මාව කියවන අය අතර..

24 August 2012

අයෝම පුරුෂයා -bodybuilder



මට මගේ සිරුර ගැන එතරම් පැහැදීමක් නැත.ඉදිරියට නෙරා ඇති තඩි බඩ ගෙඩිය දකිනා කල, මට මා ගැනම සිනා පහළ වේ.

" ඔය කෙහෙල්මල් බඩ ගෙඩිය අඩු කර ගන්න මොනා හරි කරන්නෝ අනේ...."

මගේ ආදරණීය බිරින්ඳෑගෙන් නිරතුරුව නැගෙන චෝදනාවෙන් මගේ කන් අඩි පදන් වී ඇතුවාට සැකයක් නැත.

සෑම මොහොතකම බිමට කඩා හැලෙන්නට වෙර දරන මේ පත ශරීර කූඩුව අතැර, ඒ වෙනුවට අයෝම පුරුෂයෙකුගේ වැනි හැඩි දැඩි මස් පිඬුවලින් නෙරා ආ සෞඛ්‍යය සම්පන්න සිරුරක් ලබා ගන්නට ව්‍යායාම කල යුතුයැයි අවසානයේදී මම තීරණය කලෙමි. මගේ තරබාරු සිරුර ප්‍රදර්ශණය කරමින් නගරයේ වීදි පුරා දිව යෑමට හෝ ඇවිදීමට මට කිසිදු ආශාවක් නැත. එය සැබවින්ම හිපපොටේමසෙකුට ඇඳුම් අන්දවා ඌ නගරයට මුදා හැරියා හා සමාන වනු ඇත. එනිසාවට , නිවසට වී හොර රහසේ කරන ව්‍යායාම වලට යොමු වීමට තීරණය කලෙමි.

අඟල් 33 ක ඉඟක්..සිහින් ඉදිරියට නෙරා ආ පපුවක්...කළු ගල් මෙන් ශක්තිමත් බාහු...මෙන්ම අශ්වයෙකුගේ මෙන් ශක්තිමත් කලවා මට සිහිනයක්ම විය.ඒ සිහිනය සැබෑ කරවීමට නම් බර උසුලන ව්‍යායාම කට්ටලයක් මිළදී ගත යුතුවේ. කිසිදු ලෝබ කමක් නැතිව මගෙ බිරින්ඳෑගෙ වචනයෙන් කියන ඒ " යකඩ ගොඩ " ගෙන ඒමට සෑහෙන මුදලක් වියදම් කලෙමි. ඇණවුම් කල "යකඩ ගොඩ " මගේ ගේ දොරකඩ දමා ඔවුන් යන්නට ගියේය. සෙමින් නමුත් අමාරුවෙන් වුව ඒ සියල්ල පහත මාලයේ කාමරයක් තුලට ඇද ගන්නට මට සවස් වරුවම ගතකලෙමි. ඉන් පසුව ඒ දෙස බැලීමත් මට ප්‍රිය විය. හන්දි පුර දිවෙන වේදනාව මැද ආශාවෙන් එදෙස බලාගෙන මගේ සිහින අයෝම පුරුෂයාව සිහියට නගා ගත්තෙමි.

සෙනසුරාදා හිමිදිරියේම මම පෝෂ්‍යයදායි ආහාරවෙලාක් ගැනීමට සිතා...පෑන් කේක් 10ක්, සොසේජර්ස් සමඟ බිත්තර 5කුත් , කිරි බෝතලයකුත්, පැණි කොමඩු ගෙඩියකුත් ආහාරයට ගත්තෙමි. කුස පිරුනෙන් ඒ සියළු පෝෂක කොටස් විටමින්, ප්‍රෝටීන් හෝ කාබෝහයිඩ්‍රේඩ් වී සිරුර පුර පැතිර යාමට වේලාව උවමනා නිසා පැයක් පමණ ඇල වී ඉන්නට සිතුවෙමි. මා අවදි වූයේ පැය කීපයක් ගතවී දහවල් ආහාරයද සූදානම් වූ පසුවය. එදින මගේ ව්‍යායාම කිරීමට කාලයක් තිබුනේ නැත.

ඊ ලඟ දවසේ සවස් භාගයේදී මම ජීවයෙන් උතුරා යන සෑම අයෝම පුරුෂයෙකුම ප්‍රියතම අංගයක් වන " බෙන්ච් ප්‍රෙස් " කිරීමට පටන් ගත්තෙමි. මා කොපමණ බරක් ඉසිලිය යුතුද ? නොදන්නෙමි. රාත්තල් 340 ක බරක් ඉසිලූ මල්ලව පොර ශූරයෙකු ගැන මම අසා තිබුනෙමි. මමත් එතරම්ම ශක්තිමත් බව සිතා බර උසුලනය එහි ආධාරකය මත තබා සීරුවට රාත්තල් 250 ක බර ඒ මත දැමුවෙමි. අනතුරුව බංකුවේ දිගාවී බර ඔසවනය දෑතින් ඔසවා මගෙ සිහිනයේ වූ " අයෝම පපුව " වර්ධනය කර ගැනීමට සැරසුනෙමි.
ගල් පර්වතයක් ඔසවන්නා සේ නොසෙල්වෙන ගතිය ගැන පුදුම වෙමින් එය ආධරකයෙන් ඉවතට ගත්තෙමි. ඒ සමඟම උසුලාගත නොහැකි බරින් , මරණ බය දැනී ඒ දැවැන්ත " යකඩ ගොඩ " මගේ සිරුර පොඩි කරමින් ඇද වැටීම වලකන්නට සෑම උත්සාහයක්ම ගත්තෙමි. බර එක පැත්තකින් ගලවා දමා අනෙක් පැත්ත බිමට දමන්නට හැකියාව ඇතත්, පොළොවට ඇද වැටෙන යකඩවල හඬින් නගරයේම ඉන්නාවූ සෙනඟ කැදවීමට තරම් ප්‍රබල හඬක් නැගෙනවා නියත බව දන්නා නිසාම හැකිව තිබුනේ නැවත වරක් එම බර උසුලනය ඉහලට ඔසවා ආධාරකය මත තැබීම පමණි. නැවතත් උත්සාහ කලෙමි. හැකිවූයේ යාන්තමට ඉහළට එසවීම පමනකි. එය සැනෙකින් යළිත් පපුව මතට කඩා වැටුනේය. සිරුර තැලී ඇතිවන වේදනාව තදින්ම දැනෙන්නට විය. ඉතිරිව තිබූ එකම විසඳුම සිහියට නගා ගත් මම රාත්තල් 250ක් බරැති යකඩ පොල්ල මගේ සිරුර දිගේ දෙපා දක්වා ගෙනගොස් අඩුම ශබ්දයකින් පොළොවට දැමූවෙමි.
ඉළ ඇට කූඩුව දත් කැක්කුම හැදුන කලෙක මෙන් වේදනා දුන්නේය. මගෙ උකුලෙන් සහ කලවා වලින් ලැබුන පණිවිඩ අනුව ඊ ලඟ දිනය වන විට මේ වේදනාව දෙගුණ තගුණ වන බව මම දැන ගත්තෙමි. හුස්ම ගන්නාවිට සිහින් නළා ශබ්දයක් පිට විය. හුස්ම හෙලන විට වෙව්ලන්නට වීමි.

මිනිත්තු 90 ක වැඩසටහන මෙලෙස ඉක්මනින් නවතා දැමීම ලැජ්ජාවක් සේ සිතූ මම ඉතිරි කාලය මාංශපේශී වර්ධනය පිළිබඳව සඟරා කියවන්නට වීමි. ඒ අතර තුර වරින්වර බර උසුලනයට පා පහරක් දෙන්නටද අමතක නොකලෙමි. එවිට එයින් නැගෙන ශබ්දයෙන් මා බර උසුලනවායි බිරිඳ අනුමාන කරනවාට සැකයක් නැත. අන්තීමේදී මම නාන කාමරයට යන්නට සිතූවෙමි.

" කොහොමද ව්‍යායාම....?හොඳට කෙරුවද...? " මගේ ආදරණිය බිරිඳ විමසයි.

" නියමයි.."  මම අප දෙදෙනාටම හඳුනාගත් නොහැකි " කීං " හඬකින් කීවේමි.

" ඔයා හොඳින් නේද...? "

" ඔව්..ඔව්...." මගේ හඬ පළඟැටියෙකුගේ වැනිය.

" පොඩ්ඩක් මහන්සියි...එච්චරයි..."

හීන් සීරුවේ එතැනින් මාරුවී නාන කාමරයට වැදුනෙමි.දිය නා අහවර වූ පසුව මගෙ හුස්ම ගැනීමේදී ඇතිවන හඬ තව දුරටත් පළුදු වූ සංගීත භාණඩයක් සිහිපත් කලේය.සිරුර කෙතරම් රිදුම් දුන්නද....මගේ දෙපා වර්ධනය කර ගැනීම සඳහා ඊ ලඟ දිනයේදීද ව්‍යායාම කිරීමට මම තීරණයක් කලෙමි.


ආඩම්බරයෙන් හද පුරවාගත් මම දිග හුස්මකින් පෙනහළු පුරවා ගත්තෙමි රාත්තල් 150 ක බරක් ගෙන මගෙ උර හිස මත තබාගෙන නැගී සිටින්නට උත්සාහ කලෙමි.බරත් සමඟම මාව පහලට ගියේය. නමුත් ඉහළටනම් නොඅවේය.අන්තීමේදී නැඟිට ගන්නට නොහැකි කමින් ඉදිරියට නැමුනෙමි. සිරුර පුරා දිව ගිය අධික වේදනවත් සමඟම මගේ දෙපා එකට නැවී කිහිළි තුර හිරවී තිබිණි. මෙලෙස සිටියහොත් වැඩි වෙලා යාමට මත්තෙන් මා මරණාසන්න වනු නොඅනුමානය.මම මහත් වෑයමෙන් පිටුපසට ඇද වැටුනෙමි. බර ඔසවනය මහා හඬක් නගමින් බිම ඇද වැටුන අතර බෙල්ල බර ඔසවනයේ වැදුනේය.

වතුර මලෙන් වැගිරෙන දිය දහරාව යට සිටගෙන මම මගේ ශරීර සුවතාව පරීක්ෂා කලෙමි. බෙල්ල හැරවීමට නොහැකියාවක් දැනෙයි.ඊ ලඟ දිනයේදී එය තව දුරටත් දරුණු වනු ඇත.මගේ පපුව මෙන්ම වැලමිට සන්දි හා මාංශපේශීද එකසේ රිදුම් දුන්නේය. පිටුපස තැලී ඇති සේ දැනේ.මහා වේදනාවකින් මුළු ඇඟම රිදුම් දේ..

" කොහොමද අද ව්‍යායාම....." බිරිඳ අසයි.


" හරිම මහන්සියි.."

" පව් ඔයා...අමාරුද...? ඇයි ඔයා අමාරුවෙන් ඇවිදින්නේ...."

" ඔයාට පිස්සුද...මට ඇති අමාරුවක් නෑ. මේ විදියට ඇවිදින්නේ බර උස්සපු හන්දා...."

මම ලැජ්ජාව වසා ගන්නට පිළිතුරු දුන්නේමි.

" අමාරුනම් ඕක නවත්තන්න.....නැත්තම් ඔයා ලෙඩ වේවී..."

" විකාර කියවන්න එපා....මම මේ හදන්නෙ අයෝම පුරුෂයෙක් වෙන්න කලින් ටිකක් විවේක ගන්න...."

" අයෝම පුරුෂයෙක්....." 

බිරිඳගේ ඇස් නළලට ලඟා වී ඇති වගක් පෙනේ.

" දවස් දෙකකට කලින් ඔයා ඔය යකඩ ගොඩ අරන් ආවේ බර අඩු කර ගන්න කියලා නේද.....දැන් ඔයා අයෝම පුරුෂයෙක් වෙන්නද හදන්නෙ.....? "

බිරිඳ දෙස රවා බැලූ මම දෑස පියාගෙන මගේ අයෝම පුරුෂ සිහිනයේ කිමිදුනෙමි.. 

27 comments:

  1. බකස්..සමහර ගෑනු අයත් ඔය වගේ ඒවා කරනවනේ සිහින් සිරුරක් ලබා ගන්න :))

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියන්න බෑ ප්‍රමුදි මට නම් ඔය අසනීපේ නෑ. උදේට බෝඩිම ලඟ ඉඳන් බස් එක ගන්න ඇවිදින දුරයි හවසට බස් එකෙන් බැහැලා බෝඩිම ලඟට ඇවිදින දුරයි එක්ක අර වැඩිපුර හැදෙන ඔක්කොම ඒවා පිච්චිලා යනවද කොහෙද...මහත් වෙන්නෙත් නෑ කෙට්ටු වෙන්නෙත් නෑ

      Delete
  2. අපේ රට දියුණු කරන්න පුළුවන් එක පැත්තක් තමා පිරිමි අයගෙ බඩවලුයි ගැහැණු අයගෙ මහතයි අඩු කෙරුවා නම්....
    නැත්නම් හැමදාම මොකක් හරි ලෙඩක් නෙ...
    ඇඟ හදා ගන්නවා කියන (ගෑණු පිරිමි දෙපැත්තම ) එක ගැන අපේ රටේ තියෙන්නෙ අමුතුම ආකල්පයක්......
    ගැහැණු කෙනෙක් ටිකක් ස්ලිම් එකට හිටියහම කියයි අයියෝ ඇදිලා පැදිලා ගිහිල්ලනෙ කියලා. කොල්ලෙක් ඇඟ හදාගත්තොත් තව මොකක් හරි කියයි. මමනම් කියන්නෙ ටිකක් මහන්සි වෙලා එක්සර්සයිසස් ටිකක් කරලා ඇඟ ලස්සනට වගේම නිරෝගීව තියා ගන්න අපි කවුරුත් පුරුදු වෙන්න ඕනෙ. වියදම් කරන්න ඕනෙ නෑ. මහත් වැඩිනම් දවසට පැය භාගයක් දුවන්න පුළුවන්. හීනි නම් බාර් එක්සසයිස්, තව ඔය වගේ තියෙන එක්සසයිස් කරන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ශශී, ඒක ජානවල බලපෑමත් වෙන්න පුළුවන්. මොකද අපේ බහුතරයක් උස මදි අය. අනික ලංකාවේ අයගේ පපුවේ ඉඳන් ඉණට තියෙන කොටස දිගින් අඩුයි. ඒ හේතුව නිසාම පිරිමින්ගේ බඩත්, ගෑණුන්ගේ බඩත් එන්න පුළුවන්. ( විශේෂයෙන්ම ගෑණු උදවියගේ බඩේ ටයර් වගේ එන්නේ ඒ නිසා වෙන්න පුළුවන්.) මේකනම් මම නිකම ලියපු දෙයක්. ලියද්දිත් මටම හිනා ගියා..

      මම හවසට ඔෆීස් ඇරිලා එන වෙලාවට එක අන්කල් කෙනෙක් ජොගින් කරනවා දකිනවා. අම්මෝ එහෙමත් බඩ ගෙඩියක්.... :D

      Delete
    2. ලිහිණි හොඳට ශරීරය ගැන හිතන කෙනෙක් වගේ කියලා හිතෙනවා. බෙන්ච් ප්‍රෙස්, ස්කොට් ගැන කතා කරන විදිහෙනුත් ශරීර ව්‍යුහය ගැන විස්තර කරන තරමෙනුත්.... ඒත් අපිට ලැබිල තියෙන ශරීරය පවා ටිකක් මහන්සි උනොත් හොඬ ශේප් එහෙකට හදා ගන්න බැරි වෙන්නෙ නෑ.

      Delete
    3. මේකනෙ ශශී,බොරු කියන්න ඕනෙ නෑනෙ. කාලයක් මාත් ජිම් ගියා. හැබැයි ඇඟ ශේප් කර ගන්න කියලා නම් නෙමේ. මට fatty liver ආවා. ඒක ඇවිත් තියෙන්නෙ ජාන වලින්. ඉතින් කාලයක් එක දිගටම මට ජිම් ගිහින් ව්‍යායාම කරන්න උනා. කෑම පාලනයත්, ව්‍යායාමත් නිසා ඒක පාලනය කරගන්න පුළුවන් උනා. දැන් නම් පුළුවන් හැම වෙලාවෙම ඇවිදිනවා.

      ජිම් ගිය දවස්වල අලී තඩී බඩ ගෙඩි තියෙන අය ඇවිත් බෙන්ච් ප්‍රෙස් ,ස්කොට් ගහන හැටි දැකලා තියෙන නිසා කතාව ලියද්දී ඒ ගැන ලේසියෙන් ලියන්න පුළුවන් උනා :D

      Delete
  3. හි හි.....................:)

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ ගෑණු ළමයා හිනා වෙන්නේ ?? :) :)

      Delete
  4. දාපු කමෙන්ට් එක ආගිය අතක් නැති හන්දා මේ ආයෙ දානවා.

    ඔය හුඟක් පොරවල් වැඩේ අතෑරලා දාන්නෙ එකපාර බුදුවෙන්න හදන නිසා. ඇත්තටම ඕකටත් මනා කැපවීමක්, අධිශ්ඨානයක් අවශ්‍යයි. උදේට නැගිට්ටාම එකසයිස් නොකර ඉන්න නිදහසට කරුණු දාහක් මතක් වෙනවා. කරන්න හේතු තියෙන්නෙ එකයි දෙකයි. ඕක ගෑණු පිරිමි දෙගොල්ලන්ටම එකයි.

    අනික අපේ ගම් වල උදේට ජොග් කරන අයට, ඇවිදින අයට දක්වන ආකල්පයත් හරිම රින එකක්. කින්ඩියට බලන්නෙ.

    බල්ලන්ගෙ ආකල්පයත් හරි නෑ අප්පා!:D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මෙන්න කථාව
      මම කියන්නෙත් මේ ගැනමයි
      ආකල්ප තමා හැම දේටම දියුණු විය යුත්තේ.......
      අපේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ වැරදි ආකල්ප .....

      Delete
    2. @ Dude
      ඒකනෙ අයියේ, මට නම් හිතෙන්නෙ මෙහෙමයි. කේතගේ අපලේ වගේ ඔය තඩි බඩ ගෙඩි එනකම් ඉන්නෙ නැතුව තමන්ගේ ශරීරය ගැනත්. නිරෝගි කම ගැනත් හිතලා හැමදාම ව්‍යායාම කලාම ඉවරයිනේ. අඩුම තරමින් හොඳට ඇඟ වෙහෙසෙන්න ඇවිදින එකවත්....නේද...

      ඔය ආකල්ප නම් ඉතින් කවදාවත් වෙනස් කරන්න පුළුවන් ඒවා නෙවේනෙ

      Delete
  5. ආවාට ගියාට මෙව්ව කරන්න හොඳද මන්දා...........
    මටනම් ඔය යකඩ කන වැඩේ පෙන්නන්න බෑ....

    මම හිතාන හිටියේ මේ බ්ලොග් එක ස්ත්‍රී පරාණයක් ලියන එකක් කියලා

    ReplyDelete
    Replies
    1. ඉතින් බොල මීගොඩයො ළිහිණි ස්ත්‍රී පරානයක් තමයි. උඹ උදේම අනුමත වෙලාවත්ද ඉන්නෙ? :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    2. @Mee Godayaa

      හත් දෙයියනේ ! මම ගැණු පරාණයක් තමා..මේ මම ලියපු කතාවක් විතරයි..හි හි හි

      @ Dude
      අයියේ ළිහිණි කියලා පිරිමි නමුත් තියෙනවද ? :P

      Delete
    3. මගෙ යාලුවෙක්ගෙ බස් එකක් නම් තිබ්බා ලිහිණි කියලා!:D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    4. මම නම් බස් එකක් නෙමේ...හි හි

      Delete
  6. ඔය යකඩ ගොඩ අපේ ගෙවල් පැත්තට එවන්ඩ තිබ්බා නම් මරු.
    මෙහෙත් ඉන්නවා අලි බඩෙක්..
    උට දෙන්ඩ බැරුව යෑ..

    ReplyDelete
    Replies
    1. අලි බඩේ අයිතිකාරයා මධුරංග එහෙම නෙවී නේද ? :D

      Delete
  7. හයියෝ සල්ලි කිවුවලු... ඔය යකඩ ගොඩ ගෙදට්ට අරන් ආව වෙලේ හොද ජිම් එකක් බලලා ගියානම් වැඩේ ටිකක් හරි ගොඩ දාගන්න තිබ්බ හැබැයි..

    ReplyDelete
    Replies
    1. තඩි බඩගෙඩියක් තියෙන අයට ඒක එතින් එකපාර නැති කර ගන්න මැජික් නෑනේ දිනේශ්..නේද...යකඩ ගොඩින් හරි හෙමි හෙමීට ප්‍රයෝජන ගන්න ඕනේ

      Delete
  8. නියම කතාව. මට තනියම හිනා. ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කතාව කියෙව්වට :)

      Delete
  9. මම මේ මේ පැත්තට ඇවිත් එකින් එක කියෝගෙන යන ගමන්..
    ඇත්තමයි කමෙන්ට් කියෝනකං මම හිතුවේ මේක ලිව්වේ කොල්ලෙක් කියලා :)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. හි හි හි ලබන ආත්මයේදී කොල්ලෙක් වෙන්න හිතාගෙන ඉන්න කෙල්ලෙක්...:D

    ReplyDelete
  11. අනේ මන්දා පොස්ට් එකේ කමෙන්ට් ඔක්කොම කියවන්න උනා මේක ලියන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා හොයාගන්න ..

    අදමයි වෙන්න ඕනේ ආවේ . ඔයා ලස්සනට ලියලා තියෙනවා මම තනියම හොදට හිනහා උනා මේක කියවලා
    දිගටම එන්නම් ..

    ජය ...

    ReplyDelete
  12. ලිහිණි අක්කටත් ආවේ නැත්ද ඔය වගේ අදහසක් අයෝමය කෙල්ලක් වෙන්න. හිකිස්.....,.

    ReplyDelete
  13. එල මචන් ගොඩක් ලොකු මහනිසියක් ...
    පස්සෙකියවල කමෙන්ට් එකක් දාන්නම් ...

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.