එනවා මේ දිග කතාවට පුංචියෙන් හරි කමෙන්ටුවකින් දිරියක් වෙන්න..
ස්තුතියි නංගියො
Deleteඑකයි දෙකයි දෙකම හරි අසාවෙන් කියෙව්වා
ReplyDeleteදුක හිතෙනවා ලිහිණි.
දිගටම ලියන්න
ස්තුතියි මේ පැත්තට ඇවිත් මම ලියන තිත්ත ඇත්ත මගේ කතාව කියෙව්වට
ReplyDeleteකියෙව්වා. කමෙන්ට් හැටියට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)