මාව කියවන අය අතර..

05 December 2012

හිතට දැනුන...හිතෙන් ඈත් නොවුන..


තේරෙන කාලෙ ඉඳන්ම මම ඉංග්‍රීසි ගීත අහන්න හුඟාක් ආසා කලා. අපේ ගෙදර ඔය ගීත  අහන්න පුළුවන් විදියේ පහසුකම් තිබුනේ නැතත් ගෙදරට එහා පැත්තෙන් තිබ්බ නෑදෑ කෙනෙක්ගෙ ගෙදර හොඳ සෙටප් එකක් තිබුනා.  ඒ අයියලා දෙන්න නිතරම ඇහුවේ ඉංග්‍රීසි ගීත... හවස්වරුවේ ඇහෙන Backstreet boys ලගෙ I want it That way , Show me the meaning of being lonely වගේ සින්දු මොන තරම් මගේ හිතට දැනුන ද කියනවා නම්....හරියට වචන දන්නෙ නැති උනත් වරද්ද වරද්ද හරි ඒ ගීත මුමුණන්න මම පුරුදු උනා.. ඒ ඇහුන ගීත වල තිබුන වචන වල තේරුම ගැන මෙලෝ හසරක් දන්නෙ නැති උනත්... ඒ රිද්මයට හිත ඉබේම තාල ඇල්ලුවා... වෙලාවකට මහා ඝෝෂාකාරීව දැනුන සමහර ඉංග්‍රීසි ගීත... නිවී සැනැසිල්ලේ පස්සෙ කාලෙකදී අහන්න ගත්තම...ඒවා හදවතේ ගැඹුරටම දැනුනා.ඊටත් පස්සෙ කාලෙක නම් හිතට දැනෙන ලස්සනයි කියලා හිතෙන ඉංග්‍රීසී ගීතයක් ඇහුනම ඒ ගීතයේ පද හොයලා බලන්න අන්තර්ජාලයත් උදව් උනා...

ඔය වගේ හිතට දැනුන සමහර ගීත තියෙනවා කොයි තරම් පරණ උනත්..ඒවා හිතෙන් ඈත් වෙන්නෙ නෑ. George Michael ගේ Careless Whisper අන්න එහෙම ගීතයක්


George Michael මේ ගීතය මුලින්ම පිට කරලා  තියෙන්නෙ 1989 අවුරුද්දේදී The Greatest Love කියන ඇල්බම් එකට. ඒ ගීතය මොන තරමක් ජනප්‍රිය උනාද කියනවා නම් ඒ ගීතයේ පිටපත් ලෝකය පුරාම මිලියන 6 කට වඩා අලවි වෙලා තියෙනවලු..



I feel so unsure
As I take your hand and lead you to the dance floor
As the music dies, something in your eyes
Calls to mind the silver screen

And all its sad good-byes

I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know your not a fool

Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you



Blue  කියන පොප් සංගීත කණ්ඩායමේ All Rise කියනගීතයත් මගේ හිතට හුඟාක් දැනුන එකක්. එතරම්ම ජනප්‍රිය නොවුන සංගීත කණ්ඩායමක් නිසා මේ ගීතය හුඟාක් දෙනෙක් අහලා නැතුව ඇති..2001අවුරුද්දේදී තමයි ඉස්සරවෙලාම මේ ගීතය පිට කරලා තියෙන්න...


  
Your honor please,
Gotta believe what I say,
What I will tell,
Happened just the other day,

I must confess,
Cause I've had about enough,
I need your help,
Gotta make this here thing stop,

Baby I swear I'll tell the truth,
About all the things you used to do,
And if you thought you had me fooled,
I'm telling you objection overruled,

Here we go, oh baby

One for the money and the free rides it's,
Two for the lies that you denied
All Rise, all Rise
Three for the calls you've been making,
Four for the times you've been faking
All Rise, all Rise
I'm gonna tell it o your face
I rest my case


පොප් වගේම රොක් ගායකයෙක් උන  Robbie williams ගේ Feel කියන ගීතයත් මගෙ ආසම ගීතයක්..මේ ගීතය මුළින්ම ඇහිලා තියෙන්නෙ 1996 දී...



Come and hold my hand
I want to contact the living
Not sure I understand
This role I've been given

I sit and talk to God
And he just laughs at my plans
My head speaks a language
I don't understand

I just want to feel real love
Feel the home that I live in
Ã???Cause I got too much life
Running through my veins
Going to waste

I don't want to die
But I ain't keen on living either
Before I fall in love
I'm preparing to leave her
I scare myself to death
That's why I keep on running
Before I've arrived
I can see myself coming


ඔය Alternative metal, Hard Rock වගේ ගීත වලට හුඟාක් ගැහැණු ළමයි කැමති නෑ..ඒත්  System of a down සංගීත කණ්ඩායමේ  Such a lonely day
And it's mine
 .. කියන ගීතයට මම නම් හුඟාක් ආසයි..ඒ ගීතය පුරාම තියෙන වචන මගේ හිත කොණිති ගහනවා වගේ මට දැනෙනවා...





Such a lonely day
And it's mine
The most loneliest day of my life

Such a lonely day
Should be banned
It's a day that I can't stand

The most loneliest day of my life
The most loneliest day of my life

Such a lonely day
Shouldn't exist
It's a day that I'll never miss
Such a lonely day
And it's mine
The loneliest day of my life

And if you go, I wanna go with you
And if you die, I wanna die with you

Take your hand and walk away

The most loneliest day of my life
The most loneliest day of my life
The most loneliest day of my life

Such a lonely day
And it's mine
It's a day that I'm glad I survived

 හම්ම්ම් ! අහලම බලන්නකෝ ...





97 comments:

  1. හොඳ සිංදු ටිකක්නම් තමයි..

    ReplyDelete
  2. හප්පට සිරි ලිහිනිය එහෙනම් හාඩ් රොක් එහෙමත් අහනවා.. එලනේ.. Amaranthe, Within Temptation ලගේ සින්දුත් ලස්සනයි.. ට්‍රයි කරල බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. හාඩ් රොක් වලට එහෙමත්ම කැමති නෑ..හරිම ඝෝෂාකාරීයිනේ..ඒත් ඔය System of a down " Such a lonely day its mine " එක්කම Aerosmith සමහර සින්දු වලටයි කැමති. ඔයා සඳහන් කරපු එක අහලා බලන්නම්...ස්තුතියි :)

      Delete
    2. ඔය කිව්වට හාඩ් ‍‍රොක් ඇවිල්ලා මාරම මීනින්ෆුල් ..........

      Delete
  3. මමනම් වැඩියෙම ඉංග්‍රීසි සින්දු අහන්නේ නැහැ ..එත් ගොඩක් කැමති ඉංග්‍රීසි සින්දු කිහිපයක් තියෙනවා එයිනුත් ප්‍රධාන වෙන්නේ හොටෙල් කැලිෆොනිය ගීතය..

    ReplyDelete
    Replies
    1. Hotel California සින්දුව හැමදාම උනත් අහන්න පුළුවන් එකක්. මගේ ලිස්ට් එකේ තියෙනවා සෑහෙන පරණ උනත් ලස්සන ඒවා...ඔක්කොම දාන්න බෑනෙ අප්පා...මම සාමාන්‍යයෙන් හැම සින්දුවක්ම අහන්න කැමතියි...

      Delete
  4. Show me the meaning of being lonely කියන ගීතය මට හරිම සමීප ගීතයක් අදටත් දවසට පස් හය පාරක් ඇහුවත් ඇතිවෙන්නේ නැහැ. දන්නවද අක්කේ මට පොඩි කාලේ ඉන්ග්ලිෂ් එක දිගට කතාකරන්න බැහැ පැටලෙනවා. ඔය සින්දුව දාලා තමයි මට එකදිගට තාත්ත පුරුදු කෙරෙව්වේ අදටත් සම්පූර්ණ සින්දුවම මට කට පාඩම්. හිකිස්.......

    ReplyDelete
    Replies
    1. මටත් සමහර වෙලාවට හිතෙනවා ඉංග්‍රීසි සින්දුයි..ඉංග්‍රීසි මූවීයි බලපු නිසා තමා ඉංග්‍රීසි කතා කරන්න බයක් දැනුනේ නැත්තෙ කියලා.

      Delete
    2. මමත් ෆිල්ම්ස් වලින්ම තමයි පුරුදු උනේ... ඉංග්‍රීසි සබ් දාගෙන ඒකත් එක්ක කියනවා... ඒකටම මම 200 ගානේ සීඩී ගත්තා කාලයක්...

      ඒකනේ මට අදටත් ටීවි එකේ සිංහලෙන් ඩබ් කරලා යන කාටූන් දැක්කම තරහා යන්නේ... පොඩි උන්ට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනන් තියෙන චාන්ස් එක නැති කරනවා කියලා.. හි හි...

      Delete
    3. මගෙත් පුරුද්දක් තමා ඉංග්‍රීසි සබ් දාගෙන ෆිල්ම් බලන එක එතකොට එයාලගෙ උච්චාරනය තේරෙන්නෙ නැති ඒවත් අපිට තේරුම් ගන්න පුළුවන්. අර කාටූන් සීන් එක නම් සහතික ඇත්ත හිරු. ඉංග්‍රීසි සබ් දැම්ම නම් ළමයින් ඒවා කියවන්න හුරු වෙනවා. සිංහල අපේ මව් බසාව කියන එක ඇත්ත තමා. ඒත් ඉංග්‍රීසි නැතුව අපිට අනාගතයක් නෑ. ඒකත් පිළිගන්නම වෙනවා..

      Delete
    4. "ඉංග්‍රීසි නැතුව අපිට අනාගතයක් නෑ"
      සහතික ඇත්ත.

      Delete
    5. මෙහෙමනේ .......... අපිට අපේම කියලා කර්මාන්ත තියෙනවනම් නිශ්පාදන එලියට දෙන්න පුලුවන් නම් අපේ භාශාවෙන් අනාගතය හදන්න පුලුවන්.....ඔවා ඉතින් ඉන්ජිනේරුවොන්ට භාරයි ... මොන කරුමෙකටද දන්නේනෑ අපේ කැම්පස්වල ඉන්ජිනේරුපීඨයෙන් එලියට දෙන්නේ අ‍ළුතෙන් දෙයක් හිතන්න පුලුවන් උන්නෙවෙයි මැශ්න් ඔපරේටස්ලානේ ..... ඉන්ග්‍රීසි ගන්න ගමන් අපේ භාශාව ඉස්සරහට අරන් යන්න අළුතෙන් දේවල් හදන්න ඔනේ ..... අපේම තාක්ශනයන් ඉදිරිපත් කරලා අපේ භාශාවෙන් උගන්නන ඕනේ ..... ඔන්න එතකොට සිංහල නැතුව අනාගතයක් නෑ කියන තැනට එන්න පුලුවන් .......... මෙහෙමයිනෛ් අනේ ඉංග්‍රීසි නැතුව අපිට අනාගතයක් නෑ කියලා නිකන් ඉදලාබෑ...
      අපිට නැතත් අපේ ලේවලින් හැදෙන උන්ට සිංහල කියන්නේ දෙකේ පන්තියේ භාශාවක් නොවන තැනට අපි වැඩ බලාගන්න ඔනේ ...

      Delete
    6. @දිනෙල්ක

      දිනෙල්ක,

      ඔයා දන්නවනෙ අපේ රටේ මනුස්සයෙකුගේ මොළයෙන් නිපදවූ අත් ට්‍රැක්ටරයට මොකද උනේ කියලා...අපි ජීවත් වෙන්නෙ අන්න ඒ වගේ රටක. අපේම තාක්ෂණයෙන් අපේ රටේ නිෂ්පාදන වෙළඳ පොළ හරහා එනවා කියන්නෙ අපිට හීනයක් විතරක්ම වෙලා. ඒවා ඉතින් අපේ තුට්ටු දෙකෙන් රජ සැප විඳින පාලකයින්ගෙ වැරැද්ද මිසක් ඉංජිනේරුවන්ගේ වැරැද්ද කියන්න බෑ..අපි මේ රටේ මහජන මුදල්වලින් ඉගෙන ගෙන ඇමෙරිකාවට මෘදුකාංග හදනවා...ඉංග්‍රීසි දැනීම තිබුනේ නැත්තම් ඒකත් නෑ..

      Delete
  5. http://search.mywebsearch.com/mywebsearch/redirect.jhtml?searchfor=no+matter+wat+they+tel+us&cb=HJ&qid=82857bd35d144852ad5cf0abedb26c5a&n=77edf21e&ptb=91504BAB-9569-412A-AEEF-99D91C40D2FB&ct=GD&si=pconverter&id=HJxdm073YYlk&pg=GGmain&action=pick&ptnrS=HJxdm073YYlk&ss=sub&pn=1&st=sb&tpr=&redirect=mPWsrdz9heamc8iHEhldEcgdjfjqpMajKYmz288FhTKTKu%2FDJSL5glQCOFUoZmxuQ%2FDHxGzp%2Fu6Wy1EWk5YVKg%3D%3D&ord=2&

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමී..Boyzone - No matter what මමත් හරිම ආස සින්දුවක්..

      Delete
  6. මම ආසම සින්දුවක්. ඉස්සරත් අදටත්. තව තියෙනව ගොඩාක්

    words, thoug v gtta say gd bye 4 da smmer, everry thing i do
    කවදාවත් පරන වෙන්නැති සින්දු වලින් කීපයක්

    ReplyDelete
    Replies
    1. Every thing i do - do for you හ්ම්ම්ම් ලස්සන සින්දුවක්...

      Delete
  7. ඔෆිස් එකේ ඉන්න ගමන් කියෙව්වේ මේ පෝස්ට් එක. ඒ නිසා සින්දු ටික අහන්න විදියක් නැ. ගෙදර ගිහින්ම තමා අහන්න වෙන්නේ . කොහොමත් අහසු සින්දුවකුත් තිබුණා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අහලා බලන්නකෝ නලින් අයියා..

      Delete
  8. ඔක්කම මීට කලින් අහල නැතත් කීපයක් නම් අහල තියෙනවා...

    ReplyDelete
  9. අඩේ අෆ්ෆේ! මං ආසම සින්දු 3ක් තියෙනවා මේ ගොඩේ. All Rise, Show Me The Meaning, I Want It That Way.. මේ සින්දු 3ට මං පට්ටම ලයික්.කැමතිම ග්රූප් දෙකක්.

    පට්ටම පට්ට ලයික් සින්දු තමා Ne-yo ගේ One In a Million & Miss Independent. Ne-yo ගේ සිංදු නියමයි.

    ආය MLTR ගේ You Took My Heart Away, Blue Rise ගේ U Make Me Wanna.

    ReplyDelete
    Replies
    1. MLTR හුඟාක් සින්දු ලස්සනයි....මම ඔෆීසියට ආපු දා ඉඳලා අද වෙනකම්ම අපේ PM ගෙ ෆෝන් එකෙන් ඇහෙන්නෙම You took my heart away සින්දුව විතරමයි..හි හි

      Delete
  10. මම ඉතාම අඩුවෙන් බටහිර ගීත අහන්නේ. මේ සිංදු එකක්වත් අහලා නෑ. Bonny M කණ්ඩායමේ සිංදු නම් අහන්න කැමතියි. මේවා වෙලාවක් ලැබුනොත් අහන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. Bonny M ලගෙ සින්දු කවදාවත් මැරෙන්නෙ නෑ..එතකොට ABBA ලගෙ සින්දුත් ඒ වගේමයි..

      Delete
  11. හවසට අහල බලමු...ඩවුන්ලෝඩ් තිබ්බ නම් එල. බලමුකෝ ජංජාලේ රස්තියාදුවක් ගහල..

    ReplyDelete
    Replies
    1. ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරන්න වෙලාවක් නෑ චන්දන.මේක ලේසි වැඩේ හන්දා මෙහෙම දැම්මා..

      Delete
  12. හොද පොස්ට් එකක් ..මේ ඒක නෙවේ අර අයියල
    දෙන්න ගැන සලකල බැලුවේ නැතැයි ?

    ReplyDelete
    Replies
    1. වටේ පිටේ ඉන්න ඔක්කොම අයියලා ගැන සලකලා බලන්න ගියොත් හොඳට හිටී :P

      Delete
  13. ලස්සන සින්දු....<3

    ReplyDelete
  14. මම නම් වැඩිය ඉංග්‍රීසි සිංදු රසිකයෙක් නෙවෙයි. හැබැයි මේ කියල තියන සිංදු බහුතරේකට මාත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඕනෑම බාෂාවක සින්දු අහන්න මම කැමතියි ගිම්.. සංගීතයට මම හරිම කැමතියි...අපි ඉතින් තනියම ඉන්න අයනෙ..ලඟ තියෙන්නෙ සංගීතය..එතකොට තනියක් නෑ....

      Delete
  15. මදෑ.. මේවා මෙච්චර කල් ඇහුවට අනේ බොරු කියන්නේ මොකටද.. මම නම් එක වචනයක් වත් දැනගෙන හිටියේ නෑ..... මළ ලැජ්ජාවක්....

    ReplyDelete
    Replies
    1. සංගීතය රස විඳින්න වචන වැදගත් නෑ හිරු... මමත් ඇහුවට සමහර වචනවල තේරුම මොකද්ද කියලා වත් දන්නෙ නෑ. අනික එයාලගෙ උච්චාරණය හරිම වෙනස් නේ..ඒ වෙලාවට කරන්නෙ පද ටික හොයලා බලන එකයි...

      Delete
  16. George Michaelගේ ගීතය නම් අහලා තියනවා ,අනික්වා නම් මතක නෑ වගේ :( අහන්න විදියකුත් නෑ දැන් !

    ReplyDelete
    Replies
    1. කම්මැලිකමට ඉන්න වෙලාවක අහලා බලන්නකෝ රෙහානි.. :)

      Delete
  17. ඔය George Michaelගේ සින්දුව 8 වසරේ සරඹ සංදර්ෂනේට දාලා තිබ්බා මට තාම මතකයි.. එතකොට මට ඔය ටියුන් එක හොඳට මතකයි.. පස්සේ තමයි වචන දැන ගත්තේ... ඒකට නම් මම මාර ආසයි.. හි හි..

    ReplyDelete
    Replies
    1. George Michaelගේ සින්දුවේ සැක්සෆෝන් එක ඇහෙද්දී හිත ඇතුලෙන් සින්දුව කියවෙන වෙලාවල් අනන්තයි... ඒ සින්දුවට හදලා තියෙන විෂූවල් එකත් ලස්සනයි..දැන් නම් හුඟාක් වෙලාවට ඒ සින්දුව කියන්නෙ වෙනත් ගායකයෝ..

      Delete
  18. Show me the meaning, hotel California දෙක තමයි මමනං ආසම.
    ඊයේ තමයි මුලින්ම මේ පැත්තට ආවේ. දෙක තුනක් බලලා හොරා වගේ ගියා! ඔන්න අද දැම්ම කොමෙන්ටුවක්!

    ප.ලි. //අහඹු ලෙස දිග හැරුණු ප්‍රථම ප්‍රේමය...// ඒකනම් සුපිරියටම ලියලා තිබ්බ අක්කේ.

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...:)

      //ප.ලි. //අහඹු ලෙස දිග හැරුණු ප්‍රථම ප්‍රේමය...// ඒකනම් සුපිරියටම ලියලා තිබ්බ අක්කේ.//

      බොහෝම ස්තුතියි :)

      Delete
  19. ලස්සන සිංදු ටිකක් ලිහිණි... ස්තුතියි අපිත් එක්කත් බෙදා ගත්තට..... :)

    ReplyDelete
    Replies
    1. මතකය ආයෙම අලුත් කලා නම් මට ඒක සතුටක් සමනලී..

      Delete
  20. කඩ්ඩ පෙන්නන්නත් බෑ... කඩ්ඩ සිංදුත් බෑ.. නොදන්න කඩ්ඩට ගිහිං වරිගෙ නහගන්නෙ මොකටද?? දන්න සිංහලේ ක්ලැසික් ගීත අපිට හොඳා..
    ඉස්සෙල්ලම මගෙ යාළුවා කඩ්ඩ සිංදුවක් දීල අහපං කියුව.. මමත් ඇහුවා.. මෙලෝ රහක් තේරෙන්නෑ.. ඒක මං ඌට කියුවා.. අපිඅහන්නෙත් තේරිලා යෑ බං කියල ඌ කියනවා..:)

    ReplyDelete
    Replies
    1. // දන්න සිංහලේ ක්ලැසික් ගීත අපිට හොඳා..//

      අලේ අපිත් එහෙම තමා...අහන්නකො බලන්න දන්නෙ නැති සිංහල ක්ලැසික් සින්දුවක් එහෙම තියෙනවද කියලා...

      ඉංග්‍රීසි සින්දුවක් රස විඳින්න කඩ්ඩ දැනගෙන ඉන්න ඕනෙම කියලා මම නම් හිතන්නෙ නෑ...නිකමට අහලා බලන්නකෝ...ආස හිතෙයි...

      Delete
  21. මට ඉංග්‍රීසි සින්දු එක්ක තියෙන ප්‍රශ්ණෙ තමයි පද මාලාව එකපාරටම තේරුං නොයන එක. ඒක නිසාමද කොහෙද මගේ ඉංග්‍රීසි සින්දු ලිස්ට් එකේ ගොඩක් සින්දු නෑ. I Can See Clearly Now, Show Me The Meaning of Being Lonely වගේ ගොඩක් දෙනා අතර ජනප්‍රිය වෙච්චි සින්දු තමයි වැඩි හරිය.

    තව Don McLean ගෙ Bye Bye Miss American Pie සින්දුව මගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන සින්දුවක්. ඒකනං එක දිගට හතර පස් පාරක්වත් අහතැහැකි...

    ReplyDelete
    Replies
    1. පද මාලාව එකපාරටම තේරුං නොයන එක අහන්නත් දෙයක්ද...එයාල උච්චාරණය කරන විදියට... මටත් එහෙම තමා අප්පා.. අර සෙලීනා ගෝමස් ගෙ තියෙන්නෙ Who say who says you are කියලා සින්දුවක්...මට ඒක අහද්දී ඇහෙන්නෙම හූ සේ හූ සේ සෝනා කියලමයි..පද බැලුවට පස්සෙ තමා වචන තේරුම් ගන්නෙ...අපි ඉතින් කඩ්ඩ අතේ අරන් උපන් අය නෙමේනෙ...යාන්තමට කඩුව වනා ගත්තට...

      Delete
  22. මමත් කාලයක් ආසාවෙන් අහපු සිංදු ටිකක් තේරුම් දන්නෙත් නැහැ. ඒ වගේමයි "මොඩොම් ටෝකින්" බෑන්ඩ් එකේ සිංදුත් මාර ගති..

    ReplyDelete
    Replies
    1. තේරුම දන්නෙ නැති උනත් කාලයක් ආසාවෙන් ඇහුවා කියන්නෙ ඒ සින්දුව හිතට ඇල්ලුවා කියන එකනේ...නේද...

      Delete
    2. අපේ මහත්තයා ගාව සීඩී වගයක් තිබ්බා මොඩර්න් ටෝකින් කියලා පෑනකින් ලියපු.. එයා රට හිටිය කාලේ ඉඳලා දැනුත් ගෙදර ඉන්න දවසට ඕක දාගන්නවා.. ගෑණු කටහඩවල් ටිකක් තියෙන නිසා මං හිතුවෙම ගෑණු කට්ටියක් වෙන්නැති කියලා... පස්සේ සර්ච් කරලා බැලුවම දෙයියනේ මෙන්න ජර්මන් කොල්ලො සෙට් එකක්.. ඒ පාර මං ඔක්කොම සින්දු වල විස්තර ටික හොයලා, අලුතින් සීඩී එකක් බර්න් කළා ගෲප් එකේ විස්තරත් එක්කම.. හි හි...

      Delete
    3. කොල්ලෝ දෙන්නයි බං

      Delete
  23. බලන්න නම්(අහන්න) බැරියෝ...අනාගතය අදයි එවුන් වේගේ සීමාකොරලනෙ.

    ReplyDelete
    Replies
    1. අලේ...මම නම් අනාගතය අදයි එකෙන් අයින් වෙලා අපි බලගන්නවා අය ලඟට ගියා. වරදක්ම නෑ ඉතින්..

      Delete
  24. Such a lonely day ඒකට නම් මම පට්ටම ලයික්...

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව ඇත්තටම ලස්සනයි..එයාලගෙ අනිත් සින්දු නම් මට ඝෝෂාකාරි වැඩියි..

      Delete
  25. old is gold. me and my husband love these and country songs are our favourites.

    ReplyDelete
    Replies
    1. of cos akka. what about Art Company - Suzanna and carpenters -day after day ?

      Delete
  26. පළමු ගීත දෙකම මගේ ප්‍රියතම ගීත ලැයිස්තුවෙ තියෙනවා... Care Whisper සින්දුවෙ සැක්සෆෝන් පාට් එකට තමා මම ගොඩාක්ම ප්‍රිය...

    මේකට මම තව එකතු කරනවානම්... Richard Marx - Hazard / michael bolton - Touch me deep inside / michael learns to rock - you took my heart away / Lionel Richie - Hello / Marc Anthony - When I Dream At Night / Eagle - Hotel California

    ඔන්න මගේ ලැයිස්තුවෙන් ටිකක්...

    ReplyDelete
    Replies
    1. //Care Whisper සින්දුවෙ සැක්සෆෝන් පාට් එකට තමා මම ගොඩාක්ම ප්‍රිය...//

      මම හිතන්නෙ ඒ සින්දුවේ ජීවය තියෙන්නෙ එතැනයි කියලා...

      //Richard Marx - Hazard / michael bolton - Touch me deep inside //

      මේ දෙක හැරෙන්න අනිත් ඒවා නම් මගෙ ලයිස්තුවෙත් තියෙනවා..මේ දෙකත් අහලා බලන්නම්. ස්තුතියි සිරා..

      Delete
    2. ඉංග්‍රීසි ගීත ලෝලියෙක් නම් Hazard නෑසු කන් මක්කට...එය එතරම් සංවේදී අලංකාර ගීතයක්... පද මාලාවත් එක්ක බලන්න... ගීතයේ අරුත හොදින් වැටහේවි...

      Delete
  27. සිරාවට තාමත් අහන්න පුලුවන් ගිත මේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්තන්මයි,,,අනික තමා සැමෝ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑනෙ..

      Delete
  28. ගොඩාක් ඉන්ග්ලිෂ් සින්දු නම් ඇහෙනවා අඩුයි... එත් ට්‍රයි කරලා බලන්න හිතුවා....

    ReplyDelete
    Replies
    1. අහලා බලන්න...ලස්සන ඒවා එමටයි :)

      Delete
  29. Show Me The Meaning - Backstreet Boys
    I Knew I loved You - Savage Garden
    No matter - Boy zone
    Hello - Lionel Rickey
    Could This Be Love - Jennifer Lopez
    Everything I Do - Brian Adams -මෙන්න මගෙ ආසම සින්දු සෙට් එකක්

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔය ලිස්ට් එකම මමත් ආස ඒවා..

      Delete
  30. ගෙදර ගිහින් සින්දු ටික අහන්න ඕන. රොක් උනත් අතලොස්සක් තියනවා ආස හිතෙන ගීත. හැබැයි සමස්තයක් වශයෙන් නම් මම කැමති නෑ. ඒක මට එපා උනේ අපේ මල්ලි හින්දද කොහෙද. එයාගේ වැඩේම කන පැලෙන්න ඕවා දාගෙන ඉන්න එක

    ReplyDelete
    Replies
    1. රොක් අහන්න ඕනෙ කණ පැලෙන්න දාගෙන තමා.නැත්තම් ඒකෙ ගතියක් නෑ සයුරි..රොක් වලට මමත් එච්චරම කැමති නැති උනත්...සමහර ඒවා තියෙනවා එක පාරක් ඇහුව ගමන් හිතට වදින ඒවා...

      Delete
  31. දෙකයි තුනයි සිංදු මගෙත් මාරම ෆේවරිට් ඒවා...

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දු හැමදාම අහන්න උනත් පුළුවන්...

      Delete
  32. මමත් කැමතිම ඉංගිරිස් ගීතයක් තමයි කෙයාලස් විස්පර්ස්... ඕකේ තනුව දාන්න මාස 6 විතර මහන්සි උනාය කියනවනේ... ටිකක් පරණ ඉංගිරිස් ඒව අහන්න කැමතියි...

    Aerosmith - I Don't want to miss a thing
    Paul Young - Love of the common people
    George Michael - Father figure
    Harry Chapin - Cats in the cradle
    Hayley Westenra - Beat of my heart
    Josh Groban - Remember me (Troy චිත්‍රපටියේ)
    Michael Buble - Crazy Love
    2Pac - Changes
    Tonic - If you coule only see
    Moby - Porcelain

    මෑතකදි ජනප්‍රිය වුන ඒවයින්.. Nickleback - Lullaby සිංදුවට ආසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර ...Aerosmith - I Don't want to miss a thing මම හුඟාක් ආසයි..ඒ වගේම ඔයා ඔය අන්තීමට සඳහන් කරපු Nickleback - Lullaby මෑතක ඉඳලා අහන්නවා..ඒකත් හුඟාක් හිතට දැනෙන එකක්..

      Delete
  33. යෙශ්.... !!! අද අපට වැඩ නෑ. අද මේ සිංදු ටික අහන එක අහනවාමයි :)

    ReplyDelete
    Replies
    1. අහන්න අහන්න...අපි දන්නෙ නැති ඒවත් ලියලා දාන්නකෝ..

      Delete
    2. අද කරන්ටෙක ගියා බං. ඒ නිසා අහන්ඩ උනේ නෑ.
      නුගේගොඩ නාවල ලයින් එකටම කරන්ටෙක නෑ. උදේ ඉදන් 5 වෙනකන්ම නෑ.

      Delete
  34. මම ආසයි මොරාන්ඩි කියන save me, angels. සින්දු 2ට.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මම ඒක අහලා නෑ...ඉන්නකො බලන්න..

      Delete
  35. මම නම් අහලා මේවා. නිවඩුවේ අහන්න ඩවුන්ලෝඩ් කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. මමනම් අහලා නෑ මේවා.කියන්නයි ඕන වුනේ කොහෙද ඒකෙත් නෑ නෑ. මටම මයි වෙන්නේ.

      Delete
    2. කොහෙදෑ උන්නේ මෙච්චර කල් ? මම හිතුවේ ලංකාවටවත් මංගච්චලාද කියලා.. :)

      Delete
    3. ඇයි ළිහිණි එහෙම හිතුවේ...? සරා එහෙම නොකියම ඒවි කියලා හිතුවද....? කාලසටහන ටිකක් විතර වෙනස් කලා. හොඳ ශරීර සුවතාවයක් පවත්වාගෙන යන්නත් ඕනනේ ඒනිසා.

      Delete
    4. ඇයි අප්පේ..හිටපු ගමන් අතුරුදහන් උනාම..මම නම් හිතුවේ ලංකාවට ඇවිත් කියලමයි... ඒකත් හැබෑව...මෙච්චර ලෙංගතු අපිට නොකියා යන එකක් නෑ නේන්නම්... :)

      Delete
  36. මට ගොඩක් ලොකු ප්‍රියක් නම් නැහැ ඉන්ග්ලිෂ් සෝන්ග්ස් වලට ඒත් ටිකක් ආසයි යු ටූක් මයි හාට් කියන සිංදුවට ඒක මගේ ෆෝන් ඊ මේ දවස් වල හැමතිස්සෙම ප්ලේ වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ බොස්ගෙ ෆෝන් එකේ රිගිං ටෝන් එක යූ ටුක් මයි හර්ට් අවේ...දැන් අවුරුදු දෙකක් තිස්සෙම ඒක...හි හි හී

      Delete
    2. හෙහ්.. උඹ ඔතනිං අයින් වෙයං බං.. හැක්...

      Delete
    3. වැඩක් නෑ...මට බොසාගෙ හාර්ට් එක තඹ සතේකට වටින්නෙ නෑ කියලා බොසා දන්නවා බං...හි හි හී..

      Delete
    4. අයියෝ සල්ලි....D

      Delete
  37. ලිහිණියෝ මං මේ කල්පනා කලේ උඹේ පෝස්ට්කටුව මට මිස් උනේ කොහොමද කියල... කමක් නෑ. අනිත් සිංදු දෙක සාමාන්‍යායන් අහල තිබුනට careless Whisper මගේ ආසම සින්දුවක්. ඒ දවස් වල ෆෑන් ක්ලබ් එකේ අනිවා යන සින්දුවක් තමා. මම ලිහිණි හුගක්ම ආස ඔය වගේ පරණ සින්දු වලට. මේ ගීතය විශ්වයේ ඇති හොදම ප්‍රේම ගීත වලින් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔය ෂොපින් කරන්න එහෙම ගියාම සමහර ඇඳුම් කඩවල සින්දු දාලා තියෙනවනේ.. ඔය වගේ මම ආස එකක් ගියොත්...ඒක ඉවර වෙනකම්ම මම කැරකි කැරකි ඉන්නවා...යන්නෙ නැතුව...ජෝර්ජ් මයිකල්ගේ ලාස්ට් ක්‍රිස්මස් සින්දුවටත් මම ආසයි...

      Delete
    2. අනේ බං.. මට ඒක අමතක වෙලා කුරුං කුරුං ගෑවත් මීටර් උනේ නෑ.
      Last Christmas I give you my heart
      But the very nextday you gave it away
      This year to save me from tears
      I give it to someone special... එළකිරි

      Delete
  38. ලිහිණි අක්කියා ඉදලා ඉදලා හරි ලස්සන සිංදු ටිකක් දාලානේ..

    ReplyDelete
  39. කෝ අනේ ........බැක් ස්ට්‍රීට් බෝයිස්ලාගේ සින්දු නෑනේ එකක්වත් ....... අනිත්ව නම් එල ඇ......

    ReplyDelete
    Replies
    1. ඒවා දැම්මෙ නෑ අනේ...මේ ටික ඇතිනේ...දැනට... :)

      Delete
  40. Careless whisper gives me goosebumps.

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.