මාව කියවන අය අතර..

18 October 2012

අවසන් ලියමන...



ගිලිහෙනා සුසුම් හඬ
මදින් මද ඉකි බිඳින
නිසල රැය මත ගැටෙන
අනෝරා වැස්ස මෙන
ජීවිතය පුරාවට
විඳින දුක් නිමා වන
සමුගැන්ම සැපක් වෙද
      නුඹ සෙනේ නිමා කොට.......

කැණි මඬල කඩාගෙන
පොළොව සිප ගත් පියස
අනේ කවදාක නම්
නැගෙන්නද යළි සවිව
ඒත් මට දැනෙනවා 
අඳුරු සිත් පතුල තුල
සහෝදර පෙම් බැම්ම
    ඉරිතලා ඉවර වග........


41 comments:

  1. වෙනදා වගේම කිවයුතු හරිදේ කුමක්දැයි සිතාගත නොහැකිඔව මා ගොලු කරන ලිපියක්!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ මොනා හරි කියන්න ඩූඩ්...

      Delete
  2. මට තේරුනු විදිහ නිවැරදි නෑ කියල හිතුනා මෙන්න මේක නිසා .//ඉරිතලා ඉවර වග........//
    මං අදමද කොහෙද මේ පැත්තේ ආවේ..

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...

      කෙටියෙන්ම කිව්වොත් චන්දන ..මාත් මගේ එකම සහෝදරයාත් අතර තියෙන්නෙ විරසකබවක්. අනිත් සහෝදර සහෝදරියෝ වගේ නෙමේ. මම ඒ ගැන මගේ බ්ලොග් සටහන්වල සඳහන් කරලා තියෙනවා හරියට අඳුනන්නෙවත් නැතුව වගේ ඉන්නේ. ඒ තත්වය ඇති කලේ මගෙ සහෝදරයාමයි. ඒක නැති කරන්න මම හුඟාක් උත්සාහ කලත් පලක් නෑ...

      නිවාඩුවට ගෙදර ආව ඔවුන් ආයේම ඉතාලියට ගියෙත් මට නොකියාමයි. ඒත් අයියට දෙවෙනි උනාට කමක් නෑ කියලා හිතාගෙන..මම ඊයේ කෝල් එකෙක් දුන්නා...හ්ම්ම්ම්..ඉතිරි ටික වැඩක් නෑ..

      Delete
    2. හ්ම්ම්... සියල්ල යහපත් අතට හැරේවා කියල ප්‍රාර්ථනා කරනවා මං!!

      Delete
    3. ආ.. ඔන්න මාත් එලවන්න පටන්ගත්තා..හයියෙන් දුවන්න ඈ..:):)

      Delete
  3. ???? කවි තේරෙනවා අඩුයි

    ReplyDelete
  4. හච්චෝ..........

    ReplyDelete
    Replies
    1. ඔය හච්චෝ කියන වචනෙ ඇහෙද්දී මට කතාවක් මතක් උනා...ඒක පස්සේ ලියන්නම් ...

      Delete
  5. Ane manda akke mata hitha ganna baa oyage aiya ehema inne kohomada kiyala
    Mokada mata sure mata nam kavadaavath ape nangita oyavage karanna baa
    Man oyage blog ekata mulinma aava davase dakketh oya aiya gana daala thibba post ekamayi.aiya nathi kara gaththe hoda nangi kenek

    ReplyDelete
    Replies
    1. //Mokada mata sure mata nam kavadaavath ape nangita oyavage karanna baa //

      මේ වගේ මගේ අයියටත් හිතන්න පුළුවන් උනා නම්...

      Delete
  6. පසුබිම ටිකක් අනුමාන කළ නිසා මගේ හිතටත් දැනුනෙත් ඔය කියන කතාවම තමා.බොහොම ලස්සනට ගලපලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියේ...

      Delete
  7. මගේ අක්මාවට මේ කවිය කුමක් අරභයා ලියන ලද්දක් දැයි වැටහුනේ නැතුවාය....

    එහෙත් ඔබේ කොමෙන්ටුවකින් එය තේරුම් ගතිමි... ඔබට ඔබ පමණකි... එසේ සිතුවොත් සිත් රිදීමක් නැත.... සිරා වන මම එම ප්‍ර‍තිපදාවේ වෙසෙන්නෙකි.... මා වටපිටාවේ උන් කුමක් කිව්වත් මම සසල නොවෙමි...

    ReplyDelete
    Replies
    1. මගේ අයියා කියන සිතුවිල්ලේ තාම මගේ හිත තියෙනවා සිරා...

      Delete
  8. මටනම් පොඩ්ඩක් කවි තේරුම් ගන්න අමාරුයි.ඒත් මේක නම් ටිකක් තේරෙනව.

    ReplyDelete
  9. පුදුම සහෝදරයෝ නෙහ්...

    ReplyDelete
    Replies
    1. ඌ නම් සිරාවටම මාත් එක්ක තරහා ඇයි කියලා මට හිතා ගන්නවත් බෑ මධූ..

      Delete
  10. මුකුත් නොකියාම ඉන්නම්....

    ReplyDelete
  11. ඔන්න වැඩේ සෙට් වෙන්නයි යන්නේ එක් බැඳිමක අවසානය තවත් බැඳිමක මුල.......................!

    ReplyDelete
  12. හ්ම්ම්..ඕවා ඔහොම තමයි ලිහිණි අක්කේ..

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙමයි කියලා හිත හදා ගන්න මාත් ට්‍රයි කරනවා..ඒත් අර මොකාටද වගේ මගෙ සහෝදරයනෙ කියලා හිතෙනකොට අමාරුයි. අනික මම කතා කලේ ඊයේ එකාගෙ උපන් දිනය හන්දා..

      Delete
  13. මගේ සිත ගොඩක් ඇදගත් කවි පෙළක් ජයවේවා!!!

    ReplyDelete
  14. මේ පොස්ට් එකේ හතරවෙනි කමෙන්ට් එක කියවල කවිය තේරුම් ගත්තා. බිඳී ගිය සහෝදර පෙම් බැම්ම අයෙත් කවදාවත්ම නොබිඳෙන විදිහට ඔයා ලඟට එන දවසක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ලිහිණි.

    ReplyDelete
    Replies
    1. ඒක කවදාවත්ම නොවෙන දෙයක් වෙලා....

      Delete
  15. ලිහිණි අක්කා නිසදැසේ පෙන්නලා තියෙන්නේ වහළේ කොටස විතරයි.පදනමත් ඊළඟ එකෙන් පෙන්නමු නේද? ලස්සන නිර්මාණයක්.ජය!!!

    ReplyDelete
    Replies
    1. මේ සහෝදර බැඳීමට පදනම දාන්න මම ඕනෑතරම් උත්සාහ කලා...වැඩක් වෙන්නෙ නෑ මල්ලි...

      Delete
  16. මිනිස්සු විවිධයි,විෂමයි. එකම මව්කුසකින් බිහිඋනත් හැමෝටම එක සමාන ගති ලක්ෂණ පිහිටන්නේ නෑ ලිහිණියෝ. පුංචි කාලේ මට නිතරම ඇහිලා තියෙනවා අපේ අම්මා කියනවා රත්තරන් පිහිය කියලා නෑ ඇනගත්තොත් මැරෙනවා කියලා. එහෙම කියන්නේ එයාලගේ නෑයෝ ගැන කවුරු හරි කතා කරපු වෙලාවලට. නොතේරෙන්නේ ඇයි රිදෙන බව දැන දැනම තුවාල පාරන්නේ කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඊයේ අයියගෙ උපන් දිනය බං අයියේ... කතා නොකර ඉන්න හිත දුන්නේම නෑ.. කතා කරන්න ඕනේ නෑ කියලා හිතුවත්..මට ඒක කරන්නම බැරි උනා...අන්තීමට උනේ මගේ හිත හොඳටම පෑරුණ එකයි...

      Delete
  17. ම්ම්ම්...අනේ මන්දා ලිහිණි, කවදාහරි දවසක තේරුනොත් හොඳයි එයාට. ගොඩක් වෙලාවට එහෙම වෙනවා.

    ReplyDelete
  18. කිසිවක් නොකියමි.
    ජය !!!

    ReplyDelete
  19. Dara ganna amarui thamai lihiniyo thamangema ekek ehema karana kota. Api hithuwata e ape kenek kiyala eyalata sahodariyek innawada kiyalawath mathaka na wage inne. Eth eyalata kawada hari duk wenna wei ada api duk wenawatath wada mehema karana ekata. Duk novi sathutin imu api waradak karala nane kiyala hithala. Ara kiwa wage raththaran pihiya kiyala ana ganna bane apata. Ehemath karanna thibba aye kattiyatama ekathu wela sathutin inna puluwannam. Oya kawru nathath oyata waradinne na danatamath oya dinala. Sathutin inna. Idiriya sarthaka karaganna magan suba pathum.

    ReplyDelete
  20. ගණන් ගන්න එපා අක්කේ...කවදා හරි......හැමදෙයක්ම හරි යාවි.....

    ReplyDelete
  21. හනේ මන්ද මොනා කියන්නද කියලා... අගක් මුලක් හරි හැටි නොදැන මොනාහරි කියන්න ගියොත් අදාළ නැති දෙයක් කියවෙන්නත් බැරි නෑ... සහෝදර සහෝදරියෝ ඉතින් යාළුවෝ ව‍ගේ ඉන්නේ නම් කලාතුරකින් එහෙමත් කෙනෙක් තමා... නැතත් ඒක ටිකක් වයස යනකොට හරි යනවා... බලන්නකෝ තව අවුරුදු දෙක තුනක් ගියාම ඔය ගතිය ඉබේම වෙනස් වෙයි...

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.