මේ දවස්වල තියෙන්නෙ පුදුමාකාර රස්නයක්නේ. මහ දවාලේ එළිපහලියට යනවා කියන්නෙ මරනවා වගේ වැඩක්..
හදිස්සියෙම නිවාඩුවක් අරන් එළියට බැස්සේ දහසකුත් දේවල් කරන්න හිතාගෙන... ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල් ….ඉන්ටර්නෙට් බිල් ගෙවන්න…. තව ගෙදරට සිල්ලර බඩු ගන්න...වගේම යාලුවෙකුට අලුත ඉපදුන බබාට දෙන්න තෑග්ගක් තෝරගන්නත් ඕනෙ උනා ….
මේ වැඩ ටික කරගන්න තද අව්වේ එහෙට මෙහෙට ඇවිදලා මගෙ හොඳ පණ ගිහින් තිබුනේ. ඇඟ දිගේ දාඩිය ගලනවා මදිවට දිව ගිලෙන්න එන පිපාසේ...
මං උන්නේ කොයි වෙලාවෙද ඩෙනිම ගලවලා දාන්නෙ කියලා හිත හිතා... සායක් ඇඳගෙන ආවා නම් මොනතරම් හොඳද..අඩුම තරමින් කකුල් දෙකට හුළං පොදක්වත් වදිනවනෙ...ඩෙනිමට කකුල් දෙක හිරවෙලා මදිවට රස්නය හන්දා පිච්චෙන්න වගේ... ඒත් ඉතින් සාය කෙටියක් ඇඳගෙන පාරවල් දිගේ තනියම එහෙට මෙහෙට යන්න මං කැමති නෑ. එහෙම උනාම අඩුම තරමින් ඇස් ගෙඩි තුන හතරක්වත් කකුල් දිහා නවතිනවා..ඒ අතින් ඩෙනිම ආරක්ෂාකාරීයිනේ..
දවසක් ඔෆීසියේදී ඔය කතාව අපි අතරේ ඇදිලා ආවා...
" ඇයි බන් කෙල්ලෝ මේ ඩෙනිමම අඳින්නේ ?...."
චරිත් එහෙම අහද්දී මොකද්ද දෙන උත්තරය කියලා මං ටික වෙලාවක් හිතුවා.
" ආරක්ෂාවටයි...පහසුවටයි...වෙන මොකටද....."
" ඒකමද?....නැත්තම් ස්ටයිල් එකටද?...."
" ස්ටයිල් එකත් හේතුවක් තමා. ඒත් වැඩිපුරම ආරක්ෂාව හින්දයි..පහසුව හින්දයි..."
මගේ උත්තරයෙන් චරිත් සෑහීමකට පත් උන බවක් නෑ..
" දැන් බලපං මං සායක් ඇඳන් ආව දවසට උඹේ ඇස් කී පාරක් මගේ කකුල් දෙක ලඟ නවතිනවද ? මං ඩෙනිමක් ඇඳන් ආවම එහෙම නෑනේ..."
මම එහෙම කිව්වම චරිත් මහ සද්දෙට හිනා උනා...
" එතකොට ඇස් නවතින්නේ පස්ස ලඟ..."
කියපු නොසණ්ඩාල කතාව හින්දම ලඟ තිබ්බ පෑනෙන් මම ඒකට දමලා ගැහුවා...
කතාව ඇත්ත වෙන්න ඇති. හරිම අසාධාරණයි.. බලාගෙන ගියාම කෙල්ලකට කොයි ඇඳුම ඇන්දත් ඇස් ගෙඩි වලින් බේරෙන්න බැරි හැඩයි.. කොච්චර දේවල් හිතන්න වෙනවද...මට මතකයි දවසක් දණ හිස හරියට තියෙන ඩෙනිම් සායක් ඇඳගෙන අපේ කට්ටියත් එක්ක ෂොපින් කරන්න ගියා. සාය ඇන්දෙ පහසුවට... අනික ඉතින් සතියේ හැම දවසෙම කලිසමම ඇඳලා ඉඳලා හිටලා සායක් ඇන්දම පොඩි වෙනසකුත් තියෙනවනෙ..
" අරූගේ ඇස් උඹේ කකුල් දෙකේ..."
පාරේ යමින් ගමන් දමිත් එහෙම කිව්වම මාත් ඒ පැත්ත බැලුවා.ඇත්ත නේන්නම්...
" මොනාද දමිත් කකුල් දෙකක ඔය තරම් බලන්න තියෙන්නේ ? බලපංකෝ එහෙනම් ෆොරිනර්ස්ලා කොයි තරම් කොටට ඇඳන් යනවද...අපේ උන් උන් දිහා බලන්නෙ නෑනෙ..."
මං එහෙම කිව්වම දමිත් හරි අපූරු කතාවක් කිව්වා.
" සම්පූර්ණයෙන් පේන්න තියෙන දේකට වඩා යන්තමට පේන දේවල් අගේ වැඩී කියලා කතාවක් උබ අහලා නැද්ද ළිහිණියෝ ?..ඒකනෙ ඔය කෙල්ලක් පලාපු සායක් ඇඳන් යද්දී ඒ අස්සෙන් පේන චුට්ට හරි කොල්ලෝ හොරෙන් බලන්නෙ...ඒ කොල්ලන්ගෙ හැටි..."
සායක් ඇන්ඳම කකුල් දිහාත්...කලිසමක් ඇන්ඳම පස්ස දිහාත්...සාරියක් ඇන්දම හීනියට පැත්තෙන් පේන බඩ දිහාත් බලනවානම්...නොදැක්කා වගේ යනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ වගේ..
එතකොට ඔය ඔක්කොම වැහෙන්න දිගට දිගේ බාච්චුවක් වගේ සායක් ඇඳන් ගියොත් ගොඩේ කියාවි. එහෙමත් නැත්තම්...හරියට අඳින්නවත් දන්නෙ නෑ කියාවි..
ඇත්ත...අපිට මේ සමාජයවත්...එක් එක්කෙනාගෙ සිතුම් පැතුම් වත් වෙනසක් කරන්න බෑ තමයි. අපේ අම්මා හැම තිස්සේම කියනවා වගේ කෙල්ලක් උනාම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම හදා ගන්න වෙනවා... ඇඳුමේ පැලැඳුමේ ඉඳන්ම...
ඉස්සිලා තියෙන ලැමවත්... පුළුල් උකුලවත්... සියුමැලි කකුල් දෙකවත්...හංගන්න ගැහැණියෙකුට බෑ. ඒවා ස්වභාවධර්මයා ගැහැණියකට දුන්න දායාද...
ගැහැණු ශරීරයේ හැඩය පිහිටලා තියෙන්නෙ රස විඳින්නලු...ඒකනෙ කවියෝ ඔය තරම් ගැහැණු රූපය වර්ණනා කරන්නේ...එහෙම නම් ඉතින් ගැහැණු දිහාට පිරිමින්ගේ ඇස් යන එක වරදක් නෙමේ. කොහොමත් ඇස් දෙක තියෙන්නෙ දැකීමෙන් සතුටක් ලබන්නනේ...
සීගිරි බිතු සිතුවම් වල තියෙන උඩු කය නිරුවත් පින්තූර දිහා කලාකාමි ඇසකින් බලන උදවියම... බස් එකක වාඩි වෙලා යන ගෑණු ළමයින්ගේ කර අස්සෙන් ලාවට පේන ලැම දිහා හොරෙන් බලන්නෙ නැතුව උන්න නම්….ගැහැණියකගෙ පෙනෙන නොපෙනෙන සුන්දරත්වය ඇස් දෙකෙන් බලන ගමන් මගේ අම්මත් ගැහැණියක් ...මගේ සහෝදරියත් ගැහැණියක්.. කියලා පිරිමි හිතකට දැනෙනවානම්... කොච්චර හොඳද...
(පිරිමින්ට මඩක් නොවේ... මට හිතුන හැටි පමනකි)
එකඟයි..:)
ReplyDelete:)
DeleteBalana kenage waraddada? Andina kenage waraddada? Nodanemi,,,,,,,,,:)
ReplyDeleteකුමාරි අක්කා ඉන්න රටවල නම් හෙළුවෙන් ගියත් තකන්නේ නෑලු...
DeleteEhemath oya kiyana tharam na Lihini. Honda highter educated, repectable familease wala thamath aduma gana repect vidiyata hithanawa.
DeleteGodak familease dan dan lamainge hadiyawa gana unath unandui.
අනෙ මන්දා එක අතකට ඔයා හරි......... ජය... අයෙමත් එන්නම්
ReplyDeleteආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට :)
Deleteඅනේ මංනං පේන්න තියෙන ලස්සන දේවල් හැම එකම බලනවා... තද වෙන්නේ අර ගෑල්ලමයි සූටිම සූටි හැට්ටයක් ඇඳලා... යටි බඩේ මයිල් ගහක් දෙකක් පේන්න පහලට සාරිය ඇඳලා අපේ තීරූව අඩි එක හමාරක් විතර තියලා ඇඳලා යන ගමන් අපි ඕක දිහා කලාත්මක දෑසින් බලනවා දැක්කොත් පට ගහලා වහගන්න සීන් එකට තමා... ඇයි යකෝ අපි ඕක කලාත්සකව රස වින්දම ඇගෙන් කෑල්ලක් යනවද..? හා නැද්ද මං අහන්නේ...
ReplyDeleteදැන් කියනවා හෙම නෙවෙයි හපෝ මාරයා හරි වල් කියලා... (මං කොහොමත් එහෙමනේ..:D:D:D)
//යටි බඩේ මයිල් ගහක් දෙකක් පේන්න පහලට සාරිය ඇඳලා අපේ තීරූව අඩි එක හමාරක් විතර තියලා ඇඳලා යන ගමන් අපි ඕක දිහා කලාත්මක දෑසින් බලනවා දැක්කොත් පට ගහලා වහගන්න සීන් එකට තමා...//
Deleteඅර යටි බඩේ තියෙනවා කියන මයිල් ගස් දෙක තුන දිහා බැලුවේ කණ්නාඩිය දාලද නැත්තම් අන්වීක්ෂයකින්ද ?? මොකද ඒ වගේ ඒවා ඔය කියන හරිනෙ නෑ නොවැ හි හී ...
//දැන් කියනවා හෙම නෙවෙයි හපෝ මාරයා හරි වල් කියලා... //
මේක කියද්දී අපූරු කතාවක් මතක් උනා. කොහෙ කියන්නද ඉතින්...කිව්වොත් ඉවරයිනේ :P
ඇත්ත. පොඩ්ඩක් පේද්දි ඉතිරිය බලන්න අපි දගලනවා. පස්සේ ඔක්කොම දැක්කම එච්චර ගතියක් නැහැ. ඒ කාලේ සැර ෆිල්ම් බලපු කොල්ලෙක්ගෙන් අහල බලන්න ඒක ඇත් කියල හොදට කියල දෙයි.
ReplyDeleteඅපේ උන් 11 වසරේ හැම පීරියඩ් එකම කට් කළත් ගණිතය පීරියඩ් එක කට් නොකලේ ඔය කිව්ව වගේ සාරියක් අස්සෙන් පෙනුන නාභයක් බලන්න. :)
හ්ම්...හ්ම්..
Deleteකස්සත් මැත්ස් පීරියඩ් එක මිස් කරලා නෑලු...ඒකනෙ බසු පාට් දාන්නේ...:)
Deleteඇත්ත.. ඒත් හැමෝම ඔය විදියට හිතන්නේ නෑ.සමහර ගෑණු අයත් ඉන්නවා තියෙන තමන්ගේ ඇඟේ දේවල් උලුප්පලා පෙන්වන.එතකොට කොහොමත් මිනිස්සු උන් දිහා බලනවා ඕනෑවටත් වඩා.මේ වගේ දේවල් නම් සුලබයි.'මොකද බලන්නේ?' කියලා ඇහුවොත් මිනිසුන්ට උත්තර තියෙනවා ඒකට කියන්න.
ReplyDelete//'මොකද බලන්නේ?' කියලා ඇහුවොත් මිනිසුන්ට උත්තර තියෙනවා ඒකට කියන්න//
Deleteපුරුෂාධිපත්‍ය...වෙන මොනවද ඉතින්... :P
හි හි හි.. පුරුෂාධිපත්‍යට ජය වේවා!! :D
Deleteඑහෙමවත් කියමු ඉතින්...නැත්තම් හිත රිදේවි...හරි හරි ඔන්න මගෙනුත් බකට් එකක්.. පුරුෂාධිපත්‍යට ජය වේවා ...:P
Deleteලස්සන දේවල් දැක්කම බැලෙන එක සාමාන්‍යයි.. තව එකක් කියන්න ඕනේ.. සමහර අය කොටට කොටේ ඇදගෙන ඉදගන්නකොටයි හිටගන්න කොටයි සාය කොටෙන් ඇදගෙන දගලනවා ... කොටට ඇදලා අනිත් අය බලයි කියලා ඔය තරම් අප්සට් නම් ඇයි එහෙම අදින්නේ..... අනේ මන්දා මට මේව්වා එක එක මතක් වෙන්න ගන්නවා ඔන් දැන්... තව එකක් සමහර අය (අපේ කාර්යාලයේ ) එක එක වැඩ වලදී එහෙට මෙහෙට ඇදිලා පැදිලා කරන එව්වා වලදී .. බ්ලව්ස් ඒකත් සායත් අතරින් පොඩි තීරුවක් හෝ බන්ඩිය පොඩ්ඩක් පෙනෙයි කියලා හරි බයයි නැමෙන කොට එහෙම පිටි පස්සෙන් ඇදගෙන අත තියාගෙන තමයි ඉන්නේ...ඒත් එයාලම ඔසරියක් සාරියක් ඇන්දම අඩි බාගයක් විතර බඩ එළියේ ඒ වෙලාවට උන්ට අර ලැජ්ජාව නැහැ.... අනේ මන්දා මුන් එක එක වෙලාවට එක එක විදියයි..
ReplyDeleteමොකෝ මේ තරහා ගිහින්... :D
Delete//.ඒත් එයාලම ඔසරියක් සාරියක් ඇන්දම අඩි බාගයක් විතර බඩ එළියේ ඒ වෙලාවට උන්ට අර ලැජ්ජාව නැහැ //
ඔය සාරිය ඔසරිය මොනාද..ඉස්සර අපේ ගම්වල උදවිය ඇඳලා තියෙන්නෙ රෙදි හැට්ට..ඒවායින් ඔය කියන ඔක්කොම එළියේ තිබිලා තියෙන්නෙ..හැබැයි ඉතින් ඒ කාලෙදි නම් එයාලට ඇස් පාරවල් වදින්ට නැතුව ඇති :)
//අනේ මන්දා මුන් එක එක වෙලාවට එක එක විදියයි //
මුන් කියන්න එපා ඉතින් ගෑල්ලමයි පව්නේ...:D
තරහා ගිහින් නැහැ අනේ... ගෑල්ලමයි පව් තමයි අප්පා.. අපිට වගේ නිදහසක් කොහෙද එයාලට...
Deleteනිදහස් කියන්නේ කොල්ලෙකුට තියෙන නිදහසම නෙමේ.. කෙල්ලකට උනත් නිදහස තියෙනවා.. හැම කෙල්ලක්ම ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්නෙත් නෑ ....
Deleteනෝ කමෙන්ට්ස් ආ....!
ReplyDeleteපෙනෙයිද...ලිස්සලා ගියා නේද ඇඟ බේරගෙන...හොර ගෙඩියා...:D
Deleteඅනේ මන්දා ය....ඇත්ත වගේය......
ReplyDeleteවගේ ?? වගේ නෙමේ ඇත්ත :D
Deleteඅනේ මන්දා අක්කේ කියන්න දෙයක් හිතෙන්නේ නෑ,ඔයා කියන කතාව ඇත්ත.ඒත් එහෙං මෙහෙන් පේනවා නම් අනිවා ගොඩක් කොල්ලෝ බලනවා.හැබැයි හැම ඩෙනිම් ජාතියම ඇන්දට ඇස් ලොකු කරලා බලන්නේ නෑ නේ ;)
ReplyDelete//හැබැයි හැම ඩෙනිම් ජාතියම ඇන්දට ඇස් ලොකු කරලා බලන්නේ නෑ නේ //
Deleteඑක එක කාලෙට එක එක පැට්න්ස් එනවනෙ.. එතකොට ඉතින් ගැණු ළමයින්ටත් ඒ වගේම අඳින්න වෙනවලු...:)
මං නම් ඉතින් ගෑණු ළමයි දිහා හොරෙන් බලන් නෑ ලු නේ ;)
Deleteමම ඉස්සර ඕකට මරු වැඩක් කරනවා ළිහිණියෝ ඉස්සර.... හැමෝටම කෙසේ වෙතත් මම නම් හොඳ ප්‍රතිඵල තිබ්බා... හි හි..
ReplyDeleteමගේ දිහා කන්න වගේ බලන කොල්ලෝ ඉන්නවා නේද.... මම එක්කෝ උන් දිහාත් ඒ වගේ බලනවා... පස්ස, ඉස්සරහා දිහා... හි හි....
ඊයා.. කොල්ලන්ගේ මොන ලස්සනද..... ගොබ්බයෝ තමා වැඩිපුර ඉන්නේ... තමන් ගොබ්බයා කියලා දන්න එකා ටක් ගාලා මාරු වෙනවා.. මොකද මේ නම් බලන්න කින්ඩියට කියලා තේරෙන නිසා... නොදන්න එකා අනේ අම්මේ යන උඩක්.... හි හි... ඒත් ඔය
බැරි වෙලා හරි අපේ ලොක්කාගෙන බැනුම් අහ් සෙට් උනා නම් මම කියනනේ..... ලස්සන දේවල් අගය කරන්න ඕනේ නේ.. ඒ තියරියට තමයි මම බැලුවේ ... කියලා.. හි හි...
ඇත්තම කිව්වොත් ළිහිණියෝ මම නම් ඉස්සර හරි ආසයි කොල්ලෝ මං දිහා බලනවට.... හි හි...බොරු කියන්න ඕනැ යෑ... හි හි.... මම කොටට ඇන්දත් දිගට ඇන්දත් කැන්ඩියන් එක ඇන්දත් කර පේන්න ඇන්දත් ටී ෂර්ට් කට්ටක් ඇන්දත් කොල්ලෝ බලනවා.. මං එතකොට තව ටිකක් ගස්සගෙන යනවා... හි හි... අනේ බලනවා නම් බලපුදෙන් ... අපිට පාං යෑ .. කියලා.. කැත විදියට බලන එකා බලන විදිය මට තේරෙනවා... ඒවගේ උන්ට තමා අර බේත දෙන්නේ.... හි හි
අනේ බං බලපුවාවේ... උං දිහිත් චුට්ටක් බලපන්.. ඊට පස්සේ ඒක අමතක කරලා දාපන්... කොල්ලෝ බැලුවේ නැත්තම් අපි ලස්සනට අඳින්ෙන් කාට බලන්නද.. හි හි...උං බලන්නේ නැතුව කවුරු බලන්නද... හි හි...
කොල්ලෝ නම් බලන්නේ වල් කමකට වඩා උන්ගේ ආසාවට.... නාකි බලන්නේ වල් කමට .. එතකොට අර වගේ බේත් හරි යන් නෑ... ඉක්මණට මාරු වෙන එක තමයි තියෙන්නේ.. හි හි....
යාලුවා කියලා තියෙන දේ ඇත්ත... ෆුල් එළියේ තියෙන දේකට වඩා යන්තම් පේන දේ අගේ වැඩි... හි හි...
මතකද මං ලිව්වා <a href="http://hirunethihorawa.blogspot.com/2012/09/blog-post_17.html>කෙල්ලන්ගේ කොට ගවුම්</a> කියලා පෝස්ට් එකක්.....
හා හා... දැං කොල්ලෝ ටික උඩ යන්නේ නෑ හරි.....හි හි
"නාකි බලන්නේ වල් කමට"
Deleteසිරා කතාව
ඔහොම බලපු අය අතරින්ද අපේ මහත්තයා සැට් උනේ බොට....
Deleteමම අහන්න හදපු එක සිරා අහලනෙ...
Delete// ඇත්තම කිව්වොත් ළිහිණියෝ මම නම් ඉස්සර හරි ආසයි කොල්ලෝ මං දිහා බලනවට.... හි හි...බොරු කියන්න ඕනැ යෑ..//
Deleteමා දිහා බැලුවොත් බලන්නෙ කොට එකෙක් නෙ..මට ඉතින් අහක බලන්නම වෙනවා ....:P ඒ උනාම මම නම් ආස හෙනම ආඩම්බර කොල්ලන්ට.. උන්ගෙ මොනාදෝ ගතියක් තියෙනවා...ආඩම්බරකම එක්ක...
//කොල්ලෝ නම් බලන්නේ වල් කමකට වඩා උන්ගේ ආසාවට.... නාකි බලන්නේ වල් කමට ..//
මේක නම් සහතික ඇත්ත. ඔය නාකි අය තමා අර ගිලින්න වගේ බලන්නෙ..ඒ අතින් කොල්ලො හොඳයි ...
හි හි... සිරෝ.. අපේ මහත්තයා මගෙන් යාලුවෙන්න අහනකොට මං හිතන්නේ එයා මාව හරියට දැකලාවත් නැතුව ඇති... එයා ෆුට් බෝඩ් එකේ .. මම ඇතුලෙනේ .... ඒත් එයා කියන්නේ එයා වැඩිපුර කැමති උනේ මගේ දැඟළිල්ලටයි චාටර් කටටයි කියලා... හි හි...
Deleteඔයා ඉස්සෙන පාත් වෙන ඒවා ඒ කාලේ හොඳට හැදිලා තිබුනෙත් නෑ... බොරු මොකටද.... හි හි ....මම ඒ කාලේ තුනී ලෑලි සංස්ථාවෙ නිෂ්පාදනයක් වගේ... හි හි.... එයා හැබැයි පස්සේ පස්සේ නම් එක එක නීති දාන්න පටන් ගත්තා.. එතකොට මට මල ඉතිං... ඒත් දැන් තේරෙනවා එයාට අවුල තිබ්බේ මට අවුරුද 20, 21 වෙන කොට තමයි දැක්කේ කෙල්ල හිටියට වඩා ලස්සනයි කියලා... හි හි.. එතකොට පොඩි පහේ ඊරිසියාවක් ආවලු.. දැං තමයි ඔන්න ඕවා කියන්නේ... හි හි...
තව එකක්...
ReplyDeleteබලලා තියෙනවද ළිහිණියෝ ෆිල්ම් එකක් P.S. I love you කියලා.. ඕකේ එක කෙල්ලෙක් බාර් එකකදි කොල්ලෙක්ගේ පස්ස දිහා බලලා කියනවා ..... “ nice ass“ කියලා..... එයාගේ යාලුවෝ ටික එයා දිහා බනින්න වගේ බලනවා... එතකොට එයා කියනවා.... ( මට හරියට මතක නෑ වචන ටික) “ Excuse me but I think I have earned my right to stare at mens ass and pass cheap comments as since along centuries they have been staring at my boobs and ass and passing cheap comments....“ ( ශතවර්ෂ ගණනාවක් තිස්සේ පිරිමි මගේ පපුව දිහා සහ පස්ස දිහා කැත විදියට බලලා කැත කතා කිව්වට පස්සේ මම හිතන්නේ මට අයිතියක් තියෙනවා කියලා පිරිමියෙක්ගේ පස්ස දිහා කැත විදියට බලලා කැත කතාවක් කියන්න...) මට තේරුන විදියට ඔන්න මම දැම්මේ හොඳේ.....
// “ Excuse me but I think I have earned my right to stare at mens ass and pass cheap comments as since along centuries they have been staring at my boobs and ass and passing cheap comments....“//
Deleteසිරා කතාව...
මේක ටිකක් එක විදියක මාතෘකාවක්. මම මේ ගැන කතා කරන්න ගිය හැම විටම කීප දෙනෙක් වත් මා දිහා රවලා බලනවා.
ReplyDeleteගැහැණු කම හංගන්න ඔය තරම් මහන්සි වෙන්න ඕනෙ නෑ.
හැම පිරිමියාම ගැහැණියක් දිහා බලන්නෙ කාමයෙන් විතරක් නෙවෙයි.
මම නම් කාන්තා ශරීරය සුන්දර වස්තුවක් හැටියට දකිනවා කාමයට අමතරව.
පිරිමියෙක් බලන ගානෙ ඌ බලන්නෙ අර අදහසින් කියලාම හිතන්න එපා.
ඒ අදහසින් බලන උනුත් සෑහෙන ඉන්නවා. ඉතින් ඒක නේද මනුෂ්‍ය ස්වභාවය?
බලන එකාට බලන්න ඇරලා තමන්ගෙ පාඩුවෙ ඉන්න ඔක්කොටම ඉස්සෙල්ල ඉගෙන ගන්න ඕනෙ.
ෆොරීනර්ස්ලත් බලනවා, නමුත් නොදැක්කා වාගෙ ඉන්නවා, නැතිනම් staring is rude කියන සම්මතය පිළිපදිනවා.
අපේ රටවල staring is rude කියන එක විදේෂ ආගන්තුක සංකල්පයක් නිසා අපේ උන් හුඟක් යමක් දැක්කම කට ඇරගෙන ප්‍රසිද්දියෙම බලනවා, ඒක නරක සිරිතක් බව නොදන්න නිසා.
ලස්සනට ඇන්න්න්හගෙන යනකොට කොල්ලෙක්/පිරිමියෙක් විසිල් එකක් ගහන්නෙ අර වැඩේට ආරාධනා කරන්නම නෙවෙයි . ඔයා කොච්චර ලස්සනද කියන admiration එකටත් එක්ක. ඒකෙ වෙනස අපේ කෙල්ලො හුඟක් දන්නෙ නෑ. ඒකට හේතුව අපේ කෙල්ලොත් කොටට ඇන්දම වරද කාරී හැඟීමකින් පෙලෙන නිසයි. ඒක අනවශය වැඩක්.
එතකොට පිටකොටුවෙ වෙළෙන්දො අතරටයන්කොට, මැනිං මාකට් එකට යනකොට ඔසරියවත් මිනිස්කර්ට් එකවත් නෙවෙයි හරියන්නෙ. ඩෙනිම් ජීන්ස්. ඒ අයව හදන්න අපිට සත වර්ශ දෙක තුනක්වත් යයි. :D
අවසාන වශයෙන් පිටරටක ගත්ත පින්තූරෙක අපේ අයව ටක් ගාලා අඳුරන්න පුලුවන් බොහෝවිට අර බාච්චු හැට්ටෙයි දිග සායයි නිසා. සව්දියට එච්චර දුර නෑ. තව ටිකයි.
හා දැන් මාව හමගහපල්ලා.
Crucify me for thinking different.
Blue Jeans Forever!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
//ඒකට හේතුව අපේ කෙල්ලොත් කොටට ඇන්දම වරද කාරී හැඟීමකින් පෙලෙන නිසයි.//
Deleteටූ ෂෝට් ඇන්දම එහෙම හිතෙනවා ඇති...
//පිරිමියෙක් බලන ගානෙ ඌ බලන්නෙ අර අදහසින් කියලාම හිතන්න එපා//
හැමෝම නැතත් සමහර පිරිමි බලන්නෙ ඒ හැඟීමෙන් ඩූඩ්.. ඇස් වලින් දූෂණය කරනවා. විශේෂයෙන්ම අන්කල් ටයිප් අය... ඔය හැම බැල්මක්ම කෙල්ලකට ඉවෙන් වගේ තේරුම් ගන්න පුළුවන් ඩූඩ්...
//ෆොරීනර්ස්ලත් බලනවා, නමුත් නොදැක්කා වාගෙ ඉන්නවා //
අනේ මන්දා...අපේ අය කවදා ඒ ලෙවල් එකට ඒවිද කියලා
එකගයි එකගයි
ReplyDeleteඔෆිසියට අපිනම් අඳින්නේ සාරි. ඒ නිසා ටිකක් විතර ඔය කියන අය බලනවා අඩු ඇති. අනේ මන්දා ඉතින්
අපි ඉතින් IT කාරයොනෙ..ඔෆීසි වල සාරි බාරි පටලවගෙන වැඩ කරන්න බෑනෙ කෙල්ල...
Deleteඅපි සියළු දෙනා ඇදුම් අදින්නේ නැතිව හිටයනම් හොදයි.
ReplyDeleteඅන්න නියම වැඩේ...එහෙම උනා නම් කිසි කෙනෙකුගේ වෙනසක් නැතිව යාවි...ඔය එක එක දේවල් බලන්න ඕනෙ වෙන එකකුත් නෑ...ඊටත් වඩා ඇඳුම් වලට යන වියදමත් ඉතුරු වෙනවා...
Deleteමරු එකට තියෙයි නේද....
Deleteවෙන මුකුත් නොකිය, පොතක් ගැන කියල මාරු වෙන්නං...
ReplyDeleteකියවල තියෙනවද ඇලන් සහ බාබරා පීස්ගෙ මේ පොත.
"Why Men Don't Listen and Women Can't Read Maps". ඕකෙ සිංහල පරිවර්තනේ තියෙනව "පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි" කියල.
ඒ පොතේ ඔය දේවල් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනව...
කියවන්න වටින පොතක් වගේ...ඔක්කොම පැත්තකින් තියලා මේ පොත හොයන්න ඕනේ...
Deleteඕවා බලන එකේ නම් වරදක් නැහැ මට හිතෙන්නේ. කොහොමත් ලස්සන දෙයක් දැක්කහම හිත හිත නෙමෙයි බලන්නේ, ඉබේම බැලෙනවා. හැබැයි බලන්න ඕනෙ හරි විදිහත් දැනගන්න ඕනේ. බැලීමට ලක්වෙන කෙනාට කෙන්ති යන විදිහට බලන්න පුළුවං... නැත්නම් ආඩම්බර / සතුටු හිතෙන විදිහට බලන්න පුලුවං... ඉගෙන ගන්නවනං පිරිමින්ටත් තියනවා සෑහෙන මායං
ReplyDelete//ඉගෙන ගන්නවනං පිරිමින්ටත් තියනවා සෑහෙන මායං //
Deleteගැහැනුන්ට මායම් 64 යි පිරිමින්ට එකසීය ගානට තියෙනවා.. අපිත් ඕවා දන්නවා හි හී :D
හොඳටම ෂුවර්ද..? තරහ වෙන ඕන නෑ මම නිකමට ඇහුවේ හොඳේ..!
Deleteහප්පේ ඔව්.. කිලෝ එකක් ෂුවර්... මම ඉතින් වැඩ කරන්නෙත් පිරිමි රොත්තක් එක්කනේ...දවසින් දවස උන්ගේ මායම් මම ඉගෙන ගන්නවා :P
Deleteටෙස්ටස්ටෙරොන් හෝමෝනය මගින් පිරිමි ගති සහ ඊස්ට්‍රජන් හෝමෝනය මගින් ගැහැණු ගති ඇති කරන තුරු මේ සිදුවීම් එසේම වේවි... මා කියවා ඇති සමහර පොත් වල තිබුනෙ ලිංගික ජීවිතයේදී කාන්තාව යනු රසය ලබාදෙන්නිය ලෙසත් පිරිමියා යනු එය ලබාගන්නා තැනැත්තා ලෙසත්... ඒ අර්ථයෙන්ම පේනවා නොවැ කාන්තාව කියන්නෙ රසයේ උල්පතක් කියලා...
ReplyDeleteමගතොටේදී සමහර ළදුන් ඉතා සංවරවත් සම හරක් දකින අයගේ රාගය ඉස්මතු වන පරිදිත් ඇදුම් අදිනවා දකින්න පුලුවන්... පෙන්නන්න කැමැත්තෙන් යනවා නම් අපිත් බැලුවාම මොකෝ... එහෙම බැලුවොත් තමා ඒ කෙනාටත් පොඩි ත්රිලක් තියෙන්නෙ...
// මා කියවා ඇති සමහර පොත් වල තිබුනෙ ලිංගික ජීවිතයේදී කාන්තාව යනු රසය ලබාදෙන්නිය ලෙසත් පිරිමියා යනු එය ලබාගන්නා තැනැත්තා ලෙසත් //
Deleteඔන්න අසාධාරණය එතැනත්...එතකොට ඔය රසය ලබා ගන්න ගැහැණියකට බැරිද...හි හී..
//මගතොටේදී සමහර ළදුන් ඉතා සංවරවත් සම හරක් දකින අයගේ රාගය ඉස්මතු වන පරිදිත් ඇදුම් අදිනවා දකින්න පුලුවන්...//
මේ කතාවට මම එකඟයි. රාගය ඉස්මතුවීම කෙසේ වෙතත් සම හරක් ගැහැණු අය නොගැලපෙන ඇඳුම් අඳිනවා. උදා ? හුඟාක් මහත් කෙනෙක් අත් නැතිව අඳින එක කැතයි... හිරට අඳින එක කැතයි...
අර මොනාද ඉස්මතු කරන්න අඳින්නෙ නම් " අර වගේ අයනේ " ...
/ මා කියවා ඇති සමහර පොත් වල තිබුනෙ ලිංගික ජීවිතයේදී කාන්තාව යනු රසය ලබාදෙන්නිය ලෙසත් පිරිමියා යනු එය ලබාගන්නා තැනැත්තා ලෙසත් //
Deleteඕක කවුරු කිව්වත් වර්තමාන තත්වය වෙනස් .. කොටින්ම කිව්වොත් ඔකේ අනිත් පැත්ත ..
එතකොට මේ විදියට නිවැරදි විය යුතුයි.. ඒකයි හරි ක්‍රමේ (අත්දැකීමෙන් නෙම්)
// ලිංගික ජීවිතයේදී පිරිමියා යනු කාන්තාවට රසය ලබාදෙන්නා ලෙස//
ඕනවට වඩා ඇඟ පෙන්නගෙන ඇඳුම් අඳින කෙල්ලො නම් මට පේන්න බෑ. කාන්තාවක් කොහොම ඇන්දත් පොඩි සෞන්දර්යාත්මක බවක් තියෙන්න අඳින්නත් ඕන. ඇඟ වැහෙන්න අඳින්න පුළුවන් ඇඳුම් තියනව නෙ. අර බොහෝ වෙලාවට ශෂිකා නිසංසලා අඳින්නෙ ඒවගේ ඇඳුම්.
ReplyDeleteමේකෙ ලියල තියන සමහර දේවල් නම් වහෙන් ඔරෝ නැතුව ලියල තියනව. හිනාත් යනව. මේකිටත් හිතෙන දේවල් ඈ........
// ඇඟ වැහෙන්න අඳින්න පුළුවන් ඇඳුම් තියනව නෙ//
Deleteශශිකා නිසංසලා වැඩියම අඳින්නෙ ඉන්දියන් සල්වාර්... සමහරු ඒවට කැමතියි. මම නම් පෞදගලිකව කැමති නෑ සල්වාර් එකට...
ඇඟ වැහෙන්න කියන එකේ තේරුම නම් දන්නෙ නෑ. මොකද මිනිස් ශරීරයේ වහන්න ඕනෙ හුඟක් තැන් වැහෙනවනෙ අඳින ඇඳුමෙන්.. දැන් අපි මෙහෙම බලමු. දණ හිස හරියට සායක් ඇන්දම වහන්න ඕනේ හරිය වැහිලනේ...
දණ හිස ළගට ඇන්දාම වහන්න ඕන හරිය වැහිල නම් මොන මගුලටද බං මේ පෝස්ට් එකේම ලියල තියෙන්නෙ කකුල් දිහා බලන එක වැරැද්දක් විදියට.
Deleteදණ හිස ළගට ඇන්දාම වහන්න ඕන හරිය වැහිල නම් මොන මගුලටද බං මේ පෝස්ට් එකේම ලියල තියෙන්නෙ කකුල් දිහා බලන එක වැරැද්දක් විදියට.
Deleteඒක තමා බන් මේ කියන්නේ...බලන්නේ දණිස්සනුත් පහල ටිකනෙ....එතන මොනාද බලන්න තියෙන්නේ
Deleteබොරු මොකටද ළිහිණි ලස්සන දෙයක් දැක්කොත් මමත් ඒ දිහා බලනවා.ඒක වල්කමටද නැද්ද කියල තීන්දු කරන්නේ බැලීමට හසුවන තැනැත්තියයි.
ReplyDeleteවල් කමට බලන බැල්මත්..." ලස්සනයි " කියන හැඟීමෙන් බලන බැල්මයි කෙල්ලකට අඳුන ගන්න පුළුවන් නලින් අයියේ...ඉවෙන්...ගෑණු ඉව..හි හී..
Deleteමම හිතන්නෙ වල්කමට දාන බැල්ම වැඩියෙන්ම දාන්නෙ වසයක අන්කල් ටයිප් අය...කොල්ලො හොඳයි..
අඩේ.... හීන් නූලෙන් නලීන් අයියට අන්කල් කිව්වද මන්දා ළිහිණියා..... හි හි
Deleteඋඹ මාවයි නලින් අයියවයි භේද කරන්නද යන්නෙ ?
Deleteඅනේ මන්දා මොනවා කියන්නද කියලා...බැලෙනවා අප්පා උඩ බලං ගිහිල්ලා වාහනවල හැප්පෙන්නද.....
ReplyDeleteබැලෙනවා වෙන්න ඇති අප්පා...අපි එහෙම කියමු...සුන්දර දේවල් කොහොමත් දකින්න කැමතියිනේ...ගෑණු අපි මොනතරම් සුන්දරද.... ආඩම්බරයි ඔන්න... :)
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteමන් දන්න තරම් කොල්ලො ඔච්චර වල් නෑ... හිතට එනදේ කියනව... පෙනෙන දේ දිහා බලනව.. ඒක එතනින් ඉවරයි... ඔච්චර දාර්ශනික දේවල් කොල්ලන්ට ඇලජික්.
ReplyDeleteඔන්න බලාපල්ලකෝ...මම මේ කොහෙවත් කියලා තියෙනවද කොල්ලෝ " වල් " කියලා :)
Deleteඅයියෝ ! අනේ ! මන්ද .... ද ! කොහෙද !
ReplyDeleteමොකෝ මේ බ්රේක් ගගහා කතාව...ඔන්න ඔහෙ හිතට එන දේ කියලා දාන්න දිනෙල්ක...:)
Deleteකථාවට නම් සම්පූර්ණයෙන්ම එකගයි.. ඒත් ඉතිං රටේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ හැගීම නවත්තන්න අපිට පුළුවන් කමක් නෑ නොවෑ. එහෙම කරන්න පුළුවන් නම් අද හැමෝම පාරේ යන්නේ බිම තියෙන වැලිකැට ගන්න කර කර නැද්ද මම කියන්නේ.. කවුරු කොහොම බැලුවත් ගෑණු අපි දැන ගන්න ඕනා අපි රැකෙන්න.. එහෙම නේද..?
ReplyDelete//කවුරු කොහොම බැලුවත් ගෑණු අපි දැන ගන්න ඕනා අපි රැකෙන්න//
Deleteමේ කතාවට එකඟයි....
ගැහැනුන්ට ලැබෙන දායාදයක් නම් තමා ඒත් වැඩිය අහංකාර වෙන්න එපා ඈ :D
ReplyDeleteමම නම් ඒ ගැන ආඩම්බරයි වෙනවා..ඔය දායාද හැමෝටම ලැබෙන්නෙ නෑනේ ..:D
Delete:( මට මේක මගඇරුනෙ කොහොමද මන්දා..සැක්...නියමයි..නියමම නියමයි.. සමහර අය ඉන්නවා නිකන් XRay ගන්න වගේ බලන්නෙ..මැරෙන්න ගහන්න හිතෙනවා..අම්මාට කිව්වම නම් බනිනවා..සද්ද නොකර ඉන්න ලස්සන නිසා වෙන්න ඇතිනෙ බලනවා ඇත්තෙ කියලා...
ReplyDeleteජය වේවා!!
//සමහර අය ඉන්නවා නිකන් XRay ගන්න වගේ බලන්නෙ //
Deleteඕවා තමා මටත් දිරවන්නෙ නැත්තේ...
\\..සම්පූර්ණයෙන් පේන්න තියෙන දේකට වඩා යන්තමට පේන දේවල් අගේ වැඩී කියලා කතාවක් උබ අහලා නැද්ද ළිහිණියෝ ?..ඒකනෙ ඔය කෙල්ලක් පලාපු සායක් ඇඳන් යද්දී ඒ අස්සෙන් පේන චුට්ට හරි කොල්ලෝ හොරෙන් බලන්නෙ...ඒ කොල්ලන්ගෙ හැටි..."\\
ReplyDeleteමේක හැම වෙලාවකම සත්‍ය නෑ.දැන් බලන්න මුස්ලිම් ගෑනු.ඇස දෙක විතරක් පෙන්න ඇඳගෙන යන්නේ.කොටින්ම කිව්වොත් සර්වාංගයම වහගෙනනේ.එත් අවංකවම මට නම් බලන්න හිතෙන්නේ නෑ!
අනික සුද්දියෙක් උනත් මේ කියන විදියට යන්තම් පෙන්න ඇඳගෙන ගියාට අපි වැඩිය බලන්නේ නෑනේ!(ටිකක් විතර බලනවා)
//මේක හැම වෙලාවකම සත්‍ය නෑ.දැන් බලන්න මුස්ලිම් ගෑනු.ඇස දෙක විතරක් පෙන්න ඇඳගෙන යන්නේ.කොටින්ම කිව්වොත් සර්වාංගයම වහගෙනනේ.එත් අවංකවම මට නම් බලන්න හිතෙන්නේ නෑ! //
Deleteපලාපු සාය අස්සෙන් පෙන්නේ ඇස් දෙකටත් වඩා සුන්දර දේවල් වෙන්න ඇති.... :D
පෝස්ටුව කියෙවුවා ඊට පස්සේ කොමෙන්ට් ටික කියවුවා.මම මෙහෙමයි කියලා මට ලේබලයක් නම් නෑ. හැබැයි ලස්සණ දේවල් දිහා මම බලනවා.
ReplyDeleteඋකුළ ලැම බැම මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වූ දෙනුවන් දැහැන් බිඳ
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය....
හැබැයි ඉතින් මේකට $$$ හිරේ ගියත් කමක් නෑ කියන තියරියේ ඉඳන් නම් නෙමේ ඒ කියලා නම් මට හොඳටම ෂුවර්. මොකද මම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක්....! හික් හික් හික්...!
// උකුළ ලැම බැම මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර
Deleteවිවර කෙරුවා මනස් සලෙළුන් උමතු වූ දෙනුවන් දැහැන් බිඳ
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය....//
ඉස්සර මේ සින්දුවට මම කියන්නෙ වල් සින්දුව කියලා.. සින්දුවම හරියට වචනයෙන් වචනයට කියෙව්වොත් තේරේවි... වහෙන් ඔරෝ ඔක්කොමට ටික කියලා දාලා කියලා.....
මම අහල තියන විදියට මේ සිංදුව ලියල තියෙන්නෙ සත්‍ය සිදුවීමක් පාදක කරගෙනලු. පිරිමි කෙනෙක් තමන්ගෙ කාමරේ ජනේලය අරිනකොට දකිනවලු ටිකක් ඈතින් තියන කාමරේක ජනේලයකින් ගෑල්ල්මයෙක් ඇඳුම් මාරු කරන දර්ශනයක්. ඒ අවස්ථාවේ මනසට නැගුනු සිතුවිලි මේ විදියට පද බවට හැරුනා කියල තමයි තියෙන්නෙ. මේ කතාව හරියටම ඇත්තද දන්නෙ නෑ. මේක මට කොහෙන් හරි අහන්න ලැබුනු දෙයක්. කොහෙන් ඇහුනද කියල මතක නෑ. ඒත් සීන් එක තවම මතකයි.
Deleteඕක වල් සින්දුවක් තමා බං බැඳපු නැති එවුන්ට... හි හි..... අපේ සර් තමා ඕක රස කරලා කියන්නේ ඉස්සර... හි හි.... ඒකයි අර “ යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා “ එකයි..... හි හි....
Deleteසිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ..
Deleteමකුළු දැලෙන් සිරි සිරියේ වියන රෑ...
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
හැබැයි කෙල්ලනේ මේක කියන්නේ නම් වෙන වෙලාවක වෙන අරමුනකින්. ඕවා කියලා දෙන්න නම් බෑ ඉතින්..!
සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්..
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන්...
අනේ තත්වය එහෙම වෙනකොට විකල්ප කෙරේම භාවිතා නොකර කොහොමද අප්පා....!
පාං කෑවොත් ඔහොමමයි...! හිකිස්.....!!!
“ යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ... “
Delete“ නෙතට නුහුරු කඳුළු බිංදු......“
සිංහල භාෂාවේ ලස්සන තමා ඉතිං.. කීයෙන් කී දෙනාටද මේ කතාව තේරෙන්නේ.....
පෘතග්ජන මිනිස්සු විදිහට ගෑනුන්ගෙ අඟ පසඟට ඇ ස් යනවා තමා... කොල්ලො උනහම අපිත් බලනවා.. මම පාරෙ යද්දි රස්නෙ කාලෙට විශේෂයෙන්ම සන්ග්ලාස් දාගෙන යන්න එක හේතුවක් තමා, බලන්නෙ කොහෙද කියලා හොයන්න බැරි සීන් එක ;) ගැහැණු අය ඔය ඇඳුම් ඇන්දම අතන පේනවා , මෙතන පේනවා කියල මැසිවිලි නඟන්න දෙයක් නැහැ නෙ මුස්ලිම් ගැහැණු අය වගේ ඇන්දනම් හරිනෙ... තව එකක් මට අවංකවම දැන ගන ඕනෙ මෙතන කොමෙන්ට් කරන ගැහැණු අයගෙනුයි ලිහිණි ගෙනුයි ඔයාල මේ වගේ ඇන්දලා පාරෙ යද්දි කොල්ලො ඒ දිහා බලනවට ඇත්තටම කැමතිද නැත්නම් ඇත්තටම අකමැතිද කියලා.....
ReplyDeleteඔන්න ශශීට මගෙ උත්තරය.. අනිත් අය කොහොමද මම දන්නෙ නෑ. ඉස්සරවෙලාම මගේ ගැන කියන්න එපායෑ. :)
Delete//පෘතග්ජන මිනිස්සු විදිහට ගෑනුන්ගෙ අඟ පසඟට ඇ ස් යනවා තමා//
ගැහැණු අයත් පෘතග්ජන අය තමා ඉතින්. ඒ උනාට පිරිමි අයගේ අතනයි මෙතනයි බලන්නෙ නෑනෙ..මූණ ඇරෙන්න...හි හී
//රස්නෙ කාලෙට විශේෂයෙන්ම සන්ග්ලාස් දාගෙන යන්න එක හේතුවක් තමා //
කපටි නෑ වැඩිය මේකා...:P
//මුස්ලිම් ගැහැණු අය වගේ ඇන්දනම් හරිනෙ //
ශශියෝ.... ශශියෝඔන්න කුහකකම පැන්න එළියට... :) මේක විතරමද තියන එකම විසඳුම එතකොට ... :D
//ඔයාල මේ වගේ ඇන්දලා පාරෙ යද්දි කොල්ලො ඒ දිහා බලනවට ඇත්තටම කැමතිද නැත්නම් ඇත්තටම අකමැතිද //
මගේ ගැන කිව්වොත්.. මම නම් ඇඳුමක් අඳින්නේ අනිත් අයගේ ආකර්ෂණය ගන්න හිතාගෙන නම් නෙමේ. එහෙම ආකර්ෂණයක් ඇඳුමෙන් විතරක් අරගන්න වැඩක් නෑනෙ. මම ඇඳුම් අදින්නේ හරිම සරළව. පැෂන්වලට කෙල්ලෙක් විදියටකැමතියි. අනික කාලේ තාලයට අඳින්නත් කැමතියි..හැබැයි ඒ අනිත් අයගේ ඇස් ගෙඩි මගෙ ලඟට ගන්න නම් අඳින්න මට උවමනාවක් නෑ. කොටින්ම කිව්වොත් ප්‍රදර්ශණ භාණ්ඩයක් වෙන්න මම කැමති නෑ.
ටයිට් ඩෙනිම් කියන්නෙ මේ කාලෙ පැෂන් එකනෙ. ඔය ටයිඩ් ඩෙනිමට දිග බ්ලවුස් තමා මැචින් වෙන්නෙ .ඒවා ඇන්දත් මම අර කිව්ව " පුළුල් උකුල කියන එක ඉස්මතුවෙන එක වලක්වන්න බෑ. අනික කොට ඇඳුම් කිව්වට මේ පස්සෙන් අගලක් දිගට ඇඳන් ඔෆීස් යන්න බෑනෙ. මම කියන්නෙ දණිස් හරියට ඇන්ඳත් ඊට පහල කොටසත් බලන අය ගැනයි.
අනික ශශී කැන්ඩියන් එක වගේ අඳිනවා නම් බඩ පේන එක වලක්වන්න ටිකක් අමාරු වෙනවා කෙල්ලකට. මොකද ඒක අඳින්නේ රෙද්දක් වගේනෙ. ඒ රෙද්ද පොරවගෙන යන්න බෑනෙ..
මේක මෙහෙම කථා කරන්න බෑ... කොල්ලො වගේ නෙමේ කෙල්ලො .. ගොඩාක් වෙනස්. ඒකනෙ අඟ පසඟ වැඩියෙන් පිහිටලා තියෙන්න්නෙ. ඒ හින්දා කොල්ලො කෙල්ලෙ දිහා බලන කෝණෙන් කෙල්ලො කොල්ලො දිහා බැලිය යුතුයි කියන්න බෑ කොච්චර පෘතග්ජන මිනිස්සු උනත්.... අනිත් දේවල් ගැන කථා කරනවා නම් ගෑණු ළමයි ගොඩාක් කැමතීයී අනුන්ගෙ ඇස් තමන් දිහාට යොමු වෙනවා නම් ... ඔයා එතනින් වෙනස්. අනිත් එක මුස්ලිම් ගැහැණු අය වගේ අඳින්න කියන එකෙන් මම අදහස් කළේ ඇත්තටම ඔය වගේ පිරිමි අයගෙ ඇස්වලින් බේරෙන්න ඕනෙ නම් ඒ වගේ අඳිනවා මිසක් වෙන නම් විකල්පයක් මට පේන්නෙ නැහැ.....අවංකවම...
Deleteඅනිත් එක සන්ග්ලාස් එකේ සීන් එක - මම එහෙම කළහම එතකොට මට අපහසුතවයක් ඇති වෙන්නෙත් නෑ....... කොටට හරි බාගෙට හරි ඇඳන් යන ගැහැණු කෙනෙක් දිහාවට මගෙ ඇස් හදිස්සියෙන්වත් ගියොත් එයාට වත් අපහසුතාවයක් ඇති වෙන්නෙත් නෑ. ඉතාලියෙදි ඩොගාක් වෙලාවට ඇඳුම් නැති තරම් බාගෙට ( උඩට සහ යටට ) ඇඳන් යන අය ඉන්නව සමෙර් එකේ...... එක පාරටම ඒ වගේ දේකට අපේ ඇහැ ගියොත් වට පිටාව ගැන හිතද්දි මම අපහසුතවයකට පත් වෙනවා. මටම ලැජ්ජා හිතෙන වෙලාවල් තියෙනවා.. ඒකයි කරණේ
අපොයි. මම මොනවා කියන්නද? ඒත් අවංකවම එකක් කියන්නම්. මම ඔය ඩෙනිම් ගහල හිරට අඳින, පලලා අඳින, පෙන්නලා අඳින, අය දිහා බලන්නෙ උපරිම වල් ඇස් වලින්. ඒත් ලස්සනට ඇඳලා යන කෙල්ලෙක් දිහා එහෙම බලන්න තේරෙන් නෑ වගේ. මම හිතන්නෙ ඇඳුමෙ හැටිය වෙන්නැති. ඒත් එකක්... එකම කෙල්ල බුරිය පේන්න ඩෙනිමයි ටී එකයි එක්ක දැක්කම එන වල් හිත, ඒ කෙල්ලම චීත්තෙ හැට්ටෙ ඇඳන් ඉන්නව දැක්කම දැනෙන් නෑ. එතකොට දැනෙන්නෙ ආදරනීය මෙව්වා එකක්....
ReplyDelete(දැන් මේක බලලා චීත්තෙ හැට්ටෙ අඳින්න හදයිද දන් නෑ ගෑනු ලමයි???? මේ මම කිව්වෙ මට පේන හැටි හොඳෙ.)
බලාගෙන යද්දී කේස් එක තියෙන්නෙ ඇඳුමේ නෙමේ වගේ " ඇස් " දෙකේ... ඇඳුම වෙනස් නොකර ඇස් දෙක වෙනස් කලා නම් කොහොමද ... හි හී...
Delete//දැනෙන්නෙ ආදරනීය මෙව්වා එකක් //
ඔය ආදරණිය මෙව්ව එකෙන් කෙල්ලෙක් දිහා බලද්දී ඒ කෙල්ලට තේරෙනවා වගේම තමා වල් මෙව්වා එකකින් බැලුවත් තේරෙනවා...
ඒ උනාට වල් විදියෙන් වේවා, ආදරෙන් වේවා, අපි කෝම බැලුවත් කෙල්ලො හැරිලා නම් බලන්නෙ රවාගෙනමයි.
Deleteඒ ඉතින් කෙල්ලන්ගෙ හැටිනෙ...ආඩම්බරකම :P
Delete//ඉස්සිලා තියෙන ලැමවත්... පුළුල් උකුලවත්... සියුමැලි කකුල් දෙකවත්...හංගන්න ගැහැණියෙකුට බෑ. ඒවා ස්වභාවධර්මයා ගැහැණියකට දුන්න දායාද...//
ReplyDeleteසිරා කතාව :))
සමහර පණ්ඩිතයෝ හිතාගෙන ඉන්නේ ගෑනු මේවා තියන බවවත් නොපෙනෙන විදියට වහගන්න ඕන කියලා. (මම මේකෙන් කිව්වේ අනවශ්‍ය විදියට නිරාවරණය කරන එක හොඳයි කියන්න නෙමෙයි). ගෑනු ළමයිට කලිසම සුදුසු නෑ කියන අයත් ඉන්නවනේ. එයාලා එහෙම කියන්නේ සායවල් හුලගේ යනකොට බලං ඉන්න තියන ආසාව හින්දද දන්නේ නෑ :ඩි
//සමහර පණ්ඩිතයෝ හිතාගෙන ඉන්නේ ගෑනු මේවා තියන බවවත් නොපෙනෙන විදියට වහගන්න ඕන කියලා //
Deleteඕවා ඉතින් කොහොම හංගන්නද... මම දැකලා තියෙනවා ඇඳුම කොච්චර හොඳට ඇඳලා උන්නත් ..පේන්න කිසිම දෙයක් නැතත්... පපුව දිහා හරි බලන අයව...
//ඉස්සිලා තියෙන ලැමවත්... පුළුල් උකුලවත්... සියුමැලි කකුල් දෙකවත්...හංගන්න ගැහැණියෙකුට බෑ. ඒවා ස්වභාවධර්මයා ගැහැණියකට දුන්න දායාද...//
ReplyDeleteසිරාවටම, ස්වභාවධර්මයා ඔය කියන ඒවා ගැනුන්ටයි, ඒවා රස විදින්න පිරිමින්ටයි දීල තියෙන්නේ මේ කැරකෙන ලෝකේ මනුෂ්‍ය වර්ගයා වද නොවී තියාගන්න
ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...:D
Delete/ ස්වභාවධර්මයා ඔය කියන ඒවා ගැනුන්ටයි, ඒවා රස විදින්න පිරිමින්ටයි දීල තියෙන්නේ මේ කැරකෙන ලෝකේ මනුෂ්‍ය වර්ගයා වද නොවී තියාගන්න //
රස විඳින්න එපා කියනවා නෙමේ. ඒත් ඉතින් ඇස් වලින් දූෂණය නොකර...
හි හි...මාර කතාවක්නේ....මම තාම චූටි හින්දා මුකුත් කියන්නෙ නැතුව ඉන්නං.
ReplyDeleteඅනේ පව්...චූටි බබෙක් ...:D
Deleteමොනා කරන්නද..හැමදේටම ඩෙනිම වේ මටනම් :)
ReplyDeleteමමත් ඉතින් ඩෙනිම සරණේ යන කෙනෙක් තමා :)
Deleteමම හිතන්නේ ලිහිනිගේ රිසර්ච් එක ගොඩාක් සාර්ථකයි වගේ. :-)
ReplyDeleteමාත් ඉතින් මීයෙක් වෙන්නම්කෝ...
මේ ගැන කියනවානම් කෙල්ලෝ ගොඩක් කැමතියි අනික් අයගේ අවධානය ලබා ගන්න. දවසක් අපේ හෙඩ් ඔෆිස් එකේ මීටින් එකකදී කෙල්ලෙක් අවා. ඒකි ඇඳුම අඳින්න පටන් අරන් තියෙන්නේ පපුවේ මැද ඉඳන්. ඊට පස්සේ කොන්ඩෙන් වහන්න ට්‍රයි කරනවා. කොල්ලන්ට ඔරවනවා. විකාර ලෝකයයි. ඉස්සර අපේ අම්මලා ලස්සනට ඇඳපු සාරිය දැන් බුරියානි ස්ටයිල් වෙලා. කෙල්ලෝ ෆැෂන් කරන්න ඕනි. ඒත් ගැලපෙන දේ තොරගන්නත් හැකියාවක් තියෙන්න ඕනි.
* කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලන්නේ ඒකිගේ ලස්සන බලන්න. ඒ කොල්ලා දිහා කෙල්ල බලන්නේ "වල්" කියන ලේබලෙන්.
* ඒත් කෙල්ලෙක් තව කෙල්ලෙක් දිහා බලන්නේ ඉරිසියාවට. ඒ කෙල්ල දිහා අර කෙල්ල බලන්නෙත් කැපිල්ලටමයි.
හා දැන් කියන්න ඔය අවස්ථා දෙකෙන් ලේ පුච්චගන්නේ කොල්ලද? කෙල්ලද?
ඉස්සරවෙලාම ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට....:)
Delete//කෙල්ලෝ ෆැෂන් කරන්න ඕනි. ඒත් ගැලපෙන දේ තොරගන්නත් හැකියාවක් තියෙන්න ඕනි//
හරියට හරි. මේ දේමයි මාත් හිතන්නේ. පෞද්ගලිකව මම නම් ඇඳු තෝරා ගද්දී සෑගෙන සැලකිලිමත් වෙනවා. මම හුඟක් උස නිසාත් මගේ රැකියාවේ ස්වභාවයත් ...පරිසරය ගැනත් මම හිතනවා. ඒක ඉතින් හැමෝම කරනවද කියන්න නම් දන්නෙ නෑ. ඒත් තමගේ තත්වය ගැන හිතන කෙල්ලක් නම් එහෙම කරනවා.
// කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලන්නේ ඒකිගේ ලස්සන බලන්න. ඒ කොල්ලා දිහා කෙල්ල බලන්නේ "වල්" කියන ලේබලෙන්//
මේක පිරිමින් විසින්ම හදා ගත් දෙයක්. ඒක වෙනස් කරන්න ටිකක් අමාරුයි. බහුතරයක් නූගත් පිරිමින් ගේ හැසිරීම් නිසා පිරිමි හැමෝම දිහා සැකයෙන් බලන්න ගැහැණු අයට සිද්ධ වෙලා.
//ඒත් කෙල්ලෙක් තව කෙල්ලෙක් දිහා බලන්නේ ඉරිසියාවට. ඒ කෙල්ල දිහා අර කෙල්ල බලන්නෙත් කැපිල්ලටමයි.
හා දැන් කියන්න ඔය අවස්ථා දෙකෙන් ලේ පුච්චගන්නේ කොල්ලද? කෙල්ලද? //
ඔය අවස්ථා දෙකෙන්ම ලේ පුච්චා ගන්නෙ කෙල්ලො වෙන්න පුළුවන්. ඒත් ඔය කැපිල්ලට කෙල්ලෙක් තව කෙල්ලෙක් දිහා බලනවායි කියන එක නම්....අනේ මන්දා පෞද්ගලිකව මම එහෙම නැති නිසා අනිත් අය ගැන යමක් කියන්න බෑ.
විවාදාත්මක කාරනාවකදී මගේ අදහසකට අවංකවම පිළිතුරක් ලැබුන පළමු අවස්තාව මේක වෙන්න ඕනි. ඒ ගැන ඔබට ගොඩක් ස්තුතියි.
Deleteවල් ලේබලයනම් පිරිමින් හදාගත් දෙයක් නොවන බව පැහැදිලියි. පිරිමින් පිලිබඳ හදාගත් ලේබලයක් කිව්වොත් නිවැරදියි.
ලස්සන කෙල්ලෙක් දිහා බැලෙන එක කොයි පිරිමියාටත් ඉබේ වෙන දෙයක්. ඒක පිරිමිකම. මගතොටේදී තමන් දිහා බලන අය ගැන විමසිලිමත් වෙන එක කෙල්ලන්ගෙ හැටියක්. ඒක තමයි ගෑණුකම. ඔය ධර්මතාවයෙන් පිට යන්න කාටවත් බෑ. යනවනම් එක්කො පිස්සෙක්. නැත්නම් ලෙඩෙක්.
ගැණු පිරිමි කියලා දේයක් නැ.හැඟිම් කියන ඒවා පාලනය කළ ගත යුතුයි.අනිත් එක තමයි පිරිමි හදා ගත්තු එකක් ඔය කියන බැලිම.ගැහැණුන් විදියටත් විළි වසා ගත යුත්තේ රාගයක් තව කෙනෙකුට නොදැනයි.හැබැයි ඩෙනිමක් ඇඳන් යද්දී පිරිමින්ටකාමයක් ඇති වනවා නම් එක පිරිමියාගේ බලු කම.එක හැටි නෙමෙයි.
ReplyDelete//.ගැහැණුන් විදියටත් විළි වසා ගත යුත්තේ රාගයක් තව කෙනෙකුට නොදැනයි //
Deleteඇත්ත කතාව. සම හරක් ගැහැණු උදවිය අඳින ඇඳුම්වලට අපිට උනත් කේන්ති යන වෙලාවල් තියෙනවා.
//ඩෙනිමක් ඇඳන් යද්දී පිරිමින්ටකාමයක් ඇති වනවා නම් එක පිරිමියාගේ බලු කම //
ඒ විදියෙ පිරිමිත් ඉන්නවා ...
මෙහෙමයි ලිහිණි අක්කේ හැමෝම එහෙම නෑ කොල්ලෝ අතරෙත් ඉන්නවා ඉඳල හිටලා අන්දොස් ඩයල්. එක පොදු දර්ම තාවයක්නේ. අනෙක මේ සමාජේ හැඩගැහිලා තියෙන හැටි. ඒවා අපිට හදන්න බැහැ.
ReplyDeleteඅනිවා....මම මේ හැමෝවම එකම බෝට්ටුවේ දාලා කතා කලා එහෙම නෙමේ ඔන්න...
Deleteනෙතින් බලා සැනසීම එකකි.
ReplyDeleteරසවිදින්නට ළගට යාම තවෙකකි..
මොන දේ කිව්වත් ලස්සන ගෑණු ළමයෙක් දැක්කාම ඔය කොයි කව්රුත් හැරිල බලනවා.. කෙල්ලො උනත් එහෙමයි.. (ගොඩාක් උං ඉරිසියාවට මං හිතන්නේ;)) ඒකෙ වැරැද්දක් නං නෑ.. ඒත් එතනින් එහාට යාම අනුමත කරන්න බෑ..
අනිත් කාරනේ අපි ආසාවන් ප්‍රහීණ කරපු උදවිය නොවෙද්දි ඔය පේන්න ඇඳං යද්දි එක එක ඒවා හිතෙනවා.. ඒත් හැම දේටම සිමාවක් තියෙනවා වගේම ඒකත් බලා සැනසෙන්න විතරක් තියාගත්තා නං හොදයි කියලයි මම නම් හිතන්නේ.. මොකද කව්රු හරි බලනවා දැක්කාම ගස්සන ගැස්සිල්ල තවත් වැඩිවෙනවානේ..
කතාව ඇත්ත, එත් ඔය ඔක්කොම බාධාවක් නම්, ඒ කියන්නේ කොල්ලෝ බලන එක කරදරයක් නම් හොඳම ඇඳුම අර මුස්ලිම් කාන්තාවෝ අඳින ලෝගුව වගේ එකක් අඳින එක. හැබැයි ඇස් වලින් බේරුනාට මම නම් හිතන්නේ නෑ පහසුවක් වේවි කියලා..
ReplyDeleteසැම කිවයුතුදේ කියා ඇති හෙයින් නොකියමි කිසිත්..........
ReplyDeleteමුල ඉඳන් විස්තරේ කියවද්දි මට මීට අවුරුදු කීපයකට කලින් උන්නු කුපාඩි, ඒත් අහිංසක මාවම මතක් වුනා :) ඒ කාලෙ පාරෙ තොටේ ඇහැ කරකවල ගත්තු ආතල් දැන් කොහෙද වාහනේකට කොටු උනාම :p එතකොට තමා හිතෙන්නෙ ටයිපටිය ගලෝල විසිකරල ඉස්සර වගේ ඔෆිස් ටයිම් පොදු ප්‍රවාහන සේවයක ෆැෂන් බල බල හිරවෙලා යන්න :D වල් කමකට නෙමේ අක්කණ්ඩි :p ඒත් හිත පෘතක්ජනයි නෙව :D
ReplyDelete