මාව කියවන අය අතර..

31 October 2012

හැමදාමත් ඔච්චම් බෑ...


නිල් අහසේ අඳුර ඉරා……දිළිසි දිළිසි බැබලුනාට
ඉඳ හිට එබිකම් කර කරඋකුළු මුකුළු මට පෑවට
ඔය එළියේ සඟවාගෙනහිඳින්නෙමියි දිවුරුවාට
මං දන්නවා මගේ තරම….  අත දිග නෑ හඳ ගාවට....

කවියක් මිට මොළවාගෙනයන එන මඟ නැවතුනාට
ඊයේ උන්නේ ඈත් එක්ක……මං දැක්කා දුර ඈතට
මවා පාන පාට හීන…………සේදුනාම වැහි වතුරට
රැවටුන හිත හදා ගන්න….මටයි වෙන්නේ කඳුළු බොන්ට...

අමාරුවෙන් දුර ආවේ.......දුක එක්කලා ගාට ගාට
සෙල්ලම් බෑ හිතත් එක්ක... .හීන තියෙයි බර ගානට
ලං වෙන්නට ආස උනත්.....ආයෙත් බෑ විඳවන්නට
ඇස් ගහන්න එපා තවත්... හිතත් අරන් මාරු වෙන්ට....



   ළිහිණි
31/10/2012

( මේ දවස්වල මට වෙන වැඩ තමයි මේ.. )


83 comments:

  1. මක්කයි නෝනා වුනේ ...

    ReplyDelete
    Replies
    1. හි හී...අහලා තියෙන විදිය දැක්කම මට හිනා යනවා අප්පා... :D

      Delete
  2. මේකනම් ලස්සනයි පට්ට රයිම් එකක් තියනවා....

    දීපිකා ප්‍රියදර්ෂනී මහත්මියගේ හන්න්ඩින් අහන්න තිබ්බනම් මරු... නීකමට වගේ ගාට ගාට ඇවිදින් සින්දුවෙ තාලෙට කියල බලන්න ,, මරුවට කියතඇහැකි

    අයෙමත් ඔන්න කිව්වා පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා....ඒ තාලෙට කියන්න පුළුවන් නේන්නම් :)

      Delete
    2. @ Mee Godayaa

      //නීකමට වගේ ගාට ගාට ඇවිදින් සින්දුවෙ තාලෙට කියල බලන්න ,, මරුවට කියතඇහැකි //

      ඒක කිව්වම මාත් ඒ තාලෙට කියවලා බැලුවා..ඇත්ත නේන්නම්...හි හී..තැන්කූ තැන්කූ..

      Delete
  3. කථාව තේරුම් ගත්තෙමි....

    ලං වෙන්නට ආස උනත්.....ආයෙත් බෑ විඳවන්නට

    හොද තීරණයක්...

    ReplyDelete
    Replies
    1. දාන්න 5ක්.. ඔන්න දැක්කද...මම ගත්ත තීරණය හරි.. මොකටද නිකම් රැවටෙන්න ආදරය කරන්නේ...ඔය සමහර කොල්ලො ඉන්නවා අද එකයි...හෙට එකයි වගේ කෙල්ලො මාරු කරනවා...මෙයත් එයින් එක්කෙනෙක්. හැබැයි ඉතින් හැන්ඩියෙක්..ඒත් මොකටද කියලා මම නම් හොඳම උත්තරය දුන්නා..

      Delete
    2. අන්න ඒකට අවංක මා සැමදා දුකේ...

      Delete
  4. නියම අදහසක්නේ ළිහිනි මේ . සුපිරි නිර්මාණයක් වගේම මාර අදහසක්.
    //ලං වෙන්නට ආස උනත්.....ආයෙත් බෑ විඳවන්නට
    ඇස් ගහන්න එපා තවත්... හිතත් අරන් මාරු වෙන්ට....//
    මේ ටික බොක්කටම වදිනවානේ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා..මම ලිව්වේ ඇත්ත. ආදරය කරන්න ආස උනත් දුක් විඳින්න මම කැමති නෑ..ඒ දුක ගන්නවට වඩා හොඳයි පැත්තකට වෙලා ඉන්න එක...හොඳ නේද ගත්ත තීරණය ?

      අර බොක්කටම වදින එක ඇත්ත. අරයටත් මම බෑ කිව්වම බොක්කටම වැදිලා...නෝ කතා...නෝ සිනා... :D

      Delete
  5. දුකයි!! ආයෙත් ළං වෙන්න එපා... ළං වෙන්න හැදුවත් ඉඩ දෙන්න එපා...
    ජයවේවා!!

    ReplyDelete
  6. ලස්සන කවි පෙළක්.නියමයි.

    ReplyDelete
  7. එ‍පා ඕවා ගනන් ගන්න .........
    ජය පැරදුම සමව ගන්න .........
    දුටු පලියට එපා ල‍ඳේ ........
    අවසන් නිගමය දෙන්න ..........
    ,
    ,
    ,
    ,
    හැමදාමත් අවුරුදු නෑ ......... අවුරුද්දට එක සැරයයි
    දුක හැමදා තියෙන්නේ නෑ ..... සතුට ඔබේ ලඟම තමයි
    ,
    ,
    ආසයි මං මේ කවියට
    ලියල තියෙන ඒ විදිහට
    හිමිකරු නැති වන්නට බෑ
    හමුවෙනකං බලන් ඉන්න .

    දිනෙල්ක ..... ඔං මට හිතුන දේ

    ReplyDelete
    Replies
    1. ශා ශා...මේ තියෙන්නෙ... නියමයිනෙ දිනෙල්ක

      //එ‍පා ඕවා ගනන් ගන්න .........
      ජය පැරදුම සමව ගන්න .........
      දුටු පලියට එපා ල‍ඳේ ........
      අවසන් නිගමය දෙන්න ..........//

      ඒකනේ...මම නම් කැමැත්ත දුන්නේ නෑ...

      //ආසයි මං මේ කවියට
      ලියල තියෙන ඒ විදිහට
      හිමිකරු නැති වන්නට බෑ
      හමුවෙනකං බලන් ඉන්න //

      ඉන්නවා..ඉන්නවා... ඒ තරම් හදිස්සියක් කොහෙත්ම නෑ.. අර සරා අයියා කියනවා වගේ සපුමල් කුමාරයා එයිද දන්නෙ නෑනෙ...හි හී

      Delete
  8. ලස්සනයි..හොඳ කවි කාරියක් නේ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන..ඔන්න ඔහෙ යන්තමට ගැට ගහ ගන්න පුළුවන්..පදයක් දෙකක්..

      Delete
  9. අප්පද බොල ළිහිණියෝ... මොකා ගැනද මේ .. සපුමල් කුමාරයෙක් වද්ද....?

    රන් ගුරුළු වාහනෙන් ඔබ යන කලට ඉගිල්ලී..
    ඉඟි බැළුම් මොටද මං අසරණ පුංචි කිරිල්ලී..//

    පෙම් හසුන් සුළ‍ඟෙ ඇවිදින් මගෙ අඟේ හැපෙන්නේ...
    රන් දෝලාවෙන් මා ගෙනයන වගයි කියන්නේ... //

    මුදු මාල වළලු අරුමෝසම් සිහින ගෙනෙන්නේ..
    මගෙ අසරණ කමටද ඔය හැටි විහිළු කරන්නේ..//

    රන් ගුරුළු වාහනෙන්.................

    සිංදුව ඇහුවනම් ආස හිතේවි න‍ඟෝ. හරිම ලයාන්විත ගීයක්..!

    ReplyDelete
    Replies
    1. //මොකා ගැනද මේ .. සපුමල් කුමාරයෙක් වද්ද....? //

      අපොයි...මොන සපුමල් කුමාරයද...මෙයා තඩි අනංගයෙක්... :D

      ඇත්තටම ඔය සින්දුව කියන්නෙ කවුද අයියේ ? කියන කෙනාව කියලා දන්නකෝ..

      Delete
    2. සිංදුව කියන්නේ නම් නන්දා පතිරණ මහත්මිය. උත්සාහ කරලා බලන්න හොයා ගන්න පුළුවන්ද කියලා. මම හෙව්වට හම්බ උනේ නෑ. සිංදුව මා ගාව නම් තියෙනවා. ඒත් දෙන්නේ කොහොමද...?

      Delete
    3. මෙතනට අප්ලෝඩ් කරන්න http://picosong.com/ ඊට පස්සේ එතන තියන save and take me to short url දෙන්න. එතන url එක මෙතන දාන්න.එතකොට ලිහිනිට පුළුවන් එතනින් ගන්න හෝ අහන්න

      Delete
    4. කෝ කමෙන්ට් එක. මොඩරේට් ද,
      සරා මෙතනට ගිහින් සින්දුව අප්ලෝඩ් කරන්න http://picosong.com/ ඊට පස්සේ එතන තියන save and take me to short url දෙන්න. එතන url එක මෙතන දාන්න.එතකොට ලිහිනිට පුළුවන් එතනින් ගන්න හෝ අහන්න

      Delete
  10. //හිතත් අරන් මාරු වෙන්ට....// හොඳ අවවාදයක්!!!!

    ReplyDelete
    Replies
    1. හප්පේ...අරුණි අක්කා...ඔයා හොඳින් බව ආ එකෙන්ම පේනවා...ස්තුතියි අක්කා...පරිස්සමෙන් ඉන්න...අර සැන්ඩි ගොයියා යනකල්..

      Delete
  11. හෆොයි...
    සැලෙන්න එපා අක්කා

    ReplyDelete
    Replies
    1. මොනාට සැලෙන්නද අප්පා..

      Delete
  12. ලස්සන, නියමයි... අක්කා අන්තීම පද හතර නම් තදින්ම හිතට වැදුනා....

    ReplyDelete
  13. උඹට හැමදාම මෙහෙම ඒවා වෙනවා නං අපිට මරු කයි ටිකක් බලා ගන්න පුළුවන් වෙයි.. නේ ද ළිහිණියෝ......

    ( බුදු අම්මෝ.... මෙන්න මේකි කුස්සි පිහියක් අර මං පස්සේ පන්නනවෝ......)

    ReplyDelete
    Replies
    1. හනේ හනේ බොලව්...මම නැති ඩිංගට කස්සිටම මට අලි තඩි මඩ ගහලා නේද ? හි හී...අපි අහුවෙයි ඕවට...

      Delete
  14. ලං වෙන්න බෑ බයයි..වෙන් වෙන්න බෑ දුකයි....
    ලස්සනයි ඈ!

    ReplyDelete
    Replies
    1. වෙන්වෙන්න දුක නම් නෑ සිරාවට... :D

      Delete
  15. Parissamen kelle, hariyatama galapena kenawa hoya ganna one. Nathnam kadulu bonna thamai wenne hamadama. Lassanata hithata danennama galapala thiyenawa pada tika.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා...ඔය ගැලපීම හදවතේ ගැලපීම උනොත් මං ගොඩ... එතැන ගැලපෙන්නෙ නැති උනොත් ඔක්කොම ඉවරයිනේ...

      Delete
  16. //ලං වෙන්නට ආස උනත්.....ආයෙත් බෑ විඳවන්නට// හම්ම්ම්ම්ම්ම්....

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්තනේ...කවුද ආදරේ කරන්න අකමැති..ඒත් ඉතින් දුක් විඳින්න ආදරේ කරන්නත් කවුද කැමති....ලොක්කයියා සිරා කවි කාරයෙක්නේ... ඔක්කොම කියවන්න ඕනා..

      Delete
  17. හ්ම්ම්ම්ම් ලොකු ප්‍රශ්නයක් නේ...... ඔයාට වෙන දෙයක් නම්....:O....... යන එකාට යන්න දෙන්න. යන උන් කවදාවත් බලෙන් නවත්වාගන්න බෑ. අපි කැමති අයට වැඩිය අපිට කැමති අයට ආදරය කරන්න. කවදාවත් වරදින්නේ නැහැ. මේ ඔවදන කෝරලේ මහතාගෙනි.

    ReplyDelete
    Replies
    1. පොච්චියේ...මෙයා මා ලඟ උන්න කෙනෙක් නෙමේ...ලඟට එන්න හදන කෙනෙක්..." තාම එයා ට්‍රයි..මම කිව්වා බායි.."

      මොකද එයා උන්නෙ මම දන්න ගෑණු ළමයෙක් එක්කමයි.. හැමෝටම බෙදන හැන්දෙන් මටත් බෙදනවට මම මනාප නෑනේ...

      Delete
    2. හරිම තීරණය අරන් තියෙන්නේ. අක්කේ නුවණක්කාර අයට කියන්නෙම ලිහිණි කියලා (රත්ති ඇඩ් එකෙන් කොපි කලේ) :P මේ ඕක කිව්වමයි මට මතක් උනේ කතාවක්. ඒක මම හෙමින් දාන්නම් දැම්ම දවසට ඔයාට තේරෙයි මේ කිව්වේ ඒක ගැනයි කියලා. අපේ ලඟම නෑයෝ විස්තර රහිතව දන්නේ ඒ නිසා කීවේ

      Delete
    3. ඒකනෙ...ජීවිතයට ආදරය ඕනෑ තමයි..ඒත් ඉතින් හරි ආදරේ... නැත්තම් ඉතින් ජීවිතේම සොරි.com තමයි...

      Delete
  18. කවුද අප්පා ඒ පාර...තව ගෑනු ළමයෙක් එක්ක හිටියා කිව්වා? ආ ඒ කියන්නේ එක්කෙනෙක් ඉන්දිද්දීද පස්සෙන් එන්නේ? මාර බුවෙක්නේ :0

    ReplyDelete
    Replies
    1. මෙයා සයුරි අපේ ෆීල්ඩ් එකේම ඉන්න කෙනෙක්. මම දන්නම ගෑණු ළමයෙක් එක්ක ඉද්දිම මගෙන් ඇහුවා කීප සැරයක්...දැන් ඒ ළමයව හලලා...ආයෙම මං පස්සේ...ආදරේ තේරුම දන්නෙ නැති අය එක්ක ආදරේ කරන්නෙ කොහොමද...මාරම බුවෙක් තමා...

      Delete
  19. මමත් මේ ලීනියාට ට්‍රයි කරන්න හිතාගෙන හිටියේ. දැන් බයයි බයයි වගේ.බෑ කියනවට නම් නෙවේ බය. අර කුස්සි පිහිය........ :o

    ReplyDelete
    Replies
    1. අනේ...ඔයාලා ඔකොකොම මට මඩ ගහනවා....හරිම නරකයි ඔක්කොම ටික...අර මී ගොඩයා තමා ඉතින්...

      Delete
    2. මඩ ගැහුවා නෙවෙයි ලීනියෝ.

      Delete
    3. මඩ නෙවීද අර පිහියේ කතාව... :D

      Delete
  20. මොනවා තිබ්බත් වැඩක් නෑ විශ්වාස කරන්න පුලුවන් හිතක් නැත්නම්.
    එක හිතක් තියන කෙනෙක් එක්ක නම් මොනා නැතත් හිතේ සතුට සැහැල්ලුව රැකගෙන ජීවත් වුන හැකි. අනාගතයම බේරපු හොඳ තීරණයක්. හරි හමන් තාලයක් තියන කවි ටිකක් කියෙව්වෙ ගොඩක් කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. අනිවා ගිම්. ඔෆීසියෙ කට්ටිය මට මඩ ගහනවා තාම කොල්ලෙක් නෑ කියලා. කොල්ලො නම් දාහක් හොයා ගන්න බැරිද..ඒත් ඉතින් ආදරේ... ඒක නෙ ජීවිතේට වැඩියෙන්ම වටින්නේ...

      Delete
  21. එළිවැට අපූරුවට රැකිලා තියනවා , මං හිමිහිට කියවලා බැලුවා තාල කිහිපයකටම ගායනා කරන්නත් පුළුවන්,

    ගීතයක් විදිහට ගියනා කරන්න කාට හරි දුන්නොත් නරකද

    ReplyDelete
    Replies
    1. // මං හිමිහිට කියවලා බැලුවා තාල කිහිපයකටම ගායනා කරන්නත් පුළුවන් //

      කොයි කොයි තාල වලින්ද කියලා අපටත් කිව්වනම් තමා හොඳ...

      //ගීතයක් විදිහට ගියනා කරන්න කාට හරි දුන්නොත් නරකද //

      හප්පේ...මේවා කවුද අප්පේ ගීත වලට ගන්නේ... :)

      Delete
  22. ෂුෂ්!!! ම්ම්ම් ලස්සනම ලස්සනයි...උඩ ක්මෙන්ට්ස් ටික දැකලා මමත් ගාට ගාට ඇවිදින් එකට කියන්න බැලුව් ම්හු හරිගියෙ නෑ...කෝම හරි මරේරේරේ..........මරු අක්කෝ... තේරුමත් ෂෝයි...
    ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගා...
      ගාට ගාට ඇවිදින් එකට මම නම් කියා ගත්තා..කොහොම හරි..

      Delete
  23. වෙනින් කෙල්ලෙක් එක්කත් ඉන්නව දැක්ක කිව්ව නේද?....එහෙම බුවෙකුට මේ කියල තියනව සැර මදි අප්පා...

    ReplyDelete
    Replies
    1. නැතුව...ඒ කෙල්ලව දැන් හලලා...

      මීට වඩා සැරට කියන්න දන්නෙ නෑ අප්පා...ළිහිණියා සැර නෑනේ...

      Delete
  24. මොකෑ බං ලිහිණියෝ උනේ ??

    ReplyDelete
    Replies
    1. මහ වැස්සේ හීතලේට හිතෙන දේවල් නේ මේ.... :D

      Delete
    2. ඔය පැත්තට හීතල දරුණුයි වගේ...හිකි හිකි :)

      Delete
    3. දරුණුයිදත් අහනවා... සීතල පැත්තකින් තියලා ගෙදර ඉන්න දවසේ පට්ට කෑමක් හැදුවා...ඒක දාන්න ඕනේ...උඹලට කෙල ගිල්ලවන්න ...හි හී

      Delete
    4. කලින් කිව්වා නම් ඇවිත් කාලා යන්ඩ තිබ්බා. මෙහෙ නුගේගොඩ ඉදන් ටික දුරයි නෙව. :)

      Delete
    5. හි හී...මම වැස්සෙම කාලා දැම්මා... මාරම රසයි...

      Delete
    6. කෑවට පස්සේ දෙස් දෙවොල් තියලා හරියනවා යෑ. ඔන්න ඔහේ ඕක පෝස්ට් එකක ලියහන් ලිහිණි !
      ගෙදර ගියෙ වෙලේක හදාගෙන කන්න බැරියෑ..

      Delete
  25. මරු තාලේ වැහි ලිහිනියෝ (වැස්ස නිසා වැහි කෑල්ල දැම්මේ)

    ReplyDelete
    Replies
    1. හි හී... වැහි ළිහිණිත් වැස්සට අහුවෙලා...අද ගෙදර ඉඳන් ඔන්ලයින් වැඩ...

      Delete
  26. කවුද කවුද අපේ ලිහිණි අක්කට ලයින් දාන්නේ.. බ්ලොග් එකේ මල්ලිලා ටිකක් ඉන්නවා කියන්න මොනා හලි උනොත්..

    ReplyDelete
    Replies
    1. ෂික්...අපේ අම්මට තිබ්බේ අර මෝඩ අයිය නැතුව මට මේ වගේ මල්ලිලා සෙට් එකක් දෙන්නයි...එහෙනම් ඉතින් අද මම කවි ලිය ලියා ඉන්නෙ නෑනෙ...ඇවිත් දෙකක් නෙලන්න කියනවනේ...ඒකෙත් හැටි..:D

      Delete
  27. අහේතු කාලෙන කජ්ජෙන පුහුලන් කියල කිව්වට ඔය වැටෙන බැල්මට් එකනම් නිකන් වෙන්න බෑ ලිහිණි අක්කේ. සලකා බලන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මගෙ නම් සිකුරා ලබලද කොහෙද....

      Delete
  28. සැලෙන්න එපා ඕවට අක්කේ

    ReplyDelete
  29. අපූරුයි අක්කි! :)

    ReplyDelete
  30. ඒක කවියක්ද සිදුවක්ද මන්දා, මොක වුනත් නියමෙට ලියවිලා තියෙනවා. ප්‍රසිද්ධ ගී පද රචකයෙක් ඕකම ලිව්වා නම් ඕක හිට් එකක්.

    කොහොමත් ළිහිණි දැනුම් තේරුම් ඇති ළමයනෙ. ඉරණම් කාරයත් හමුවෙන්න ආසන්නයි කියලා මටහිතෙන්නෙ. හොඳයි අපි බලමුද ඔට්‍ටුවක් අල්ලලා? :)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  31. /ඒක කවියක්ද සිදුවක්ද මන්දා, මොක වුනත් නියමෙට ලියවිලා තියෙනවා. ප්‍රසිද්ධ ගී පද රචකයෙක් ඕකම ලිව්වා නම් ඕක හිට් එකක් //

    කවියක් ...කවියක්..අපි කොහොම සින්දු ලියන්නද ඩූඩ්..

    //ඉරණම් කාරයත් හමුවෙන්න ආසන්නයි කියලා මටහිතෙන්නෙ. හොඳයි අපි බලමුද ඔට්‍ටුවක් අල්ලලා? :) //

    මම ඉස්සර ඉඳන්ම ඔය දේට හදිස්සි උනේ නෑනෙ ඩූඩ්. අපේ ගෙදර මට දකින්න හොඳ පවුල් ජීවිතයක් අම්මයි තාත්තටයි තිබුනේ නෑනෙ.මට ඕනෙ නෑ එහෙම එකක්. ඒ හන්ද ඉවසීම හොඳට තියෙනවා. ගැලපෙන කෙනා විදියට මම හොයන්නෙ ආදරයත්...විශ්වාසයත්..එක්ක ජීවත් වෙන්න පහසු මනුස්ස පරාණයක් විතරයි..

    ReplyDelete
    Replies
    1. ළිහිණිගෙ අන්තිම ප්‍රාර්ථනාව එලෙසම ඉ‍ටුවේවා කියලා පතනවා.

      අම්මයි තාත්තයි ගැන හිතලා ෆෝබියාවක් ඇතිකර ගන්න එපා. එයාලට වැරදුන තැනින් ඉගෙනගන්න බලන්න.

      අපි කොහොමද සින්දු ලියන්නෙ කියන්නෙ ඇයි. මේ තියෙන්නෙ ඉහටත් උඩින්.

      ඕක කවියක් නම් ළිහිණි ගිහින් බලන්න අලුත් මල්ලි සොෆ්ට්වෙයර් එකක් හදලා දාලා තියෙනවා කවියක අන්තිම අකුරු කෙලින් ගන්න පුලුවන් වෙන විදිහෙ. අන්න ඒක බාගන්න. පාර දන්නෙ නැත්නම් මගෙ බ්ලොග් රෝල් එකෙත් ඇති.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. /ළිහිණිගෙ අන්තිම ප්‍රාර්ථනාව එලෙසම ඉ‍ටුවේවා කියලා පතනවා //

      ස්තුතියි ඩූඩ්. මට දැන් අවුරුදු 25ක්.බඳින්න ඕනේ තමා...හි හී

      අලුත් මල්ලිගේ පෝස්ටුව මම දැක්කා ඩූඩ්. ඒක බාගන්න දෙයකුත් නෑ. ඔන්ලියින් වැඩේ කරන්න පුළුවන්. ටිකක් වෙලා යන නිසා මම ඒක නොකර නිකම්ම නිකම් කොපි පේස්ට් කලා...

      Delete
  32. ඔයාගෙ "කාංසියට ලියවුණු කවිපද" පෝස්ට් තුනම කියෙව්වා අද. Dude කියනව වගේ ප්‍රසිද්ධ රචකයෙකු අතින් ලියවුනානං හිට්ස් තමයි.
    කවි ලියන්න තව ගොඩක්. කවි වලට වෙනම බ්ලොග් එකක් දාගන්නත් පුළුවනිනෙ.

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...ස්තුතියි කවි අගය කලාට ...ලියන්න නම් කැමතියි..වෙලාව තමා ප්‍රශ්ණය..

      Delete
  33. හ්ම්ම්ම්... ඉඟි බිඟියකින් මේ වගේ කවියක් (සිංදුවක් කියලත් කියන්න පුලුවන්) ලියන්න තරම් සිතක් ඇති උනා නම්, එසේ මෙසේ ඉඟියක් වෙන්න බැහැ. මොකද හරිම ලස්සනට, තාලෙට, බස හසුරුවලා තියනවා. කවියේ තියන දේ නම් ඇත්ත තමයි.... ඒත් ඉතිං ඔය ලිං කටෙන්ම එපැයි නේද ගොඩට යන්න... කලින් අත්දැකීම් වලින් ඉගෙනගත්ත පාඩම් එක්ක, පරිස්සමින් ඔය ඉඟි බිඟි දිහා ඇස් කොණින් බැලුවට කමක් නෑ කියල මම කියන්නෙ..

    හීන බිඳෙන බව දැනගෙන.... හීන, හීන බව හිතන්ට
    කඳුලු ඇහැට හුරු හින්දම.... පුලුවන් වෙයි නාඩ ඉන්ට
    හිතේ හයිය හිතට අරං.... හිතත් කියන දේ අහංට
    හිමිං හිමිං අඩිය තියං.... පරිස්සමෙන් ගමන යන්ට

    ReplyDelete
    Replies
    1. //

      හීන බිඳෙන බව දැනගෙන.... හීන, හීන බව හිතන්ට
      කඳුලු ඇහැට හුරු හින්දම.... පුලුවන් වෙයි නාඩ ඉන්ට
      හිතේ හයිය හිතට අරං.... හිතත් කියන දේ අහංට
      හිමිං හිමිං අඩිය තියං.... පරිස්සමෙන් ගමන යන්ට //

      ආදරය පැත්තෙන් පැත්තෙන් මට අත්දැකීම් හරිම අඩුයි. එකම එක අත්දැකීමක් විතරමයි තියෙන්නෙ..ඒකත් දුර ඉඳන් කරපු ආදරයක්නෙ..ඒත් ඒ වෙලාවෙදී උනත් රිදිච්චි හිත හදා ගන්න සෑහෙන දුක් වින්ඳා. ඒ හන්දම ආදරේදී රැවටෙන්න මම කැමති නෑ...අනික හොඳ ඉඅවසීමක් එක්කම ජීවත් වෙන්න පහසු පුද්ගලයෙක් මුණ ගැහෙයි කියලා හිතනවා... :)

      Delete
  34. මොකද වුනේ.

    හැම දෙයක්ම හොඳින් සිද්ද වේවා..

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.