මාව කියවන අය අතර..

09 October 2012

මේ දවස්වල වැඩියෙන්ම ආස......



සංගීතය කියන්නෙ විශ්ව භාෂාවලු. කතාව ඇත්තනේ... සංගීතයට ආස නැති කෙනෙක් ඉන්නවද මේ ලෝකේ….

 මම ඉතින් කරන්නෙ අල බැස්සා වගේ උදේ ඉඳන් හවස් වෙනකල් එක තැනම වාඩිවෙලා ඉන්න රස්සාවක්නේ. වෙලාවකට බයත් හිතෙනවා පුටුවටම මුල් ඇද ගනීවිද කියලා .... ඔය ඉන්න ගමන් සින්දුවක් එහෙම අහන්න කාගෙන්වත් තහනමක් නෑ. හැබැයි ඉතින් අහන්න ඕනේ කාටවත් කරදරයක් නොවී…මගේ නරකම පුරුද්දක් තමා එක සින්දුවකට හිත ගියෝතින් ඒක එපා වෙනකල්ම අහන එක...
ඒ සින්දුව අළුත්ද පරනද කියන එක මට වැදගත් නෑ. හිත ගියොත් එපා වෙනකල්ම අහනවා...

මේ ඒ වගේ මේ දවස්වල එක දිගටම එපා වෙනකල් අහන සින්දු ටික ( තාම නම් එපා වෙලා නෑ )

අමරසිරි පීරිස් මහත්මයාගේ සින්දු වලට මම කවදත් කැමතියි. ඒ ගැඹුරු කට හඬ හිත අස්සටම දැනෙනවා..



කාත් කවුරුවත්….නැති බව දැන දැන
මාත් මගේ හිතත්….රාත්‍රියක තියලා
නුඹත් ගියා නම්...හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා....

සාංකාව ඇහැරෙන ඝණ අඳුරේ
ආත්මයම මගේ…..රාත්‍රියම වැන්නේ...
ඈත් වෙන්න නම්….ඇයි තුරුලෙම උන්නේ....

වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් ඉඳලා…තවත් පලක් නැත්තේ...
ඒත් කියන්නම්…..හමුවෙමු මතු භවයේ.......

බුද්ධික උෂාන්ගෙ මේ සින්දුවත් මේ දවස්වල නිතරම අහනවා..



මේ සඳ උනත් පායා ඇවිත්
ඉස්සර වගේ එළිය දුන්නා උනත්
මේ සුළඟමත් ආයෙත් ඇවිත්
නුඹ ඉද්දී දුන් සිසිල දුන්නා උනත්
පෙර හැමදේම නුඹ නැතුව ලැබුනා උනත්
මේ එක රෑට නුඹ නැතුව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතුව කෙලෙසකනම් ඉවසම්දෝ...

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ..
ආයේ නම් රැය අවසන් වේ.....

ආයේ හිරු නෑ….හෙට හුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයේ නුඹ නෑ…දුක් කඳුළුත් නෑ
රැය ආවත් මම නෑ...
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ..
ආයේ නම් රැය අවසන් වේ.....

එතකොට The Script කියන බෑන්ඩ් එකේ breakeven සින්දුවත් Hall of fame  සින්දුවත් මේ දවස්වල නිතරම අහනවා..




I'm still alive but I'm barely breathing
Just prayin' to a god that I don't believe in
Cos I got time while she got freedom
Cos when a heart breaks no it don't break even

Her best days will be some of my worst
She finally met a man that's gonna put her first
While I'm wide awake she's no trouble sleeping
Cos when a heart breaks no it don't breakeven... even... no

What am I supposed to do when the best part of me was always you, 
And what am I supposed to say when I'm all choked up that you're ok
I'm falling to pieces, yeah, 
I'm falling to pieces

They say bad things happen for a reason
But no wise words gonna stop the bleeding
Cos she's moved on while I'm still grieving
And when a heart breaks no it don't breakeven even... no

What am I gonna to do when the best part of me was always you, 
And what am I supposed to say when I'm all choked up that you're ok
I'm falling to pieces, yeah, 
I'm falling to pieces, yeah, 
I'm falling to pieces 
(One still in love while the other ones leaving)
I'm falling to pieces 
(Cos when a heart breaks no it don't breakeven)

Oh you got his heart and my heart and none of the pain
You took your suitcase, I took the blame.
Now I'm try'na make sense of what little remains ooh
Cos you left me with no love and no love to my name.

I'm still alive but I'm barely breathing
Just prayin' to a god that I don't believe in
Cos I got time while she got freedom
Cos when a heart breaks no it don't break 
No it don't break 
No it don't break even no

What am I gonna do when the best part of me was always you and
What am I suppose to say when I'm all choked up that you're ok 
(Oh glad your okay now)
I'm falling to pieces yeah 
(Oh I'm glad your okay)
I'm falling to pieces yeah 
(One still in love while the other ones leaving)
I'm falling to pieces 
(Cos when a heart breaks no it don't breakeven)

Oh it don't break even no
Oh it don't break even no
Oh it don't break even no




Taylor Swift කියන ගායිකාව කියන we are never ever getting back together කියන සින්දුවත් මේ දවස්වල මගේ හිතට හුඟාක් සමීපයි.





අහලම බලන්නකෝ..


58 comments:

  1. සින්දු නම් ඉතින් පිස්සුවෙන් වගේ අහනව!අමරසිරි පිරිස් මහත්මයට නම් කොහොමත් කැමතියි.අලුත් කෙනාගේ සින්දුව නම් අහල තිබුනේ නෑ!
    කාලයක් ටේලර් ස්විෆ්ට් ගේ සින්දු ඇහුව ගොඩක්.Letters to Julliet ෆිල්ම් එකේ තියෙන්නේ Love Story කියල සින්දුවක්,එකට ගොඩක් කැමතියි.ෆිල්ම් එකත් නියමයි..එත් මොකක්ද මන්ද දැන් නම් ඉංග්‍රීසි සින්දු අහන්න මොකක්ද වගේ.මාර කම්මැලියි.හින්දි සින්දුත් අහන්නේ නෑ ඉස්සර වගේ!

    ReplyDelete
    Replies
    1. පොඩිම කාලෙදි උනත් කවුරු කොහේ ඉඳන් හරි " ළිහිණි සින්දුවක් කියන්නකෝ " කිව්වොත් ඇති. මෙන්න ගිරවි වගේ සින්දු කියයි කෙල්ල.පොඩි කාලේ ඉඳන්ම මම සින්දු කියන්න හරිම ආසයි.

      දැනුත් ඒ වගේම තමා. සින්දු අහන්න ගත්තම ඊට වඩා දෙයක් නෑ. මම සින්දු වර්ග කරන්නෙ නෑ. ඒත් වැඩිපුරම අහන්නෙ සිංහලත් ඉංග්‍රීසීත් විතරයි. සින්දුවේ වචන ලස්සන නම්...ඒක මගේ හිතට දැනෙනවා නම් ....මම ආසාවෙන් අහනවා...

      Delete
  2. මටත් කාලෙන් කාලෙට එක එක සින්දු පිස්සු හැදෙනවා. මේ දවස්වලනම් ඒක හොඳ වෙලා...ටි වී සීරිස් පිස්සුවක් හැදිලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපෝයි...සයුරිගේ රෝගයම මටත් තියෙනවා. මේ දවස්වල Game of Thrones දෙවෙනි සීරිස් එක බලනවා. සයුරි දන්නවද..මා ලඟ ටී වී සීරිස් 85 ක් විතර තියෙනවා.

      Delete
  3. මගේ හිතේ ඉලෙස්ටොනික් කරන නිසාද මන්දා මමත් බොහොම කැමතියි සිංදු අහන්න. ලෝකෙම තියන මම කැමති සිංදු එකතු කරන එක මගේ හොබි එක. හැබැයි එකක් සිංදුවකට මම කැමති වෙන්නේ ඒකේ හරය එහෙම නැත්නම් අර්තය අනුවයි. ඒ නිසා මම හැම භාශාවකම සිංදු අහන්නේ නම් නෑ. සිංහල, ඉංග්‍රීසි, හිංදි, ඇරුනම දෙමලත් ටිකක් ටිකක් තේරෙන නිසා ඒවත් අහනවා.අනිත් භාශාවල් ගැන දැනුමක් නැති නිසා ඒවානම් මම අහන්නේ නෑ. කනට ඇහෙන මිහිරි වාදන විතරක් අහලා තේරුමක් නෑ නොවැ. තේරුමක් නොදැන. මගේ හිතේ මාලඟ තියන ගීත එකතුව විසි දහසකටත් වඩා ඇති. අකුරු පිලිවෙලට මම ඒවා ගබඩා කරල තියෙන්නේ. අඩුම වශයෙන් සතියකට එකක්වත් අලුතෙන් ඒ ගොඩට එකතු වෙනවා. අපූරුම දේ මට ඒහැම ගීතයක්ම මුල මතක් උන ගමන් කට පාඩමෙන් කියන්න පුළුවන් වීම. සිංහල එකක් නෙමේනම් තේරුමත් එක්කම. ගෙහුං එඤ්ඤං....!!

    ReplyDelete
    Replies
    1. මගෙත් ඔය සින්දු එකතු කිරිල්ල තියෙනවා. එදා ඉඳන් අද වෙනකල්ම අලුත් පරණ හැම සින්දුවක්ම මාත් එකතු කරගෙන ඉන්නවා.හැබැයි ඉතින් ඔයාගෙ තරම් ගොඩක් නැතුව ඇති. මගෙ ෆෝන් එකෙත් සින්දු 1500- 2000ක් විතර දාගෙන ඉන්නවා..මගෙ වැඩේම ඉතින් ඕවා අහන එක තමා... මේ වගේ හිතට දනුන ඒවා එපා වෙනකල්ම අහනවා :)

      Delete
  4. ටේලර් ස්විෆ්ට් ගේ සින්දු නං කාලයක් පිස්සුවෙන් වගේ ඇහුවා, කොටින්ම ඒයාගේ live shows වලින් ගිගා බයිට් හතරක් විතර පිරිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ටේලර් ස්විෆ්ට් හුඟාක් සින්දු මා ලඟත් තියෙනවා :)

      Delete
  5. බුද්ධික උෂාන්ගෙ සින්දුවට නම් මම කැමති ගොඩක්.කෙනෙක් ව මතක් වෙනව ඒක අහනකොට.හිත හිරි වැටිල යනව අප්ප.

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුව ඉස්සරවෙලාම අහපු දවසේ මාවත් කරලවලා ඇතෑරියා වගේ දැනුනා කස්සා. එදා ඉඳන් අද වෙනකල්ම ආසාවෙන් අහනවා...ආ..අහන්න මතක උනා. කාවද අප්පේ අර මතක් වෙනවා කියන කෙනා ? :)

      Delete
    2. මගෙ පරණ පොස්ට් කියෙවුවොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ කෙනාව.හැබැයි එයා මීට මාස තුනකට කලියෙන් මාව දාල මේ ලෝකෙන් යන්න ගියා.

      Delete
    3. සමාවෙන්න ඕනෑ. හිත රිදවන්න අහපු දෙයක් එහෙම නෙවී. එයා ගැන මම පහුගිය පෝස්ට් වලින් කියෙව්වා. ඒත් මට එතරම්ම තේරුම් ගන්න බැරි උනා. සොරි කස්සෝ :(

      Delete
  6. Amarasiri mahamayage sindu walata maath asai. Lamai iskole giyama Maha haiyen tunein on karala sindu ahanawa,,,,,,,,

    ReplyDelete
    Replies
    1. අමරසිරි පීරිස් මහත්මයාගේ " ළඳුනේ " සින්දුව තරම් මම ආස තවත් සින්දුවක් නැතුව ඇති කුමාරි අක්කා...

      Delete
  7. ඔය කිව්ව එක සිංහල සිංදුවක් වත් මම අහල නෑනේ..

    ReplyDelete
    Replies
    1. අප්පේ...එහෙනම් වැඩක් නෑ..අහලා බලනනකෝ දැන්වත්..:)

      Delete
  8. ළිහිණි ඔයාය හොඳ රසවින්දනයක් තියනවා..මමත් ආසයි මෙතැනින් ගීත කීපයකට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා. මගෙ ජීවිතේ මම වැඩියෙන්ම ආස පොත් කියවන්නයි සින්දු අහන්නයි තමයි :)

      Delete
  9. මදෑ.... අමරසිරි පීරිස් ‌ගේ එකයි Swift ගේ එකයි විතරයි මම නම් අහලා තියෙන්නේ.. හි හි..

    සින්දු ඇහිල්ල මේ ටිකේ නම් ටිකක් එපා වෙලා තියෙන්නේ.. වෙලාවක් අහුවුනෙත් නෑ.... හි හි.. ෆිල්ම් ටිකක් තමා මේ දවස් ටිකේ දාගෙන ඉන්නේ.....

    ReplyDelete
    Replies
    1. අයියෝ කෙල්ලේ උෂාන්ගෙ සින්දුව අහලා නැද්ද කලින්..ඒක මාර ලස්සනයිනේ...

      //ෆිල්ම් ටිකක් තමා මේ දවස් ටිකේ දාගෙන ඉන්නේ.....//

      Safe බැලුවද ? හොඳ ෆිල්ම් එකක්...

      Delete
  10. ලස්සන සින්දු ටික අක්කේ. නමුත් මේ දවස් වල මගේ රසවින්දනයනම් මෙලෝ රහක් නැහැ. වාහනේ යද්දී විතරයි සින්දුවක් අහන්න වෙන්නේ නැත්නම් කෝ වෙලාවක්?

    ReplyDelete
    Replies
    1. // නමුත් මේ දවස් වල මගේ රසවින්දනයනම් මෙලෝ රහක් නැහැ//

      ඒ මොකද අප්පේ ඒ ? වැරදිලාවත් කරවිල කෑවද ? :D :D

      Delete
    2. අපේ ලොක්කා කියන්නේ කරවිල කිලෝ දෙක තුනක් පරාදයි hikizzzzzzzzzz

      Delete
    3. අපෙත් එකෙක් ඉන්නවා. ඉන්දියන්කාරයෙක්..හප්පේ... ඔය වගේම කරවිල කිලෝ ගණන් එකෙක්. මෙලෝ රහක් නෑ...

      Delete
  11. අමරසිරිගේ ගීත කොහොමත් ලස්සනයි...
    මේ දවස් වල අලුත් සිංදු කිහිපයකුත් තියෙනවා ගොඩක් ලස්සන ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව්. අර " ඔබ ආයේමත් ඇවිදින් " කියන සින්දුවත් හරිම ලස්සනයි :)

      Delete
  12. නියම කලෙක්ෂන් එකක්

    ReplyDelete
  13. සිංදු අහන පිස්සුව මටත් තියනව. සමහර දවස් වලට සිංදු අහන්න ඕන කියල හිතුනාම මහ රෑ එකට දෙකට නැගිටල ෆෝන් එකෙන් අහනව. යම් සිංදුවකට මගේ හිත යන්න සින්දුවෙ සංගීතය, පද වැල, අර්ථය වගේම සිංදුව ලියවෙන්න හේතු වුනු කාරණාවත් බලපානව. අමරසිරි පීරිස් මහත්මයගේ කාත් කවුරුවත් ගීතය අහනකොට එතුමාගෙම තවත් එවැනිම ගීතයක් මතක් උනා.
    මේ ඒ සිංදුව

    ReplyDelete
    Replies
    1. // සමහර දවස් වලට සිංදු අහන්න ඕන කියල හිතුනාම මහ රෑ එකට දෙකට නැගිටල ෆෝන් එකෙන් අහනව //

      නිදා ගන්න ගියාම මටත් ඔය ලෙඩේම තියෙනවා. නින්ද යනකල් සින්දු අහන්න ඕනේ. එහෙම අහන්න වෙනම කලෙක්ෂන් එකකුත් තියෙනවා... ෆෝන් එකන් ටයිමින් සින්දු අහනවා නින්ද යනකල්. ඒ වගෙම තමා රෑ මැදදී ඇහැරුනොත් ඒත් කරන්නෙ සින්දු අහන එක..ආයෙම නින්ද යනකල්...හි හී

      Delete
  14. අමරසිරි පීරිස් මහත්තයානම් ඉතිං පපුවම හුරනවා!!මගේ ආසම කටහඬ....!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව්..ඒ කට හඬට මම මාරම ආසයි. හිතටම වදිනවා ආයේ අවසානයි..

      Delete
  15. අමරසිරි පීරිස් මහත්මයගෙ කාත් කවුරුවත් ගීතය අහනකොට එතුමාගෙම තවත් එවැනිම ගීතයක් මතක් උනා. වැරදීමකින් ලින්ක් එක දාන්න ගිහින් ඒක උඩින් පබ්ලිෂ් උනානෙ. මටත් සිංදු අහන පිස්සුව තියනව. සමහර දවස් වල සිංදු අහන්න හිතුනාම මහ රෑ එකට දෙකට නැගිටල ෆෝන් එකෙන් අහනව. මට සිංදුවකට හිත යන්න එහි සංගීතය, පදවැල, අර්ථය වගේම සිංදුව ලියවෙන්න හේතු වුනු කාරණාවත් බලපානව.

    ReplyDelete
  16. අමරසිරි පීරිස් මහතා මගේ ප්‍රියතම ලැයිස්තුවෙ ඉන්න කෙනෙක්... බුද්ධිකගෙ සින්දුවෙ බොහෝ ගෞරව හිමිවෙන්න ඕනෙ එහි සංගීත නිර්මාපක සංඛ දිනෙත්ට... බුද්ධිකත් ගීතයට සාධාරනයක් කරලා තියෙනවා... ඉංග්‍රීසි ගීත අඩුවෙන් අහන නිසාදේ මේ ගීත දෙක අහලා තිබුනෙ නෑ... අද අහලා බලන්නම්...

    ReplyDelete
    Replies
    1. //බුද්ධිකගෙ සින්දුවෙ බොහෝ ගෞරව හිමිවෙන්න ඕනෙ එහි සංගීත නිර්මාපක සංඛ දිනෙත්ට //

      මේ සඳ ඇවිත් සින්දුව අහපු මුල්ම දවසෙදි මට හොයා ගන්න ඕනෙ උනෙත් මේකේ සංගීත නිර්මාණය කාගෙද කියලා දැනගන්නයි. සංඛ දිනෙත් ඒක උපරිමයෙන් කරලා තියෙනවා වගේම ඔයා කිව්වා වගේ බුද්ධික ගීතයට සාධාර්ණයක් කරලා තියෙනවා...

      Delete
  17. ෂින්දු ගැන නම් කියලා වැඩක්නෑ අෆ්ෆා... මගෙත් වැඩේ සින්දු අහන එක තමා... හැබැයි මට නම් වැඩ කරන තැන්වල සින්දු අහන්න බෑ... ඇයි ඉතින් මටත් හයියෙන් කියවෙනවනේ අහන සින්දුව... උදේ පාන්දර ඇහුන සින්දුව මුලු දවසෙම කියවෙනවනේ.. එතකොට අහං ඉන්න අයට එපා වෙලා බැනුම් කෝටියයි...

    ReplyDelete
    Replies
    1. //උදේ පාන්දර ඇහුන සින්දුව මුලු දවසෙම කියවෙනවනේ.. එතකොට අහං ඉන්න අයට එපා වෙලා බැනුම් කෝටියයි//

      හි හී ඔය ලෙඩේම මටත් තියෙනවා. ඔෆීසියෙ උන් බනිනවා මට වෙලාවකට. මේ දවස් ටිකේම කටේම තිබ්බේ " විස්සයි විස්සේ..." කෑලි ටික. අයියෝ...ඒකට මම බැනුම් අහපු තරම්. ඇයි ඉතින් සැරෙන් සැරේට මට " විස්සයි විස්සේ... " ගාලා කියවෙනවනෙ...

      Delete
  18. ආ.. කියන්න අමතක වුණා... තෝරලා තියෙන සින්දු ඔක්කොම ටික ලස්සණයි...

    ReplyDelete
    Replies
    1. මම නම් වැඩියෙන්ම ආස breakeven සින්දුවට

      Delete
  19. අනතිම එක හැර අනිත් හැම එකක්ම මාත් කැමති ‍සින්දු විදිහට ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අන්තීම එක කියන්නෙ we are never ever ever" හ්ම්ම්ම්

      Delete
  20. මමත් ආසම සින්දු කීපයක්..මේක කියෙව්වට පස්සේ ආයේ අහන්න ආස හිතුනා :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ආයෙමත් අහලා බලන්න ප්‍රමුදි :)

      Delete
  21. මමත් සින්දු නම් අහනවා. ඉහත තියන සින්දු කිහිපයකටත් කැමතියි. විශේෂයෙන්ම 'මේ සඳ වුනත්' ගීතයට.

    ReplyDelete
    Replies
    1. මේ සඳ උනත් සින්දුවට හැමෝම කැමති ඒකෙ තියෙන හැඟීම්බර වචනත් එක්ක මුසු වෙච්චී සංගීතය නිසා වෙන්න ඇති...මාත් හුඟාක් කැමතියි...

      Delete
  22. මේ සද උනත්..නම් නියමා....යි :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලස්සනයි නේද හිරූ නංගා...

      Delete
  23. මගේ රසඥතාවය නිසා මම ඉස්සර නිතරම හුදකලා වුනා. මම වෙන දෙයක් කියන්නද ළිහිණි?
    ඔය දවසම පු‍ටුවෙ ඉඳගෙන ඉන්න එක අන්තිම දරුනු වැඩක්. අඩු ගානෙ පැයකට සැරයක්වත් නැගිටලා විනාඩි කීපයක් වත් ඇවිදලා එන්න .
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩූඩ්. ඒක නම් හරිම වදයක් වෙලා. හිටගෙන ඉන්න වෙලාවක් ඇත්තෙන්ම නෑ. ඉඳගෙනම ඉන්න එක ශරීරයට එතරම් හොඳ දෙයක් නොවෙන වග දන්නවා. ඒත් ඉතින් රස්සාව....

      හැබැයි මම උදේට වෑන් එක එනකම් ටිකක් දුර ඇවිදිනවා. හවසටත් පාලම් තුන හන්දියෙන් බැහැලා ඇවිදිනවා රෑ උනේ නැත්තම්. නැත්තම් ඉතින් අල බැහැලා වගේ තමා...:(

      Delete
    2. මට ඉඳ ගන්න වෙලාවක් නැතුව ඉන්නෙ :S

      Delete
    3. @ශශී

      ජොබ් දෙක මාරු කර ගනිමුද ?

      හිටගෙන වැඩ කරන එක හොඳයි ශශී මේ විදියට ඉඳගෙනම ඉන්නවට වඩා. වෙලාවකට මට හිතෙනවා උස ටේබල් එකක් තිබ්බ නම් කියලා...හිටගෙන වැඩ කරන්න...:D

      Delete
  24. බුද්ධිකගේ සින්දුව අහලා තියෙනවා.ඒත් අමරසිරි මහත්තයාගේ සින්දුව අහලා නෑ එක හොයලා අහන්න ඕනේ.ටේලර් කෙලිගේ සින්දු මං අහනවා ඒත් ඕක අහලා නෑ එයාගෙන්ම ඉල්ලගෙන අහලා බලන්න ඕනේ ;)
    අනිත් ගායකයා ගැන අහලත් නෑ සින්දුව අහලත් නෑ

    ReplyDelete
    Replies
    1. //ඒත් ඕක අහලා නෑ එයාගෙන්ම ඉල්ලගෙන අහලා බලන්න ඕනේ //

      ශා..ශා...අපිටත් හොරෙන්ම ඔයා වැඩ නේද ? :P

      Delete
  25. අමරසිරි පීරිස් බොස් ගෙ සිංදු කොහොමත් නියමයිනෙ ....
    මම මේ දවස් වල වැඩියෙන් අහන්නෙ
    " මේ අහස මේ වගේ ඝන නිල් සළුවකින් එතී" කියන දිවුල්ගනේ මහත්තයගෙ සිංදුව ......තව ලිස්ට් එකක් තියෙනවා. ඔක්කොම පරණ එව්වා.......

    ReplyDelete
    Replies
    1. ඉස්සර මටත් තිබ්බා දිවුල්ගනේ පිස්සුවක්. වැඩියෙන්ම " ඔබ මා හමු උන මේ ඉර හඳ යට " සින්දුවට...:)

      Delete
  26. බුද්ධිකගේ සිංදුවට මාත් ආසයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..ඒ සින්දුව හිත මැද්දටම දැනෙනවා

      Delete
  27. මමත් එහෙම තමයි, සින්දුවක් හිතට වැටුනොත් එක අහල එපා වෙනකම් අහනවා. ෆෝන් එකේ රින්ග් ටෝන් එකට දානවා, එලාම් එකට දානවා. රිපීට් කර කර අහනවා. අන්තිමට කාලයක් අහන්නේ නැතුව ඉන්නවා. ඒත් ආයේ කොහේදී හරි ඒ සින්දුව ඇහුනොත්, මතක් වුනොත් අයෙමත් අහනවා. හැබැයි මුල් ටිකේ ඇහුව වගේ පන දාගෙන අහන්නේ නෑ...හෙමීට නිවාඩු පාඩුවේ අහනවා.

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.