උදේම කියවාපු බින්දි අක්කගෙ කෝපි
කතාවෙන් පස්සේ.. මටත් හිතුනා කෝපි කෝප්පයක් තොල ගාන්න... කෝපි කෝප්පයක් තොල ගාන
ගමන් ඕප දූපයක්වත් කියවන්න කෙනෙක් ඉන්න එකක්යෑ...හීටරය ගහලා වතුර එකක් රත් කරගෙන
අඩු සීනි නෙස්කැෆේ එකක් හදා ගත්තා.. වෙලාව උදේ නමයට
විතර ඇති.කෝපි කෝප්පය අතින් අල්ලගෙන හීන් සීරුවේ බැල්කනියට ආවා...අර හීනියට ඇඟේ
වදින නත්තල් සීත...මාව වටකරගෙන.....තාමත් රෑ පුරා ඇඳගෙන උන්න රෑ ඇඳුම පිටින් … මතක් උනේ " හුචක්කුවේ " කතාව කියාපු මහාචාර්ය සරත් විජේසූරියව.. සරත් මහත්තයා කියන
කතාව ඇත්ත. ඒ ඉතින් ඔය පිරිසිදු කම ගැන විතරයි. හුචක්කුව
ගැන එයා දන්න කෙහෙල්මළ...හි හී
ගෑණු අපිට දෙයියනේ කියලා තියෙන හැමදේම
චුට්ටක් හරි නිදහසේ තියන්න අඳින්න පුළුවන් එකම ඇඳුම ඔය හුචක්කුව විතරයි..එයා ඒකටත්
ආඩපාලි කියෝනවා... දන්න තරම තමා.. හි හි හී…
එයාලට නම් මොකද නිකම්ම නිකම් සරම් කොටයක්
… එහෙමත් නැත්තම් කලිසම් කොටයක් විතරක්ම ඇඳගෙන ගෙදර ඉන්න දවසට හරි නිදහසේ
තියන්න ඕනෙ ඔක්කෝම ටික නිදහසේ තියන්න කාගෙන්වත් තහනමක් නෑ... අපිට
ඉතින් එහෙම වාසනාවක්වත් කොහෙන්ද.. හුචක්කුවේ පිහිට මිසක්…ඒකත්
පැය ගාණකට..රෑ ගෙවෙනකල් විතරමයි..
දන්නවා...සමහර කාන්තාවන් හුචක්කු
පිටින් ගෙදර වැඩ රාජකාරියත් කරනවා කියලා. බොරු මොකටද..මාත් උදේට උයන්න ගන්නෙ
හුචක්කුවේ ඉඳන් තමා. ඔෆීසියෙන් දෙන මෙලෝ රහක් නැති තෙල් පිරිච්ච බත් එක බැන කාලා
ඇඟට ලෙඩ අර ගන්නෙ මොකටද..කම්මැලි කම පැත්තකින් තියලා උදේට බතක් මාළුවක්
තම්බගන්නවා.. ගෙදර හදා ගන්න බත එක මාළුවක් එක්ක හරි රහට කන්න පුළුවන්...අගේ කර
කර..
මහ රෑ ජාමෙත් බ්ලොග් අස්සෙ රිංග රිංග
ඉඳලා ඇඳට යන්නෙ එළිවෙන ජාමේ.. යාන්තමට ඇස් දෙක පියා ගත්ත ගමන් කණ පැලෙන්න වදින
එලාම් එකේ සද්දෙට ඇහැරෙන්නෙ බොහෝම අමාරුවෙන්.. සමහර දාට තව විනාඩි පහක් ඇස් දෙක
පියා ගන්නවා කියලා හිතලා ඇඳේ උන්නම දන්නෙම නැතුව නින්ද යනවා...ඒ වෙලාවට අනේ
ඉතින්... නින්දට අම්මා මුත්තා ගැන කියලා දීලා කුස්සියට දුවන්නෙ මෙලෝ සිහියක්
නැතුව..රෑ පුරාම නිදහසේ..සැහැල්ලුවෙන් බැහැගෙන උන්න හුචක්කුවෙන් මිදෙන්නවත් කෝ
වෙලාවක්.. ඒ චූටි වෙලාවත් වටිනවා මහ මෙරක් තරමට... හුචක්කුවට බනින අය ඕවා
දන්නවද...එයාලට නම් මොකද...සිරියහනේ සැතපිලා නාරි ලතා මල් පූදිනවා බලන් ඉන්න
විතරනෙ තියෙන්නෙ...හි හි හී..
අතට පයට වැඩකාරයෝ තියාගෙන ඉන්න අයට නම්
හුචක්කුවේ ප්‍රශ්ණයක් නෑ..සරත් මහත්තයාගේ නෝනා ටත් එහෙම ප්‍රශ්ණයක් නැතුව ඇති..…සරත් මහත්තයා කියනවා වගේ හුචක්කුවේ ඉඳන් හොල්ල හොල්ල වැඩ කරන්න ඕනෙ නෑනෙ..වෙලාවට
ඇඳෙන් බැහැලා..නිවාඩු පාඩුවේ ඇඟපත හෝදගෙන චූන් එකේ ෂෝක් ඇඳුමකුත් දාගෙන ඉන්න
තියෙන්නෙ... ( කවුරු කවුරුත් අගේට ඉස්සිලා තියෙන තියෙද්දී රහ වැටිලා අගේ කරන එව්වා...කාලයක් යද්දී කලයාගේ ඇවෑමෙන් එල්ලෙන්න ගන්නවා කියලත් මතක තියා ගත්තොත් හොඳා..එතකොට ඉතින් හෙල්ලෙන්නත් ගන්නවා...සරත් මහත්තයාට වගේ අමතක වෙයි නැත්තම් )
ගමේ ඉන්න සමහර අම්මලාට උදේට තියෙන වැඩ
රාජකාරි වෙන කිසිම වෙලාවක නැතුව ඇති. ළමයින් තුන් හතර දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්ට නම්
විසුමක් නෑ. උදේට කන්න තම්බන්න....ළමයි තුන් හතර දෙනෙක් උදේට ආම්බන් කරන..ඒ අයට
වෙනම වෙනම බත් මුල බඳින්න..ඇඳුම් පැළඳුම් හරි ගස්සන්න..." අම්මෙ අරක
කෝ..අම්මේ මේක කෝ ..කියද්දි ඒවා හොයලා දෙන්න...අනේ ඉතින් ගෙදර ඉන්න කෙනාගෙන ඒවට
සහයක් තිබුනොත් හොඳා...නැත්තම්..අර අම්මා එපායෑ තනියම ඔය ඔක්කොම සුමේට කර ගහන්න..ඒ වෙලාවට ඉතින්
හුචක්කු වලින් ගැලවෙන්නවත් වෙලාවක් තියෙයිද...
ළමයින් ඉස්කෝලෙට ගියා කියලා නිදහසක්
තියෙයිද...ඊ ලඟට ගෙදර කෙනාගෙ වැඩ..
" ඒයි..කෝ
මගේ ලන්කට් එක ?
" ඒයි
කෝ මගේ මේස් ?
" ඇයි
යෝදියේ තාම ෂර්ට් එකවත් මැද්දෙ නැද්ද ?
ඔන්න බලාපල්ලකො...ඇයි ඉතින් උදේ පාන්දර
ඉඳන් නිකන් ඉඳලනේ...අර දරුවොත් එක්ක ඔට්ටු උන ඒවා..ගිණි කාගෙන තම්බපු ඒවා..ඒවා
කරලා තියෙන්නෙ පොලීසියෙන් වෙන්නැති... ඔය ඔක්කොම අතට
පයට දීලා බත් ගෙඩියත් බැඳලා දීලා එයත් ගෙදරින් ගියාට පස්සෙවත් නිදහසක් තියෙයිද ? ඇයි
එතකොට ගෙදර ඉතුරු වැඩ ...වළං පිඟන් හෝදන ඒවා...ගෙවල් මිදුල් අතුගාන ඒවා...ඉන්න
සනුහරේගෙම රෙදි පිළි හෝදන ඒවා...අනේ ඉතින්..එහෙම ගෑණු කෙනෙකුට අර හුචක්කුවේන්
මිදෙන්න වෙන්නෙ කීයටද ? කලින් කිව්වා වගේ ඔය ඔක්කොම
හුචක්කුවෙන් මිදිලා ඇවිත් කරන්න පුළුවන් තමා..ඒත් ඉතින් වෙලාව.. අත් දෙකකින් කරන්න
ඕනෙ හැමදේම පැය දෙක තුනක් ඇතුලත කරන්න තියෙන වෙලාවෙන් විනාඩියක්වත් අහක් කරන්නත්
වෙලාවක් නැතුව ඇති..හි හි හී කරුමෙ කරුමේ...බැන්ඳම තියෙන කරුමේ...
හැබැයි ඉතින් තවත් සමහර පිරිමි ඉන්නවා
අඩුම තරමින් ලූණු ගෙඩියක් වත් සුද්ධ කරලා දෙන අය. මගෙ යාළුවෙක් ඉන්නවා යාළුවා තමයි
එයාගෙ ඇඳුම් සෝදගන්නෙ..ගෙදර ඉන්න දවසට අපරාදෙ කියන්න බෑ ගෙදර වැඩ හුඟක් කරලා දෙනවලු...හැබැයි
ඉතින් එකම වැඩේ දෙපාරක් කරන්න වෙන වෙලාවලුත් තියෙනවා කියන්නෙ යාළුවගෙ වයිෆ්..වැඩේ
අනාගන්නවලු..ඒ වෙලාවට ඉතින් දත් මිටි කාගෙන ඉවසනවලු....එහෙමවත් වැඩක් කරනවනෙ කියලා...හි
හි හී ...අපි නම් දන්නෙ නෑ ඕවා.. පිරිමින්ගෙ වැඩ
කොහොමත් පිළිවෙලක් නෑනේ..අනාගන්න එක අහන්නත් දෙයක්ද...
මොන තරම් වැඩ රාජකාරි
තිබුනත් ගෑණු උදවියත් දැන ගන්න ඕනනෙ අඳින ඕනෙ හුචක්කුවක් පිරිසිදුවට අඳින්න..තියෙන
එකම එක හරි හැමදාම හෝදලා අඳින්න පුළුවන්නම් එච්චරයි...ආයෙ ඕකෙ මහ අමාරුවක්ද..
කම්මැලිකම් කරන්න ගියොත් නම් කුණුදැලි ගෑවුන හුචක්කු ඇඳගෙන ඉඳලා ඉන්න මනුස්සයාටත්
එපා වේවී..නැද්ද මං අහන්නේ….
සරත් මහත්තයා හුචක්කුවට බැන්නට හුචක්කුවකට
බැස්සම ඇඟට ..හිතට … වගේම
අනිත් ඒවටත් දැනෙන සනීපය දන්නෙ ගෑණු
කෙනෙක්ම තමා..තියෙන හැමදේම දවස පුරාම තදට තදේ හිර කරගෙන ඉඳලා...අනේ ඉතින් උන් ටික
ලිහා දාපුවම තියෙන සනීපය ගැන අමුතුවෙන් කතා ඕනෙද...හි හී… ඒක
දැන ගන්න හුචක්කුවටකට බහින්නම ඕනා..
ඔන්න දැක්කද අන්තීමට උන දේ...කෝපි
කෝප්පයක් තොල ගහා ඕපාදූපයක් කියවන්න කෙනෙක් නැති උනාට..මෙච්චර හරියක් හිතන්න හරි
පුළුවන් උනානෙ...ෂෝක් කෝපි කෝප්පෙ...ආසාවෙන් බිව්ව උනාට අනේ ඉතින්...එක එක්කෙනාගෙ
ආඩම්බර බලන්න නම් බෑ ඔන්න...හි හි හී
අනේ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා..සරත්
මහත්තයාගෙ හුචක්කුවේ කතාව..ඒ කතාව අහලා නැති අය ඉන්නවනම් ඒකත් අහලම බලන්නකෝ.. :)
මම එක(ඟ)ය
ReplyDeleteබොරුවක් නෙමේනෙ..ඒක නිසා වෙන්න ඇති... :)
Deletedewiyane man 1
ReplyDeletehuuu
Delete@සමී
Deleteමොකෝ මේ...නරි සංගීතේ...හි හි :)
hayyo meya aprvl daala...oya hitha paaruwa ane mage...:(
ReplyDeleteඔයාගෙ හිත පව් මෙයා... පිස්සා :)
Deleteහ්ම්ම්ම්ම් කෙලින් කතාවක්..ඔයා aprvl දාපු
ReplyDeleteඑක හොඳා අලේ ..
සරත් ලොක්කගේ කතාව ගැන නම් කියන්න තියෙන්නේ
කැම්පස් හිපාටුවන්ට ආතල් දීමට කියපු ගොන් කතාවක්
බවය..අනිත් දේවල් ගැන ඉතින් මන් කතා කරන එක
හරි නෑ සදාචාරය නිසා..ඔයා ඔක්කොම කියල තියෙනවා...
ඈ යකෝ..........
Deleteකවදා ඉදන්ද කැම්පස් එකේ හිපාටුවෝ ඉන්නේ කියලා කියහංකෝ .......... තොට යන්න බැරිවුනාට , යන උන්ට පාන්ද උඹේ ළමයිනුත් යන දවසක් එයිනේ එතකොට තේරෙයි ........වහුපැටියා
ඒ වචනේ ඔබ තුමාට ලියවුනේ නිකම්ම හිතට ආව නිසා නම් ... මම ඔය උඩින් අහපු දේ අමතක කරමුකෝ ...ඒත් ඉතින් හිතට එන පලියට කියවන්න ගියොත් නං ඉතින් බොහෝම අමාරුයි ජීවත් වෙන්න
මෙන්න හිපාටුවෙක් .. මන් කිව්වේ ..ඇති දේකුත් නෑ උඩ පනිනවා..හනේ බෝල නරියෝ අපි කෑ
Deleteගහන්නේ නැහැ M.Eng කරලා ආවත් ..
//ඒත් ඉතින් හිතට එන පලියට කියවන්න ගියොත් නං ඉතින් බොහෝම අමාරුයි ජීවත් වෙන්න . //
ඔය කොටස කාටද යස අගේට ගැලපෙන්නේ කියල නම්
සියලු බුද්ධිමත් ජනී ජනයා පසක් කරගෙන හමාරයි...:D
හෝව්... හෝව්... හෝව... මෙතන මේ විදිහට වාද නම් එපා. අර කිව්වත් වගේ කැම්පස් ඉන්න හැමෝම හිපාටුවො නෙමේ. මේක මේ ජොලියට කරන සංවාදයක් මිසක් පෞද්ගලික මඩ ව්‍යාපාරයක් නෙමේ. මතකනෙ අර හිරූ කියලා තිබ්බ කතාව...මෙතනින් අපි ලබා ගන්නෙ සතුටක්...සැහැල්ලුවක් විතරයි... ඒ දේට විතරක් ඉඩ දෙමු.. :D
Deleteසොලී සොලී ...:)
Deleteකථාවේ අන්තිම කොටස නම් තමුන්නැහේට හොදට ගැලපෙනවා......M.Eng කරලත් මෙහෙමනං කථෘ කරන්නේ රට ජාතිය ආගම ගැන තියෙන කැක්කුම ගැන කුමන කථාද , එහෙම එකෙකුට ඉතින් තමන් හදපු වඩපු අම්මා අප්පා ගැනවත් කැක්කුමක් තියෙයිද ....M.Eng නෙවෙයි ඒකෙන්ම පී එච් ඩී එකක් කලත් මොකටද කාපු බත්පතට පහරන ජාතියේ ගොං හිපාටුවෙක් නං නේද ............ කිව්ව ඇති දෙයක් නැත්තං මම ලියපුදේ ගනන් ගන්න එපා කියලා යටින් බොහෝම පැහැදිලිව තියෙනවනේ ..... ඇඹලයා .... අපි නොදන්න බුද්ධිමත් ජනයා . හැමෝම තමුන්නැහේ වගේ නෙවෙයි කියලා මතක තියාගත්තොත් හොදයි. අනික මම කීබෝඩ් එකේ වීරයෙකුත් නෙවෙයි .....
Deleteමේ කොමෙන්ටුව විතරක් පබ්ලිශ් කරන්න අක්කේ .... මගේ බ්ලොග නොවන නිසා මම මීට වඩා මේක ඉස්සරහට ගෙනියන්නේ නෑ
මොන හුචක්කුවක්ද මේ
ReplyDeleteඋඹ මැෂින් හදන්න යන ගද ගහන හුචක්කු වගේ...
Delete@ලක්මාල් කන්දෙවිදානෙ
Deleteඅපේ අම්මත් ඔහොම අහන වෙලාවල් තියෙනවා...හි හි හී
ගැහැණු වැඩ පිරිමි කරන්න ගියොත් අනා ගන්නවා වගේම පිරිමි වැඩ ගෑණු කරන්න ගියත් අනා ගන්නවා......මට නම් හිතෙන්නෙ සරත් මහත්තයා කියන කථාව ඇත්ත ... මෙතන තියෙනව සම්පූර්ණම කථාව . කියවන්නකො
ReplyDeletehttp://www.youtube.com/watch?v=TDtzGkoqtT4
//ගැහැණු වැඩ පිරිමි කරන්න ගියොත් අනා ගන්නවා වගේම පිරිමි වැඩ ගෑණු කරන්න ගියත් අනා ගන්නවා.//
Deleteමමත් හැදුනේ අයියෙක් එක්කනෙ ශශී...බත් ටිකක් බෙදා ගන්න ගියත් වටේ හලාගෙන...හි හි හී...ඇඳ උඩ ටවල් එක.අම්මා උදේට අස් කරන්න ඕනේ.. ඒ දවස්වල කිසි වැඩක් කරගන්න බෑ...නෙකම් දඟලනවා විතරයි..දැන් නම් ටිකක් හොඳයි.ඔයාලගෙ රටට ඇවිත් තනියම ජීවත් වෙලා වෙන්න ඇති.... හි හි
දන්නවද...ඇනෙක්සියේ බල්බ් දාන්නෙ..ඔය පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරගන්නෙ මම..සහයට ඩැනියෙක් නෑ...තාම අනාගෙන නෑ...මතකනෙ බැල්කනියට නැගලා දොර ඇර ගත්ත හැටි...ඒ පිරිමි වැඩ... :P
Oya kiwa hamadema aththa lihini. Apata thiyena e nidahasatath minissu kiyana katha.
ReplyDeleteEth samahara aya dawasama night dres eka adagena innawa dakala thiyenawa mama eyalata nam sarath mahaththaya kiyana tika hari wage.
Dannawada. Ape mahaththaya api marry karapu dawasema kiwe ada innawa wagema issarahata inna hama dawasakama pirisiduwa piliwelata inna kiyala. Marry kala kiyala tika dawasak yanakota dali kunu peragena inna epa kiwa. Pelak gahanu aya diha balapuwama nam e kathawa aththa thamai eth api hamoma ehema nane neda.
අන්න ඒ කතාව නියමෙට ගැලපෙනවා..බැන්ඳා කියලා මොකද...පිරිසිදුවට පිළිවෙලට ඉන්න බැරි නෑ... මමත් කැමතියි ඒ කතාවට..
Deleteහුචක්කු කතාවට නම් ළිහිණිට හොඳට ම කේන්ති ගිහින්ද මන්දා. මහැදුරු තුමා ගේ කතාව කෙසේවෙතත් ඔයාගේ කරුණු කාරනා සේරම පිළිගන්න හැකියි.ඒත් දෙයියනේ පිරමියෙක් කැමතියි තමන්ගේ ගෑනු මනුස්සයා රාගාන්විතට ලස්සනට පිරිසිදුවට ඉන්නවා දකින්න.
ReplyDeleteඔය කෙළින් වෙලා තියන ඒවා කාගේ කාගේත් වයසට යනකොට වැහැරෙනව තමා ළිහිණි. ඒත් වැහැරෙන්න කළින් ඒ දේට වටින කමක් අගයක් ලැබෙන සේ තියාගත්තොත් මොකද වෙන්නේ. වාසියක් මිස අවාසියක් නොවෙයි නේද.
හැබෑටම පිරිමි සිරි යහනේ මල් පුදිනකං යට ලීය දිහා බලං ඉන්නව වගේ ගෑනු මනුස්සයංට කරන්න කිසිම දෙයක් නැද්ද.
මොන පිස්සුද..කේන්ති ගන්නෙ අහවල් දේකටයෑ..ලියපු දේ කියෙව්ව නම් කේන්තිය ගැනද නැත්තම් වෙන දෙයක් ගැනද කියලා හිතා ගන්න නම් පුළුවන් නලින් අයියා.. හි හි හි...ඒ ටික තේරුම් අරන් නැති හැඩයි... :D
Deleteඒ වගේම තමයි ගෙදර මනුස්සයා ලස්සන ඇඳුමක් අන්දම '' අනේ අද ඔයා ලස්සනයි '' කියන්න තරම් පිරිමි ලොබ නැති වෙන්න ඕන .
Deleteනැත්නම් මොන එහෙකට කාට පෙන්න ලස්සනට ඉන්නවා ද කියල උදාසීන වෙන එක අහන්න දෙයක් නැහැ .
රස කෑමක් උයල දුන්නම රසයි කියන්න ..ලස්සනට ඉන්නකොට ලස්සනයි කියන්න කට දිව නැමෙන්නේ නැති පිරිමි පරාන ගැන සරත් මහත්තයා මුකුත් කියල නැද්ද මන්දා .
මන් මේ කිව්වේ අපේ මනුස්සයා ගැන හෙම නෙවේ . නලින් ගැනත් නෙවේ . එහෙම නොකරන අයටයි හොඳේ
ඔය හුචක්කු වෙනුවට දැන් තියෙන්නේ කලිසමයි ෂර්ට් එකයි වගේ එකක් . මට මේ දැන් මතක් වුනේ මගේ සිංගප්පුරු යාලුවෙක් ඉන්නවා . ළමයි බස් එකට දාන්න පහලට එන්නේ නැහැ . උන් දෙන්නා හැමදාම තනියෙන් . එයා කියන්නේ උදේට ඇඳුම් මාරු අකරන්න වෙලාවක් නැත ,.රිසෙප්ෂන් එක ලඟින් යන්න බැරිය කියලයි. බලන් ගියහම මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් .
Delete//රස කෑමක් උයල දුන්නම රසයි කියන්න ..ලස්සනට ඉන්නකොට ලස්සනයි කියන්න කට දිව නැමෙන්නේ නැති පිරිමි පරාන ගැන සරත් මහත්තයා මුකුත් කියල නැද්ද මන්දා .//
Deleteඒ ගැනත් සරත් විජේසූරිය කියල තියෙනවා.(සිතක වෙහෙස-භාර්යාවන්ගේ පැමිණිලි)
පිරිමි පාර්ශවයේ දුක්ගැනවිලි (සිතක වෙහෙස - ස්වාමිපුරුෂයන්ගේ පැමිණිලි) හෙයාගෙන කියවන්නකො, මටනම් එච්චර ඇල්ලුවේ නෑ.
@Bindi
Deleteකවුද ආස නැත්තේ වර්ණනා කරනවට,,,විශේෂයෙන්ම කාන්තාවෝ..පිරිමිත් එහෙම තමා..මම ඉන්නෙ පිරිමි රොත්තක් මැද්දේ දවසකට පැය 10ක් විතර. කොණ්ඩය ජෙල් කරලා පීරලා ඉන්න අය හරිම කැමතියි ඒ කොණ්ඩය ලස්සනයි කිව්වම... :) ඇත්තමයි..වර්ණනාවට මනුස්සයෝ කැමතියිනේ..
@Sumith Niriella
Deleteඔය ස්වාමිපුරුෂයන්ගේ පැමිණිලි පොත ගැන අහලා තියෙනවා...සුමිත්ට පොත් ඇල්ලුවේ නෑ කියන්නෙ ...අපිටත් අල්ලන්නෙ නැති වෙයිද...කියෝලම බලමු..
@Bindi
Delete// මට මේ දැන් මතක් වුනේ මගේ සිංගප්පුරු යාලුවෙක් ඉන්නවා . ළමයි බස් එකට දාන්න පහලට එන්නේ නැහැ . උන් දෙන්නා හැමදාම තනියෙන් . එයා කියන්නේ උදේට ඇඳුම් මාරු අකරන්න වෙලාවක් නැත ,.රිසෙප්ෂන් එක ලඟින් යන්න බැරිය කියලයි. බලන් ගියහම මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් //
ඔන්න බලන්න බින්දි අක්කා...අර කිව්වත් වගේ මේ ප්‍රශ්ණය දැන් ජාත්‍යාන්තර ප්‍රශ්ණයක් වෙලා තියෙන හැටි..ඒ අයත් එහෙම හිතනකොට
ඔයාට කම්මැලි නම් මටත් එපා සුමිත් ..මට ඔය උපදෙස් දෙන පොත් ඔඅන්ම නැහැ .අපි ජිවන තක්සලාවෙන් උගත් පාඩම් ඇති නේද ..
Deleteළිහිණියගේ ලෙක්චර් එක නම් නියමයි... මට නම් ඔය නයිට් ඩ්‍රෙස් ලෙඩේ අඩුයි.... හි හි... මොකද ගෙදර ඉන්න වෙලාවට හිර කරගෙන ඉඳිලි මගේ නෑ... ටී ෂර්ට් එකකුයි කොට සායකුයි දාගෙන තමයි ඉන්නේ...
ReplyDeleteදැලි කණු කතාව නියමෙට සාධාරනීකරණය කරලා තියෙනවා ළිහිණි..... හි හි
සරත් මහත්තයා කියන්නේ පාරටත් ඕක ඇඳෙගෙන යන ගෑණු ගැන නම් කතාව ඇත්ත.. ඒත් ඉතිං ඒකේ වැරැද්ද එච්චරයි.. ඉතුරු හරිය ගැන තාම කියන්න බෑ...
අපිට තියෙන එකම නිදහස් ඇඳුම වෙනුවෙන් බය නැතුව කතා කරපු ළිහිණීයට ජය වේවා....
ඒ වගේම නංගි බබාගේ කතාවටත් ළකුණු දෙන්න ඕනේ..ඒක ඇත්ත.. බැන්දා කියලා ඔක්කොම අතාරීන්නේ නැතුව, පොඩි වෙලාවක් හරි ලස්සනට ඉන්න වෙන් කරගන්න උත්සාහ කරන එක තමයි හොඳම දේ...
ඔය ඉන්නෙ අනිත් කෙනා... දෙන්නම තකට තක....
Deleteනැතුව කොෙහාමද... මට සපෝට් එකට ඉන්න එකී.... මම සපෝට් නොකර කවුරු කරන්නද... හි හි....
Delete@හිරු
Deleteඋඹ දන්නවනෙ හිරුවො..ගෙදර ඉන්නවට වඩා අපි ඉන්නෙ ඔෆීසියෙනෙ..රෑට ඉන්න ටික විතරයි ..ඒක නම් ආව ගමන් වොෂ් දාලා නිදහසේ තමා ඉන්නෙ..මම අඳින්නෙ දිග සැහල්ලු කලිසමකුයි ටී එකකුයි...ඒක ඇන්දම මාර සනීපයි..
//සරත් මහත්තයා කියන්නේ පාරටත් ඕක ඇඳෙගෙන යන ගෑණු ගැන නම් කතාව ඇත්ත.//
මම හිතන්නෙ සරත් මහත්තයා දකින්න ඇත්තෙ ගමේ ගෑණු කෙනෙක්ව වෙන්න ඕනෙ. අර මම කියාපු දුකේ චරිතයක්. දර ලිපේ බත් උයන කෙනෙක්. මොකද කොළඹ පරිසරයේ එහෙම අය දකින්න නෑනෙ හිරූ...මමත් මේ ගමක් වගේ තියෙන නගරෙක ඉන්නෙ අවුරුදු තුන හතරක්ම...කෝ එහෙම අය දකින්න නෑනෙ...
@හිරු
Deleteදාපන් හිරු 5ක්...හි හි...අපිට අපි නැතුව වෙන කවුද... ඇද්ද සිරාට හූ හූ :D
මදි මදි මට මදි.... මගේ ගෑණිට මම කියනවා හුචක්කුවත් ගලවලා ඉන්න කියලා ගෙදර ඉන්න වෙලාවට.... ඇද්ද බොලාට දැන්....
Deleteහි හි හී...අන්න එතැනදී " අර නිදහස " උපරිමව විඳින්න සිරාගෙ බිරින්ඳෑට වාසනාව ලැබේවි...එලනෙ කොල්ලො...
Delete"පිරිමින්ගෙ වැඩ කොහොමත් පිළිවෙලක් නෑනේ..අනාගන්න එක අහන්නත් දෙයක්ද..." ඇත්තද? කොයි පොතේද දන්නෙ නෑ එහෙම තිබුනෙ..
ReplyDeleteඋඩ පින්තූරෙ නම් ශෝයි..
අම්මපා ඇත්ත බං ........ ශෝයි පින්තුරේ ........ .තිත් දෙකයි ඩී
Delete@කොයි පොතේද දන්නෙ නෑ එහෙම තිබුනෙ..
Deleteපොත් මොකටද...වට පිට බැලුවොත් ඇතිනෙ හරියො...හි හී
//උඩ පින්තූරෙ නම් ශෝයි..//
ඒකනෙ ඒ පින්තූරය දැම්මෙ.. :D
හිර කරං තද කරං ඉන්න එක ඔච්චරටම අමාරුනං දෙයියනේ ඕවා ලිහලා කරලා නිදැල්ලේ හැසිරෙන්න දීලා යන්න එපෑ යන එන තැනක... අර කොහේවත් ඉන්න විජේ අයියට දොස් කියන වෙලේ... මොකද අපි කිව්වද ඔව්වා හිර කරං ඉන්න කියලා...
ReplyDelete+++++++++++++
Delete" ඒයි..කෝ මගේ ලන්කට් එක ?
Deleteචීයා හරිම කැත වචනයක් ඒක...දැන් මේ වචනෙ මොඩ් වෙලා ඒක තමයි ජොකා...
මම මේ කල්පනා කලේ කෝපි වල හූණු බෙටි වත් තිබුනද කියලා.. හික් හික්... ලියවිල්ලට මම නම් මනාපයි...
ඇයි හැබෑටම ඉස්සර කාන්තාවො වගේ දැන් අයටත් උඩුකය එළියෙ තියාගෙන ඉන්න බැරි....රතුහැට්ට කාරි නාට්‍යයට ලූෂන් බුලත් සිංහල මෙහෙම සින්දුවක් ලිව්වා... ගායනා කලේ අපේ රොඩ්නි අයියා...
රතු හැට්ටෙ පලල් මදි දෙතන පෙනෙන්නට
තිසරුන් ආසයි මුහුන බලන්නට
උස්සලා තන පට තද කරපන්...
රන... තිසරු පනි බැදපන්...
රතු හැට්ටෙ පලල් මදි...
සෙලෙ පලන් උබෙ කලව පෙනෙන්නට
සුලිය වගෙ නාබිය පෙන්නන්නට
ගස්සල පස්ස ටිකාක් හඩපන්
ඉග සෙලෙ තදින් බැදපන්...
සෙලෙ පලන් උබෙ කලව...
පා රත්තු ලදෙ නුබෙ මුහුන පෙනෙන්නට
නිල දෙබැම දිගු දැස පෙනෙන්නට
උස්සල කෙස්ස තදින් බදපන්
රන් තොඩු කනෙ දමපන්...
පා රත්තු ලදෙ...
රතු හැට්ටෙ පලල් මදි.....
මසුරං කතාව..
Deleteඇදන් ඉන්න බැරිනම් ගලවලා ඉන්න එකනෙ ඇත්තෙ..
@මාරයාගේ හෝරාව
Delete//හිර කරං තද කරං ඉන්න එක ඔච්චරටම අමාරුනං දෙයියනේ ඕවා ලිහලා කරලා නිදැල්ලේ හැසිරෙන්න දීලා යන්න එපෑ යන එන තැනක.//
අපූරුවට තියෙයි..වහගෙන ගිහිල්ලත් බේරගන්න බැරි කාලෙක...හි හී
//මොකද අපි කිව්වද ඔව්වා හිර කරං ඉන්න කියලා...//
ඒ උනාට අපේ අම්ම කිව්වනේ..අර මොකද්ද එකක් උන කාලෙම..ගෑණු ළමයි ඕවා තදකරලා හංගලා තියන්නෙ ඕනෙ කියලා...හි හි හී...බොරු නම් අපේ අම්මගෙන් අහලා බලන්නකෝ... :P
@සිරාගෙ කාමරේ
Delete//චීයා හරිම කැත වචනයක් ඒක...දැන් මේ වචනෙ මොඩ් වෙලා ඒක තමයි ජොකා...//
ඒ උනාට සරත් මහත්තයා කියන්නෙ ගමෙ ගෑණු අය ගැනනෙ සිරා.. අර දැලි කුණු කතාව..මේ කොලඹ කොහෙද දැලි..ඉතින් මම හිතන්නෙ ගමේ අය තාම ජොක්ස් ගැන දන්නෙ නැතුව ඇති..හි හි හී..ඒ අය ඉන්නෙ ලන්කට් කාලේ... :P
අර සින්දුව නම් ෂෝක්....
//අපූරුවට තියෙයි..වහගෙන ගිහිල්ලත් බේරගන්න බැරි කාලෙක...//
Deleteඔය ඕනවට වඩා වහගෙන අගේ කරනකොට තමා ඔය කොයි දේත් බේරගන්න බැරි... එහෙමනං ඉතිං අර ගල් යුගේ ගෑනුන්ගේ ඔව්වා ඉතිරි වෙන්න හැටියක් නැහැ.. ඇයි කලටි කාගෙම පිරිමි කඩං කාලා... වැඩිය ඕන නැහැ මේ මෑතක් වෙනකල්ම ලංකාවේ හුගාක් පළාත්වල ගෑණු ඕවා හංගං හිටියේ නැහැ ලොකුම තැන්වල ඇර... රොබට් නෝක්ස්ගේ පොත කියවලා බලන්ටකෝ නිකං ඉන්න වෙලාවක... ඕක සාමාන්‍ය දෙයක්... කිසිම අවුලක් නැහැ.. අපි කියන්නේ නැහැ රජ කාලේ විදියට ඕපන් කොරංම ඉන්ට කියලා... ඒත් ඔයාකාර හිර කොරං මොකට නහිනවද... මංනං හිතන්නේම ගෑණු ඕවා ඕනවට වඩා මාකට් කරන්න ගෙහුන් තමා ඔය හැම ප්‍රශ්නෙම... වෙනසක් අපේක්ෂා කොරන අය හැටියට ඔයාලගේ පරම්පරාවවත් ඉස්සරහට අඩියක් තියන්න උත්සහ කරන්න ඕන... දැන් බටහිර රටවල්වලත් වැඩි වශයෙන් රස්නේ කාල වලදී ගෑණු බොහෝම සැහැල්ලුවට අදිනවා කියලා තමයි මංනං අහලා තියෙන්නේ... අපේ අය මේ ගිනි කාස්ටක කොළඹ වගේ පළාත්වලත් හිරකොරං තම්බ තම්බ යනවා... පොලොස් දෙල් වගේ දෙයක් උනානං ෂුවර් තැම්බෙනවා ඉටි ටිකට... :D
//ඒ උනාට අපේ අම්ම කිව්වනේ..අර මොකද්ද එකක් උන කාලෙම..ගෑණු ළමයි ඕවා තදකරලා හංගලා තියන්නෙ ඕනෙ කියලා//
මං ඕකනේ නිතරම කියන්නේ "මේ අම්මලා තමයි ළමයින්ව නරක් කරන්නේ" කියලා...
මේකනෙ මාරයියේ...ගල් යුගේට වඩා දැන් සමාජෙ වෙනස්නෙ.. රොබට් නොක්ස් උන්න කාලේ හැමෝම එක වගේ ඉද්දි වෙනසක් දැනෙන්න නැතුව ඇති. අපි ඉපදුන කාලෙ වෙද්දී...අපිට දැනෙද්දී සෑහෙන වෙනසක් නේ.එතකොට උඩින් වහලා විතරක් නෙමේ..ඇතුලෙනුත් වහලා... උඩින් වැසීම කෙසේ වෙතත් ඇතුලතින් වැසීම නම් කරුමයක් තමා. ඒත් ඉතින් ඕවා ඔක්කොම ආරක්ෂාවට වැදගත් නේ..
Delete// අපේ අය මේ ගිනි කාස්ටක කොළඹ වගේ පළාත්වලත් හිරකොරං තම්බ තම්බ යනවා... පොලොස් දෙල් වගේ දෙයක් උනානං ෂුවර් තැම්බෙනවා ඉටි ටිකට... :D//
නිකමට හිතන්නකෝ...වහගෙන යද්දිත් ඇස් දහසක් විතර ඕක උඩ නවතිනවා. ඇරගෙන ගියොත් කොහොම තියෙයිද...
ආ...තව එකක් මට අමතක උනානෙ කියන්න..ඔය තදකරගෙන සිටීම සෞඛ්‍යමය පැත්තෙනුත් බලපානවාලු. අපේ දොස්තර මහත්තයෙක්ගෙන් තමා ඒක හරියටම දැනගන්න වෙන්නෙ. ඔය කාන්තාවන්ගේ පියයුරු වල ශක්තිමත් බව රැඳෙන්නෙ කිහිල්ල අවට තියෙන මාංශපේශී නිසාලුනේ. ඒවා ශක්තිමත්ව තියන්න ඒ පේශී අවට තදින් තිබීමත් අවශ්‍යලු. නැත්තම් කාලයට කලින් අර මාංශ පේශී දුර්වල වෙලා වැහැරෙන්න ගන්නවලු.. නිකමට අහලා බලන්න දන්න කියන දොස්තර කෙනෙක්ගෙන්.. :)ඉතින් අර හිර කරන් ඉන්න නිසා ඒ මංශ පේශී ශක්තිමත් වෙනවාලු
ඕං බලන්න ඉතින් කීයකින්ම නම් බේරෙන්නද ?
අනේ යන්න මෙයා යන්න... කාන්තා අයිතිවාසිකම් ගැන කථා කලාට... සාරි පොටට කට්ට ගහගන්න ගෑණු තාමත් උදව් ඉල්ලන්නෙ හස්බොන්ඩාගෙන් නේද ?
Deleteඅලේ ...සිරෝ..සාරි පොටට කට්ට ගහන්නෙ පිටිපස්සෙන් උරහිසට පහලින්නේ..එතනට අත කරකවන්නෙ කොහෙමද..හි හි හී...අනිත් ඒවට හස්බන්ඩ්ලට සහය දෙනවා නම් සාරි කට්ට මොනා අන්නේ...හි හී
Delete//නිකමට හිතන්නකෝ...වහගෙන යද්දිත් ඇස් දහසක් විතර ඕක උඩ නවතිනවා. ඇරගෙන ගියොත් කොහොම තියෙයිද... //
Deleteඉතිං ළිහිණියෝ ඇස් වලට ඔච්චර බයද..? ඇස්වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ බං... හපෝ මුංදලා...
//ඉතින් අර හිර කරන් ඉන්න නිසා ඒ මංශ පේශී ශක්තිමත් වෙනවාලු//
ඒකත් වෙනවා ඇති.. ඒත් ඔය හිරගරගෙන ඉඳීම ඔව්වෑ පිළිකාමය තත්වයන් ඇති වීමටත් මූලිකම හේතුවක්ය කියලා මං එක පාරක් වෛද්‍යවරයෙකුගේ කතාවකදී ඇහුවා...
//ඉතිං ළිහිණියෝ ඇස් වලට ඔච්චර බයද..? ඇස්වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ බං... හපෝ මුංදලා...//
Deleteඇස් වලින් මුකුත්ම කරන්න බැරි උනාට..ඇස් ඒ උඩ නවතිද්දී අපහසුතාවයක් දැනෙන්නෙ කාන්තාවන්ටනෙ මාරයා අයියේ...
මම මොකුත් නොකියමි..... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේම වේවා ! එසේම වේවා ! :)
Deleteහිර කොරන් ඉන්න එව්වා ලිහල දාපුවම නම් මාර සනීපයි තමයි.. :):)
ReplyDelete:0
Deleteඅපොයි චන්දන ස්පයිඩර් බය වෙලා.. ඔයා කිව්වේ වෙන ඒවා ගැනනෙ...හි හි අරයා හිතන්න ඇති ........................හි හී
Deleteස්පයිඩර් බිය නොවන්න... :D
Deleteමනුස්සයා කියන දේවල් ඇත්ත . ඒ වුනාට ඉතින් කියන කර්කශ විදිහට නම් ටිකක් හොම්බට අනින්න හිතෙන ගතියක් තියෙනව . ටිකක් ප්‍රියමනාප විදිහට ඉඳීම නම් ඕන කියන මතයේ මා ඉන්නේ . නමුත් ඉතින් ගෙදර ගෑනි කොච්චර ආටෝපෙට උන්නත්.
ReplyDelete''නෙලා ගන්න බැරි හින්දයි නුඹ ඔය තරමට ලස්සන . ''කියල නන්දා මාලිනි කිව්වේ කට කහනවටය . අනික ගෙදර ත්‍රි විල් එකේ කුතුහලය නැති වෙලා . නමුත් අනික් බෙන්ස් වල ඇතුලේ සිට් හෙම දියමන්ති ඔබ්බවලද කියල බලන්ට ආසා හිතේ එකත් සොබාවිකයිනේ . නැද්ද මන් අහන්නේ
//අනික ගෙදර ත්‍රි විල් එකේ කුතුහලය නැති වෙලා . නමුත් අනික් බෙන්ස් වල ඇතුලේ සිට් හෙම දියමන්ති ඔබ්බවලද කියල බලන්ට ආසා හිතේ එකත් සොබාවිකයිනේ . නැද්ද මන් අහන්නේ//
Deleteහප්පේ...ඒ කතාව නම් සීනී කිලෝ එකක් තරමට පැණි රසයි...නියම කතාව අක්කා... :)
ඇත්ත බං. සමහර උන් ගාව කාණු ගදයි බං.
ReplyDeleteඅලේ...ඇයි බන් උඹ කාණුත් ඉඹිනවද ඒ ගඳ ගැන දැනගන්න..හි හි හී
DeleteLihini liyapu okkoma hari. Maath oya dema thama karanne. Kiwwata lajja na lihini yo iskoleta parakku unoth oya huchakkuwa andan lamai dannath yanawa. Mona karannada...
ReplyDeleteඅර අර...බින්දි අක්ක කිව්ව වගේ මේක ජාත්‍යන්තර ප්‍රශ්ණයක් වෙලා...මේ ඉන්නෙ උදාහරණ...ඔන්න අහන්න කුමාරි අක්කගෙන්...කාන්තාවන්ට වෙලාව වටින තරම්...
Deleteකාන්තාවගේ නිදහස් ඇඳුම ගැන කතාකළ ලිහිණිට ජය වේවා !:Dමම නම් ඔය නයිට් ඩ්‍රෙස් හිතුනොත් අඳින්නෙත් නෑ අනේ ,ඊට ලේසියි ශෝර්ටට T එකක් දාගත්තම
ReplyDeleteමට නම් එහෙමත් නැතුව ඉන්න ඇහැකි...තනියම ඉන්න එකානෙ..මේ ගෙදර හූණො කැරපොත්තෝ ඇරුණම...හි හි හී
Deleteඅන්න කිව්ව කතාවක්...කලත් කියනවද ඔහොම..?
Deleteවචන වලට් බ්රේක් දාගත්තනම් හොදයි...!! :))))
හි හි හී...ඉතින් මම ඇත්තනෙ කිව්වේ :D
Deleteඅඳින ඇඳුමක් පිළිවෙලට පිරිසිදුව ඇන්දාම වැඩේ ඉවරයි. මමත් දැකලා තියනවා සමහර ගෙවල් වල ගෑනු උදවිය ඇඳන් ඉන්න හුචක්කු හරියට වලං බාන දැලි රෙදි වගේ. සසර කලකිරෙනවා.
ReplyDelete//අඳින ඇඳුමක් පිළිවෙලට පිරිසිදුව ඇන්දාම වැඩේ ඉවරයි.//
Deleteමාත් කියන්නෙ ඒකමයි...අඳින ඕනෙ හුචක්කුවක් පිරිසිදුව පිළිවෙලට ඇන්දා නම් ඉවරයි... :)
අක්කේ ඔයා කියන එව්වා ඇත්ත.ඒත් සරත් මහත්තයා කියනවා වගේ මෙලෝ පිළිවෙලක් නැතුව ඉන්නවා නම් මෙලෝ රහක් නෑ නේ.අනික පිරිමි අය පිළිවෙලක් නෑ කියන එක සාධාරණ නෑ.මොකද හැම එකාම අපිළිවෙල නෑ
ReplyDeleteඉතින් බලන්නකෝ මඩයෝ...සරත් මහත්තයා අර තරම් දේවල් ගැණු අයට කියන එකේ අපේ මේ පිළිවෙල ගැන කිව්වම ඔයාලට තරහා යනවනේ... :D
Deleteහත් ඉලව්වේ කවුද කිව්වේ ඔය හුචක්කු අඳින්න කියල? අපිනම් නැහැ. මුලින් මුලින් මේක බලද්දී මට කියවුනේ මේ මොන මල හුචක්කුවක්ද කියල. :P
ReplyDeleteකවුරුත් කියන්න ඕනෙද...අපිට ඕනෙ නම් අපි ඕන හුචක්කුවක් අඳිනවා...හි හී...මලයට හුචක්කු ප්‍රශ්ණ නැතිද ?
Deleteසිරාවටම මට තේරුනේ නැහැ හුචක්කුව කියන එක තාම දන්නේ නැහැ මොකකටද කියන්නේ කියල. මම දන්නා විදියට ඔය කියන්නන් වාලේ කියන වචනයක් නේද (ඇනයක්, වාතයක්) කියනවා වගේ.?
Deleteමාත් දන්නෙ නෑ මලයෝ..කියනවට කියනවා...මේ රෑ අඳින හුචක්කුව
Deleteමෙන්න මෙයාට මල පැනලා
ReplyDeleteඅනේ මන්දා බොල ඔය සරත් ගොයියා කිව්ව පලියට අපි ඕවා සම්මතය කියලා පිළිගන්නේ නැහැනේ.හැබැයි ඒකට උත්තර දෙන්න ගිහින් එක එකාගේ එව්වා මෙව්වා අවුස්සලා මොනවා හරි අහගන්න වෙයිද මන්දා.
කෙසේ වෙතත් මට නම් කිසි අවුලක් නැහැ ගැහැණු අය මොක ඇන්දත්.යකෝ ඇඳුමක් අඳින්නත් දැන් එක එකාගෙන් අවසර ගන්න ඕනිද.
//මෙන්න මෙයාට මල පැනලා//
Deleteමොන මලද ...අනේ...කෝපි බීලා ඒකත් නැති වෙලා...හි හි හී
//යකෝ ඇඳුමක් අඳින්නත් දැන් එක එකාගෙන් අවසර ගන්න ඕනිද //
අනේද කියන්නේ...මේක හරි මඟුලක් වෙලානේ...නේද නිශාන්.. :D
කොහොම උනත් හුචුක්කුවෙන් සාමාන්‍ය ඇදුමකට බහින්න විනාඩි 5න් පුලුවන්. ලව් කරන කාලේ ලස්සන ලස්සන ඇදුම් ඇදගෙන බොහොම සුන්දර විදිහට දැකපු කෙල්ල බැන්දට පස්සේත් දකින්න මිනිස්සු කැමතියි. තමන් උදේට වැඩට යන්න කලින් බොහොම ලස්සනට පිළිවෙලට ඉන්න බිරිදගේ සිනා කටක් දකින්න ලැබෙන පිරිමියා කොච්චර වාසනාවන්තද??
ReplyDeleteපිරිමියත් දැන ගන්න ඔනේ තමන්ගේ භාරියාවට උදවු පදවු කරන්න. බොහෝම පිළිවෙලට වැඩ කරණ පිරිමි ගොඩක් ඉන්නවා. (මම වගේ) වැඩේ දෙක කරගන්න එක ඉතින් ගෑනුන් අතිනුත් වෙනවනේ.
මගේ මිනිහ එක පාරක් දැකලනේ තියෙන්නේ කියලා ඊට පස්සේ හැමදාම එලියේ දාගෙන ඉන්නේ නැතුව වහගෙන හිටියොත් පිරිමියාටත් හැමදාම අලුත් බවක් දැනෙයි. මිනිස්සු හොදට පේන දේට වඩා අස්සෙන් පේන දේට කැමතියි කියනවනේ.
අන්න බණ්ඩා නියම කතාවක් කියලා.... ඇත්තටම ඇත්ත....
Deleteබණඩගෙ කතාව නියමයි...මාත් ඒකට ලැයික්..
Deleteඑකනේ....මාරයා අයියා කියන්න වගේ මොන මගුලටද හිරකරන් ඉන්නේ...පාඩුවේ නිදහස් කරලා තියන්නකෝ අහිංසක හංසයන්ව.:p
ReplyDeleteගෑණුන්ට තියෙන කරුමම ඇඳුම තමයි ඔය දහ ජරා බ්‍රෙසියර් එක.... මොන යකෙක් හොයා ගත්තද මන්දා ඔය කරුමේ..
Delete@මානවක
Deleteතියන්න බැරි එකනෙ තියෙන කරුමේ...අර හිරුවා කියනවා වගේ මොකා හොයා ගත්තද මන්දා ඔය මළ උලව්ව...හුස්මක් කටක් ගන්න බැරි තරම් වද දෙන තරමට..
කියන්න කතාවක් නම් කටට ආවා. ඒත් බොලා දෙන්න හින්දා නිකම් ඉන්නවා. කටවල් අරිනකොට පෙරේසමෙන් කෙල්ලනේ වෙලාවකට අපේ කටවල් වලත් බෙරේක් නැතිව යනවා.
Deleteඅන්තිමට සරා මෙහෙම කිවුවා අරහෙම කිවුවා කියනවට වඩා හොඳයිනේද ඒක.
මෙයාලා ඉල්ලන්නේනං කාන්තා විමුක්තිය.. අරකද මේකද.. යකුනේ ඔක්කෝටම කලින් කට්ටියම කතා වෙලා ඔය විහින් දාගෙන ඉන්න වදෙං ගැලවියවුකෝ... ඕකනේ අර කියලා තියෙන්නේ "තමන්ගේ විමුක්තිය ඇත්තේ තමන් ලගමයි" කියලා... මුංදලා ඒක ඉල්ලන්නෙත් අපෙන්...
Deleteඅම්මපා සරත් උන්නැහේ මයේත් කට කහනවා මේ වෙලාවට නහුතෙට... ඒත් මුං දෙන්නනේ... කියන්ට හැටියක් නැතුවා...
@Sarath Chandrasiri
Deleteහි හි හී ...ඇයි හත්වලාමේ මායි හිරුවයි මෙතන වැරදි දෙයක් කිව්වද...අපේ තියෙන කන්නලව්ව මිසක්. කරුමෙට කරුමෙ නොකියා අහවල් දේ කියන්නයෑ...
හා හා හා ඔය බ්රේක් ගහපුවා තියා ගන්නකෝ..ලංකාවට ආව දවසක කියන්න... හි හී
@මාරයාගේ හෝරාව
Delete//යකුනේ ඔක්කෝටම කලින් කට්ටියම කතා වෙලා ඔය විහින් දාගෙන ඉන්න වදෙං ගැලවියවුකෝ //
හත්දෙයියනේ..මේවට තමා ඉතින් අම්ම මුත්තා මතක් වෙන්නේ.. හි හි හී..දැක්කෙ නැද්ද සරත් මහත්තයාගේ කතාව.." අර හොල්ල හොල්ල ඉන්න කතාව " ඒ ඉතින් ඒ කාන්තාවෝ ඔය වගේ වදයෙන් අයින් වෙලා උන්න ප්‍රථිපල නේද ? එතකොට උන් කියන්නෙ හොල්ල හොල්ල ඉන්නවා කියලා...අයියෝ..ඉතින් මේවට අපි මොනා කියන්නද අප්පා... :D :D
@හිරු අක්කා
Deleteහැබැයි ඕක ඇන්දේ නැත්තන් "නිල් කටරොල් වෙයි වැටකොල්" කිව්වලු..
මෙතනට පිසාචයා මගේ බ්ලොගේ හංසයෝ සම්බන්ධ පොස්ට් එකට දාපු කොමෙන්ටුව නොදාම බෑ වගේ
Delete"
ගිරා සැවුල් සැලලිහිණිද
කාක් මොණර ගිජුලිහිණිද
කොබෙයි පරෙවි වැහිලිහිණිද
හංස නිසා රෙදි ලිහුණිද...........
"
//හැබැයි ඕක ඇන්දේ නැත්තන් "නිල් කටරොල් වෙයි වැටකොල්" කිව්වලු..//
Deleteකාගෙ උනත් එහෙම තමයි..කාලෙකට ඉස්සෙන ඒවා කාලෙකට කඩා හැලෙනවා...බොරුද මම අහන්නේ...
නිසි ආකාර භාවිතයෙන් කල් ඉකුත්වන දිනය පමාකරගත හැක (ජීවිතයට රුවන් වැකි)
Deleteනියම කතාව ලිහිණියෝ........ පිරිමි දන්නවයි අපි විදින දුක....හික්..... හැබැයි මම ගොඩක් වෙලාවට නයිට් ඩ්‍රෙස් යුස් කරන නෑ. ශෝටකුයි ටි ෂර්ට් එකකුයි අදිනවා....
ReplyDeleteමමත් ඒ ටිකම තමා සමනලී..ඒත් ඉතින් සමස්ත කාන්තාවෝ ගැන ගත්තොත් හුඟාක් දෙනෙක් භාවිතා කරන්නෙ නයිටියනේ...
Deleteඅප්පේ මේකනම් ටිකක් ඇත්ත කතාවක් වගේ..... :)
ReplyDeleteමොනවා උනත් කාන්තා නිදහසට ඉඩක් දෙන්න ඕනෙනේ!
"නාඩියා හුචක්කුව අනුමත කරයි"*
*කොන්දේසි සහිතයි
(පිරිසිදුකම හා පිළිවෙළ පිලිබඳ සැලකිලිමත් විය යුතුයි!)
//"නාඩියා හුචක්කුව අනුමත කරයි"*
Delete*කොන්දේසි සහිතයි
(පිරිසිදුකම හා පිළිවෙළ පිලිබඳ සැලකිලිමත් විය යුතුයි!)//
අන්න ඒ ටික නම් හොඳයි.. ඔයා හලී ෂෝක් නාඩියෝ... :)
නාඩියා හුච්චක්කුව අනුමත කරයි!*
ReplyDelete*කොන්දේසි සහිතයි!
(පිරිසිදුකම හා පිළිවෙළ ගැන සැලකිලිමත් වේ)
පිරිමින්ගෙ වැඩ කොහොමත් පිළිවෙලක් නෑනේ..අනාගන්න එක අහන්නත් දෙයක්ද... සම්පූර්ණයෙන්ම විරුද්ධයි..
ReplyDeleteවිවාහ ජීවිතේකදි පිළිවෙල පිරිසිදුකම වගේ දේවල් ඉහලින්ම තියෙන්න ඕනි. ඒ වගේම ඒ හැම දෙයක් සමගම දෙන්නගේ ජීවිත වල ආසාවන් වගේම දරුවන් ගැනත් හිතන්න ඕනි. ගැහැණියෙක් වුනාම ඔය හැම අංශයක්ම සමබරව පවත්වාගෙන යාම හරි වැදගත්..
මෙහෙමයි... ඒ කියන්නෙ නිකමට නෙමේ.. මෙහෙම හිතන්නකො..පිරිමි ළමයෙක්ගෙ කාමරයක් බලන්න..බහුතරයක් අයගෙ අපිළිවෙලයි. ගත්ත දෙයක් ආයෙ එතැන තිබීමේ පුරුද්ද නෑ. කාමරය අස් පස් කිරීමේ පුරුද්ද නෑ ( මම මේ කියන්නෙ හැමෝම ගැන නෙමේ..ඒත් හුඟාක් දෙනෙක් කරන දෙයක්නේ ) ඇඳුම් පිලිවෙලට තියන්නෙ නෑ...මාත් හැදුනේ වැඩුනේ අයියා කෙනෙක් එක්කනෙ..එයත් ඒ වගේ තමා...කවුරු හරි එයාගෙ කාමරය අස් කලේ නැත්තම් පිස්සන් කොටුව වගේ..
Deleteගාලෙ පැත්තෙ කොල්ලෙක් අපේ ඔෆීසියෙ වැඩ කරනවා. කොලඹ බෝඩිං වෙලා. අසනීප වෙලා උන්න නිසා අපි දවසක් බලන්න ගියා...අයියෝ කාමරේ තිබ්බ හැටි... පිස්සගෙ පලාමල්ල ඊට වඩා පිරිසිදුයි..
ඔෆීසියෙ පිරිමි අයගෙ ටේබල් දිහා බලන්නකෝ...
ලිහිණි...සරත් මහතා කියල තියෙන දේ සම්පූර්ණ ඇත්ත. එතුමා සභාවක එහි ඉන්න අයගෙ අවධානය ගන්නත් එක්ක ඒක රසවත් ලෙස කියල තියෙනව ඒක වෙනම කතාවක්.
ReplyDeleteහැබැයි...පිරිමියෙකුගේ පැත්තෙන් මේක බලන විදියයි,කාන්තාවගෙ පැත්තෙන් බලන විදියයි අතර වෙනස තමා තියෙන්නෙ.
ඔයා කියලතියෙන්නෙ දවසෙම හිරකරන් ඉඳල ටිකක් නිදහසේ ඉන්න ඕනකියලනෙ ඇත්ත.
අපිට වෙලාව මදි...කියන එක...දරුවන්ගෙ හැමදේම ,ස්වාමියගෙ හැමදේම සූදානම් කරනකොට කොයින්ද වෙලාවක්...? ඒ ක උත්තරය නොවේ..!
දැන් ගෙවල් වල ගැහැනුන්ට...ටීවී එකේ ...අන්දන ඒව...සරසන ඒවා...උයන ඒවා...ටෙලිනාටක මේ හැමදේම බලල...අනික් ඒවට වෙලාව නැහැ තමා.
ගෙදරට "නිවහන" කියන්නෙ ඇයි...?ඒක භාර ගෘහනියටයි...පිරිසිදු බව,මනරම් බව..සරාගීබව...මේ දේවල් කාන්තාවට උරුමයි.
පිරිමි අපි ඒදේ බලාපොරොත්තු වෙනවනෙ නංගියෝ..!
සීයට සීයක් එකඟයි. එයාලා තනියම නෙවෙයිනේ වීයා. මම නම් අපේ උන්දැට මට පුළුවන් හැම වෙලාවකම උදව් කරනවා. අනික තමයි ගෙදරට අමුත්තෙක් එනවා නම් එහෙම නැත්නම් විශේෂ අවස්ථාවක් නම් සීයට පණහක් වැඩ කෙරෙන්නේ මගේ අතින්. එහෙම එකේ එයාටනම් සාධාරන අයිතියක් නෑ කාර්ය බහුල නිසා මම මෙහෙම ඉන්නවා කියන්න. ඒතියා සතියකට එක දවසක් දවල් හෝ රෑ කෑම හදන්නේ මම. මොකද අම්මයි දුවයි විතරක් නෙමේ මහ ගෙදර අයත් කැමතියි මම හදන කෑම කන්න. මෙහෙම යකඩ කෑලි එක්ක ඔට්ටු උනාට මමත් හොඳ කුක්කෙක් තමයි D .
Delete@වීපොකුරෙ වීයා
Delete//ඔයා කියලතියෙන්නෙ දවසෙම හිරකරන් ඉඳල ටිකක් නිදහසේ ඉන්න ඕනකියලනෙ ඇත්ත.
අපිට වෙලාව මදි...කියන එක...දරුවන්ගෙ හැමදේම ,ස්වාමියගෙ හැමදේම සූදානම් කරනකොට කොයින්ද වෙලාවක්...? ඒ ක උත්තරය නොවේ..!//
අනේ අනේ...මම නම් කියන්නෙ නිදහස් කරගෙන ඉන්න ටික ගැන විතරයි. ඒ ටික වෙලාවටත් සරත් මහත්තයා කියන කතාව වැරදියි..ඔන්න දවස පුරාම ඒක පිටින් හිටියොත් වැරදියි...අර සමහර කාන්තාවන් ගැන මම කිව්වේ උදේ කාලයේ ඒ අයගෙ වෙලාව ගැන සහ විවේකය මදිකම නිසා උදේ කාලයේදී හුචක්කුවේ වැඩි කාලයක් හිඳිම ගැන විතරයි. අනික නගරයේ ඔය වගේ ඒවා දකින්න නෑනෙ..ගමේ තමා සරත් මහත්තයා කියන හැටියට ඔය වගේ දේවල් වෙන්න ඕන...
//ගෙදරට "නිවහන" කියන්නෙ ඇයි...?ඒක භාර ගෘහනියටයි...පිරිසිදු බව,මනරම් බව..සරාගීබව...මේ දේවල් කාන්තාවට උරුමයි //
අනිවාර්යෙන්ම..ඒ ඒ හැමදෙයක්ම තමන්ගේ බිරිඳට තිබිලත්... වෙන කාන්තාවෝ ලඟට යන පිරිමිත් ඉන්නවනෙ කියන එකත් අමතක කරන්න හොඳ නෑ...මොන දේ මොන විදියට උනත්...ගැහැණියකට පිරිසිදු කම නම් තියෙන්නම ඕන...
නයිට් ඩ්‍රෙස් එක නයිට් එකට...දවල්ට නෙවෙයි, අනිත් ඇදුම් හිරනම් සැහැල්ලු ඇදුමකට මාරු වෙන්න බැරිද...? සගවාගතයුතු දේ මහජන ප්‍රදර්ශණයට මුදා හැරියාම අවමානය කාටද...(වාහෙට තමයි-නැතුව එහෙම අදින කෙනාට නෙවෙයි)
ReplyDeleteමිනිහගෙ රෙදි සෝදලා මැදලා දෙන එක ගෑණි කරන්න ඕන දෙයක් නෙවෙයි, ඒවා මිනිහට කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම වැඩුනු ළමයින්ගෙ ආවතේවත් අම්මා කරලා දෙන්න ඕන නෑ. තමන්ගෙ වැඩ තමන් කරගන්න ඕන.
මිනිහා ගෑණිගෙවත් ගෑණි මිනිහගෙවත් දාසයෙක් නෙවෙයි.ඒ වගේම අයිතිකාරයොත් නෙවෙයි.
සුමිත් අයියට සැලුට් දෙකක්ම ගැහුවා ඔන්න
Delete// සගවාගතයුතු දේ මහජන ප්‍රදර්ශණයට මුදා හැරියාම අවමානය කාටද...//
Deleteඅර උඩින් කියලා තියෙන කොමෙන්ට් බලන්නකෝ සුමිත්...එහෙම මුදා හරින්නය කියන්නෙ කට්ටියම...හි හි හී
//මිනිහගෙ රෙදි සෝදලා මැදලා දෙන එක ගෑණි කරන්න ඕන දෙයක් නෙවෙයි, ඒවා මිනිහට කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම වැඩුනු ළමයින්ගෙ ආවතේවත් අම්මා කරලා දෙන්න ඕන නෑ. තමන්ගෙ වැඩ තමන් කරගන්න ඕන. //
හරියට හරි..ඒත් මේවා මේ විදියට වෙනවද ? අපේ රටේ හිඟක් පිරිමින්ගෙ කට ඇඳුම පවා හෝදන්නෙ බිරිඳ..නැත්තම් අම්මා.. නෑ කියන්න නම් එපා. යුරෝපා රටවල නම් ඒක වෙනස්. නිකමට හිතන්න සුමිත්... අම්මා කෙනෙක් හරි බිරිඳක් හරි අසනීප උනාමවත් ඒ අයට නිදහසක් තියෙනවද...ඒත් නෑ. එතකොට ගෙදර ඉන්න කටවල් බඩගින්නේ...
ඉරිදටවත් නිදහසේ ගෙදර ඉන්න පිරිමි ගෙදර වැඩ කරනවද ? මම හිතන්නෙ නෑ...
@ශශී
Deleteබලමුකෝ අනිත් එක්කෙනා ලංකාවට ඇවිත් අම්මට කොච්චර උදව් කරනවද කියලා... ගමේනේ...ගෙදරට ඇවිත් බලන්න පුළුවන් හරිද ශශියො....හි හි හී
++++++++++++++
Deleteඅපූරු ලියමන ළිහිණි නංගි. ඔළුවෙ දහසක් රාජකාරි පුරවගෙන උදේ පාන්දර ගෙවල්වල යුද්ධයක් කරන අය කීදෙනෙක් නම් ඉන්නවද. හැබැයි ඒ හැමෝම දැනගන්නත් ඕනෙ මොන ඇඳුම ඇන්ඳත් පිරිසිදුවට පිළිවෙළට ලස්සණට ඉන්නවා දකින්න තමන්ගෙ ස්වාමියා විතරක් නෙමෙයි දරුවොත් කැමති බව. ඒ ඇඳුම පිටින් පාරට යනවට නම් මමත් විරුද්ධයි.
ReplyDeleteඅන්න හරි සමුද්‍රිකා අක්කා... ඒ ටික තමා වැදගත්..පිරිසිදුව..පිළිවෙලට ඇන්දානම් මොන හුචක්කුව ඇන්දත් ඒකයි... :)
Deleteෆෝන් එකෙන් කතාව අහන්න අමාරුයි. කොහොම හරි ළිහිණිගේ කතාවත් සාදාරණයි.
ReplyDeleteකතාව කලින් අහලා නැද්ද ගිම් ? මේක මේ අවුරුදු දෙකකට විතර කලින් කතාවක්...
Deleteඕකට හුචක්කුව කියනව කියල දැන ගත්තෙත් මේ ලිපියෙන්.
Deleteඔන්න කතාව ඇහුවා.
මෙහෙමයි, ඒ කතාවෙන් ටිකක් වැඩිපුරත් සැරට කියන්නෙ පණිවෙඩේ ගොඩක් සාර්ථකව හිත් වලට වදින්න ඕනෙ නිසා. එහි සරලව කියන දේවල් ටිකක් අමාරුවෙන් හරි පිලිපැද්දොත් කාටවත් යහපතක් මිසක් අයහපතක් වෙයි කියල නම් හිතෙන්නෙ නෑ.
හුචක්කුවට වඩා ලේසිනෙ දැං කාලෙ ගෑණු අය අඳින අනිත් ඇඳුම්.. :D
ReplyDeleteඒත් සමහර ගෙවල් වල දවල්ටත් ඔය හුචක්කු ඇඳන් ගෑණු අය ඉන්නවා. දැලි කුණු පෙරා ගෙන. ඇත්ත.. හිතා ගන්න බැරි තරමෙ වැඩ ගොඩක් කරනව තමයි... ඒත් පිරිසිදුකම ගැනත් හිතන්න ඕන. නැත්නම් දකින අයට අප්‍රසන්නයි :(
දර ලිප් වල උයන පිහන අයට නම් දැලි කුණු වලින් බේරෙන්න අමාරුයි යසිත්. ගම්වල හුඟක් අය තාමත් උයන්නෙ දර ලිපේනෙ. අපේ ගමේ ගෙදර උනත් එහෙමයි. ගෑස් ලිප් තිබ්බට අම්මා උයන්නෙ දර ලිපේ... දැලි කුණු ගෑවෙන වෙලාවක් අනන්තයි..ඒත් ඉතින් අපේ අම්මලා පිරිසිදුව අඳින්න දන්නවා...
Deleteඅපොච්චියේ ..... අපි නං ඔන්න ඔය හුචක්කුවට මොනවත් කියන්නේ නෑ හොදේ .....
ReplyDeleteඇ... පිරිමින්ගේ වැඩ අපිලිවෙලද ..... අනේ මන්දා ,
අපිලිවෙල කථෘවට නම් මටත් දෙන්න තියෙන්නේ හුචක්කුවේ සාදාරනී කරනයම තමයි , නිදහාස් තියා ගන්න ඔනේ ඇගේ කෑලිටික විතරක් නෙවෙයිනේ ... ගෑනු ගමයි ඇග නිදහසේ තියා ගන්න කැමතීවගේම තමයි කොල්ලොත් කැමතී තමන්ගේ බඩු භාන්ඩ ඔහේ නිදහසේ තියාගන්න. හොදට අහුරලාතියෙනකොට ලස්සනයි තමයි ඒත් ඒකත් ඇවිල්ලා ගෑනු ඈයෝ ඇගට සෑහෙන්න ඇදුමු තද කරන් ඉන්නවා වගේ ,..... ඊට වඩා නරකද හුචක්කුවක් ඇඳගෙන නිදහසේ ඉන්නවා වගේ ඔනේ දේවල් සේරම අතට අහුවෙන මානේ තියන් ඉන්න එක . බලන අයට කැතට පෙනුනට ඒක තමයි නිදහස කියන්නේ , හරියටම හුචක්කුව වගේ
හයියෝ .... අකුරු සෑහෙන්න වැරදිලා නේද ..... ශික් ... ගනන් ගන්න එපා ඇ /////
Delete//අපොච්චියේ ..... අපි නං ඔන්න ඔය හුචක්කුවට මොනවත් කියන්නේ නෑ හොදේ .....
Deleteඇ... පිරිමින්ගේ වැඩ අපිලිවෙලද ..... අනේ මන්දා ,//
කැම්පස් එකේ හොස්ටල්ද ඉන්නේ ? එහෙමනම් ඇස් වලින්ම දකිනවා ඇතිනේ පිළිවෙල ගැන...හි හී
//ඊට වඩා නරකද හුචක්කුවක් ඇඳගෙන නිදහසේ ඉන්නවා වගේ ඔනේ දේවල් සේරම අතට අහුවෙන මානේ තියන් ඉන්න එක . බලන අයට කැතට පෙනුනට ඒක තමයි නිදහස කියන්නේ , හරියටම හුචක්කුව වගේ//
ඉතින් බලන්නකෝ...ඔය ඉන්න ටිකටත් කී දෙකෙන්ක් කීයක් නම් දේවල් කියනවද ..... :)
අනේ මමත් හරිම ආසයි හුචක්කුව විතරක්ම ඇදන් ඉන්න. වැඩ ඇරිල ආවම තියෙන වැඩක්පළක් කරල ඇග හෝදල හුචක්කුවට බැස්සට පස්සොක තමයි සැනසීමක් දැනෙන්නෙ. ඒත් උදේට ගෙයින් පිට වැඩ පටන් ගන්න කළින් හුචක්කුව අයින් කරල විධිමත් විදියට ඇදුමක් ඇගට දා ගන්නවා. මට හිතෙන්නෙ ඒක වඩාත් හොදයි කියල ගමේ ජීවිතයට. ලිහිණි නංගි අපූරු මාතෘකාවක් එළියට දාල තියෙන්නෙත.
ReplyDeleteඅපි කවුරුත් කරන්නෙ ඒකනෙ තරු අක්කා...එළියට යද්දී හුචක්කුවෙන් යන්නෙ නෑනේ..ඔය සරත් මහත්තයා අනම් මනම් කියන්නෙ ගෙදර ඉන්න අයට...ඒකනෙ වැඩේ..
Deleteපිළිවෙල සහ පිරිසිදු කම ගැන නම් ආයෙ මුකුත් කියන්න බෑ.. ගැහැණියකට පිරිසිදුකම තියෙන්නෙම ඕනෙ..
මම නම් ආසයි අපේ ගම හාමිනේ හුචක්කුව පිටින් ඉන්නවට....!
ReplyDeleteඑයාටත් පහසුයි, මටත් පහසුයි...!
ඇයි අපිට:D
Delete@දුමී
Deleteහි හි හී...අදහන්න වටිනා ස්වාමි පුරුෂයෙක්...
හි......හි.......... මරු ලිපිය...... හුචක්කුව...... වචනෙ අහල තිබුනට අද තමා තේරුම දැන ගත්තෙ......... ස්තුතියි ළිහිණිට...........
ReplyDeleteඉස්සර ඒකෙ නම් නයිට් ඩ්‍රෙස් එක. දැන් ඒක හුචක්කුව...හි හි හි..ලස්සන නම නේද ඉසුරු... :)
Deleteහපොයි මායි සමියයි රෑ පානේ එද්දී මෙච්චර යුද්දයක්
ReplyDeleteතිබ්බේ නැහැනේ...අපි නිකන් නෑ වගේ මාරු උනා අපිට
බෑනේ ඕවට කට දාන්න කියල...දැන් බලද්දී තව ඩින්ගයි
අඩු..ඒ නිසා මගේ මතෙත් කියන්නම්..මට නම් මොන දෙයක්
ඇන්දත් කමක් නැහැ , එයාට කැමති විදිහට අපි දෙන්න පුද්ගලිකව
ඉන්න වෙලාවට ඉන්න දෙනවා..ඒත් 3 පිට කෙනෙක් ඉද්දි
ඉබේම ගැලපෙන ඇඳුමක් දාගන්න කියනවා..
මොකද පිට මිනිස්සුන්ට වෙනද නොදකින කරමලේ මහ
මෙරක් වෙන්න පුළුවන්.දුහුල් ඇදුම් වලට පිරිමි හිත් අවිස්සෙනවා
ළමයිනේ..තේරුන් ගනිල්ලකෝ...
අපේ සරම අස්සෙන් නෝටි නෝටි ඒවා නොපෙනුනාට සමහර හුචක්කු
වලින් අන් පුරුෂයන්ගේ හැගීම් වැඩි වන දේ පෙනීමට පුළුවන්..ඒ ගමන්
වෙන පිරිමි කෙනෙක් හිතන්න පුළුවන් ඒක ලිංගික ක්‍රියාකාරකමට
ආරාධනාවක් කියල.ඒ හින්ද ගෙවල් ඇතුලේ කොහොම උන්නත්
ඔය දේවල් නිදහසේ දග කරන්න යවන්න එපා..
+++++++++++++++
Deletesilent කැල්ල අහක් කරගනින්, හැසිරීමට ගැලපෙන්නෙ නෑ.
Delete@silentsahan
Deleteහිතෙන යුද්ධ මවා ගන්න එපා..මේවා ජොලියට කරන සංවාද..බලන්නකෝ කවුද මෙතන යුද්ධ කරලා තියෙන්නෙ කියලා...හි හි හී
@ තිසර
Deleteha
@ lihini
Deleteow eka aththa lihini..godak weerayo innawa wge neh?
අපේ උන්දෑනම් කපටි කමේ හොඳම එක. මම ගෙදර ඉන්නවනම් මම නැගිටින්නත් කලින්නැගිටලා මුහුන කට හෝදලා ඔයා ඔය කියන අහවල් එකත් මාරු කරලා හොඳ ටයිට් කිට් එකකට බහිනවා. එහෙම නොවුනොත් ප්‍රතිපල භයානක බව උන්දෑ අත් දැකීමෙන්ම දන්නවා.
ReplyDeleteමම ඔහොම කිව්වා කියලා උන්දැට නම් කියනවා නෙවෙයි ඕං. හම්බෙන බත් එකත් නැතිවෙයි. ළිහිණි අද ලියලා තියෙන ශෛලිය දැකලයි එහෙම ලියවුනේ.
ReplyDeleteජීවිතයක් රස ගැන්වෙන්නට සැමියාගේත් බිරිඳගේත් දෙන්නගෙම වගකීමනෙ අයියේ..දෙන්නම එහෙම හිතනවා නම් කොහෙද ප්‍රශ්ණ නේද...
Deleteසරත් මහත්තයාගේ කතාවෙයි ලිහිනිගේ කතාවයි දෙකම එක වගේ කියලා මට හිතෙන්නේ... එකඟ වෙන්න පුළුවන් තැන් වගේම බැරි තැනුත් තියෙනවා... කමෙන්ට් කියෝපුහාම කියන්න හිතුන දේවල් ටිකක් කියලා යන්නම්..
ReplyDeleteකසාද බැන්දම ගෑණියෙක් රෙදි හෝදන්න ඕන, උයන්න ඕන, මනුස්සයාගේ ඇඳුම් මදින්න ඕන ආදී වශයෙන් හිතන පිරිමියෙක් ඉන්නවානම් ඌව නොබදින එක තමයි කරන්න ඕන හොදම දේ.. ඉස්සර කාලේ වගේ කුඹුරෙන් හාල් හොයාගෙන වත්තෙන් එළවළු හොයාගෙන පහල ඇලෙන් මාලු සපයාගෙන කැලෙන් දඩ මසක් හොයාගෙන ඉන්නවානම් එහෙම කිව්වට කමක් නෑ.. ගෑනු එහෙම කරන්න ඕන කියලා හිතෙන පිරිමි ඉන්නවානම් වැඩට කෙල්ලෙක් ගන්න එක හොදයි අමතර වැඩකට වැඩියෙන් ගෙවලා...
අනික ඔය කවුරුත් කියන්නා වගේ අහවල් කෙංගෙඩියටද හිර කරන් ඉන්නේ... නිදහසේ පාඩුවේ හිටියැකිනේ.. ඒත් පිරිමින්ගේ ඇස් ටී ශර්ට් එකට උඩින් පෙනෙන අර පුන්චි තිත් දෙකට යොමු වෙනකොට ඒ බැල්ම දරා ගන්න අමාරුයි නේ ගෑනු ලමයින්ට.. ඔතන විතරයි ප්‍රශ්නේ තියෙන්නේ... :D
//කසාද බැන්දම ගෑණියෙක් රෙදි හෝදන්න ඕන, උයන්න ඕන, මනුස්සයාගේ ඇඳුම් මදින්න ඕන ආදී වශයෙන් හිතන පිරිමියෙක් ඉන්නවානම් ඌව නොබදින එක තමයි කරන්න ඕන හොදම දේ.. //
Deleteමේ ටික නම් මසුරං..ඇත්ත නේන්නම්..පවුල් ජීවිතයට සහයෝගය නැත්තම් වැති වැඩක් තියේද..මනුස්සයා විතරක් හරි හම්බ කරපු කාලේ නම් ඔහොම හිතුවත් කමක් නෑ..ඒත් දැන් පවුලේ හවුලට කාන්තාවත් දිරියක් වෙනවා..රස්සා කරනවා...එතකොට නම් දෙන්නම ගෙදර වැඩ රාජකාරි කරන්න ඕනෙ..පිරිමියෙක් ගෙදර රෙද්දක් හේතුවට පිරිමිකමට අහවල් දෙයක් වෙන්නෙ නෑනෙ.....නේද අයියේ..
අර උඩ ඉන්න නංගිගෙ වගේ හුචක්කුවක් නං අපි එපා කියයි... ඒත් ඉතිං හැම එකටම තැනක් වෙලාවක් එපැයි...
ReplyDeleteසරත් මහත්තයාගේ නෝනවත් අල්ලලා දීලා තියන බැටේ නම් පොඩ්ඩක් අසාධාරණයි මට හිතෙන්නේ. සරත් මහත්තයා දෙපැත්තටම බොහොම සාධාරණව කරුණු කියනවා. කාන්තාවන් (හෙදියන්) වැඩියෙන් ඉන්න තැනක් නිසා ටිකක් වැඩියෙන් කාන්තාවන් ඉලක්ක කරන්න ඇති.
හි හි හී...මම කිව්වේ ඇත්තනෙ තිසර...ගෑණුන්ට ගෙදරක තියෙන වැඩ කන්දරාව කොයි තරම්ද..මම මේ කියන්නෙ අතට පයට වැඩ කාරයෝ නැති ගෙදරක..
Deleteමේ පෝස්ට් එකටම හරි යන කෙම්ට්කරුවා තමා තිසර කියන්නේ. නේද "රණ තිසර" ??? :)
Deleteහෙහ්.. දැං මේක තුවක්කුවක් වෙලා නෙව. ලිහිණියෝ...
ReplyDeleteඒකනේ බන්...මම මේ ජොලියෙන් උත්තර බඳිද්දී...සමහරු වෙඩි තියනවනෙ...හි හි හී
Deleteඋඩ ඉන්න නංගි බබා නම් ශෝක්.. එහෙම උන්නවා නම් දවසම උනත් කමන් නෑ.
ReplyDeleteසරත් අයියා කිව්වේ කොයි සරත් ද ? සරත් චන්ද්‍රසිරි ? සරත් ලංකාප්‍රිය ?
@ එහෙම උන්නවා නම් දවසම උනත් කමන් නෑ.
Deleteබැන්ඳ දවසක නෝනාව එහෙම තියා ගන්න...වියදමත් අඩුයි.. :D
//සරත් අයියා කිව්වේ කොයි සරත් ද ? සරත් චන්ද්‍රසිරි ? සරත් ලංකාප්‍රිය ?//
Pro සරත් විජේසූරිය
//බැන්ඳ දවසක නෝනාව එහෙම තියා ගන්න...වියදමත් අඩුයි.. :D //
Deleteවියදම කොහෙද බොලේ අඩු වෙන්නේ. වැඩියෙන් හෙළුවෙන් ඉන්න පුලුවන් ඇඳුම් තමා ගණන් වැඩිම.
අර වීඩියෝ එක නම් ලෝඩ් උනේ නෑ. ගෙදර කනෙක්ෂන් ස්ලෝ එකක් තියෙනවා. :(
ඇයි බන් මධුවො..ඇඳුම් වලට යන ගාන ගෙඩිය පිටින් ඉතුරු වෙනවනේ...
Deleteමෙයා කතා කරන්නේ සම්පූර්ණ හෙළුවෙන් ඉන්න එක ගැන නෙහ්. :)
Deleteකට පොපිය පොපිය තියෙනවා. කියලා දාන්න හිත් දෙන් නෑ.. :)
ඔන්න දැක්කද...උඹ තමා එහෙම හිතලා තියෙන්නෙ. මම කිව්වේ හුචක්කුවේ උන්නම ඒකට විතරනෙ වියදම කියලා...අනේ මධුවො...:P
Deleteමේ මිනිහා කියන කතාවල අත්තක් තියනවා. හැබැයි ඌ ඒක කියන විදියටනම් අනින්න හිතෙනවා දෙකක් ලිහිණි. එයාගේ අත්දැකීම් ද මන්දා :)) මන්නම් ඉතින් හුචක්කු පාවිච්චිය අඩුයි. ශෝර්ටකුයි ටී ෂර්ට් එකකුයි ඊට ලේසියි නිදාගන්න උනත්. ඇඟේ පැටලෙන්නේ නෑ නේ. ඔය කොල්ලොන්ට උනත් මම හිතන්නේ නෑ සරම ඇඳන් නිදාගන්න ලේසි ඇති කියලා. එහෙට මෙහෙට හැරෙන කොට ඕක පැටලෙනවා නේ. එක්කෝ එයාලා සරම ගලවලා ඒක ඇතුලේ බැහැලා නිදියනවා ඇති.
ReplyDelete//එක්කෝ එයාලා සරම ගලවලා ඒක ඇතුලේ බැහැලා නිදියනවා ඇති//
Deleteනිදාගන්නකොට සරම ඇඟේම තියෙනෙ ඕනෙ කියල එකක් නැහැනෙ.. අපි නම් ගොඩක් වෙලාවක හොයාගන්නෙ ඇඳ පාමුල බිම වැටිල තිබිලා. :D
අපි නැති උනාට හුඟාක් කාන්තාවෝ තාමත් අඳින්නෙ හුචක්කුව තමා සයුරි...අර කිව්වත් වගේ නිදා ගත්තම සරම ඔළුවෙ වෙන්නැති...
Deleteසරත් මහත්තයාගෙ භාෂා විලාසයට මමත් කැමති නෑ. පාවිච්චි කරන වචන අන්තිමයි..
හුචක්කුව පහසුයි නේද.. අපිටත් සරම හරි පහසුයිලු..එත් මටනම් සරුන් හරියන්නේ නැහැ...ඔයා හුචක්කුව අදින්න ලිහිණි මොනවා උනත් ඒක නියම ඇදුම... උදේ පාන්දර නැගිටලා ජනේලයෙන් අවට සිරි නරබනකොට හුචක්කු ඇදගත්ත ලළනාවෝ කඩි මුඩියේ වැඩපල කරන දර්ශනේ නම් නෙත් සිත් පිනා යනවා...
ReplyDeleteනිදහසේ රැයක් ජයවේවා !!!
පහසුදත් අහනවා...ඇයි දෙයියනේ...උදේ ඉඳන්ම හිර කරගෙන ඉන්න ඔක්කෝම නිදහසේ තියන එකම වෙලාවනේ...
Delete//උදේ පාන්දර නැගිටලා ජනේලයෙන් අවට සිරි නරබනකොට හුචක්කු ඇදගත්ත ලළනාවෝ කඩි මුඩියේ වැඩපල කරන දර්ශනේ නම් නෙත් සිත් පිනා යනවා...//
ඔන්න දැක්කද... හි හි හී..
අගේ ඇති කතාවක් ළිහිණි අක්කියා.....මමත් ගෙදර අස් පස් කරන්නෙ ඕක පිටින්ම තමයි.. සැහැල්ලුවෙන් කරදරයක් කලබලයක් නැතුව දෙයියනේ කියලා වැඩ ටික කරගන්න පුළුවන්..
ReplyDeleteඒකනෙ ශම්මියෝ...ඒ නිදහස ගැන දන්නෙ අපි විතරනෙ..
Deleteබුදු අම්මෝ.. ලිහිණි අක්කා හුචක්කුවට තියෙන ආදරේ.. ඔන්න මමත් එකඟයි.. මමත් ලිහිණි එක්කාගේ පැත්තේ.. ඔයා වගේ මමත් තනියම්නේ ඉන්නේ මගේ night dress එක pijama එක තමයි.. ඒක තරම් හොඳ ඇඳුමක් තවත් නෑ අෆ්ෆා..හැබැයි ඉතින් අර කියනවා වගේ පිරිසිඳුවට ඉන්න ඕනා පැය 24ම ඕක ඇන්දත්..
ReplyDeleteහුචක්කුවට ජය වේවා..!! ලිහිණි අක්කාට ජය වේවා..
හි හි හී...මගෙ හුචක්කුවකුත් තියෙනවා පිජාමා එකක්..අම්මෝ..ඒක ඇඟට දා ගත්තම තියෙන සනීපේ...
Deleteහප්පට සිරි බොල. මම ආපු නැති ටිකට ළිහිණියා හරිම සාහසික පෝස්ට් ලියන්න පටං අරන් නොවැ!
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මොකක් කිව්වා " සාහසික පෝස්ට් " ...හි හි හි...එහෙමත් ඒවා තියෙනවද ..
Deleteඅන්තිම වෙනකන් තේරුනේ නෑ හුචක්කුව කියන්නේ මොකක්ද කියලා . අපි ඉතින් ඔය වචනෙට ගොඩක් තේරුම් දුන්නනේ . අපි නම් ඉතින් සරම තමා .පුලුවන්නම් වැඩට යනකොටත් සරම ඇදගෙන යනවා . ගෑනු අය ගෙදරට හුචක්කුව අන්දට මගෙනම් කිසිම විරුද්දත්වයක් නෑ .එතකොට තමා අපිටත් ගතියක් එන්නේ.අදමයි මේ බ්ලොග් එක පැත්තේ ගොඩ උනේ .ලස්සනයි ඈ බ්ලොග් එක
ReplyDeleteඔන්න ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...ආපු දාම කියවන්න ලැබුනේ හුචක්කුවක් ගැනනෙ...හි හී
Deleteමොනවා හරි කේන්තියකින් ලියපු පෝස්ට් එකක්ද මන්දා.
ReplyDeleteහැබැයි ඉතින් ගෙදරදී හෝ සැහැල්ලුවෙන් ඉන්න ඇති නම් හොඳයි තමා. ඔයාලට වඩා සමහර විට අපිට පීඩනය වැඩියි වැඩට ආවම. සපත්තු මේස්, දිග කලිනම් අත් දිගට ඇඳලා ටයි නොදාන නිසා හොඳයි. එහෙම තැන්වල නම් ඉවරයි. ඔයාලට නස් සකර්ට් බ්ලවුස් ඇන්දම ටිකක් හරි නිදහස්නේ....
මොන හේතුවක්ද මන්දා දැන් බ්ලොග් යායේ කට්ටියම නිදහසේ අදහස් ප්‍රකාශ කරලා පෝස්ට් ලියනවා. විවෘත අදහස් වලට, මේ වගේ පෝස්ට් කියවන්න පුළුවන් ලේසියෙන්ම.
ප්‍රියන්තට වැටහිලා නෑ...අපි මේ කිව්වේ කාන්තාවන්ට විතරක්ම තියෙන සමහර දේවල් නිදහසේ තියන්න තියෙන අවස්ථාවක් ගැන... උඩුන් අඳින දේවලට වඩා යටින් හිර කරගෙන ඉන්න දේවල්වලින් ලබන නිදහස ගැන...
Deleteඅපෝ...මොන කේන්තියද...කෝපි කෝප්පයක් තොල ගාන ගමන් හිතුන දේවල්නේ...
අදමයි මේ පැත්තට ආවෙ...ආපු හැටියෙ හුචක්කුවක් ගැනනේ කතාව.
ReplyDeleteඅප්පේ ඔය දාල තියෙන ෆොටෝ එකේ ඉන්න අප්සරාවියනම් හරිම ස්වීට්..
එයාගේ හුචක්කුවනම් හොද පිරිසිදුවට තියෙනවා.ඔයා කියන ඔය අදහස් වලට මාත් එකගයි.
පිරිමි රස්සාවක් කරලා පවුලක් නඩත්තු කලාට.වැඩිපුරම මහන්සි වෙන්නේ,බර උහුලන්නෙ ගැහැණිය,බිරිද,දරුවන්ගේ අම්මා.ඉතින් එහෙවු එකේ හුචක්කුවක් මාරු කර ගන්නවත් වෙලාවක් නැති වෙන එක පුදුමයක් නෙමේ.කොයි තරම් වැඩ රාජකාරිද බිරිදකට.
අර කතාවටත් කියනවනෙ අපිට කොයින්ද නිදහසක් මැරෙනකම් වැඩ වැඩම තමයි කියල.
ඒ උනාට ඉතින් කාලය කලමනාකරණය කරගෙන විවේකයක් එහෙමත් ගන්න ඕනෙ.
අපේ අම්මටත් මං වෙලාවකට ටිකාක් සැරෙන් කියන දෙයක් තමයි "අම්මේ ඕක දැන් ඇදන් හිටිය ඇති,බලන්න ඔකේ හැටි"කියල ඔය සරත් මහත්තයාගේ කතාව තමයි මාත් ඊළගට ඇදල ගන්නෙ.
පිරිමි කැමතිනේ තමන්ගේ බිරිද ලස්සනට ඉන්නවට එහෙම උනාමනේ ඉතින් ආදරෙත් වැඩි වෙන්නෙ.ආදරේ පවතින්නෙ.
අනික ඉතින් ඔය නයිට් ඩ්‍රෙස් එකට කොච්චරනම් පිරිමි කැමතිද...ආයිත් ඉතින් එකේ කතා දෙකක් නැනෙ.ලස්සනට පිරිසිදුවට තියෙනවනම් මොක ඇන්දහම මොකද.
ඕක ඇදගෙන පාරවල් ගානෙ යන එකනම් අනුමත කරන්න බෑ.අහල පහල මිනුස්සුත් බලයි කන්න වගේ.
සුවාමි පුර්ශයයි,බිරිදයි විතරක්නම් ගෙදර ඉන්නෙ කැමතිනම් හෙළුවෙන් හිටියත් මොකෝ..තමන්ගේ තැන තමන්ට ඕන විදියට ඉන්න බැරි නම් වැඩක් තියෙනවද.
ඒ උනාට ඉතින් හැමෝම කැමති බාගෙට පේනවට තමයි ඕන්.
අර කොල්ලෝ ඔක්කොම වැඩ අනා,ගන්නවා,පිළිවෙලක් නෑ කියපු එකටනම් එකග නෑ.ටිකක් විතර පිරිමි අය පිළිවෙල ගැන සැලකිලිමත් නොවුනත්,කුඩා කාලයේ ඉදන් ඒ හුරුව ලැබෙනවානම් ගැහැණු පිරිමි බේදයක් නෑ.පිළිවෙල,වැඩක් තනියම හරියට කරගන්න පුළුවන්කම හැමෝටම පිහිටනවා.කොටින්ම කාලෙකට කලින් අපේ නංගිගේ මේසෙ,කාමරේ,ඇදුම් රැග් එක අල්මාරිය තියෙන් ඉන්න විදියට පිස්සු හැදෙනවා.ඒකට මං.පොඩි කාලෙ ඉදන්ම හැමදේම ෆුල් ක්ලීන් එකේ තමයි තියා ගන්නෙ.දැන් නම් ඉතින් නංගිත් හැම දේම පිළිවෙලට පිරිසිදුවට කරනවා..
අර ගැහැණු අය හිර කරගෙන විදින වේදනාවනම් ඔයාල කියන විදියට ඇත්ත තමයි.ඒක මේ සමාජ ක්රමයේ වැරැද්ද වෙන්න ඇති.කාලෙන් කාලෙට හැමදේම වෙනස් වෙනවනේ.අහපව් රිවස් එකට ගිහින් ගල් යුගේට ගියොත් ඔය ප්‍රශ්නෙ නිරාකරණය වෙයි මගෙ හිතේ.කොහොමත් මේ වැඩිවෙන ගෝලීය උණුසුමත් එක්ක හැමෝටම නාන ඇදුමට බහින්න වෙයි ලගදීම.
එත් ඉතින් පිරිමින්ට වගේ නිදහසක් කොයින්ද ගෑනුට.එත් යන්තම් හරි හිර කොරන් ඉන්ඩ එපැයි.අර ලංකාවේ කොහෙද මන්දා නියුඩ් බීච් එකක් දානවයි කිව්වෙ,එතකොට අවුලක් නෑ ඒ ගැටලුවත් අහවරයි.
අපේ අම්මනම් කියනවා සරමට බහින්න කියලා.හිර කරන් ඉන්න හොද නෑලු.ඒ උනාට හිරට නැති කලිසම් තමා මට අල්ලලා යන්නෙ .සරමට මම කැමතිම නෑ.ඕක ඇද ගත්තහම හදිස්සියකට දුවා ගන්නවත් බෑනෙ.
අනික විවාහයක් කරගන්නෙ ගෑනියක් ගෙනත් වහලියකගෙන් වගේ වැඩ ගන්න නෙමෙයිනෙ.දරුවෝ උනත් තමන්ට පුළුවන් කාලේ එනකොට තම තමන්ගේ දේවල් තනියම කර ගන්න පුරුදු වෙන්න ඕනෙ.දෙමවුපියොත් දරුවන්ව එහෙම කර ගන්න පොලබවන්න ඕනේ.එහෙම නැතුව පුළුවන්කම තියෙද්දිත් යට ඇදුමත් තමන්ගේ බිරිදටම,අම්මටම කියල හෝදගෙන,ඇදුම් ටිකක් මද්දවාගෙන,කවා පොවා ගෙන පිරිමියෙක් ඉන්නවනම් උගෙන් ඇති වැඩක් නෑ.ඌ විවාහයෙන් අරන් තියෙන්නෙ බිරිදක් නෙමෙයි සේවිකාවක්.දරුවෝ උනත් අම්මට නිතර උදවු පදවු කරගෙන ඉන්නවනම් හැමෝටම සතුටින් සාමයෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න පුළුවන්..
මම බැන්ද කාලෙක මයෙ නොනිත් එක්ක සහයෝගයෙන් ඉන්නවා.එයා මොක ඇන්දත් කමක් නෑ පිට මිනිස්සු නැති එයයි මායි විතරක් ඉන්න තැන.එහෙම කිව්වෙ හැම මිනිහෙක්ටම හැගීම් දැනීම් තියෙන නිසා.පොඩි දෙයක් ඇතිනෙ ලොකු අවුලකට..
පොස්ටුව එල... ජයම වේවා ලිහිණියෝ !!!
හුචක්කුවත් කියවාගෙන මේ පැත්තට ආවට බොහෝම ස්තුතියි. මදෑ ආව දාම කියනවන්න ලැබුන පෝස්ටුව නේද..
Deleteඔයාගේ කරුණු කාරනා හරි. සරත් මහත්තයා පාවිච්චි කරන වචන වලට තමා මම කැමති නැත්තේ. දරුවෙක්ට අම්ම කෙනෙක් කිරි දෙන්නෙ අරවා මෙව්වා අනිවාර්යෙන්ම එල්ලෙන්න ගන්නවා කියලා දැන දැනමනෙ..ඉතින් පස්සෙ කාලෙක ඔය එල්ලෙන ඒවාට අර විදියට අපහාස කරන එක වැරදියි. ...
කොහොමත් පිරිසිදු කම ගැන නම් ආයෙ කතා දෙකක් නෑ. ගෑණියෙක් උනාම පිරිසිදු කම නැත්තම් ඇති වැඩකුත් නෑ...
ස්තුතියි දිගම දිග අදහසට :)
තවම බැන්දේ නැහැ. තව ටික කාලෙකින් හරියටම චොම්මෙන්ට් කරන්නම්.එත් මේ වීඩියෝ එකේ තියෙන්නේ හවසට එද්දී තියෙන විදිය නේද?
ReplyDeleteබැන්ඳම විතරක් නෙමේ..බඳින්න කලිනුත් මේවා ගැන දැනගෙන ඉන්න එක හොඳයි වගේ...මොකෝ..අපිත් බැඳලයෑ... :)
Deletei
ReplyDeleteI usually read your blog but not yet commented due to I don't know how to type in Sinhala. But importance of this post makes me to comment in English. I don't know do you accept English comments.
ReplyDeleteMen don't know the difficulties of women. Night dress is most comfortable wear to me. According to me, I usually wear the night dress as soon as possible after coming home. And wear it till the morning. Professors don’t know it.
I also hate bras but it not means women shouldn't wear a bar. I think bra make us more difficult due to select unsuitable ones. Behalf of all women I appreciate your article and can you write about How to select more suitable bra/panties. Actually lot of women lack of knowledge and some are actually don't know how properly use sanitary napkins. It is valuable if you can do it.
Welcome to my Blog.. :)
Deleteas you said ill try my best to write something about only for the women needs..
උඹේ ලියවිල්ලත් සුපිරිය, කොමෙන්ටුත් සුපිරිය,
ReplyDeleteඅදහස් දක්වන්න කල් ගියා වැඩිය.
තම්න් පිරිසිදු නම් බොහෝ ගැටළු වලකා ගන්න පුළුවන්
අපරාදේ මුදියන්සේ කලින් එන්ඩ එපායෑ මේ පැත්තට... කාරි නෑ..මේ අදහස කොටලා ගියාට ස්තුතියි...ආයේ එන්නකො මේ පැත්තේ..
Deleteහපොච්චියේ..... අන්තවාදයට මාගේ බවලත් විරෝධය!
ReplyDeleteඋඹ දන්නවද ලිහිණියෝ, අපිටත් නිදහසේ ශෝටක් ගහගෙන ඉන්න විදියක් නෑ මේ කෙල්ලෝ හින්දා. හිර කරන් ඉන්න එක තමයි මටත් එපාම කරපු වැඩේ. ඉතින් මන් ගැහුවා සිම්පල් ප්ලෑන් එකක්. බැස්සා සරමට.
/උඹ දන්නවද ලිහිණියෝ, අපිටත් නිදහසේ ශෝටක් ගහගෙන ඉන්න විදියක් නෑ මේ කෙල්ලෝ හින්දා.//
Deleteහත්වලාමේ...කෙල්ලෝ ඒ පැත්ත හොරෙන් හොරෙන් බලනවද ? හි හී
// ඉතින් මන් ගැහුවා සිම්පල් ප්ලෑන් එකක්. බැස්සා සරමට //
උදේට ඕක තියෙන්නෙ කරේ එහෙම නෙමේ වෙන්නැති... :P
අඟල් අටේ බංකු උඩ නිදාගන්න මට සරම ගැනනම් බය වෙන්න දෙයක් නෑ. ඒත් කාමරේට එන උන් ගැන හිතලා ඔලුවට තියන කොට්ටේ උකුල උඩින් තියා ගන්නවා. නැත්නම් හරි නෑනේ... අපෝ.. නිදි දෙව්දුව හරිම වල්....
Deleteඔයාලව බලන්න එන්නෙ නිදි දෙව් දුවනෙ...එතකොට අපිව බලන්න එන්නෙ කවුද දන්නෙ නෑ අප්පා.. :D
Deleteබොහොම වැරදියි මේ විදිහට එතුමා කතා කිරීම ගැන. මොකද අම්ම කෙනෙක් තමන්ගේ දරැවන් හදලා කවලා පොවලා ලොකු මහත් කරන්නේ අර ශරීරයේ තියෙන තමන්ගේ පෝෂණයට අවශ්‍ය කරන දේවල් දීලා. එතකොට ආයේ අහන්න බලන්න දෙයක් තියෙනවද ඇයිමේ මෙහෙම එල්ලගෙන ඉන්නේ කියලා.ඒක ස්වාමිපුරැෂයෙකුට නොහොබිනා වැඩක්...මම කිවේ මේ ලංකාවේ ඉන්න සාමාන්‍ය උදවිය පිලිබඳවයි. මොනව නමුත් පිරිසිදුවට ඉන්න පුලුවන් නම් මම හිතන්නේ ගොඩක් වටිනවා කාන්තාවකගේ අගය වැඩි වෙන්න...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
එතුමා කියන දේවල් හොඳයි. වැදගත්..ඒත් භාශා විලාසය නම් අන්තිමයි. ඔය එල්ලෙන හෙල්ලෙන ඒවා ගැන එතුමගෙ වචන පිට කරන්න කලින් හිතන්න තිබ්බා..ඒවා ස්වභාවික ක්‍රියාවලියක් නේද කියලා...
Deleteපිරිසිදු කම ගැන නම් කතා දෙකක් නෑ..ඒක කාන්තාවකගේ වගකීමක්..
ස්තුතියි මේ පැත්තට ඇවිත් අදහස් ලියා තිබ්බට රතී..:)
මේ මෙයාලා,අරයලා, කාන්තාවක් අඳින අවාසනාවන්තම ඇඳුම මොකක්ද කියලා දන්නවනං කියනවද? මමනං අහල තියෙනවා, පස්සෙ කියන්නංකො හෙමීට, මොකද ඒ ඇඳුම දැං මගෙ අතේ, මෙතන තව වැඩ රජකාරි ගොඩාක් තියෙනවා, කොරගංඩ හත්මුතු පරම්පරවෙම දැළි ගාවෙනවා . . . . . .
ReplyDelete( )මෙන්න මේ ළමිස්සී කොහෙංද මන්ද අදිනවෝ !!!