මාව කියවන අය අතර..

13 December 2012

ලෝක විනාශය සිදුවනවාද ? අප විනාශය ලඟා කර ගන්නවාද ?



අප ජීවත් වෙන ලෝකයේ ඇරඹුම මෙන්ම අවසානයද කවදා කොයි ආකාරයෙන් සිදුවේදැයි සොයන්නට මිනිසා පෙළඹුනේ අද ඊයේ නොවේ. ලෝකයේ ආරම්භය මෙන්ම අවසානයද කවර ආකාරයෙන් සිදුවේදැයි යන ගැටළුවට නොයේක් පිළිතුරු ඒ ඒ යුගවල ජීවත් වූ ආගමීක ශාස්තෘවරුන්  මෙන්ම දාර්ශිකයින්ද තමන්ගේ අදහස් පෙන්වා දී තිබේ.

මීට වසර 58කට පමණ පෙර පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලද සෙල් ලිපියක් ඇසුරෙන් කල පරීක්ශණයන් අනුව අප ජීවත් වන ලෝකයේ අවසානය 2012 වසරේ දෙසැම්බර් මස 21 වෙනිදා සිදුවන බව ඔවුන් කියයි. නමුත් ඒ කුමන ආකාරයටදැයි සඳහනක් නැත.

ලොවපුරා මිනිසුන්ගේ අවධානය දිනා ගන්නා ලද එම දිනය මායා ශිෂ්ඨාචාරයේ ජීවත් වූ  මායාවරුන්ගේ සෙල් ලිපියක සඳහන් වූ මායා දින දර්ෂණයක සඳහන්  බව ඒ පිළිබඳව සොයා බැලූ විද්‍යාඥයින්ගේ අදහස වුවද ඇත්තෙන්ම 2012 දෙසැම්බර් මාසයේ 21 දා මේ කියන ආකාරයේ ලෝක විනාශයක් සිදුවේදැයි අප බලා හිඳින්නෙමු..

මායා ශිෂ්ඨාචාරය යනු වර්ථමාන දකුණු ඇමරිකානු අර්ධද්වීපයේ මෙක්සිකෝව , ගෝතමාලාව , එල්සෙල්වදෝරය හා උතුරු බ්‍රසීලය යන රටවල් පිහිටි ප්‍රදේශයන් ආශ්‍රිතව පැවති වසර ක්‍රි.පූ 3000 වෙනි වසරට පමණ ඈත අතීතයේ ඉතාමත් දියුණු ශිෂ්ඨාචාරයක් බව සොයාගෙන තිබේ. 
                                 
                                               මායා ශිෂ්ඨාචාරය



මෙම ශිෂ්ඨාචාරයට අයත් මිනිසුන් ඉතා දියුණු දින දර්ශණ පවා භාවිතා කර තිබූ බවට සාක්ෂි ලැබී තිබේ. මායා වරුන්ගේ දින දර්ශණ අනුව එක් දින දර්ශණයක් දින 260 ක්ද අනිත් දින දර්ශණය දින 365 කින්ද සමන්විතයි. ඊට අමතරව ඔවුන් තවත් විශේෂ දින දර්ශණයක්ද බාවිතා කර ඇත. එය නම් කොට ඇත්තේ Long Count Calendar යනුවෙනි.

                                                   Long Count Calendar

මෙම විශේෂ දින දර්ශණය ඔවුන් නිර්මාණය කර ඇත්තේ වර්ෂ 5125 ක කාලසීමාවකට යටත්වය. ඔවුන්ට අනුව එය ලෝකයේ මිනිස් ශිෂ්ඨාචාරයේ එක් යුගයක ආරම්භය සහ අවසානය සිදුවන කාල පරාසය ලෙස සලකනු ලැබේ. ඒ අනුව මෙම Long Count  Calendar  නැමති දින දසුන අනුව මෙම මායා දින දර්ශණයේ ආරම්භක දිනය වන්නේ ( මායා ශිෂ්ඨාචාරයේ ආරම්භය ) ක්‍රි.පූ. 3114 අගෝස්තු මස 14 දින ලෙස ගණන් බලා තිබේ. එවිට එහි අවසාන දිනය වන්නේ 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදාය.

                                                 පාකල් වෝටන් 

මේ මතභේදයට තුඩු දුන් කරුණු සඳහන් සෙල් ලිපියේ හිමිකරුවා වන්නේ පාකල් වෝටන් ( Janaab Pakal Votan) නැමැති මායා ශිෂ්ඨාචාරයට අයත් රජ කෙනෙකි. ක්‍රි.වර්ෂ 603 දී ඉපිද වසර 80 ක් ජීවත් වූ පාකල්  පඬිවරයා වසර 52ක් මෙක්සිකෝවේ පාලකයා ලෙස කටයුතු කොට තිබේ. තාරකා විද්‍යාව , ජෝතිෂය පිළිබඳව මනා දැනුමකින් පිරිපුන් වියතෙකු ලෙස හැදින්වෙන මොහු පිළිබඳව තොරතුරු මුලින්ම ලෝකයට අනාවරණය වන්නේ 1949 දී මෙක්සිකෝවේ පුරා විද්‍යාකැණීම් ආරම්භ වීමත් සමගිනි. 1952 දී පොලෝ මට්ටමෙන් සිට අඩි 69 ක් යටට කැණීම් කටයුතු කරද්දී පිරමිඩ හැඩයකින් යුත් සොහොන් ගැබක තිබී පාකල් වෝටන් පඬිවරයාගේ මෘත ශරීරය සොයා ගත් බව ඒ පිළිබඳව ඇති වාර්ථාවක සඳහන් වේ..

ඒ සමඟම ඔහු විසින් ලියන ලද සෙල් ලිපි රාශියක්ද සොයා ගන්නා ලදි. 2012 වසරේ ලෝක විනාශය ගැන සඳහන් ශිලා ලේඛණය සොයා ගන්නා ලද්දේ ඔහුගේ සොහොන් ගැබ අසලින් බවත් සඳහන්. මෙම ලෝක විනාශය පිළිබඳව ඇති සෙල් ලිපි පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් සඳහන් කරන්නේ මෙය ලෝක විනාශයක් පිළිබඳ කතාවකට වඩා මිනිස් සංහතියේ එක් යුගයක අවසානය පිළිබඳව කරන අනතුරු අඟවීමක් බවයි. ඊට හේතුව ලෙස ඔහුගේ සෙල් ලිපියේ සඳහන් වන්නේ සංවර්ධණය වූ මිනිසා සොබා දහමට එරෙහිව යෑම සහ සොබා දහම අභිබවා යෑමට තැත් කිරීම නිසා මිනිසා විසින් තම විනාශය ලංකර ගන්නා බවයි...

සංකේත අනුසාරයෙන් ලියා ඇති මෙම සෙල්ලිපිය තුල මායාවරුන් විශ්වාස කල වසර 26000ක කාල චක්‍රය පිළිබඳව සඳහන් වේ. යුග කාල චක්‍රය ලෙස හැඳින්වෙන එය කොටස් 5කට බෙදා ඇති අතර ඉන් කොටසක ආයූ කාලය වර්ෂ 5125ක් ලෙස සඳහන් වේ.  ඒ අනුව 2012 දෙසැම්බර් මාසයේ 21 වන විට මෙම කාල චක්‍රයේ යුගයක් නිමා වන බව කියයි. මායාවරුන්ට අනුව එය ලෝකයේ ගමන නතර වන දිනය වේ. කෙසේ වෙතත් ශිෂ්ඨාචාරයක දැනුම මත පදනම් වී ලෝක විනාශයක් සිදුවේ යැයි ගෙඩිය පිටින් ගෙන විශ්වාස කිරීම මෝඩ කමකි. නමුත් වෝටන් පඬිවරයා සඳහන් කරන ප්‍රධාන කාරණය අපට කිසිසේත්ම බැහැර කල නොහැක. සොබා දහමට එරෙහිව යාමෙන් තමන්ගේ විනාශය මිනිසා ලඟා කර ගන්නා බව එහි සඳහන්ය. වර්ථමාණ සංවර්ධණය යනු සොබා දහමට එරෙහිව යාම නොවෙද ?


අපි ලෝක විනාශය ලඟා කර ගනිමින් සිටිනවාද ?

අප ලෝකය තුල මේ වන විට සිදුවන වෙනස්කම් පිළිබඳව සිතා බැලුවහොත්, මිනිසා ක්‍රමක් ක්‍රමයෙන් තම විනාශය තමා අතින්ම සිදුකර ගනිමින් සිටින බව අපට තේරුම් ගන්නට පුළුවන. මීට වසර 250 කට පෙර පැවැති ලෝකයට වඩා වර්ථමාණ ලෝකය මහා පරිවර්ථනයකට භාජනය වෙමින් තිබේ. ඒ මිනිසා තමාගෙ පැවැත්මට තමාම අභියෝග කරමින් පැමිනෙන ගමනකි. වර්ථමානයේ ලෝකය පුරාම සිදුවන ස්වභාවික විපත් හා රෝග පීඩා සියල්ලම පිටුපස සිටින්නේ මිනිසා තම දියුණුව නමින් හඳුන්වන ව්‍යාසනයයි. ඕසෝන් සිදුර නිසා වන ගෝලිය උණුසුම සමඟම ඇතිවන අයිස් කඳු දියවීම ...ලෝකයේ දේශගුණ සමතුලිතභාවය බිඳ වැටීම , නොයේක් වසංගත රෝග පැතිරයාම, නියඟය, ගංවතුර , කුණාටු හා ජලය හිඟවීම ආදී වශයෙන් මිනිසා වෙත ලඟාවන අතුරු ආන්ත්‍රා මේ සංවර්ධණයේම අතුරු ප්‍රථිපලයි...

මා අසා ඇති පරිදි බුදු දහමට අනුව සියළුදේ නැති වීම මෙන්ම නැවත ඇතිවීමද හේතුඑල ධර්මතාවයකි. ඇතිවීම ..නැතිවීම සහ නැවත ඇතිවීම යන චක්‍රීය සංකල්පයට අනුව ලෝකයේ ආරම්භයක් හෝ අවසානයක් පෙන්විය නොහැකිය. මායා ශිෂ්ඨාචාරයේ මනුෂ්‍ය යුගයක කාලය වර්ෂ 5125ක් ලෙස ගණන් ගැනුනද හින්දු සහ බෞද්ධ දර්ශණ අනුව එය කල්ප යුග වශයෙන් සලකනු ලබයි. කල්පයක් යනු ඉලක්කම්වලින් ඝණනය කල නොහැකි තරමේ කාල පරාසයකි.

විශ්වය යනු අනන්ත කෙළවරය දැකිය නොහැකි තැනකි. ඉතින්...මායාවරුන්ගේ දින දර්ශණයට අනුව 2012 වසරේ දෙසැම්බර් මස 21දා සිදුවෙතැයි කියන ලෝක විනාශයට ඇත්තෙ තවත් සතියක පමණ කාලයකි... ඔවුන්ගේ දර්ශණය අනුව සිදුවෙතැයි කියන ලෝක විනාශය ලඟාවනතුරු බලා හිඳිමු ද ... කවුරුත් කියනා පරිදි ලෝක විනාශය යනු විශාල යමක් පෘතුවියේ වැදී ඒනිසා ලෝකය විනාශ වී යනවාද නැතිනම්...අපි විසින් සංවර්ධණය මුවාවෙන් ලඟා කරගන්නා විනාශයක්ද යන්න සිතා බලමු..

( තොරතුරු සොයා ගත්තේ විකිපීඩියා සහ Ancient Aliens - Aliens and Lost Worlds ඇසුරෙනි ...පින්තූර සොයා ගත්තේ ගූගල් වෙතිනි ) 

පාකල් වෝටන් ගැන කියවන්න


123 comments:

  1. හොඳ ලිපියක්. හැමදේම අනිත්‍යයි ලු නේ මොකට ඕකට බයවෙනවද... විනාස වෙනවා නම් විනාස උන දෙන් හොඳට කාල බීල ආතල් එකේ ඉන්නවා. හෙට මැරුණත් හිටතට සැපයි අද ජොලි කරලා.....:D

    ReplyDelete
  2. 21 විනාසේ වුනොත් මේ මාසේ වැඩකරපු 25 පඩිය ගන්න වෙන්නෙත් නෑ..අතේ සතෙත් නෑ..කාපන්කෝ අග්ගලා හිටගෙන කිව්වලු.


    හෙහ් හෙහ් වෙන විනාසයක් වෙද්දෙන් කියලා මම නම් කාලා බීලා ඉන්නවා. මායාවරුන්ට කවුද දන්නේ සයිකොද කියලා....

    ReplyDelete
    Replies
    1. උඹේ විතරක් නෙමේ බං..අපිට දෙන්නෙත් වෙනදාට 25. මේ පාර නම් 22 ලු දෙන්නෙ.. පඩිය විතරක්ද..බෝනස් එකකුත් තියෙනවා...හි හි හී

      Delete
  3. ළිහිණි කියන එක හරි කියලා මාත් හිතන්නේ.. නිකම් හිතලා බලනකොට සංවර්ධනය කියලා අපි අපහු යන්නෙත් ආපහු පටන් ගත්ත තැනකටමයි.. මනුස්ස ශරීරයේ වෙලා තියෙන විපර්යාස ගැන විතරක් හිතලා බැලුවත් ඕක පේනවා...

    අනිත් ඒවත් එහෙමම තමයි...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..ලංකාවේ කවදද සුනාමි තිබුනේ..එතකොට භූමිකම්පා..ඒ විතරක්ද..බලපන්කෝ හිරුවො දෙසැම්බර් වෙලත් සීත නෑනෙ බින්දුවක්වත්..රෑ එළිවෙනකල් ෆෑන් දාගෙන..කාලෙ අකාලේ...

      Delete
    2. බෝනස් එකෙන් හොදට කන එකයි තියෙන්නේ , ඒකරලා හිරු අක්කා වගේ මහත් වෙන්ඩ ඈ තුනාමියක් ආවත් ගහගෙන යන් නැති වෙන්ඩ

      Delete
    3. මගෙ උසේ හැටියට තව මහත් උනොත් අර මොකාද වගේ තියෙයි...:P

      Delete
    4. ළිහිණි උස කියද

      Delete
    5. මගෙ උස අවුරුද්දකට කලින් බලද්දී තිබුනේ 5'8ක්. ඒත් ලඟදි ජිම් එකේ උසයි බරයි බැලුවා. උස 5'8 හමාරයි. බර 55 kg

      Delete
    6. තව පොඩ්ඩක් උස ගියානම් පොල්වත්තක ජොබ් එකක් සෙට් කරන්න තිබුණා

      Delete
    7. කෝඩින් කරනවට වඩා ලේසි ඇති..හි හි හී

      Delete
    8. ලෝක විනාසේ ආවත් බයවෙන්ඩ කාරී නෑ .පොල් ගහ උඩනේ ඉන්නේ

      Delete
  4. මේහ්? මන් හෙට ට්‍රිප් එකක් යනවා. ලෝක විනාසෙට කලින් ගීන් එන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. Space එකට නෙමේනෙ...එහෙනම් බය වෙන්න දෙයක් නෑ..

      Delete
  5. අපූරු විග්‍රහයක් අක්කේ නමුත් මම මේ පිළිබඳව කිසිම දෙයක් කියන්නේ නැහැ.

    ReplyDelete
  6. ළිහිණි අද නම් ෆුල් සිරියස් වෙලානේ. මේ පිළිබඳ සොයන්නෙකුට හරිම වැදගත් කරුණු රැසක්ම අඩංගුයි. මේ ලිපිය පෙන්නන්න ඕන මාරයටම තමා. කොහොමත් මං මේ කරුණු එක්ක ඔබ සමග එකඟයි.

    ReplyDelete
    Replies
    1. ලියන්නත් දෙයක් තියෙන්න එපායෑ නලින් අයියා...

      Delete
  7. අලේ මල්ලල්ලෑ ඔව්වා..මම නම් ඔය දෙකටම ලෑස්තිපිට ඉන්නෙ .. මට ඕක හිත හිත ඉන්න වෙලාවක් නෑනෙ අක්කියා.. ප්‍රෝග්‍රෑම් එකක් තියනවා ඒක ලියනවා..ලබන සතියෙ එක්සෑම් එකකුත් තියනවා.. ඕක හිතන්න ගිහිල්ලා විනාසෙ නොවුනොත් එහෙම මට සියදිවි හානි කොරගන්න වෙන්නෙ.. හිකිස්...ලිපිය නම් ගොඩාක් වටිනවා..ඇත්ත තමයි කතාව..මමත් එකගයි

    ReplyDelete
    Replies
    1. අලේ මල්ලලෑ ඔව්වා කියන එක මේ ඔරවන් ඉන්න මූනට නියමෙට ගැලපෙනෝ
      බලහන්කො ලිහිනියෝ මැවිල පේන්නැද්ද කියල ඔය විදියට ඔරවන් අලේ මල්ලලෑ ඔව්ව කියනව :D

      Delete
    2. සැහ්...මේකා මාව කනවා..ඒම නෑ..මම හෙන අහිංසකයි... බොලු නම් අපේ අම්මාගෙන් අහන්න(අහලා අහුවෙන්නෑ හරී)

      Delete
    3. අලේ...මේ ශම්මියගෙ මූණ නෙමේ..ඒක මීටත් වඩා නපුරුයි..හි හි හී

      Delete
    4. හෑ...තරායි ඈ..ළිහිණී අක්කියා..මෙයා මාව දැකලත් නෑ..පණු අක්කිගෙන් අහන්න මම ගැන.. ;)

      Delete
    5. නපුරුම නපුරු මූණක් තියෙන කෙල්ලක්ලු... පණූ තමා කිව්වේ...හි හී

      ශම්මි කෙල්ල තලා උනාද ... ළිහිණි අක්කිගේ ජෝක් අනේ... :D

      Delete
    6. හෑ..පණු අක්කයාව හෙළා දකිමි.. :( නෑ අලේ..ඔයා එක්ක තරා වෙන්න මුකටෙයි..අපි ලාලුයිනෙ.. :D

      Delete
  8. හා කව්ද දන්නෙ මායා වරුන්ට ඉතිරි ටික කොටන්න ඉඩ මදි උනාද කියලා..........

    ReplyDelete
    Replies
    1. අනිවා..එහෙම වෙන්නැති.. :D

      Delete
  9. දෙයියනේ මේ මාසේ පඩි සල්ලි ටික අතට අරගන්නකන් ලෝක විනාශේ වෙන්න එපා.නැත්නම් අපරාදේ සල්ලි.
    බෝතලේකුත් අතේ තියාගෙන ලෝක විනාශෙත් බලාග්න ටික ටික බොතෑකි. ලෝක විනාශේ දවසට බොන්න සෙට් වෙන අය ඉන්නවනම් අත උස්සන්න.

    ලිහිණි නම් බොන එකක් නෑ මහිතේ.

    ReplyDelete
    Replies
    1. පඩිය විතරක් යෑ මධුවො...ඇයි බෝනසේ....හි හි හී

      අපිට නම් ඔය බොන ලෙඩ නෑනෙ..

      Delete
  10. හොඳ ලිපියක් ළිහිණි...

    ReplyDelete
  11. හයියූ මෙයා අපිව බය කරනවනේ .කෝකටත් 21 වෙනකොට නුවර පැත්තටවත් යන්න ඕනේ ,තුනාමියක්වත් ආවොත් බේරෙන්න පුළුවන්නේ කන්දක් උඩට වත් නැගල

    ReplyDelete
    Replies
    1. හි හි හී...ඇත්තටම සුනාමි ආව වෙලේ මම උන්නෙ නුවර එළියේ...

      Delete
    2. නාය ගියොත් මොනවයි කොරන්නේ? :)

      Delete
    3. එතකොට පිදුරු ගහක් හොයා ගනී. පිදුරු නැති උනොත් නුවර මානා පඳුරු තියෙනවනෙ සයුරි...හි හි හී

      Delete
    4. 2012 චිත්තලපටියේ පෙන්නුවේ තුනාමි එනවනේ ,නාය යනවා පෙන්නුවේ නෑ ,ඒ හින්ද එහෙම වෙන එකක් නෑ @ සයුරි

      එන්න එපා අපේ ගමට අනන් මනං කියන්න හ,පිදුරු ගහේ එල්ලෙන්නේ ගිලෙන්න යනකොට ,එකවත් දන් නෑ හූ ...හූ ... @ ලිහිණි

      Delete
    5. ඔන්න කිව්ව පට්ට පල් බොරුවක්. එතකොට අර පොළොව පලාගෙන එන්නෙ නාය යනවා නෙමේද...අනේ ලකියෝ... හි හී හි

      Delete
    6. එහෙම එකක් තිබුනද ?එහෙනම් ඒ හරියේදී තමා මට නින්ද ගිහින් තියෙන්නේ ,හපොයි දැන් මොකේද දන් වළදන්නේ ?හැමෝම ලෝක විනාසේ ගැන කියනවා ,කවුරුහරි බේරෙන්න විදිහක් හිතල කියහල්ලකෝ

      Delete
    7. මේසේ යට හැංගෙන්න...නැත්තම් ඇඳ යට...හි හී

      Delete
  12. වෙන්න දෙයක් නෑ දැනටමත් ලෝක විනාසෙ තමයි :( මනුස්සකම විනාස උනා කියන්නෙ ලෝකෙම විනාසයි

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත යසිත්..මනුස්සකම් ...ගුණධර්ම නැතිව ගිය ලෝකයක්නෙ දැන් ඉතිරි වෙලා තියෙන්නෙ...

      Delete
  13. පාරෙ තෝටේ එක එක්කෙනාගෙ කතා ඇහෙද්දි හිතෙන්නෙ මේක සිද්දවෙන බව විශ්වාස කරන එවුන් ඉන්නවා කියලා..

    මම ඕක කිය කිය හිනාවෙද්දි බෞද්ධ අයියාකෙනෙක් නම් කිව්වෙ.. මායාවරුන්ගේ කැලැන්ඩරේ තිබ්බ පලියට ඕක නොවුනත් බෞද්ධාගමික සංකල්ප වලට අනුව චිත්ත ශක්තිය නිසා යමක් වෙන්න පුළුවන්ලු... තේරෙන විදිහට කිව්වොත් බොහෝ දෙනෙක් ලෝක විනාශය සිදුවෙනවායි විශ්වාස කිරීමෙන් ඇතිවෙන චිත්ත ශක්තියෙන් යමක් වෙන්න පුළුවන්ලු..

    මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ.. මීට කලින් කොච්චරනම් ඔය වගේ කතා ගියාද?

    මෙහෙම කතාවක් නම් මමත් බ්ලොගේ ලිව්වා..

    ReplyDelete
    Replies
    1. මම මේ කියන්නෙත් මම ඒක විශ්වාස කරනවා කියලා නෙමේ හරී. ඒ කතාවේ අතුරු කතාවක් විතරයි .ජල ගැල්මෙන් ලෝකයම විනාශ උන කතාව අපි බයිබලයෙන් කියවලා තියෙනවනෙ. එහෙම බැලුවොත් ඒවත් විශ්වාස නොකරන අය මොන තරම්ද..මේක නිකම් මේ ලියන්න දෙයක් නැතුව ඉද්දී ඔළුවට ආව දෙයක්. ඇයි දෙයියනෙ ලියන්න දෙයකුත් තියෙන්න එපායෑ..

      ඒත් ලෝක විනාශය කෙසේ වෙතත් අපි ලෝකය විනාශයට අරගෙන යනවා කියන එකවත් හරී පිලි ගන්නෙ නැද්ද ?

      Delete
    2. ඉතින් ඔයා ඒක විශ්වාස කරනවා කියලා මම කිව්වෙත් නෑ.. මම කිව්වෙ පාර තොටේ ඇහිච්ච කතා.. සමහරු මගෙනුත් ඇහුවා ඉන්ටර්නැට්ටෙ මොනවද තියෙන්නෙ කියලා.. මම කිව්වම ඕක බොරුවක් කියලා උන් ඒක පිළිගන්නෙත් නෑ.. මට මොකෝ කියලා මමත් හිනාවෙලා නිකා හිටියා..

      "ඒත් ලෝක විනාශය කෙසේ වෙතත් අපි ලෝකය විනාශයට අරගෙන යනවා කියන එකවත් හරී පිලි ගන්නෙ නැද්ද ?" මොකෝ නැත්තෙ..

      Delete
  14. මහන්සි වෙලා විස්තර හොයල ලියපු ලිපියක්. හොඳ ලිපියක් ලිහිණි!!

    මිනිසාගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා කලින්ම විනාශය ලං කර ගන්න එක තමා වෙන්නේ. ක්ෂනිකව ලෝක විනාශය උනත් නොවුනත් යම් දිනයක නිපදවන විනාශකාරී අවියක් ගැන හිතුවොත් ඒ දවස විනාශයකට මුල පුරන දිනයක් වෙනව නේ. එවැනි අදහසක් වෙන්න ඇති ඔහු දක්වලා ඇත්තේ සමහර විට.

    හරියටම කියන්නම් ඒ දවස පහු වුනාට පස්සේ. :) ඔන්න මායා ශිෂ්ටාචාරය මං බැක් ග්‍රවුන්ඩ් එකට දා ගත්ත.

    ReplyDelete
    Replies
    1. //හරියටම කියන්නම් ඒ දවස පහු වුනාට පස්සේ. :)//

      21 විනාශ උනොත්...කතාව අහන්නත් නෑ..

      Delete

  15. මොනාද ඔට්ටු, ලෝක විනාසෙ වෙන්නෙ නෑ .. ආ අල්ලන්න ඔට්ටූ :P

    ReplyDelete
    Replies
    1. ටොකු 5ක් ඔට්ටුයි..හි හි හී...

      Delete
    2. @සමී

      දිනුවොත් ප්‍රයෝජනයට ගන්න ඉනිමගක් හදල තියහන්. :)

      Delete
  16. ඕක වෙනවනම් වේවි.... අපිට තියෙන්නේ වෙනදා වගේම වැඩ ටික කරගෙන ඉන්නයි...... :)

    හොද ලිපියක් ලිහිණි.... ඔයා කියල තියෙනවා වගේ මිනිස්සුන්ගේ වැරදි නිසා තමා ලෝකය මේ තරම් ඉක්මනට විනාසය කර ලගා වෙන්නේ......

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් වෙන්නෙ නෑ කෙල්ලෙ...හැබැයි ලෝකෙ අපි විනාස අපි ඉක්මන් කරනවා..

      Delete
  17. මං මේ දෙසැම්බර් 20 මොනවද කරන්නේ කියලා තාම හිතනවා. :) 21 විනාසේ වුනොත් ලොවෙත් නෑනේ ඉතින්.

    හොද ලිපියක්..

    ReplyDelete
    Replies
    1. 21 මම නම් ඉතින් ඔෆීසියෙනෙ..අන්තීම මොහොතෙත් කෝඩ් එකක් එක්ක ඉඳීවි...

      Delete
  18. ලෝඉක විනාසෙ කෙසේ වෙතත් යන විදියට විනාසයක් තමා වෙන්නේ... එක්කො ඔය මඟුල වෙනවනම් හරි.

    ReplyDelete
    Replies
    1. එහෙම විනාශ වෙලා කොහොමද..අපි තාම පවුල් පන්සල් වෙලත් නෑ... :D

      Delete
  19. සංවර්ධණය වූ මිනිසා සොබා දහමට එරෙහිව යෑම සහ සොබා දහම අභිබවා යෑමට තැත් කිරීම නිසා මිනිසා විසින් තම විනාශය ලංකර ගන්නා බවයි...

    මේ කතාව හරිම වැදගත්. අපි විනාස වෙන්නෙ මෙන්න මේ කාරණය නිසා තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තරු අක්කා..අපි ස්වභාවධර්මය අපිට ඕනෑ හැටියට වෙනස් කරනවා...ඒකෙ අනිටු ප්‍රථිපල අපිම විඳිනවා...

      Delete
  20. එත කොට මතු බුදුවන මෛත්‍රී බුදුන්ට මොකද වෙන්නෙ..?

    ReplyDelete
    Replies
    1. ඒක තමා අපිත් කියන්නෙ බෞද්ධ දර්ශණයට අනුව ලෝක විනාශයක් සිද්ධ වෙන්නෙ නෑ..

      Delete
  21. ළිපිය නම් මල් හතයි, මම දන්නවා මේ වගේ ළිපියක් ලියන්න තියෙන අමාරුව. ග්‍රේට් ජොබ් කෙල්ලේ. හැබයි ඇත්ත කතාව ඔය කැලැන්ඩරේ කොටපු එකාගේ ආයුධ ගෙවිලා ඉවර උනාලූ... හෙහ් හෙහ්... ඒවා ඉතින් මහාචාර්ය මාතලන්ගේ සියාගැනීම්...

    ReplyDelete
    Replies
    1. //හැබයි ඇත්ත කතාව ඔය කැලැන්ඩරේ කොටපු එකාගේ ආයුධ ගෙවිලා ඉවර උනාලූ... හෙහ් හෙහ්... ඒවා ඉතින් මහාචාර්ය මාතලන්ගේ සියාගැනීම්..//

      හා හා..ඒක එතකොට එහෙමයි වෙලා තියෙන්නෙ...හි හී..

      Delete
  22. උඹ බය වෙලා නේ ලිහිණියෝ.. ඔය විස්තර මටත් නියමයි.. දේශකයා ලෝකවිනාශය තත්කාලයෙන් සිදුවන බවත් එය සිදුවන්නේ කුමන ආකාරයටද යන්නත් අද හෝ හෙට කියනවා. බොලා ට කේස් වෙනවා ඩෝ...

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බන්..මොකට බය වෙන්නද..අපි අමරණීය මිනිස්සු නෙමේනෙ..කවද මැරුනත් මැරෙනවා.. මොකෝ ආයෙ දහපාරක් මැරෙන එකක් යෑ...

      Delete
  23. හොඳ ලිපියක් ලිහිණියෝ .... අනේ මන්දා ලෝක විනාසේ උනොත් එහෙමයි ,නොවුනොත් ඒත් එහෙමයි කියලා ඕන්නොහේ ෆිට් එකේ ඉන්නවා අප්පා කාල බීල .
    :)

    ReplyDelete
    Replies
    1. මැරෙන්නෙ එක පාරනෙ...නේද රෙහානි..

      Delete
  24. යකඩෝ කියන්න ආපු එක අමතක උනා නෙව. උඹේ බ්ලොග් රෝල දාන විදිය නං බං පට්ටම සුපිරියි.. හෙන ගති අවුට් ලයින් එකත් එක්ක

    ReplyDelete
    Replies
    1. මගෙ නෙමේ බන් සංජයගෙ වැඩනෙ..සංජයගෙ බ්ලොගේ තිබ්බා මේ විදියට බ්ලොග් රෝල දා ගන්න හැටි කියලා...
      මෙන්න මෙතන බලපන්කො..

      Delete
  25. මම නම් හරි කැමතියි ලෝක විනාශය එනවා නම්.මට නම් මේ ලෝකේ එපාවෙලා තියෙන්නේ ලිහිණි :(

    ReplyDelete
    Replies
    1. අනේ....එතකොට අර මහත කළු කෙල්ලට යන කලදසාව....

      Delete
    2. ඒක නිසා නේන්නම් මූට ලෝකෙම එපා වෙලා තියෙන්නේ.

      Delete
    3. කොයි කළු කෙල්ලද යකෝ?
      ඇඩෙනවා තනි ඇහැට

      Delete
    4. :P මම ඔකේ කොහෙවත් එක කෙල්ලෙක් ගැන කියලා නෑනේ?.

      Delete
  26. ලංකාවේ අපි සුනාමි එනකම් දැනගෙන හිටියද එහෙම දෙයක් ගැන. සුනාමිය ගැන මුලින්ම තාත්තා ඇවිත් කියද්දි මන් කිව්වේ එහෙම දෙයක් වෙනවනම් කලින් දැනගන්න පුළුවන්. ඕක බොරු කතාවක් කියලා. එදා සුනාමිය ලංකාවට සාපේක්ෂව අලුත් දෙයක් වගේ, ලෝක විනාශය ලෝකයට සාපේක්ෂව....

    කවුද දන්නේ 21 මොනවා වෙයිද කියලා.

    (හික් හික් ඔන්න මන් කට්ටියව බය කළා.. හූ..හූ..)

    ReplyDelete
    Replies
    1. ඔය සුනාමි එද්දී මම උන්නෙ නුවර එළියේ. හිරු එෆ් එම් එකේ ඔය ගැන කියද්දී මට හෙනට හිනා ගියා. ඇයි දෙයියනෙ මුහුද ගොඩ ගලනවා කියලා අපි අහලා තිබ්බේ විහාරමහාදේවියගෙ කාලෙ උන එකනේ..

      මේකත් ඒ වගේද දන්නෙ නෑ..හිනා වෙවී ඉඳලා...

      Delete
  27. අනේ මන්ද ඕකනම් විනාස වෙන එකක් නෙවේ ..... අපි තමයි විනාස වෙතොත්

    ReplyDelete
    Replies
    1. අනිවා...අපි විනාස වෙලා ඉවරයි..ලෝකය විනාශ වෙනවා නෙමේ...අඉ ලෝකය විනාශ කරනවා..

      Delete
  28. 21 වෙනදේවල් ගැන නම් මම හිතන්න වදවෙන්නේ නෑ.ඒත් මට හරි කනගා‍ටුවක් තියෙනවා අපි අතරින් ගිලිහෙමින් පවතින ආචාර ධර්ම, සිරිත් විරිත් මනුස්සකම් ගැනනම්. මේ දේවල් ගිලිහෙන කොට මෙහෙම ලෝකේ පැවතුනා කියලත් තේරුමක් නැති වේවි. ජීවත් උනත් මලා වගේ මිනිස්සුනම් ඉන්නේ ලෝකේ පැවතුනත් වැඩක් තියේද...? මට හුඟක් ආඩම්බරයි ළිහිණි බෞද්ධ දර්ශනය ගැනත් උපුටා දැක්වීම ගැන. අපි ටික දෙනෙක් විතරක් හිතන මේ දේවල් ගැන ඔයාලත් හිතනවා කියන්නේ අපේ දරුවන්ගේ අනාගතය ගැන ඒ හැටි බයක් හිතේ තියා ගන්න ඕන නෑ කියන එක. ආගම් හැදිලා තියෙන්නේ මිනිසුන්ව යහපත් කරන්න. මම කිතු දහම, ඉස්ලාම් ධර්මය හින්දු දහම හැම එකම කියවලා තේරුම් ගෙන තියෙනවා. ඒවගේම යම් යම් ගැටළු ආවිට නැවත ඒවා කියවලා ඒ තැන් නිරාකරනය කර ගන්නවා. මන්ද ඉගෙනීම මිනිසුන්ව පූර්ණත්වයට ගෙනෙනා නිසා. ඔබට ජය...!

    ReplyDelete
    Replies
    1. //මට හුඟක් ආඩම්බරයි ළිහිණි බෞද්ධ දර්ශනය ගැනත් උපුටා දැක්වීම ගැන.//

      මම කලිනුත් කියලා තියෙනවා අයියේ..මම කතෝලික උනාට බෞද්ධ පොත් පත් කියවනවා...කියවන්න ආසයි. දැනගන්න ආසයි...

      //21 වෙනදේවල් ගැන නම් මම හිතන්න වදවෙන්නේ නෑ.ඒත් මට හරි කනගා‍ටුවක් තියෙනවා අපි අතරින් ගිලිහෙමින් පවතින ආචාර ධර්ම, සිරිත් විරිත් මනුස්සකම් ගැනනම්. මේ දේවල් ගිලිහෙන කොට මෙහෙම ලෝකේ පැවතුනා කියලත් තේරුමක් නැති වේවි.//

      ඇත්තටම...අනිත් අයට ගරු නොකිරීම්...මනුස්සකම්..ජාතිවාදී..ආගම්වාදී...මේ හැමදෙයකින්ම පිරිහිලා ගිය ලෝකයක් වැඩක් නෑ...අපි ලෝකට විනාශ කරලා ඉවරයි..

      Delete
  29. කාලීන ලිපියක් :) මාත් ඔව්ව ගැන කියව කියව තමයි මේ දවස්වල හිටියේ. සමහර ආටිකල්වලට හිනා යනවා වගේම සමහර එව්වා ෆුල් සීරියස් විදියට ලියල තියනවා. කැමතිනම් මේක කියවල පොඩ්ඩක් බය වෙන්න..හිහ්

    http://www.bibliotecapleyades.net/esp_2012_43.htm

    මොනවා උනත් අර දින දර්ශනේ නම් මරු නේද? ඔය මම දීපු ලින්ක් එකෙත් ඒ ගැන පැහැදිලිව තියනවා.

    ReplyDelete
    Replies
    1. සිරාවට සයුරි..සමහර ඒවා මාර සීරියස්..අපිව බය කරන තරම් සීරියස්

      අපරාදේ සයුරි..ඒ ලින්ක් එක මේ පොස්ට් එක දාන්න කලින් හම්බ වෙන්න තිබුනේ...

      Delete
  30. 21 නෙවෙයි! මටනං පේන විදිහට දැනටමත් විනාස වෙලා වගේ තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. විනාශ වෙලා නෙමේ...අපි විනාශ කරලා..

      Delete
  31. ලිපිය නම් බොහොම කැපවීමෙන් කරුණු හොයාගෙන ලියපු සාර්ථක ලිපියක්. ලෝක විනාශය සහ මායා වරුන්ගේ කැලැන්ඩරේ කිය කිය හිටියා මිසක් මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැහැ.

    ලිපිය අන්තිමේ සඳහන් කාරනය ගැන නම් මගේ ලොකු එකඟත්වයක් නැහැ. මිනිස්සු තාක්ෂණය අතින් දියුණු වෙන්න කලින්, වගේම මිනිස්සු පරිණාමයේ මූලික අවධි වල ඉන්නකොට පවා, දරුණු ස්වාභාවික විපත් සිද්ධවෙලා තියනවා. මම හිතන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වලින් අප ජීවත් වන පරිසරයට යම් බලපෑමක් උනත්, විශ්වය කියන මහා පද්ධතියට මිනිසුන්ට කල හැකි බලපෑම අල්පයි. කාලයට අනුරූපව විවිධ ලෙඩ රෝග, ම්ලේච්ඡ යුද්ධ, ස්වාභාවික විපත් කියන දේවල් ලෝකයේ හැම කාලයටම පොදු දෙයක්. අද වෙලා තියෙන්නේ, අප වටා සිදුවන දෑ වගේම, ඉතිහාසයේ සිදුවූ දෑ, අනාගතයේ සිදුවිය හැකි දෑ ගැන වඩා වැඩි දැනුමක් අපට තිබීම. ඒ වගේම ඒ දැනුම ලෝකයේ හැම තැනකම වගේ පැතිරී තිබීම. ඒ නිසා, මිනිසුන් වශයෙන්, අපි සිදු කරන ක්‍රියා වල විපාක ගැන වැඩි අවබෝධයක් අපිට තියනවා මිසක්, එවැනි දෑ (කාලයට සාපේක්ෂව) මීට කලින් සිදු වුනේ නැහැ කියන එක ඉන් අදහස් වෙන්නෙ නෑ මම හිතන විදිහට.

    ReplyDelete
    Replies
    1. තිසර කියන දේ හරි. ඒත් කාලයාගෙ ඇවෑමෙන් ඉස්සරට වඩා විනාශකාරි බව වැඩියි. කර්මාන්තශාලා නිසා සාමාන්‍යයෙන් වායු ගෝලයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අනිත් වායු වලට සාපෙක්ෂව 1970 ඉඳලා හතරෙන් තුනක් වෙලා. කාබන්ඩයොක්සයිඩ් මුදා හැරීමේ වේගය 75% කින් වැඩිවෙලා. ඒකට හේතුව තමයි බලශක්ති භාවිතය ඉස්සරට වඩා වැඩියි. මිනිස්සු යාන වාහන පාවිච්චිය ඉස්සරට වඩා දැන් කොයිතරම් වැඩියිද...

      මේ හේතුවලින් ගෝලීය උණුසුම එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩුවක් නෑනෙ..මේ වෙද්දී සිද්ධ වෙන ස්වභාවික අන්තුරුවලට හේතුව ගෝලිය උණුසුම කියලා විද්‍යාඥයින් කියනවා. ඉස්සර මිනිස්සු පරිසරයට ආදරය කලා.. විනාශ කලේ නෑ. දැන් එහෙමද... සංවර්ධණය මුවාවෙන් පරිසරයට කරන හානි බලන්නකෝ...

      Delete
  32. මම හිතන්නෙ මායාවරුන්ගේ ජෝතිෂය අනුව යුගයක අවසානය හා ආරම්භය වෙන්න ඇති. අපේ ජෝතිෂයට අනුවත් යුග තියෙනවනෙ..... අපි දැන් ඉන්නෙ කලියුගයෙ කියනවනෙ........ මාරයා ආවනම් වැඩි විස්තර දැන ගන්න තිබ්බ..........
    මම නම් කැමතියි ආපහු අර සුනමියක් වගේ එකක් එනවනම්... ඇවිල්ල බොරුකාරයෝ, කුඩුකාරයෝ (එවට සම්බන්ද හැමෝම ) එක්ක දේශපාලුවෝ ඔක්කොමත් ගහගෙන යනවනම්.........

    ReplyDelete
    Replies
    1. //මම නම් කැමතියි ආපහු අර සුනමියක් වගේ එකක් එනවනම්... ඇවිල්ල බොරුකාරයෝ, කුඩුකාරයෝ (එවට සම්බන්ද හැමෝම ) එක්ක දේශපාලුවෝ ඔක්කොමත් ගහගෙන යනවනම්.........//

      උන් විතරක්ම ගහගෙන යනවා නම් හොඳයි. අහිංසක මිනිස්සුන් කරදරයක් නොවී...එහෙම වෙන්නෙ නෑනේ...

      Delete
    2. සමාවෙන්න සමාවෙන්න...... 'විතරක්' කියල ලියන්න අමතක උනා........

      ඇත්තටම නම් දැන් අහන්න දකින්න ලැබෙන සිද්දවෙන දේවල්වල හැටියට ආයෙ අමුතුවෙන් විනාශ වෙන්න දෙයක් තියෙනවද කියල හිතෙනවා......

      Delete
  33. මම නම් හිතන්නේ අපි මේ ලෝකෙට කරන වැඩ නිසා මිසක් නිකම්ම ලෝක විනාශයක් එන්නේ නැ. මිනිස් සංහතිය විසින් ඔවුනොවුන් අරඹයාම කරගන්නා වු විවිධ ක්‍රියා හේතුවෙන් නම් යම් කිසි තත්වයක් එලැඹීමේ අවකාශ තියෙනවා...මොනව උනත් බොහොිම ගවේෂණාත්මක ලිපියක.හොඳ සාධාරණයක් ඉටුවෙලා තියෙනවා අපි වගේ කියවන්නන්ට...ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔව් රතී. මිනිස්සු තමා ලෝකය විනාශ කරන්නෙ...ස්වභාවධර්මයට අභියෝග කරලා..ඒවල ප්‍රථිපල තමා මේ වෙන විපත්...

      Delete
  34. ලෝක විනාසෙ උනානං හොඳයි කියල හිතිච්ච අවස්තා නොතිබුනා නෙවෙයි. ඒත් ලොකු කට්ටක් කාල විභාග ටිකත් ගොඩ දාගෙන රස්සාවකුත් හොයාගෙන ටිකක් අතපය දිගෑරල ඉන්න හදනකොටම ලෝක විනානසෙ එනව කියන එකනනං හෙනම හෙන අසාදාරණයි!

    ReplyDelete
    Replies
    1. හි හි හී බය වෙන්න එපා...21 වෙන්නෙ නෑ.. අපි කසාදත් බඳිනකල් ඉන්නවලු...අපි පව් කියලා හිතලා...

      Delete
  35. අගය කලයුතු ලිපියක්...මෙසේ කරුණු එක්රැස් කරගෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක තියෙන අමාරුව මම හොදටම දන්නවා... අමාරු දෙයක් කලාම තමයි අගේ වැඩි... ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කලාට සිරා..

      Delete
  36. ඇත්තටම යමක් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. 21....?? බය නැද්ද ලොකු ජෝන් ? :D

      Delete
  37. //මෙම ලෝක විනාශය පිළිබඳව ඇති සෙල් ලිපි පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් සඳහන් කරන්නේ මෙය ලෝක විනාශයක් පිළිබඳ කතාවකට වඩා මිනිස් සංහතියේ එක් යුගයක අවසානය පිළිබඳව කරන අනතුරු අඟවීමක් බවයි. //
    කතාවට එකගයි.
    ලෝකයේ විවිධ යුගවල විවිධ මානව සිස්ඨාචාර තිබිල, නැතිවෙලා ගිහින් තියෙනවා. මායාවරුනුත්(ඉන්කාවරු) එහෙම එකපාරටම නැතිවෙලා ගිය සිස්ඨාචාරක්. මායාවරුන්ගේ නිජබිම අවටින් මතුකරගත්ත විශාල ආවාටයක් නිසා ග්‍රාහකයක් ගැටීමෙන් (ඩයිනෝසර් වගේ) ඔවුනුත් විනාශ වෙන්න ඇති කියල තමා හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... :)

      ඔව්. මතකද අපිට සමාජ අධ්‍යනය කරද්දී උගන්වපු ශිෂ්ඨාචාර ගැන පාඩම්. ඒ ශිෂ්ඨාචාර නැතිවෙලා තියෙන්නෙ එක පාරටම.. කියන්න බෑනෙ..අපේ ශිෂ්ඨාචාරයත් එක පාරටම නැතිව යයිද කියලා...

      Delete
    2. එකපාරටම නැතිවෙලා ගිය ශිෂ්ඨාචාරත් තියෙනවා.... මොහෙන්දාජාරෝ-හරප්පා කියන්නෙ ඒවගේ එකක්..... ඉතිරිවෙලා තිබුන ඇටකටු වල විකිරණශීලීතාවය වැඩිලු..... ඒක සමාන වෙන්නෙ හිරෝශීමාවල මැරිච්ච මිනිස්සුන්ගෙ තියෙන ප්‍රමානෙටලු ඒත් කවුද අප්පා අවුරුදු 5000කට කලින් පරමාණු බෝම්බ ගහපු කෙනා.....

      Delete
    3. අලේ..ඒ තොරතුරු ටික පෝස්ට් එකක් හැටියට දාන්නකෝ ඉසුරු...අපිටත් කියවන්න එක්ක....

      Delete
  38. මම නම් ඔය මායා කැලැන්ඩරේ ගැන හිතන්නේ

    ඕක කොටපු ගලේ තව ඉඩ නැති උන එකටත් වැඩිය මායා වරු ගණනය කරපු ගණක යන්ත්‍රයේ උපරිම ගණන සීමාව තමයි ඔය 2012.12.21 දවසට යෙදෙන්න ඇත්තේ.දැන් තියන කැල්කුලේටර් එකක උනත් ගණනය කරන්න පුළුවන් සීමාවක් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ සමහර දේවල් තියෙනවා ඒවා හරිම අත්භූතයි.. විද්‍යාවට අභියෝගයක් වෙන දේවල්.. ගෙඩිය පිටින් පිළිගන්නත් බෑ.. හෑල්ලු කරන්නත් බැරි ඒවා..

      Delete
  39. වැදගත් වටිනා ලිපියක්.ගොඩාක් මහන්සි වෙලා ලියපු එකක්.මම නම් සුදානම්.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. අපි විනාශ කරන ලෝකයට අපිම මූණ දෙමු..එච්චරයි..

      Delete
  40. ගොඩක් කාලයක් තිස්සේ හොයන්න කියල හිත හිත හිටිය (ඒත් කම්මැලි කම නිසා මග ඇරුනු :D ) ගොඩක් දේවල් දැන ගත්තා...

    අපේ මේ පාර පඩි දාන්නේ 20 ඒත් බැංකුවට යන්නේ 21... :( මගෙ උපන්දිනේ 25! :O

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..මමත් ගියා ආදර නිසදැස් කියවන්න... ෆලෝවර් ගැජට් එකක් හයි කරා නම් අපිටත් එන්න තිබ්බා...අලුත් නිසදැස් කියවන්න...

      //අපේ මේ පාර පඩි දාන්නේ 20 ඒත් බැංකුවට යන්නේ 21... :( මගෙ උපන්දිනේ 25! :O//

      අපිට දෙන්නෙ 22 ක...මගේ උපන් දිනයත් මේ මාසේ..පහු උනා...10 ය

      Delete
    2. අඩේ උබේ උපන් දිනය 10 වෙනිදද? මගේ එක 4 වෙනිදා .... පහුවුනා ...හොරෙන්ම පාටි දැම්ම නේද ? ..ඒකට කමක් නැහැ " සුබ උපන් දිනයක් "

      Delete
    3. මොන පාටිද බන්.. අම්මා ඇවිත් උන්නා. එයාගෙන් නම් තෑග්ගක් ලැබුනා. ඒක ගැන පෝස්ටුවකින්ම කියන්න ඕනෙ..එච්චරයි..

      Delete
    4. අදහසට ගොඩක් ස්තූතියි..! ඔන්න මම ගැජට්ස් හයි කලා.... චුට්ටක් ගිහින් බලන්න... :)

      Delete
    5. ෆලෝව ගැජට් එක මූණු පොතට විතරයි වගේ. මම නම් මූණු පොතෙන් අයින් වෙලා ඉන්නේ. මගේ බ්ලොගයට මූණු පොතේ පිටුවක් තාම නෑ :)

      Delete
  41. මට නම් තාම ලෝක විනාසයක් ගැන හැඟීමක් නෑ. ඔය කියන දවසෙත් හොඳටම වැඩ. ඉතිං ඒව ඉවරවෙලා තමා ලෝක විනාසෙ ගැන හොයල බලන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමා ගිම්..මේක මේ අදාල තොරතුරක් ගැන විතරයි..

      Delete
  42. Nodanna dewal godak dana gaththa lihini me lipiyenuth. Loka vinase wena ekak na ane. Onna ohe kohoma unath kamak na. Hamomane yana dihawakata yanne.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ...මැරෙන්නෙ එක පාරයිනේ...

      Delete
  43. අපූරු විස්තරයක් ලිහිණි අක්කේ..:)
    ස්තුතියි..ජය!

    ReplyDelete
    Replies
    1. දැන් පාඩම් කටයුතු ඉවරවෙලා එහෙමද හිරු ?

      Delete
  44. ගොඩාක් මහන්සි වෙලා කරුණු එකතු කරගත් වටිනා ලිපියක්..

    මිනිසා විසින් මිනිසාම ක්‍රම ක්‍රමයෙන් විනාස කර ගැනීම..

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.