මාව කියවන අය අතර..

21 December 2012

දයාබර ඔබ සියළු දෙනාටම සුබ නත්තලක් !



ලතින් භාෂාවෙන් " නතාලිස් " කියන්නෙ " ඉපදුන දවස " කියන එකයි. " නත්තල" කියන වචනය අපිට ලැබිලා තියෙන්නෙ එහෙමයි.නත්තල හෙවත් ජේසු බිළිඳාගේ උපත සමරන්න ලොව පුරා සිටින බිලියන ගණනාවක් වූ කිතුනු බැතිමතුන් මේ වෙද්දී සූදානම් වෙනවා.
හැම තැනකම දකින්න ලැබෙන්නෙ කලබලයක්. එක පැත්තකින්  දෙදහස් දොළහා අවුරුද්ද ගෙවිලා යන්න ඔන්න මෙන්න.. තව පැත්තකින් ලෝක විනාශය ගැන කතා බහ...ඒ එක්කම එලඹෙන නත්තල...

ඔෆීසියෙන් ඊයෙ බෝනස් එකයි..මාසේ පඩියයි දෙකම ලැබුනා...කෙල්ලට වාසියි. සතුටටද කොහෙද කට පිරෙන්න හිනාවකුත් ඇදිලා..හි හී..පෙරුම් පුරාගෙන උන්නෙ ගෙදර යන්න. දවස් කීපයක නිවාඩුවකුත් ලැබෙනවනෙ.. ඒ උනාට පොඩ්ඩක් අසනීපයි. උණ හැදිලා. ඔෆීසියේ හැමෝටම වගේ උණ. ඔන්න ඒ පාර මටත් ඒක බෝවෙලා. හෙට ගෙදර යන්න වෙන්නෙ උණත් අරගෙන...

ගෙදර ගියාම කෑමෙන් නම් අඩුවක් නෑ. මම ආවා කියලා දැනගත්තම අපේ ගෙදරින් විතරක් නෙමේ..වටේ පිටේ ඉන්න නෑදෑ ගෙවල් වලිනුත් කෑම බීම එවනවා. මගේ පංගුව.එතකොට ඉතින් දන්නෙම නැතුව වෙනදට වඩා වැඩිපුර කැවෙනවා... තෙල් කෑමට එහෙම තහංචි දාන්නත් බෑ..... කොහොමත් ගෙදරින් ආපහු එද්දී අඩුම තරමින් කිලෝ එකකින්වත් බර වැඩිවෙලා තියෙයි. :)

පුංචි කාලේ වගේ ආසාවෙන් උඩ පැන්නෙ නැති උනත්...ගෙදර ගිය ගමන් අර මුල්ලකින් අරන් තියලා තියෙන නත්තල් ගහ අරගෙන ..සැරසිලි කරලා ...රජතුන් කට්ටුව එක්ක තියෙන පුංචි ගවලෙනත් ඒ ලඟින්ම තියලා නියොන් බල්බ් වැල එහෙම දාන එක කරන්න වෙන්නෙ මට තමා. පොඩි උන් නැති හන්දා ගෙවල් දොරවල් නම් අස් කරන්න ඕනෙ නෑ. තියෙන හැටියටම ඇති. ඇයි එතකොට කේක් හදන වැඩ..ඒකත් කරන්න වෙන්නෙ මටම තමයි. මේ පාර වෙනසකටත් එක්ක නත්තල් කේක් එකක් හදන්න ඉන්නේ. ඕනා කරන බඩු ඔක්කොම ගත්තා. බ්‍රැන්ඩි ඇරෙන්න...හි හී..ඒක අරන් බස් එකේ ගිහින් පොලීසියෙන් චෙක් කලොත් වස ලැජ්ජාව…

දවස් ගානක් මම ගෙදර ඉන්න හන්දද කොහෙද අම්මත් ඉන්නෙ සතුටින්. හැමදාම කෝල් කරද්දී එන වෙලාව තමා ඉස්සරවෙලාම අහන්නේ. ඒ විතරක්ද..එයා දැම්ම ඉඳන් කෑම බීම හදනවා. ගමේ අච්චාරුව එහෙම දාලත් ඉවරයිලු.. අපේ අම්මා හදන ගමේ අච්චාරුවත් එක්ක විතරක් බත් කන්න පුළුවන්..ඒ තරම් රසයි.

වෙනදා වගේම මේ පාරත් රෑ දොළහට පූජාවට යන්න පුළුවන්. වැස්සේ නැත්තම්. මේ දවස්වල අපේ පැත්තට හොඳටම වහිනවලු. උස්සාගෙන යන්න බඩු ගොඩාරියයි. අම්මට දෙන්න තෑගිබෝග වගේම අම්මගෙ හිතට සතුටත් අරගෙනයි ගෙදර යන්නෙ.. බරට බරේ ලැපාත් උස්සාගෙන නොයා දාලා යන්නෙ අම්මත් එක්ක ඒ සතුට බෙදා ගන්න ඕනෙ නිසාමයි.නැත්තම් මම ඒකේ එල්ලෙයි. අම්මා තනියම කතා කරයි... එකම බලාපොරොත්තුව ඉන්න දවස් ටික උපරිම සතුටින් ගතකරලා ආයෙම එන්නයි..

ඉතින්... ආයෙම නත්තල් උත්සවයෙන් පස්සෙ හම්බවෙමු..

ලබන්නාවූ නත්තල සාමය සතුට පිරුණු සුබම සුබ නත්තලක් වේවා !


60 comments:

  1. ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා අක්කියා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශම්මියෝ..ඔයාටත් එසේම වේවා !

      Delete
  2. එසේම වේවා... සුභම සුභ නත්තලක් වේවා.. අර ලැප දාලා යන හේතුවනම් මගේ හිතේ තදින් වැදුනා... හොඳ කෙල්ලෙක් නේ බලාන ගියාම... ගිහින් එන්ට..... ඇවිත් ආයම ලියන්ට.....

    ReplyDelete
    Replies
    1. මම ඉතින් හැම සති අන්තයේම ගෙදර යන්නෙ නෑනෙ මාතලන්. ඉඳලා ඉඳලා ගියත් එක දවසයි දෙකයි. ඒ හන්දා අම්මට මාත් එක්ක කියවන්න දේවල් ටොන් ගානක් තියෙනවා. ඒ වෙලාවට මම ලැපාගේ එල්ලිලා ඉන්නකොට අම්මට දුක හිතෙයි..ඒක හන්දා දාලාම යනවා...අනික ඉතින් අපි කොහොමත් හොඳ ළමයි තමා...හි හි හී

      Delete
  3. මට නම් ඉතින් නත්තලක් නෑ, ලීනියාටයි කස්ටියටයි සුබ පතනවා. :)

    ReplyDelete
  4. ඔයාටත් සුභ නත්තලක් වේවා නංගියො..!
    වෙන්නප්පුව පැත්තට කොහොමත් රජ මගුල්නේ නත්තලට..! කෑම බීම අපිටත් අරන් එන්න එනකොට අපි බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මං මේ කල්පනා කලේ ගෙදර යනවයි කියපු ලමයා...??? ඔන් ලයින් ඉන්නෙ කෝමද කියල...:)))))

      Delete
    2. ගෙදර යන්නෙ හෙට අනේ...හි හී
      ( දැක්කෙ නැද්ද අර ලියලා තියෙන්නේ )

      Delete
    3. //හෙට ගෙදර යන්න වෙන්නෙ උණත් අරගෙන...//

      හූ හූ...වීයට ඇස් පේන්නෙ නෑලු..හූ හූ

      Delete
  5. සුභම සුභ නත්තලක් වේවා!!!

    අපිටනං නත්තල් නෑ. ඒත් නිවාඩු තියෙනව. ඉතිං නත්තල් වගේ තමයි :)

    ReplyDelete
  6. "ගෙදර ගියාම කෑමෙන් නම් අඩුවක් නෑ. මම ආවා කියලා දැනගත්තම අපේ ගෙදරින් විතරක් නෙමේ..වටේ පිටේ ඉන්න නෑදෑ ගෙවල් වලිනුත් කෑම බීම එවනවා. " අපිත් එන්නද ඔය පැත්තෙ..

    සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  7. සුභම සුභ නත්තලක් වේවා ලිහිණි අක්කා!

    ReplyDelete
  8. ගමේ ගිහින් කතා ටිකකුත් එකතු කර ගෙන පරිස්සමෙන් එන්නකෝ.....

    සුභම සුභ නත්තලක් ලිහිණි.....!! :D

    ReplyDelete
  9. ළිහිණියට සුභ නත්තලක් වේවා..... ගෙදර ගිහින් හොඳට කාලා එන්න හොඳේ.....

    ReplyDelete
  10. අපිට නත්තල් නැත..:(
    ඒත් ඔයාට සුභ පැතුම්..:)))

    ReplyDelete
  11. ඔයාටත් සුභම සුභ නත්තලක් වෙවා !!!!

    ReplyDelete
  12. සාමය සතුට හා සැනසුම සපිරි සුභම සුභ නත්තලක් හා අළුත් අවුරුද්දක් වේවා........

    ReplyDelete
  13. Merry Christmas Lihini!

    ඒක නෙවෙයි. ඇත්තටම බ්‍රැන්ඩි බෝතලයක් අරන් බස් එකේ ගිහින් පොලිසියට අහුවුනොත් නඩු දානවද දැන්? මම කියන්නෙ දැන් නීතිය ඒකද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පිෂ්ෂුද..? ඩූඩ් අයියා..ඒම උනොත් අපි හැමඩාම හිලේ තමා...3ක්ද කොයේද ගිනියන්න ඈකි...!
      අපි පොවයි කියල වෙන්න ඇති ඒ පැත්තෙ එන්නැත්තෙ...හොලා..!

      Delete
    2. නඩු කතා නම් මම දන්නෙ නෑ ඩූඩ්. ඒත් ඉතින් බ්‍රැන්ඩි බෝතලයක් කෙල්ලෙක්ගෙ බෑග් එකේ තියෙනවා දැක්කොත් නෝන්ඩියනේ... :D

      Delete
  14. ඔයාටත් සුබ නත්තලක් වේවා ලිහිණි. නත්තලට කරන්න පුළුවන් හොඳම දේ ඉතින් අම්මගේ හිත සතුටු කරන එක නේද? අපිටත් නත්තල් කේක් කෑල්ලක් කන්න බැරි වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  15. ආදරණීය නංගී... ඔයාටත් සුබම සුබ නත්තලකට ආසිරි පතනවා මම.. අම්මත් එක්ක ගත කරන ප්රී තිමත්ම නත්තල මෙය වෙන්න කියල ප්රායර්ථනා කරනවා... ජේසු පිහිටයි ඔයාටත්, අම්මටත්, නෑසිය හිත මිතුරන්ටත්...

    ReplyDelete
  16. ලිහිණිටත් සුබම සුබ නත්තලක් වේවා!
    නත්තල් කතා ටිකක් එහෙම අරගෙන එන්නකෝ.

    ReplyDelete
  17. සුභ නත්තලක් වේවා ලිහිණියෝ!

    ReplyDelete
  18. සුබ නත්තලක් වේවා ....නත්තලට වගේම හැමදාම අම්මගේ හිත සතුටෙන් තියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  19. සුභම සුභ නත්තලක් වේවා ලිහිනියට....... මම අලුත් නිසා ඔයාව කියවල දෑන අදුනගෙන ඉන්න පුලුවන් ඔයා ආපහු එනකන්,... අනික ලප්ටොප් එක ගෙදර ගෙනියන්නෙ නෑති එකට මෙන්න මගෙන් මනාපයක්....:)

    ReplyDelete
  20. එහෙනම් සුභ නත්තලක් ළිහිණි නගාටත්. නිවාඩු දවස්ටික අම්මයි ගමේ කට්ටියයි එක්ක ගත කරලා එන්න අපිට ලස්සන තොරතුරු ටිකකුත් අරගෙන. ජයවේවා..!!

    ReplyDelete
  21. ලැබුණ නිවාඩු‍ව සතුටින් ගතකරලා එන්න.. සුබම සුබ නත්තලක් වේවා ළිහිණි අක්කටත් පවුලෙ හැමදෙනාටත්..! :)

    ReplyDelete
  22. Akke oyaatath subhama subha naththalak weva..........!!

    ReplyDelete
  23. ළිහිණි ඔබට බොහොම ප්‍රීතිමත් නත්තලක් ගත කරන්නට අවස්ථාව උදාවේවා කියා පතනවා.

    ReplyDelete
  24. සුභ ගමන්.. සුභ නත්තල්...

    ලැපානං දාලා ගියාට කමක් නැහැ.. අනික අරං පල..පොලිසියට දැන් ඕවා චෙක් කරන්න වෙලාවක් නැහැ... අනික ඕක තහනම් භාණ්ඩයක්යෑ...

    ReplyDelete
  25. සතුට සමගිය හා නරෝගීකම සපරිනු සුභ නත්තලක් වේවා ලිහිණි!

    ReplyDelete
  26. උණ සනීපවෙලා සුබ නත්තලක් සමරන්න හැකි වේවා !

    ReplyDelete
  27. අක්කටත් සුභම සුභ නත්තලක් බර වැඩි උනත් මොකෝ ලංකාවේ කෑම කාලා

    ReplyDelete
  28. ළිහිණි අක්කට ප්‍රීතිමත් නිරෝගී නත්තලක් වේවා!

    ReplyDelete
  29. ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා

    ReplyDelete
  30. සුබ නත්තලක් වේවා !!!! මගේ බ්ලොග් එකට හැමදාම එන රසිකාවියක් විදියට ඔයාට විශේෂ සුභ පැතුමක් එක් කරන්නම් !!!!

    ReplyDelete
  31. සුභ නත්තලක් ලිහිණි අක්කෙ! පරිස්සමින් ගිහින් එන්න විනෝද වෙලා!ජය වේවා!! :)

    ReplyDelete
  32. Subama suba naththalak lihini oyata. Inna dawas tike ammawa sathutin thiyala enna. Hamadama laga nahane. Parissamata gihin parissamen enna hode.

    ReplyDelete
  33. Sorry sorry ane ada oya gedarane. Mama awe pahu welane.

    ReplyDelete
  34. හැක් හැක් හැක් ........... හැපි නත්තල් ඈ

    ReplyDelete
  35. ළිහිණිටත් සුබම සුබ සතුටින් පිරුණු නත්තලක් ප්‍රර්ථනා කරනවා!
    මෙදා නත්තලේ විස්තර ආපහු ආපු ගමන් කියන්න

    ReplyDelete
  36. ළිහිණිටත් සුබම සුබ සතුටින් පිරුණු නත්තලක් ප්‍රර්ථනා කරනවා!
    මෙදා නත්තලේ විස්තර ආපහු ආපු ගමන් කියන්න

    ReplyDelete
  37. ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා! ලිහිණි. අම්මාත් සමඟ නත්තල සතුටින්ම ගෙවේවා!

    ReplyDelete
  38. සුබම සුබ නත්තලක් ළිහිණි නංගිට!
    (ලැපා නැතුව යන නිසා නිවාඩුව මුළු හිතින්ම වැළඳගන්න පුළුවන්වේවි:))

    ReplyDelete
  39. සාමය සතුට සෞභාග්‍ය පිරුණු ප්‍රීතිමත් නත්තලක් වේවා.... 25 මීගමුවට එනවා...එන්නද ඔය පැත්තෙත් ?

    ReplyDelete
  40. Lihini nanga tath subama suba naththalak wewa kiyala pathanawa:)
    Sthuten ammath ekka naththala samaranna:)

    ReplyDelete
  41. ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා .
    ගෙවල් වලින් පිට ඉන්න ළමයි නිවාඩුවට ගෙදර ගියාම අම්මලාගෙන් හෙන සැලකිලි .මම ගෙදර ගියපු ගමන් අම්මා අහන්නේ මොකෝ කෙට්ටු වෙලා කන් නැද්ද කියලා .එහෙම කියලා ඉතින් අපහු එන දවස වෙනකන් අම්මගේ වැඩේ දවසට 5 සැරයක් විතර මට කවන එකයි 10 සැරයක් විතර tea පොවන එකයි.ඒ වගේම එක එක කාම ජාතිත් හම්බෙනවා ඉතින් ගමේ ගියාම .කාලම පන යනවා .මමත් එකම එක සැරයක් ලැප දාල ගියා ගෙදර යනකොට .ගිහිල්ල දවසක් විතර ගියාට පස්සේ තමා තේරුනේ ලැප දාලා ගොහින් කරපු වැරැද්ද.වස කම්මැලිකමේ හිටියේ අපහු එනකන් .යන්තන් TV එක තිබුන නිසා පිස්සු හැදුන් නැතුව බේරුනා .දැන් නම් ලැප් එක අරන් යන්නේ වැසිකිලි ගියත් හික් හික් හික් මේ සැරේ නත්තලට වත් අවුරුද්දටවත් මට ගෙදර යන්න වෙන්නේ නෑ
    හැමෝටම සුබම සුබ නත්තලක් සමග සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .............

    ReplyDelete
  42. Subhama subha naththalak wewa !!!

    Samaya,sathuta,nirogi sampath labewa !!!

    ReplyDelete
  43. Subhama subha naththalak wewa !!!

    Samaya,sathuta,nirogi sampath labewa !!!

    ReplyDelete
  44. buon natale, buon vacansa è buon anno

    ReplyDelete
  45. Mage comment eka missing:(:(:(
    Kamak na,,,,, oyatath ammatath suba naththalak wewa:):):)

    ReplyDelete
  46. සුබ නත්තලක් වේවා ලිහිණි. :)

    ReplyDelete
  47. ප්‍රීතිමත් නත්තලක් වේවා..

    ReplyDelete
  48. අක්කටත් ප්‍රීතිමත් නත්තලකට සුභ පතනවා. ඔන්න මමත් ආව බ්ලොග් ලියන්න
    හා පැංචිගේ ලෝකය

    ReplyDelete
  49. සුබ නත්තලක් වේවා. අපිට නත්තල් කේක් කෝ.....

    ReplyDelete
  50. සුබ පැතුව හැමෝටම බොහෝම ස්තුතියි :)

    ReplyDelete
  51. //...ලතින් භාෂාවෙන් " නතාලිස් " කියන්නෙ " ඉපදුන දවස " කියන එකයි. " නත්තල" කියන වචනය අපිට ලැබිලා තියෙන්නෙ එහෙමයි...//

    මට පහුගිය දවස්වල මේ ප්‍රශ්නේ හිතට ආවා. නත්තලට ඉංග්‍රීසියෙන් කියන්නේ christmas කියලා නම් සිංහලෙන් නත්තල කියන වචනේ ආවේ කොහොමද කියලා. ඕන් ඒකත් විසඳුණා :)

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.