මාව කියවන අය අතර..

19 February 2013

අරක්කු මිනිස්සුන්ව තිරිසනුන් කරනවා කියන්නෙ නිකම්ද...


වෙලාව රෑ අටට විතර ඇති. මහ රෑ යාමේ නොවුනත් සද්දයක් බද්දක් නැති තරමට පරිසරය නිශ්ශබ්දයි.පුවක් ගෙඩියක් ගිරය මැද්දට තියලා කපද්දී එන " ටකස් "  සද්දය විතරමයි මට ඇහුනේ. ඒ ලොකු මාමා. පිළිකන්නෙ ඉඳගෙන බුලත් විටක් හපන්න ලෑස්තිය

" කවා...ලා...විළඳ ජාති....ඇති කලත් රන් කූඩුවේ ගිරවා......

  දමා....ලා...යන්නෙ ඉඟිලී.....අම්මට#$%^^&& කෝ මේ වේ.....

පරිසරයේ නිහඬතාවය බිඳගෙන ඇහුනේ අමු තිත්ත කුණුහරුප වැලක්....

" බන්දුවා අදත් බීගෙන වගේ..පොඩ්ඩක් කෑගන්න අනේ කෑවනම් බීවනම් නිදා ගන්න කියලා. මේ දරුවත් ඉන්නවා. මේකා කුණුහරුප වපුරන්න ගත්තොත් විසුමක් නෑ අද ..."

කුස්සියේ වළං පිඟන් හෝදන ගමන් නැද්දා මාමට ඇහෙන්න එහෙම කිව්වේ බන්දුගේ කට ගැන දන්න හින්දම වෙන්න ඇති. බන්දුගේ සද්දේ මාමලාගේ ගමට අලුත් දෙයක් නෙමේ. මටත් අලුත් දෙයක් නෙමේ. මාමලාගෙ ගෙදර ගිය හැම දවසකම..මට බන්දුගේ ඔය සද්දෙත්...කුණුහරුපත්...ගෝරණාඩුවත් ඇහිලා තියෙනවා.බුලත් හපේ හක්කෙ රඳවගෙන..කාරලා කෙල පිඩක් මිදුල කෙලවරට විසික් කරලා .... මාමා ගේට්ටුව දිහාට ඇදුනා. බන්දු උන්නේ මාමලාගෙ වත්තට එහා වත්තේ..

" මේවද යකෝ කන්න තියෙන්නේ ?? "

" නැතුව ඉතින් මට බුරියානි හදන්නද කියන්නේ හම්බ කරන එකත් කනමදයා වගේ බොනවා මදිවට..එනවා මෙතන... "

" ඇයි හු#$%% මේවා කන්න පුළුවන්ද ... ?

" කන්න බැරි නම් නිකා ඉඳපන්.. මෙතන බීල ඇවිත් මළවදේ.... "

" මොකා...ක් කිව්වේ උඹ....බීල ඇවිත් ? කවුද හු@#$%$% බීලා ආවේ " ?

බන්දුලාගෙ ගේ පැත්තෙ එක සීරුවට සද්දේ..ඒ සද්දේ මැද්දෙම ඔන්න මාමා හයියෙන් කෑ ගහනවා...

" බන්දූ..... කෑවනම් බිව්ව නම් සද්ද නැතිව නිදා ගනින්....මේ අහල පහල අපිට පාඩුවේ ඉන්න දීලා..."

බන්දු නෙමේ එතැනින් එහාට වචනයක් වත් කියන්නෙ.. සද්දෙ එදාට විතරක් ඉවරයි.
බන්දුගේ නියම නම බන්දුල. හැමෝම කිව්වේ බන්දු කියලා. බන්දු රස්සාව හැටියට කලේ කුලී වැඩ. අහුවෙන ඕනේ කුලියක් කරලා දවසට හොයා ගන්න කීය හරි වියදම් කලෙත් කසිප්පු බොන්නයි මස් කන්නයි. බන්දු කියන්නෙ මස් වලට පුදුම විදියට පෙරේත මිහිහෙක් කියලා කියන්නෙත් බන්දුගේ බිරිඳ කුමාරි අක්කා. බන්දු නිකවැරටිය පැත්තේ මනුස්සයෙක්ලු. කොහෙන් කොහෙන් හරි කුලියාපිටිය පැත්තෙ ඇවිත් කුමාරි අක්කව කසාද බැඳගෙන එහෙම පදිංචි වෙලා...

අපේ ලොකු මාමට තිබුනා ගඩොල් පෝරණු කීපයක්. ඒ දවස්වල බන්දු වැඩ කලෙත් එතැන. නිවාඩු කාලෙට මම මාමලාගෙ ගෙදර ගියාම...ගඩොල් පෝරණුවලට ගිණි දාන මහ රෑ ජාමේ මාත් ඇහැරිලා ඒ දිහා බලාගෙන ඉන්නවා. මහන්සි වෙන වැඩක් උනත් හරිම විනෝදජනකයි. නැද්දා ලඟ වාඩිවෙලා ඉඳගෙන එයාලා කියන " ඒ කාලෙ කතා " අහගෙන පුච්චාපු මඤ්ඤොක්කා කොච්චි සම්බෝල එක්ක කන එක තමා මගේ රාජකාරිය. ඔය පෝරණු ගිණි දෑම හොඳ පලපුරුදු කෙනෙක් තමා කරන්නේ.ඒ රාජකාරිය අකුරටම කලේ බන්දුගේ මාමාණ්ඩියා උන නිකුලස් සීයා. නිකුලස් සීයට ගමේ අය කිව්වේ " පචෝරිස් " කියලා. මොකද වචන දහයක් කතා කලොත් නමයක්ම බොරු. (උන්දා කියාපු අතේ පැලවෙන පච ටිකක් වෙන දවසක කියන්නම්කෝ )

බන්දුයි නිකුලස් සීයයි අපේ ලොකු මාමගෙ ගඩොල් පෝරණුවල එකට වැඩ කලත් ජම්මාන්තර වෛරක්කාරයෝ. දෙන්නට දෙන්නව පේන්න බෑ. නිකුලස් සීයා මොන තරම් පච ඇද බෑවත්, බොහෝම අහිංසක විදියට ගමේ ජීවත් වෙන කෙනෙක් කියලා කිව්වේ අපේ මාමා. හැමෝ එක්කම බොහෝම සුහදයිලු. අක්කර බාගයක විතර පොල් ගස් තියෙන ඉඩමක, එක කෙලවරක නිකුලස් සීයලාගේ පොඩි ගෙදරත්...වෙල පැත්තට වෙන්න තිබුන ලොකු කජු ගහක් පාමුල තියෙන කටු මැටි ගහපු බන්දුලාගෙ ගෙදරත් තිබුනා. බන්දුගේ බේබදු කම හන්දම කුමාරි අක්කා ජීවත් උනේ බොහෝම අග හිඟ කම් මැද්දේ. කොයි වෙලාවෙත් දුවගෙන ඇවිත් අපේ නැන්දාගෙන හාල් ටිකක් ඉල්ලාගෙන දුවන පුරුද්දක් කුමාරි අක්කට තිබුනා. ඒ නැති බැරි කම හින්දමයි කියලා දන්න අපේ නැන්දා ලඟත් කවදාවත්ම " නෑ- බෑ " කියන වචන දෙක තිබුනෙත් නෑ.

මේ බෑණගෙයි මාමණ්ඩියගෙයි රණ්ඩුව ගමේ අයට නම් අලුත් දෙයක් නෙමේලු. මාසයකට සැරයක් පොල් කඩන්න ගත්තම තමා රණ්ඩුව උත්සන්න වෙන්නේ. බන්දුලාට වත්තේ කොණක ඉන්න දීලා තිබුනත්..ඒ කොටසේ ගහකොලවල බුක්තිය වින්ඳේ නිකුලස් සීයලු. මේ අරාවුල නිසාම බන්දු බීලා එන හැම දවසකම නිකුලස් සීයා එක්ක රණ්ඩුවක් අල්ලන එකත් පුරුද්දක්ලු.රණ්ඩුව වචනයෙන් විතරක් නම් මදෑ... වෙරිය හොඳටම වැඩි දවස්වල බන්දු පිහියකුත් අරන් නිකුලස් මාමා පස්සෙ පන්නනවලු " අදනම් මම තෝව බාවනවා " කියලා. ඔය පිහියක් අරන් දිව්වට බන්දු චන්ඩියෙක් නෙමේ කියලා දන්න නිකුලස් මාමා සත පහකට ගණන් නොගෙන කර ඇරලා පාඩුවේ ඉන්නවලු.. (මිනිස්සු කොහොමත් බී ගත්තම හරි චණ්ඩිනේ...:)

ඒ විතරක්ද..බන්දු බීගෙන ඇවිත් කුමාරි අක්කට හොඳටම ගහනවලු. කුමාරි අක්කා කරන්නෙ දුවල ගිහින් අර කජු ගහට නගින එකලු. බීගෙන හතර ගාතේ වැනෙන බන්දු කොහෙද ගස් නඟින්නේ ... කුමාරි අක්කගෙ හත් මුතු පරම්පරාවේම අම්මා මුත්තා සිහි කර කර බනින්න ගත්තම ඕවා ඉතින් නිකුලස් සීයාලාටත් ඉවසන්න පුළුවන්ද හමදාම.

එදා බ්‍රහස්පතින්දා දවසක්.බ්‍රහස්පතින්දා කියන්නෙ කුලියාපිටියේ පොල දවස. ඒ පැත්තෙ කුලී වැඩ කරන අයට නිවාඩු. අපේ මාමාත් ගඩොල් පෝරණුවල වැඩ කරන අයගේ සුමාන පඩි එහෙම බේරලා පොලේ යන්න පිටත් උනා. මාමලාගෙ ගේ ඉස්සරහා තියෙනවා මහා විශාල සියඹලා ගහක්. ඒකෙන් සියඹලා ගෙඩි පහ හයක් ඇහිඳගෙන කන ගමන් මම ඒ කිට්ටුව තිබුන පිඳුරු ගොඩ ලඟ වාඩි වෙලා උන්නා.වෙලාව දවල් 1ට විතර ඇති. එක පාරටම බන්දුලාගෙ ගෙවල් පැත්තෙන් ඇහුනේ කුමාරි අක්කගෙ විලාප සද්දේ...

" අයියෝ.....කවුරුත් නැද්දෝ....අනේ මේ බලන්නකෝ බන්දු මැරිලා...අයියෝ...බන්දු මැරිලා..."

ඇහුන විලාප සද්දෙන්  කලබල උන අපේ නැන්දා.. මාවත් ඇදගෙන දිව්වේ බන්දුලාගෙ ගෙවල් පැත්තට. ලොකු මාමලාගෙ ගෙදරට දකුණු පැත්තේ තිබුන ගෙදර මාමත් අපේ පස්සෙන් දුවගෙන ආවා. නිකුලස් සීයලාගෙ  පිළිකන්න පැත්තෙ ඉඳන් කුමාරි අක්කා කෑ ගහනවා. අපි දිව්වේ ඒ පැත්තට. මොනවා බලන්නද... වෙන්න් ඕනෙ ඔක්කොම ඒ වෙද්දී වෙලා ඉවරයි.

නිකුලස් සීයලාගේ ගේත් කුස්සියත් මැද්දෙන් තිබ්බ කොටසක බන්දු මුනින් අතට වැටිලා උන්නා. කුමාරි අක්කා ලේ වලින් පෙඟුන බන්දුගේ ඇඟේන් හොල්ලන ගමන් විලාප දෙනවා. ඒ කිට්ටුවම නිකුලස් සීයා බිම ඇන තියාගෙන ලේ වැදිච්ච උල් පිහියකුත් අතේ තියාගෙන ඈත වෙල් යාය දිහා බලාගෙන ඉන්නවා. බන්දුගේ ඇඟෙන් ගලාගෙන ගිය ලේ පාර මැටි පොළොවට උරාගෙන ලොකු ලේ පැල්ලම් විතරක් ඉතුරු වෙලා..

මාව පැත්තකට කරපු  අපේ නැන්දයි තව මාමා කෙනෙකුයි බන්දුට පණ තියෙනවද බැලුවේ ඉස්පිරිතාලයට අරන් යන්න. ඒ මාමා කියපු හැටියට නම් ඒ වෙද්දී බන්දුගේ ඇඟත් සීතල වෙලාලු. ඒ කියන්නෙ බන්දු මැරිලා ටික වෙලාවක් ගිහින්. කුමාරි අක්කගෙ විලාපේ සද්දෙට ගමෙන් බාගයක් විතර එතැනට පිරුණා. ඒ අස්සෙන් කවුරුම හරි පොලීසියටත් කතා කරලා.

ටික වෙලාවකින් ආපු පොලීසියෙන් නිකුලස් සීයව අත් අඩංගුවට අරන් ප්‍රශ්ණ කලා. පොලීසියෙන් ආවට පස්සෙ තමා මුනින් අතට වැටිලා උන්න බන්දුව අනිත් අතට හැරෙව්වේ...අම්මෝ...ඒ මූණ මේ දැනුත් මට පේනවා වගේ.. බන්දුගේ මූණ බලන්න බෑ. මැල්ලුම් ලියලා වගේ පිහියෙන් කපලා දාලා. කට...නහය..ඇස් දෙක..ඒවා ලියලා දාලා වගේ..පුංචි කමට මාත් බයක් හැකක් නැතුව ඒ දිහා බලාගෙන උන්නා. උර හිසටත් කීප සැරයක් පිහියෙන් ඇණලා..

නිකුලස් සීයා පොලීසියට දුන්නු කට උත්තරයේ හැටියට ඒ සිද්දිය වෙලා තියෙන්නෙ දවල් දොළහට විතර ලු. අපේ මාමාගෙන් සුමානේ පඩි සල්ලි ඉල්ලාගෙන බන්දු කෙලින්ම ගිහින් තියෙන්නේ කසිප්පු බොන්න. කසිප්පු වඩි දෙක තුනකින් හොඳ හැටි සප්පායම් වෙලා මස් රාත්තලකුත් කිහිල්ලෙ ගහගෙන වෙල් නියර දිගේ බන්දු ගෙදර ඇවිත්. ඒ එද්දී කුමාරි අක්කා ගෙදර නෑ.ගෙදරට අඩුම කුඩුම ටික ගන්න පොළට ගිහින්. ඒ අස්සේ සුපුරුදු පරිදී මාමගෙයි බෑණගෙයි ගෝරණාඩුවත් පටන් අරන්. බහින් බස් වීම වැඩිවෙද්දී වෙනදා වගේම උල් පිහියකුත් අරන් බන්දු නිකුලස් සීයගෙ පස්සෙන් පන්නන්න අරන්...

මනුස්සයෙකුගෙන් වෙන හිරිහැර කරදර හැමදාමත් ඉවසන්න පුළුවන්ද...? නිකුලස් සීයාට එදා හිතෙන්න ඇති මේකෙ ඉවරයක් තියෙන්නෙ ඕනෙ කියලා. මරු විකලෙන් වගේ බන්දුගේ අතේ තිබ්බ පිහිය උදුරාගෙන උර හිසට ඇණලා. සමහර විට මරන්න හිතාගෙන නෙමේ වෙන්න ඇති. පිහිපාර වැදුන ගමන් වෙරි මරගාතේ උන්න බන්දු අර දෙබුක්ක මැද්දේ ඇදන් වැටුනම...නිකුලස් සීයට බන්දුගේ තරහා මරහා ඔක්කෝම එක සැරේට හිතට එන්නැති. ආවේගයෙන් බන්දුගේ මූණ හරහා ගිය පිහිපාර නැවතිලා තිබුනේ...බන්දුගේ හුස්ම ටිකත් නවත්තලා...

මළගෙදර වැඩ කටයුතු හැමදෙයක්ම උනේ ගමේ මිනිස්සුන්ගේ වියදමින්. අපේ ලොකු මාමා මූලික වෙලා මරණයේ වැඩ කලා. අර මම කලින් කිව්වා වගේ බන්දු බී ගත්තම චන්ඩියෙක්..තිරිසනෙක් උනාට, නොබී ඉන්න වෙලාවට උපාසකයෙක් වගේ ඉන්න එක ගැන ගම්මු දන්න හන්දා නෑ බෑ නොකියා මරණේ වැඩ කරන්න උදව් උපකාර කලා කියලා තමා අපේ මාමා කිව්වේ..

මිනිස්සු කොච්චර අහිංසක උනත් හැමදාම හිරිහැර ඉවසන්නෙ නෑ. ඉවසන්න බෑ. එක දවසක්ද දෙකක්ද...බන්දු බීගෙන චන්ඩියෙක් වෙන්න ගිහින් නිකරුනේ මැරුම් කෑවා..

පලි.

මේ සිදුවීම වෙද්දී මට අවුරුදු 13ක් විතර ඇති. අපේ ලොකු මාමට දරුවෝ උන්නේ නෑ. හැම ඉස්කෝලේ නිවාඩුවකටම මාමා ඇවිත් මාව කුලියාපිටියේ ගෙදර අරන් ගියා. ඒ වගේ කාලෙක තමා මේ සිද්දිය උනේ. බන්දු බී ගත්තම ඔය විදියට හැසිරුනත්...අනෙක් වෙලාවට බොහෝම අහිංසක තාලෙට උන්නු මනුස්සයෙක්. ගෙදර ගහෙන් දිවුල් ඇහිදන් ඇවිත් මට ගෙනත් දෙනවා. ඒත් ඉතින් අර අරක්කු සමහර මිනිස්සුන්ව තිරිසන්නු කරනවනේ..බන්දුත් අරක්කුවලින් තිරිසනෙක් උනා. නිකුලස් සීයා හිරේ ගියා. හිරේ උන්නෙ මාස පහක් විතර කාලයක්ලු. හැම තිස්සේම කල්පන කර කර උන්න නිකුල්ස් සීයාට පපුවේ අමාරුවක් හැදිලා හිරේම මළා කියලා මට අපේ ලොකු මාමා කිව්වා.. ඒ විතරක්ද කුමාරි අක්කලාගෙ අම්මා එහෙමත් නැත්තම් බන්දුගේ නැන්දම්මා නිකුලස් සීයා මැරිලා ටික දවසකින්ම උන්දැත් මළා ලු..බන්දුගේ සිද්දියෙන් ඒ පවුලම විනාස උනා...

98 comments:

  1. මට නම් ඔය බොන මිනිස්සු පෙන්නන් බෑ, පමණ නොදැන බොනවා එකක්, අනිත් එක ඊට පස්සේ තමන් කවුද? කොහෙද ඉන්නේ මොනවද කරන්නෙ කියන එකත් අමතක වෙනෙවා, ඔක්කමටත් වඩා මම ඔය ගඳ ගහන ජාතිය කොහොම උගුරුට හලාගන්නවද මන්දා :/

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ශම්මියෝ පහල කොමෙන්ටුවල තියෙනවානේ බීලා වෙරි වෙනවා කියන එක බොරු කියලා. අනේ මන්දා එහෙනම් අපේ ඇස් වල වැරැද්දක් ඇති. අපි ගමේ උපන්න අය හැටියට දන්නවා ගමේ සමහර මිනිස්සු බීලා වැඩි උනාම කරන මළ සමයං වැඩ. එහෙනම් ඒවා නිකමට කරන ඒවා වෙන්නැති..එහෙම හිතන්න වෙන කාලයක් වගේ මේක...:P

      Delete
    2. //ඔක්කමටත් වඩා මම ඔය ගඳ ගහන ජාතිය කොහොම උගුරුට හලාගන්නවද මන්දා :/

      ඒම කියන්ඩ එපා මිෂ් ! මිෂ් දන් නෑ නේ ඒ කේ තියෙන පන් එක !

      Delete
    3. බුවෑක්කා............. යැක් යැක් යැක්කා...

      Delete
  2. බිව්වම මිනිස්සු බොරු චන්ඩි වෙනවා තමා. අපේ ගෙවල් පැත්තෙත් ඔහොම කෑ ගාන තැපැල් පියුං කෙනෙක් ඉන්නවා.. පඩි දවසයි ඕටී දවසයි අනිවා පජාතයි.. කුනුහරුප වපුරනවා. ගෑනි ගම වටේ දුවනවා...

    මනුස්ස ස්වභාවය ගැන හොද අදහසක් එනවා නේද මේ කතාවෙන්.. තොට අවුරුදු 13 දී ඕව කෙල හල හල බැලුවනං දැං කොහොම ඇද්ද,,, ඒ කියන්නේ අවුරුදු 15 දී... හැක්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ...අපේ පැත්තෙත් ඔහොම ඩයල් දෙක තුනක් උන්නා. සමහර උන් වලපල්ලෙ. බීලම. ඉදිමිලා පපඩම් වගේ මූණක් තියෙන කෙනෙකුත් තාම ඉන්නවා. වල පයයි ගොඩ පයයි වගේ..උදේ තේ වේලටත් මිහිහා බොන්නෙ කසිප්පු. රෑ වෙද්දී මරු. තනිකරම කුණු හරුප විතරමයි...

      අලේ මට පහළොවයිලු ...නියමයිනේ..:b

      Delete
  3. හප්පා..බිව්වට කමක් නෑ ලිමිට් පනින්නේ නැතුව..රජයෙ ස්කාගාර සංස්ථාවක් තියෙන්නේ ඉතින් කපුටන්ට පොවන්නයෑ.. බීලා පොර වෙන්න හදන එවුන් නම් මට අරහං.. අපරාදේ ජීවිත කීයක් බන්දුවගේ බීම හින්දා නිරපරාදේ නැති වුනාද...

    ReplyDelete
    Replies
    1. මම නම් බිව්වට කමක් නෑ කියන තැන නම් කවදාවත් ඉන්නෙ නෑ. ඒක එක එක්කෙනාගෙ කැමත්ත. මගෙ නොවෙන එකෙක් බිව්වට මට මොකෝ කියන තැන ඉඳන් මගෙ එකෙක් බොනවා නම් ඌව එතැනින් ගලවගන්න එක මම කරනවා. මොකද රටේ ලෝකේ අයව හදන්න අපිට බෑනේ..ඒත් බීමෙන් වෙන් ආනිසංසේ ගැනත් හිතන්නම වෙනවා..මේ පෙන්නෙ නැද්ද.." බීම බන්දුව තිරිසනෙක් කරද්දී "..ජීවිත කීයක් විනාශ උනාද ? මොකද මේක තරමක් බීමෙන් පටන් ගත්ත බේබදු කමක් වෙන්න පුළුවන්..

      Delete
  4. මේක නිවී හැනහිල්ලේ ආයිපාරක් බලන්න ඕනේ. උඩින් පල්ලෙන් බැලුවේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳට කියවන්නකෝ පස්සෙ වෙලාවක..රසවත් කතාවක් නම් නෙමේ..විනාශයක කතාවක්..

      Delete
    2. හපොයි අක්කේ..... සෑහෙන්න හිතට වැදුන කතාවක්. හොඳ වෙලාවට නිවිහැනහිල්ලේ බැලුවේ.

      Delete
  5. කෝ මේ බීමට ආවඩන අපේ උන්දැලා ටික....

    ReplyDelete
    Replies
    1. උඹ දෙබරෙකට ගල් ගහන්නද හදන්නෙ ? හි හි හී

      Delete
    2. ඇයි ඩෝ.......... මේ ඉන්නේ...............

      Delete
    3. අපිව හෙව්වද?

      Delete
    4. අපි ඉන්නව යකෝ... මොකද කියන්නේ...

      Delete
    5. මොකෝ මොකෝ මේ කට්ටියගෙ සද්දේ ? සද්ද බෑ හරිද...හි හි හී

      Delete
  6. අම්මෝ.. අපේ පැත්තෙත් ඉන්නව ඔය වගේ හාදයෙක්.. හැබැයි මම දැක්කත් හරි නෝ කතා නෝ සිනා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් එයා ඔයාට බය ඇති ...:D

      Delete
  7. මේක පට්ටපල් බොරුවක්.. එහෙමනම් අපේ ගෙවල්වල වලන් පිගන් මොකුත් තියෙන්න විදිහක් නෑ.. මේ වෙරි පාට් එක දාලා මිනිස්සු කරන රඟපෑම් මිසක් යථාර්ථය නෙවෙයි නංගි.. බොන්නේ නැතිව වෙරි ගැන කතා කරන එක, ලිංගිකව එක් නොවී ලිංගිකත්වය ගැන කථා කරනවටත් වඩා අන්තයි...

    ReplyDelete
    Replies
    1. හැබැයි ඔයාට වැරදිච්චි තැනක් තියෙනවා අභීත අයියා. මිනිස්සු හැමෝම බොන විදිහවත්, බොන ප්‍රමාණයවත්, බිව්වට පස්සෙ ඔය වෙරි වෙනවා කියන කෙහෙල් මලවත් එක වගේ නෙමේ. මේ වගේ බීපුවම තිරිසන්නු වගේ දඟලන එවුන් මේ ලෝකෙ නෑ කියලද ඔයා කියන්නේ ? එහෙනම් අපරාදේ මේ මිනිහා මැරිලා ගියේ...හි හි හී

      ඔය කසිප්පු කියන ඒවා අපේ පැත්තෙ යමනෙට තිබුනනේ. ඒවා බීලා උදේට කකුල් දෙකෙන් ඇවිඳින අය හවහට කකුල් හතරෙන් , කුණු හරුප සින්දුවෙන් කාණු දිගේ බඩගාපු හැටි අපිත් දැකලා තියෙනවා.. එහෙම අමාරුවෙන් ගෙදර ඇවිත් ගෙදර ගෑණිට අල්ලාගෙන ගහන් හැටිත්, ළමයින්ට ගහන හැටිත් උන් පණ බයේ දුවන හැටිත් දැකලා තියෙනවා...

      ඔය ලිංගිකත්වය ගැන කතා නොකර ඉමුකෝ. මොකෝ ඒක මේකට අදලා නැති නිසා. ඒත් මිනිස්සු බීපුවම ( මම මේ කතා කරන්නේ ඔයාල වගේ ඩීසන්ට් එකේ බොන අය නෙමේ කසිප්පු වඩිය බොන අය ) තිරිසන්නුද නැද්ද කියලා කියන්න බොන්නම ඕනේ නෑ. ඇස් තියෙනවා නම් පේනවා :P

      Delete
    2. මම තර්ක කරනවා නෙමේ ලිහිණි.. කාණු දිගේ බඩ ගාගෙන ඇවිත් කකුල් දෙකෙන් හිටගෙන ගෑණිට තඩි බානවා නේද? ඔන්න ඔතනයි තියෙන්නේ.. ඕක තනිකර ෆැන්ටසියක් දරුවෝ.... ප්‍රශ්ණේ තියෙන්නේ උගේ ෆැන්ටසියට ඌම රැවටෙන වෙලාවට...

      Delete
    3. මේක පට්ටපල් බොරුවක් කියන එක තමයි මටත් කියන්ඩ තියෙන්නෙ. බීමෙන් මිනිහෙක් තිරිසනෙක් වෙනවා හෝ නොවෙනවා කියන්ඩ බෑ. නොබී හොඳ සිහියෙනුත් තිරිසන් වැඩ කරන මිනිස්සු කොච්චර ඉන්නවද නංගී. ඒවගේ එකට කාපු බීපු මනුස්සයින්ටත් තිරිසන් වැඩ කරන මිනිස්සු කොච්චරද? හොඳ සිහියෙන් ඉඳිද්දිම මිනිස්සුගේ සාක්කුවලට බහින එවුන්ම කොච්චර ඉන්නවාද?

      Delete
    4. @Sumudu weerasinghe

      හෙඩිම දැක්ක තැන ඉඳන් ඔය ටික නොකියා කතාව අමාරුවෙන් හරි කියෙව්වා නම් පැහැදිලිවෙයි මම මොනාද කිව්වේ කියන එක. මේක මේ බොන එක ගැන කියවන එකක් නෙමේනෙ. මම හෙඩිමෙම දාලා තියෙන්නෙ " අරක්කු මිනිස්සුන්ව තිරිසන්නු කරනවා " කියන එකනේ. ඉතින් මම කියලා තියෙන කතාව බොරුවක් වෙන්නෙ කොහොමද ? බන්දු කියන්නෙ නොබී ඉන්න වෙලාවට හොඳ මනුස්සයෙක් කියන එක මම කීප තැනක කියලා තියෙනවා..ඒක දැක්කෙ නෑ නේද :)

      එහෙම හොඳ මනුස්සයව තිරිසනෙක් කරන්නෙ අරක්කු...

      Delete
  8. අඩෝ පව් බන්දුවා!

    මට හිනා ගියේ මේකට...
    // දමා....ලා...යන්නෙ ඉඟිලී.....අම්මට#$%^^&& කෝ මේ වේ.....//

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බීලා කන සාක්කුවට වැටෙන වෙලාවට කියන විරහා ගී..:P

      Delete
  9. හරිම ඛේදජනක කතාවක්නේ.

    ඇත්තෙන්ම. ඔය බිව්වාම තිරිසන් වෙලා ගෑණිට ගහන එකට, කුණු හරප කියමින් රෙද්ද උස්සාගෙන ගම හරහා ගමන් කරන එකට හෙම සමාජ පසුබිම, ආකල්ප, අධ්‍යාපන මට්ටමත් බලපානවා කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් ඩූඩ්. කසිප්පු බොන්නෙ පහල සමාජයේ අය. ඇති එකෙක් මලාට කසිප්පු බොයිද ...

      Delete
    2. ළිහිණි, මම කිව්වේ බ්‍රෑන්ඩ් එක ගැන නෙවෙයි. කසිප්පු හෝ ස්කොච් හෝ දෙකෙන්ම වෙන්නෙ මත් වීමනෙ. මම කිව්වේ මිනිස්සුන්ගෙ හැසිරීමට අර දේවල් බලපානවා කියලයි.

      Delete
  10. හප්පා මදන යකා. ලිමිට් පනින්නේ නැතිවෙන්න බොනවානම් අවුලක් නෑ. සමහර මිනිස්සුන්ට ලිමිට් එක පනිනවා විතරයි කට ඇරෙන්නම කුණුහරුප කියන්න.

    ReplyDelete
    Replies
    1. වැහිලිහිනියෝයි සැළලිහිනියොයි නිකන් ලිහිනියොයි.අනේ මන්දා

      Delete
    2. @ සැලලිහිනියා

      ලිමිට් එකට බොන්න පටන් ගන්න අයත් කාලයක් ගියාම ලිමිට් පනින තැනට එනවත් ඇති..

      Delete
    3. @නිශාන්

      රුසියාවට වඩා ලොකු එක :P

      Delete
    4. @ මඩිස්සලේ නිශාන් ඔක්කොම ලිහිණියෝ. හරියට රජගෙදර පරවියෝ වගේ. :)
      @ ළිහිණි ලිමිට් පනින සමහර අය කට ඇරියෝතින් ඉවරයි. :)

      Delete
  11. අඩේ අරක්කු වලට බනින්න එපා ළිහිණියෝ. අරක්කු බිවුවම පිස්සු කෙලින උන්ට බනිනවා මිස. දැන් නොබිවුවට කාලයක් මම බාර් එකක් දැක්කත් නැගිටලා ආචාර කොරලා තමයි යන්නේ. බිවුවම මිනිස්සු වෙනස් වෙන්නේනෑ. ඒකලා කොරන්නේ රඟපෑමක්. බිවුවම රඟන එකෙකුගේ කණ රත්වෙන්න එකක් දීලා බලපං සු‍ටුස් ගාලා වෙරි බහිනවා. මම මේවා කියන්නේ අත්දැකීමෙන් බොලව්. විශ්වාසෙට ගනිල්ලා.හිකිස්.....

    අරක්කු ගැන කතා නම් ගොඩාක් තියෙනවා. නංගි බබා කැමති නෑනේ නැත්නම් කියනවා එලිවෙනකම්.

    ReplyDelete
    Replies
    1. Ara sihiye hoda kamata kama eka loku kotte udin thiyala podi kotteta wela nida ganna siddi wenna athi neda. Hikis........

      Delete
    2. //අර සිහියෙ හොඳ කමට කෑම එක ලොකු කොට්ටෙ උඩින් තියල පොඩි කොට්ටෙට වෙලා නිදා ගන්න සිද්දි වෙන්න ඇති නේද. හිකිස්........//

      මම මේක සිංහලෙන් දැම්මේ කට්ටියට හොඳින් කියවන්න පුලුවන් වෙන්න. මේවට කියන්නේ දී කිරට බළල්ලුත් සාක්කි කියලා.

      Delete
    3. බන්දුගෙ තිබ්බේ බේබදු කම.ඒක සාමාන්‍ය බීමක් නෙමේ..රඟපානවා හරි ඇත්තටම වෙරි වෙනවා හරි ප්‍රශ්ණෙ ඒක නෙමේනෙ..ඔය මොකෙන් හරි තිරිසනෙක් හැටියට හැසිරෙන එක.ඒකෙන් ඇති උන ප්‍රථිපල භයානකයි.මේ ඒකට එක සිදුවීමක් විතරයි..

      Delete
    4. @නංගි බබා

      හි හී හී ඔය තියෙන්නේ...

      Delete
  12. බොන්නෙ මොකටද කියල නම් දන්නෙ නෑ.. ඒකෙ ප්‍රයෝජනේ මොකක්ද කියලත් දන්නෙ නෑ.. ඒත් මිනිස්සු බොනවා..
    අනිත් අය ගැන මං කියන්න යන්නෙ නෑ,මට ඕනෙත් නෑ. අපේ කොල්ලො කියන එකක් කියන්නම්,

    "අඩෝ, මචං ඊයෙ සෙට් වෙලා ගැහුව නප්පියටම "

    "අඩෝ, ඊයෙ තනිකර බෝතලයක් ගැහුව සැන්ඩි නොකරම"

    "ඊයෙ අපි සෙට් උනා. කෝ, තොපිල ගෑණුනේ.. පිරිමියෙක් නම් ෂොටක් ගහන්නම ඕන"

    ***************************************************************************************************************************************************************
    මං අඳුරන අපේ උන්ට නම් ඒක මහාම මහා වීර ක්‍රියාවක් වගේ.. බිව්වටත් වඩා ඕනකම තියෙන්නෙ අනිත් උන්ට පොර ටෝක් දෙන්න..

    ***************************************************************************************************************************************************************
    මට ඔහොම කිව්වොත් මං කියන්නෙ,

    "අඩෝ, ඊයෙ කොල්ලො ඔක්කොම සෙට් උනා හුඟ කාලෙකින්.. ඔක්කොම 10ක් විතර.. බෝතල් 3ක් ගත්තා.. සෝඩා මෙගා එකකුත් ගත්තා. බයිට් එකට ඩෙවල් පිඟන් 2ක්ම ගත්තා..// උන් ඔක්කොම බෝතල් 3ම බිව්වා. උන් හැමෝම බොද්දී මං විතරක් නොබී හිටියා// "

    ReplyDelete
    Replies
    1. මෙන්න කොල්ලෝ... සැලියුට් ටු යූ මල්ලි... හි හි...

      Delete
    2. අනේ මේ උඹ ඉඳින් ඉගිලෙන්නේ නැතිව..

      Delete
    3. @YASITH (dot) NET

      මේකට මම මොනද කියන්නේ....

      ඒක සාපෙක්ෂයි මල්ලි. කැමති කෙනා බොනවා ..කැමති නැති කෙනා බොන්නේ නෑ. බොන එක හපන්කමක් කියලා නම් මම හිතන්නෙ නෑ. ඒක සමහර වික කාලයේ තාලය වෙන්න ඇති. නොබොන එකා ගෑණියෙක් කියන්නෙ බෑ මොකද බොන ගෑණුත් ඉන්නවනේ..

      අරක්කු මිනිස්සුන්ව තිරිසන්නු කරනවා කියන එක නම් ඇත්තක්. අරක්කු නිසා හුඟක් පවුල් අසරණ වෙනවා කියන එකත් ඇත්ත. ( මම මේ කියන්නෙ සෙට් වෙලා බොන අය ගැන නෙමේ. දවසගානෙ අරක්කු බෝතලය කටේ ගහගෙන ඉන්න බේබද්දෝ ගැන )

      Delete
    4. කරුණාවෙන් සළකන්න ,
      //අනිත් අය ගැන මං කියන්න යන්නෙ නෑ,මට ඕනෙත් නෑ. අපේ කොල්ලො කියන එකක් කියන්නම්//

      @Sarath Chandrasiri, මඟේ හිතට එකඟව එන දේ මං ලියනවා අයියා.. මෙතන මං ගෑණු ඉස්සරහ පොර වෙන්න දඟලනව නෙවෙයි.. ඒක මඟේ පෞද්ගලික මතය.

      බොන "මිනිස්සු" සහ "බේබද්දන්" කියන්නෙ දෙන්නෙක් කියල මං හොඳට දන්නවා..

      Delete
    5. මම අර කතාව කිවුවේ හිරුවට මලේ. උඹ ඒකට හිත රිදෝ ගන්ට කාරි නෑ.

      Delete
  13. කොච්චර බිව්වත් බන්දු තිරිසනෙක් නෙමෙයි කියලා ඔයාම ලියලා තියෙනවා. බන්දුවා කෑ ගහන එකත් ඔයාලගෙ මාමා එක සැරයක් කෑ ගැහැව්වම නවත්තනවා. මෙතන මට පේන විදියටනම් තිරිසනා නිකුලස් සීයා. ගෑණි කොච්චර ආදරෙන් ඉන්න ඇද්ද අරෙහෙම විලාප තියලා අඬන්න. ඕවා පන්සලේ වැරදි.. හමුදුරුවරු ගමට ආදර්ශමත් නායකත්වයක් නොදීම.

    ReplyDelete
    Replies
    1. මේකනේ මාතලන්. බන්දු තිරිසනෙක් නෙමේ කියන එක මම දැනුත් කියනවා. ඒ නිසාම තමා පෝස්ටුවේ හෙඩිම දාලා තියෙන්නෙ " අරක්කු මිනිස්සුන්ව තිරිසන්නු කරනවා " කියලා. ඒක තමා මම මේ කතාවෙන් කියලා තියෙන්නෙත්. බීපු නැති වෙලාවට බන්දු හරිම හොඳ මනුස්සයෙක්. නිකුලස් සීයා වැරදි නෑ. උන්දට එහෙම කරන තත්වෙට පත්කලේ බන්දුගේ බේබදු කමෙන් උපන්න තිරිසන්කම...

      කුමාරි අක්කත් ගමේ අය වගේම තමා..තමන්ගේ මිහිහා නොබී ඉන්න වෙලාවට හොඳයි කියන එක දන්නවා. ඉතින් ඒ මිනිහා මැරුනම විලාප තියන එක අහන්නත් දෙයක්ද... මෙතන මනුස්සයෙක්ව තිරිසන් කරන අරක්කු ගැන තමා මම කියලා තියෙන්නේ.. නැතුව බොන එකවත්..බොන්න එපා කියන එකවත්..බොන හැමෝම මෙහෙම වෙනවා කියන එකවත් නෙමේ :)

      Delete
  14. බිව්වම චන්ඩි වෙන වුන්නම් මටත් පේන්න බෑ,එක දවසක් අපිත් එක්ක චමරියේ හිටපු එකෙක් බීලා චන්ඩියා වෙන්න ඇවිත් මගෙන් වෙරි බහින්නම ගුටි කෑවා.ඒක නෙමෙයි ඔය බන්දු බිව්වම සින්දු කිව්වේ නැත්ද ????

    බිව්වම කියන සින්දු මොනවද??

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනෙ අර බන්දු කිව්ව සින්දුවක් නේන්නම් උඩින්ම දාලා තියෙන්නෙ ..හි හි හී

      //එක දවසක් අපිත් එක්ක චමරියේ හිටපු එකෙක් බීලා චන්ඩියා වෙන්න ඇවිත් මගෙන් වෙරි බහින්නම ගුටි කෑවා//

      ඔයත් හරි චන්ඩියෙක් වගේයි...:b

      Delete
  15. රටේ වැඩි ප්‍රතිශතය බිමත්ව රිය පැදවිම.බිම මිනිසා විකෘති ස්වභාවයක‍ට ගෙන එයි.නොබිපු උන් වැරදි කරනවා තමයි.ඒත් ජිවිත වැඩි හරියක් බිමත් කම නිසා විනාශ වෙනවා.මුදල් නාස්ති කරමින් කරනා මෙම වැරද්ද අනුමත කළ නොහැකිය.නොබි ඉන්න කෙනෙකු සමහරක් විට බිමට මුදල් සෙවිම සඳහා කැත වැඩ කරනවා වෙන්නත් පුළුවන්.ළිහිණිත් සමඟ මම එකඟයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. //මුදල් නාස්ති කරමින් කරනා මෙම වැරද්ද අනුමත කළ නොහැකිය//

      මම හිතන්නෙ නෑ " හැමදාම පිරිසිදු වතුර බොන්න " කියනවා වගේ බොන එක හැමෝම අනුමත කරනවා ඇති කියලා..

      Delete
  16. ඔහොම පෙරේත බීම බොන එවුන් නම් ඉන්නවා තමයි... හම්බ කරන සේරම බාර් එකට දීලයි හවස ගෙදර එන්නේ.

    අපරාදේ ඒකෙන් පැත්තක ඉඳපු මනුස්සයෙක් අමාරුවේ වැටුනේ. කාගේ උනත් ඉවසීමේ සීමාව පණින වෙලාවක් එනවානෙ.

    ReplyDelete
    Replies
    1. අපෝ ඉන්නවා චන්දන. මගෙ ඇස් වලින් අනන්ත දැකලත් තියෙනවා. සමහර අයගෙ මූණ දැක්කම් කියන්න පුළුවන් බේබදුකමේ තරම..

      Delete
  17. යාලුවොත් එක්ක මත්පැන් මදපමනට ගැනීමයි...දිනපතා..පුරුද්දක් විදියට අරක්කු බොන එකයි අතර ලොකු වෙනසක් තියෙනව.බේබද්ද කියන්නෙ එහෙම අයට.

    මේ කතාව බේබදු කතාවක්...අරක්කු කතාවක් නොවේ. බිව්වම මිනිස්සුන්ට මානසිකව හා කායිකව යම් වෙනසක් වෙනව තමයි .හැබැයි ඒක පාලනය කරගන්න බැරිදෙයක් නොවේ. එහෙම බැරි අය බොන්නම ඕන නැහැ තමන්ව පාලනය කරගන්න බැරිවෙන්න.නොබිව්වත් එහෙමයි.

    හැබැයි බීල වීරකම් කරන්නෙ,පඩ ශෝ දාන්නෙ..ඕන කමින් කැපිල පේන්න .නැත්නම් වීරයො වෙන්න. උන් සැබෑ ජීවිත්යේ වීරයො නොවේ.

    බිව්වම ගොඩක් අය දොඩමලු වෙනව තම්යි..ඒත් මේ කතාවෙ වගේ නොවේ..!
    මේක පැහැදිලි කරන්න අමාරුයි...බොන එක අනුමතකරනවා නොවේ..!

    ReplyDelete
    Replies
    1. බනින්න එපා ඈ කියවලා... හි හි

      //බිව්වම ගොඩක් අය දොඩමලු වෙනව තම්යි..ඒත් මේ කතාවෙ වගේ නොවේ..!//

      පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක්

      Delete
    2. කියෙව්වෙමි..!

      දොඩමලු වීමයනු බොක්කෙ තියෙන හැමදේම කියන එක නොවේ...!
      සින්දු ටිකක් කියල ආතල් එකක් ගන්න එක..කිසිම වැදගැම්මකට නැති දේශපාලන කතා,සමාජ කතා කෙස් පැලෙන තර්ක විතර්ක කරමින් කාලය ගෙවා දැමීමයි.
      ඒත් ඒකෙ රසයක් තියෙනව. ඒකයි තෙරුම් කරන්න බෑ කිව්වෙ.

      //පිරිමි කියන්නෙ හිත දුර්වල ජාතියක්..!// වෙන්න ඇති....!

      Delete
    3. @වීපොකුරෙ වීයා

      පැහැදිලිවම. මේ ඒ වගේ බේබද්දෙක්. ඒක මම පැහැදිලිව පෝස්ටුවේ ලියලා තියෙනවා. තමන් හම්බ කරලා අතට ගන්න දේ බොන්න වියදම් කරනවා මදිවට බීවාට පස්සෙ එක එක්කෙනා පස්සෙ පන්න පන්න වද දෙන්නෙ තිරිසන් කම මතු වෙන හින්දා නෙමේ නම් වෙන මොනවා හින්දද කියලා මට හිතා ගන්න බෑ.

      බිව්ව කියලා ඔය ලැබෙනවායි කියන ආතල් එකකුත් නොබී හිටියායි කියලා නොලැබෙන ආතල් එකකුත් නෑනේ..

      Delete
    4. //බිව්ව කියලා ඔය ලැබෙනවායි කියන ආතල් එකකුත් නොබී හිටියායි කියලා නොලැබෙන ආතල් එකකුත් නෑනේ..//
      අනේ මන්ද ලිහිණි තේරුම් කරන්න අමාරුයි...!

      නමුත් එහෙම එකක් තියෙනව.

      Delete
  18. බේබද්දෙක් ඇති පවුලක් විනාශ වෙන්න.ලිහිණියෝ ඔයා නම් කවදාවත් බේබද්දෙක්ව බඳින්න එපා ඈ :D

    ReplyDelete
    Replies
    1. බඳින්න කලින් හොඳින් ඉන්න අයත් බැන්දට පස්සෙ උනත් බේබද්දෝ වෙන්න ඉඩ තියෙනවානෙ නිශාන්...

      Delete
    2. ඕවා ගෑනුන්ගේ වැරදි..:D

      Delete
  19. Appe oya bima gana nam katha karannawath asa na. Ape gameth kenek hitiya jothipala kiyala. Dan nam game na e nisa rata kanak ahila innawa. Nathnam gedara ayata witharak newe mulu gamatama baninawa. Habai biwe nathi welawata oluwa ussala kenek ekka katha karanne na. Biwama witharai eyageth chandi part.

    ReplyDelete
    Replies
    1. ඒක තමා නංගි බබා. බොන්න ඕනෙ හන්දා බිව්වා නම් අනුන්ට කරදරයක් නොවී ඉන්න දැනගන්න එපායෑ. දැන් මෙතන බන්දුගේ නොනවතින බීමත්, තිරිසන් කම හිතට අරන් හැසිරෙන විදිහත් එක්ක මුළු පවුලම ඉවරයි.

      Delete
  20. ඇත්තටම ජිවිතේ අපරාදේ. හ්ම්ම්.

    ReplyDelete
    Replies
    1. එයාගෙ විතරක්ද...එයා හන්දා තව කී දෙනෙක්ගෙ ජීවිතවලට අපරාදයක් උනාද නංගා..

      Delete
  21. ඉස්සර නිසා හොදයි දැන් ලංකාවේ මතට තිත නේ ;) හෙහ් හෙහ්

    ReplyDelete
  22. hammo monawa kiyannada manda lihini...niraparade minis jiwithane winasa wenne. me arakku hoya gaththe kauda manda..

    ReplyDelete
    Replies
    1. අරක්කු හොයා ගත්ත අය නම් ඉන්නෙ ස්කෝට්ලන්තයේද කොහෙද..එහෙත් ඉන්නවද දන්නෙ නෑ බිව්වම පිස්සු නටන අය...හි හි හී

      Delete
  23. කය හා සිත මහන්සි කර වැඩ කරන අප වැනි ජනයාට දවසේ වෙහෙස නිවාගෙන, ජොලි මූඩ් එකේ ගෙදර උන්දැත් එක්ක ලමයිත් එක්ක කෑම ටිකක් කාල හෙට වැඩට යන්න සවිය ගන්න දෙවියො දීල තිබෙන අමුර්තයයි, මේ මධ්‍යසාර.

    මා කලිනුත් කියා තිබෙනවා වගේ ඇඟේ අමාරුවට තිබෙන මේ පානය හිතේ අමාරුවට බීමයි ප්‍රශ්නෙ.
    ඒ වගේම තිරිසන් ජවනිකා රඟ පාන්න ලජ්ජාව නැති කර ගන්න සමහරුන් මේ ද්‍රව්‍ය ඕනෑවට වඩා අරගන්නව දැනුවත්ව. ඒ වගේම ලිංගික උවමනාවල් ඉටුකරගන්න බැරි උනාම ගෑනු ගුටි කනවා. මුදල් හදල් සමාජ තත්වය මහන්සි වී වැඩි කිරීම නිසා නැතිවන ඇඟේ සවිය නැති කම ආදිය නිසා නැතිවන පිරිමි කම තබා ගැනීමට පෞර්ෂ්‍ය ප්‍රශ්න නිසාද සමාජ ශීලි වෙන්ට ආදී වෙනත් දහසකුත් හේතු නිසා පිරිමි බොනවා. (එහෙනම් ගෑනු බොන්නෙ මොකටද?) ඇබ්බැහි වීමට ඇති ඉඩකඩ වැඩි නිසා සිය තත්වය චෙක් කර ගත යුතු බව සිතමි.

    මත් පැන් පානයට නීතියෙන් ඉඩ දී තිබෙනවානම් වැඩියෙන් බී කරදර හා සමාජ ප්‍රශ්න ඇති කරන අයට දඬුවම් දිය යුත්තේ ද නීතියෙනි.

    නිකුලස් ගොයියා නීතිය සිය අතට ගත්තේ ඇයි?

    ගඳයි රසයි තමයි කසියවල ප්‍රශ්නෙ.
    රටේ උද්ධමනයේ තරමේ හා ක්‍රය ශක්තිය පල්ලෙහාට බහින විදිහ බැලුවහම මහ බැංකුවෙ අධිපතිටත් ලඟදීම කසියා බීමට සිදු නොවුනොත්ය පුදුමේ.

    කවුරු කොපමන විරුද්ධ වුවත් මෙය ලෝකයෙන් තුරන් වනුයේ ලෝකයේ මිනිසුන් සියලුම දෙනා එකිනෙකාට ආදරය කරන දිනයේදී පමණි.

    ReplyDelete
    Replies
    1. //මුදල් හදල් සමාජ තත්වය මහන්සි වී වැඩි කිරීම නිසා නැතිවන ඇඟේ සවිය නැති කම ආදිය නිසා නැතිවන පිරිමි කම තබා ගැනීමට පෞර්ෂ්‍ය ප්‍රශ්න නිසාද සමාජ ශීලි වෙන්ට ආදී වෙනත් දහසකුත් හේතු නිසා පිරිමි බොනවා. (එහෙනම් ගෑනු බොන්නෙ මොකටද?)//

      මේ ප්‍රශ්ණ ටිකම එහෙනම් ගෑණු අයටත් ඇති. මොකද කය වෙහෙසා වැඩ කරන ගෑණු උදවිය අපේ රටේ ඕනෑ තරම් ඉන්නවනේ...:)

      //නිකුලස් ගොයියා නීතිය සිය අතට ගත්තේ ඇයි?//

      සමහර මිනිස්සු ඉන්නවා මොනා කිව්වත් කර බාගෙන ඉන්න අය. එතකොට අනෙක් පාර්ශවය හිතන්නෙ ඒක නිවට කම කියලා. වඳින්න වඳින්න ගහන මිනිහත්. ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා " යි කියනවනේ. නිකුලස් සීයාගේ ඉවසීමේ රතු කට්ට පනින්න නැති. උදේ හවා බන්දු බීගෙන තමන්ගේ දුවට දෙන හිරිහැර කරදර ඇස් දෙකෙන් දැක දැක, තමන්ට වෙන අසාධාර්ණකම් ඉවසගෙන උන්නා ඇති කියලා හිතෙන්න ඇති.

      Delete
  24. ඒ මුළු පවුලටම වුන සිද්දිය ගැනනම් බොහොම දුකයි.එතකොට කුමාරි අක්කාට මොකද අවුනේ.

    කුලී වැඩ කරන ගොඩාක් දෙනෙක් මේ වගේ බිවුවාම තමාගේ ගෑනිට දරුවන්ට ගහනවා නේ. නුගත්ගමද නැත්නම් යටි හිතේ තියෙන පොහොසත් මිනිසුන් ගැන ඇති කෙන්ත්තියද?.

    ReplyDelete
    Replies
    1. //එතකොට කුමාරි අක්කාට මොකද අවුනේ//

      පස්සෙ කාලෙක..ඒ කියන්නෙ අවුරුදු දෙක තුනකට පස්සෙ යද්දී කුමාරි අක්කා ඒ කිට්ටුව තියෙන ගර්මන්ට් ෆැක්ටරි එකකට යනවා කිව්වා. දැන් නම් කොහොමද දන්නෙ නෑ. ලඟදි ගියත් එයාලා ගැන අහන්න අමතක උනා..

      Delete
  25. බේබද්දෝ කියන්නෙ හැදෙන මිනිස්සු ජාතියක් නෙවෙයි. උං නහින්නෙම බීල.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. බේබද්දෙක් කියන්නෙත් ඒ හන්දනේ..අපේ ගමේ උන්න මනුස්සයෙක් මූණ දිලිසෙනවා ඉදිමිලා..බීලම. ඔන්න මැරෙයි මෙන්න මැරෙයි සයිස් එකට. පස්සෙ කාලෙක සිරෝසීස් හැදිලා මලා

      Delete
  26. ඔය බීගෙන ඇවිත් කුණුහබ්බ කියන ගෑනුන්ට ලමයින්ට ගහන චරිත අපි ජීවත් උන හැම තැනකම ලංකාවෙ තිබ්බා. අපෙ කරුමෙ වෙන්න ඇති. අපි නිවාඩුවට ගියාම ඉන්න හාමිනේගෙ අම්ම තාත්ත ඉන්න ගේ තියෙන්නෙ අලුත ගෙවල් හදපු මිනිස්සු ඉන්න නගරෙකට කිට්‍ටුව. ඒත් ඒ ගෙදරත් පිටිපස්සෙ ඉන්නවා ග්‍රීක් භාශාව අලුතින් වචන හදලා කියන බීමතෙක්.. මට පෙනෙන්නෙ මේක අපේ ලංකාවට ආවේණික මානසික රෝගයක්..

    ReplyDelete
    Replies
    1. ඔය විදියට සද්දෙ දාන කුණු හරුපෙන් කතා කරන අය වෙරි හිඳුනම ඉන්නෙ උපාසකයෝ වගේ.. කිසිම දෙයක් දන්නෙ නැති ගානට....

      Delete
  27. ඒ උනාට සමහරු නම් ඉන්නවා බිව්වට පස්සේ හිටියටත් වැඩිය හොඳට ඉන්න කට්ටිය. හික්ස් :)

    අරක්කු වලට කරන්න පුලුවන් කෙහෙල්මලක් නෑ. බිව්වට පස්සේ මිනිස්සු තිරිසන් වෙනවා කියන කතාව බොරුවක්. ඒ තිරිසනා නොබීපු වෙලාවෙදිත් තමන් තුල ඉන්නවා.ඒ තිරිසන් සිතුවිලි තමන් තුලම තියෙනවා. නමුත් අරක්කු බිව්වම වෙන්නේ තමන්ගේ ඒ සිතුවිලි පාලනය කරන්න උත්සහ කරන්නේ නැතුව පිට කරන්න හදන එක.

    අනිත් එක තමා බීපු මිනිස්සුන්ට වඩා නොබීපු මිනිස්සු කොච්චර තිරිසන් වැඩ කරනවද..

    මොනා උනත් ඒ මනුස්සයා පව් !

    ReplyDelete
    Replies
    1. හැම මනුස්සයෙක් ඇතුලෙම තිරිසනෙක් ඉන්නවා. ඒත් මනුස්සයෝ උනාම තිරිසන් කම යටපත් කරගෙන පාලනය කරගෙන ඉන්නවනේ. ඒත් බිව්වම බොරුවට හරි ඇත්තට හරි තිරිසන්නු වගේ හැසිරෙන අය ඔයාලගෙ පැත්තෙ නැද්ද ? අපේ ගමේ උන්න කීප දෙනෙක්වම මම නම් දැකලා තියෙනවා. දන්නවනේ ඉස්සර අපේ පැත්ත කසියා විමානයක්නේ..

      Delete
  28. සමහර අය ඉන්නවා ලිහිණි පොඩ්ඩක් බිලා වෙරි වගේ නටන උන්. සමහර උන්ට මතක නෑ බිව්වම වටේ පිටේ කවුද ඉන්නෙ කියල.. මගේ තාත්තගෙ පෝස්ට් එක කියෙව්ව නිසා ලිහිණි දන්නවනෙ තාත්ති වෙන පවුලකයි හැදුනෙ කියල ඒත් තාත්තිගෙම මල්ලිලා දෙන්නම හොදටම බොනවා.. පුංචි කාලෙ දවසක් අපි අවුරුද්දට එක ගෙදරක ගිය වෙලාවෙ ඒ එක්කෙනෙක් කෑගහපු හැටි නිසා මම අදටත් එහෙ යන්නෙ නෑ.. ඒත් බැන්දයි පස්සෙ නෑ ගෙවල් වල යද්දී එයා පාරට පැනල අපිට බැන්න වෙඩින් කිව්වෙ නෑ කියල මට මහත්තය ඉස්සරහ පොලොව පලාගෙන යන්න හිතුනා අනික මේ වගේ අය වෙඩින් එකකට ගෙන්න ගන්න පුලුවන්ද?එයා නම් උදේ පාන්දරත් බීගත්ත ගමන් ඉන්නෙ,,, කිසිම දියුණුවක් නෑ ඉතින් හැමදාම එක තැන දරුවන්ටත් ලැජ්ජයි..

    ReplyDelete
    Replies
    1. වැඩිය ඕනෙ නෑ. අපේ තාත්තත් ඉස්සර කණමදයා වගේ බොනවලු. අම්ම තමා කිව්වේ. හොඳ වෙලාවට අපිට තේරෙද්දී එයා නෑ. නැත්තම් මටත් මේ දුකම විඳින්න වෙයි. බීගෙන ඇවිත් දඟලද්දී..

      Delete
  29. එහෙමයි එහෙනං මේව ඉගනගෙන තියෙන්නෙ.

    ReplyDelete
  30. බිලා හරි නාල හරි අනුන්ට මල වදයක් වෙන එකනේ කරදරේ . මේ මිනිහා මල නිසා ඔයා මේ උපේක්ෂාවෙන් ලීවාට ඕකා ඉන්න කාලෙක ලිව්වා නම් මෙයිට වෙනස් වෙයි .අපේ පැත්තෙත් හිටියා මිනිහෙක් . හැමදාම කියන්නේ අකුරු මැකී නැහැ කොළ ගැලවී නැහැ සින්දුව ඉගෙන ගන්න ළමයි ඉන්න ගෙවල් ලඟදි ..ඉතින් කවුද කියන්නේ සිහි නැහැ කියලා . මේක අර ජැකිල් සහ හයිඩ් කතාව වගේ වෙන්න ඇති. මිනිහෙක්ට බිව්වම තමන් ඇතුලේ ඉන්න නරක පැත්ත එලියට දාන්න පුළුවන් . සිහියෙන් හෝ අවසිහියෙන් . සමාජයෙන් වුනත් පොඩි සමාවක් ලැබෙනවා බිලානේ හිටියේ . බිවම එහම වුනාට හොඳ මනුස්සයා කියන ලේබලය වුනත් ලැබෙන්න පුළුවන් .

    විද්‍යාත්මක පැත්ත නම් දන්නේ නැහැ . එක්කෝ ඇත්තටම වෙරි ..නැත්නම් රඟපානවා .

    ReplyDelete
    Replies
    1. //විද්‍යාත්මක පැත්ත නම් දන්නේ නැහැ . එක්කෝ ඇත්තටම වෙරි ..නැත්නම් රඟපානවා .//

      බොන කට්ටිය නම් කියන්නෙ බොරු කියලා. අපි මොනා දන්නවද ඉතින්. වෙරි වෙන්න බීලා තියෙන එකක්යෑ වෙඩිමකදී වයින් එකක් ඇරෙන්න...හි හි හී

      බොරු හරි ඇත්ත හරි ඒකෙන් වෙන විනාසේ මේ වගේ ලොකුයි නම්...මොකද වෙන්නේ..

      Delete
  31. ඕව ගැන කොච්චර කිව්වත් කතා කලත් බොන එකා බොනවානම්. කවුරු කිව්වත් නවත්තන්නේ නෑ. අපිට වහ වගේ වුනාට ඒ මිනිස්සුන්ට ඒක අමුර්තයක්.

    අපේ පැත්තෙත් හිටියා අංකල් කෙනෙක් රජයේ වැදගත් රස්සාවක් එහෙම කරපු කෙනෙක්. හැබැයි හැමදාම රෑට ගෙදර එන්නේ හොදටම බිලා. දවසක් බිලා එද්දී මහා රෑ ගෙවල් ලගම තිබ්බ කාණුවකට වැටිලා. මිනිස්සු දකිද්දීත් මැරිලා. අපරාදේ ජිවිතේ. කාට කියන්නද.....

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න. කොච්චර වැදගත්කමක් තිබුනත් වැඩක් තියෙනවද හතර ගාතෙන් යද්දී. දැන් ඔය මනුස්සයෝ වෙරි උනාම කරන්නෙ රඟපෑමක් නම්...වැදගත් මනුස්සයෙක් ඒ වගේ හැසිරෙන්නෙ ඇයි දන්නෙ නෑ..

      Delete
  32. අපේ ගෙදරනම් මතට තිත මම මේ ගල ලියපු පොස්ට් එක බලන්නකෝ ලිහිණි. මතට තිත, තිතට මත සහ වැඩිහිටිහන්ට වැඳීම

    //අරක්කු සමහර මිනිස්සුන්ව තිරිසන්නු කරනවනේ.//

    මොන බොරුද ලිහිණි, පොඩ්ඩක් මේ ගැන හිතන්නකෝ සමහර උන් අරක්කු බිවම තිරිසන්නු වගේ හැසිරෙනවා, හමාහැර උන් හිනා වෙනවා, නටනවා.. තවත් සමහර උන් අඬනවා.. එකම අරක්කු වලින් මේ විදිහට වෙනස් ප්‍රතිපල ලැබෙන්නේ කොහොමද?

    මම නම් මොන හේතුවක් නිසාවත් බීපු එකෙක්ට නම් අපේ ගෙදර ගේට්ටුවෙන් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. කවුරු උනත් මට කම් නැහැ. අනික් එක තමයි මොන ජාතිය බීවත් මොන හේතුවකට බීවත් මටනම් උන් බේබද්දෝ.

    ReplyDelete
    Replies
    1. බීමේ ආදිනව දන්න කෙනෙක් නම් බොන්නෙ නෑ. බිව්වා කියලා ලැබෙන දේවල් දන්නෙ බොන අයලුනේ..අපි දන්නෙ නෑ ඔවා. ඒත් ඉතින් බීමෙන් පස්සෙ හොඳට ඉන්න මනුස්සයෝත් තිරිසන්නු වෙනවා කියලා නම් දැකලා තියෙනවා..

      Delete
  33. ගොඩක් බිනිස්සු බිව්වහම හැසිරෙන විදිහ නම් කියලා වැඩක් නෑ. ගොඩක් වෙලාවට දැඩි පීඩනයකින් ඉන්න මිනිස්සු බීපුවහම ඒ පීඩනය නිදහස් කර ගන්න ඔය වගේ හැසිරෙනවා. මං හිතන්නේ ඒ නිසා තමයි සමාජයේ පහල ස්ථර වල බීලා සිදුවෙන අපරාධ වැඩි. බීලා කරදරකාරී විදිහට හැසිරෙන අයව බොන එකෙන් වලක්වගන්න එක තමයි කරන්න ඕනේ... නමුත් ඉතිං ප්‍රායෝගිකව ඕක කරන්න අමාරුයිනේ. යම් යම් ආසන්න සිද්ධි නිසා සමහරු හැදෙනවා. සමහරු ඉතින් මේ වගේ ඉරනමකට මූණ දෙනවා. මමත් බොන කෙනෙක් උනත්, අනවශ්‍ය තැන් වලදි බීමෙන් සහ බොන්න දීමෙන් වලකිනවා. පාටි එකකදි උනත් ටිකක් වැඩියි කියන හිතෙන යාලුවන් ගැන බොහොම සැලකිල්ලෙන් ඉන්නවා. අරක්කු (මත්පැන්) කියන එක විනෝදාස්වාදය සඳහා නැතුව හිතේ පීඩනය \ ආතතිය නැති කරගන්න දෙයක් විදිහට පාවිච්චි කිරීම ගොඩක් ප්‍රශ්න වලට මුල.

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ බුද්දිමත් කෙනෙක් ඔය විදියට හිතුවට අර බන්දුලා වගේ නූගත් අධ්‍යාපනයක් නොලබපු අය හිතන්නෙ ඔය විදියට නෙමේනෙ තිසර. සමහර විට බන්දුලා වගේ බීමට ඇබ්බැහි වෙලා බේබද්දෝ උන මිනිස්සුන්ගේ එකම උවමනවා සහ අවශ්‍යතාවය වෙන්නෙත් බොන එක විතරක් වෙන්න පුළුවන්..

      Delete
  34. කොහොමත් මටනම් අරක්කු බීලා දඟලන උන් පේන්න බෑ! විකාරකාරයෝ!

    ReplyDelete
    Replies
    1. අපෙ අප්පෝ එදා අපිවත් වාතයක් වුණාද දන්නේ නෑ නාඩි මලයට

      Delete
    2. හොඳ වෙලාවට සැමා මේ පැත්තට ඇවිත් නෑ....හි හි හී නැත්තම් නාඩියාගේන් හොඳ හොඳ දේවල් අහයි..

      Delete
  35. මං මේ කමෙන්ටුව කොටන්නෙත් හොඳට බීලා ළිහිණි..ඉතින් මේවට උත්තර බඳින්න විදියකුත් නැ.ඒ වගේම තාම කාටවත් බිලා ඇනයක් වෙලත් නෑ. මේ මොනවා වුණත් කෙල්ලෝ දෙන්නා ගදයි කියලා කියන කොට නං මැරෙන්න හිතෙනවා.. ඒත් මොනවා කරන්නද? මේ හදවතට එකඟවම කියන දෙයක්.

    ReplyDelete
    Replies
    1. බොනවා කියන එක හපන්කමක් නෙමේ නලින් අයියා. ගෑණු දරුවො දෙන්නෙක්නෙ තාත්තා කෙනෙක් හැටියට එයාලව පීඩනයෙන් නොතියා ඉන්න නම් ඔයාට ඔය බීමත් කමින් ටිකක් ඈත් වෙන්න වෙයි. මොකද ඒ අය හැමදාම " පොඩි " අය වෙලා ඉන්නෙ නෑ..මේවා ඉතින් නංගිලා අයියලාට කියල දෙන්න ඕනෙ දේවල් නම් නෙමේ ඔන්න...:)

      Delete
  36. මත්පැනේ ආදීනව වලට තවත් එක නිදසුනක්.
    ගොඩක් අය හිතන්නෙ තමන් 'ලිමිට්' එකට බොන්වයි කියල. ඒත් එයාල දන්නෙ නෑ එයලා ඒකට ඇබ්බැහි වෙලා කියල.
    ඒ වගේම ලිමිට් එකට ඇවිත් කියන්නෙ ලිමිට් පනින්න තව ටිකයි කියන එක.
    කොහොම උනත් අඩුම ගානෙ තම තමන්ගෙ හොඳ සිහිය පවතින තරම දන්නවා නම් තමන්ටත් අනෙක් අයටත් වන හානිය අවම වේවි!

    ReplyDelete
  37. කසිප්පු බිව්වත් පෙට්ටියක දාලා තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් බිව්වත් වෙන්නේ එකම දේ තමයි. එහෙම නැතුව ඔයා කසිප්පු කාරයා කියලා කොන් කරපු වැරදියි. බේබද්දා බේබද්දාම තමයි.

    බීපු මිනිහට නියරේ අවුලක් නැතුව යන්න පුළුවන් උනත් අඩි ගානක් පළල පාරත් මදි යන්න. ගෑණි දරුවෝ ඉස්සරහා චන්ඩි උනාට පොලිස් කාරයෙක් දැක්කම පූස් පැටියෙක් වෙන්නේ ඇයි?

    බෝතලේ පාවිච්චි කරන විදිය අනුව තමයි මිනිහෙක්ගේ සාර්ථකත්වය මැනෙන්නේ.
    * නූගත් මිනිහා ප්‍රශ්ණ අමතක කරන්න.
    * යහළුවන් පරණ සිද්ධි මතක් කරන්න. පොර වෙන්න.
    * රැකියා මිත්‍රයින් හිත හෑල්ලු කරගන්න./ ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න.
    * ව්‍යාපාරිකයින් අලුත් ව්‍යාපාරික සගයින් හමුවෙන්න.

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.