මම මගේ ජීවිතයේ ඉහලින්ම තබාගෙන උන්නු
ඉලක්කයකට ඊයේ ලඟා උනා. ඒ සතුට නිම් හිම් නෑ. මේ මහපොළොවේ බිං අඟලක්වත් අයිතිව
නැතුව උන්න කාලේ දැන් ඉවරයි. මට මගේම කියලා කොටහක් තාවකාලිකව හරි අයිති උනා (තාවකාලිකව
කියලා කිව්වේ අපි මැරුනම ඕවා උස්සාගෙන යන්නෙ නැති නිසා )
ඉගෙන ගැනීම ආසාව තදින්ම දැනුන කාලෙක , ඉගෙන
ගන්න ඕනෑ මුදල් හදල් අතේ නැතුව උන්න කාලෙක, මට
මගේ කියලා අම්මාගෙන ලැබුන ඉඩම් කොටහ විකුනලා දමන්න උනා. ඒ අවස්ථාවේදී ගන්න පූළුවන්
හොඳම තීරණයක් හැටියට තිබුනේ ඒක විතරමයි. ඒත් එදා දවසේදී මගේම සහෝදරයා මට කියපු දේ
අදටත් මට මතකයි.
" තියෙන ඒවා විකුණලා දාලා මා ලඟ
වැටෙන්නද හිතාගෙන ඉන්නේ ?... "
ඔය වචනත් එක්ක මම සෑහෙන කාලයක් ජීවත්
උනා. ඒ ගැන හිත හිතා ජීවත් උනා. එතකොට මට
මහගෙදර දැනුනේ පිට තැනක් වගේ. ඒකෙ අයිතිය තිබුනේ මගේ සහෝදරයාට.. එයා ලංකාවේ ඉන්න
කාලෙට මම ඒ ගෙදර පැත්ත පලාතේ ගියේ නෑ. වෛරයක් හන්දා වත් එකට එක කරන අදහසිනුත්
නෙමේ. ඒත් මොකද්දෝ දෙයක් අර වචනවල මට දැනුන නිසා..
මට තදින්ම ඕනෑකම තිබුනේ ඉඩම් කෑල්ලක්
අරගන්න. කොළඹට කිට්ටුව. ඒක හිතන තරම් ලෙහෙසි දෙයක් උනේ නෑ මට. මාසයක් පුරාවට රෑ
දවල් මහන්සි වෙලා ගන්න පඩි පතෙන් කරන්න හුඟාක් දේවල් තිබුනා. අම්මගෙ වියදම්, එයාගෙ
බෙහෙත් හේත්,
ගෙවල් කුලී, බිල්
ගෙවීම්, කන
බොන වියදම් එක්ක මහා ගාණක් ඉතුරු කරගන්න එක ලේසි දෙයක් නෙමේ. ඒත් උත්සාහයක්
තිබුනා.
දන්න කියන හැමෝම කිව්වේ බැංකුවකින්
ණයක් අරන් ඉඩමක් ගන්න කියන එක උනත්, මම ඒ
ගැන හුඟාක් හිතුවා. මගේ පඩි පතෙන් ණයට කැපුනම ඉඩම විතරක් තියාගෙන මොනවා කරන්නද ?
අවුරුදු කීපයක් සකසුරුවමින් යමක් ඉතිරි
කරගන්න මට පුළුවන් උනා. ලෝබකම් කලයුතු තැන් වලදී ලෝබ කම් කලා. අයෝජණයක් කරන්න තරම්
දෙයක් තිබුනේ නෑ. සීට්ටු ගැන දන්නා දෙයක් නැති හන්දා සීට්ටුවලට ගියෙත් නෑ. ඒත්
හිතවතෙකුගේ උපදෙසක් උඩදී මීට අවුරුදු තුනකට කලින් අතේ ඉතිරි උන මුදලකින් රත්තරන්
පවුම් කීපයක් අරගෙන තිබුනා. ඒක හොඳ ආයෝජණයක් කියන එක පැහැදිලි උනේ පහු ගිය අවුරුදු
දෙකක කාලයක් ඇතුලත ඉහළටම ගිය රත්තරන් මිළ නිසාමයි. එයින් මට සැළකිය යුතු වාසියක් ලැබුනා.
ගැහැණුන්ගේ අවශ්‍යතා හරිම සංකීර්ණ උනත්
අවස්ථාවේ හැටියට යම් යම් වියදම් මම හිතා මතාම කප්පාදු කර දැම්මා. ඒ
නිසාම මගේ ඉලක්කයට යන්නට හැකියාවක් ලැබුනා. අතේ තිබුන මුදල ප්‍රමාණවත් නොවුන හන්දම
මගේ දයාබර යෙහෙළියගේ අනුග්‍රහයත් මට ලැබුනා. ණය මුදලක් හැටියට. කිසිදු පොළියක්
නැතුව ගෙවා දමන්න පුළුවන් නිසා ඒක මහ පහසුවක්.
ඉඩම ලැබුනේ කඩුවෙල ප්‍රදේශයේ පිට්ටුගල
අවටින්.ප්‍රධාණ පාරට මීටර 50 විතර නිසාත්, ඉඩම
අවට පරිසරයත්,
පදිංචිව ඉන්නා මිනිසුන්ගේ දයාබරබවත් නිසාම දෙවරක්
නොසිතාම ඉඩම මිළදී ගන්න හැකි උනා. මහා විශාල ඉඩමක් නෙමේ. පර්චර්ස් 6ක
කොටහක්. ඒ ප්‍රමාණය මට හොඳමට ඇති.
ඊයේ ඉඩම මගේ නමට පැවරුණා. ඇත්තටම ඒ
වෙලාවේදී දැනුන හැඟීම මොන වගේද කියන්න මට අදහස් එන්නෙ නැති තරම්. ඒ සතුට දිගින්
පළලින් විස්තර කරන්නට අපහසුයි.
බැංකු ණයක් අරගෙන මට පුළුවන් හැටියට
නිවසක් ඉදිකරන්න බලාපොරොත්තුවක් හිතේ තියෙනවා. මුළින්ම අත්තිවාරම විතරක් දමා එක කාමරයක්
, කුස්සියක්
, නානකාමරයක්
අටවා ගන්නට පුළුවන්නම්... මට ඒ
ඇති. අවුරුදු ගාණක් ගෙවල් කුලී ගෙවීමෙන් නිකරුනේ ලොකු මුදලක් නාස්ති වෙන එකේ බාගෙට
උනත් අටවා ගත්ත තමන්ගේ තැනක ඉන්න තියෙනවා නම් මොන තරම් හොඳද...
අද වෙද්දී මේ මහ පොළොවේ මටයි කියලා බිං
අඟලක් තියෙනවා. කවදා හරි දවසක් පුංචි නිවහනක් ඒ බිමේ හැදේවී...මගේ ඊ ලඟ ඉලක්කය
ඒයයි..
*****************************************************************
පලි
පහුගිය දවස්වල බ්ලොග් ලෝකයේ අහපු දැකපු
සමහර දේ නිසා ලියන්නත් කියවන්නත් එපා වෙලා කිව්වොත් ඒක හරියටම හරි. මට ලැබුන ඇතැම්
කුණු හරුප කොමෙන්ටු සහ ලිපි එක්ක..හිතට
දැනුනේ කළකිරීමක් නෙමේ අප්පිරියාවක්. මේ ලිපි හෝ කොමෙන්ටු දමන්නේ බ්ලොග් ලියන
කියවන මෙතනම ඉන්න කොටසක් නේද කියන හැඟීම හිතේ කොනක ඇති උනා. මා ගැන කිසිම දෙයක්
නොදැන එක එක්කෙනාට මාව සමාන කරමින් ඇස් වලින් දකින්න අපහසු තිත්ත කුණු හරුප කියන
අය තමන්ටම පව් එකතු කර ගන්නවා විතරයි කියලයි මට හිතෙන්නෙ
යාදිසං වපතේ බීජං, තාදිසං හරතෙ
ඵලං
(යම්කිසි බීජයක් වපුරන්නේ නම් , එබඳුම ඵලයක්ම ලබන්නේය )
බොහොම සන්තෝසයි උඹ ගැන කෙල්ලේ.... උඹ අනාගතේ ගැන කල්පනා කරන විදියට මම හරි කැමතියි....
ReplyDeleteපුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා තමන්ට කියලා ඉඩං කෑල්ලක් තියෙනවා නම් හැම වෙලාවෙම.. පැලක් අටෝ ගෙන හරි, තියෙන දෙයක් කාලා වැටිලා ඉන්න පුළුවන්..
නැත්තම් මොන තරම් බරක් හිතේ තියෙනවද කියලා දන්ෙන් මාත් ඒ බර හිතේ තියාගෙන ඉන්න නිසා තාමත්...
බොහොම ඉක්මණට අලුතින් ගේ කෑල්ලක් හදාගෙන, බෝඩිමේ ඇන්ටිගේ කරදරෙන් මිදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... හි හි
ස්තුතියි කෙල්ලෙ..:)
Deleteමට මතකයි කවුදෝ කියලා තිබ්බා එක තැනක " ඉන්නෙ අච්චරක් ගෙවලලු ඒත් ආර්ථිකයට බනිනවා " කියලා. ඇත්තටම වැඩි ගාණක් ගෙවලා හරි ආරක්ෂාරි තැනක නතර වෙන පුරුද්ද මට එදා ඉඳන්ම තිබුනා. සමහර වෙලාවට ගෙවන ගාණ වැඩි උනත් ආරක්ෂාව ගැන හිතලා ගාණ ගැන අමතක කලා. හැමදාම ඕකම කරන්න බෑ..
මගෙ ඇනෙක්සියේ ආන්ටි ශ්‍රීණි නීති මාලාවක් එක්ක තමා ඇනෙක්සිය දෙන්නේ. ගම්මිරිස් ඇටයක් තලන ශබ්දය ඇහුනත් භූමි කම්පාවක් එනවා වගේ දුවගෙන එන්නෙ.
තමන්ගේ කියලා තැනක අපිට කොච්චර නිදහසේ ඉන්න පුළුවන්ද..හිරු කියනවා වගේ කන්න නැතත් හොඳ හුස්මක් අරන් හරි වැටිලා ඉන්න පුළුවන්.මම නම් බාගෙට ගේ කෑල්ලක් අටෝගෙන ඉටි කොල ගහගෙන හරි යන්න තමා බලාගෙන ඉන්නෙ දැන්
අනේ හරිම සතුටුයි ලිහිණි. පුංචියට හරි ඉක්මනට ගෙයක් හදාගන්න ලැබේව කියලමයි පතන්නේ.
ReplyDeleteඇත්තෙන්ම ඔව් කල්පනා. මහා ලොකූ ගෙවල් හදන්න මට බෑ. ලස්සන පුංචි ගෙදරක්..:)
Deleteමුලින්ම හදවතින්ම ආශිර්වාද කරනවා ළිහිණිගේ ඊළඟ ප්‍රර්ථනාව වන හැඩකාර නිවසක් තනා ගැනිමට අවශ්‍ය පරිදි කටයුතු සිදු වේවා! කියලා.වැඩි දුරටත් කියනවා නම් මගේ සිහිනය ත් ඕකම තමයි.
ReplyDeleteඇනෝ කුණු හරුප ප්‍රතිචාර මටත් ආවා.ඒ මිනිස්සුන්ගේ මානෂික අසාහානයක් එක.ඔයා හිතන්න ඒපා.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තුතියි ගයනි :)
Deleteලස්සන ගෙදරක සැලසුමක් හදවාගෙන ගේ ගැන හිතන්න ඕනෑ වැඩි කාලයක් නොයවා. මොකද අද තියෙන මිළ ගණන් නෙමේ හෙට වෙද්දි තියෙන්නේ..
තාවකාලිකව හරි බිම් අඟලක අයිතිය කියන්නේ ලොකු දෙයක්. අර පසු සටහනේ තියන දේනම් සම්පූර්න ඇත්ත.
ReplyDeleteඒක නම් ඇත්ත. ඒක වැඩියෙන් දැනෙන්නෙ කුලී ගෙව ගෙවා ඉන්න අපි වගේ අයට. මම හිතන්නෙ මේ ටිකට ගෙයක් බාගෙට හදා ගන්න තරම් මුදලක් ගෙවල් කුලිය හැටියට ගෙවලා ඇති..:)
Deleteඅක්කේ කතාකරන්න වචන නැහැ උපරිමෙන්ම සන්තෝසයි. උපරිමයි................
ReplyDeleteස්තුතියි මල්ලි :)
Deleteහරිම සතුටුයි. ලිහිණි අක්කගේ බලාපොරොත්තුව ඉටු වෙලා. හිතේ හයිය, කැපවීම, උවමනාව තියෙනව නං මොනවද කරන්න බැරි... :)
ReplyDeleteඔව් නංගි. තිබුන ලොකුම බලාපොරොත්තු වලින් එකක් තමා මේ. හිතට දැනෙන සැනසීම වචනවලින් පෙරලන්න බෑ...
Deleteඔහොම යං ඔහොම යං. ජයවේවා
ReplyDeleteස්තුතියි හසිත :)
Deleteතමන්ගේ මහන්සියෙන් කැපවෙලා, ඉතුරු කරලා මොකක් හරි අරමුණක් සාර්ථක කර ගත්තාම හිතට දැනෙන සතුට ගැන කතා කරන්න වචන නෑ...
ReplyDeleteගත්ත ඉඩම් කෑල්ලේ ගේ පොඩ්ඩක් හදා ගන්නත් ඉක්මනින් පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා ඈ .
ඇත්තටම ඔව්. මේ වැඩේට ගෙදරින් කියලා කිසිම සහයෝගයක් ලැබුනේ නෑනේ. අනික එහෙම සහයෝගයක් දෙන්න තරම් පුළුවන් කමක් අම්මට නෑ. පුළුවන්නම් එයා නොකර ඉන්නෙත් නෑ. ගම් පලාතෙන්( ලුණුවිල වගේම කහටවිල , කිරිමැටියාන ) ඉඩම් ගැන දැන් ගන්න ලැබුනත්, ගමෙන් පිට කොළඹට කිට්ටුව ඉඩමක් හොයා ගන්න එක හොඳයි කියලා හිතුනා. රැකියාව එක්ක අපිට කොළඹින් පිට ඉන්නත් බෑනේ...
Deleteකිව්වත් වගේ දැනෙන සතුට නම් නිමක් නෑ. .
ගෙවල් හැදුවත් නොහැදුවත් බිම් අඟලක්වත් තමන්ගේ නමට තයෙනවා කියන්නෙත් ලොකු දෙයක්. ජය !! :)
ReplyDeleteඒක හරි. ගෙයක් අවශ්‍යතාවය හිතුවත් මට ඒක හදා ගන්න ඉඩම් කෑල්ලක් තිබුනේ නැති නිසා කුලී ගෙව ගෙවා ඉන්නවා ඇරෙන්න විසඳුමක් තිබුනේ නෑ. දැන් ඒකත් හරි..
Deleteඑම ඉලක්කයට තමන්ගෙ උත්සාහයෙන් ආව ඔබට ජිවිතයෙ ඉතිරි ප්‍රාර්ථනාවන් ජය ගැනීමට හැකි වේවා කියා පතමි..!!තමන්ගෙ සහෝදරය කියපු කතා ගනං ගත්තෙ නැති ඔබ එක එක ආර පාරුවන්ගෙ කතා ඇයි ගණන් ගන්නෙ දරුවෝ.
ReplyDeleteබොහෝම ස්තුතියි කෙන්ජි..:)
Deleteහාල් පාරුවන්ගේ කතා ගණන් ගන්නවා නෙමේ..මහ අප්පිරියාවක් දැනෙනවා. මේ ටික වෙලාවකට බ්ලොග් කියවන්නෙ ලියන්නෙ සැහැල්ලුවක්..නිදහසක් ලබා ගන්න. එතැනත් අප්පිරියා කතා පේද්දී එපා වෙනවනේ..
ගොඩක් සතුටුයි ළිහිණි! තමන්ගෙම මහන්සියෙන් යමක් ලබා ගත්තහම ලැබෙන සතුට තමයි කෙනෙක්ට ලබන්න පුලුවන් හොඳම සතුට. ඉතින් ඉතිරි වැඩ ටිකත් ඉක්මණින්ම කර ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍ය් නොඅඩුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteඒක නම් ඇත්ත ගිම්. අර ඔප්පුව මගෙ අතට ලැබුන වෙලේ මට දැනුන දේ නම් කියලා වැඩක් නෑ. ගෙදර ආව ගමන් කලේ අපේ හිරු කෙල්ලට ඒ ගැන කියපු එක..
Deleteඋණුසුම් සුභ පැතුම් ලිහිණි...
ReplyDeleteස්තුතියි යාළු :)
Delete
ReplyDeleteමුලින්ම පසු සටහන ගැන....මටත් පහුගිය ටිකේ එපාවෙලා තිබුනෙ...කුනුහරප ඉවරයක් නෑ..සුන්දර දෙයක් කියවල හිතේ සතුටක් ලබන්න එන තැන්වලට කරදරයක් වෙනකොට මටනම් මාර කනගාටුවක් දැනෙන්නෙ.
ලිහිණි නංගියෙ ...හරිම සතුටුයි ඔයා ගැන. ධෛර්යවන්ත කෙල්ල. කවදහරි උරුමක්කාරය හරිම වාසනාවන්තයෙක් වේවි..!
ගෙයක් හදන්න කලින් උපදෙස් ඕන නම් කියන්න දෙන්නම්.ප්ලෑන් එක ඕන්නම් ඇඳල දෙන්නත් පුලුවනි.
(හිරුවට කියල අලුතින් ලෝගෝ එකකුත් හදාගන්න ඉන්නෙ...හි..හි..!)
{ඉන්ටනෙට් අවුලක් නිසා කලින් කරපු කමෙන්ට් එක වැටුනද..ශුවර් එකක් නෑ... ඒනිසා නැවත දැම්මෙ. තිබේනම් කලින් එක මකා දාන්න.}
//ගෙයක් හදන්න කලින් උපදෙස් ඕන නම් කියන්න දෙන්නම්.ප්ලෑන් එක ඕන්නම් ඇඳල දෙන්නත් පුලුවනි.//
Deleteඅනිවාර්යෙන්ම..කොහෙද කොළඹට කිට්ටුව වත් උන්නානම් ඊයෙම එනවා හොයාගෙන.. මට හීනෙන් පේන්නෙත් දැන් ගෙයක් වගේ එකක්..හි හි හී
දැන් තියෙන ලොකුම රාජකාරිය ඉඩම රෙජිස්ටර් කර ගන්න එක. ඊට පස්සෙ බැංකුවක් එක්ක කතා කරලා ණයක් ගන්න බලනවා. ඉඩම නොතියා පුද්ගලික ණයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මුලින් ණයක් නොගෙන උන්නෙත් ඔය කාරණය නිසාමයි.
මම හිතන හැටියට වීයෝ ගේ කෑල්ල නම් අටවන්න වෙන්නෙ තට්ටු දෙකට. මොකද පර්චර්ස් 6 දී ගේ ඉස්සරහටත් පිටි පස්සටත් අඩි කීයක්ද අරින්න ඕනෙ නීතියක් තියෙනවලුනේ. එහෙම ගියාම ඇති ඉඩක් ඉතුරු වෙන්නෙ නෑ..
ඔව් නංගි...පිටුපස තීරුව අඩි10යි.
Deleteපාරෙ පලල සහ ප්‍රධාන මාර්ගයක්ද ,අතුරු මාර්ගයක්ද, අනුව ඉදිරිපස වීදිරේකාව තීරනය වෙනව.මායිමපැත්තට ජනේල,දොරවල් දානවනම් ,අඩි7.5ක් තියන්න ඕන..ඕය වගේ කාරනා.
නිවාස නය ගන්න ටිකක් අමාරුයි හැබැයි පොලිය අඩුයි.
ඕන්නම් එක පැත්තක් මායිමට ගන්න පුලුවනි. ඒ උනාට මගේ අත්දැකීම නම් මායිමට අඩි3ක් වත් තියන එක සුබයි.
උදව්වක් ඕන්නම් මේල් එකක් දාන්න.
.//කොහෙද කොළඹට කිට්ටුව වත් උන්නානම් ඊයෙම එනවා හොයාගෙන..//
Deleteඅයියෝ දැන් කොලබට පැයයි..හයිවේ එන්ට්‍රන්ස් අතලඟ මම ඉන්නෙ.
අනේ බොල අයියේ ඔය නීති රීති වලට ඔක්කෝම අඩි ටික ඇරියම මට ගේ හදන්න ආයෙම ඉඩමක් ගන්න වෙයි වගේ...හි හි හී
Deleteඅතේ තිබ්බ මුදලේ හැටියට ඊට වඩා ගන්න පුළුවන් කමක් තිබුනේ නෑ අයියේ. පර්චර්ස් එකක් 3.5 ක්. හැබැයි කඩුවෙල නගර සභාවේ ලොකු පුටුවක් ඉන්න කෙනෙක් අඳුනන මගෙ යාළුවෙක් ඉන්නවා. ඒ මනුස්සයා කිව්වලු ප්ලෑන් පාස් කරගන්න කීයක් හරි මිට මෙලෙව්වා නම් හරි කියලා. හැබැයි මම මලාට කැමති නැති දෙයක් තමා එක. අනේ මන්ද බන් අයියේ..
ඉඩම විකිණුව කෙනාගෙ ගේ තියෙන්නෙ පිටිපස්සෙන්. එතැන තාප්පයක් ගහලා තියෙන නිසා ඒ පැත්ත හරි. අනික්වා මොනවා වෙයිද දන්නෙ නෑ. මම දන්න හුඟාක් අය කලේ ප්ලෑන් දෙක අන්දවාගෙන පාස් කරන එක නෙමේ හදන්නේ. වෙන එකක්. මටත් කට්ට කපටි වෙට්ට පිත්තල වැඩ කරන්න වෙයිද දන්නෙ නෑ.
//මම දන්න හුඟාක් අය කලේ ප්ලෑන් දෙක අන්දවාගෙන පාස් කරන එක නෙමේ හදන්නේ//
Deleteඑහෙම තම්යි කරන්න වෙන්නෙ ඒවට ටිරිකිස් වැඩ තියේ...
ඒවට අයිඩියා අනිවාර්යෙන්ම ඕනේ...හි හි හී
Deleteඅපි ඔක්කොටම හරිම සතුටුදායක ආරංචියක් ළිහිණි. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියන්නෙ ඕක තමයි.
ReplyDeleteඔය ඉඩමට හරි හැටි මායිමක්, තාප්පයක් සහ පාරක් තියෙනවා නේද? මොකද මිනිස්සු මොනවා කිව්වත් ඒ දේවල් වල වටිනාකම අපිත් ඉගෙනගත්තෙ ලක්ෂ එකහමාරකට වැඩිය නඩු වලට වියදම් කරලා.
ජනප්‍රිය මතය නම්, තාප්ප නොවේ පාලම් හදාපල්ලා කියන එක වුනත්, තාප්ප නැතිව ජීවත් වෙන්න බෑ. ඒ නිසා ගෙට ඉස්සෙල්ලා ඒ ටික බලන එකයි හොඳ.
ඊ ලඟට, කරන්න යන දේ ළිහිණි දැනටම දන්නවා. හොඳ ප්ලෑන් එකකට ෆවුඩේෂන් එක දාලා ඊ ලඟට කරන්න ඕනෙ හරි දේ ළිහිණිම කියලා තියෙනවා.
>>බැංකු ණයක් අරගෙන මට පුළුවන් හැටියට නිවසක් ඉදිකරන්න බලාපොරොත්තුවක් හිතේ තියෙනවා. මුළින්ම අත්තිවාරම විතරක් දමා එක කාමරයක් , කුස්සියක් , නානකාමරයක් අටවා ගන්නට පුළුවන්නම්... මට ඒ ඇති. අවුරුදු ගාණක් ගෙවල් කුලී ගෙවීමෙන් නිකරුනේ ලොකු මුදලක් නාස්ති වෙන එකේ බාගෙට උනත් අටවා ගත්ත තමන්ගේ තැනක ඉන්න තියෙනවා නම් මොන තරම් හොඳද...<<
මම මේකට එකතු කරන්න කැමතියි. එක බිත්තියක්වත් දොරක්වත් ආපහු කඩලා ගලවලා වෙනස් කරන්න සිදු නොවෙන්න හොඳට ප්ලෑන්කරලා වැඩේ කරන්න.
ළිහිණි, හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.
ස්තුතියි ඩූඩ්...this is the Best Dream that i ever had.... :)
Deleteමායිම් නම් ඔක්කෝම හරි ඩූඩ්. දෙපැත්තකින් තාප්ප තියෙනවා. නැති දෙපැත්තේ එක පැත්තක් මමත්, අනිත් පැත්ත ඒ ඉඩම අයිති කෙනාත් සකස් කරන්න කතා කර ගත්තා.
ඩූඩ් මම හිතාගෙන ඉන්නේ හොඳ ප්ලෑන් එකක් අන්දවාගෙන ( තට්ටු දෙකකට. නැත්තම් ඉඩ නෑනේ ) යට කොටස ස්ලැබ් එක වෙනකල් උස්සලා ස්ලැබ් එක දාලා නතර කරන්න. ඊට පස්සෙ කාමරයකුයි, බාත් රූම් එකයි කුස්සියයි විතරයි හදා ගන්නවා...
ඇත්තටම ඩූඩ් එක වැඩේ දෙපාර දෙපාර කරන්න නම් මට බෑ තමයි. මොකද මම කෙල්ලෙක් හැටියට ඔව්වා එක්ක ඔය තරම් දඟලන්න බෑ. හදන බාස් කෙනෙක් එක්ක හොඳට ඒ ගැන කතා බහ කරනවා..කොහොමත් ඩූඩ් අඩුම තරමින් තරමින් තර මාස හත අටක්වත් යාවි....
මං ගොනා වගේ කියවනව කියල බැන්නට මේක නම් නොකියම බෑ...
ReplyDelete"උඹ නම් මහ යකඩ කෙල්ලෙක් අක්කේ "
මං අහල තිබුනට ඔහොම චරිත ගැන සැබෑ ජීවිතේදි දැක්කමයි...
හි හි හී..බැන්න එක මතකයි නේද.. හොඳ වැඩේ ගොන් කතා කියලා බැනුම් අහනවට..:)
Deleteසතුටුයි නංගී... මගේ සුබ පැතුම්.. ඔයා දන්නවද පහුගිය අවුරුද්ද පුරාම මහන්සි වෙලා මමත් ගේ පොඩ්ඩක් හැදුවා. එක කාමරයයි වැඩ ඉවර කර ගත්තෙස. පහුගිය නත්තලේ පදිංචිත් උණා. දැන් සති අන්තයට ගෙදර ගියාම දැනෙන සතුට, නිදහස වචනයෙන් විස්තර කරන්න බැරි තරම්...
ReplyDeleteඔයා හරිම ධෛර්යවන්ත කෙල්ලෙක්.. ඔයාට වරදින්නෙ නැහැ.
ස්තුතියි තරු අක්කා..
Deleteමට මතකයි අක්කගෙ ගේ පොඩ්ඩ ගැන අපිට කලින් කිව්වා. නත්තලට ගෙට ගෙවැදුන බවත් කිව්වා මතකයි.
මම අක්කේ ලොකු සැලැසුමක් මගෙ හිතේ තියාගෙන ඉන්නවා. මොකද මේ ඉඩම තියෙන්නෙ SLIIT එක පේන දුරින්. ගේ පොඩිවට උනත් තට්ටු දෙකකට හදා ගත්තොත් කවදා හරි උඩ කොටස කුලියට හරි දෙන්න හිතාගෙන. ඒකේ සැලැස්මක් හදවාගෙන තියා ගන්නවා. මම හිතාගෙන ඉන්නේ අත්තිවාරම දමලා ගේ ස්ලැබ් එක මට්ටමට නග්ගගෙන එක කාමරයක් , කුස්සිය එක්ක නාන කාමරයක කොටසක් මුලින් හදා ගන්න. පස්සෙ කාලෙක බැරියෑ අනික්වා ගැන හිතන්න. නේද ? අනික මගෙ ඔෆීසියට කඩුවෙල හරියෙ ඉඳන් මහ දුරකුත් නෑනේ..එක මට ලොකු පහසුවක් වෙනවා..
තවත් දෙයක්.. හදන්නොණ පුංචි කොටසක් උණත් කමක් නෑ. ලස්සන ගේ පොඩ්ඩකට සැලැස්මක් ඇද ගන්න. මත්ගෙම සැලැස්මකට ගේ හදන්න ගිහින් මං ටිකක් ඇණ ගත්තා කියල හිතෙනවා... දැන්ම වැඩ පටන් ගත්තොත් හොදයි.. මොකද බඩු ගණන් යන්නෙ පුදුම විදියට...
ReplyDeleteඔව් අක්කේ..ඒක නම් සහතික ඇත්ත
Deleteකඩුවෙල!....හම්...අපිත් ඔය ලඟ පාත නෙ!.....
ReplyDeleteඅඩේ...කස්සත් කඩුවෙලද ? කඩුවෙල කිව්වට කඩුවෙලටම යන්නෙ නම් නෑ. SLIIT එක පේන දුරන්
Deleteනියමයි ආඩම්බරයි ඔබේ දිරිය ගැන . අර කමෙන්ටු ගැන කියන්න තියෙන්නේ කලකට පෙර ලියු දෙයමයි .අද තත්වය වඩා නරක වෙලා .
ReplyDeleteස්තුතියි බින්දි අක්කා :)
Deleteමුලින්ම සුබ පැතුම්....සතුටුයි...
ReplyDeleteඒ වගේම තමයි මේ වෙන දේවල් නිසා බ්ලොග් එපාවෙලා තියෙන්නේ.ඇයි අප්පා මිනිස්සුන්ට පොඩ්ඩක් සිනහවෙලා හිතේ තියෙන දුක්කරදර ටිකක් අමතක කරලා අනුන්ට ඊරිසියා නොකර පොඩ්ඩක්වත් ඉන්න බැරි.මේ වෙන දේවල් නිසා මිනිසුන් ගැන ඇති කලකිරීම තවත් වැඩිවෙනවා විතරයි...
ආ..ණය ගැන කියනවනම් පර්සනල් ලෝන් වල පොලිය ටිකක් වැඩියි.හවුසින් ලෝන්වල පොලිය අඩුයි.ටිකක් හොයලා බලලා හොද බැංකුවකින් ගන්න.සමහර ඒවා පටස්ගාලා ණය දුන්නට සමහර කොන්දේසි හංගලා තියෙන්නේ.ගෙවන්න ගියාම තමයි ඒ කොන්දේසි එලියට එන්නේ.ම්ම්ම්ම්.....ණය ගැන බ්ලොග් එකේ පොස්ට් එකක් දැම්මොත් හොදයි වගේ...
Deleteස්තුතියි හසරැල්..මම නම් දැන් දැන් බ්ලොග් කියවීම හුඟාක් අඩු කරලා. එක පැත්තකින් කුණු හරුප. තව පැත්තකින් අපහාස..මේවා දකින්න කියවන්න බ්ලොග් ඕනෙද කියලත් හිතෙනවා..
Deleteපර්සනල් ලෝන් වල පොලිය වැඩි බව අහලා තිබුනා. ඒත් හවුසින් ලෝන් එකක් ගන්නවා නම් ඔප්පුව තියන්නයි අරවා මේවයි ඕනෑ නේද ? පර්සනල් ලෝන් එකට අපේ වැටුප් වාර්තාව විතරක් ඇති කියලා කිව්වා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න ලැබෙනවා නම් හොඳයි තමා...:)
ReplyDelete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඔයාට මතකද ලිහිණි මම ඔයාට අම්මා ෆ්‍රිජ් එකක් ගත්ත
වෙලාවේ කියපු දේ ..එදා වගේම මට හරි සතුටුයි මේ post
එක දැක්කම...ඩිංග ඩිංග තනියම ජීවිතේ සාර්ථක කරගන්න
ගමන යන්න ලිහිණි ...රට්ටු මොනවා කිව්වත් කමක් නැහැ ..
"ලෝබි / කුණු ලෝබි " වගේ දේවල් කිව්වට කමක් නැහැ ..ඒවා
ගණන් ගන්නත් එපා..මොකද අපි බඩගින්නේ හිටියට රට්ටු
එන්නේ නැහැනේ බත් පිඩක් දෙන්න ..
දැන් ඉතින් යන්තන් කාමර දෙකයි කුස්සියයි හදන් හරි ඔයාගෙම
තැන පදිංචි වෙන්න ඉක්මනටම ..හෙමීට බැරිය ඉතුරු ටික හදාගන්න .
අයියා ගැනත් වෛරෙන් ඉන්න එපා..ඒ මනුස්සයා හින්දයි ඔයා අද
කෙලින් ස්වාධීනව ගමනක් යන්නේ..කවදා හරි ඔය මිනිහට තමයි
ඔයාගේ දෙපා මුල වැටෙන්න වෙන්නේ ...!
//රට්ටු මොනවා කිව්වත් කමක් නැහැ ..
Delete"ලෝබි / කුණු ලෝබි " වගේ දේවල් කිව්වට කමක් නැහැ ..ඒවා
ගණන් ගන්නත් එපා..මොකද අපි බඩගින්නේ හිටියට රට්ටු
එන්නේ නැහැනේ බත් පිඩක් දෙන්න ..//
සහතික ඇත්ත. මම නම් ඒ ගැන හිතුවේ නෑ. අර පිරිමැස්සම කරන්න ඕනෙ තැන් වලදී කරන්න ඕනේ. මොකද සුද්දෝ වගේ ජීවත් වෙලා අන්තීමට හිඟා කන්න බෑනේ.. මට පුළුවන් හැටියට මම කලා වගේම ඉදිරියටත් ඒ වගේම උත්සාහයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා..
//දැන් ඉතින් යන්තන් කාමර දෙකයි කුස්සියයි හදන් හරි ඔයාගෙම
තැන පදිංචි වෙන්න ඉක්මනටම ..හෙමීට බැරිය ඉතුරු ටික හදාගන්න .//
අනිවාර්යෙන්ම සහන්. එක පාරට සම්පූර්ණ ගේ නිම කරන එක එක හිතන්නවත් බැරි දෙයක්. අනික මම ලෝන් එක උනත් ගන්නෙ මට ගෙවන්න පුළුවන් තරමේ එකක්. ගෙවා ගන්න බැරි තරමේ ලෝන් එකක් අරන් හිර වෙලා දඟලන්න බෑ. මේ යන හෙමින් ගමන මට හොඳයි..මම ඒකට කැමතියි..බොහෝම ස්තුතියි සහන් අදහස් වලට...
ඉලක්කයට ලඟා වීම ගැන සුභපැතුම්..
ReplyDeleteඉක්මනට ගෙයක් දොරක් හදාගෙන පවුලක් පන්සලක් වෙන්ඩ ලැබේවා! :D
ස්තුතියි හරී..
Deleteපවුල කෙසේ වෙතත් පන්සලක් නම් ඒ ලඟම තියෙනවා..ඒ නිසා පවුලේ අඩුව දැනෙන එකක් නැති වේවි..:)
ඔයාටත් පිහිටලා තියෙන්නේ ඒ ගතිමයි ..කවද හරි එක එකා
ReplyDeleteළඟ වැටෙන්නේ නැතුව අම්මවත් බලාගෙන ඔයාගෙම ගෙදර
ජීවත් වෙන්න පුළුවන් දැන් ...:)
මෙන්න අර කමෙන්ට් එක ..
මුල එහෙමනම් මැද - අගත් නරක වෙන එකක් නෑ ...
silentsahanJanuary 6, 2013 at 10:59 PM
\\\එයා කාලෙක ඉඳන් මම මාසේ වියදමට දෙන මුදල් වලින්
ටික ටික අරන් තියාගෙන... ඒ මුදල් වලින් මට තනි දොරේ
පොඩි ෆ්‍රිජ් එකක් අරන් දෙන්න.///////
මේ කොටස කියවද්දී නම් මාත් අප්සට් ගියා ලිහිණි .
පව් ඔයාලගේ අම්මා .කවදාවත් අපි හම්බෙන්නේ නැහැ ,
එත් එයාට කියන්න silentsahan මෙහෙම කිව්වා කියල..
ඔහොම අම්මල හැමෝටම ලැබෙනවා නම් හරි සතුටුයි ලිහිණි...
මගේ ආයුෂත් අරන් තව කල් ඇය ජීවත් වේවා..!
ReplyDelete
Replies
1.
ළිහිණිJanuary 7, 2013 at 12:08 AM
ස්තුතියි ශාන්..
තාම අම්ම ඉඩම දැක්කෙ නෑ සහන්. පාස්කු මංගල්‍යය පහු වෙලා එනවා කිව්වා බලන්න යන්න.ඇත්තටම එයා සතුටුයි මා ගැන...
Deleteබ්ලොගයට ගොඩවෙන දෙවනි දවස.සතුටුයි දකින්න ලෑබුණ පෝස්ටුව ගෑන.ගෙයක් හදන්න අඩු වියදම් ක්‍රම තියෙනවා.ඒවා ගෑන අවබෝධයක් ලබාගන්න.උපදෙසක් අවෑසි නම් පවසන්න.ඔබ වෑනි දිරිය නෑගණියකට උදව්වක් කරන්න ලෑබෙන්නේ නම් සතුටුයි.මාගේ එක් ක්ෂේත්රයක් නිවාස ඉදිකිරීම බෑවින් ඔබට යම් උදව්වක් කල හෑකි වෙයි.මා මෙහි ආගන්තුකයෙක් වීම එයට බාධාවක් වීමට ඉඩ ඈත.එලෙස වන්නේ නම් කොමෙන්ටුවක් ආකාරයෙන් දෑන ගෑනීමට අවෑසි දෙය විමසන්න.ඔබට ජය.
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට.. තොරතුරු ලබා ගන්නට ඕනෑ වූ විට ඔබව අමතන්නම්..
Deleteසන්තෝෂයි ලිහිණි..!
ReplyDeleteතමන්ගේම බිමක පය ගහල ඉන්න එකේ නිදහස, සැහැල්ලුව මාත් හොඳින්ම දන්නවා. ඉදිරි කටයුතුත් සාර්ථක වේවා..!
ඇත්තටම ඔව් චන්දන. පොඩි කාලේ ඉඳන්ම මොනවා නැති උනත් වැටිලා ඉන්න අපේම කියලා ගෙදරක් අපිට තිබුනා.. මම කුලී ගෙවලා ඉන්න පුරුදු උනේ රැකියාව කරන්න ගත්තම.
Deleteමගේම ගෙදරක සිහිනයක් මට හැමදාම තිබුනා. මම ඒකට ටිකින් ටික ලං වෙනවා..මට සතුටුයි...
මමත් ගෙවල් දෙකක් හදල ඒකෙ අමාරුව හොඳටම දන්න කෙනෙක්.
ReplyDeleteලිහිණි ගොඩක් උත්සාහවන්තයි කියල මම දැනගෙන හිටියා......
ඔබේ නිවසක සිහිනය ඉක්මනටම සැබෑවෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා
කෙල්ලක් හැටියට බයක් නැතුවාම නෙමේ ඒ වගේ දෙයකට අත ගහන්න. ඒත් මේ තරමක් කරගන්න පුළුවන්නම් ඉතිරි ටිකත් බැරි වෙන එකක් නෑ කියලා හිතෙනවා...බොහෝම ස්තුතියි ...
Deleteමං මේ බ්ලොග් එකේ කියවපු පලවෙනි පෝස්ට් එක. සන්තෝසයි අක්කේ!
ReplyDeleteහිතෙ තියෙන හැම හීනෙම සැබෑවේවා! කියල ප්‍රර්තනා කරනව.
බොහෝම ස්තුතියි මල්ලි
Deleteමට හරි සංතෝෂයි ළිහිණියා. පියවරෙන් පියවර උඹ ඉහල යනවා කියලා අපි දැනන් හිටියා. මේ උඹේ ශක්තිය ධෛර්ය. මේකට කිවහැකි කිසිම දෙයක් නෑ මටනම් හැබෑවටම සතුටුයි කියනවා හැර.
ReplyDeleteමම දන්නවා අයියේ...ස්තුතියි උඹට...:)
Deleteදවලුත් සුභ පැතුවනේ කෙල්ල, ඔන්න අයේමත් සුභ පැතුම්... හැමදේම සාර්ථක වේවි.. බලන්නකෝ දැන් හැම වීක් එන්ඩ් එකටම එතන ගිහින් කුඩයක් ඉහලගෙනහරි ඉන්න හිතෙයි...
ReplyDeleteඔන්න සැමි අයියත් අද ඉඩම් බල බලා ගනන් කියනවා බලමුකො මගේ හීනෙත් සැබෑ වෙයිද කියල...
ඒකනේ..ඔක්කෝමට කලින් උඹලා දෙන්නම මට සුබ පැතුවනේ...කමක් නෑ කමක් නෑ..සතුටේ වැඩිකමට සුබ පැතුම වැඩි උනාට කමක් නෑ...
Deleteසුබ පැතුම්....!
ReplyDeleteමගේ අදහස නම් අත්තිවාරමේ වැඩ අවසන් වනතුරු නිවාස ණයක් නොගෙන ඉන්න කියන එකයි.
ඉඩම කුඩා නිසා සමහරවිට නිවසේ එක් පැත්තක් මායිම දක්වාම ගන්න වුනොත් පිළිගත් වාස්තුවිද්යාඥයෙකුගේ හෝ සිවිල් ඉංජිනේරුවෙකුගේ අනුමැතිය අවශ්‍ය විය හැකියි. ඉහත වී යා ගේ කොමෙන්ටුවේ සදහන් කර තිබෙන සීමාවන් තමයි සාමාන්‍ය සම්මතය. ඒත් සමහර පාළාත්පාලන ආයතන පවතින යථාර්ථයට අනුකූලව, අදාල සීමාවන් අඩුකළ අවස්ථාත් නැතුවම නෙවෙයි.
ඇත්තටම ඉඩම කුඩයි. ඊට වඩා වැඩිපුර පර්චර්ස් ප්‍රමාණයක් ගන්න මුදල් ප්‍රමාණවත් උනේ නෑ. හැබැයි හොඳින් සැලසුමක් ඇන්දොතින් මේ ප්‍රමාණයෙන් කුඩාවට ලස්සන නිවසක් හදා ගන්න පුළුවන් කියලා හිතෙනවා.
Deleteනීතිමය පැත්ත ගැන නම් දන්නෙ නෑ. ඉඩම රෙජිස්ටර් කර ගන්න ගියාම ඒ ගැන විස්තර දැනගන්නවා. එතකොට ඒ නීති රීති අනුව ඉතුරු ටික සැලසුම් කරන්න පුළුවන් වේවී..
ඔන්න මමත් බොක්කෙන්ම සුභපතනව ඔයාට.
ReplyDeleteමටත් ආශාවක් තියනව මොකක්ද දන්නවද. ඔයාගෙ සහෝදරයට මේ බ්ලොග් එක පෙන්නල එයාට එයාගැන හිතින දේ එයාගෙ කටින්ම අහගන්න.
ගනන්ගන්න එපා මිනිස්සු විවිදාකාරයි.
බොහෝම ස්තුතියි. මගෙ සහෝදරයා නම් බ්ලොග් බලන්නෙ කියවන්නෙ නෑ. ඒත් දවසක මේ බ්ලොග් එක ගැන එයාට දනවනවා කියලා මමත් හිතාගෙන ඉන්නවා...
Deleteසුභ පැතුම් අක්කේ!
ReplyDeleteඅප්පේ බ්ලොග් වලටනම් හෙන ගහලද කොහෙද! විකාර!
ස්තුතියි නාඩියෝ..
Delete( බ්ලොග් අස්සෙ ඔය දේවල් කරන්නෙ පිටින් ආව අය නෙමේනෙ..මෙතනම ඉන්න කොටසක්. අනේ මන්දා )
ඔච්චර දුර තනියෙන් ආපු ඔබ ඉතිරි දුරත් යන එක මට විශ්වාසයි..
ReplyDeleteගෙයක් වගේ දෙයකට අත ගහන්න බයකුත් නැතුවාම නෙමේ..ඒත් ඔබ කියනවා වගේ අයියේ මේ ටිකත් කලානෙ තනියම...
Deleteබිං අගලක් නැති එකෙක්ට ඒකෙන් අගලක් ගන්න කාපු කට්ටයි ගත්තම හිතට එන නිදහසයි ගැන කවර කතාද??? එදත් මම තොට කිව්වා බිං අගලක් ගන්නේ බිංකුඩ්ඩොයි කියල... හැක්.... ජයවේවා
ReplyDeleteඋඹට වැරදිලා දේශෝ..මම ගැහැණු සතෙක්නෙ බන්..ඉතින් බිං කුඩ්ඩෙක් වෙන්නෙ කොහොමද...හි හි හී
Deleteඔබ සැබෑ දිරිය දියණියකි... හදවතින්ම සුබපැතුම් ඔබට..ඔබ ලබන්නා සැබෑ වාසනාවන්තයෙකි..
ReplyDeleteබොහෝම ස්තුතියි නලින් අයියා..
Deleteසුජාත දියණිය වී පසුව දිරිය දියණිය වූ ලිහිණි... අප්පට සිරි....
Deleteඑළ කෙල්ලෙක්නේ. උඹලා වගේ කෙල්ලෝ රටට සම්පතක්. අනුන්ගෙන් කන්න බලන් මල් කඩ කඩ ඉන්න කාළකන්නි කෙල්ලොත් එක්ක. රට නෙමෙයි ළෝකෙම ජයගන්න වාසනාව, ශක්තිය ලැබේවා. අර රත්තරන් ගන්න එක හොඳ ආයෝජනයක් පුතේ. මටත් ලෑල්ලටම වැටුන වෙලාවක පිහිට උනේ එච්චරයි..
ReplyDeleteස්තුතියි මාතලන්..
Delete//අර රත්තරන් ගන්න එක හොඳ ආයෝජනයක් පුතේ. මටත් ලෑල්ලටම වැටුන වෙලාවක පිහිට උනේ එච්චරයි..//
සිරාවටම මාතලන්. මම මේ ගැන අදහස් දැන ගත්ත වෙලාවෙහී එතරම්ම හිතන්නෙ නැතුව කලත්...පහු ගිය කාලෙ නම් මට හැබෑවටම වාසියක් ලැබුනා..ඔන්න දැන ආයෙමත් ඇමෙරිකාවේ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ඉහලටම යනවා. ඒ කියන්නෙ රත්තරන් ගාන අඩු වෙනවා. ඒ වගේ වෙලාවක රත්තරන් ටිකක් අරන් තියා ගන්නවා කියන්නෙ හොඳ ආයෝජනයක්...
බ්ලොග් එකට ආපු දෙවෙනි දවසේ මෙහෙම පෝස්ට් එකක් කියවන්න ලැබුණු එක ගැන මට සතුටුයි අක්කෙ...
ReplyDeleteස්තුතියි අනූ :)
Deleteසතුටුයි ලිහිණි අක්කේ... මගේ ජීවිතෙත් තියෙන සිහින තමයි මේ..උත්සහ කරනවා කවද හරි මේ විදිය පෝස්ටුවක් දාන්න ....
ReplyDeleteබට්ටිගෙ පොස්ටු කියෙව්වම දැක්කෙ බට්ටිත් උත්සාහවන්ත කෙල්ලෙක් කියලයි. දවසක මේ වගේම පෝස්ටුවක් බට්ටිගෙන් කියවන්න ලැබෙයි..අපි බලාගෙන ඉන්නවා..
Deleteළිහිණි මේත් ඩූඩ් තමයි. මම ඊයෙ දාපු කමෙන්ට් ඔක්කොම මිසිං. ඔයාගෙ බ්ලොග් එකේ විතරක් නෙවෙයි අනිත් බ්ලොග් වලත්. පොඩ්ඩක් බලන්න ඩූඩ් නමින් එවපු කමෙන්ට් එකක් ස්පෑම් වෙලාද කියලා.
ReplyDeleteදැන් බලමු මේකට මොනවද වෙන්නෙ කියලා.
ඒකනෙ ඩූඩ්.කොමෙන්ටුව ගූගල් දෙයියා එහෙ මෙහෙ හංගලා තිබ්බනේ..ඔන්න ලැබුනා හොඳේ..
Deleteබොහොම සන්තෝෂයි ලිහිණි. මගේ සුබ පැතුම්. මමත් ඉන්නේ ඔය කිටුව හික් හික්..
ReplyDeleteලිහිණි HDFC bank එකෙන් EPF LOAN එකක් ගන්න පුළුවන් ඔයාගේ EPF එකෙන් 80% ගන්න පුළුවන්. හරිම ලේසි ක්‍රමයක් ඔප්පු මුකුත් බැංකුවේ නමට ලියන්න ඕනේ නැහැ. පොඩ්ඩක් ගිහින් කතා කරලා බලන්න.
EPF loan එක ගැන නම් හිතුවේ නෑ අයිලාෂ්. අනික EPF මහ ගාණක් නෑනේ. අපි තමා අවුරුදු 4- ක අත්දැකීම් තියෙන අයනේ..මහ ගාණක් නෑ. ඒකෙන් ගන්න නම් තව අවුරුදු දෙක තුනක් ඉන්න වෙයි..මොකටත් කතා කරලා බලන්නම්කො..
Deleteඇත්තටම ගොඩක් සතුටුයි අක්කෙ අවංකවම. මට ඔයාට වගේ හීන තිබුනාට හැබැ කරගන්න බැරි වෙයි. රාස්සාවක් වත් නැ. අනික මගේ පවුලේ මිනිස්සුන්ගෙ අදහස් එක්ක මට ටිකක් හැප්පෙන්න අමාරැයි. එත් ඔයා වගේ කෙනෙක් දැක්කමා ඇත්තටම මාර සතුටුයි. සිරාවට. ඔයාට ඇති උන තරම්ම සතුටක් අක්කා ගැන මටත් ඇති උනා. ගෙයක් ඉක්මනටම හදා ගන්න ලැබෙන්න ඔනේ අක්කාට. :))
ReplyDeleteරස්සාවක් නෑ කියන්නෙ නංගි රස්සාවක් කරන්න කැමති නැද්ද...නැත්තම් අයිති කෙනා කරන්න දෙන්නෙ නැද්ද ?
Deleteමගේ පවුලේ අය එක්ක මහ හටනක් කරන්න මට දෙයක් නැති නිසා ස්වාධීන තීරණ ගන්න නිදහස තියෙනවා. ඒක මට ලොකු නිදහසක්. අනික මම වැරදි පියවරක් ගන්නෙ නෑ කියලත් අම්මා දන්නවා. අම්මා කරන්නෙ මම කියන එකට හා කියන එක විතරයි..
මගේ සතුට බෙදා ගත්තට ස්තුතියි මදාරා...:)
මගේ අකමැත්ත නෙමෙයි. අම්මලා කැමති නෑ මෙයා රස්සා කරනවට.
Deleteඔයාගෙ බ්ලොග් එකට ආව පළවෙනි වතාව මේ...ඇත්තටම ලිහිණි මේ ලිපිය කියෙව්වෙ ලොකු සතුටකින්. ඒ සතුට ඔයාගෙ මහන්සියේ, උත්සහයේ ප්‍රථිඵල ඔයාට ලැබුන නිසා. ඉක්මනටම ගෙයකුත් හදාගෙන ඔයාගෙ ඊලඟ ඉලක්කයත් සම්පූර්ණ කරගන්න ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව....
ReplyDeleteසුභ පැතුම් ඔයාට!!!
බොහෝම ස්තුතියි චාම්ස්..ඔයාව ආදරයෙන් මේ පැත්තට පිළිගන්නවා..
Deleteමේ සතුට 2003 දී දවසක මමත් අත් වින්දා. ඔයා දන්නවද අද පර්චස් එකක වටිනාකම කී ගුණයකින් වැඩි වෙලාද කියලා ? 13 ගුණයකින්. ගෙවල් හදද්දී තමයි කෙනෙක් පරිනත භාවයට පත් වෙන්නේ. බාස් උන්නැහේලා නිතරම අපිව අන්දවන්න බලන් ඉන්නේ. කවුරුහරි ඇන්දුනේ නෑ කියනවනම්, ඒක මුලාවක්. ගෙවල් හදපු අයගෙන් අහල කලොත් ඔයාට වරදින්නේ නෑ. අර මින්දුල සුදසිංහ මහත්තයාගේ නිවාස නැකත් ෆයිල් එකේ ගහලා තියෙන දේ තමයි මටත් ඔයාට කියන්න තියෙන්නේ.
ReplyDelete"ඔබගේ නිවාස සිහිනය සැබෑවක්ම වේවා !!!"
ඇත්තටම ඒ සතුට දැනෙන්නෙ ඒ මොහොත උදා උනාම..පහුගිය සෙනසුරාදා දවස මගෙ ජීවිතයේ හොඳම දවසක්..කවදාවත් අමතක වෙන්නෙ නැති දවසක්..
Deleteහොඳ බාස් කෙනෙක් නම් හොයා ගන්න වෙයි තමා සුදීක. නැත්තම් එකම වැඩේ දෙපාරක් කරන්න වෙයි.. බලමු ඉස්සරහට..
අඩේ මට නම් පට්ට හැපී ලිහිණියෝ.සහෝදරවරු හැමෝම ඔහොම නැතත් බොහොම කලාතුරකින් ඔය වගේ කුහකයන් හම්බ වෙන්න පුළුවන්.ඒත් ඒ ගැන සතුටු වෙන්න මොකද එයා නිසා තමා ඔයා හිතට අරන් අද මේ තත්වෙට ඇවිත් තියෙන්නේ.ඇත්තටම මට නම් සතුටුයි මට තේරෙනවා අපි ගොඩක් ආශාවෙන් බලන් ඉන්න අරමුණු ඉෂ්ට කරගත්තම හැඟෙන දැනීම.(නොලැබෙන දේවල් ගැනත් එහෙම්මයි).
ReplyDeleteපර්චස් 10ක්වත් ගන්න එපැයි? කමක් නැහැ දැනට ඔය ඇති පස්සේ පුළුවන් නම් ඕකටම මායිම් වෙන ඉඩමක් ගන්න බලන්න.තමන්ගේ සල්ලි වලින් තමන්ට දෙයක් තියෙනකොට කාටවත් ඔලුව නවන්න ඕන නැහැ.මගෙන් සුභ පැතුම් ඒ වගේම ඉතිරි වැඩ ටිකත් ඉක්මනට කරගන්න නැත්තම් අද තියෙන ගණන් නෙවේ හෙට.හෙට තවත් වැඩියි මිල ගණන්.ඒ හැමදෙයක්ම කරගන්න ධෛර්ය ඔයාට ලැබෙන්න කියලා අවන්කවම මම පතනවා.
පලිය ගැන
අම්මල අප්පලා ගැන නොදන්න නෑදෑ කම් නොදන්න අවජාතකයන් කියන දේවල් ගණන් ගන්න එපා නොදැක්ක වගේ ඉන්න.උන්ටම ඇති වෙයි අපිට මඩ ගාන්නහදන එක.
//ඇත්තටම මට නම් සතුටුයි මට තේරෙනවා අපි ගොඩක් ආශාවෙන් බලන් ඉන්න අරමුණු ඉෂ්ට කරගත්තම හැඟෙන දැනීම.(නොලැබෙන දේවල් ගැනත් එහෙම්මයි).//
Deleteසහතික ඇත්ත. මට තිබුන ලොකුම අරමුණට ලඟා උනාම දැනුන සතුට නම් වචනවලින් කියන්න බෑ..
//පර්චස් 10ක්වත් ගන්න එපැයි?//
කොහෙ ගන්නද කොල්ලො. පර්චර්ස් එකක් කීයද..මම ආශාවෙන් උන්නේ බත්තරමුල්ල පැත්තෙන් ගන්න. ඒත් ගාණ වැඩී. ඒ හන්දම දුර ටිකක් වැඩි උනත් මේ හරිය තෝරා ගත්තේ...
මට මේ ඇති බන්. ගේ අටවා ගන්න විතරනේ..පුංචියට අදි දෙක තුනක මිදුලක් හදා ගන්නවා..ඒ ඇති..
Dannawada? Ayya kiyapu gaman oya bin agalak aran kiyala mata danuna sathuta. Magema kenek idamak gaththa wage. Godaaak sathutui lihiniyo oya gana. ikmaninma wada patan gamu. Ethakota nidahase watila inna puluwanne ammath laga thiyagenama. Karana hama wadakma sarthaka wenna kiyala suba pathanawa hadawathinma.
ReplyDeleteHamadama awith balanawa aluth ekak dalada kiyala. Eka dawasak awe nathnam edatama ekak danawa. Api hamunawalu neda lagadima. E ganath sathutui mata.
ස්තුතියි නංගි බබා...
Deleteපහුගිය දවස්වල හුඟාක් බිසී උනා. ලියන්න හිතුනෙත් නෑ. ඒ හන්දා අලුත් පෝස්ට් දැම්මෙ නෑ..
මේක දැකලා ඔයාට තරම්ම සතුටක් මටත් දැනුනා ලිහිණි. ලස්සන පුංචි ගෙදරක් කියන්නේ මගෙත් හීනයක්. ඒත් ඔයා තරම් මම ඒකට කිට්ටු කරලා නෑ තාම. ඒක මම ඉටුකරගන්න අවසාන හීනය වේවි :)
ReplyDeleteඔයාගේ ඉඩමේ ලස්සන ගෙයක් හදලා ඒක ඇතුලේ පුංචි පවුලක් ඉන්න දවස ඉක්මනට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි සයුරි...මමත් හැමදාම හිතුවේ ලස්සනට හදා ගත්තු පුංචි ගෙදරක්...එතැනට යන්න මම ඇඟිලි ගනිනවා...
Deleteඇත්තටම ගොඩක් සතුටුයි ගෙයක් හදලා ජිවිතේ තව සතුට ලැබේන්න දියුණු වෙන්න වාසනාව ලැබෙන්න ඔනේ !!!
ReplyDeleteබොහෝම ස්තුතියි දිනේශ් මල්ලි.
Deleteසුබ පැතුම් ඔයාට..:)
ReplyDeleteබොහෝම ස්තුතියි..
Deleteලිහිණි ගත්තු ඉඩමේ ලස්සන ගෙයක් හදලා, ඒ ගෙදර ජනගහණය එක්කෙනෙක් දෙන්නෙක් දක්වා වැඩි වර්ධනය වේවායි පතමි...
ReplyDeleteස්තුතියි. මතකද මම කිව්වා මේ ගැන ?
Deleteඔන්න ලිහිණී මමත් මගේ ආදරනීය වෙන්ට වයිපරේත් ලොකුම ලොකු වැඩකට අත ගහ ඉන්නෙ... මම තව ටික දවසකින් විස්තර ටික ඔක්කොම දාන්නම්කෝ... ඔන්න එහෙනම් ඔයාට සුභ පතනව ගෙයක් දොරක් හදාගෙන එකතැනකට එන්න කියල... අපෝ බෝඩින් ජීවිතේනම් එපෝ...
ReplyDeleteබෝඩිං ජීවිතෙත් හොඳ ජීවිතේට අත්දැකීම් එකතු කර ගන්ට..එහෙනම් දෙන්නගෙ වැඩේ සාර්ථක වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා..
Deleteජය වේවා..දිරිය දියණියක්....අත්කර ගැනීම මෙන්ම අත්හැරීමත් සතුටක් :)
ReplyDeleteස්තුතියි මයියා. ඔව් අත්කරගන්නවා වගේම දවසක අත හරින්න උනොත්...ඒකත් කරන්න පුළුවන්..
Deleteබොහොම සතුටුයි ළිහිණි. මෙච්චර කල් කලා වගේ ඉතුරු ටිකත් හිමින් හිමින් කරගනන් බලන්න. ගෙයක් හදන්න ණය මුදලක් ගැනීම කියන එක එච්චර නරක ආයෝජනයක් නෙමෙයි, මොකද සාමාන්යෙන් ගෙවල් ගණන් අඩු වෙන්නෙ නෑනෙ. නමුත් ණය උනත් තමන්ට දැරිය හැකි පමණට වෙන්න එපැයි.
ReplyDeleteහොඳට හොයලා බලන්න කෙනෙක් නැති කමින් අපේ තාත්තත් ගේ හදන්න දෙගුණයක් සල්ලි වියදම් කලා. අඳින ප්ලෑන් එක, හදන්න දෙන බාස් වගේ දේවල් ගැන පුංචි හරි දෙගිඩියාවක් තියාගෙන වැඩ පටන් ගන්න එපා. මේ දේවල් හොඳට හොයලා, තමන්ගේ හිතවතුන්ගෙන් උපදෙස් අරන්, තමන්ට 100% විස්වාස මිනිස්සු තෝරගෙන වැඩේ පටන් ගන්න.
මට සහෝදරියක් වගේ ඉන්න අක්කා කෙනෙක් මේ හැම දේටම උදව් උපදෙස් දුන්නා. මොකද කලින් ඉඩම් අරන් පුරුද්දක් තියෙනවෑ. ඒ ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නෑ. ඉදිරියටත් හුඟාක් හිතලා මතලා තීරණ ගන්න වේවී..
Deleteඅපේ ගමේ ගෙදර හදන්න දුන්නේ අපේම නෑදෑ කෙනෙක් වෙන බාස් කෙනෙක්ට. නෑදෑකම් තියාගන්ටත් ඕනෑ හදා අද්ද වහන් ඉඳලා..අන්න දැන් ගේ බිත්ති ටිකින් ටික ඉරි තැලෙන්න අරන්..
ඒ හන්දා හොඳ බාස් කෙනෙක්ව නම් දැල් දාලා හරි හොයා ගන්න ඕනේ.
හරිම සතුටුයි ලිහිණියෝ...... :)
ReplyDeleteඔයාගේ ඉදිරී බලාපොරොත්තුත් ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න කියලා ඔන්න මාත් එක සිතින්ම පතනවා...!!!
බොහෝම ස්තුතියි සමනලී :)
Deleteවිකසිත අනාගතයක්....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි රජෝ..
Deleteඔව් ඔව් පිට්ටුගල අවට මිනිස්සු කවදත් දයාබරයි...:D මගේ ගේ තියෙන්නේත් SLIIT එක ඉස්සරහා පාරේ ...මොකද කියන්නේ හවසට සෙට්වෙලා අඩියක් ගහමු ද?? බෑන්ක් ලෝන් ගන්නවා කියන්නේ නම් පට්ට කට්ටක් කන්න වෙන වැඩක්... බැංකුවේ කන කට්ටට වඩා ගිහිල්ල බලන්නකෝ කඩුවෙල ප්‍රාදේශීයසභාව පැත්තට කොහොමද ආතල් එක කියල... ඇයි හෝමාගම ලෑන්ඩ්රිජිස්ටරියට... සැප කනේ...:D හැබැයි ඉතින් ඔය කට්ට කාල වැඩේ ගොඩදාගත්තම දැනෙන සැහැල්ලුව...වචනෙන් කියන්න බැරි තරම්. ජයවේවා!!!!
ReplyDeleteඅලේ..මෙන්න මෙයා පිස්සු කියෝලා මාව බය කරන්න හදනවා.. හොඳද ඔහොම ආ ?
Deleteඉඩම රෙජිස්ටර් කර ගන්න වැඩේ නම් පටන් ගන්න තමා හදන්නේ. අහපු..කියපු හැටියට නම් හොඳ කාක්කෝ ටිකක් ඉන්නවලු.. ටී ඕ හැටියට ඉන්න නෝනා මහත්තයා අත යටින් සල්ලි ගන්න කෙනෙක්ලු. ඔක්කෝම දැනට හොයා ගත්තා.ඔය පගාව දෙන වැඩේනම් මට දිරවන්නෙම නෑ. ඒත් කරන්න වෙනවා නම් ඒක හරි කරලා වැඩේ කර ගන්නවා..:D
බෑන්ක් ලෝන් වැඩේ නම් කට්ටක් නෙමේ. මම ගිහින් කතා කලානේ. සැලරි එක ගැන ඔෆීසියෙන් දෙන ලියුම විතරයි ඕනෙ. පර්සනල් ලෝන් එකට..
ඉඩම රෙජිස්ටර් කරන්න හෝමාගම යන්න ඕනිද ? මට නම් කිව්වේ ඒ වැඩේ කරන්නෙ කඩුවෙල එකෙන් කියලා.. ෂැක්..ආයේම අහලා බලන්න වෙනවා. ඒ වැඩේට නම් ගෙඩිය පිටින් 5000 ඉල්ලනවලු..
ඒත් ඉවර වෙන්නෙ නැති වෙයි. පර්චර්ස් 6 නිසා ප්ලෑන් දෙකක් අන්දගෙන එකක් පාස් කරනගෙන තව එකක් හදන්න වෙන සීන් එකක් තියෙන්නෙ. ඔය ඔක්කොම කරලා ගේ හදාගෙන අඩියක් ගහන්න සෙට් වෙද්දී මම වයසට ගිහින් තියෙයිද දන්නෙත් නෑ.. :P
කියන්න දෙයක් නෑ අක්කෝ,, හදවතින්ම සංතෝෂයි...!!,, ජය,!
ReplyDeleteස්තුතියි ශම්මියො..
Deleteහදවතින්ම සුභ පතනවා. කෙනෙක් මහන්සි වෙලා තමන්ගේ සිහිනයක් සාර්ථක කරගන්න එක ගැන.
ReplyDeleteඅනිවාර්යෙන්ම ඔව්..ස්තුතියි ඔබට..
Deleteජය වේවා!
ReplyDeleteස්තුතියි ඔබටත් :)
Deleteජය වේවා!
ReplyDeleteස්තුතියි ඔබටත් :)
Deleteමීළඟ ඉලක්කය සාර්තක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteස්තුතියි :) ඒ වගේම ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..
Deleteකෝ මේ ළමයා ඒ පාර ...
ReplyDelete