ඉතින්..ඔන්න තවත් අලුත් අවුරුද්දක් උදා
වෙන්නයි යන්නේ... 2012
අවුරුද්ද ගත උනේ හිතා ගන්නත් බැරි වේගයකින්...හුඟක් දේවල් අතීතයට එකතු කරලා..
දෙසැම්බර් මාසයේ 31 දාට
මම හැමදාම කරන වැඩක් තියෙනවා. කොලයක් අරගෙන ලබන්නාවූ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු
වෙන වැඩ කරයුතු සටහන් කරනවා. ඒ අවුරුද්ද ඉවර උනාට පස්සේ දෙසැම්බර් 31 දාට
බලනවා ඒ සටහනින් මොන මොන වැඩ කොටස් මගෙ අතින් කෙරිලා තියෙනවද...තව ඉතිරි ඒවා මොනවද
කියලා...ඉතිරි ඒවා ඊ ලඟ අවුරුද්දේ සටහනට එකතුවෙනවා..ඒක දැන් අවුරුදු කීපයක් තිස්සේ
කෙරීගෙන එන දෙයක්. අදත් ඒ වගේම අලුත් සටහනක් එකතුවෙනවා..අපි ඉතින් ගෙවල් දොරවල්වලින් ඈත් වෙලා
තනියම ජීවත් වෙන අයනේ. " මේක මෙහෙම කරපං..අරහෙම කරපං " කියලා ඇන ඇන කියන්න අය ලඟ නැති
වෙලාවේ එහෙම සටහනක් තියෙන එක හොඳයි...
මහා ලොකු බලාපොරොත්තු නැතත්....කීයක්
හරි ඉතිරි කරගෙන මටයි කියලා බිං අගලක් අරගන්න තියෙන බලාපොරොත්තුව තමා උඩින්ම
තියෙන්නෙ...ඒක අවුරුද්දෙන් අවුරුද්දට පරණ වෙන බලාපොරොත්තුවක්... :) ඒකට
මොකද...දවසක ඒ බලාපොරොත්තුවට ලං වෙන්න ලැබේවිනේ...
ගිය අවුරුද්දේ ජනවාරි පළවෙනිදා කිරිබත් කෑවේ තනියම
උනත්..මේ අවුරුද්දේ අම්මා ඇවිත් ඉන්න නිසා තනියක් නෑ... විශේෂම දේ තමා වෙනදාට වඩා
දැන් මගේ අම්මා මා එක්ක හුඟාක් සමීපයි...ඒක මට ලොකූ දෙයක්... අලුත් බලාපොරොත්තු
එක්ක පටන් ගන්න අලුත් අවුරුද්දේ අම්මගේ
කකුල් අල්ලලා වැඳලා ආශිර්වාද ගන්නකොට...අම්මා හීනියට ඔළුව අතගාවි...ඒ ආශිර්වාදය හිත
අස්සට මහා හයියක් වේවී...
ඉතින්..බ්ලොග් ලෝකයේදී දැන හඳුනා
ගත්ත...දයාබර සොහොයුරු සොහොයුරියන් හැමෝම
මේ වෙද්දී අලුත් අවුරුද්ද පිළිගන්න සූදානම් ඇති.. අපේ ජීවිතේ අතීතයට එකතු උන 2012 වසරේදී
අපි අතින් සිද්ධ උන..අතපසුවීම්..හිත් රිදවීම්..හිත් අමනාපකම්... වැරදි..හැමදෙයක්ම
අපි අතීතයේම තියලා...අලුත් හැඟීමක් එක්ක...අලුත් බලාපොරොත්තු එක්ක අලුත් අවුරුද්ද
පටන් ගමු...2013 අවුරුද්දේදී...අපේ හිත් වගේම
අනිත් අයගේ හිත්ද සතුටින් තියමු...
ලබන්නාවූ අලුත් අවුරුද්ද...සතුට සෞභාග්‍යය
පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
සුබ අලුත් අවුරුද්දක් වේවා ලිහිණිටත්..
ReplyDeleteස්තුතියි..ඔබටත් එසේම වේවා ! :)
Deleteඅක්කගේ බලාපොරොත්තු ගොඩේ උඩින්ම තියෙන එක ඉක්මනටම ඉෂ්ට වේවා....!
ReplyDeleteඒ වගේම ඔයාට ලබන අලුත් අවුරුද්ද සුභ එකක් වේවා......!!!!
ඒකට අවුරුද්දෙන් අවුරුද්ද පරණ වෙන බලාපොරොත්තුවක්... ඉෂ්ඨ කරගන්න උපරිම උත්සාහ කරනවා ...ස්තුතියි මල්ලී..
Deleteසුභම සුභ වාසනාවන්ත සිතන පතන හැමදෙයක්ම ඉෂ්ට වෙන අවුරුද්දක් වේවා අක්කා,
ReplyDeleteස්තුතියි නිශාන් ...නිශාන්ටත් නුවණ වැඩි වැඩියෙන් ලැබේවා! ඒ වගේම තව ටිකක් සුදු වේවා !
Deleteහැපි නිව් ඉයර් කිව්වා
ReplyDeleteසේම් ටු යූ :)
Deleteපාට වෙනස් වෙලාදත් මන්දා, ඒත් මම ආසම අර පොඩි සමනළයෙක්ද මොකෙක්ද හිටියෙ පැත්තකින් එයා නෑ..ඒක ආයේ දාන්නකෝ... සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කියා..සිතුම් පැතුම් සේරම් ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..
ReplyDeleteජය!!
ආ...එයාව දාන්නම් ...
Deleteඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ශම්මියෝ !
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!මේ අවුරුද්දේවත් කොල්ලෙක් සෙට් කරගෙන බැඳලා දාන්ඩ හලෝ.........
ReplyDeleteඅපෝ..බැරියෝ..මේ අවුරුද්දේත් නිදහසේ ඉන්න ඕනේ...
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා ලිහිණි අක්කේ!
ReplyDeleteඔයාටත් එසේම වේවා මල්ලී !
Deleteඔයාටත් සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteස්තුතියි රෙහානි..ඔයාටත් එසේම වේවා !
Deleteළිහිණි මේ නම් මා දුටු හෘදයාංගම සටහනක්.අම්මා මේ පාර ඔයා එක්ක සමීපයි කියන එකත් හරිම සතුටට කරුණක්. ඒකනේ මම හැමදාම කියන්නේ ආදරය ගණුදෙනුවක් කියලා. ඒ කොහොම වුණත් සයිබරයෙන් හඳුනගත් ලෙංගතුම චරිතයක් ඔබ. ඉතින් ඔබටත් මවටත් පැතුම් ඉටුවන වසර 2013 වේවා කියා මං හදවතින්ම පතනවා. ඔයාගේම ඉඩං කෑල්ලක ගෙයක් හදාගන්න එක උදාවන වසරේ අනිවාර්යෙන්ම කෙරෙනවා..ජය
ReplyDeleteඉඩං වැඩේ නම් තව ටිකක් කල් යාවි නලින් අයියා..බලමුකෝ...
Deleteනලින් අයියාටත් තුල්යාමි නංගාටත්...පවුලේ අනෙක් සියළු දෙනාටත් නිරෝගිමත්..සතුට පිරුණ සුබ අලුත් අවුරුද්දක් වේවා !
ඔබටත්, සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...ජයෙන් ජය ලැබේවා...!
ReplyDeleteසතුටුයි ලිහිණි...කොහොම හරි පර්චස් 10ක් වත් ගන්න ..! මගේ ගානෙ ප්ලෑන් එකක් දෙන්නම් ගේකට.
අම්මටත් කියන්න සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කිව්ව කියල..!
අලේ..ඔය තියෙන්නෙ...වචනෙත් වටිනවා වීයෝ...ඉඩමක් ගන්න තව අවුරුද්දක් වත් යාවි වීයෝ..ඒ ගත්තම් ඔන්න මම ප්ලෑන් එකේ වැඩේ වීයට දෙනවා...:)
Deleteසුභ අළුත් අවුරුද්දක් වෙවා....
ReplyDeleteසුභ නව වසරක් වේවා!
ReplyDeleteමේ අවුරුද්ද අම්මත් එක්ක කිරිබත් කාලා ලබන 2014 අවුරුද්ද අම්මයි පවුලට අළුතින් එකතු වෙන ජීවන සහකරුයි 2ම එක්ක කිරිබත් කන්න ලැබේවා!
අඩේ අප්පා...මට හීනෙන්වත් තාම සහකරු පේන්නෙ නෑනේ...හි හි
Deleteස්තුතියි මල්ලි. ඔයාටත් එසේම වේවා ! :D
ඉතින් අලුත් අවුරුද්දේ ඔයාගේ බලාපොරොත්තු සපලවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,ඒකට ගම් පළාතේ (ඔයා වෙන්නප්පුවේ කිව්වා නේද ) බැංකුවකින් උදව්වක් ඕනානම් මට කියන්නකෝ
ReplyDeleteබැංකුවකින් මට උදව්වක් කරන්න බැරිද?
Deleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
@හස රැල්
Deleteබැංකු ණයකුත් ගන්න වේවී. ඒත් තව ටිකක් කල් ඉන්න ඕනේ. මොකද ඔක්කොම ණයට අරන් බෑනේ...ස්තුතියි ඒ ගැන මතක් කලාට. උදව්වක් අවශ්‍යය උනොත් අනිවාර්යෙන්ම කියනවා...:)
සුභ අළුත් අවුරුද්දක් වේවා කෙල්ලේ.....!!!!
ReplyDeleteඒසේම වේවා මාතලන්...:)
Deleteඔයාටත් සුභම සුභ නව වසරක් පතනවා..... හිතේ තියන ප්‍රශ්න නෑති වෙලා ජීවිතේ දිහා ලස්සනට බලන්න හෑකිවේවා...
ReplyDeleteහැමෝගෙම හිතේ ඕනෑ තරම් ප්‍රශ්ණ තියෙනවා. ඒත් කවුරුත් ඒවා එළියට දමන්නෙ නෑ. මම විවෘතයි. හංගන්න දේවල් නෑ...:) ඒකනෙ ඔක්කොම කතා කරන්නේ..
Deleteස්තුතියි ප්‍රාර්ථනාවට..ඔබටත් එසේම වේවා !
ඔයාටත් ඔයාගේ අම්මාටත් අනෙක් හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා ලිහිණි..!
ReplyDeleteස්තුතියි චන්දන..ඔයාටත් එසේම වේවා !
Deleteලොකු සතුටක් ළිහිණි..
ReplyDeleteඔයාටයි අම්මටයි සුබ නව වසරක් වේවා...
අම්මගෙන් ලොකූ තෑග්ගක් ලැබුනා. නලින් අයියට නම් කිව්වා. ඔයාටත් කියන්නම් හිරු..ඔයාටත්..ඔයාගේ " අපේ මහත්තයටත් " නිදුක් නිරෝගී සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා ..!
Deleteසියලු සිතුම් පැතුම් ඉටුවේවා!
ReplyDeleteඔන්න බොක්කෙන්ම කිව්වා.. :)
එසේම වේවා එසේම වේවා...
Deleteඔන්න මාත් බොක්කෙන්ම කිව්වා හරියෝ.. :)
ඔයාටත් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා ලිහිණි...!!!
ReplyDeleteසියලු බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!
ReplyDeleteඅළුත් අවුරුද්දෙ ඔයාගෙ පැතුම් ඉටු වෙන්න කියල මමත් ප්රාටර්ථනා කරනවා නංගී... ජේසු පිහිටයි.
ReplyDeleteඑසේම වේවා ලිහිණියා
ReplyDeleteහදට දැනෙන ලිපියක්.
ReplyDeleteඔබටත් ළීහිණියා සුභ නව වසරක් වේවා!
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අලුත් පෙනුම ලස්සනයි....ලෝඩ් වෙන්න නම් ටිකක් වෙලා යනවා....
ReplyDeleteසියලු බලාපොරොත්තු ඒ හැටියෙන්ම ඉටුවෙන සුබ නව වසරක් වේවා.....
ලිහිණිගේ බලාපොරොත්තු නව වසරේදී මල්ඵල ගැන්වේවා !
ReplyDeleteසතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... !
ReplyDeleteළිහිණිටත් සුභ නව වසරක් වේවා!!!
ReplyDelete...//ඒක අවුරුද්දෙන් අවුරුද්දට පරණ වෙන බලාපොරොත්තුවක්... :) //.... ඕක ඔහොම ලිව්වට ඇත්තටම වෙන්නේ "ඒක අවුරුද්දෙන් අවුරුද්දට ලංවෙන බලාපොරොත්තුවක්... :)" වෙන එකනේ. ඔන්න එහෙනම් ඒ ලිස්ට් එකම සාර්ථකව ඉටු කරගන්න මේ සුභ අවුරුද්දේ පුළුවන් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteමං ගාවත් ඔය වගේම ලිස්ට් එකක් තියෙනවා. ඒක අප්ඩේට් වෙන්නේ මාසෙන් මාසේ. අනිවාර්ය වියදම් ටික කලාම ලිස්ට් එකේ එක දෙයක් හරි ඉවර කරගන්න උපරිම ට්‍රයි එකක් දෙනවා. ඔය ලිස්ට් එකේ දේවල් අවශ්‍යතාවය අනුව ඉදිරියට ගන්න ඕනි පිළිවෙලක් මන් ගාව තියෙනවා. දාන්නම්කෝ ඒකත්.
එහෙනම් ජයෙන් ජය!
මේ අවුරුද්දේ හැමදාම අත්සන් කරන ඔෆිස් පොතට අමතරව ලොකූඌ පොතකත් අත්සන් කරන්න වාසනාව ලැබේවා! කියලත් ප්‍රාර්ථනා කරන්නම්කෝ....
Subama suba nawa wasarak wewa,,,,,,
ReplyDeleteසුබ නව වසරක් වේවා. ලීනියෝ..
ReplyDeleteසිතුම් පැතුම් ඉටුවන ප්‍රීතිමත් නව වසරක් ලිහිණිටත්..
ReplyDeleteලිහිණි ඇතුළු සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා//// ඒ වගේම ලිස්ට් එකේ හැමදාම පරණ වන
ReplyDeleteබිං අගලක් හා සිහිනයක් වුනු සාර්ථක පවුල් ජිවිතයක් ගත කිරීමට අඩිතාලම ලැබුවාවූ 2013 අවුරුද්ද තුල සපල කර ගැනීමට හැකිවේවා .....ජය
සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteසියලු පැතුම් ඉටුවන සුබ අළුත් අවුරුද්දක් ළිහිණි නංගිටත්!!
ReplyDeleteළිහිණිටත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!
ReplyDeleteOnna mama ada dawasa iwara wenna kalin awa. Amma laga innawa nam shok neda? Aththatama amma ape hithata loku shakthiyak lihini. Ayyath gedara nathi nisa amma nathi data mata nam kannath kammali. Eya innawa nam fitma thamai.
ReplyDeleteOnna oyatai ammatai dennatama ledak dukak karadarayak nathi siyalu pathum ituwana subama suba aluth awruddak wewa....! Dan una hodatama hodai neda?
සුබ නව වසරක් ලිහිණිටත් !!
ReplyDeleteසුභ නව වසරක් වේවා ලිහිණි අක්කේ...
ReplyDeleteඑහෙනං දරුවෝ සුභ අළුත් අවුරුද්දක් වේවා..
ReplyDelete//කීයක් හරි ඉතිරි කරගෙන මටයි කියලා බිං අගලක් අරගන්න තියෙන බලාපොරොත්තුව තමා උඩින්ම තියෙන්නෙ...//
උඹ බිං ගුඩ්ඩෙක්ද ??
සුභ නව වසරක් වේවා අක්කේ ඔයාටත් අම්මටත්.
ReplyDeleteහිතන පතන හැම දෙයක්ම ඉටු වෙන සුභ නව වසරක් වේවා කියලා ඔන්න මමත් ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteමොනවා උනත් හොඳ පිරිමියෙක් විදියට ආදරේ කරන එකට සතුටුයි... ඒත්..... ආදරේ කන්නද....? ඒ කෑල්ල නම් හරි යන්නේ නෑ.. මොනවා උනත් ගිය අවුරුද්දේ අමාරුවෙන් හරි පල්ලම් නැගලා තියෙන්නේ ඔයාගේ ආදරේ විතරනේ.. ඒකටවත් සතුටු වෙන්න හලෝ.....