අඟහරුවාදා දවස කියන්නෙ මහම මහ චාටර්ම දවසක්. හේතුව තමයි සති පතාම පවත්වන weekly meetings අඟහරුවාදා පැවැත්වීම. එක මීටින් එකක් නම් බැරුවයෑ. උදේ නමයේ ඉඳන් හවස හතර පහ වෙනකල් එක දිගට. කම්මැලි කමේ බැරුවා. වැඩිපුරුම ඉතින් " බොරු පොයිය " තමා. ඒත් ඉතින් මක් කොරන්නද...යන්නම වෙනවනෙ..
හැමදාම අඟහරුවාදා උදේට ඇහැරෙන්නෙ " අයියෝ අද නම් ඉතින් චාටර්ම දවසනෙ..." කියලා හිතින් කියාගෙනම. ඒ හන්දද කොහෙද දවස චා....ම තමා...
හැමදාම ඔෆීසියට ගොඩවැදුනම පුරුද්දට වගේ ඉන්ටර්නෙට් එකේ රවුමක් දෙකක් යනවා. Email…bbc ,cnn , gossip…ඊට පස්සෙ බ්ලොග්…අදත් ඉතින් චාටර් දවස උනාට ඕවා හැම එකටම ඔළුව දාලා එන්න ගියා. ඒ අස්සෙ තිබ්බ අපේ ඩූඩ්ගෙ අද නම් මහ චාටර්ම දවසක් අප්පා කියන පෝස්ටුව දැක්කම හිතුනේ " අඩේ අප්පා මට වගේම අඟහරුවාදා ඩූඩ්ටත් චාටර් නෙ කියලා. එහෙම හිතාගෙන පෝස්ටුව කියවන්න ගත්තා. මම දන්නෙත් නැතුව ලැපා දිහා බලාගෙන මෙන්න මම හිනා වෙනවා. ඒකත් මහ සද්දෙන්..ලැජ්ජාවේ බැරුවා. කවුරුවත් දැක්කද කියලා හිතාගෙන වට පිටේ ඇහැ කරකවද්දී මෙන්න මට එහා පැත්තෙ ඉන්න බුවා අන්ද මන්ද වෙලා මා දිහා බලාගෙන ඉන්නවා හරියට " ළිහිණිට උදේම අමු කැවිලද " කියන්නා වගේ. බුවාගේ මූණ දැක්ක ගමන් මට ඊට වඩා හයියෙන් හිනා ගියා. කාට කියන්නද ඉතින් මාව ඔය තරම් හිනැස්සුවේ ඩූඩ්ගෙ පෝස්ටුව කියලා. හැමදාම අඟහරුවාදාට ඩූඩ් ඔය වගේ පෝස්ටුවක් දැම්මනම් චාටර් අඟහරුවාදා නිකම්ම Cool කරගන්න තිබ්බා.
මට තියෙන කැතම කැත පුරුද්දක් තමා හිනා වෙන්න ගත්තොත් සෑහෙන වෙලා යනකල් හිනාව නවත්තගන්න බැරි එක. කිසිම ලෝබ කමක් නැතුව ඇති වෙනකල්ම හිනා වෙනවා.ඔෆීසියෙ මගෙ අවට ඉන්නෙ වැඩිපුරුම කොල්ලො ටිකක් හන්දා උන් කියන එක එක විහිළු කතාවලට මම ඉළ ඇදෙන කම් හිනා වෙනවා. කට්ටිය හිනාව නවත්තලා උනත් මට නම් එක මතක් කරද්දිත් නිකම්ම හිනා යනවා. සැරෙන් සැරේට. ඉස්සර බ්ලොග් කියවන්න විතරක් ආපු කාලේ අර දුමී ලියන දුමීගෙ කට කහන කතා කියවලා මොනතරමක් හිනා වෙලා තියෙනවද...
කොහොම හරි අද ඩූඩ්ගෙ කතාව හන්දා මටත් කතාවක් මතක් උනා. මේක අපේ ඔෆීසියෙ උන දෙයක්. මම රස්සාව කරන්නෙ තොරතුරු තාක්ෂණ අංශයට ආදාල ආයතනයකනෙ. සිංහලෙන්ම කියනවානම් IT කොම්පැනියක. වැඩිපුරම ඉන්නෙ කොල්ලො.. අපේ dev ටීම් එකේ උන්නා අරවින්ද් කියලා කොල්ලෙක්. මනුස්සයා ද්‍රවිඩ. ඉපදිලා තියෙන්නෙ ඉන්දියාවේ. ලංකාවට ඇවිල්ල තියෙන්නෙ ටිකක් ලොකු උනාම. සිංහල කතා කරන්න පුළුවන් උනාට හරි අමුතු සිංහල කතාව. ඒවා අහගෙන ඉඳලා ඉළ ඇදෙන කල් හිනා වෙන්න පුළුවන්. බුවා උන්නේ මට එහා පැත්තේ සීට් එකක නිසා අරවින්ද්ගෙ කතාවලට හිනා වෙලා ඒ හිනාව නවත්ත ගන්න මාර ගේමක් දෙන්නෙ මම.
අපේ සපෝට් ටීම් එකේ උන්නා දමිත් කියලා කොල්ලෙක්. අපිත් එක්කත් ෆිට්. අපරාදෙ කියන්න බෑ දමිත්ටත් තියෙනවා මට තියෙන ලෙඩේම. පොඩි දේටත් මටත් වඩා සද්දෙන් හිනා වෙන්නෙ... දවසක් දමිත් කම්මැලි කමට හයියෙන් ඈනුමක් අරලා. ඒ වෙලාවෙදි කොහොම හරි දමිත්ගේ " හක්ක " පැනලා දමිත්ට තරු පේන්න අරන්. දමිත් වේදනාවෙන් ඇඹරී ඇඹරී අතින් කියනවලු හක්ක පැනලා කියලා. සපෝට් ටීම් එකේ කට්ටියට ඒක තේරිලා නැතුව උන් හිනා වෙනවලු. කොහොම හරි පස්සෙ සිද්ධිය දැනගෙන එක්කෙනෙක්ගෙ උපදෙස් මත මොනවා හරි ජිල් මාට් එකක් කරලා ආයෙම හක්ක හරි විදියට දමාගෙන. (හැබැයි ඒක හරි භයානක වැඩක්. එක පාරක් එහෙම හක්ක පැන්නොත් දිගින් දිගටම එහෙම වෙන්න පුළුවන් )
දැන් ඔය කතාව dev ටීම් එකටත් ආරංචි උනා. මම උන්නෙ බර වැඩක. එකා දෙන්න දමිත්ව බලලා ඇවිත් හක්ක ගැන කතාව.. අරවින්ද්ට වැඩේ කිලික් නෑ. මට කිට්ටු වෙලා අහනවා මෙන්න මෙහෙම
අරවින්ද් - " ළිහිණි දමිත්ට මොන වෙලාද ? "
මම - " දමිත් ගෙ හක්ක පැනලලු..."
අරවින්ද් දන්න හක්ක. මටත් එක අමතක උනානෙ. ඒක කිව්ව විතරයි මෙන්න බුවා දඩි බිඩියේ කාටද කෝල් කරනවා.කෝල් කරලා තියෙන්නෙ දමිත්ට..
අරවින්ද - " හේයි දමිත්, අක්කා කා එක්කද බන් පැනලා ගිහින් තියෙන්නේ ...? "
ඒක ඇහුන ගමන් අපි ඔක්කොටම හිනා. අපිට විතරක්ද දමිත්ටත් හයියෙන් හිනා ගිහින්. කොයිතරම්ද කියනවානම් හිනාව හන්දම දමිත්ගෙ හක්ක ආයෙම පැනලා. කට්ටිය දමිත්ව ලඟම තිබ්බ හොස්පිටල් එකකට අරන් ගිහින්.
අරවින්ද් හිතලා තියෙන්නෙ " හක්ක " කිව්වේ “අක්කට “ කියලා. හක්ක පැන්නා කිව්වම බුවා හිතලා අක්ක පැනලා ගිහින් කියලා ....
පලි.
ඔන්න ඉතින් අඟහරුවාද චාටර් දවස උනාට අද නම් චාටර් උනේ නෑ. ඩූඩ්ගෙ කතාවෙන් පටන් ගත්ත හිනාව අරවින්ද්ව මතක් වෙලා තවත් අළුත් උනා. දවසම Cool තමා
හා හා බලාගෙන ඔය ළමයා ඔච්චර හිනාවෙලා මහත්වෙයි අන්තිමට ....
ReplyDeleteහිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ කියනවා උනාට මම හිනා වෙන හැටියට ලෝකෙ ඉන්න මහතම කෙනා මම වෙන්න ඕනෙ. ඒත් එහෙම වෙන්නෙ නෑනෙ අප්පා :D
Deleteඅගහරුවාදා චාටර් නොවුන නිසා හෙට වෙයි.
ReplyDeleteඑහෙම වෙන්නේ නෑ සැමා. මම කිරිත් එක්ක සමහන් බොනවා :D
Deleteහිනාවෙන එක ඇඟට ගොඩක් හොඳයි
ReplyDeleteපළවෙනි වතාවට දාපු කොමෙන්ටුවට ස්තුතියි. හිනා වෙන එක හොඳයි. ඒත් සහෝ ඔයා මෙහෙම දෙයක් අහලා නැද්ද ? වැඩිපුර හිනා වෙන්නෙ හිතේ දුක මහ ගොඩක් තියෙන අයලු .
Deleteහී හී..මරු මරු :)
ReplyDeleteමරු මරු නෙමේ හිරූ..අරූ මරු :D
Deleteස්තුතියි ළිහිණි ෆීඩ් බැක් එකට. හරිම සතුටුයි චාටර් වෙච්ච දවසක් ගොඩගිය එකට අර කතාව කියවලා.
ReplyDeleteහනේ පව් අර දමිත් බුවා. අර කතාව අහලා ආයෙ හක්කන් පැන්නා කිව්වාමයි මගෙ හිනාව ඩබල් වුනේ! ඒ වැඩේ කරන්න ගිහින් හක්ක පැන්නා කියලා කිව්වට මම හිතන්නෙ හක්ක පැනපු එකෙක් තමයි ඒකෙ වේදනාව දන්නෙ.
ඔය හිනා යන සීන් එක මටත් තියෙනවනෙ. ඔයාට මතකද මිස්ටර් බීන් කතාවක කෝච්චියෙදි එක පොරක් පොතක් කියව කියව තනියෙම හිනාවෙනවා. මටත් අන්න ඒවගෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
දැන් ඔය අරවින්ද් අපේ කොම්පැනියේ නෑ ඩූඩ්. බුවා සිංගප්පූරුවේ කොම්පැනියක. උන්න නම් ෂෝක්. දමිත් දැන් ඉන්නෙත් ඔසීවල.
Deleteඇත්තටම හක්ක පැන්නම හරිම වේදනාවයිලු. අපි හිනා උනාට ඒක දන්නෙ දමී නේ. මගෙ ක්ලාස් එකේ කෙල්ලක් උන්නා ඒකගෙ උරහිස පනිනවා. මොනාද කරලා මෙන්නෙ ආයෙමත් ඒක දා ගන්නවා. ඒකට නම් ගානක්වත් නෑ.
මමත් අනන්ත පාර දිගේත් ඕවා මතක කර කර හිනා වෙලා තියෙනවා ඩූඩ්...හිනා වෙන එක හොඳයිලු. ඔය හැමෝම කියන්නෙ :D
හි හි හි හි........... හුටා හක්ක පැන්නා ......
ReplyDeleteමොකක් කිව්වා අක්කා පැනලා ගිහින් ? කා එක්කද ?හි හි හි හි....
Deleteමරු කථාව අෆ්ෆා.....හිනා ගියා හොඳටම
ReplyDeleteදුමි අය්යගෙ කථා ගැනනම් කථා කරන්න එපා.. කවද හරි බොසා මාව රස්සවෙන් දොට්ට දාන්නෙ කට කහන අය්යගෙ කතන්දර හින්දා
ඒකනෙ කියන්නේ. දුමී අයියා දවසක මගේ රස්සාවටත් වැඩේ දෙනවා. හොන්ද වෙලාවට මම වැඩිපුර ඔෆීසියෙදී දුමීගෙ කතා කියවන්නෙ නෑ. කියෙව්වොත් ඉවරයිනෙ :P
Deleteමට බෝඩිමත් මතක් වෙනා..එකෙත් හක්ක පනින සීන් එකක් තිබ්බා...
ReplyDeleteහක්ක පැන්න ගමන් අහන්න අක්කා පැනලා ගියාද කියලා හි හි හි
Deleteහයියෝ හක්ක...
ReplyDeleteහැම අගහරුවාදම ඔහොමද... හප්පේ... කොහොම ඉවසනවද මන්දා....
අඟහරුවාදා ගැන නම් කතා කරන්න එපා. ඉස්සර මම හැමදාම අඟහරුවදාම නිවාඩු දානවා.පස්සෙ ඒකට වෝනින් කලා. දැන් ඉතින් චාටර් වෙවී මීටින් වල
Deleteහෙහ් හෙහ්...
ReplyDeleteඅගහරුවාදා දවස් වැඩි වැඩියෙන් ලැබේවා!!! :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හප්පොච්චියේ...අඩවි රජ මේ පැත්තට වැඩලා... සාදරයෙන් පිළිගන්නවා..අඟහරුවාදා දවස් වැඩියෙන් ප්‍රාර්ථනා කලේ මාත් එක්ක තරහකටද මන්දා....හෙග් හෙග් හේ
Deleteමේකත් අර වගේමයි. මේ ටිකම ඔයාගෙ බ්ලොග් එකේ හිනා වෙන කතා වැඩී. හිත සතුටින්ද කොහෙද
ReplyDeleteශෙශාන්
අලේ...අඬන්න බැරි හන්දම හිනා වෙන අයත් ඉන්නවනෙ සහෝ...ස්තුතියි මේ පැත්තට ආවට
Deleteපව් අනේ දමිත් ගෙ හක්ක
ReplyDeleteඒක නේන්නම්. අරවින්ද්ගෙ කතාව හන්දා කස්ටිය හිනා උනේ දමිත්ගෙ හක්කත් අමතක වෙලා
Deleteදවසක් අපි දෙමල යාලුවෙකුගේ ගෙදර ගියාම, එයා අම්මව අඳුන්නලා දුන්නේ මෙහෙම..
ReplyDelete"මේක තමයි අපේ අම්මා".. :ඩි
මෙයත් ඒ වගේම තමයි සයුරි. " මේ " කියනවට කියන්නෙ " මේක " කියලා. " ගියා "ට කියන්නෙත් "ආවා " කියලා :D
Deleteඅද නම් හිනාවෙන දවසක්ද කොහේද. ඩූඩ්ගේ කතාව කියෙව්වාට පස්සේ අහබ්බේන් මේ පැත්ත්ට එවුනා... බලනකොට මෙහෙත් හිනා සාගරයක්නේ... මගෙත් හක්ක පනින්න ගියාද මන්දා
ReplyDeleteඅඩේ ඒ තරමටම හිනා වෙලා.
ReplyDeleteමේ පැත්තට ආවට බොහෝම ස්තුතියි. මේ දවස්වල හැම පැත්තෙන්ම හිනා වෙන්න පුළුවන්නෙ. ඒක කොච්චර හොඳද නේද....පරිස්සමෙන් හිනා වෙන්නේ...හක්ක පැන්නොත් විනාසයි..
ReplyDeleteMaath udema oyage kathawa kiyewwa . Wada wadi dawasaka hina wenna udawu karata oyata sthuthi.
ReplyDeletePaw appa damith.
Onna 2i paratath man oyawa balanna awa.
Dinesh malligen thamai oyata ena para labune.
Puluwannam lassana novel ekak liyala danna. Oyata hondata liyanna puluwan.
දිනේශ් මල්ලිගේ පැත්තෙ ඉඳලා මේ පැත්තට ඇවිත් නතර නොවී ආයේම ඇවිත් කියවනවට කුමාරිය හුඟාක් ස්තුතියි.නවල් ලියන්න නම් දන්නෙ නෑ කුමාරි. මගේ ජීවිතේ ගැන ලියාගෙන ආවත්, දැනට ඒකත් නවත්තලා. මොකද මගෙ අම්මගෙ මල්ලිගෙ දුවක් මේ බ්ලොග් එක කියවනවා. ඒයා මා එක්ක සරිම බැඳීමෙන් ඉන්නේ. මම දුකින් ලියනවට එයා කැමති නෑ.
ReplyDeleteEka aththa Lihinni. Wechcha dewal una . Ewa gana mathak karamin kalaya gatha karanakota oyata aluth deyak karanna welawa na.
DeleteHamawelema dukin inna one na. Sathuten inna. Jeevithey hadila thiyenne atalowdaamata anukuulawa. Eka wenas karanna katawath ba.
Sathuten inna.
ඔන්න මම නම් හක්ක පනින්න කලින් කොමෙන්‍ටුව කොටලා ඉවර කලා. හොයා ගත්තේ පමා වෙලා. සොරි වෙන්ඩ ඕන ඒකට. කාර්යබහුල මිනිස්සුනේ අපි.
ReplyDeleteජය...!
පමාවෙලා හරි මේ පැත්තට ඇවිත් හක්ක පන්න නොගත්ත එකට සතුටුයි. ආයේම ඇවිත් යන්න එන්න..
Deleteඔය හක්ක පනින එකත් මහ හක්ක පනින වැඩක්. මගේ කතා ලිස්ට් එකෙත් තියෙනවා ඔය හක්ක පැනලා වෙච්ච වින්නැහියක් දෙකක් කොටලා දාන්න. යතා කාලයේදී කොටා ගත හැකි වේවි....!
ReplyDeleteලිහිණිට තැන්කූ වේවා මගේ බ්ලොග් එක ගැන වචනයක් දෙකක් කුරුටු ගෑවට.....
හප්පොච්චියේ...මෙන්න මම හොයපු කෙනා මගෙ පැත්තට ඇවිත්...සතුටේ බැරුවා. ඉස්සර ඔබ තුමාගෙ කට කහන කතා කියවලා ඔෆීසියෙන් මාව දොට්ට දැම්මෙ නැති ටික විතරයි. බ්ලොග් ලියන්න ගත්තට පස්සේ හෙව්වත් මට බ්ලොග් එක හොයා ගන්න බැරි උනානේ...මොකෝ දැන් වැඩි ලියමනක් නැත්තේ ? අපි වැඩි පුර හිනා වෙන හන්දද ?
Delete