මාව කියවන අය අතර..

14 January 2013

නිවාඩුවක් ගත කරන්න බන්ධනාගාරයට යමුද ?


බන්ධනාගාරයක් කිව්ව ගමන් අපි කාටත් මැවෙන්නෙ අමුතුම චිත්‍රයක්.අමුතුම පරිසරයක්.අහස උසට ඉදිකරපු තාප්ප වලින් වටවෙච්චි,දැඩි මුරකාවල් එක්ක .. වැරදි වලට උසාවියෙන් දඬුවම් ලබාපු පිරිසක් සමාජයෙන් වෙන් කරලා තියෙන ස්ථානයක්. සාමාන්‍යයෙන් බන්ධනාගාරයක ඇතුලාන්තය දන්නා කෙනෙක් නම් කවමදාවත් බන්ධනාගාරයකට යන්න හිතන්නෙවත් නෑ.නමුත් මුදල් ගෙවා එක් රාත්‍රියක් හෝ දෙකක්, එහෙමත් නැත්තම් නිවාඩුවක් ගත කරන්නට බන්ධනාගාරයකට යන අයත් ඉන්නවා ..

Långholmen කියන්නෙ 1840 ඉඳන් 1975 වසර පමණ වෙනතෙක් ස්වීඩනයේ තිබුන උසාවියෙන් දඬුවම් ලබාපු ඉතා දරුණු අපරාධකාරයන් රැඳවූ ස්ථානයක්. මුල් නම උනේ Crown Remand Prison . අද වෙද්දී එය සුපිරි හෝටයක්. මේ සුපිරි හෝටල් බන්ධනාගාරයේ එකම ඇඳක්වත් හිස් නොවෙන තරමට හැමදාම අමුත්තන්ගෙන් පිරෙනවා.



ඒ වගේම මේ හෝටල් බන්ධනාගාරයට එන අමුත්තන්ට අපූරු අත්දැකීම ලබා ගන්න පුළුවන්. හිර කරුවන්ගේ ඇඳුම් ඇඳගෙන, විලංගු දමාගෙන , හිර කුටියක රැයක් දෙකක් ගත කරන්න පුළුවන්. ඒ වගේම එල්ලුම් ගහ ලඟට එල්ලන්නට අරන් යන අපරාධකරුවන් වගේ පෝලිමේ ගිහින් එල්ලුම් ගහ අත පත ගා බලන්නටත්, ඕනෑ නම් තොණ්ඩුව බෙල්ලට දා බලන්නත් අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම Prison Break  කරන්නත් පුළුවන් . ඒ කියන්නෙ පැරණි හිරකාරයින් වගේ පලා යන්නත් පුළුවන්. බිත්තියක් දිගේ ලණුවක් ආධාරයෙන් නැඟලා , ඉණිමංවලින් බැහැලා , උමං වලින් පැන යන්න අවස්තාව තියෙනවා. එහෙම පැනලා යන අයව අල්ලන් එන්න ආරක්ෂක නිළධාරීනුත් ඉන්නවා. හරියට ඔට්ටු සෙල්ලම් ...හැංගිමුත්තම් කරනවා වගේ.

මේ බන්ධනාගාරය හෝටලයකට පරිවර්ථනය කරද්දී පරණ බන්ධනාගාරයේ කිසිම දෙයක් වෙනස් නොකර තිබෙනවා. අමුන්තන්ට නවාතැන්ගන්නට තියෙන්නෙ යකඩ දොරවල් දමාපු පැරණි හිර කුටිවල.අමුත්තන් හෝටලට ආ විගසින්ම ඔවුන්ට ලැබෙන්නෙ හිර කරුවන්ට ලබාදෙන ඇඳුමට සමාන ඉරි සහිත රෙද්දකින් මසාපු ඇඳුමක්. ඊට පස්සෙ එක් එක් අමුත්තන්ට නියමිත හිර කුටිය ලැබෙනවා. අවශ්‍යනම් දරුණු ඝණයේ අපරාධකරුවන් වගේ ඉන්නට යකඩ දම්වැල්වලින් ගැට ගසා ගන්නටත් පුළුවන්. තම තමන්ගේ කුටිවලට ඇතුළු උනාට පස්සේ පිටතින් අඟුළු දමා කුටි වසා දමනවා.







තමන්ට කැමති ඕනෑම සුපිරි කෑම වර්ගයක් ඇණවුම් කරන්න අමුත්තන්ට ඉඩ කඩ තියෙනවා. එහෙමත් නැත්තම් හිර කරුවන් වගේ පාන් එක්ක කිරි හෝ වතුර ලබා ගන්නත් පුළුවන්.
සෑම හිර කුටියකටම අවශ්‍ය සියළුම පහසුකම් සපයලා තියෙනවා වගේම ආරක්ෂාවට ආරක්ෂක නිළධාරියෙකුත් හිර කුටියේ දොර ලඟ ඉන්නවා. කාලසටහනක සීමා උන ඔවුන්ගේ නිදහස අනුව පැරැණි හිර කරුවන් වගේ එළි මහනේ ව්‍යායාම කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ ආරක්ෂක නිළධාරීන්ගේ ආරක්ෂාව ඇතුවයි.

එතනට ගිය අය කියන කතා බලන්නකෝ..

" My Husband and I spent 3 night in the Långholmen Crown Prison in Stockholm, Sweden. We were locked into a double cell for the night.

Not that we got arrested for doing something naughty in public, I swear.

It was just one of my "let's do something fun" spasms, and hey-presto, I booked us into prison. I spotted a package deal on the Internet, and found out that we did quite a trendy thing. So-called dark tourism - visiting places where bad things had happened - seems to be very popular.

The food has come a long way since bread and water only was served to the captured. We enjoyed quite a delicious dinner, served by a very compliant waitress with a great sense of humour.

Actually, we liked it so much that we tried to get thrown back into jail again. Check out time is 12 noon. We were in no hurry and didn't show up until 1 pm. They thought we'd left without paying. I guess you really have to obey the rules when in jail.

And we've been able to break out of the prison .It's not so hard. The front door opens automatically for you.there are three people staying in this one prison cell. The third bed is rolled up under the bottom bunk. It pulls out at night so we actually have space to move around the cell during the day.

The only disappointment was that there were no leg-irons waiting for us - even though we'd seen some of them. No ghosts clanking with chains in the corridors, and no knocking on walls to communicate. They left us to our own imagination to create entertainment.

When going to jail, you don't expect a 5* rated stay. Though I'd rather give them 4 stars than only the 3 they have. I wholeheartedly recommend the place, and assure you that I wasn't whipped to say this. They kept renovating the place to even lift it up a notch, and I must say they succeeded. Very neat, fun, interesting experience, and above all - captivating!... "

ඔන්න බලන්න ඒකෙත් හැටි.සල්ලි තියෙනවා නම් වරදක් නොකර උනත් වැරදිකරුවන් වගේ හිරේ ලඟින්නත් ..හිරේදී ලබන අත්දැකීම් ලබන්නත් අවස්ථාව තියෙනවා




තොරතුරු සහ පින්තූර අන්තර්ජාලයෙන්


130 comments:

  1. මෙහෙ ඔච්චර සැප නොතිබිලත් කැමැත්තෙන් යන්න කීදෙනෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඒ සල්ලි දීලා නෙමේ සල්ලි අරන්... :D

      Delete
  2. ඒකත් නරක නැහැ ..අපරාදේ හැබැයි සල්ලි
    වියදන් කරන්නේ..කිව්වත් වගේ පබ්ලික් තැනක
    ඩිංගක් නෝටි උනානම් දවස් දෙක තුනකට වගේ
    හිර බත් කන්න තිබ්බා ...:D

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්නෙ සෞදිය පැත්තෙ ඉන්නවානම් ටිකක් නෝටි වෙලා බලන්නකෝ...හි හි හී

      Delete

    2. ආයේ නෝටි වෙනවා බොරු එහෙනං :(

      Delete
    3. හි හි හී බෙල්ල නැතුව කඳ තියෙයි පැත්තක..

      Delete
  3. මේක මම අවුරුදු ගානකට කලින් මුතුහරක කියෙව්වා.. හි හි.. ඒකේ මාතෘකාව දාලා තිබ්බේ සල්ලි ගෙවා යන හිරගෙදරක් කියලා.. හි හි

    ReplyDelete
    Replies
    1. එක පාරම දැක්කෙ මුතුහරකා වගේ..

      Delete
    2. අඩේ එහෙමත් එකද්ද හිරුවො..එහෙනම් නිව්ස් එක අලුත් නෑනේ :(

      Delete
  4. හික්ස්.... මරුනේ....

    ReplyDelete
    Replies
    1. මරු නේන්නම්. නිකම සර්ච් කරලා බලන්නකෝ..

      Delete
  5. ඒක මරු වැඩේ හලෝ.. ඒත් ඉතින් මොකටද ඔච්චර සල්ලි වියදම් කරන්නේ.. ලංකාවේ අපිට පුලුවන් ගතමනාවකුත් එක්කම ඔය අත්දැකීම් ලබාගන්න....
    කරන්න තියෙන්න ඔය සල්ලිකාරයෙක් වෙනුවට හිරේ යන්න ඉදිරිපත්වෙන එක විතරයි....
    හිරේ ආතල් ඒකත් අරන්.. අතට ගානකුත් අරන් ගෙදර එනවා.. කොහොමද වැඩේ

    ඇයි අවුල්ද

    ReplyDelete
    Replies
    1. යෑස්.. යෑස්.. ඔය ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් ගාවට කිට්ටු උනා නම් ඔය වගේ පිනා චාන්ස් ඕනතරම්.. ඒක නෙමෙයි මී ගොඩස් අපි ඔහෙට යන සුද්දන්ව මෙහෙ මන්ත්‍රීලට සෙට් කොරදීලා ගානක් කපා ගමුද? :)

      Delete
    2. උඹ කියයි ...අර කෝරලයා කියල තිබ්බ ඒව දැක්කනම්..??

      Delete
    3. මම මේ කියන්න හදද්දිම ඒක වීයා ලියලා...හි හි හී...මෙතන ඒක නෑනේ..ඒ මදෑ...තමන්ගේ ආරක්ෂාවට..හි හි හී නේද වීයෝ...

      Delete
  6. මොකද කියන්නේ අක්කේ යමුද???? වැලිකඩ එකට වැඩ හොඳයි වගේ නේද?
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. මේක බලපුවාම තේරෙන්නේ 'වැලිකඩ එකට වඩා හොඳයි නේද කොරලේ වලව්ව ' කියලානේ.:D

      Delete
    2. පොඩ්ඩිට හිතුන දේම මටත් හිතුනා. කෝරලේ වලව්වේ පාට වෙනස් කලොත් හොඳා..නැත්තම් දාන උත්තරවලට වෙනම තේරුමක් ඒවී..හි හි හී

      // වැලිකඩ එකට වැඩ හොඳයි වගේ නේද?//

      කොහොමද ඒක දන්නෙ මලයණ්ඩී...වැලිකට ගේට්ටුව ගාවටවත් ගිහින් නැති කොට ...ආ බොලා නම් දන්නවා ඇති නේද...හි හි හී මට මතකයි අර පෝස්ටුව..

      Delete
    3. @ පොඩ්ඩි. හත් ඉලව්වේ ඇත්තනේ............. :(

      @ ලිහිණි අක්කේ. අනේ අක්කේ මේ ටිකේ පට්ට වැඩ ඔය එහෙන් මෙහෙන් තමයි බ්ලොග් වලට පනින්නේ හම්බවෙන ඉදෙන් කොමෙන්ටුවක් කොටන්නේ කලබලෙන්. ඔව්ව මුද්‍රණ දෝෂ කිව්වට කමක් නැහැ. මේක හද්ද කුනුහප්පරයක්නේ මම ලියල තියෙන්නේ. (ඒ උනාට මම එහෙම කියල නැහැනේ අක්ක දනන්වනේ මම තාම පොඩි එකා) :)

      Delete
  7. අපි දෙන්නත් යමුද හිර ගෙදරට දවසක් දෙකක් ගෙවල එන්න.

    ReplyDelete
    Replies
    1. මේ මොනා අහනවද ...යමු යමු..ගිහින් බිල නොගෙවා Prison Break කරලා එමු..

      Delete
  8. haffoiii, hebei ekath maru wede. Hira karayekge athdakema labaganna puluwan neh, minissunta minissunwa therumganna puluwan thawath eka kramayak.
    Nodanna deyak kiwwata thanks lihini.

    ReplyDelete
    Replies
    1. එතන නැති හුඟාක් දේවල් වෙනවනේ හිර ගෙදර ඇත්තටම..ඒ නිසා ඒ අත්දැකීම ගන්න නම් බැරි වෙයි..

      Delete
  9. ඉතිං ඕක සල්ලි වියදම් වෙන වැඩක්නේ :( නොමිලේම ඇතුලට යන්න පුළුවන්කම තියෙද්දි වියදම් කරන්නෙ මොකටද ?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. එහෙනම් නොමිලේම ගිහින් ඇවිත් අපිටත් විස්තර කියන්නකෝ.. :D

      Delete
  10. සල්ලි වලට මොනාද අප්පා කරන්න බැරි ..

    ReplyDelete
    Replies
    1. අද උදේම පාරට ආවම ඇස් දෙකට දැක්කෙ ලැම්බෝගිනියක්. ඇස් දෙකත් ඇරගෙන කටත් ඇරගෙන බලාගෙන ඉද්දි මටත් ඕකම හිතුනා. ඒක නම් අර රේස් පදින එක්කෙනාගෙ වෙන්න ඇති. ඒත් ඉතින් ඉතාලියේ හදන ලැම්බෝගිනිය ඒ රටේ අයටවත් ගන්න වත්කමක් නැති කොට..අපේ අය ගන්නෙ කොහොමද...හි හි හී සල්ලි සල්ලි..

      Delete
  11. මට අහුවුනා නං,
    හෝටලෙන් කාලා එහෙම Prison Break කරන්න තමයි ට්‍රයි කරන්නේ!!
    සල්ලි නොදී හෝටල් වලින් කාපුවා මතක් වුනා මේ පෝස්ට් එක දැකලා!! තිත් දෙකයි ඩී

    ReplyDelete
    Replies
    1. හොර ගෙඩියෙක්නෙ බලාගෙන ගියාම..හි හි හී

      Delete
  12. මෙහෙ බන්ධනාගාර වලට යන අයට එහාට ට්‍රආන්ස්ෆර් ගන්න බැරිද දන්නේ නෑ.

    සල්ලි ගෙවල වුනත් මොකටද අප්පා හිර කුඩුවක ලගින්නේ.. එක එක මිනිස්සුන්ගේ ආතල් නේ.

    අර ප්රිසන් බ්රේක් එක නම් මරු ඇති

    සිතුම් පැතුම් (කමෙන්ට් එක පබ්ලිෂ් වෙයි කියල ෂුවර් නෑ Blog aulak !!)

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ කොමෙන්ටුව යස අගේට :D

      Delete
  13. ලොකයේ තිබෙන වැදගත් අවස්ථා වෙනස් කරන්න පුළුවන් සිතුවිලි වල තරම.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. කාලයේ තාලයට ...ලෝකයේ දියුණුව තමා ඉතින් :)

      Delete
  14. මොකෝ කියන්නෙ අක්කෝ...යමුද ටික දවසක් ඉදලා එන්න...ලෝන්ග් වීක්එන්ඩ් එකක් අල්ලලා ගිහින් ආවා නම් හොදා නේ.. ;)

    ReplyDelete
    Replies
    1. එහෙනම් 25 යමු..ලෝන්ග් වීක්එන්ඩ් එකක්නේ ශම්මියෝ... :D

      Delete
  15. මාත් මේක කලින් අහල තිබ්බ හරි විස්තරයක් කියෙව්වේ අද. තැන්කූ වේවා! :-)

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න හිතෙන්නෙ නැද්ද ?

      Delete
  16. හි..හි.. නියම හිරේ යාමක්නෙ..

    "තමන්ට කැමති ඕනෑම සුපිරි කෑම වර්ගයක් ඇණවුම් කරන්න අමුත්තන්ට ඉඩ කඩ තියෙනවා" ඇත්තටම හිරේ යාම වගේමයි.. මොකද සල්ලි තියෙනවා නම් ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන්නෙ.. :)

    "My Husband and I spent 3 night in the Långholmen Crown Prison in Stockholm, Sweden." දෙන්නම එක කුටියෙද අප්පා..

    මරු කතාව..

    ReplyDelete
    Replies
    1. //"My Husband and I spent 3 night in the Långholmen Crown Prison in Stockholm, Sweden." දෙන්නම එක කුටියෙද අප්පා..//


      හි හි හී...double cell එකකලු

      Delete
    2. මොකද ලිහිණි ආදරබර වෙලා.. :)

      Delete
    3. මෙව්වට උත්තර නැද්ද?

      Delete
    4. අනේ ඇත්තට උඹටත් පේන්නෙ නැති දෙයක් නෑනේ හැබෑට... ;/ :P

      මොනවා කියන්නද බං..හාර්ට් එකක් දැම්මෙ ජොලියට. මම හාර්ට් එකක් තියෙනවා කියලා කියන්න හි හි හී එකක් නෙමේ හතරක්ම..නැත්තම් උඹලා හිතයිනේ මට හාර්ට් එකක් නෑ කියලා..:P

      Delete
  17. ඔය කිව්වට තිලිණි ලංකාවෙත් සමහර පන්ති වල අයට හිරේ ගියත් ඔය සැප හම්බ වෙනවා..අඩු තරමේ එහෙම නැත්නම්...ගෙවන වාට්ටුවක හරි ..නැති අසනීපෙකට බේත් ගන්නත් බැරිය.....

    ReplyDelete
    Replies
    1. මම තිලිණි නෙමේ ...:) ළිහිණි :)

      Delete
    2. මට හතලිස් ඇඳිරියට ලඟයි ඩ මන්දා...සොරි හොඳේ...

      Delete
  18. ලංකාවේ සල්ලි තියන උන්ට ඇත්තට හිරේ ගියත් මේ වගේනේ ඉතින් ගානක් නෑ....

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙන අය නෙමේනෙ යන්නෙ..හිර වාට්ටුවට..නැති ලෙඩත් හැදෙනවනෙ එයාලට :D

      Delete
  19. මිනිස්සු කියන්නෙ මහා පුදුමාකාර සත්තු ජාතියක් නේ? එක කොටසක් දුක් විඳපු තැනකට තව කොටසක් මොකක්දෝ සැපක් හොයාගෙන යනව. එක්කො ඒ මිනිස්සුංගෙ තව කෙනෙක් විදිහට ජීවත් වෙලා බලන්න තියෙන ආසාව වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු එහෙම තමයි. දුක දන්නෙ නැති අය ෆන් එකට දුක හොයනවා වගේ වැඩක්...

      Delete
  20. ආවේ පළමුවට මං හිතන්නේ මම මෙහෙට.. ලිපි කියෙවා ලිහිණි... බොහොම ස්තූතියි. මේ හෝටලේ වගතුග ඇහුවේ පළමුවරට...මිනිස්සුන්ටත් තියෙන්නේ පුදුම ආසාවල් කියලා හිතුනා.ඇත්තටම සල්ලි ගෙවලා හිර වෙන එක මොන තරම් පුදුමද ?

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...:)

      Delete
  21. පිස්සු හැදෙන සඳ!
    මේවායින් පෙන්නන්නෙ අපේ සිත් වල තියෙන එක එක ගුප්ත ආශාවල් සංසිඳවාගන්න මිනිස්සු නොකරන දෙයක් නැති බව නේද? ඕක ෆැන්ටසියක් කියලත් කියන්න පුලුවන්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඔය වගේ රටවල මිනිස්සුන්ට තියෙන්නෙ විකාර ආශාවල්නේ. මිනීපිටිවල රෑට නිදා ගන්න එකයි, නඟින්න බැරි මහා කඳු අමාරුවෙන් නඟින එකයි...මහ භායානක වැඩ කරන එකයි...ඒකෙත් හැටි..

      Delete
  22. හප්පේ යන්න හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ගිහින් බෙල්ලට තොණ්ඩුවත් දාල බලන්න හිතෙන්නෙ නැද්ද රාජ් ?

      Delete
  23. Adamai ahuwe me wage kathawak. Hari jolly athi ekata yana kattiyata. Eka eka asawan thiyena aya innawane e ayata hoda awasthawak wage.

    ReplyDelete
    Replies
    1. අපේ රටෙත් හැදුවොත් අපිටත් යන්න පුළුවන් වෙයි වැලිකඩ හෝටලයට.....හි හි හී

      Delete
  24. ඒ කත් නියම වැඩේ ...!
    හැබැයි හෝටලක් වගේ නේ..! පහසුකම්..!

    ReplyDelete
    Replies
    1. හෝටලයක් වගේ නෙමේ..මේක හෝටලයක් තමා වීයෝ..

      Delete
  25. අප්පේ...මෙහෙම එකක් තියනවා කියලා ඇහුවමයි! අපරාදේ මම හිරේ හිය වෙලාවේ දන්නවානම් මේකට යනවා!!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා...ඔයත් හිරේ ගියාද ?

      අලේ කියෙව්වා කියෙව්වා..ඒක නියම පෝස්ටුවක්නේ...

      Delete
  26. ඒකත් නරක නෑ.. ඒකාකාරී ජීවිත වලට හිර වෙලා ඉන්න අයට වෙනසකුත් එක්ක හොඳට විනෝද වෙන්න පුළුවන් තැනක් වගේ. මං තව කොහේ හරි දැක්කා යුද්ධ ටැංකි පදවන්න අවස්ථාව දෙන ස්ථානයක්. ඔය වගේ වෙනස් දේ වලට මිනිස්සු කොහොමත් ඇදෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඔය පිටරටවල ඉන්න අයට අමුතු අමුතු ආශාවල් තියෙනවනේ..මේ දවස්වල අපේ ඔෆීසියේ ඉන්න ඇමෙරිකන් මනුස්සයෙක් මට කියනවා " උඹලා හරි ලෝබයි. සල්ලි තියාගෙන රට රටවල ඇවිදින්න යන්නෙවත් නෑ. අපේ රටේ නම් හැම මනුස්සයෙක්ම කීයක් හරි අතට ආව ගමන් කරන්නේ එක එක රටවල ඇවිදින එක " කියලා..හි හි හී...

      Delete
  27. හැක්... පිස්සු නැත්නම් ෂෝක්...!
    හැබැයි ඉතින් මෙහෙත් වායූසමීකරනය කරපු හොඳ කෑම බීම තියෙන තැනක්ලු හිර ගෙදර. මම නම් ගිහින් නැති නිසා දන්නේ නෑ. හැබැයි ගියපු එවුන් නම් කියලා තියෙනවා මා එක්ක. ඇත්තද බොරුද කියන්න දන්නෙත් නෑ. මොකෝ ගිහින් බලන්න කියලයෑ. හිරේනේ.....!

    ReplyDelete
  28. මරු නේ. අර ප්‍රිසන් බ්රේක් සීරිස් එක බලද්දී මට හිතුනා "යකෝ මුන්ට තියන සැප" කියලා. හිර ගෙයක් හැටියට සුපුරියි ඒ හිරගෙදරත්. :)

    ReplyDelete
    Replies
    1. ප්‍රිසන් බ්‍රේක් සීරිස් එක බලද්දී මටත් එහෙම හිතුනා. කන්න තියෙන්නෙ සුපිරි කෑම..හරියට හෝටලයක ඉන්නවා වගේ..

      Delete
  29. හේ හේ ................ඒ වැඩෙත් නරකම නෑ නේ ?සල්ලි දීලා හිරේ යන එක කෙසේ වෙතත් සල්ලි වලට හිරේ යන අයනම් මෙහෙ නම් ඕනෑතරම් ඉන්නවනේ
    :D

    ReplyDelete
    Replies
    1. සල්ලි අරගෙන හිරේ යන කෙනෙක් ගැන පහුගිය දවස්වල පත්තරේකිනුත් කියෙව්වා. මනුස්සයාගෙ රස්සාව ඒක. ..පුදුම මිනිස්සු.

      Delete
  30. මම හිතුව බස්ටෝයි බන්ධනාගාරය ගැන ලියල කියල!
    මෙහෙත් අපේ බන්ධනාගාර වගේ සර්ච් වරන්ට් නැතිව ඇවිත් ලිස්ට් එකට අනුව වෙඩි තියනවද දන්නේ නෑ
    :P

    ReplyDelete
    Replies
    1. මේක ජොලියට යන තැනක් හන්දා එහෙම වෙන එකක් නම් නෑ..

      Delete
  31. මටත් මේ දැන් යන්න හිතුනා... තව රුපියල් 20 ක් අඩුයි...

    ReplyDelete
    Replies
    1. 20 ගැන හිතන්න එපා සිරෝ..පැනලා යන්න පුළුවන් එකේ 20 නොදී මාරු වෙන්න පුළුවන් වෙයි.. :D

      Delete
  32. අනේ මන්දා යමිදෝ නොයමිදෝ වගේ.......
    ලංකාවෙත් ඉතින් සල්ලි තියෙනවා නමි හිරේ යන්න පුලුවන් මයො හිතේ(පාතාල බබාලට වාගේ ආරක්ෂාවට)

    ReplyDelete
    Replies
    1. හිත හිතා ඉන්නෙ නැතුව යන්න අනේ..මතක් කරලා තොණ්ඩුවත් බෙල්ලට දාලම බලන්න හිර වෙනවද කියලා.. :P

      Delete
  33. මම නම් ඉතින් ඔය හෝටලෙන් කාලා තියෙනවා (හැබැයි ලංකාවෙ)

    ReplyDelete
    Replies
    1. හි හි හී ..වැලිකඩින්ද බෝගම්බරින්ද ? කෑම රහයිද ?

      Delete
  34. Prison Break වගේ පච්ච කොටාගන්නත් ඕනද දන්නෙ නෑ ?

    ReplyDelete
    Replies
    1. කාලා බීලා බිල නොගෙවා එන්න හැදුවොත් නම් පච්චා කොටයි තමා..හි හි හී

      Delete
  35. මේකෙ ටික දවසක් නැවතිලා, සල්ලි නොදී පැන්නොත් මොකද වෙන්නේ? ආයෙත් කුදලගෙන ගිහින් මේකටම දානවද?

    ReplyDelete
    Replies
    1. ඒකත් කියන්න බෑ. දඬුවමට ඕනෙ දේවල් ඔක්කොම මෙතන තියෙනවනේ..

      Delete
  36. මාත් මේ ගැන කියවලා තියනවා. දවසක ගිහින් බලන්ට ඕනි.:D

    ReplyDelete
    Replies
    1. බලලා විතරක් මදි පොඩ්ඩි. කාලා බීලා ඉවර වෙලා බිල නොගෙවා Prison Break කරලම එන්න

      Delete
  37. දවසක එන්න ලිහිණි මම ඔයාට මහර බන්ධනාගාරේ පෙන්වන්නම්.
    ලංකාවේ නම් මෙච්චර සැප නෑ. ඒ අතින් බලාගෙන ගියහම මේවා සැප වැඩියි. :)
    ඔන්න අද නම් සැකේට ලිව්වේ නෑ හලෝ. හි හි හි හි හි :)

    ReplyDelete
    Replies
    1. මහර බන්ධනාගාරය ගිහින් බලන්න පුළුවන්ද ?

      Delete
    2. එහෙම හමෝටම යන්ඩ බෑ. විශේෂ අවසරයක් ගන්න ඕන.

      Delete
  38. කොහොමද මේ වගේ එකක් ලංකාවේ හැදුවොත්

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳට කාලා බිල නොගෙවා මාරු වෙයි...ආයේ දෙකක් නෑ.. :D

      Delete
  39. ඕක තමයි මසුස්ස ස්වභාවය.. නිදහසේ ඉන්න මනුස්සයා ටිකක් හිරේ ඉඳල බලන්න ආසයි.. හිරේ ඉන්න කෙනා එලියට එන්න දවස් ගනිනවා. මිනිහෙකුට බිරිඳක් ගෙනෙනවාට ඒ කාලෙ කිවුවෙ හිරයක් ගන්නවා කියලයි.. ඇත්තනේ..

    ReplyDelete
    Replies
    1. මෙතනටත් එනවලු ඉස්සර මේ හිර ගෙදරම ඉඳලා නිදහස ලැබුන අයත්.... බලලා යන්න. ඉස්සර උන්න හැටි මතක් වෙනවා ඇතිනේ..

      // මිනිහෙකුට බිරිඳක් ගෙනෙනවාට ඒ කාලෙ කිවුවෙ හිරයක් ගන්නවා කියලයි.. ඇත්තනේ..//

      ඔය කතාව නම් ඇත්තම ඇත්ත වෙන්න ඇති. මම දැක්කා දේශකයත් කියලා තියෙනවා අවුරුදු ගාණකට කලින් හිරේ වැටුනා කියලා..හි හි හී

      Delete
  40. මිනිස්සුත් පුදුම ජාතියක්නේ . දැන් ඔය වැලිකඩ වෙඩි තියාගන්න ඉඩ කඩ ඇති තැනකට ගෙනිච්චම අපටත් බැරිය හෝටලයක් දාන්න එතන .

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බින්දි අක්කා. දැන් තියෙන තැන හතර වටේ ඉස්කෝලයි..බිල්ඩිනුයි..ගෙවලුයි හන්දා " ඇක්ෂන්" එක මදිලු. වෙන තැනකට ගෙනිච්චම අපිටත් ලැබෙයි ඒක අස්සට ගිහින් බලලා එන්න...:D

      Delete
  41. ඔය වගේම හිරගෙයක් ලංකාවෙත් තියෙනවා.කියන්නේ වැලිකඩ කියලා.ඒකේ නැවතිලා ඉන්නවට ලොකු ලොක්කො ගෙවනවා.අනික ඕනේ දෙයක් ඇතුලට ගන්ඩ පුළුවං ටිකක් වියදං කරන්ඩ පුළුවන්නං.අනික ප්‍රිසන් බ්‍රේක් අත්දැකීම සම්පූර්ණ තාත්විකව අත්විඳින්ඩත් චාන්ස් එක හම්බවෙන්ඩ පුළුවං.

    ReplyDelete
    Replies
    1. //අනික ප්‍රිසන් බ්‍රේක් අත්දැකීම සම්පූර්ණ තාත්විකව අත්විඳින්ඩත් චාන්ස් එක හම්බවෙන්ඩ පුළුවං.//

      ප්‍රිසන් බ්‍රේක් ටෙලිය මොනාද අපේ ලයිව් ඒවා දකිද්දී නේද දිනුක..හි හි හී

      Delete
  42. ආව්ව්ව්ව්ව්ව්ව්.... මරුනෙ!! හැබැයි ඉතිං ලංකාවෙත් ඔය තරම් සැප නොලැබුවාත් සමහර අය හිර ගෙවල් ඇතුලෙ හොද සැප ගන්නවාලු!!! සල්ලි තමයි ඉතින් ඕනෙ කොහෙටත්!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..පහුගිය කාලෙත් එක එක්කෙනා ඒ ලෙසටම හිර ගේ ඇතුලේ උන්නලු...හි හි හී

      Delete
  43. කෝ බොලව් මගේ කොමෙන්‍ටුව. බහිරවයා කාලද...? හොයලා දීපන් ළිහිණියෝ මට ඒක ඕනමයි...!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවක් නෑනේ...කෝ ඒක ? මෙතන්නට කියලා වෙන කොහාටවත් දැම්මද බලන්න ඉස්සරවෙලා...හි හි හී..මේ දවස්වල මෙහෙට තදින් හුළඟ...ගහගෙන ගියාද අපි නම් දන්නෙ නෑ ඕං...

      Delete
  44. කැමැත්තෙන් ම හිරේ වැටෙන්න පුලුවන් තැනක්....බොහොමත්ම ස්තුතියි........

    ReplyDelete
  45. සල්ලි දීල හිරේ යන අයත් ඉන්නවා එහෙනම් :D

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉන්නවනේ සල්ලි අරන් හිරේ යන අය ගිම් :)

      Delete
  46. ඇස්දෙක නිදාගන්ට කියනවා... වෙලාව උදේ 1.11 යි... ඉතින් පෝස්ටුව කියෙව්වේ නෑ.... අමනාප වෙන්ට එපා ඕං.... පුලුවන් වෙලාවක ඇවිත් කියවන්නම්කෝ... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. මලයා කොහේද ගියේ මේ ටිකේ..

      Delete
    2. ලිහිණියෝ ඔය හිර ගෙදරට ලංකාවේ උන් ගන්න එකක් නෑ.. මොකෝ සල්ලි නොගෙව හැමදාම ඉන්න හදාවි.. හෙහ්.. නියම විස්තරේ. ඇමරිකාව පැත්තෙත් ඔය වගේ එකක් තියෙනවා මයේ හිතේ.. පහුගිය දොහේ එන්න බැරි උනා බං මැෂිම ලෙඩ වෙලා..

      Delete
    3. @අළුත් මල්ලි : Shan Dissanayake

      මලයව බ්ලොග් අස්සෙ දැක්කෙ කාලෙකට පස්සේ. ලිස්ට් එකේ නම් දකිනවා. මොකෝ බ්ලොග් එකට උනේ ?

      Delete
    4. @දේශකයා

      හි හි හී...උඹත් එක්කම මැෂිමත් වයසට ගිහින්ද ?

      Delete
  47. අනේ මන්ද .මෙහෙම උනත් හිරගෙවල් නම් ඕන් නෑ ..:))

    ReplyDelete
  48. හපොයි..මිනිස්සුන්ට සල්ලි වැඩිවෙලා කරන වැඩ..!!
    සල්ලි දීලා හිරේ යන්න නම් හැබෑම පිස්සුවක් තියෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඔය පිට රටවල ඉන්න අයට අමුතු අමුතු ගායවල් තියෙනවනේ..මේකත් ඒ වගේ එකක් වෙන්න ඇති රූ :)

      Delete
  49. පිස්සු නැත්නම් ශෝක් කිව්වලු :) ඔච්චර වියදම් කරගෙන බොරුවට හිරේ ඉන්නේ නැතුව කාට හරි දෙකක් ඇනලා ඇත්තට හිරේ ගියා නම් ඉවරනේ :D

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතින් කෑමට අමතරව තව කෑමත් හම්බ වෙනවනේ...ඒකට බයත් ඇති හි හි හී

      Delete
  50. රට රටවල හැටියට තමයි ලිහිණියෝ හිරේ රඟ....යනවනම් හොයල බලල ඔය වගේ එකකටම පැන ගන්නවා හොදයි...

    ReplyDelete
  51. සල්ලි දීල දුක් විඳින්නත් මාරු. හොරෙන් පැනල යන්න තියෙනවනම් අන්න ඒ සෙල්ලමට මමත් කැමති.ඉස්ක්ලෙන් එහෙම පන්නයින් පස්සේ තවම පැනලා නැහැ ඒවිදියට..

    ReplyDelete
  52. මිනිස්සුන්ට පුදුම දෙවල් තමයි හිතෙන්නෙ... මාරම ආශාවල්.. :D
    ලීනිත් කොහෙන් හොයාගන්නවද මන්ද මෙව්වා... මෙ ඔයා එනවද ගම්5?

    ReplyDelete
  53. මක්කැයි කොරන්නේ තාම හිර ගෙදරෙයි!!!

    ReplyDelete
  54. පිස්සු නැත්නම් ශෝයි කිව්වලු :)බන්ධනාගාරයක්????
    ළිහිණි කොහෙන් හොයාගන්නවද මේවා...

    ReplyDelete
  55. ඉංගිරිසි ටික සිංහලට පරිවර්තනය කළානම් මොකද?
    දැක්කද මං ගොන් ටෝකක් දැම්මා.... ගොන්කම ප්‍රදර්ශනේ කිරීම...
    අම්මේ....................මටත් හිරේ යන්න ඕන......................

    ReplyDelete
  56. දවස් 10ක් නිහඩයි

    ReplyDelete
  57. සමහර අය ඉන්නවනේ අමුතු අකාරයේ අත්දැකීම් ලබන්න කැමති අය.. ඒ වගේ අයට නම් හොඳ අවසථාවක් මේක..

    ReplyDelete
  58. සමහර අය ඉන්නවනේ අමුතු ආකාරයේ අත්දැකීම් ලබන්න කැමති අය.. ඒ වගේ අයට නම් මේක හොඳ අවසථාවක්...

    ReplyDelete
  59. ඈ කෙල්ලේ, උඹට මක් වුනාද..? දැක්කේ නෑ සෑහෙන දවසකින්..

    ReplyDelete
    Replies
    1. ඔන්න විස්තරේ දැන ගත්ත පස්සේ නං. එහෙනම් හොඳටම ෂනීප වෙලාම එමුකො..

      Delete
  60. ඔයාව දැක්කේ නෑනේ හුග දවසකින්..... කොයි ගියේ???

    ReplyDelete
  61. This comment has been removed by the author.

    ReplyDelete
  62. ලිහිණි අසනීපෙන්ද එහෙම ආරංචියක් අව? ඉක්මනට සනීපවෙන්න කියල පතනවා.

    ReplyDelete
  63. ekane maath balua ai penna naththe kiyala...
    unak hembirissawakda ita wada wadi deyakda
    lihini...?

    ReplyDelete
  64. දැන් සනීපද? ලිහිණි. මේ කතාව කියෙව්වෙ අදයි. බලන්නකො ඒකෙත් හැටි. මෙහෙත් ඉතින් ඔයවගේ සුපිරි වැඩ වෙනවලු ඇතුලෙ. තරුපහේ හෝටල් වලිනුත් කෑම ගෙනත් කෑව අය හිටියලු.

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.