දවසින් දවස ගෙවී යද්දී මට මගේ ජීවිතය මඟ හැරුනේ කොතනින්ද කියලා මටවත් හිතා ගන්න බෑ. " මේ මොකද උනේ ? " කියලා හිතෙන තරමට වේදනාවක් හදවත පතුලෙන්ම දැනෙනවා. ඒ වෙලාවට කෑ ගහලා අඬන්නේ නැතුව දරාගෙන ඉන්නෙ හරිම අමාරුවෙන්... මගේ ජීවිතයේ රිද්මය බිඳිලා ගිහින්. එහෙම රිද්මය බිඳුණු ජීවිතයක් හරිම කාලකන්නියි...හරිම හිස්..
අමාරුවෙන් ජීවත් වෙන එක වදයක් වෙන තරමට අම්මා හෙම්බත් වෙලා උන්නා.ගෙදර හතර දෙනෙක් ජීවත් වෙන්න, දරුවො දෙන්නෙකුට උගන්වන්න.. මේ හැමදේකටම අම්මා හොයාපු තුට්ටු දෙක සෑහුනේ නෑ. ඒ වෙද්දී මමත් හතර වසරේ. කවුදෝ අම්මගෙ ඔළුවට විසක් දාලා තිබුනා.රට යන විස... සල්ලි ටිකක් හොයා ගන්න නම් රට ගිහින් කීයක් හරි හොයා ගන්නවා මිසක් මෙහෙ ඉඳලා මේ කරන දෙයින් පලක් නෑ කියන දේ කවුරු හරි අම්මගේ ඔළුවට දාලා තිබුනා. ගෙට එහා පැත්තෙ උන්න නැන්දා කෙනෙකුට අම්මා එහෙම කියනවා මම අහගෙන .රට ඉන්න කවුදෝ අම්මට උදව් කරන්න කැමතියිලු...මාව ලොකු අම්මලාගෙ ගෙදර නවත්තන්න පුළුවන්ලු...
ඔය ටික ඇහුනා විතරයි මට දැනුනේ මාව ගිණි ගන්නවා වගේ. ආදරේ දුන්නත් නැතත්.. " දුවේ " කියලා කතා කෙරුවත් නැතත්… මගෙ අම්මා මා ලඟ ඉන්නවා තරම් දෙයක් මට තව කොහෙන්ද .... දැන් අම්මා මගේ ලඟ. අඩුම තරමින් රෑට අම්මගෙ උණුහුමට වැදිලා නිදිය ගන්න පුළුවන්. මම හොඳටම ඇඬුවා. රෑ මැදියමේ අම්මට තුරුළු වෙලා මම හොඳටම ඇඬුවා. මට අම්මා ලඟින් නැතුව බෑ. මට ඒ සුවඳ නැතුව බෑ...ලඟට කරගෙන බත් ටික නොකැව්වත්, ඉස්කෝලෙ ඇරිලා එද්දී කන්න බෙදලා වහලා තියෙන අම්මගේ බත් කට මොනතරමක් රසද... මගේම ලොකු අම්මා උනත්, ලොකු අම්මා මට අම්මා වගේ කොහෙන්ද...
ඔය ප්‍රශ්ණ ඔක්කොම හිත ඇතුලේ දඟලද්දී.." අම්මේ අපිව දාලා යන්න එපා "කියලා කෑ ගහගා ඇඬුවා. ඒත් ඒ එක දෙයකින්වත් අම්මගෙ තීරණය වෙනස් කරන්නවත් බලපෑමක් කරන්නවත් මට බැරි උනා. වයස අවුරුදු නවයක කෙලිත්තක් උන මට අම්මගෙ තීරණයට එරෙහි වෙන්න තරම් පුළුවන්කාර කමක් තිබ්බෙත් නෑ.මගෙ හිත දවසින් දවස සාංකාවෙන් පිරුණා...ඒ අතරේ අම්මා සයිප්‍රස් රටට යන්න අවශ්‍ය සියළු දේ ටිකින් ටික ලැහැස්ති කර ගත්තා. ඒ අර අම්මට උදව් කරන්න පොරොන්දු වෙලා උන්න කෙනෙක්ගෙ මාර්ගයෙන්..
මම ශිෂ්‍යත්වය විභාගයට ලෑස්ති වෙමින් උන්න කාලයේදී අම්මට රට යන්න ලැබුනා. ඒ සයිප්‍රස් රටේ ගෘහසේවිකාවක් විදියට. මගෙ තිබුන ඇඳුම් ටිකත් පොත් ටිකත් ගුලි කරගෙන මට අම්මගේ සහෝදරියක් උන ලොකු අම්මා ලඟට යන්න උනා. අපේ ගේ ලඟ ඉඳන් එතරම්ම දුරක් නැති උනත්, ලොකු අම්මලාගෙ ගෙදර යන්න මගෙ හිත " හා" කිව්වෙම නෑ. අයියා සීයා එක්ක අපේ ගෙදර නැවතුනා
අම්මව කටුනායක එයාපෝට් එකට අරගෙන යද්දී අම්මගේ සාරි පොට මගෙ උකුල උඩ තියාගෙන මම ඉකි ගගහා ඇඬුවා. මගේ දුක නොතේරෙන්න තරම් අම්මගෙ හිත ගලක් නෙමේ. ඒත් අම්මා මගෙ ඔළුව අත ගගා මාව සැනසුවා. මට අම්මගෙ සුවඳ තදින්ම දැනුනා. ආයෙම ඒ සුවද දැනෙන්න ඉඩක් නෑ කියලා දැනෙද්දී මගෙ පපුව පැලෙන්න එනවා වගෙ හැඟීමක් මට දැනුනා. අයියවයි මාවයි අපේ මාමා කෙනෙක් අම්මා එක්කම එයාපෝට් එකේ ඇතුලට අරගෙන ගියා. ලියකියවිලි ටික පුරෝලා ඉවර වෙලා අම්මා මාවයි අයියවයි ලඟට අරගෙන අවවාද ගොඩාරියක් දීලා අපි දෙන්නවම බදාගෙන සිප ගත්තා. අයියා හෙලවෙන්නෙවත් නැතුව බලාගෙන ඉන්නකොට " අනේ අම්මේ මාව දලා යන්න එපා ..." කියලා මම කෑ ගගහා ඇඬුවා. ඒ වෙලාවෙදි අම්මාටත් හොඳටම ඇඬුනා. අම්මා නොපෙනී යනකම්ම මම බලාගෙන උන්නේ හිත පිච්චිලා යද්දී...
ආපහු එන අතර මගදී මගේ හිත හරිම කලබල උනා. අනේ මම මගේ අම්මව ආයේ කවදා දකින්නද....අම්මගෙ සුවඳ ආයේ කවදා විඳින්නද ? රෑ ලොකු අම්මලාගෙ ගෙදර නිදා ගනිද්දී , අම්මා ඇඳපු ඇඳුමක් තුරුළු කරගෙන , කරුවලේම මම හොරෙන්ම ඇඬුවා.
ඒ විදියට එදා මගේ අම්මා පුංචි ළිහිණිව දාලා වෙන රටකට ගියා..
Ane paw Punchi Lihini... me wage duka vindina aya ananthai neda? me dewal dara ganimenma api jevath wenna igena gannawa...........
ReplyDeleteපුංචි ළිහිණි ඒ කාලේ ඕවා කොහොම දරාගෙන උන්නද මන්දා. ඒත් ඉතින් උන්නනේ. ඇත්තටම එහෙම වෙන්නැති අපි ජීවත් වෙන්න ඉගෙන ගන්නේ
Deletehmm godak ammalata oya de karanna wenawa thamaa. eth lamai paw
ReplyDeleteඅපේ පැත්තේ දැනුත් එහෙමයි සයුරි. අම්මලා ඉතාලි යනවා දරුවො දාලා. ඒත් ඒ කාලේ මට දැනිච්ච දුක ඒ අය නෑ කියලයි මට හිතෙන්නේ. මොකද ඒ මේ කාලේ හැටි වෙන්නැති. අම්මා ඉතාලියේ කිව්වම ළමයින්ට දුකක් නෑ සතුට විතරයි
Delete..............කියන්නට දෙයක්????
ReplyDeleteමුකුත් කියන්න එපා...:)
Deleteහ්ම්ම්ම්... හිතේ තිබුන දුක තවත් වැඩි උනා..
ReplyDeleteහ්ම්ම්ම්! මටත් මේක ලියද්දී එහෙම දැනුනා
Deleteඕක නම් හරිම අමිහිරි අත්දැකීමක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඇත්තටම හරිම අමිහිරියි. වෙලාවකට මට හිතෙනවා සතුටු වෙන්න පුළුවන් ළමා කාලය කාලයක් මටත් තිබුනා නම් කියලා
ReplyDeleteඅම්මගෙ උණුහුමට ගුලි වෙලා නිදාගන්න පුංචි හිත කොයිතරම් ආසාවෙන්න ඇතිද.. :(
ReplyDeleteගොඩක් දුක හිතුණා අක්කේ.. මේ අකුරු කිරීම තවත් බොහෝ දෙනෙක්ට ආදර්ශයක් වේවි..
බලාගෙන ඉන්නවා ඉතිරි කොටස කියවන්න..
දරුවන්ව දෙමාපියන් මෙහෙම තනි කරන්න හොඳ නෑ නන්ඳූ. ළපටි හිත්වලට දැනෙන දුක කියා ගන්න බැරුව ඒ අය මානසීකව ඇදවැටෙනවා. ඒක දෙමා පියන්න්ට තේරෙන්නෙ නෑ. ඒත් ඒ වෙදනාව එක්කම දරුවන්ගේ මුළු අනාගතයම වෙනස් වෙන්න පුළුවන්. මේ මගෙ වගේම... මම නම් හැම අම්මෙක්ගෙන්ම ඉල්ලන්නේ දරුවන්ව තනි කරන්න එපා කියලයි
Deleteජීවිතය කියන්නේ ඕකටනේ සහෝදරි.වෙන්වීම හිමිවීම ඇතුළු සෑම දෙයක්ම උරුමයි
ReplyDeleteජීවිතය කියන්නෙ මේ හැම දෙයකටම උනත්, දරුවන්ට දෙමාපියන් එක්ක ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕනෑ. කොයිතරමක් දුප්පත් උනත්, දෙමාපියන් දරුවන්ව කුඩා කාලේදීම තනි කලොත්, දරුවන්ගේ ජීවිතයට ඒක හුඟාක් බලපානවා. මම මේවා කියන්නෙ මගේම අත්දැකීම් එක්ක
Deleteසැපට ජිවත් වෙන පිරිසක් මැද කොච්චර හිතින් දුක් විඳින මිනිස්සු ඉන්නවද?
ReplyDeleteඅනිවාර්යෙන්ම. ලස්සන බාල කාලයක් තිබ්බෙ නැත්තම් , ඒක තවත් වැඩිවෙනවා
Delete:(((
ReplyDeleteවේදනා කාලයක මතක ගොන්නක් සුරංගනාවි
Deleteමට තියෙන් ජීවිත කථෘවත් මීට දෙවන් නෑ ඒකෙන් බොහෝම පොඩි කොටසක් මමත් ලිව්ව !! හැබැයි අම්ම රට ගියෙත් නෑ , ඒ ආදරේ අඩුයි කියල හිතිලත් නෑ .හැමෝටම තියෙනවා , තමන්ටම කියල දුක හිතෙන කථෘවක් . ( හැම අයියෙක්ම එහෙම නෑ හොදද )
ReplyDeleteඔව්. දිනෙල්ක හරි. හැමෝටම තියෙනවා දුකයි කියලා කතාවක්. මමත් මේ දුක කතාව හදවතේ මැද්දෙන් තියාගෙන හැමදාම හිතෙන් දුක වින්ඳා. එදා ඉඳලා අද වෙනකල්ම මම බොහෝම නිහඬ චරිතයක්. ඒ නිසාම ඒ දුක්බර කාලය කා එක්කවත් බෙදාගන්න මට ඕනෙ උනේ නෑ. ඒත් දරුවෙක්ව දෙමාපියන්ගේ හරි ආදරය මැද්දෙ ඇති දැඩි නොකොලොත්, ඒක ඒ දරුවාගේ මුළු අනාගතයම වෙනස් කරනවා කියන එක මම දන්නවා. ඇත්දැකීමෙන්. ඒ නිසයි මම මේ මගේ කතාව ලියන්න ගත්තේ...
Deleteඔව්. හැම අයියා කෙනෙක්ම එහෙම නෑ. මම එහෙම කියන්නෙත් නෑ. ඒත් මගේ අයියා එහෙමයි. ඉදිරියේදී ඔයත් ඒක එහෙමයි කියලා පිළිගනීවි
අමතක උනා ! අදමයි මේ පැත්තේ ආවේ .දිගටම එනන් හිතුනා !!
ReplyDeleteආ...මටත් අමතක උනා. ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..හැමදාම එන්න :)
Delete