මාව කියවන අය අතර..

07 January 2013

අපේ ගමේ වග තුග ..


මම ඉපදුනේ හැදුනෙ වැඩුනේ පුංචි ඉතාලිය කිට්ටුවම තියෙන පුංචි ගමක. දන්නවනෙ පුංචි ඉතාලිය කියන්නෙ කොහේටද කියලා.ඒ තමා වෙන්නප්පුව. වෙන්නප්පුව අයිති වෙන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කයට. කොළඹ - හලාවත මහා මාර්ගයේ එහෙමත් නැත්තම් A3මාර්ගයේ තමා වෙන්නප්පුව නගරය පිහිටලා තියෙන්නේ. වෙන්නප්පුව නගරයේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර දකුණුට තියෙන පුංචි ගමක් තමා මගෙ ගම එක පැත්තකින් ගලා යන ගිං ඔයත්..තවත් පැත්තකින් හැමිල්ටන් ඇළත් යාව ඇති අපේ ගම් පලාත තවමත් ගැමිකම රැඳී තිබෙන ප්‍රදේශයක්.

අපේ ගම් පලාත  ගැන කතා කරද්දී ඒ අවට ඇති අනෙක් ගම් ඉසව් ගැනත් කතා කරන්න වෙනවා. පෝරුතොට , වයික්කාල, දංකොටුව, බෝලවත්ත, නයිනමඩම ,වෙන්නප්පුව, මාරවිල , බොරලැස්ස , ලුණුවිල, කිරිමැටියාන , හාල්දඬුවන, කහටවිල ( බ්ලොග් ලෝකයේ අපේ සහෝදරයෙකුත් ඉන්නවා කහටවිල පැත්තේ ) වගේ ප්‍රදේශ ඊට අයිතියි.

වෙන්නප්පුව ප්‍රදේශය කිව්වම හැමෝම කියන්නෙ " හොඳට කන බොන මිනිස්සු ඉන්න පැත්තක් "ලෙසයි. ඇත්තෙන්ම ඔව්.කිසිම ලෝබ කමක් නොකර හොඳට කන්න බොන්න පුළුවන් මිනිසුන් කොට්ඨාශයක් තමා අපේ ගම් පලාතේ ජීවත් වෙන්නේ. ඒ වගේම ආගන්තුක සත්කාරයට බොහෝම ලැදියි. ප්‍රධාන වශයෙන්ම ආගම කතෝලික. පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමයණ කලායින් පස්සේ පෘතුගීසීන් විසින් ප්‍රචලිත කරපු කතෝලික ආගම අදහන..ඒ වගේම කතෝලික ආගමට බොහෝම ලැදියාවක් දක්වන භක්තිමත් කතෝලික පිරිසක් තමා මේ ප්‍රදේශවල ජීවත් වෙන්නේ. පෘතුගීසි ආක්‍රමණය නිසාම මේ ප්‍රදේශවල පෘතුගීසීන් භාවිතා කල ඇතැම් වචන වගේම නම් පවා තවමත් භාවිතා කරනවා.

උදා ; බත්තලන්ද ( මැටිකෝප්පය ) ,කුඩික්කිය - (කැටය) ඔරසන් - (යාච්ඤා කිරීම)

ඉරිදා දිනවලදී රැකියාවන් කරන සියළුම දෙනා නිවෙස්වල රැඳෙන නිසාම..ඉරිදා උදයේ දේව මෙහෙයට සහභාගි වීම වගේම හොඳින් පිළියල කරගත්තු මස් මාළු එක්ක හොඳ ආහාර වේලක් ගන්න හැම නිවෙසකම අය පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම දේවස්ථාන එක්ක සම්බන්ධය දැඩියි. හදිසි ගැටළු අවස්ථාවලදී දේවස්ථානයේ පියතුමාගෙන් උපදෙස් ලබාගෙන ගැටළු නිරාකරනය කර ගන්නත් ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. මිනිස්සුන්ගේ ජීවන රටාව හරිම සරළයි. මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වෙන බොහෝ දෙනා ඥාතීන්. ඒ නිසා ඥාති සම්බන්ධකම් ඉතා ඉහල මට්ටමක තියෙනවා. ඥාති සම්බන්ධකම් වලට කියන නම් උනත් අනිත් ප්‍රදේශ එක්ක ගත්තම ටිකක් වෙනස්.

මේ ප්‍රදේශයට පුංචි ඉතාලිය කියන්නෙ, ඉතාලියේ රැකියාවල නිරත උන බොහෝ දෙනා ජීවත් වෙන නිසයි. අවට ගම්මානවලින් වැඩි දෙනෙක් නිත්‍යානූකූලව හෝ නැතිව ඉතාලිය වැනි යුරෝපා රටවලට සංක්‍රමණය වූ අය. ඒ වගේම විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපේ රටට ගෙනත් දෙන අය. 1985 වගේ කාලෙක අනවසර සංක්‍රමණයින් ලෙසින් කීප දෙනෙක් මුළින්ම ඉතාලියට ඇතුල් වී තිබෙනවා. 1990 දී වගේ ව්‍යාපාරයක් හැටියට ඉතාලියට ශ්‍රමිකයින් පිටත් කර හරින්නට කීප දෙනෙක් ක්‍රියා කර තිබෙනවා. අය කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක්. ඉතා රහසිගතව ධීවර බෝට්ටු මගින් ජීවිතයත් මරණයත් අතර සටනක් කර ලා ඉතාලියට ආසන්න රටකට පිටව ගිහින් එතැන ඉඳලා ඉතා භයානක ක්‍රම මගින් ඉතාලියට ඇතුල් වීමට ඔවුන් උත්සාහ දරා තිබෙනවා. ඒ කාලයේදී බොහෝමයක් දෙනාගේ ජීවිත පවා අහිමි උනාලු. තද සීතලට අසුවීම් සහ ඉතා රහසිගතව ගමන් කල වැසූ " බක්කි බස් " වල පැය ගමන් කිරීම් වලින් හුස්ම ගැනීමේ අපහසුතාවලින් බොහෝමයක් දෙනාගේ ජීවිත පවා අහිමි උනාලු .

අනවසර සංක්‍රමණයින් හැටියට ඇතුලු උනත්...කාලයක පසුව ලැබෙන වීසා බලපත්‍රය නිසාවට ඔවුන් බොහෝ දුක් විඳ තිබෙනවා. වීසා ලබාගෙන යළිත් ලංකාවට පැමිනෙන්නන්ට ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් රැගෙන යන්නට අවස්ථාවක් ලැබුන නිසාත්, එරට තුල තිබුන රැකියා ඉල්ලුම නිසා සහ වැටුපේ ප්‍රමාණය ඉහල නිසාත් අනවසරයෙන් ඉතාලියට ඇතුළු වන්නන්ගෙ ප්‍රමාණය දිනෙන් දින ඉහල ගියා. අද වන විට අපේ ප්‍රදේශයේ ඉතා විශාල ප්‍රමාණයක් ඉතාලියේ රැකියාවල නිරත වන්නන්. ඒ හේතුව නිසාම ප්‍රදේශයේ දියුණුව ඉතා ඉහල මට්ටමක තිබෙනවා. සුඛෝපභෝගී නිවාස , යාන වාහන වගේම මුදල් අතිනුත් ඔවුන් ඉතා ඉහල තැනක ඉන්නවා. 1990 කාලයේදී ඉතාලියට යැවීමට අය කල මුදල රුපියල් ලක්ෂ දෙකක ප්‍රමාණයක් උනත්.. අද වන විට එය ලක්ෂ පහළොවකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහල ගිහින්. ඒ වගේම ව්‍යාපාරයක් හැටියට ඉතාලි රටේ වීසා සපයන්නන් අපේ ප්‍රදේශයේ බහුලයි.

මේ ප්‍රදේශය සරු සාර වෙලා තියෙන්නෙ පොල් වලින්. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශයක් නිසා බොහෝ සරුසාර පොල් වතු දකින්න පුළුවන්.කර්මාන්ත හැටියට ප්‍රධාන වශයෙන් ධීවර කර්මාන්තය ,පොල් හා පොල් ආශ්‍රිතව නිෂ්පාදන සිදු කරන කර්මාන්ත, උළු හා ගඩෝල් කර්මාන්ත ප්‍රධාන තැනක් ගන්නවා. ධීවර කර්මාන්තයේ යෙදෙන්නෙ මුහුදු බඩ ජීවත් වෙන අය පමණයි. අනෙක් අය සමාන්‍යයෙන් අනෙකුත් රැකියාවල නිරත වෙනවා.

ඉස්සරවෙලාම අපේ ප්‍රදේශයේ තිබෙන උළු නිෂ්පාදන කර්මාන්තය ගැන බලමු. අපේ ප්‍රදේශයේ නිවාස වල වහලය සෙවිලි කරන්නට යොදා ගන්නෙ උළු කැටයි. දැන් දැන් පිටරටින් ගෙන්වන උළු කැට භාවිතා කලත්, ලංකාවේ නිෂ්පාදන කරන උළු කැට වලට තවමත් වෙළඳ පොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා.

වයික්කාල කිව්වම බොහෝ දෙනෙක් දන්නේ උළු නිෂ්පාදන කර්මාන්තශාලා නිසාමයි. මේ ප්‍රදේශයට ආවේනිකව තියෙන මැටි විශේෂයක් නිසාම උළු නිෂ්පාදන මේ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සිදු කරනවා. වයික්කාල, බෝලවත්ත , දංකොටුව ඒ අතරින් විශේෂයි.


                                              උළු කර්මාන්තශාලාවක්

මීට අවුරුදු ගණනාවකට කලින් උළු නිෂ්පාදන කටයුතු සිදුවෙලා තියෙන්නෙ ප්‍රධානකොට මිනිස් ශ්‍රමයෙන්. උළු නිෂ්පාදනයට ගන්නා මැටි පදම් කිරීම සිදු කරලා තියෙන්නෙ ශක්තිවන්ත මිනිසුන්ගේ දෙපාවලින්. එහෙම පදම් කරගන්නා මැටි කැට වශයෙන් කපා අච්චුවකට දමා .. ශක්තිමත් මිනිසුන් දෙදෙනෙක් ගේ දෑතින් කරකවන යන්ත්‍රයක් ආධාරයෙන් තලා ගන්නා උළු කැට මද පවනේ වේලා පෝරණුවක පුළුස්සා ගැනීම සිදුවෙලා තියෙනවා. ඒත් කලයාගේ ඇවෑමෙන් යන්ත්‍ර සූත්ත්‍ර භාවිතා කරලා උළු නිෂ්පාදනය දැන් සිදුවෙනවා.

යාන්ත්‍රානු සාරයෙන් අඹරා පදම් කරගන්නා මැටි තවත් යන්ත්‍රයක ආධාරයෙන් උළු කැට ප්‍රමාණයේ කැලි වලට කපා, මේ වගේ යන්ත්‍රයක් ආධාරයෙන් උළු අච්චුවකට දමා උළු කැටයක් නිපදවා ගන්නවා.

                                                  උළු නිෂ්පාදන යන්ත්‍රයක්

ඒ උළු කැටය ලී වලින් තැනුව තැටියත් මතට බාගෙන උළු කැටයේ හැඩය ඉස්මතුවෙන ආකාරයට අනවශ්‍ය දාර කොටස් කපා හරිනවා. 

                                            උළු කැට රහින කාන්තාවන්

මේ සඳහා කාන්තාවන්ගෙ ශ්‍රම දායකත්වය ලබා ගන්නවා. උළු කැට මද පවනේ වියලා ගත යුතුයි. ඒ සදහාම විශේෂයෙන් පොළොවේ සිට ඉහලට තැනුව රාක්ක භාවිතා කරනවා.

                                   රාක්ක උඩ උළු කැට වියැලෙන්නට සකස් කරන කාන්තාවන්

දවස් කීපයක් මද පවනේ වියලා ගන්නා උළු කැට පෝරණුවක ආධාරයෙන් පුළුස්සා ගන්නවා.

                                                                                  උළු පුළුස්සන පෝරණුවක්

උළු තෝරා ගන්නෙ ඉන් පසුවයි. හොඳින් පිළිස්සුන සහ කඩතොළු නොවුන උළු කැට වර්ග කිරීම කරනවා. ඒ නොම්මර 1 , නොම්මර 2 සහ නොම්බර 3 උළු වශයෙන්. උළුවල මිළ ගණන් තීරණය වෙන්නෙ මේ වර්ග කිරීම අනුවයි. මේ දිනවල පවතින මිළ ගණන් අනුව නොම්මර එක උළු කැටයක මිල රුපියල් 25-30 ත් අතර මුදලක පවතිනවා.

                                                                                  අවසානයේදී උළු කැට

සමාන්‍යයෙන් ඇස්බස්ටෝ ෂීට් සෙවිලි කරපු නිවසකට වඩා උළු සෙවිලි කරපු නිවසක සිසිල් බවක් තියෙනවා. මීට වසර කීපයකට කලින් ඉතා දියුණු මට්ටමක තිබුණ උළු නිෂ්පාදන කර්මාන්තශාලා , මේ වෙන විට බොහෝමයක් වැසී ගිහින්. ප්‍රධාන වශයෙන් බලපාන්නේ උළු නිෂ්පාදනයට අවශ්‍ය මැටි ලබා ගැනීමට නොහැකි කමයි. අනවශ්‍ය ලෙස ගැඹුරට මැටි ලබා ගැනීම නිසා වතුර එකතු වී සෑදුන විශාල වතුර වලවල් ආශ්‍රිතව ඇතිවූ මදුරුවන් නිසා ඩෙංගු වැනි රෝගකාරක පැතිරී යාම නිසාම මැටි ලබා ගැනීම තහනම් කොට තිබෙනවා. බංගදෙනිය වගේ දුර බැහැර ප්‍රදේශවලින් මැටි ලබාගෙන දැනට මෙම උළු කර්මාන්තාශාලා සුළු වශයෙන් පවත්වාගෙන ගියත්..බොහෝමයක් කර්මාන්තශාලා මේ වෙන විට වසා දමලා. ඒ නිසාම උළු කැටයක වටිනාකමත් ඉහල ගිහින් තිබෙනවා.

ප ලි
අපේ ගම් පලාත් ගැන කතා කරද්දී කාටත් මතක් වෙන දෙයක් තමා කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය අරක්කු නිෂ්පාදන එහෙමත් නැත්තම් මහාපරිමාණයෙන් කරගෙන ගිය කසිප්පු ජාවාරම්..ඒ ගැන ඊලග පෝස්ටුවෙන් ... J

පින්තූර හොයා ගත්තේ ගූගල් මගින්

98 comments:

  1. ළිහිණියා මරු පෝස්ට් එකක් දාලා... අපේ පුංචි ඉන්නෙත් වෙන්නප්පු‌ෙව්.. යෝගියාන හරියේ... මං නං බැන්දට පස්සේ ගියෙම නෑ එහෙ.. යන්න ඕනේ.. මේක දැකලා මතක් උනේ...

    කට්ටිය මතක් කරන්න කලින්ම අන්තිමට හරි මතක් කරපු එක හොදයි.. හි හි

    ReplyDelete
    Replies
    1. යෝගියාන තියෙන්නේ වෙන්නප්පුවේ නෙමෙයි දන්කොටුවේ ,මං දැනට ඉන්නෙත් ඒ ලග

      Delete
    2. @හිරු

      හසරැල් කිව්වා වගේ යෝගියාන තියෙන්නෙ දන්කොටුවේ. ඒ පැත්තෙ බෞද්ධ අය ඉන්නවා.

      //කට්ටිය මතක් කරන්න කලින්ම අන්තිමට හරි මතක් කරපු එක හොදයි.. හි හි//

      නැතුව නැතුව...මම දන්නවනෙ කට්ටිය ඒ ගැන මතක් කරනවා කියලා..

      Delete
    3. අපේ .......... අඅඅඅඅඅඅඅ........... නෑ නේ ..... කවුරුත් නෑ වෙන්නප්පුවේ . තිත් දෙකයි ඩී

      Delete
  2. ඔව්... ගමේ ජීවිතේ හරි සුන්දරයි. නිදහස්... ඒත් දැන් නම් ඔක්කොම එකයි.. මමත් වයික්කාලට නම් ගිහින් තියේ.. අපේ ගේ හදන්න උළු ගෙන්නුවෙ කෙලින්ම එහෙන්.. මීට අවුරුදු 7කට කලින්..

    ReplyDelete
    Replies
    1. ගේ තෙමෙන්නෙ නැතුව තියෙනවද ? හි හි හී

      Delete
  3. තවත් එකක් නංගියා...ඔය උළු අභාවයට යන්න තවත් එක හේතුවක් තියෙනව.ඒ තමයි කපටි වෙලෙන්දෝ නො.1,2, කියල නො.3 උළු මිනිස්සුන්ට විකුනනව.ඉතින් ඒවයෙ තියෙන නොගැලපීම් නිසා මිනිස්සුන්ට එපා උනා...නමුත් නියම නො.1දානවනම් එහෙම වෙන්නෙ නෑ...අනික ලී වල තියෙන හිඟය..ඇස්බැස්ටස් වලට සාපේක්ෂව උළුවලට ගොඩක් ලී අවශ්‍යයි.

    ලස්සන ගම් පලාතක් වගේ ලිහිනියෝ....!
    අපේ බාප්ප කෙනෙක් නාත්තන්ඩියේ හිටිය...උළු වලට පස් කපන තැනක කන්ඩියක් කඩා වැටිල අපි පොඩි කාලෙම මියෑදුන..ලමයි නම් 6ක් විතර හිටිය ඔක්කොම මට වඩා වැඩිමල් අය...දැන් ඒ අය එක්ක සම්බනදයක් නෑ..මම නම් ගිහිල්ලත් නෑ..පුන්චිත් මිය ගිහිල්ල..!

    මන් හිතන්නෙ ලිහිනිත් ක‍තෝලික වෙන්න ඕන. මගේ ටෙක් එකේ යාලුවෙක් හිටිය අමිල කියල කොච්චිකඩේ..ඕවුන් ක‍තෝලික..ඕවුන්ගෙ පල්ලියෙ මංගල්ලේට මටත් ආරාදනා කලා..අම්මෝ උන් කන විදිය මාර විදියට කෑම හදල තිබුන අපිට පුදුමයි. ටෙක් යනකාලෙනෙ..කඩෙන් කකා කොලඹ බෝඩ් වෙලා හිටියෙ..ඉතිං ඇදල ඇරිය බුරිය උල්වෙන්නම.

    ReplyDelete
    Replies
    1. //මන් හිතන්නෙ ලිහිනිත් ක‍තෝලික වෙන්න ඕන.//

      අනේ ඔව් වීයා. මම කතෝලික. මව් පිය ආභාෂයෙන් අපිට ලැබුන ආගමනේ...

      //ඕවුන්ගෙ පල්ලියෙ මංගල්ලේට මටත් ආරාදනා කලා. //

      ඒ පැත්තෙ හැම පල්ලියක්ම එක එක සාන්තුවරයින්ට..එහෙමත් නැත්තම් දේව මෑණියන්ට කැප කරලා තියෙනවා. ඉතින් අවුරුද්දකට එක සැරයක් සමරන උත්සවයක් ගන්නවා. පල්ලියේ මංගල්‍යය. හරි ජයට ගන්න්න උත්සවයක්. ඔයා සහබාගි වෙන්න ඇත්තේ ඒකකට. කොච්චිකඩේ පල්ලි කීපයක් තියෙනවා..

      Delete
  4. මාත් පුංචි කාලේ ඔය උළු කර්මාන්ත ශාලාවක් නං බලන්ඩ ගිහිං තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපේ පැත්ත මතක ඇති :)

      Delete
  5. ඒ පැත්තෙ ආවොත් එන්නම්..ආගන්තුක සත්කාර හරි ඉහලයි කී නිසා..උදේට තේ බීලා, දවල්ට බත් කාලා..හවසටත් තේ බීලම යන්න බලා ගෙනයි ඕන් එන්නෙ !

    ReplyDelete
    Replies
    1. අපෝ එන්න...ඒ පැත්තෙ යාළුවෝ ඉන්න අයගෙන් අහලා බලන්නකෝ ආගන්තුක සත්කාර කොහොමද කියලා. අනික අපේ පැත්තෙ අයට හරිම රසට උයන්න පිහන්න පුළුවන්... :)

      Delete
    2. මොනවද බං වෙනී අයියේ.ඔච්චර එකේ රෑටත් බත් ටිකක් කාලාම ගියානං මොකද..? ආයේ ඉතිං ඒකට විතරක් කඩේ දුවන්න ඕනයෑ... උඹලගෙත් ලොකු කොමනේ...

      දාන්න ආව කමෙන්ට් එකත් අමතක උනා උඹේ මේ බාගෙට කන කතාව දැක්කම.. :D

      Delete
    3. @මාරයාගේ හෝරාව

      අනේද කියන්නේ...ඔච්චර කාපු එකේ රෑ වේල මොකද්ද නේද.. මාරයා අයිය කරක් ගහලා නැද්ද අපේ පැත්තේ. අඩුම තරමින් කසිප්පු වඩියක රහ බලන්නවත්.. :P

      Delete
  6. මම ගිහින් බැලිය යුතුව ඇත.... මෙච්චර දෙයක් දැනන් හිටියෙ නැ,. ඊළග පොස්ටුව කියවලම සම්පූර්ණ ක්මෙන්ට් එක කොටනවා.. ;)

    ReplyDelete
    Replies
    1. උළු කර්මාන්තශාලාවකට ගියාම හරි ෂෝක්. මැටි එක්ක තෙල් මිශ්‍ර වෙලා එන්නෙ අමුතුම සුවදක්. අනික උඩටම රාක්ක ගහලා තියෙන නිසා ඇතුල හරිම කූල්. ඉස්සර අඩියෙන් අඩිය තිබ්බ උළු කර්මාන්තශාලා දැන් හුඟාක් වහලා දාලා ශම්මියො..

      Delete
  7. අ‍පේ පරම්පරා තුනකට එහා ගත්‍තොත් අපිත් ‍බෝලවත්ත, දං‍කොටුව පැත්‍තෙ තමයි නංගි. දැනටත් තාත්ත‍‍ගෙ නෑදෑයො කිරාගාර, ‍ගෝණවිල හරි‍යෙත් අම්ම‍‍ගෙ පැත්තේ අය ‍බෝලවත්තෙතත් ඉන්නවා... ඒ ව‍ගේම ළ.ක්රිය.වී. කළ නිසා ‍වෙන්නප්පුව, සාන්තානාපුර, ලංසිගම, කටු‍නේරිය මම දන්න අය ‍ගොඩක් ඉන්නවා... ඒ නිසා ඔයාගෙ ගම මට ම‍ගෙත් ගම ව‍ා ගේ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අක්කත් අපේ නෑදෑයොද දන්නෙත් නෑ :) මම අක්කා ලුණුවිල. ඒ උනාට අපේ තාත්තගෙ ගම ගෝනාවිල. අපේ නෑයෝත් ඉන්නවා කුලියාපිටියේ. කිතලව එහෙම.. :)

      Delete
  8. අහ්හ් නියම පොස්ට් එකක් .. මොකද කියනවනම් උළු කර්මාන්ත ශාලා ගැන පොඩි කාලේ ඉඳන්ම මට තිබුනේ හෙනම කුතුහලයක්.කවදාවත් එයින් එකක් බලන්න යන්න බැරි උනා නේ....

    මම වැඩිපුර ආස ඊළඟ පොස්ට්ටුවට තමයි..:P

    ReplyDelete
    Replies
    1. නූරානි කියලා උළු කරමාන්තශාලාවක් තිබ්බා. තනිකරම යන්ත්‍ර සූත්ත්‍ර වලින් වැඩ කරන්නේ. වෙන එකක් තියා උළු යන්ත්‍රයෙන් හදල පටි දිගේ රාක්ක වලට යන්නෙ. අපි පොඩි කාලේ එතැනට අරගෙන ගියා බලන්න. දැන් ඒක වහලා. මොකද්දෝ ගර්මන්ට් ෆැක්ටරි එකක් තියෙන්නේ..

      //මම වැඩිපුර ආස ඊළඟ පොස්ට්ටුවට තමයි..:P//

      හි හි හී..ජාතික පානය ගැනද ?

      Delete
  9. කියල තියෙන විදියට ලිහිණිගේ ගම ලස්සනයි වගේ.... මම නම් වෙන්නප්පුවේ ගිහින් නැද්ද කොහෙද.... හැබැයි වෙන්නප්පුවට පුංචි ඉතාලිය කියනව කියලනම් අහල තියෙනවා...

    මේ දැන් නම් ඉතාලියේත් ජොබ් නෑලු..... මං දන්න අයිය කෙනෙක් කිව්වේ.... අළුතෙන් එන අයට අමාරුයි කියල.

    ReplyDelete
    Replies
    1. අපි ඉන්න හරියෙ නම් තාමත් ගැමි කම ටිකක් හරි ඉතුරු වෙලා තියෙනවා. ඒත් ටිකම ටිකයි. ඒ ටිකත් නැතිව යාවි ඉක්මනටම ..

      //මේ දැන් නම් ඉතාලියේත් ජොබ් නෑලු.//

      ජෝබ් නැති කතාව ඇත්ත. අපේ පැත්තෙ හුඟාක් දෙනෙක් ණයවෙලා ඉතාලි ගිහින් එහෙ නිකම් ඉන්නවලු ජොබ් නැතුව. අපේ අයියන්ඩිත් එහෙනෙ ඉන්නේ. හේතුව ඉතාලියේ ආර්ථිකය කඩා වැටීම. අගමැතිත් ඉල්ලා අසුනානේ. මහා පරිමාණයෙන් බැංකු ණය අරගෙන මිනිස්සු ඒවා ගෙවන්නෙ නෑලු. වෙන එකක් තියා ලංකාවේ අයත් එහෙන් ණය අරගෙන ලංකාවට ඇවිත් ආයේ යන්නෙ නෑ.

      Delete
  10. මදෑ මං උළු කර්මාන්තෙ ගැන පොස්ට් එකක් දාන්න හිටියා,මං හිතන්නේ ලිහිණි නයිනමඩමේ නැත්නම් බොරලැස්ස,බෝලවත්ත,රන්ගම්මුල්ල කියන මේ හරියේ වෙන්න ඕන.උළු කැටයේ සැහැල්ලුබව ලබාගන්න තමයි බන්ගදෙනියේ මැටි කවලම් කරන්නේ.මේ ඒක නෙමෙයි කවුද අප්පා කහටවිල ඉන්නේ ?මං ඉන්නෙත් ඒ ලගපාතනේ.ලිහිණි ඉතින් කසිප්පු ගැනත් ලියන්න යනවනේ,අපිට හුලන් තමයි

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම මෙයා ඒ පැත්තෙ නොදන්න ගමක් නෑනේ. හසරැල් මම ලියලා තියෙනවනේ මම ඉන්නෙ කොහෙද කියලා :) වෙන්නප්පුවට කි.මී. දෙක නම් ඔයා ඔය කියන පැත්තෙ වෙන්න බෑනේ..

      මම ලුණුවිල. ඔයා ඉන්න හරියට බොහෝම කිට්ටුව නේද ?

      //කවුද අප්පා කහටවිල ඉන්නේ ?මං ඉන්නෙත් ඒ ලගපාතනේ//

      එයා මේ දවස්වල ලංකාවට ඇවිත්. ඉතාලියේ ඉඳන්.මේ මාසෙ අන්තීමට තමා ආයේ බ්ලොග් කියවන්න එන්නේ. නම කියන එක හරිද දන්නෙ නෑ. එයා ආවම පෝස්ටුව බලයිනේ.

      Delete
    2. //මදෑ මං උළු කර්මාන්තෙ ගැන පොස්ට් එකක් දාන්න හිටියා//

      කියන්න බැරි උනානෙ. පෝස්ටුව දාන්න. මම මේ උඩින් පල්ලෙන් ලියපුව වගේ නෙමේ. ඔයා හොඳ කරුණු එකතු කරලා ඇතිනේ.

      Delete
  11. ලිහිනිගේ ගම නියමයි නේ. පලවෙනි ෆොටෝ එකේ තියන්නේ ඇත්තටම ගින් ගඟේ ෆොටෝ එකක්ද.. "මිල්ල සොයා" ෆිල්ම් එක මට මතක විදිහට ඔය ඉතාලි ගමන් සම්බන්ධව හදපු එකක්. "කුලී කලත් වයික්කාලේ උළු මෝලකට".. මේ සින්දුවේ ඔය වයික්කාල කියල සඳහන් වෙන්න හේතුව මේකයි එතකොට.

    ReplyDelete
    Replies
    1. ගිං ගඟමද කියලා නම් දන්නෙ නෑ. හුඟාක් වෙලාවට ගිං ගඟ වෙන්න ඕනෙ. ගූගල් දෙයියගෙන් හොයා ගත්තේ :)

      // "මිල්ල සොයා" ෆිල්ම් එක මට මතක විදිහට ඔය ඉතාලි ගමන් සම්බන්ධව හදපු එකක්.//

      ඔව් චන්දන. ඉතාලියේ ඉස්සර භාවිතා උන මුදල් නෙ " මිල්ල " කියන්නේ. ඒකයි ඒ චිත්‍රපටය " මිල්ල සොයා " කියලා නම් කරලා තියෙන්නෙ. දැන්නම් යූරෝ නෙ

      Delete
  12. අපේ යාළුවෙක් ඉන්නවා බෝලවත්තෙ,

    ඔය පැත්තෙ තාප්පවලට ගන්නෙත් ඩැමේජ් උළු නේද...?

    ReplyDelete
    Replies
    1. බෝලවත්තෙ ඉන්න කෙනෙක්නම් මම දන්නවා වෙන්න පුළුවන්. මොකද මගෙ මාමා බෝලවත්තෙ නිසා එහෙට නිතරම යනවා එනවා..

      ඔව් සුමිත්..හුඟාක් වෙලාවට වැමේජ් උළු අපේ පැත්තෙ අඩු ගානට ගන්න පුළුවන්. ඒ නිසාම තාප්පවලට පවා උළු ගහනවා. ඒත් දැන් දැන් අපේ පැත්තෙත් උළු හිඟයක් තියෙන්නේ. බලන්නකෝ උළු කැටයට ගණන්..

      Delete
    2. ඩමේජ් උළු තාප්පවලට ගැහුවේ ඉස්සර දැන් කීයටහරි විකුනනවා

      Delete
    3. ඔව්. අපේ අම්මත් ඒ කතාව කිව්වා.

      Delete
  13. ඉතාලිය කියද්දි මට වෙන වෙන එවුවා මතක් වෙනවා ළිහිණි අක්කා ඉතින් දන්නවනේ.

    අක්කා ඉන්න පැත්තට කවදාමත් ඇවිල්ලා නැ. අඩුම තරමේ මිගමුවත් ගිහින් නැ ජිවිතේට. යන්න ආසයි. මෙහෙම කියද්දි තවත් කුතුහලය වැඩි වෙනවා අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. මේකනෙ නංගා වැඩේ. අපේ පැත්තෙන් තමා ඔය ඉතාලි යන වැඩේ ලංකාවට බෝ උනේ. අහන්නකෝ " අරයා " ගෙන් කටානියා වල කොයි තරම් ඉන්නවද කියලා අපේ පැත්තෙ අය...

      Delete
  14. අපේ අප්පච්චිගේ ගම තුලාවල, ඔය කිරිමටියානෙන් හැරිලා යන්න ඕනේ! නිතරම වගේ මම ඔය පැත්තේ කරක් ගහනවා! එන්න ඕනේ ලිහිණි අක්කා හොයාගෙන ඔය පැත්තේ දවසක....

    ReplyDelete
    Replies
    1. කිරිමැටියාන කිට්ටුවට ගිහින් තියෙනවා.අපිට කිට්ටුයි. මම ලුණුවිලනෙ..
      එන්න එන්න. මම ඉන්න වෙලාවක එන්න. :) නැත්තම් වැඩක් නෑනේ.

      Delete
  15. මගේ ගම ගැන ලස්සන රචනාවක්. ඇත්තෙන්ම ළිහිණිට පුලුවන්නෙගමට ගිහින් තව ෆෝටෝස් ටිකක් අරගෙන දාන්න.

    තව එකක්. ඔය බෝලවත්ත, නයිනමඩම වගේ ගම් තියෙන්නෙ එයාපෝට් එක කිට්‍ටුව නේද? එතකොට ඒවා අයිති පුත්තලම් දිස්ත්‍රික්කෙටද? ගම්පහ දිස්ත්‍රික්කෙටද?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. // ඇත්තෙන්ම ළිහිණිට පුලුවන්නෙගමට ගිහින් තව ෆෝටෝස් ටිකක් අරගෙන දාන්න.//

      ගමේ යන්නෙ ලිපට පත්තර කොල දාලා වගේ ඩූඩ්. ගියා -ආවා. මොන පින්තූරද ? අනික දැන් ගමේ ආශ්‍රයටවත් කෙනෙක් නෑ අපේ වයසේ. එකතුවෙලා ඔය වගේ ගමනක් යන්න. ඔක්කොම ඉතාලියේ..

      //ඔය බෝලවත්ත, නයිනමඩම වගේ ගම් තියෙන්නෙ එයාපෝට් එක කිට්‍ටුව නේද? //

      නෑ ඩූඩ්. බෝලවත්ත , නයිනවමඩම තියෙන්නෙ මීගමුවට එහා. හලාවත පැත්තට වෙන්න. ගම්පහ දිස්ත්‍රික්කය ඉවර වෙන්නෙත්, පුත්තලම් දිස්ත්‍රික්කය පටන් ගන්නෙත් කොච්චිකඩේ පෝරුතොටින්. ඉතින් පෝරුතොට එහායින් ඉන්න අපි අහුවෙන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කයට. ඉස්සර ප්‍රභාකරන් ඉල්ලලා තිබ්බ කොටසට අපිත් අයිතියි.

      Delete
  16. ළිහිණි බොහොම අවංකව ලියැවුණු ලිපියක්.ඇත්තටම අපිත් ඒ කාලේ ඔය පැත්තේ ඇවිත් තියනවා රා බොන්න එහෙම.මේ පෝස්ටුව කියවද්දි ඒ අතිතය මතක් වුණා. වෙන්නපුපුවේ හිටියා පරණ නළුවෙක් බොනිපස් ප්‍රනාන්දු කියලා.අන්න එයාගේ ගෙදර මම ඇවිත් තියනවා කීප වරක්ම රා බොන්නයි, හොඳ රසට මස් කන්නයි ම.මං මේ කියන්නේ අවුරුදු 25කට එහා අතීතයක්.පාර අයිනේමයි ගෙදර. පිටිපස්සේ මුහුද.ඒ විඳපු මිහිර මේ පෝස්ට් එකත් එක්ක ආයිමත් සිහියට එනවා.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 25කට එහා? එතකොට අපි නෑද කොහෙද

      Delete
    2. අනේ අම්මප මේකා ගේ වැඩ.. ගෙවල් මීරිගමද කොහේද ඒ උනාට රා බොන්න වෙන්නප්පුවේ යනවා. අනේ අපෝයි..

      Delete
    3. රා බොන්න ඒ පැත්තෙ තියෙන හොඳම තැන හැටියට කියන්නෙ " පම්බල " කියන හරිය. ඒ ඉසව්ව හරියටම පයාගල හරිය වගේ. විශාල පොල් වතු මැද්දෙ තමා " රා බොමු " කියලා බෝඩ් කෑලි ගහලා තියෙන්නෙ. ඒ හරියනම් හම්බ වෙන්නෙ හලාවතත් පහුකරලා පුත්තලම් පැත්තට යද්දී.

      Delete
    4. අඩේ. අමතක උනා.. අර මං කිවවා නේද රා බීපු කතාවක්.. අපි රා බිව්වෙත් ඔය හරියෙදි තමා.. පුංචිගේ මඟුල් ගෙදර ගිහින් එනගමන්... රා බොමු කියලා බෝඩ් ගහපු තැනකින්... අපේ කට්ටියට මගුලට දීලා තිබ්බ රා ටික රහ වැටිලා... හි හි.. තාමත් අපේ සෙට් එක එහෙ යනවා නම් බාප්පා 15කට විතර රා ගෙනත් තියනවා... හි හි

      Delete
    5. රා බීලා කාටවත් බඩ ගිහිල්ලා නැද්ද ? රා වල ආතල් බහිනවා එහෙම උනාම...

      Delete
  17. කලින් ජොබ කරද්දි නම් මාසෙට දෙතුන් පාරක් ඔය පැත්තෙ රවුම්ගැහුව. මේ ලගකදි කිලිනොච්චි ගිහින් එනකොටත් ඒ පැත්තෙන් ආවා. දැන් ගොඩක් වෙනස්. මං කැමතියි දංකොටුව පැත්තට නම්. ඒත් වතුර තමයි අවුල්

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්. වෙනස් වෙලා කියන්නෙ හොඳටම වෙනස් වෙලා. මාලිගා වගේ ගෙවල් හැමතැනම.

      අපේ පැත්තෙ නම් වතුර වල වෙනසක් නෑ. දංකොටුවේ වතුර අවුල්ද ? ඒ පැත්තෙ ගියා ආවට වතුර බීලා නම් නෑ.

      Delete
  18. මම ඔය පැත්තට ගිහිල්ලම තිබුනේ නැති උනත් අවුරුදු 2 කට විතර කලින් ඕන තරම් යන්න අවස්තාව ලැබුනා. ඉතාලි ගෙවල් පාර දිගටම පහු වෙනවා ඔය හරියේදී. ගේ ඉස්සරහා ලොකුම ලොකු ගේට්ටුවකුත් අනිවාර්යෙන් තියනවා නේද :) ඔයාගේ ගම ලස්සනයි ලිහිණි. ඇතුලට ගිහින් බැලුවොත් තවත් ලස්සන ඇති

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ හැමෝම වගේ ඉන්නෙ ඉතාලියේ සයුරි. ගමේ මිනිස්සු හරි අඩුයි. ඉන්නෙත් වයසක අය විතරයි. යූරෝ හොයාගෙන ඇවිත් අහස උසට ගෙවල් හදලා. ඒ තරම් උසට තාප්ප දාලා. සයුරිට කියන්න ඉස්සර අපි කි.මී තුන හතරක දුරින් තියෙන වැල්ලට යනවා මාළු ගන්න. හරි ලාබයි. එතකොට ඒ අවට තිබ්බේ පැල්පත් වගේ ගෙවල්. දැන් බලන්න ඕනෙ ලස්සන. හරිම ලස්සන ගෙවල් පිරිලා ඒ පැත්තෙ. ඉතාලි රජයට පිංසිද්ධ වෙන්න අපේ පැත්තෙ අය කීයක් හරි හොයා ගත්තා..

      Delete
  19. මම උළු කර්මාන්තශාලා දැකලා තියෙනවා හලාවත පැත්තේ යද්දී මේ සැරේ නිවාඩුවට ලංකාවට ගියපු වෙලෙත් හලාවතත් ගියා, අනුරධපුරත් ගියා පුත්තලම හරහා.එත් බෝල වත්ත පහුකරාද දන්නේ නැහැ.. හ්ම්,, කොහොමද තියෙන ගෙවල් ටික...??

    ReplyDelete
    Replies
    1. කොළඹ හලාවත පාරේ ගියානම් අනිවාර්යෙන්ම වයික්කාල ,බෝලවත්ත, වෙන්නප්පුව පහු කරලා තමයි යන්නේ :)

      Delete
  20. ඉස්කෝලෙ යනකාලේ ක්‍රීඩා තරඟෙකට වෙන්නපුවේ ගියා. ඒ ඇරෙන්න වැඩිය ගිය නැති පලාතක්. හොඳ ලිපියක් ළිහිණි... නොදැන හිටපු කරුණු ටිකකුත් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. වෙන්නප්පුවේ කොහාටද ගියේ ? ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගණයටද ? නැත්තම් ජෝසප් වාස් ඉස්කෝලෙටද ?

      Delete
  21. වෙන්නපුපව කිව්වම ලිහිණායෝ අමතක නොකර කියන්නම ඕන නමක් තියෙනවා වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලය. (නම හරි මයේ හිතේ) අපි ඉස්කෝලේ වොලිබෝල් ගහන කාලේ හිටිය අපේ පරම හතුරන්. ඇයි එහෙම වෙන්නේ මුන් තමා හැම පාරම වගේ වොලිබෝල් සමස්ථ ලංකා දිනන්නේ. අපි ඇත්තටම උන්ට ඉරිසියා කලා. ඒ වගේම තව ඉස්කෝලයක් තිබුනා ඔය කිට්ටුව එක පාරක් ඒ දෙගොල්ල තමා ෆයිනල් ආවේ. හා.. නාත්තන්ඩියේ දම්මිස්සර...

    ReplyDelete
    Replies
    1. වෙන්නප්පුවේ හොඳම ඉස්කෝල දෙක තමා ජෝසප් වාස් විද්‍යාලයයි අපේ ඉස්කෝලෙයි ( සුද්ධවූ පවුලේ කන්‍යාරාමය ) ඒ ගැන මම තාම ලිව්වේ නෑ දේශා..ඉදිරියට ලියන්න බලාපොරොත්තුව ඉන්නවා.

      ජෝසප් වාස් එකේ හොඳ වොලිබෝල් ටීම් එකක් හැමදාම තිබුනා. ඒ වගේම මළල ක්‍රීඩා කණඩායම් එහෙම.. අපේ ඉස්කෝලෙට පැණි හලන්න එන්නෙ ඒකෙ ඉන්න ඇඹලයෝ ටික තමා...හි හි හී

      නාත්තන්ඩියේ ධම්මිස්සර ඉස්සර ඉහළින්ම උන්නත් දැන් දැන් ඒ තැන නැතුව ගිහින්.

      Delete
    2. ජෝශප් වාස් කොල්ලො කවදත් ක්‍රීඩාවට දස්ස කොල්ලො....... ඕන් මමත් ලිහිණියගෙ ගමේ

      Delete
  22. මගේ වෙන්ට වයිෆ් ඉන්නෙත් වයික්කාල හන්දියෙම තමා.... ඉස්කෝලෙ ලග.... මම ඇවිල්ලත් තියෙනව.......

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ කිව්වේ " සිඳු කුමරි " එක වෙන්නැති :)

      Delete
  23. මම නම් ඔය පැත්තේ ඇවිත් නැහැ ලිහිණියෝ ...

    ReplyDelete
    Replies
    1. දවසක එමු දෙන්නත් එක්කම... රත්නපුරේ ඉඳලා මහ දුරක්යෑ..:)

      Delete
  24. ඔයා ලුණුවිල නේ ඉන්නේ ???

    ReplyDelete
    Replies
    1. හිතේ අවිශ්වාස තිබ්බම හැමතැනම පැහැදිලි නෑ මධුරංග. මම ඉන්නේ ලුණුවිල කියලා මේ පෝස්ටුවෙත් කීප තැනක ලියලා තියෙනවා. අනික මම මේ කතා කරන්නේ අපේ ගම වගේම ගම අවට ඇති ගම්මාන ගැන...හි හි හී

      Delete
    2. පෝස්ටුව කියෙව්වේ නෑ ලිහිණි. ෆොටෝ ටික බලාගෙන ගියා විතරයි.

      Delete
  25. මීගමුවට නම් ගිහින් තියනව ඒත් ටවුන් එකට විතරයි... ලිහිනිගෙ සටහන දෑක්කම ආස හිතුන යන්න...

    ReplyDelete
    Replies
    1. මීගමුව ටවුන් එකත් දැන් හොඳටම වෙනස් වෙලා.අලුත් අලුත් බිල්ඩිං එකතුවෙලා. බස් නැවතුම් පල අලුත් වෙලා. ඒත් අපි ඉස්සර පන්ති ගිය බෞද්ධ මන්දීරය තාමත් ඒ වගේමයි.

      Delete
  26. ලිහිනිට චොම්මෙන්ට් එකක් දන පලවෙනි දවස. ඔයාගේ පොස්ට් ටික ඔක්කොම එක උස්මට කියෙව්වා අපු පලවෙනි දවසේ. අද තමා චොම්මෙන්ට් එකක් දැම්මේ. මේ පොස්ට් එක නම් හිතට ගොඩක් වැදුන.මගෙත් ටිඅක දුරින් නෑ එකෙන්ක් වෙන කෙනක් ඉන්නවා කාක්ක පල්ලිය පැත්තේ ඇත්තටම ඒ පැත්තට අවේනික අමුතුම සුන්දරත්වයක් තියනවා. ඔය ජාතික පානයට හරි ප්‍රසිද්ධ පැත්තක් නේ ඉතින් :) මාමා බෞද්ධ උනත් කොච්චිකඩේ පල්ලිය මාරවිල කුරුස පල්ලිය වගේ එවට ගිහින් තියනවා.තලවිල ශාන්ත ආනා පල්ලිය බලන්න ගිය ගමන් දෙක තුනක මතක් ඔයාගේ පොස්ට් එක නිසා අලුත් උනා.

    ReplyDelete
    Replies
    1. කාක්කපල්ලියට අපේ පැත්තෙ ඉඳන් තව දුර යන්න ඕනෙ. මමත් ඒ පැත්ත දැකලා තියෙන්නෙ තලවිල පල්ලි යද්දී තමා.

      ඔය මාරවිල කුරුස පල්ලිය තියෙන්නෙ සොහොනක් මැද්දෙනේ. ඉස්සට හරිම ප්‍රසිද්ධයි. කතෙලික විතරක්ම නෙමේ වෙන ආගම්වල අයත් පල්ලියට එනවා.

      Delete
  27. ඉතාලියයි, උළුයි දෙකම තියෙන නිසා පරන කතාවක් මතක් උනා.. ඔය හොරෙන් රට යන පිස්සුව තිබුන ඒ කාලේ පොරක් කස්ටියක් සෙට් කර ගත්තලු ඉතාලි ගිහින් දාන්නම් කියලා. ඉතින් බෝට්ටුවේ දවස් දෙක තුනක් ඉඳලා පාලූ කාන්තාරයක් වගේ පැත්තකට සෙට් එක ගිහින් දාලා කිව්වලු. ඕන් ඉතාලියට ගෙනාවා බැහැලා රස්සාවල් හොයා ගනිල්ලා කියලා.. මුන් පාරේ එනකොට ලොරියක් එනවලු විජය උළු කියලා ගහලා... එකෙක් කියනවලු ....

    "ඒයි බලපන්කෝ මචෝ විජය උළු මෙහෙත් තියනෙවනේ බන් කියලා...."

    ReplyDelete
    Replies
    1. ඔය වගේ නසරාණි කාරයෝ ඉන්නවා තමා. දැන් නම් බෝට්ටුවලට යන්නෙ නෑ. යනවන ක්‍රමයට කියන්නෙ "ෆේස් කට්" කියලා.

      විජය උළු ඉස්සර ප්‍රසිද්ධම උළු තමා. තාමත් තියෙනවද නම් දන්නෙ නෑ...

      අපේ පැත්තෙ ඉන්නවා පවුලක්ම. ඒ අයවත් සෝමාලියාව පැත්තෙ අතරමංකරලා. කඳවුරක අවුරුදු ගානක් ඉඳලා තමා ලංකාවට ආවේ. ඒ ඇවිල්ලත් ආයෙම යන්න තමා ට්‍රයි එක.

      Delete
    2. විජය උළු හැදුවේ අපේ ගමෙනේ

      Delete


  28. ඉඩහන් මමත් එනවා ඔහේ , කාලෙකින් රට වටේ ඇවිදින්න බැරි උනා

    ReplyDelete
    Replies
    1. එන්න එන්න..අර වෙනි අයියා වගේ උදේටත් කාලා..දවල්ටත් කාලා, හවසට තේත් බීලා යන්න එක්ක :)

      Delete
    2. එ කිව්වේ උදේටයි දවල්ටයි කාලම ඉවර වෙලා ඇවිල්ල, තේ බොන්න විතරක් එහේ එන්න කියලද ලිහිණියෝ...

      Delete
    3. යන්තන් ඇති...උඹට විතරයි ඒක තේරුනේ...හි හි හී ( නැත්තම් ඔහොම කන්න දෙන්න ගියොත් මාව කිරි හොද්දට වැටෙයි..)

      Delete

  29. ආ.. මේ සින්දුව : සාමාන්යෙන් මම මේ දවස් වල ආසම එකක් , ගම ගැන ලස්සනට කියනවා එකෙන්
    http://www.youtube.com/watch?v=hDyGMQcEY14

    ReplyDelete
    Replies
    1. රෝහණ බැද්දගේගෙ අපූරු සින්දුවක්. ස්තුතියි.

      Delete
  30. ආගන්තුක සත්කාරය නම් ඉහලින් කෙරෙන බව තේරුනා ඔය පැත්තෙ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක.
    ඊළඟට වගේ ගම්පලාතෙ වැදගත්ම විස්තර ටික තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. /ඊළඟට වගේ ගම්පලාතෙ වැදගත්ම විස්තර ටික තියෙන්නෙ.//

      ඒ ටික නොලීවොත් හිතයි මම කොලේ වහලා ගම ගැන ලිව්ව කියලා. ඒ නිසා ඒ ටිකත් ලියන්නම ඕනේ :)

      Delete
  31. Gaga dakina kota nam asai lihini. Lassanai wage e paththa. Dan ulu danawa adu lee wadipura yana nisa thamai. Apith sheet danme ekai. Nathnam ulu danmama rasneth adui ahithakarath nane.

    ReplyDelete
    Replies
    1. උළු ගෙවල්වල රස්ණය අඩුයි වගේම ශරීරයට අහිතකරත් නෑ කියන කතාව ඇත්ත තමා. ෂීට් දැම්මොත් සීලින් ගහන්න කියන්නෙ ඒ හන්දා වෙන්නැති.

      Delete
  32. මට තවම ලංකාවෙ යන්න බැරි වෙච්ච පැති ගොඩක් තියෙනව. ළිහිණිලාගෙ පැත්තත් ඒවගෙං එකක්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... වෙනසකටත් එක්ක ගිහින් බලන්න :)

      Delete
  33. අම්මෝ.. බලන් ගියාම ඒ පැත්ත දන්න කස්ටිය වැහි වැහැලානෙ.. දවසක එන්නම්කො කාලාබීලා යන්න..

    බත්වළඳ කියන්නෙ පෘතුගීසි වචනයක් බව දන්නෙ අදයි... :P

    ReplyDelete
    Replies
    1. //බත්වළඳ කියන්නෙ පෘතුගීසි වචනයක් බව දන්නෙ අදයි... :P//

      මේක " බත්වළඳ " නෙමේ හරී " බත්තලන්ද " :)

      Delete
    2. මුලින්ම පෝස්ට් එකේ මෙච්චර හොඳ තියෙද්දි එකම වැරැද්ද පෙනීම ගැන සමාවෙන්න.. කෙමෙන්ටුව දැම්මට පස්සෙයි හිතුනෙ.. සමාවෙන්න හොඳද?

      මැටි කෝප්පෙට කියන්නෙ බත්වළඳ... හේතුව තමයි ගම්වල අය බත් කන්ඩ භාවිතා කිරීම.. ඒගොල්ලන්ට පිඟන් තිබ්බෙ නෑ.. ඔය ගැමි නාට්ටියක් බල්ලන්නකො..

      ඉතින් ඔය වචනෙ කටහුරුවට එහාමෙහාවෙලා තමයි බත්තලන්ද කියනවා ඇත්තෙ.. අපේ පැත්තෙ කියන්නෙ බත්වළඳ..

      Delete
    3. ඒ බත් වළඳ උනාට මේක නම් ඇත්තටම පෘතුගීසි වචනයක්ලු. ඔය වගේ වචන තව ගොඩාක් තියෙනවා. ඒවා මෙතැන ලිව්වොත් විසුමක් නැති වෙයි. සමහර ඒවට මටම හිනා යනවා.

      Delete
  34. ගමක් ගැන කතාවක්. ගමේ ඉතිහාසයත් පොඩ්ඩක් එකතු කළා නම් තවත් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් හොයලා බලන්න ඕනේ. ඉතිහාසය ගැන නම් දන්නෙ නෑ..

      Delete
  35. එහෙනම් ඔන්න අපිත් ආවා ගම් පලාතේ ඇවිදන් යන්න.. ඔහේ පුංචි ඉතාලිය හරියට මෙහේ පුංචි ශ්‍රී ලංකාව වගේම තමා...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. අපේ පැත්තෙ අයගෙන් කටානියා පැත්ත පිරිලා නේද හි හි හී

      Delete
  36. අද පෝස්ටුව නම් සෑහෙන්න රස වින්දා... අපේ පැත්තෙත් ඉස්සර නම් උළු මෝලක් තිබුනා... දැන් නම් ළග පාතක එහෙම එකක් නෑ... ඉතාලිය ආර්ථික බංකොලොත් භාවයට ලක් වීම නිසා දැන් නම් සැට් එක ඉතාලිය වෙනුවට බෝට්ටුවෙන් යන්න හදන්නෙ කැංගරු දේශයට නේද...

    ගම්පහ ගෙට්ටුවට 27 එන්න.... කාමරෙන් වැඩිවිස්තර...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..පහු ගිය දවස්වල කැන්ගරු දේශෙට යන්න ගියේ කට්ටිය පෝලිමේ. ඔය වගේ නම් ඉතාලියට ගියේ නෑ මගෙ හිතේ. ඒක කලේ බොහෝම රහසිගතව...

      ගෙට්ටුව ගැන දැක්කා. බලමු එන්න ඒ පැත්තේ..:)

      Delete
  37. මෙච්චර කිට්ටුවට ඇවිල්ලත් ලීනියෝ හරියටම ඇඩ්‍රස් එක කිව්වෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. හි හි හී... ඒක විතරද අඩු එතකොට :D

      Delete
  38. දැනගන්න ලැබුණා ගොඩක් දේවල් .... නියමයි..
    අපේ පැත්තටත් ගොඩවෙන්න...පුලුවන් නමි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..ඔන්න අපිත් ඒ පැත්තට ගියා :)

      Delete
  39. කියෝලා ගියාට කමෙන්ට් එකක් දාන්න බැරි වුනා .ලිහිණි කියූ අහල පහල ගම් කීපයක් හොඳට අහල පුරුදුයි . මන් කටුනායක ඉස්කෝලෙක ඉගැන්නුවනේ . එතකොට ඔය ගම ගැන නිතර අහන්න ලැබුන . පොඩි කාලේ දවසක අම්මගේ හිතවත් කාන්තාවක් එයාගේ තනියට මාව එක්ක ගියා හලාවත දානේ ගෙදරක . අපේ අම්ම ලේසියෙන් එහෙම අපිව යවන්නේ නැහැ . බොහොම පොරොන්දු වෙලා තමයි මාව එක්ක යන්න අවසර දුන්නේ .
    මාත් ඉතින් කෝච්චියේ වැඩිය ගිහින් නැති නිසා ආස වුනා . දානේ ඉවර වෙලා ඒගොල්ල පින්සෙන්ඩු වුනා දවසක ඉඳල යන්න කියල . මන් කැමති වුනේම නැහැ . ඒ කාලේ ගෙවල් ළඟ වත් දුරකතනයක් තිබ්බේ නැහැ . ඒ නැතත් මන් ඉතින් කිව්වොත් කිව්වා . ඉතින් අර මනුස්සයට සිදු වුනා මාව එක්කන් එන්න . හොඳටම පරක්කු වෙලා බස් එකේ ආවෙත් .

    පස්සේ කාලෙක නම් දෙපාරක් විතර ගියා මාරවිලයි හලාවතයි යාලුවන්ගේ ගෙවල්වල .

    කටුනායක මිගමුව කටාන වගේ පළාත් වල යාළුවො ගොඩක් හිටියට දැන් ඉතින් කටුනායක යන්නේ එයාපෝර්ට් විතරනේ .
    වසර දෙකක් මිගමුව නගරය බොහොම සමීප වෙලා තිබුන . අපි ට්‍රේනින් ගියේ නිවුස්ටඩ් එකේ . තව ඓතින් වැඩ මුළු වලට ශාන්ත පීතර වගේ ඉස්කෝල වලට ගියා . අම්මෝ ලිහිණි ඔයා නිසා මට ලස්සන මතක ගොඩක් මතක් වුනා .
    අපේ ගමෙත් උළු මෝලක් තිබුන . දැන් එක වහල දාල .
    දන්කොටුව පෝසිලෙන් වලටත් ප්‍රසිද්ධයි නේ .

    ReplyDelete
    Replies
    1. එහෙනම් අක්කත් ඒ පැත්ත ගැන දන්නවා.. ඔව් අක්කේ දංකොටුවෙනෙ පෝසිලේන් එක තියෙන්නෙත්..ඒ ලඟට ඉතින් වැඩිපුර කතා කරන්න යන්නෙ දංකොටුව පැත්ත ගැන තමා :)

      Delete
  40. ගොඩක් දේවල් දැනගත්තා නොදන්න පැත්තක් ගැන..!

    ReplyDelete
  41. මං ෆෝන් එකෙන් නම් කියෙව්ව ලිහිනි අක්කෙ.. කමෙන්ට් කරන්න පීසී එකෙන් ආවෙ අද තමයි... අනිත් ලිපියත් දාමුකො ඒනම්.. බෝම සුන්දර ලිපියක්

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.