මාව කියවන අය අතර..

13 February 2013

චිත්‍රපටවල..ටෙලි නාට්‍යයවල වගේ ගීතවල දෙවෙනි කොටසක් තිබුනොත් කොහොමද ?



චිත්‍රපට.. කතා පෙළක්  එහෙමත් නැත්තම් series ටිකක් හැදෙන්න ගත්තම ඒ චිත්‍රපට බලන්න පේක්ෂකයෝ හුඟාක් උනන්දු වෙනවා. එක චිත්‍රපටයක් බැලුවට පස්සේ ඒකෙ දෙවෙනි කොටස එනකල් කල්මරනවා. මේ කොටසේ මොනවා වෙයිද ? දෙවෙනි එකෙන් ඉවර වෙයිද එහෙමත් නැත්තම් තුන්වෙනි එකකුත් ඒවිද කියන කුතුහලය හිත්වල ඇතිවෙනවා.
හුඟාක් වෙලාවට මේ series චිත්‍රපට බිහිවෙන්නෙ හොලිවූඩ් චිත්‍රපට හරහා.

Terminator, The Matrix, Mission Impossible, Speed, Lord of the Rings, Harry Potter, The Twilight Saga, The Dark Knight කියන්නෙ ඔය වගේ බොහෝම ජනප්‍රිය උන චිත්‍රපට කතා පෙලක්.

හොලිවූඩ් චිත්‍රපට කතා පෙලක් හැටියට බොහෝම ජනප්‍රිය වෙද්දී බොලිවූඩ් සිනමාව එහෙමත් නැත්තම් හින්දි සිනමාවෙත් චිත්‍රපට කතා පෙලක් හැදෙන්න ගත්තා.

Razz , Doom , Don  වගේ හින්දි චිත්‍රපට පෙලකුත් ආවා. ඇයි එතකොට අපේ සිනමාවේ ? දැන් නැතත් ඉස්සර නම් ඔය දිගට හරහට ඔය වගේ ඒවා තිබුනා.

සුමනක්කලා රඟපාන අවදියේ ඇගේ වෛරය 1, ඇගේ වෛරය 2 ,ගිණි ඇවිළුනු මධුසමය 1,2

එතකොට ටෙලි සිනමාවෙත් ඔය වගේ කතා මාලා ඕනෑ තරම් තියෙනවනේ. විශේෂයෙන්ම ඉංග්‍රීසි tv series.

ගීතයක ඒ වගේ වෙන්නෙම නැති තරම්නේ. ගීතයක් කිව්වම ඒක එක ගීතයක් මිසක් දෙකක් කොහෙන්ද.. ඒත් දැන් ගීත අහන ගමන් බලන්නත් පුළුවන් නිසා මේ බලන්නකෝ..

මතකද ගයන්තගෙ රවුන් කඩේ සින්දුව ?


පලවෙනි සින්දුව ඉවර වෙන්නෙ දෙන්න කරත්තෙන් පැනලා යන තැනින්. ඊට පස්සෙ ආපු රවුන් කඩේ


මේ රොමේෂ් සුගතපාලගේ  දිගු දෑස දුටුවාම 



අනේ ඉතින් දම්සාරි වාහනේකට හැපිලා අන්තීමට දෙන්නට වෙන්වෙන්න වෙනවනේ..මෙන්න ඒකෙ ඉතිරි කොටස

දිගු දෑස 2 සිනාසෙන්න බෑනේ


කොහොමද වැඩේ ?


(ඔය වගේ තවත් ගීත තියෙනවා නම් කියන්නකෝ






112 comments:

  1. Borne trilogy එනක් ඒ ගානට වැටෙනවා.. අර දම්සාරි 2 බැලුවේ නෑ දැං බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. Borne trilogy කියන්නෙ නවල් එකක් නේද ?

      අනේ බලන්නකෝ දේශා...ඔයාගෙ තනි ඇහැටත් ඇඬෙයි...

      Delete
    2. Jason Bourne කියන චරිතය වටා ගොඩ නැගුන චිත්‍රපට ඇත්තටම දැන් හතරක් තියනවා. තව දුරටත් ඒක trilogy එකක් නෙමෙයි. Quadrilodyයක්.

      Delete
    3. ඔව් බං, ඒකට චිත්තරපටි හතරක් තියෙනා.. Bourne Supremacy, Bourne Identity and Bourne Ulitimatum බොහොම ලස්සන සීරිස් එකක්. මේ තුනේම ඉන්නේ මැට් ඩෙමොන් කියන නළුවා.. ඊට පස්සේ ගිය අවුරුද්දදේ එළියට දැම්ම ඒකේ හතර වෙනි එක Bourne Legacy. ඒත් එකෙනං වෙන හාදයෙක් ඉන්නේ.. අර තුන සුපිරි නං මේක අඤ්ඤකොරොස් කියලයි මට හිතෙන්නේ.. බලාපංකෝ මරු චිත්තර පටි සැට් එක. ඔය ඇමරිකන් කාරයෝ ලෝක දේශපාලනේ විනාස කරන විදිය නියමෙට තියෙනවා..
      මගේ තනි ඇහැට කෙසේ වෙතත් තොගේ අර උඩම තියෙන පින්තූරේ තනි ඇහෙන් බලන් ඉන්න එක නං අල්ලන්නේ නෑ ගොය්යෝ.. හරිම සෙස්සි වගේ... හෙක්..

      Delete
    4. ආ...දේශා ඒ the bourne identity එකේ සීරිස් ටිකද...හප්පේ මම බලලා තියෙනවා. මට ඒක අමතක උනානේ..හැබැයි අන්තීමට ආපු The Bourne Legacy පුද්ගලයාව වෙනස් කරලා නිසා ටිකක් මංඤ්ඤං වෙනවා.

      මොකද්ද බොල මගේ තනි ඇහේ සෙක්සි පින්තූරේ..හිටු බලන්න...

      අලේ ...ඒක සෙක්සි ඇහැක්ද ? හි හි හී...මට පැලෙන්න හිනා බන්..

      Delete
  2. අඩේ......බලපුවහම ඔක්කොම linked list එකක් වගේනේ! :D මතක් උනොත් කියන්නම්කෝ.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ..තව ඔය වගේ ඇති අප්පා. මට මතක් වෙන්නෙ නෑනේ...

      Delete
  3. ඇයි අනේ අර පෙනෙන නොපෙනනෙ සිංදුවේ දෙවනි එකකුත් තියෙන්නේ හිත දුර හන්දා කියලා

    ReplyDelete
    Replies
    1. මේක තමා මටත් එක පාරට මතක් වුනේ.....

      Delete
    2. අලේ...මම ඒක අහලා නෑනේ..

      Delete
    3. හිත දුර හන්දා නෙතු ලග හංගා සිහින ගණින හින්දා ...
      තනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා ...
      අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..//

      ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
      සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
      නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

      හිත දුර හන්දා .....

      අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
      හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා
      ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...

      හිත දුර හන්දා .....//

      මෙන්න හිත දුර හන්දා ගීතය

      Delete
    4. අහලා නෑ?? හපොයි.... මෙච්චර දවසක් කොයි ලෝකෙද හිටියේ........

      Delete
  4. Replies
    1. හොයලා බලලා අපිටත් කියන්නකෝ..

      Delete
  5. පිළිතුරු ගී සම්ප්‍රදායක් නම් තිබුණා ටි එම් හා නිලා වික්‍රමසිංහ ගැයු.. ඒත් පස්සේ කාලේ ඒක සෝබන රැල්ලක් කළානේ කට්ටිය.

    ReplyDelete
    Replies
    1. ටී එම් ගෙත් නීලාගේත් ගීත වලට මම බොහෝම කැමතියි.

      Delete
  6. අඩේ සිනාසෙන්න බෑනේ එකේ විඩියෝ එක දැක්කේ අද... සින්දුව අහලා තිබ්බට ඔය දෙක නම් ලින්ක්ඩ් කියලා මට හිතුනේ නෑ... කමක් නෑ කමක් නෑ.. කොහෙ හරි සතුටුදායක අවසානයක් නම් එච්චරයි... හි හි....
    දිගු දෑස එකට නම් බොරු කියන්නේ මොකටද මටත් විඩියෝ එකට පළවෙනි පාර ඇඩුනා... අර කොලුවා කඳුලු පෙර පෙර අඬනවා දැක්කම... හි හි

    ReplyDelete
    Replies
    1. අම්මපා අක්කේ කොල්ලෙක් ඔහොම හොටු පෙරනවා දැක්කමයි...

      Delete
    2. සිරාවටම ඌට නම් ඇඬෙන්න අඬන්න පුළුවන් හිරුවො..

      Delete
    3. ඌ නං මහ පට්ට කොල්ලේක් නේද අනේ...

      Delete
  7. මට මතක විදිහට ජෝතිපාල මහත්තයයි සීටී මහත්තයයි දෙන්නා අතරෙත් ඔය වගේ සින්දුවලින් සංවාද වාද විවාද ගිහිං තියෙනවා.දෙන්නටම සින්දු ලිව්ව කරුණාරත්න අබේසේකර මහත්තයාගේ අදහසක් විදිහට වැඩේ උනා කියලයි කියන්නේ.

    අපේ සිංහල චිත්‍රපටිවලින් සීරීස් ගහන්නේ කොහොමද? ගහන චිත්‍රපටිත් ඔක්කොම එකම කතාව නළු නිළියෝ වෙනස් ඒවනේ.

    ReplyDelete
    Replies
    1. ජොතිපාලයන් සමග මිල්ටන් පෙරේරා තමයි මම දන්න විදිහට නම් හරි..

      Delete
    2. මට මතක විදියට සීටී නෙවෙයි, මිල්ටන් පෙරේරා දිනුක... ඒ දෙන්නා කියපු ඒ වගේ සින්දු ගොඩක් තියෙනවා...

      Delete
    3. මේ සින්දු එකිනෙකට සම්බන්ධයි කියල දැනගෙන හිටියෙ නෑනෙ... ස්තුතියි ලිහිණි...

      Delete
    4. ඇයි ජෝති මිල්ටන් අනංගවාදය

      Delete
    5. අනේ ඉතින් ඔය කවුරු හරි ජෝතිගෙයි මිල්ටන්ගෙයි සංවාද සින්දුවක් දෙකක් දාන්නකෝ මොනවද බලන්න.

      Delete
    6. @Miyuru

      බොහෝම ආදරයෙන් පිළිගන්නවා අක්කව මේ පැත්තට..

      Delete
    7. http://www.elakiri.com/forum/showpost.php?p=12185320&postcount=1910

      Delete
    8. අනංගවාදය

      හරී දීල තියන URL එකම තමයි ලින්ක් එකක් විදිහට දැම්මේ... අන්තිමේ දෙන්නා 'අපි සංතෝසෙන් ඉන්නේ - දුක සෝකය නෑ දන්නේ.. අයියා මල්ලී වාගේ" කියලා අනංගවාදය අවසන් කලා.

      Delete
  8. සිරාවට මට නම් දිගු දෑස වීඩියෝ එක අජපල්....එකටම අර චිලියා හැමදාම වගේ මේ පාරත් කොපියක් ගහලා හදපු ලා රෝස එක ඊට වඩා අජපල්..ඒවා සින්දු වලට වඩා මෙගා ටෙලිනාට්‍යය වගේ...දැන් සින්දු හදන්නේ තනිකරම තනුවයි රුප රචනෙයි දෙක විතරක් පදනම් කරගෙන කොහේ හරි යන වචන සැට් එකක් කලාවන් කරලා ගහලා...අතරින් පතර සුපිරි සින්දුත් නැතුවාම නෙමෙයි....

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක පැත්තකට දාලා සින්දුව ගත්තොත් මම දිගු දෑස සින්දුවට කැමතියි. හැබැයි අර කොල්ලො අඬන ටින් ටින් ඒවා නම් දිරවන්නෙම නෑ. චිලීගෙ සින්දු මට නම් මෙලෝ රහක් නෑ. ඒ අතින් රොමේෂ් ඉන්නෙ චිලීට ගව් ගානක් උඩින්.

      Delete
  9. මේ ක්ලිප් ලෝඩ් වෙන්නේ නැතෝ..

    ReplyDelete
    Replies
    1. අලේ මට ප්ලේ වෙනවනේ...මම මේ දිගු දෑස 2 අහනා ගමන්..

      Delete
  10. ප්‍රියාගේ "සුදු පරවි රෑන සේ" කියන එකට වලියක් ඇවිත් "බාල කාලේ ආයේ එන්නේ නෑ" කියලා එකක් ගැහුවා මිල්ටන්ගෙත් ගෑණු අයට වැරදි කියන එකක් තීලා පිරිමින්ටත් ඒ බ්ලේම් එකම දාලා එකක් ගැහුවා... මතක නෑ...

    ReplyDelete
    Replies
    1. මිල්ටන්ගේ " දෙනෝදහක් සිටියද සරසවියේ " ගීතයට නම් පිළිතුරු ගීතයක් තිබුනා කියලා මතකයි. කියන්නෙ සංජීවනී වීරසිංහ " දෙනෝ දහක් ගැවසෙන සරසවියේ " කියලා. හැබැයි ඒවා පිළිතුරු ගීත මිසක් සීරිස් එක නම් නෙමේ

      Delete
  11. අනංග සටන (නම හරියටම මතක නෑ) කියලා ජෝතිපාල මහත්මයයි මිල්ටන් පෙරේරා මහත්මයයි අතරත් ගීත වාදයක් වගේ එකක් තිබ්බා. ගීත රචනා කරේ කරුණාරත්න අසේකරයන්.

    ජෝතිපාලයන් ගායනා කරන
    //පෙම්වතුන්ට සරනේ අනංගයා මම වේ -පෙම් සටනෙන් පැරදි දොස් නැගීම වැරදී//
    ගීතය
    මිල්ටන් පෙරේරා ගායනා කරන
    //සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා - ඔය අනංගයා තමයි මහා පෙම් හොරා//
    ගීතයට පිළිතුරු ලෙස ගායනා කෙරුනක්.

    ඔය වාදයේ තව ඒ වගේ ගීත කිහිපයක් තිබ්බත් මතක් වෙන්නේ නෑ.

    පෝස්ටුවේ කියලා තියෙනවා වගේ ගීත දෙකක් බාතිය සන්තුෂ් දෙපලගෙනුත් ඉදිරිපත් වුනා වගේ මතකයක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. භාතිය සංතූෂ්ගේ ගීතයකුත් තියෙනවා කියලා මටත් මතක උනාට ගීතය හොයා ගන්න වචන මතක නෑ අප්පා..

      ඔය අනංග ගීත නම් අහලා තියෙනවා. තේතුව නම් දැනගෙන උන්නේ නෑ. ස්තුතියි බණ්ඩා..

      Delete
  12. සිරාවට.. ඒකන් එල අයිටම් එක ඈ.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේකත් " දැවෙන " ප්‍රශ්ණයක් රජෝ..පෙට්‍රල් ගහලා හරි උත්තර හොයන්න වෙනවා :b

      Delete
  13. මාරියෝ වයිනන් කියන I Dont wanna know
    එකට ශෝලා අමා කියනවා You Should Really
    know .. කියල ..
    තව කෙවින් ලිට්ල් ගේ ටර්න් මි ඕන්
    එකට ටූ ප්ලේ කියනවා යු ගොට් මී රෝන්ග් කියල..

    තව ඔය වගේ ගොඩක් progressive සින්දු තියෙනවා 94 වගේ
    පස්සේ ආපු .ඒත් ඒවා ගැන කිව්වට වැඩක් නැහැ , අඳුනන්න
    අමාරු වේවි ඒ සින්දු ..ඒවා club version ..

    හැබැයි ශෝලා කියන එක නම් ඔර්ජිනල් එකට වඩා ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. I don't wanna know
      // If you're playin' me, keep it on the low
      Cause my heart can't take it anymore
      And if your creepin, please don't let it show
      Oh baby, I don't wanna know...//


      // You should really know
      I ain't playin you
      Babe you gotta know
      Cause your love is all im living for //

      මේ ගීතත් ගීතයට පිළිතුරු ගීත මිසක් එකම ගීතයේ දෙවෙනි කොට නෙමේ කියලා මට හිතෙනවා. මම කිව්ව ගීතවල තියෙන්නෙ එක ගීතයක් ඉවර උන තැනින් ආයෙමත් ආරම්භයක් වගේ..

      Delete
  14. ඉස්සර පාලිත සිල්වා රගපාපු ටෙලි සීරිස් එකක් තිබුනා කීටයා කියලා...මට මතක විදියට කීටයා 1,2,3 දක්වා වැඩේ දුරදිග ගියා...රහස් පොලිස් චරිතයක් තමයි පාලිත රගපෑවෙ...මදුරු කීටයො තමා ගෙවල් ගානෙ ගිහින් හෙව්වෙ...මට ඒ මතකය තමා අලුත් වුනේ...

    ReplyDelete
    Replies
    1. කීටයා ගැන මටත් මරු මතකයක් තියෙනවා... ඕකේ සමහර සීන් කළේ අපේ ගෙවල් පැත්තේ... පිස්සු නාට්ටියක් ඒක.. හි හි...

      Delete
    2. මම හිතන්නෙ මම නම් බලලා නෑ. හැබැයි කීටයා කියලා ටෙලියක් තිබුනා කියලා නම් මතකයි.

      Delete

    3. මචන් සිරා ඔහොම කියද්දී මතක් උනේ ඔකද මන්ද
      තව ඔය වගේම කේස් එකක් ගියා නේද කෙල්ලගේ
      මිණිය තියෙන්නෙත් කාර් එකේ ඩිකියේ ..
      දැන් අවුරුදු 12 කට ලොවෙත් එහා ..
      මට නම් ඉන්න නළුවෙක් වත් මතක නැහැ .
      ඔච්චරයි මතක ..ඒකෙ හිටපු පොලිස් ඔෆිසර්
      ඇත්තටම පොලිස් ඔෆිසර් කෙනෙක් අනික ..
      මගේ හිතවතෙක් උන්නා ඔය විස්තර ටික
      ගන්න , ඒත් දැන් එයා නැහැ ..

      Delete
    4. හැබැයි ඒකෙ පාලිත හිටියේ නැහැ .:D

      Delete
    5. ඒ කාලෙ සහන් රූපවාහිනී චැනල් මේ වගේ ගොඩාක් තිබුනෙ නැති නිසාත්...මෙගා වසංගතේ ඇවිල්ලා තිබුනෙ නැති නිසාත්...කීටයා සෑහෙන්න ජනප්‍රිය උනා...මට මතක විදියට ඒක අධ්‍යක්ෂණය කලේ චන්ද්‍ර‍රත්න මාපිටිගම මහතා...දැන් කෝ පාලිතලා වගේ වේදිකාවෙන් රංග වින්‍යාසය මැනවින් හදුනාගත්ත නියම නලුවො...නපුංසක පෙනුම තියෙන පියරු බබාලනෙ දැන් නලුවො කියලා වැඩි හරියක් ඉන්නෙ...

      Delete
  15. මගේ සින්දු දෙක තාම ඔයාල බලලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ ගොඩාක් ස්තුතියි.. එපා...

      Delete
    2. තාම කවුරුවත් බැළුවේ නෑ කියලා ඕකා අඬ අඬා බං ඉන්නේ. මම කිවුවේ දෙක....

      Delete
    3. එපා අනේ...මට වෙලාවක් නෑ...හි හි හී

      මම මේ කිව්වේ ඔයාගෙ සින්දු දෙක..නැතිව සරා අයියා කියන " දෙක " එහෙම නෙමේ ඔන්න.. :p

      Delete
    4. බොලාලගේ ඊරිශියාව :/

      Delete
  16. Replies
    1. දම්සා.....රීඊඊඊඊඊඊ..

      ඒ උනාට ඒ සින්දු දෙකම ලස්සනයි හරියො..

      Delete
  17. ශ්‍යාමි නදීෂා ගැහුවේ සීගිරියේ කුරුටු ගීත කියලා ඇල්බම් එකක්ම. එතකොට "රත්තරනේ ඔබ පොඩියක්" කියලා සින්දුවකත් කොටස් තුනක් විතර ගියේ. හැබැයි ඒවා එකම තනුවට ගහපුවා.

    අර දෙවෙනි සින්දුව අහලා බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. //"රත්තරනේ ඔබ පොඩියක්"//

      ඒක නන්දා මාලිනීගෙ වගේ කට හඬ තියෙන පිරිමි කෙනෙක් කියාපු එකක් නේද අකම් ?

      Delete
    2. ඔව් ඔව් ලිහිණි. අමිල් තරංග තමයි ඒක කිව්වේ.

      Delete
  18. හික් හික් මම ආසම සින්දුවක් දිගු දාස දුටුවාම කියන සින්දුව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං උඹත් හොටු පෙරා ගෙන බනියා ඔතාගත්ත එකා නෙව...

      Delete
    2. ඒකට වඩා මගෙ හිත ගියේ දෙවෙනි එක..සිනා සෙන්න බෑනේ..

      Delete
    3. @දේශක යා

      රුසියාවට වඩා ලොකු එක උඹ ලඟ තියෙන්නෙ දෝශෝ .. ;b

      Delete
  19. ආයෙමත් ආදරෙන් 2 අහල නැද්ද?.

    ReplyDelete
    Replies
    1. ඔන්න බස් අජිත් ගේ ගෝලයෙක් ඇවිත්..හෙක්... අහල නෑ බං.. ආත්මගේ නෙවද???

      Delete
    2. ආත්මගේ තමයි මචං..

      Delete
    3. මමත් ඔන්න ඊයේ තමා ඒක ඇහුවෙත්. ඒකත් සීරිස් එකක්. දෙවෙනි කොටස..

      Delete
  20. "සිනාසෙන්න බෑනේ " සිංදුවෙ වීඩියෝ එක දැක්කෙ අද.. හ්ම්ම්ම්
    රවුම් කඩේ නම් මට පේන්න බෑ.. ඈ..ක්කා

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එහෙම කියන්නේ පබා හරි දගකාරයි නෙව...

      Delete
    2. යසිත්ට පේන්න බැරි " රවුන් කඩේ " විතරයි දේශෝ..පබාව නෙමේ...

      Delete
  21. තියෙනවා තියෙනවා ළිහිණියෝ. සරා දෙන්නම් ඇතිවෙන්න. හැබැයි ඕං කලබලේට නම් බැහැ. එහෙම ඒවා තිබුනා දැනට කාලෙකට කලින්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපිට පෙස්ටුවකින් බලා ගත්තෑකි වගේ..ඒත් සරා අයියා පිළිතුරු සින්දු නම් නෙමේ..ඒකම සින්දුවේ දෙවෙනි කොටස...

      Delete
  22. රවුම් කඩේ නම් දෙකම බලල තිබුන. අනිත් එක නම් අද තමයි..."ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ" සින්දුවේ තව එකක් තියනවා. ඒත් මට වචන මතක නෑ.
    දෙවෙනි සින්දුවෙන් කියවෙන්නේ ඒ කොල්ලෝ කඩේ ළඟ හිටියත්, හොද කොල්ලෝ කියල.. ලස්සන කතාවකුත් තියනවා ඒක පිටිපස්සේ.

    ReplyDelete
    Replies
    1. ගමේ කෝපි කඩේ නම් අහලා තියෙනවා. චන්දන කියන එක නම් දන්නෙ නෑ. වචන ටික හොයා ගන්න බැරිද ?

      Delete
    2. මං රිප්ලයි නොකලේ ඒක හොයලම දාන්න කියල. වචන ටික හොයාගන්න නම් බැරි වුනා. ඒත් සුමිත් අයියා රාජ් ගෙ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් හම්බ වුනා.

      http://raj1st.blogspot.com/2012/05/blog-post_18.html?showComment=1337338431289#c7348750429874141465

      Delete
  23. අනේ මන්ද..!
    ඔන්න ලිහිණි සිංදුත් එපාකරන්න හදනව මෙගා කරල..!

    ReplyDelete
    Replies
    1. ඔතනින් නවතීද...නැත්තම සීසන් 3 කියලා තව සින්දුවක් ඒවිද දන්නෙත් නෑ වීයෝ..

      Delete
  24. ඇයි ළිහිණි එක කාලයක් තිබ්බේ පිළිතුරු ගී කියලා මල සමයං වගයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය පිළිතුරු ගී නම් මට මතකයි ඩූඩ්. ඒත් මේක එක ම සින්දුවේ දෙවෙනි කොටස නිසා ටිකක් වෙනස්. අර සරා අයියලා කියන්නෙත් සින්දුවකට හදපු පිළිතුරු ගී කියලා මට හිතෙනවා..

      Delete
    2. දැං මල් සින්දු, පිළිතුරු සිංදු එක එක රැලි ආවා නෙව් ඩුඩෙ..මට හිතන්නේ ඊළග සීරිස් එක පළතුරු සින්දුද මන්ද.. අපරාදේ බං උඹ පිළිතුරු ගී කියල වැරදියට ලියල නෙව...

      Delete
  25. මාත් මේ ලගදි "හිත දුර හන්දා" සිංදුව (පෙනෙන නොපෙනන සිංදුවේ දෙවැනි කොටස) අහන ගමන් කල්පනා කරපු එකක් තමයි ඕක. දැන් ඒකත් කලාවක් වෙලා.......

    ReplyDelete
    Replies
    1. මම ඒ සින්දුව ගැන දැනගත්තෙත් ශම්මි කිව්වට පස්සේ. සින්දුව නම් රේඩියෝ එකේ යනවා ඇහිලා තිබුනත් පෙනෙන නොපෙනෙන එකේ දෙවෙනි කොටස කියලා දැනගෙන උන්නෙ නෑනේ..

      Delete
  26. චන්චලාගේ දෙවැනි කොටසත් ආව නේද? රවුන් කඩේ සින්දු දෙකටම මම කැමතියි :)

    ධම්සාරිගේ වීඩියෝව ගැනනම් මුකුත් කියන්නේ නෑ.

    ඔයාල දැකල ඇති නේද පින්සාරි සහ සපුමල්ගේ කතාව?

    http://www.youtube.com/watch?v=Y-kN9vPVa4A

    ReplyDelete
    Replies
    1. අම්මෝ...සයුරි...මට පැලෙන්න හිනා ඒ සින්දුව අහලා... අනේ දෙයියනේ මෙහෙමත් සින්දු තියෙනවනේ...කොහෙන්ද අනේ ඔයා මේක හොයා ගත්තේ...හි හි හී

      සිරාවටම මම මේක අදමයි දැක්කෙ සයුරි..

      Delete
    2. අද අපේ තාත්ත ගෙදර ඇවිල්ල කියන එකද මේ ?

      Delete
    3. ඔව් ඔව්..ඒක තමා. ඉල ඇදෙනකල් හිනා වෙන්න පුළුවන් ඒක බලලා...:D

      Delete
    4. හිහි...ඔව් අප්පා මමත් ඕක 10 පාරකට වඩා බැලුවා. කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා කරන එකක් වගේ. හැකියාවක් තියනවා උන්ට :)

      Delete
    5. හික්.... ඔය සිංදුව මාත් මුලින්ම අහපු දවසේ මටත් පණ යනකන් හිනා ගියා...... :)

      Delete
    6. වීඩියෝ ඩිරෙක්ටින් කරලා තියෙන්නේ Atunes Fබ් එකේ තියනවා ගෘප් එකක්

      Delete
  27. මාත් කාලෙකය් අකලින් ලිවුවා කොටස් දෙකක් තියෙන කවියක්..... ;)

    ReplyDelete
  28. "මා දෑසෙ වේදනා - ඔබ දෑසෙ පෙම් සිනා" කියන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන ගීතයට "ඔබ දෑසේ වේදනා - මා දෑසෙ නැත සිනා" කියලා පිළිතුරු ගීයක් කවුරු හරි කිව්වා..

    රූකාන්ත ගායනා කරන "කඳුලු බිඳක් මා වෙනුවන් - නොසැලෙන්නයි ඔබේ ඇසින්" ගීතයට චන්ද්‍රලේඛා ගායනා කලා "කඳුලු පොදක් ඔබ දෑසේ - නොසලණු මැන මා වෙනුවෙන්" කියලා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තිසර ඒවා ඔක්කොම පිළිතුරු ගීත විතරයි. එකම සින්දුවේ දෙවෙනි කොටස නෙමේ වගේ..මේ සින්දු දෙකේම තියෙන්නෙ නවත්තපු තැනින් ආයේ දෙවෙනි කොටසක් තියෙන එක. විෂූවල් එක හදලා තියෙන්නෙත් එහෙමනේ...

      Delete
  29. හි හි ඔයාටත් මාර දෙවල් හිතෙන්නෙ... :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ..සින්දු අහන ගමන් ඕවාත් හිතෙනවා අප්පා :)

      Delete
  30. පිළිතුරු ගී ගැන මතක් වුනාට මේ වගේ දෙවනි සීරිස් එක ඇහුවෙ අද..ස්තුතියි ලිහිණි බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ. මමත් පිළිතුරු ගී නම් හුඟාක් අහලා තියෙනවා උනත් සීරිස් තියෙනවා කියලා දැන ගත්තෙ මේ සින්දුවලින් තමා..

      Delete
  31. ගීත කොටස් දෙකකට යැවීම මට හිතෙන්නේ මාකටිං වල කොටසක් කියලා. එතකොට පලවෙනි එක හින්දා දෙවෙනි එකට පොඩි ගැම්මක් ලැබෙනවා. මේ වගේද ගී තනු වලට වචන වෙනස් කරලා ගහන සිංදු. ඔය දිගු දාස සින්දුවට පස්සේ ආව ප්‍රතිපලය දුටුවාම .. කියලා. ආ කියන්නම ඕනේ දෙයක් තියෙනවා මේ රොමේෂ් සුගතපාල කියන්නේ පුදුම නිහතමානි කොල්ලෙක්. මගේ යාලුවෙක්ගෙ සැලෝන් එකට එනවා. මට වෙඩින් එකකදී මුණ ගැහුනා. මගේ යාළුවා කිව්වා කතා කරන්න කියලා. මම කතා කලා. බොරු ෂෝ නැති හරිම අහිංසක චරිතයක්.

    ReplyDelete
    Replies
    1. //ගීත කොටස් දෙකකට යැවීම මට හිතෙන්නේ මාකටිං වල කොටසක් කියලා. එතකොට පලවෙනි එක හින්දා දෙවෙනි එකට පොඩි ගැම්මක් ලැබෙනවා.//

      අනිවාර්යෙන්ම සුදීක..ඒකෙ ආයෙ කතා දෙකක් නෑ..

      රෝමේෂ් සුගතපාල බොහෝම හොඳ කෙනෙක් විත්තිය මමත් අහලා තියෙනවා..

      Delete
  32. ලිහිණි මට නම් සින්දු දෙක තුනක් ම මතක් උන. ක්ලැරන්ස් විජේවර්ධනගේ ගමෙන් ලියුමක් ඇවිල්ලා හා මගේ දයාබර අක්ක ගීත දෙක. එතකොට සංගීත් විජේසුරියාගේ නිවාඩුවටත් ගීතයට සශිකා නිසංසලා ගේ මේ ගම්මානෙන් ගීත. තව කළු කෙල්ලේ ගීතයට ඉන්ද්‍රානි පෙරේරා ගයන නෙතු යුග රන්තරු

    ReplyDelete
    Replies
    1. ක්ලැරන්ස් විජේවර්ධනගේ ගමෙන් ලියුමක් ඇවිල්ලා අහලා තිබුනත් ඔයා කියන දෙවෙනි සින්දුව නම් අහලා නෑ කල්පනා. ඒක හොයලා අහන්නම්. ශශිකගෙ සින්දුව නම් සංගීත්ගේ සින්දුවට හදපු පිළිතුරු ගීතයක් කියලයි මම හිතන්නේ. ඒකම සින්දුවේ දෙවෙනි කොටස නම් නෙමේ වගේ..

      Delete
  33. ආත්මගේ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් එකේ දෙවෙනි එක හිත දුර හින්දා.

    ReplyDelete
  34. ඒකනේ රයිටර්. මම ඒ සින්දුව අහලා තිබුනට පෙනෙන නොපෙනෙන ඒකේ දෙවෙනි කොටස කියලා දැනගෙන උන්නේ නෑනේ..

    ReplyDelete
  35. ඇයි හත්දෙය්යනේ ෆිල්ම් ගැන කියනකොට fast and furious අමතක කලේ ,මං ඒ ගැන පොස්ට් එකකුත් ලීවා නෙව..අධිවේගයේ සන්ත්‍රාසය - The Fast and The Furious

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒකත් තියෙනවා තමා. මට ඒක අමතක උනේ නෑ. දාන්න තව ලිස්ට් එකක්ම තියෙනවා ... :) ඇයි එතකොට Death Race ?

      ලිස්ට් එකම දාන්න ගියා නම් මට සින්දු දාන්න වෙන්නෙ නෑනෙ අප්පා...

      Delete
  36. ශෂිකා ගෙ මල් සිංදුවට පිළිතුරු ගී නම් 2-3ක්ම ආවා වගේ මතකයි..!
    ඒත් අවුල මුල කොටස් අමතකයි නෙ.. :D

    ReplyDelete
    Replies
    1. ඒත් ඒවා පලවෙනි සින්දුවේ දෙවෙනි කොටස් නෙමේ නේද නන්ඳු ? අර ඔයා කිව්වා වගේ පිළිතුරු ඒවා..

      Delete
  37. ඇයි ආත්මා ලියනගේ ගෙ ආයෙමත් ආදරෙන් එකේ 2 සිත දුර හන්දා

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක දැනගත්තෙ පස්සෙනේ ගිම් ;)

      Delete
  38. මට නම් එහෙම ගීතවලට හදපු පිළිතුරු ගිට ගැන වැටහීමක් නැහැ. තනි ගීතය විදිහට රසවිඳීම හොඳයි කියලයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මුදල ඉලක්කර කරගෙන ගීත හදනවා මිසක් මිනිසුන්ගේ රස වින්දන ගැන තැකීමක් නෑ නේ..

      Delete
  39. පිළිතුරු ගීත නම් ඕන තරම් අහල තියෙනවා.
    සන්ගීත්ගෙ "නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නෙ..." සිංදුවට කියපු පිළිතුරු ගීය( "මේ ගම්මානෙන් ගියේ ඔබ..") අපුරු සුසංයෝගයක්.....

    සුගතපාල ගොයියා අඩන විදිහ දැක්කම හිනා යනවා :D

    ReplyDelete
  40. මම දාපු කමෙන්ට් එකට මොකද උනේ අනේ....ඉහි ඉහි....

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.