පුංචිම කාලේදි අපි “ ජීවිතය “ දැක්කෙ මොන තරම් සැහැල්ලුවටද ? එතකොට අපිට ජීවිතය ගැන බරක් පතලක් දැනුනද ? හිත්වල ප්‍රශ්ණ කියන ඒවා තිබුනද ? තිබුනත් ඒවා අපිට දැනුනද ? ඉස්කෝලේ යන එකයි, සෙල්ලම් කරන එකයි, කන බොන දේවලුයි ඇරෙන්න දෙයක් අපට ඕනා උනාද ?
ඒත් අපි වයසින් වැඩෙද්දී...... අපේ එකින් එක අවශ්‍යතා වැඩිවෙද්දී.... ප්‍රශ්ණ ගැටළු අපේ ඉස්සරහා කරණම් ගහද්දී.... අපිට ජීවිතය ගැන දැණුනු බර මොන තරමක්ද ?
බය නැතුව ජීවිතයට මුණ දීලා ජීවිතය සාර්ථක කරගත්තු මිනිස්සු වගේම , අනුන්ව රවට්ටලා හරි තමන්ගේ ජීවිතය ගොඩ දා ගත්තු මිනිස්සු , ජීවිතයෙන් බැට කාලා බැරිම තැනදී මරණය වැළඳ ගත්තු මිනිස්සු වගේම ජීවිතයෙන් හෙම්බත් වෙලා දුකින් මිරිකිලා රහසින් හඬා වැටෙමින් ජීවත් වෙන මිනිස්සුත් කොයි තරමක් අපි අතරේ ඇතිද ?
තාවකාලිකව මේ ලෝකයේ නවතින්න අනුන්ගෙන් ලැබුන අපේ ජීවිත ගෙවී යන්නේ අපිට ඕනෑ හැටියටද ? නැත්තම් ...අපිට නොපෙනී ඉඳන් අපිව පාලනය කරන තව කාට හරි ඕනෑ හැටියටද ?
හිතන්න ගියාම ඔළුවත් අවුල් වෙන...වෙලාවකට " මේ මොකද්ද " කියලා හිතෙන අපේ ජීවිත....අනේ මන්දා...
මම ළිහිණි....ඔය මම කියාගෙන ආපු ජීවිතය අස්සේ අතරමං උන...ඒත් කාලයක් ගියාම ඒ ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු උන, මේ මහ පොළොවෙම ජීවත් වෙන තවත් එක මනුස්ස පරාණයක්... ගැහැණියක්..
කාලයක් තිස්සේ බ්ලොග් අස්සෙ කරක් ගහ ගහ බ්ලොග් කියෙව්වත්..ලියන්නවත්...කොමෙන්ටුවක් දාන්නවත් හිතුවේ නැති කෙනෙක්.. ඒත් අන්තිමේදී මට හිතුනා ලියන්න... මම ගත කරපු ජීවිතය ගැන කල්පනා කරද්දී ,මට හිතෙන්නෙ සමහර තැන් මට වැරදුනා සහ මා විසින්ම වරද්දා ගත්තා කියලයි. මට හරියි කියලා ගත්ත සමහර තීරණ මේක කියවන තව කෙනෙකුට හිතෙයි වැරදියි කියලා. කොහොම නමුත්... සර්වසම්පූර්ණ මිනිස්සු නැති ලෝකයක මටත් සර්වසම්පූර්ණ මනුස්ස දුවක් වෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ... ඒක මනුස්සයන්ගේ දුර්වලකමක් වෙන්නැති කියලා හිත හදා ගන්නෙ නැතිව.... ඒ ගැන ලියන්න..කතා කරන්න මම කැමතියි..
මම මේ හැම දෙයක් නොහංගා ලියන්න අදහස් කලේ කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තුව නම් නෙමේ... එහෙම අනුකම්පාවක් ලැබුනාය කියලා මට අමුතුවෙන් මට ලැබෙන දෙයකුත් නෑනෙ. ඒත් හිතක් අස්සෙ තියෙන දේවල් කුරුටු ගාද්දී සැනසීමක් ලැබෙනවලු. මම එහෙම අහලා තියෙනවා…ඒක ඇත්තක් වෙයිද කියලා බලමු...
මම ලියන සමහර දේවල් කියවද්දී " මේකී පුදුම ගෑණියෙක්නෙ " කියන සිතුවිල්ල කාගේ හරි හිතකට දැනුනොත්...ඒ බව නොහංගා කියන්න. ඒ වගේ වැරදි මගේ අතින් විතරක් නෙමේ කාගෙ අතින් උනත් සිද්ධ වෙන්න පුළුවන් ... විශේෂයෙන්ම....ගැහැණියක් වෙලා ඉපදෙන කෙනෙකුට " ජීවිතය " කියන්නෙ අභියෝගයක්... ඒ අභියෝගයට සාර්ථකව මූණ දෙන්න හැමෝටම ඉඩක් නැති නිසා...
ඉතින්...ඉඩක් වෙතොත් ළිහිණිගේ ජීවිතය කියවන්න...
මුලින්ම හදපතුලින්ම සුභ පතනවා ලිහිණිට...
ReplyDeleteලිහිණිගේ ජීවිතය ලියන්න පටන් ගනිද්දි බට්ටිට මුලින්ම එන්න ලැබුණ එකට හුගාක් සතුටුයි. අකුරු වලට පුළුවනි අපේ හිත් හුගාක් සැහැල්ලු කරන්න.ඔයා විදපු දුක සතුට එකින් එක අකුරු කරන්න. බට්ටිත් බට්ටිගේ ජීවිත කතාව ලිව්වා.ඒත් දැන් ඒ කොටස් නම් නෑ.
ළිහිණි අක්කියා එක්ක හැමදාම බට්ටි ඉන්නවා.අඩද්දි කදුළු පිහිදාන්න බැරිවෙයි බට්ටිට ඒත් ඔයා අඩද්දි ඔයා එක්කම අඩන්න පුළුවන් වෙයි බට්ටිට..ඔයා හිනාවෙද්දි ඔයා එක්කම කම්මුල් වල ගැහෙනකල් හිනා වෙන්න පුළුවන් වෙයි බට්ටිට.....
නිවාඩුවක් ලැබුන හැටියෙම බ්ලොග් වලට ගොඩ වෙලා හොඳ හෝ නරක හැම බ්ලොග් එකක්ම කියවව එක මගෙ පුරුද්දක් වෙලා තිබ්බා. හරියටම කිව්වොත් දවස ගෙවා ගන්න වගේ. කොමෙන්ට් කරන්නවත් බ්ලොග් ලියන්නවත් අදහසක් නොතිබ්බත්... ලියන්න ඕනෙ කියන අදහස් ඔළුවට ඇවිත්, ඒ ඔස්සේ බ්ලොග් එකක් හදා ගන්න හැටි අත්හදා බලමින් ඉන්න ගමන් මෙන්න මේ බ්ලොග් කෑල්ල හදා ගන්න ලැබුනා බට්ටි නංගි. මම මේ ලියන්න හදන්නෙ දුක නම් නෙමේ...අත්දැකීම්..ඒවා ඇතුලේ දුක සතුට වගේම වෛරයත් තියෙන්න පුළුවන්. වෙලාව ඇති සැටියෙන් ලියන ඒවා කියවන්න එන්න...ඒක මට දිරියක් වෙන්න පුළුවන්
DeleteAYUBOWAN...! Lihini, mama me petthata ena palamuwana wathawa thamai me. lihinige adahas hodai..lassanai.. kiyawanna kiyawanna asa hithenawa. kiyawanakota mata nam hithenne novel ekak kiyawana kiyalai. a tharamata liyanna purudu kaariyak wagei. oyage jeevitha kathawa kiyawala nam mata denune sathutak nam newei. dukak. mona karannada lihini, jeevithayama dukak. eka thamai ettha. a duka yatapath karagena kandulu atharin hina wennai api kawruth uthsaha ganne. ithin lihini..., oyage blog lokaya thula jeewath wenna methan patan matath awasari....!
Deleteසුභපැතුම් යහපත් මිත්‍රයාණනි! :)
ReplyDeleteමේ පැත්තට ආවට ස්තුතියි යාළුවේ
Deleteකාලෝ අයන්තේ.........
ReplyDeleteතේරුම නම් දන්නේ නෑ සහෝ...මම කතෝලික කෙනෙක්
Deleteමමත් ආවා. අපෙත් ඉන්නවා ලිහිණි කෙනෙක්. ගැහැණු ළමයි බ්ලොගේ ලියන.එයා නෙමෙයි නේද මේ?
ReplyDeleteස්තුතියි ආවට. මම නම් ඔයා කියන කෙනා නෙමේ. මේ පෝස්ටුවක් ලිව්වාමයි :)
Deleteනළල රැළි වැටෙන තුරු කල්පනා කරත්
ReplyDeleteකියන්න බෑ මේවගෙයි කියා ජිවිතේ
ඒක නම් සහතික ඇත්ත. වෙලාවකට මහා සතුටක් දැනෙන, තවත් වෙලාවකදී මහා අප්පිරියාවක් දැනෙන... ජීවිතය කියන්නෙ මළ ඉලව්වක් :)
Deleteමාත් ආවා සුභ පැතුම් ලිහිනි...
ReplyDeleteස්තුතියි නිශ්
Deleteදීර්ඝ බ්ලොග් සංචාරයකට සුභපැතුම්.
ReplyDeleteමුලින් කියල තියන දේවල් ගැන මගේ අදහස ටිකක් වෙනස්. මට නං ඒකාලෙයි මේකාලෙයි ප්‍රශ්නවලින් හිතට දැනෙන පීඩනයේ ප්‍රමාණයේ එච්චර වෙනසක් නෑ. උදාහරණයක් දෙන්නං.
එක කාලෙක මට ඕන කරල තිබුන බයිසිකලයක්. ඒත් අරගෙනදෙන්න කෙනෙක් හිටියෙ නෑ. මගේ ලඟ සල්ලිත් නෑ. ඒත් "ඒ අවස්තාවේදී" ඒක කොච්චර අවශ්‍යද කිව්වොත්, දැන් ඉන්න තත්වය අනුව අත්කරගන්න බැරි දේවල් නිසා ඇතිවන පීඩනයට සමාන පීඩනයක් එදත් තිබුන.
පිරිමියෙකුට දැනෙනවට වඩා ජීවිතේ ගැන වෙහෙසක් ගැහැණියකට දැනෙනවා කියලා මට හිතෙනවා සහෝ...විශේෂයෙන්ම අද කාලේ..
DeleteBatti kiwwa para dige mamath awa.. me paththata... hamogema Jevithe pothak wage thama... Lihini obeth mageth... eth pothak kiyanne mulu jevithema ath pitapathak newei..
ReplyDeleteoyage blog ekath jevithema copiyak novi... jevithe athdakim thulin liyawena nirmana sagarayak wenawanam mama kemathi...
habai oyage hinawa, kandula amu amuwema unath beda gannath kemathi...
ithin mage adaraneya suba pathum honde..
මම ලියන්න යන්නෙ මගෙ සැබෑ අත්දැකීම්. ඒවා මගේ ජීවිතය එක්ක තවමත් තැනින් තැන සම්බන්ධ ඒවා. සමහර වෙලාවට මම මොකෙද්ද කියලා හිතෙයි ඒවා ලියද්දී.ඒත් මට ඕනෙ ඇත්ත ලියන්න...
Deleteජිවිතේ දිග පළල අකුරු අමුණලා කියන්න....බ්ලොග් ආකාසේ තටු සලලා ඈතට පියාඹන්න ලිහිණිට සුභ පැතුම් ඔන්න මගෙනුත්! :)
ReplyDeleteළිහිණිගේ තටු කපලා දාලා සහෝ. ඉඟිලෙන්න බැරිවෙන්නම කපලා දාලා. අත්තටු කපන්න කලියෙන් සහ කැපුවට පස්සෙ ගතකරන මේ ජීවිතය ගැන තමා මේ ලියන්න යන්නේ. බලමු ඒක සාර්ථක වේවිද කියලා. ස්තුතියි සටහනක් තිබ්බට
Deleteමම දැකපු තවත් වෙනස් ආරක සිතිවිලි හටනක්.සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි යාළුවේ
Deleteසුභ පතනවා යාළු...හොඳ ලිපිපෙලක් ලියාවි කියල හිතෙනවා ඔබ! :)
ReplyDeleteකවදාවත් නොලියාපු කෙනෙක්ගෙ සටහන් හුඟාක් වරදින්න පුළුවන්. ඒත් මම උත්සාහ කරනවා මගෙ අත්දැකීම් ලියන්න. ස්තුතියි සුබපැතුමට
Deleteඔයාගේ බ්ලොග් එකෙන් තව කෙනෙක්ට ආදර්ශයක් ගන්න පුලුවන්නම් එක තමා ඔයාගේ ජයග්‍රහණය.
ReplyDeleteදිගටම ලියන්න ජයෙන් ජය..!!
ඔන්න අපිත් ආවා ලිහිණි කූඩුවට
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
සුබ පැතුම් මගෙනුත් ගොඩක් දුර යන්නට
ReplyDeleteළිහිණි කිය කියා ගොඩාක් තැන් වල දැක්කාට අද තමා මේතනට ගොඩ වැඩුනේ ඉදිරියටම ලියන්න සුභ පැතුම්!!!
ReplyDelete