මාව කියවන අය අතර..

16 December 2012

අද කාලේ විශාකාවෝ..



විවේකීව දවසක කාලයක් ගෙදර ඉන්න පුළුවන් කියන හැඟීම හින්දමද මන්දා සතියක් ගෙවිලා ඉරිදාවක් එද්දී හිතට සුවදායක හැඟීමක් දැනෙනවා. හැමදාම මහ රෑ යාමයේ නිදාගෙන..උදේ පාන්දරම අවදිවෙලා කුස්සියේ හටනින් පටන් ගන්න දවස ඉවර වෙන්නෙ අපිවත් හෙම්බත් කරලා දාලා. හිත නිදහස් කරගෙන...ඔළුව නිදහස් කරගෙන දවසක් පටන් ගන්නවා කියන එක වෙන්නෙම නැති තරම්. රෑට ඇඳේ ඉඳගෙනත් පහුවදා කරන්න ඕනෙ දහසකුත් දේ හිතන්න ගත්තම හරිහමන් නින්දක් ලැබෙන්නෙත් නෑ. නොහිතා නිදා ගන්න තිබුනා නම් හොඳයි තමා. ඒත් තමන්ගේ කටයුතු ගැන තමන් හිතන්නෙ නැතුව වෙන කවුරු හිතන්නද ?

දන්නෙම නැතුව ඉරිදා දවස ගෙවිලා ගියා. නිවාඩුවේ ඉන්නවා කියලා හිතුවට කෝ නිවාඩුවක්.ගෙවල් දොරවල් අස් කරන...පොළොව මදින...නාන කාමර හෝදන ...රෙදි හෝදන..උයන පිහින වැඩ ඔක්කෝම ඉවර වෙද්දී...දවසත් ඉවරවෙලා...

සාමාන්‍ය පන්තියේ කාන්තාවෝ වෙච්චි අපි හැමෝම ගෙවන්නෙ මහ ඒකාකාරි, කාර්‍යබහුල ජීවිත.ජීවිතවල රසයක් නෑ. ඔහේ ගෙවිලා යන ජීවිත අපිට උරුමවෙලා. ඉස්සර කාලෙ නම් කාන්තාවෝ රැකියාවල නිරත උනේ නෑ. කරන්න තිබ්බේ ළමයි හදාගෙන ගෙදර දොරේ වැඩ කටයුතු බලා කියාගෙන ඉන්න එක. ඒ කාලයේදී ගෙදර ස්වාමියා හම්බ කරන දෙයින් සරළ අල්පේච්ච ජීවිත ගතකරන්න මිනිස්සු පුරුදු පුහුනු වෙලා උන්නා. ඒකට දැන්..සමාජයේ වෙනසත් එක්කම ආපු වාණිජමය ලෝකයට හැඩ ගැහුන වටපිටාව එක්ක වෙනස් උන සිතුම් පැතුම්....එක්ක අපිත් සමාජගතවෙලා ..අපිට එතැනින් අයින් වෙලා අල්පේච්ච ජීවිතයට යන්න බෑ. ඒත්කොට අපිව සමාජයෙන් කොන්වෙනවා..

එතකොට මේ සමාජයේ කාරණා කටයුතු එක්ක ජීවත් වෙන්න ස්වාමියා විතරක් හොයන දෙයක් කොහෙත්ම ඇති වෙන්නෙ නෑ. ඉතින් ඔන්න කාන්තාවත් රැකියා කරන තත්වයක් උදා උනා. එතකොට අතීතයේ ජීවත් උන විශාකාව , යශෝදරාව එක්ක කාලයත් එක්ක වෙනස් උන,සමාජගත උන...පිරිමින් එක්ක හරි හරියට වැඩ කරන... ඔට්ටුවෙන අද සමාජයේ කාන්තාව සංසන්දනය කරන්න බෑ. එහෙම කරන එක අසාධාරණයි..

අපේ සංස්කෘතියේ කාන්තාවක් කියන්නෙ ලතාවට ඇවිදින , කලිසම නොඅදින, කොන්ඩෙ දිගට වවන .. කොටින්ම කියනවානම් ජේත්තුවට හැඩ වැඩ කරන්නෙ නැති  කෙනෙක් වෙන්න බෑනේ..ඒක ප්‍රායෝගික නෑ. කොහෙත්ම...

ඒ වගේම අද්දන බස් කෝච්චිවලට දුවල ගිහින් පිරිමින් එක්ක පොරකාල නගින, අලුත් පන්නෙට කොන්ඩෙ කපන, කාලයේ තාලයට කලිසමක්..ඇඳුමක් අඳින පළඳින කාන්තාවන්ගේ හිත් විශාවකගේ..යශෝදරාවකගේ වගේ නෙමේ කියන්නත් බෑ..

උදේ පාන්දර ගෙදර යුද්දෙ කරලා ඔෆීසියෙ යුද්දෙට දුවන කාන්තාවකට පොළොවට රිදෙන්නෙ නැතිව ලාලිත්‍ය ගමනින් ඇවිදින්න කියන්න කාටද පුළුවන්. බස්වල කෝච්චිවල තැලිලා පොඩිවෙලා ..හිරවෙලා මිරිකිලා පිරිමින් වගේ ජීවිතේ එක්ක රේස් දුවද්දී " ගෑණු ඇයි පිරිමි වගේ කලිසම අදින්නේ " කියලා අහන්නත් බෑ. වෙහෙස නිසාම දුර්වර්ණ වෙච්චි මූණට සාත්තුවක් කරගන්න සැලෝන් එකකට රිංගුවා  කියලා දොස් කියන්නත් බෑ..

සාම්ප්‍රදායික රාමුවකට කොටු නොවී ඉන්න කාන්තාවකට විච්චූරණ කාරියක් කියන්නත් බෑ. හැම දෙයකටම කාන්තාවන්ට ඇඟිල්ල දික් කරන සමාජයක  කාන්තාව  ජීවත් වෙන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගේ.චුට්ට බැරිවෙද්දී ඇණුම් බැණුම්..රැවුම් ගෙරවුම්...දූෂණ..අපහාස..විවේචන.. කොටින්ම කියනවා නම් පවුල තුලත් සමාජය තුලත් කාන්තාව හෑල්ලු වෙන අවස්ථා එමටයි...

ලෝකයේ තියෙන දරුණුම වේදනාව විඳලා දරුවන් බිහිකරන...දහ දුක් විඳලා දරුවන් ලොකුමහත් කරන...ඒ දරුවන්ගෙන්ම බැණුම් අහන කාන්තාවෝ මොන තරම්ද...කාන්තාවකට තියෙන ගෞරව නැත්තටම නැති වෙලා..කොටින්ම හැම කාන්තාවක්ම " බඩුවක් " ගාණට දාන පිරිමි කොයි තරම්ද...තමන්ගේ තරහව පිරිමහ ගන්න ඉස්සරහට දාන්නෙ කාන්තාවට අපහාස වෙන වචන....පටන් ගන්නෙ අම්මට...... කියලා. තමගේ කේන්තියට පිට කරන්න අම්මව ඇදලා ගන්නෙ නිවට නියාලු අය. කාන්තාවට ගෞරව කරන එක පිරිමි කමට නිගාවකුත් නෙමේ..

කාන්තාවන් ගැන මෙච්චර හිතන්නෙ මමත් කාන්තාවක් හන්දා වෙන්න ඇති.බොළඳ තර්ක ගෙනත් කාන්තාව අරහෙමයි...මෙහෙමයි... කියලා විවේචනය කරන්න කලින්..මේ සමාජයත් එක්ක..ආර්ථිකයත් එක්ක.. ඔට්ටුවෙන... ඔට්ටුවෙලා හෙම්බත්වෙන..මානසීකව ඇද වැටෙන...ඒ හන්දාම මුරන්ඩු වෙන...ඉක්මනින් කේන්ති යන... කාන්තාවගේ ඇතුලාන්තයේ සෞම්‍යබව ගැන හිතන්න පුළුවන්නම්... එතකොට මේ සමාජය තුල ජීවත් වෙන අද කාලේ විශාකාවන් දකින්න පුළුවන් වේවී


ප ලි

ලිපියට නිමිත්ත උනේ ..පිරිමියෙකුගේ රැවුම් ගෙරවුම්..අපහාස නිසාම හිත් රිදුමකට මුහුණ පාලා..ඒ හන්දාම ජීවිතය නැති කරගන්න උත්සාහයක් අරන්...අන්තිම මොහොතෙදී මගේ ලඟට ආව..මගේ යෙහෙළියක් නිසා..දැන් මම ඇගේ රිදුන හිත සුවපත් කරන උත්සාහයක...ඒ ගැන පසුවට...

98 comments:

  1. කියෙවුවා,
    වැස්සටයි, සීතලටයි ඔළුව කුරුවල් වෙලා මොකුත් එන්නේ නෑ ලියන්න.
    පස්සේ එන්නම් කමෙන්ට් එකක් දාන්න

    ආ අන්තිමට, ගෑණු කියන්නේ හරි අමුත් සත්තු ජාතියක්, විසෙශයෙන්ම මේ අම්මලා කියන්නේ මහන්සි නොදැනෙන පිරිසක්.
    උදේ පටන් ගත්තම , නිදා ගන්නකම්ම කරන වැඩ කන්දරාව. අම්මෝ අපි ඒ වගේ සීයෙන් පන්ගුවක් කරන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කාන්තාවන් මැසිවිලි නගන්නෙ නෑ තමන්ගේ පවුල ඇතුලත. බලන්න අපේ අම්මලා... මොන තරමක් දුක් ගින්දර ඉහිලුවත්... ඒවා පිටතට පෙන්නන්නෙ නෑ.තමන්ගෙ අම්මාට ගරු කරන පිරිමියෙක්...අනෙක් කාන්තාවන්ටත් ගරු කරනවා.

      Delete
    2. ඔන්න අපිත් වැඩ ඇල්ලුවා කාන්තාවන්ට අත උස්සපු කථාවකින්ම ........
      ඔන්න බලන්නකෝ .... මම දාන්නේ ඇත්ත කථා කියලා දන්නවා ඇතිනේ...

      no women no cry ''''''' = ගෑහැනුන් නැත්තං අඬන්න වෙන්නේ නෑ .......

      http://wilakuwa.blogspot.com/2012/12/blog-post.html

      Delete
    3. මේ පෝස්ට් එකට අම්මෙක් නංගියෙක් ඉන්න කොල්ලෙක් විදිහට මම සම්පූර්ණයෙන්ම එකඟවෙනවා
      ---- ජය -----

      Delete
  2. අද කාලේ ව්ශාකාවෝ සෑහෙන්න දෙයක් ලෝකය වෙනුවෙන් කරනවා මම ඒ වෙනුවෙන් + එකක් දෙනවා කවුරු මොනවා කියුවත්

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ විශාකාවන්ගේ වගේ චරිත නැති උනාට හිත් තියෙන උදවිය තවමත් ඉන්නවා..

      Delete
  3. අද කාලෙ විශාකාවො යශෝධරාවො නැතුවා නොවේ.... වැඩිහරියක් ඉන්නෙ ඔවුන්..... එහෙත් පිරිමි මුලිකවූ සමාජයේ බහුතරයකට ඔවුන්ව පෙනෙන්නේ එසේ නොවේ... තම සිතෙහි පවතින ආශාවන් සපුරා ගැනීම පිනිස භාවිත කල හැකි තවත් එක් භාන්ඩයක් ලෙසයි... එසේ නොමැතිව තමුන් හා උරෙන් උර ගැටී ජීවිත සටන ජය ගැනීමට සටන් කරන කාන්තාව ඇණුම් බැණුම්..රැවුම් ගෙරවුම්...දූෂණ..අපහාස..විවේචන.. මගින් හෝ යටත් කර ගැනීමටයි බහුතරය උත්සාහ කරන්නෙ.....
    එසේ නොමැතිව ගැහැනියද තමන් හා සමානයයි තේරුම් ගත් දාක මේ ලෝකය කේතුමතී පුරයක් වේවි.........

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයේ උනත් කාන්තාවන් හෑල්ලුවට ලක් කරනවා මම ඕනෑ තරම් දැකලා තියෙනවා..

      Delete
  4. මන් ගොඩාක් වෙලා කල්පනා කරා ලිහිණි ඔය ගැන.
    මෙහෙමයි ගැහැණිය ගැන ගරුත්වය අඩු වෙලා තියෙනවා .
    ඒක ඇත්ත.කොල්ලෝ කතා කරන්නේ " කෑල්ල , බඩුව "
    වගේ වචන වලින් .තමන්ගේ පෙම්වතිය උනත් සමහර පිරිමි
    ළමයි අදුන්වල දෙන්නේ " මගේ කෑල්ල බන් " කියල ..
    ඕකෙම අනිත් පැත්ත ගෑල්ලමයින්ගේනුත් වෙනවා ..

    ඒ කියන්නේ අපිට වඩා එහා ගියපු විදිහට ගෑනු ළමයි
    පිරිමි ළමයි ගැන කතා කරන්නේ.. අරූ , මූ , පැණියා ,
    වලත්තයා වගේ වචන ..

    ඒ නිසා භාෂාව ගැන නම් දෙපාර්ශවයම වරද පිළිගන්න ඕනේ.
    අනිත් දේ ගෑනු ළමයි පිරිස් ගත වූ විට ( ගැන්සි බැස්සම ) තත්වය
    ගැන කතා කරන්න ගියොත් වෙනම මාතෘකාවක් හැදෙනවා..

    නමුත් පිරිමි බලය , හැකියාව යොදවා කාන්තාව 1* ලිංගිකව , වක්‍ර ලිංගිකව,
    වාචිකව , මානසිකව , කායිකව පීඩනයට පත් කිරීම නම් පැහැදිලිව හෙලා
    දකිනවා..විශේෂෙන්ම බස් පොදු ප්‍රවාහන සේවා , කාර්යාලය වගේ පොදු තැන්
    වලදී..ගොඩක් වෙලාවට ලිහිණි ඔය තැන් වලදී නම් පිරිමි අන්තිම පහත්.
    " අන්න පට්ට කඳක් ..... etc ..... .... .... " වගේ අන්තිම පහත් කතා කියන තැන
    ඉඳන් 1* සදහන් වැරදි සියල්ල සිදු කරන අය ඉන්නවා..

    ඒක ගැන නම් කණගාටුව අයදිනවා.ගොඩක් වෙලාවට සමාජයේ බස් එහෙක
    කාන්තාවකට අතවරයක් සිදු වෙද්දී ගැහැණු පිරිමි දෙපාර්ශවයම ඇස් කන්
    වහන් ඉන්නවා..එතැනදී නම් වෙන්නේ මානුෂීයත්වය ගැන ගැටළුවක් මිස
    වෙන දෙයක් නෙවේ.

    කොහොමින් කොහොම හරි බහුතර පිරිමි හැකි සෑම විටම තම පහත් අරමුණු
    ඉටු කරගන්න පෙළෙඹෙනවා.අසරණී හැමදාම අසරණයි ..ඕක මගේ අම්මටත්
    පොදුයි , මගේ දුවටත් පොදුයි.
    මේවා කොහෙන් කොහොම ඉවර වේවිද කියන්න මන් නම් දන්නේ නැහැ .
    එච්චරයි මන් දන්නේ ලිහිණි...

    ReplyDelete
    Replies
    1. මම මේ කියන්නෙ " කෑල්ල " කියන වචන අල්ලාගෙන නම් නෙමේ. ඊට වඩා හුඟාක් ඈතට ගිය දේවල් ගැන. රණ්ඩුවක් වෙද්දි බලන්න බනින්න කට අරින්නෙ කොහොමද ?

      සම තැන රිසි තැන ගැන නෙමේ..අඩුම තරමින් පෙම්වතිය වෙලා උන්න කාන්තාවක් විවාහ කර ගත්තට පස්සෙ..පවුලක් ඇතුලදි සුළු සුළු ආරවුල් ඇති වෙද්දී කොහොමද කාන්තාවට කතා කරන්නේ ? ඇයි අත උස්සන පිරිමි....

      Delete
  5. //ඒ වගේම අද්දන බස් කෝච්චිවලට දුවල ගිහින් පිරිමින් එක්ක පොරකාල නගින, අලුත් පන්නෙට කොන්ඩෙ කපන, කාලයේ තාලයට කලිසමක්..ඇඳුමක් අඳින පළඳින කාන්තාවන්ගේ හිත් විශාවකගේ..යශෝදරාවකගේ වගේ නෙමේ කියන්නත් බෑ..// ඇත්ත, මුළු ලිපියම ඇත්ත.. ක්මෙන්ටුව ඉතිරි කොටස පස්සෙ දාන්නම් අක්කියා.. දැන් දොයියනවා..

    ReplyDelete
    Replies
    1. මම මේ ළගදි මේකට අදාල හොද පින්තූරයක් දැක්ක්ා මූණූ පොතේ ඒත් ඒක මෙතන දාන්න බෑ, ඔය කියන දේවල් ඇත්ත,සම්පූර්ණයෙන්ම.වැඩිය ඕන නෑ, අම්මා ගෙදර නැති වුනාම ගෙදර අනිත් පැත්ත ගැහෙන හැටිම බලන්නකෝ.., අයියා කෙනෙක් නංගිව පරිස්සම් කරනවට වඩා අක්කා කෙනෙක් මල්ලිව කොයි තරම් නම් පරිස්සම් කරනවද?... ගෑනු කෙනෙක් කියන්නෙ එකම කෙනා ලෝක පැවැත්මයි,ලෝක අභාවයයි දෙකම අතේ තියාගෙන ඉපදෙන,..

      Delete
    2. කාන්තාවකගේ අගය දැනගන්න නම් කාන්තාවකගේ හදවතට එබිලා බලන්නම වෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරැද්දකට කාන්තා සංහතියටම බනින හැටි බලන්න...

      Delete
    3. // අයියා කෙනෙක් නංගිව පරිස්සම් කරනවට වඩා අක්කා කෙනෙක් මල්ලිව කොයි තරම් නම් පරිස්සම් කරනවද?... //

      මේ කතාව බොරුවක්. අක්කලට වඩා අය්යලා නංගිලාව ගොඩක් පරිස්සම් කරනවා.අක්කල ගොඩක් වෙලාවට කරන්නේ මල්ලිලා ගැන කේලම් ගෙදරට කියන එක තමයි.

      Delete
    4. // අයියා කෙනෙක් නංගිව පරිස්සම් කරනවට වඩා අක්කා කෙනෙක් මල්ලිව කොයි තරම් නම් පරිස්සම් කරනවද?... //

      මේ කතාව බොරුවක්. අක්කලට වඩා අය්යලා නංගිලාව ගොඩක් පරිස්සම් කරනවා.අක්කල ගොඩක් වෙලාවට කරන්නේ මල්ලිලා ගැන කේලම් ගෙදරට කියන එක තමයි.

      Delete
  6. බොරු කියන්න ඕනි නෑ. ඈත්තම කිව්වොත් කියල තියෙන දේවල් ගොඩක් ඈත්ත, අර මුදියන්සෙ කියනව වගෙ ගෑනියෙක්ට අම්ම කෙනෙක්ට විඳින්න පුලුවන් දුක් වේදනාවලින් භාගයක්වත් පිරිමියෙක්ට විඳින්න බෑ..
    මතුපිට තියෙන මටසිලුටු, සෞම්ය ගතිය ගතිය යට ජිවත් වෙනව අයෝමය පුරුශයෙක්,ගත කොච්චර දුර්වල උනත් හිත කියන දේ පුදුම විදියට ශක්තිමත්.:)
    (කැරපොත්තන්ට හූනන්ට බය එක ගෑන නම් මෙතෙන්ට සම්බන්ද කරගන්න එපා. මන් හිතන්නෙ ඒ වගෛ දෙයක් ගෑනියෙක්ගෙ ශක්තිය අව්ප්‍රේරනය කරනව ංවෙන්න පුලුවන්,,:P)

    මන් මේ හිරු අක්කටත් බොහොම බැරෑරුම් අවවාදයක් දීල එන ගමන්.,, හ්ම්ම් සල්ලි ගන්නෑතුව ඔයාටත් දෙන්නම්කෝ..

    හ්ම්ම් දෑන් කසාදයක් කරගන්ඩ කාලෙ හරි. හොඳ නෑකතක් බලල කොල්ලෙක්ව අල්ලන් බෑඳ ගන්න එකයි තියෙන්නෙ ආයෙ යන්න නොදී.. ඊට පස්සෙනං ඉතින් කියන එකක් නෑ අවුරුද්දක් විතර යනකන් අනේ මේ ජීවිතේ ඒකාකරි කියලා. ආයෙත් යද්දි ඒකාකාරි වෙනව ඉතින්.. එතකොට දෙන්ඩ තියෙනව තව උපදෙසක්.. ඒක පස්සෙ, වටින කියන දේවල් ඔක්කොම එකපාර කියල දිඉල හරි යන්නෙ නෑනේ.. :D


    ReplyDelete
    Replies
    1. මම දන්නවා උබ ඊලගට දෙන්න යන උපදේශය .අර හිරු අක්කට දුන්න එකමනේ . ලිහිණියෝ මෙයාගේ උපදෙස් අරන් අමාරුවේ වැටෙන්න නම් එපා @ සමී

      Delete
    2. @සමී

      හි හී

      මාව බන්ඳන්න මුන්ට තියෙන හදිස්සිය. බැඳට පස්සෙ වැඩ අඩු වෙන්නෙ නෑ වැඩි වෙනවා මිසක්කා...

      Delete
    3. අපිට නම් කිසි හදිසියක් නෑ තවත් අහිංසක කොල්ලෙක්ව අමාරුවේ දාන්න හික් හික් හික්

      Delete
  7. ගැහැණු හිතන විදිහයි, පිරිමි හිතන විදිහයි සම්පූර්ණයෙන්ම වෙනස්.

    පොතක් තියෙනවා, 'ගැහැණු ලෝකය සහ පිරිමි ලෝකය' කියලා. ඒක අර "Men are from Mars, Women are from Venus" පොතේ සිංහල පරිවර්තනයක්. ඒක කියෙව්වොත් ළිහිණිට ගොඩක් දේවල් තේරුම් යයි.

    මේ පොත ගැන ඉස්සෙල්ලාම ඔත්තුව දුන්නේ දුකා. ඒ ඔත්තුව ඔස්සේ ගිහින් පොත නුගේගොඩ සරසවි එකෙන් මිලදී ගත්තෙ අපේ ගම හාමිනේ. එයා නම් පොත කියෝලා ඉවර උනා. මට නම් තාම කියවන්න වෙලාවක් හොයාගන්න බැරි උනා.....!

    ReplyDelete
    Replies
    1. පොත් විතරක්ම ජීවිතේ අත්දැකීම් ගන්න බෑ දුමි අයියා. ඊට වඩා අත්දැකීම මේ සමාජයේ ඉද්දී ලබා ගන්න පුළුවන්. මම ඔෆීසියේ ඉන්නෙ වැඩි හරියක් කොල්ලො එක්ක. කතා බහ කරන දේවල් වගේම ඒ අය හිතන්නෙ කොහොමද කියලත් හොඳ වැටහීමක් තියෙනවා...හැබැයි ඔක්කොම කොල්ලො නෙමේ..ඔය අතරින් කාන්තාවන් ගැන ගෞරවයෙන් කතා කරන අයත් ඉන්නවා..

      Delete
  8. ලිපියේ ඇති දේවල් සම්බන්දයෙන් ලකියාද එකගයි .ගතින් ගැහැණියට වඩා ශක්තිමත් ව පිරිමියා නිර්මාණය වී ඇත්තේ ගැහැණිය ආරක්ෂා කිරීමට මිස තම ආත්මාර්ථකාමී අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොවේ යන්න යන්න මා දරන අදහසයි.
    ඒ අනුව පාරක ,bus එකක වැනි ස්ථානයක මෙන්ම හැකි සෑම විටම ගැහැණිය ආරක්ෂා කිරීම පිරිමියා සතු වගකීමකි .හිතින් වඩා ශක්තිමත් ගැහැණිය යන්න පොදු පිළිගත් මතයක් වන නිසා ඒ ගැන අදහස් දැක්වීමෙන් වැලකි සිටිමි.ඒ පොදු මතයට ලකියාද බොහෝ දුරට එකග වේ .( ඒ උනාට චුරු චුරු ගාල අඩාගත්ත ගමන්මයි ඉන්නේ මෙයාලනම් )

    ප.ලි //ගෙවල් දොරවල් අස් කරන...පොළොව මදින...නාන කාමර හෝදන ...රෙදි හෝදන..උයන පිහින වැඩ ඔක්කෝම ඉවර වෙද්දී...දවසත් ඉවරවෙලා...// කවුද ඉතින් මේවා කරන්න කිවේ ,අපි වගේ හිටහල්ලකෝ

    ප.ප.ලි ( කාන්තා ආධිපත්‍ය වෙනුවෙන් පළමු වෙඩි මුරේද මන්ද පත්තු කරේ ,ඒවාට අවොත් නම් මරාගෙන මැරෙනවා හරිද හික් හික් හික්)

    ReplyDelete
    Replies
    1. ගෙදර වැඩ නොකර ඉන්න නම් මැරිලා ඉපදෙන්න වෙයි... ඒවා කරලා දෙන්නෙ පොලීසියෙන්ද...හි හි හී

      //ඒ උනාට චුරු චුරු ගාල අඩාගත්ත ගමන්මයි ඉන්නේ මෙයාලනම්//

      චුරු චුරු ගාලා අඬන පිරිමිත් ඉන්නවා. අපිත් එක්ක ක්ලාස් ආව කොල්ලෙක් උන්නා. අපෝ..ගෑණු ළමයා ෆෝන් එක ආන්ස්වර් කලේ නැතත් අඬනවා... :P

      Delete
    2. ෂුවර්ද ඌ කොල්ලෙක් කියලා හික් හික්
      ඔයත් ඇමති කෙනෙක්ගේ දුවෙක් හරි නෝනා කෙනෙක් හරි උනානම් ඔය වැඩ ටික පොලිසියට කියල කරවගන්න තිබුනා

      Delete
  9. හ්ම්ම්.. ලියලා තියෙන දේවල් එක්ක සම්පුර්ණම වගේ එකගයි..

    ReplyDelete
  10. බහුලවම ගත්තාම කාන්තාවට උරුම වෙලාතියෙන තත්වය ඕකයි. ඒත් පොදුවේ ගත්තාම මේ හැම කාරනයක්ම පිරිමියාටත් පොදුයි , ලමයින් බිහිකිරීමේ කාරනාව ඇරෙන්න.
    බස් වලදි සමහර වෙලාවට එපාවෙනව ඔ‍ෆිස් වල වැඩකරන සමහර ගැහැණු අය ,අපිසීට් එකේ වාඩිවෙලා යනවෙලාවට අපේ කරේ යන්නෙ..කිසිම හැඟීමක් දැනීමක් නැද්ද මන්ද..!

    මගේ නම් මතයක් තියෙනවා හරිම ආත්මාර්ථකාමී උන(බැනුම් අහන්න වෙයිද මන්දා..:)) ) ඒ ..බිරිඳ ‍රැකියාවක් නොකල යුතුයි කියන..හැබැයි ගුරු වෘත්තිය වගේ ‍රැකියාවක් ඇරෙන්න.

    මගේ බිරිඳව ‍රැකියාවෙන් අස්කරගත්තෙ ඒ නිසා..අපි දෙන්නගෙම මනාපෙට..දැන් තේරෙනව අපි ගත්ත තීරනය නිවැරදී කියල. ලමයි පාසැල් යන්න ,පන්තියන්න..ලෙඩ දුකක් උනාම මේ තත්වය හොඳටම තේරෙනව. හැබැයි හැමෝටම මේ තත්වයට මූන දෙන්න බැරිව ඇති..මේ ආර්ථික වටපිටාවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. සමහර කාන්තාවෝ ඉන්නවා වීයා ඒ අය පිරිමි අය එක්ක හුඟක් සමීපයි. ඇඟේ දැවටීගෙන උන්නත් සමහර විට ඒ අයගේ හිත් වනචර නෑ..ඒ එහෙම කෙනෙක් දැක්කම හිතන්නෙ පැනලා දෙනවා කියලා..

      තවත් සමහර කාන්තාවෝ ඉන්නවා වැඩි කතා බහක් නෑ. අහන දේට විතරක් උත්තර දීලා පාඩුවේ ඉන්න අය. ඒ වගේ අයට කියන්නෙ ආඩම්බර කාරියො කියලා..හොඳම දේ මධ්‍යස්තව ඉන්න එක..

      කාන්තාවක් රැකියාව කරනවද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නෙ ඒ ඒ අයගේ ආර්ථීක තත්වය මත. මම වගේ කෙනෙක්ට නම් රැකියාවක් නොකර නෑ. තමන්ව තමන් නඩත්තු කරන්න ඕනෙ නිසා. විවාහයෙන් පස්සෙ..සැමියාට පුළුවන්නම් පවුලේ ආර්ථිකය හොඳි පවත්වාගෙන යන්න...එහෙනම් බිරිඳක් රැකියාවක් කරන්න ඕනෙ නෑ...

      Delete
    2. // විවාහයෙන් පස්සෙ..සැමියාට පුළුවන්නම් පවුලේ ආර්ථිකය හොඳි පවත්වාගෙන යන්න...එහෙනම් බිරිඳක් රැකියාවක් කරන්න ඕනෙ නෑ...//

      මේ ගැන මමනම් හිතන්නේ ටිකක් වෙනස් විදියකට ලිහිණියෝ. වී අයියා කිව්වා වගේ දෙන්නගෙම කැමැත්තෙන් බිරිඳ රැකියාවෙන් අයින් වෙන එක කමක් නැහැ.

      ඒත් ගැහැනියකට උනත් තමන් ඉගෙන ගත් දේ, තමන්ගේ කැරියර් එක ගැන ආදරයක් තියනවා නේද? මටනම් එහෙමයි. මොකද අනිත් පිරිමි ළමයි වගේම මමත් 13 වසර වෙනකන් ඉගන ගත්තේ එකම අධ්‍යාපන ක්‍රමය යටතේ. ඊට පස්සේ ඒ අයත් එක්ක එකම උසස් පෙළට තමයි ලිව්වේ. එතනින් ලංකාවේ මුල් 200 ට ඇවිත් පිරිමි ළමයි වැඩිපුර ඉන්න මොරටුවට යන්න පුළුවන් උනා. එතනිනුත් ෆස්ට් ක්ලාස් එකක් අරන් එලියට ආපු ටික දෙනා අතරේ මමත් ඉන්නවා. (ලොකු කම කියනවා කියලනම් හිතන්න එපා ඔන්න:) මේක කියන්න වෙන විදියක් තේරෙන්නේ නැහැ) මේ හැමදේටම මගේ අම්මලත් පිරිමි ළමයෙකුගේ මව්පියන් වියදම් කරපු තරමටම වියදම් කරලා තියනවා කිසිම අඩුවක් නැතුව.

      ඒ වගේම එතනින් නවතින්න එපා කියලා මට කිව්වේ මගේම ජිවන සහකාරයා තමා. ඒ ගැන මට තියෙන්නේ සතුටක්. ඉතින් තවමත් රස්සාව කරන ගමන් උනත් උසස් අධ්‍යාපනය කරගෙන යන්නෙත් ඒකයි. ඒ නිසයි මට මගේ හැකියාවේ වගේම මගේ ඉගනීමේ වටිනා කමක් දැනේනේ. මගේ දෙමව්පියන් කරපු වියදම් වලට වටිනා කමක් ලැබෙනවා කියලා දැනේනේ එතකොට. ඒ විතරක් නෙමෙයි මට උගන්නන්න ආණ්ඩුව කරපු වියදම කොයි තරම්ද කියලා තේරෙන්නේ මේ කැම්පස් වල ක්‍රෙඩිට් තුනකට විතරක් යන ගාන දැක්කම. ඉතින් තවත් කෙනෙකුගේ අවස්ථාවක් නැති කරගෙන ඒ විදියට ඉගනගෙන නිකන්ම ඉන්න උනොත් අපරාදේ නේද? ඉතින් මමනම් මේක මලාට අත අරින්නේ නැහැ. :)) හැබැයි ළමයි ඉන්න කාලෙක මේ අදහස් වෙනස් වෙයිද මන්දා. මොකද අම්ම කෙනෙක්ගේ හිතට හැමදේම යටයිලු නේ.

      ඔයත් ඉගන ගන්න වෙච්ච මහන්සිය මම දන්නවා ලිහිණි. කොච්චර බාධක තිබුනත් ඉහලම තැනකට ගියපු කෙනෙක් ඔයා. කවදාහරි බැන්දට පස්සේ රස්සාවෙන් අයින් වෙන්න කිව්වොත් ඔයා කැමති වෙන එකක් නෑ නේද?


      මට තවත් ප්‍රශ්නයක් තියේ. ගැහැණිය වැඩි ආදායමක් උපයන පවුල් වල පිරිමියා කැමති වේවිද ගෙදර නැවතිලා ළමයි බලාගෙන ඉන්න? හිහි :)

      Delete
    3. ඔව් සයුරි. ඉගෙන ගන්න වෙච්චි මහන්සියත්...ගිය වියදමුත්..කැපවීම හා කාලයත් එක්ක බැලුවම රැකියාව නවත්තන්න මට නම් බැරි වෙනවා. මොකද තිබ්බ දේවල් පවා විකුනලා ඉගෙන ගත්තේ ඒ ඔස්සේ යන්න නිසා. සයුරි වගේම මමත් ආසයි ඉදිරියටම යන්න. කවදා හරි දවසක සුදුසු සහකාරයෙක් තෝරාගත්තම රැකියාව ගැන විවෘතව කතා කරනවා. පස්සෙ චුරු චුරු බැරි හන්දා..

      හැබැයි සයුරි අපි එහෙම හිතුවට සමහර අයට ඔතනදී ගැටළු මතුවෙන්න පුළුවන්. ළමයින් ඉපදුනාම වගේ...ඒ අය බලා ගන්න...රැකියාව කරන්න දෙකම...

      බලාගෙන ගියාම සෑහෙන හිතලා මතලා ගන්න ඕනෙ තීරණක් :)

      Delete
    4. //මට තවත් ප්‍රශ්නයක් තියේ. ගැහැණිය වැඩි ආදායමක් උපයන පවුල් වල පිරිමියා කැමති වේවිද ගෙදර නැවතිලා ළමයි බලාගෙන ඉන්න? හිහි :)//

      මළාට වෙන එකක් නෑ...හි හි හී..වැඩිම උනොත් එක දවසක් කරයි...ඊට පස්සෙ තේරේවී...

      Delete
    5. මේ ගෑල්ලමයි මගුලක් කතාකරනව....අපේ ගෙදර උන්දෑ..පැය දෙක,තුනකට මුන් දෙන්න මා ගාව දාල ගියාම මම කන කට්ට...අම්මෝ..!

      Delete
    6. තව එකක්..සයුරි..,
      ඔයා ගැන විස්තර කල එකත් හොඳා මම නම් දැනගෙන උන්නෙ නැහැ. ඇත්තටම ඔය වගේ උසස් තලයකට ඉගෙන ගත්තම නම්..නවතින එක අපරාදයක් තමා....ඒත් අධ්‍යාපනය කියන්නෙ....රස්සාවමද..කියන ගැටලුව තියේ.

      ඒ කොහොම උනත් කාන්තාව ගෙදර සුන්දරත්වය කියනවනෙ.. ඇය නිවසේ නැති තැන..(දවසේ වැඩි වෙලාවක් ).මට නම් හිතාගන්නත් බෑ...අනික මම භාර්‍යාවට ගරු කරන්නෙ....මේ හැඟීම නිසයි.
      දරුවන්ගෙ වැඩ කටයුතු පිලිවෙලට කිරීම මටනම් මහ මෙරක්.

      Delete
    7. @ වී අයියා

      අධ්‍යාපනය කියන්නේ රස්සාව විතරක්මයි කියලා කියන්න බැරි උනාට අධ්‍යාපනය පිහියක් නම් ඒක මුවහත් වෙන්නේ රස්සාව හින්දයි කියලයි මට හිතෙන්නේ. හැබැයි මෙහෙමයි, ඉංජිනියරින් ඉගනගෙන බැංකුවේ ජොබ් එකක් කරොත් ඕක වෙන්නේ නැහැ. :) තමන් ලබා ගත්ත අධ්‍යාපනය කොතැනවත් ප්‍රායෝගිකව යොදවන්නේ නැතුව නිකන් තියාගෙන ඉන්න එකෙන් කාටවත් වැඩක් වෙන්නේ නැහැ නේද?

      //මේ ගෑල්ලමයි මගුලක් කතාකරනව....අපේ ගෙදර උන්දෑ..පැය දෙක,තුනකට මුන් දෙන්න මා ගාව දාල ගියාම මම කන කට්ට...අම්මෝ.//

      ඔය කියල තියෙන්නේ එලටම :))

      Delete
    8. දැක්කා නේද සයුරි..ඔය පැය දෙකට...හි හී :D

      Delete
    9. කතාවක මැදින් පනින එක ගැන සමාවෙන්න..
      මේ කොමෙන්ටු ටික කියෙව්වාම මගේ බොස් කියපු කතාවක් මතක් වුනා (මනුස්සයා පිරිමි පරාණයක්!!)
      “රූ..කවදාවත් මොලේ තියන ගෑනු මනුස්සයෙක් ගෙදර තියන්න එපා..එහෙම කලොත් පස්සට එන ප්‍රශ්න විසඳන්න උත්තර නැතිවෙයවා..!!“

      Delete
  11. ළිහිණි මේ ටිකේම ටිකක් සැර වෙලා. රට ලෝකෙ විපර්‍යාස වලට ලක් වෙන කොට කාන්තාවට විතරක් වෙනස් නොවී ඉන්න බෑ. ඒ කාලේත් විශාකලා යශෝදරාලා හිටියා අදත් ඉන්නවා. ඒවගේම ඒ කාලෙත් හැදියාවක් ලැජ්ජාවක් නැති කාන්තාවො හිටියා අදත් ඉන්නවා. මම නම් හිතන්න නෑ අද සමාජයේ කලිසන් ඇදීම , ගමනේ වේගය මත කාන්තාවට අපහාස කරනවා කියල. නමුත් පහසුවට කියල අදින දිග කලිසමත් අසංවර කරගෙන ඇති ආකාරය (තමාගේ සයිස් එක නොදැනීමෙන්දෝ තමාට බැසීමට නොහැකි තරමේ ඩෙනිම්, ලේස් කලිසම් පුපුරා යාමට ඔන්න මෙන්න ආකාරයෙන් ඇඳගෙන යාම ) දකින කොට නම් සමාජයෙන් ගැරහුම් ඒම සාදාරණද නැද්ද යන්න කියන එක සලකා බැලිය යුතු වෙනවා.
    කොහොම වුනත් ගෙදර දොරේ වැඩ දරැවන්ගෙ වැඩ එක්ක රැකියාවකුත් කරන අපේ මව්වරු, සහෝදරින් කරන කැපවීම ඒ කාලයේ විශාකාවන්වත් කලාදැයි හිතන්න වෙනවා. ඉතිං එය අගය නොකරනවා නම් ගුණමකු කමක්.

    ReplyDelete
    Replies
    1. //ළිහිණි මේ ටිකේම ටිකක් සැර වෙලා//

      පිස්සු... :) මම හුඟාක් සැහැල්ලුවෙන් ඉන්නේ..සැරට නෙමේ...අපි ගැන අපි කතා නොකර කවුරු කතා කරන්නද ගිම්...

      ඇඳුම් ගැන අපි කලින් කතා කලානේ...කාන්තාවන් හුඟාක් දුක් විඳිනවා..ඒත් මැසිවිලි නෑ..ඒක තමා කාන්තාවකගේ උතුම් බව..

      Delete
  12. ගැහැණු, ගැහැණු වීම නිසාත්, පිරිමි පිරිමි වීම නිසාත් ඔවුන් කිරීමට දක්ෂ / අදක්ෂ දේවල් කියලා අපිට ගොඩවල් දෙක බැගින් දක්වන්න පුළුවන්. හැමෝටම එකසේ අදාල නොවුනත්, බහුතරය ඒ තුල ඉන්නවා. ඒත් දැන් ළිහිනි කිව්ව වගේ, පිරිමියා විතරක් වැඩ කරලා ජීවත් වෙන්න බැහැ. ඒ නිසා ගැහැණියත් හරි හරියට සම්බන්ධවෙනවා මුදල් ඉපයීමට. ගැහැණිය ඒ ලෙසින් සාම්ප්‍රදායිකව පිරිමියා සතු කාර්යකට උර දෙද්දි, පිරිමියාත් ගැහැණියගේ සාම්ප්‍රදායික වැඩ වලට දායක වීම අපේ රටේ සිද්ධවෙනවා අඩුයි. ඒක එහෙම වෙන්න තව පරම්පරාවක්වත් යයි. මොකද තවමත් සමහර ගැහැණු උනත් කැමති නෑ පිරිමියට ගෙදර වැඩක් කියන්න. ඉතින් පිරිමින් ගැන කුමන කතාද? මාත් ඉතින් ඔය ගොඩට අයිතිවෙන කම්මැලි පිරිමියෙක් තමා.

    ReplyDelete
    Replies
    1. //ගැහැණිය ඒ ලෙසින් සාම්ප්‍රදායිකව පිරිමියා සතු කාර්යකට උර දෙද්දි, පිරිමියාත් ගැහැණියගේ සාම්ප්‍රදායික වැඩ වලට දායක වීම//

      අපෝ ඔව්. ගෙදර ඉන්න දවසෙත් පත්තරේ..එහෙමත් නැත්තම් කොම්පියුටරේ එල්ලිලා විතරක් ඉන්න අය කොච්චර ඉන්නවද...

      //ඉතින් පිරිමින් ගැන කුමන කතාද? මාත් ඉතින් ඔය ගොඩට අයිතිවෙන කම්මැලි පිරිමියෙක් තමා.//

      උෆ්ෆ්ෆ්ෆ්..තිසර ඇත්තම කිව්වා..හි හි හී

      Delete
  13. ලිහිණි කියල තියන සියලුම කරුණු වලට මම එකඟයි ...මෙන්න මේ ටික තෙරුම්ගන්නවනම් හරියට ඇත්තටම වැඩ කරන පෞර්ෂය තියන කාන්තාවක් ඇතුලෙත් විශාකාවක් ඉන්න බව තේරේවි !කාන්තාවකගේ හිතේ බොළඳ අදහස් තියනවා ,,බොළඳ බලාපොරොත්තු තියනවා ..පිටින් බලල කෙනෙකුට කියන්න බෑ මේ ගෑණි රළු ගැහැණියෙක් කියලා !
    අදත් ලිහිණි ජය වේවා ! කියන්න පුළුවන් පොස්ට් එකක් දාල ...;)

    ReplyDelete
    Replies
    1. හරියට හරි රෙහානි...කාන්තාවක් තේරුම් ගන්නවාය කියන්නෙ ඒකට. ඒක උඩින් විතරක් බලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමේ... ඒ හදවත් වලට ලංවෙලා..සංවේදී වෙලා බලන්න ඕනෙ..

      Delete
    2. ඉතින් හත්දෙයියනේ අපිත් හදන්නේ මේ හදවත් වලට ලංවෙලා තේරුං ගන්න බලන්නනේ .කෙල්ලොනේ අපිට ලංවෙන්න දෙන නැත්තේ .එයාල හිතන්නේ අපි වල්කම් වලට එනවා කියලනේ .ඇඩෙනවා පින්වතුනි තනි ඇහැට

      Delete
    3. දැකලා නැද්ද අර බෝඩ් කෑලි තියෙනවා..

      " ලංවෙන්න එපා...ආන්ත්‍රාවයි " කියලා..ඒ හන්දා වෙන්න ඇති අනේ...හි හි හී

      Delete
  14. නමුත් තාන්තාවට නිසි තැන තාම හිමි වී නෑහැ කියුවොත් මා නිවැරැදි ය කියා සිතනවා.

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා නිර්මලාව මේ පැත්තට...

      ඉස්සර පිරිමි අය හිතුවේ කාන්තාවට අයිති තැන කුස්සිය කියලයි. ඒත් දැන් සාම්ප්‍රදායට පයින් ගහලා..පිරිමින් කරන රැකියාම..ඒ වගේම ජීවිතේ බර අදින කාන්තාවෝ ඕනෑ තරම්. කාන්තාවගේ නිසි තැන කාන්තාවට දෙන්න කිසිම පිරිමියෙක් ඇතුලාන්තෙන් කැමති නැතුව ඇති,,,

      Delete
  15. හැන්දෑවට වැඩඇරිල දෙවෙනි වැඩමුරය ගෙදර පටන් ගන්න දුවන කාන්තාවො දැක්කම ඇත්තටම ලොකු දුකක් දැනෙනවා... රස්සාවක් කරන කාන්තාවන්ගෙ වැඩ දෙගුණ වෙලා...

    රස්නෙන් කෑම ටික දෙන්න ඕන කියල තුන් වේලම උයන.... නිමක් නැතිව වැඩම කරන අපේ අම්ම දැක්කමත් දුකයි... පුදුමත් හිතෙනවා කොහොමද‍ මේ තරම් වැඩ කරන්නෙ කියල.....

    හැම අම්ම කෙනෙක්ම කැමතියි ගෙදර ඉදන් දරුවන්ගේ, මහත්තයගෙ වැඩ ටික කරල සතුටින් ඉන්න... ඒත් මේ ආර්ථික රටාව ඇතුළෙ එක වැටුපකින් පවුලක් නඩත්තු කරන්න අමාරුයිනෙ....

    ඕන දුකක් කාන්තාවො විදියි, කප්පරක් වැඩ කරයි.... එයාව තේරුම් අරන් ආදරෙන් ඉන්න කියල තමයි මම මහත්තුරුන්ගෙන් ඉල්ලන්නෙ.

    ReplyDelete
    Replies
    1. //හැන්දෑවට වැඩඇරිල දෙවෙනි වැඩමුරය ගෙදර පටන් ගන්න දුවන කාන්තාවො දැක්කම ඇත්තටම ලොකු දුකක් දැනෙනවා... රස්සාවක් කරන කාන්තාවන්ගෙ වැඩ දෙගුණ වෙලා... //

      අපි උනත් එහෙමනෙ තරු අක්කා.. සමහර දාට රෑ වෙලා ගෙදර ආවම අපි ගැනම දුක හිතෙනවා..ඇයි ඉතින් මහන්සිය පැත්තකින් තියලා අනිත් වැඩ කරන්න ඕනෙනෙ..

      //ඕන දුකක් කාන්තාවො විදියි, කප්පරක් වැඩ කරයි.... එයාව තේරුම් අරන් ආදරෙන් ඉන්න කියල තමයි මම මහත්තුරුන්ගෙන් ඉල්ලන්නෙ. //

      එහෙම උනොත්..කාන්තාවන්ට හිතෙයි මේ වගේ මහතයෙක් ලැබෙන්න තමන් කොයිතරම් වාසනාවන්තද කියලා..

      Delete
  16. පුරානා කලේ විදියට අදකාලේ කරන්න බැහැ. ගහනුත් පිරිමි එක්ක හරි හරියට වැඩකරනවානම් එයාලටත් ඒ තැනම හිමිවෙන්න ඕනේ. මම දකින විදියට ඔය ගැහැණු ළමයින්ට ගොඩක් දුරට බනින අය එයාලගේ ටහ්රුන කාලේ එයාලට ඒ දේවල් කරන්න ලැබිල නැති තරහ පිට කරනවා වෙන්න ඇති කියලයි කියන්න තියෙන්නේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. නිසි තැන කෙසේ වෙතත්..තේරුම් ගැනීමවත් කරනවා නම්...

      Delete
  17. ලිහිණි ගෙ සටහන් කියවන්න ආවෙ අදයි. ඇත්ත, මේ හැම දෙයක්ම ඇත්ත. අද තියෙන්නෙ ආර්ථිකය ජය ගන්න කරන තරඟයක්. ඒකට ගෙදර දෙන්නාම එක වගේ වැඩ කරන්න ඕනෙනේ. නැත්නම් ඒක අමාරුයි. ඒ උනත් සමහර වෙලාවට මට හිතෙන්නෙ දැන් හැදෙන සමහර ගැහැනු ලමයි සංවර කමක් ඇත්තෙම නෑ. අපේ වයසෙ ඒ වගේ අපි හිටියෙ නැති නිසාවෙන්ද මන්දා මට එහෙම පෙනෙන්නෙ. සමහර වෙලාවට තමන්ගෙ මහත්තයාට කතා කරන්න වත් දන්නෙ නෑ. කට ඇරියම අප්පේ සේරම ඉවරයි. ඉතින් එහෙම ඉඳගෙන පිරිමින්ගෙන් හොඳ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අනෙක් අතින් හැම දාම ගැහැණිය පෙලන පිරිමි සමාජයේ හරියට ඉන්නවා. ඒ අයගේ පුදුම මානසිකත්වයක් තියෙන්නෙ. මේ දේවල් කොහොම ඉවසන්න ද හැමදාම. මා දන්නා කෙනෙක් ඉන්නවා ඇය ඉංජිනේරු වරියක්. දැන් ඇය මානසික රෝගයකින් පෙළෙනවා. ඇයට ගිහිජීවිතේ පුදුම විදිහට අසාධාරනකම් වලට මුහුන දෙන්න සිදු උනා. ඇය වන්දි ගෙවන්නෙ මේ ලෙසයි. විවාහයේ දී අවභෝධය හරිම වැදගත්. මේ අවස්ථාවේ දී කර්ම ඵල හරියටම බලපානවා කියල හිතෙනවා. සමහර විවාහ සාර්ථක වෙන්නෙත් නොවෙන්නෙත් ඒ අනුව වෙන්න ඕනෙ. අපේ මහත්තයා නම් මාව රැකියාවකට ඇරියේ නැහැ. කියලමයි තිබ්බෙ වැඩට යවන්නෙ නැහැ කියලා. නමුත් පුතාලා ලොකු මහත් උනාම රැකියාවක් කලා. ඒත් ගෙදරට අසාධාරනයක් වෙන්න තිබ්බේ නැහැ. අමාරුයි ඒ හැම දේම බැලන්ස් කරගන්න. වටිනා සටනට ස්තූතියි ලිහිණි.

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා චාන්දි අක්කව.. :)

      //ඒ උනත් සමහර වෙලාවට මට හිතෙන්නෙ දැන් හැදෙන සමහර ගැහැනු ලමයි සංවර කමක් ඇත්තෙම නෑ. අපේ වයසෙ ඒ වගේ අපි හිටියෙ නැති නිසාවෙන්ද මන්දා මට එහෙම පෙනෙන්නෙ. සමහර වෙලාවට තමන්ගෙ මහත්තයාට කතා කරන්න වත් දන්නෙ නෑ. කට ඇරියම අප්පේ සේරම ඉවරයි.//

      ඒක සාපෙක්ෂයි අක්කේ..එන්න එන්න වෙනස් වෙන සමාජයේ දැන් පරපුරේ ඉන්න අය හරිම ස්වාධීනයි චාන්දි අක්කා. හුඟක් වෙලාවට ඒ වගේ හැසිරෙන්නෙ ධනවත්...යමක් කමක් ඇති පවුල්වල අය. ලොකු දෑවැද්දක් එක්ක කසාද බැන්ඳම ස්වාමියාට යටත් වෙන්න කැමති නැති අය...ඒත් සමාන්‍යය පන්තියේ අය තවමත් ස්වාමියාට ඔහුගේ තැන දෙනවා.. සමහරු ඉන්න..හ්ම්ම්ම් කිව්වොත් කට අරින්නෙ නැති අය.. :)

      Delete
  18. කාන්තාවො ගැන ලොකු ගෞරවයක් පුද්ගලිකවම මගේ හිතේ තියෙනවා... මගේ අම්මත් කාන්තාවක් නේද කියලයි මට හැම වෙලේම හිතෙන්නෙ... ඇයට බොහොම සහයෝගය දක්වන, ඇහුම් කන් දෙන ස්වාමියකු ලැබුනොත් ජීවිතේ එන බොහෝ බාධක කම්කටොළු දෙස උපේක්ෂාවෙන් බලන්න පුලුවන් කියලා මට හිතෙනවා..

    එක දෙයක්... කාන්තාවනුත් තමන්ගෙ ගෞරවය ආරක්ෂා වන විදියට හැසිරීමට වග බලා ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. //කාන්තාවො ගැන ලොකු ගෞරවයක් පුද්ගලිකවම මගේ හිතේ තියෙනවා..//

      බොහෝම ස්තුතියි :)

      //එක දෙයක්... කාන්තාවනුත් තමන්ගෙ ගෞරවය ආරක්ෂා වන විදියට හැසිරීමට වග බලා ගත යුතුයි.//

      අනිවාර්යෙන්ම...කාන්තාවක් තේරුම් ගැනිම තමා හුඟාක් වැදගත් වෙන්නෙ. එහෙම තේරුම් ගන්න පුළුවන්නම්...ගෞරවය හිතේ උපදිනවා...

      Delete
  19. //කාන්තාවට ගෞරව කරන එක පිරිමි කමට නිගාවකුත් නෙමේ..// පිරිමි අය තුල කාන්තාවන් කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕනි. ඒක සෑහෙන්න අඩුයි කියල පේනවා මේ වෙනකොට. විලාසිතා නම් තමන්ගේ ප්‍රතිරූපයට හානි නොවෙන විදිහේ ඕන එකක්.. රැකියාවේ ස්වභවය, ඉන්න පරිසරය වගේ දේවල් අනුව සම්ප්‍රදායික බවින් මිදෙන්න වෙනවා නේ. ඒක සාමාන්‍ය දෙයක්..
    ලැසි ගමන් යන්න ගියොත් ඔෆිස් එකට යන්න වෙන්නේ ඕෆ් වෙන වෙලාවට.. :)

    ReplyDelete
    Replies
    1. //ලැසි ගමන් යන්න ගියොත් ඔෆිස් එකට යන්න වෙන්නේ ඕෆ් වෙන වෙලාවට.//

      අනේද කියන්නේ... මම ගමේ ඉඳන් ඔෆීස් එනදාට..බස් වලින් බැහැලා ඇවිදින්නෙ නෑ දුවනවා...එහෙම කලබලයෙන් පාරෙ යද්දී ප්‍රයෝජනය ගන්න අයත් ඉන්නවා. කලබලයෙන් ඇවිදින කෙනෙක්ගෙ ඇඟේ වැදිලා එහෙම....මම නම් ඒ වගේ වෙලාට රවනවා රැවිල්ලක්..පිච්චිලා අළුවෙලා යන්න තරමට...හි හි හී

      Delete
    2. ඒ වගේ එවුනුත් ඉන්නවා තමා.. ඒත් ලිහිණි රැව්වට උන්ට පේන්නේ නෑලු.. ඉතින් ඕකට රවල හරි යන්නේ නෑ. අනින්න ටොක්කක්.

      [විහිළු කොලාට කේන්ති ගන්නේ එහෙම නෑ නේද බන්ස්.. ඔහොම කිව්වට මාත් කොකනට් ටයිප් තමයි :) ]

      Delete
    3. //[විහිළු කොලාට කේන්ති ගන්නේ එහෙම නෑ නේද බන්ස්.. ඔහොම කිව්වට මාත් කොකනට් ටයිප් තමයි :) ]//

      මොන පිස්සුද බන්...මොකට කේන්ති ගන්නද...අනික 21 ලෝක විනාසේ උනොත් අපි දෙන්න තරහා වෙලා මැරුනා කියලා අනිත් උන් කියයි...හි හී

      Delete
  20. //කාන්තාවට ගෞරව කරන එක පිරිමි කමට නිගාවකුත් නෙමේ..//
    මෙහෙමයි කියල ගෑනුන්ට වහල් වෙන්නත් බෑනේ.. මං දන්න මිනිහෙක් ඉන්නව.. ඌ ගෑනිට සලකන්නෙ දෙයියෙක්ට වගේ .. සැලකිල්ල වැඩි නිසා ගෑනි මේ මිනිහ රස්සාව කරල ගෙදර එනකොට තේ එකක් වත් දෙන්නෑ.. මේ එක පැත්තක් විතරයි.. හැම තැනම ඔය කියන තරම් හින්සන ඇති කයල මම හිතන්නෑ.. තියෙන්නෙ තියන ටික උලුප්පල පෙන්නන රටාවක්.. ලංකාවෙ ජනගහනය මිලියන විස්සකට වැඩියි.. ඒකෙනුත් වැඩිපුර ඉන්නෙ ගෑනු.. ඔන්න ඒ ගොල්ලන්ගෙන් සීයට විසිපහකටවත් හිංසන තියනවනම් මං පිළිගන්නව ලංකාවෙ පිරිමි දුෂ්ඨයෝ කියල.. ඒත් එහෙම නෑනේ.. තියන දෙක තුන ටී.වී. චැනල් කාරයෝ සෙනග වැඩි කරගන්න ලොකුවට පෙන්නනව..

    ReplyDelete
    Replies
    1. //සලකන්නෙ දෙයියෙක්ට වගේ .. සැලකිල්ල වැඩි නිසා ගෑනි මේ මිනිහ රස්සාව කරල ගෙදර එනකොට තේ එකක් වත් දෙන්නෑ..//

      තේ එකක් නොදෙන්නෙ සෞඛ්‍යය ගැන හිතලද කවුද දන්නේ...හි හී..

      //තියන දෙක තුන ටී.වී. චැනල් කාරයෝ සෙනග වැඩි කරගන්න ලොකුවට පෙන්නනව..//

      සමහර විට නොපෙන්වන ඒවා ඊට වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද ? උදා හැටියට බස්වල එහෙම වෙන කාන්තා හිංසන මාධ්‍යවලින් පෙන්නන්නෙ නෑනේ

      Delete
    2. බස්වල කාන්තා හිංසන උනේ ඉස්සර අක්කො... දැං කොල්ලෙක්ටයි බස් එකේ යන්න බැරි වෙලා කියෙන්නෙ.. කෙල්ලක් ළඟින් ගියත් අංකල්ලටයි වයසක ඇන්ටිලටයි පෙන්නන්න බැ.. බස් එක දෙවනක් වෙන්න බෙරිහන් දුන්නම ඌගෙ ආත්ම ගෟරවේ ඉවරයි..

      //තේ එකක් නොදෙන්නෙ සෞඛ්‍යය ගැන හිතලද කවුද දන්නේ...හි හී..//

      එතකොට මිනිහට කන්න දෙන්නවත් ගෙදර ඉන්නැතුව අල්ලපු ගෙදර ගෑන්ත් එක්ක කයිවාරු ගගහ ඉන්නෙත් මං හිතන්නෙ සෞඛ්‍යය ගැන හිතල වෙන්නෝන..

      Delete
    3. //එතකොට මිනිහට කන්න දෙන්නවත් ගෙදර ඉන්නැතුව අල්ලපු ගෙදර ගෑන්ත් එක්ක කයිවාරු ගගහ ඉන්නෙත් මං හිතන්නෙ සෞඛ්‍යය ගැන හිතල වෙන්නෝන..//

      ඉස්සර නම් කිව්වේ ගෑණු උදවියට පිට ගිණි ගෙට ගන්නත් ගෙයි ගිණි පිට දෙන්නත් එපා කියලා. බලාගෙන ගියාම දැන් ඒ දේවල් කරන්නෙ පිරිමි වගේ..ඇයි බලන්නකෝ ඔයාගේ ගෙයි ගින්දර ඔයාට දීලනේ...හි හි හී

      Delete
    4. මිනිහගෙ ගින්දර ගැන ගමම දන්නවා..:)

      Delete
    5. ම්........ කියවලා හැදෙන්න.....:)
      http://dasunuma.blogspot.com/2012/12/blog-post_20.html

      Delete
  21. මම නම් මුකුත් කියන්නේ නෑ ළිහිණියෝ.... ඔයා ඔය ගැන දකින විදි‌ෙය් ලොකු සාධාරණත්වයක් තියෙනවා... ඒත් මට ඔය ගැන ආවේගයෙන් කතා කරන්න බෑ... මම රස්සාවෙන් අස් උනේ මගේම කැමැත්තෙන්... ( මුදල් අමාරුකම් නිසා රස්සාවට යන්න හැදුවට අපේ මහත්තයා ඒකට කැමති නැත්තේ පාරේ තොටේදි මට කරදර වෙනවට කැමති නැති නිසා..)

    නමුත් මට පේන විදියට ගැහැණියක් සංවර විය යුතු තැන් සහ පිරිමියෙක්ට වැඩිය ශක්තිමත් විය යුතු තැන් තියෙනවා... මම ඔය දෙකම වැඩට යන කාලේ වින්දා... දැං ඔය කෝච්චියට නඟිද්දි ගෑණු පෙරළගෙන පිරිමි ටික නඟින්නේ.. ඒ වෙලාවට මම පැත්තකට වෙලා ඉන්නවා.. පැත්තකට වෙලා ඉන්නවා දැකලම මට පිරිමි කෙනෙක් ඉඳගන්න සීට් එක දුන්න අවස්ථාවල් තියෙනවා... ( ඒ ඉතිං කෙල්ල කාලේ.. දැං කොහොම වෙයිද කියලා මම දන්නේ නෑ.. හි හි)

    අපි මේ සාධාරණත්වය ගැන කතා කරනවා... ඊයේ පෙරේදා අපේ මල්ලි එයගේ කෙල්ලට කෑල්ල කියලා මගෙන් ගුටි කෑවා... ඊට පස්සේ ඌ සොරි කියනවා.. දැන දැන තමයි කරන්නේ වැරැද්ද...

    ReplyDelete
    Replies
    1. හැමෝම කෑල්ල තමා කියන්නෙ........ අනේ මන්ද මොනවද අඩුපාඩුව කියල..... හැබැයි කෙල්ලො, කොල්ලොන්ට මොනවද දන්නෑ කියන්නෙ..........

      Delete
    2. අද කාලේ ගොඩක් කොල්ලෝ වගේ තමන්ගේ කෙල්ලට කියන්නේ කෑල්ල කියල. අනේ මන්දා ඒකට හේතුව නම්..... මම නම් ඒකට කැමතිම නැහැ.....

      Delete
    3. මට නම් හිතෙන්නේ අපි ඒකෙන් කිසිම අගෞරවයක් අදහස් කලේ නෑ. එදා කෑලි පස්සේ ගිය අපි, අපේ මිතුරෝ ඔය සමහර කෑලි බැඳගත්තා. ඒක යම් ආකාරයක ඒ කාලෙ භාවිතා වුණු හැඳින්වීමක් මිසක, හෙලාදකින්න භාවිතා කරපු එකක් නෙමෙයි.

      දැන් ගැණු ළමයි, අනිත් ගෑණු ළමයින්ව හඳුන්වන්නේ "අරකි මාර බඩ්ඩ" කියලා?

      Delete
    4. බඩ ඩිංගිත්තක් ඉස්සරහට ආපු දවසක හැමදාම වගේ බස් එකේ සීට් එක ලැබෙයි... හොදට බලන්න ඒක බොහෝ විට දෙන්නෙ පිරිමියෙක්... ගෑණු අය බහුතරය කවුළුවෙන් අනන්තය සොයාවි...

      Delete
    5. ඔෆීසියේ ට්‍රාන්ස්පොර්ට් එකට පිංසිද්ධ වෙන්න ( අපේ ටීම් එකෙන් කාර් එකක් නැත්තෙ මට විතරයි ) මම බස්වලින් වන්නෙ නෑ.ඒත් මග තොටේදී ඕනෑ තරම් දකින්න පුළුවන්..

      //අපි මේ සාධාරණත්වය ගැන කතා කරනවා... ඊයේ පෙරේදා අපේ මල්ලි එයගේ කෙල්ලට කෑල්ල කියලා මගෙන් ගුටි කෑවා... ඊට පස්සේ ඌ සොරි කියනවා.. දැන දැන තමයි කරන්නේ වැරැද්ද...//

      කෑල්ල කියන එක නම් මට මහ ලොකු දෙයක් හැටියට පේන්නෙ නෑ..ඒත් හිරුවො ඊට වඩා දේවල් කියන අය ඉන්නවනේ..

      Delete
    6. සිරාවට මචන් සිරා.මමත් ඕක අනන්තවත් දැකල තියෙනවා බස් වල .බඩක් උස්සන් බස් එකට ගොඩවෙන අම්ම කෙනෙක්ට බොහෝ වෙලාවට සීට් එකක් දෙන්නේ පිරිමියෙක් .සමහර වෙලාවට බස් එකේ මැද වෙනකන්ම අර අම්ම ඇවිදගෙන එනවා සීට් එක ලැබෙනකන් .ඒ වෙලාවට ගොඩක් ගෑනුන්ට අමතකයි තමනුත් මේ අම්මා විදින වේදනාව වින්ද නේද කියලා

      Delete
    7. ඒ වගේම තවත් පිරිමි අය ඉන්නවා සීට් එක ඒ අම්මට දීලා එයාගේ ඇඟටම තමන්ගේ තියන ඒවා හිර කරගෙන යන අයත්...

      Delete
  22. කස පුපුරපු හින්දා හොද පෙරහැරක් එන බව සිකුරුයි..

    ReplyDelete
  23. එදා වගේම, අද කාලෙත් විසාකාවන් ඉන්නවා ලිහිණි, බාහිර පෙනුමෙන් ටිකක් වෙනස් වුනත්, ඒ අයගෙ ගති පැවතුම් හැදියාවන් ඒ විදියටම තියෙනවා. එහෙම නොවන අයත් ඕන තරම් ඉන්නවා. ඒ වගේම කාන්තාවන්ට බෙහෙවින් ගරු කරන පිරිමින් වගේම, කාන්තාවන් පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ගණන් නොගන්න පිරිමිත් ඉන්නවා. හැමෝගෙම හොද නරක දෙකම තියෙනවා.... අනේ මන්දා ඉතිං....

    මේ වෙලාවේදී මට මතක් වුනා...ස්වාමිපුරුෂයෙක්, තමන්ගේ භාර්යාවගේ ආදරය කරුණාව ගැන , ඇයව තමන්ට කොච්චර වටිනවද යන වග තේමා වුනු ගීතයක්.... මේ සිංදුව මම හරිම ආස සිංදුවක්...ටි.එම්.ජයරත්න මහත්මය කියන්නේ. පුදුමු හැගීමක් එන්නේ ඒ සිංදුව අහන කොට....

    දුකේදී හැඩුමට සැපේදී
    සිනාසෙන්නට ලග ඉදන්
    තවත් අම්මා කෙනෙක් ඇත්නම්
    නුබයි ඒ අම්මා
    සොදුරියේ නුබයි ඒ අම්ම....

    ඔය වගේ පිරිමිත් ඕන තරම් ඉන්නවා.... :)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ සාමාන්‍යයෙන් අත්දැකීම් වලින් මුහුකුරා ගිය පිරිමින්ට කාන්තාවන් තේරුම් ගන්න පුළුවන්..

      //දුකේදී හැඩුමට සැපේදී
      සිනාසෙන්නට ලග ඉදන්
      තවත් අම්මා කෙනෙක් ඇත්නම්
      නුබයි ඒ අම්මා
      සොදුරියේ නුබයි ඒ අම්ම....//

      මේ සින්දුවට නම් මමත් ආසයි..

      Delete
  24. පොඩ්ඩි අක්කා නැති ටිකේ වැඩේ ඇදගෙන යන්නේ ළිහිණි අක්කා වගේ.. හොඳයි..හොඳයි..

    ඔච්චර වැඩ වැඩිනම් කසාදයක් කරගන්නයි තියෙන්නෙ.. එතකොට කරන්න ඕන වැඩ වලින් භාගයක් අඩුවෙනවනෙ.. :)

    ReplyDelete
    Replies
    1. එහෙමනම් බැඳගන්න ඕනෙ කෝකියෙක්ව...අඩුම තරමින් උයන වැඩේවත් කරයිනෙ...හි හි හී

      Delete
  25. මම නම් කාන්තාවක් කලිසම් අඳින එකවත් මේකප් කරන එකවත් කවදාවත් හොයන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ.කාන්තාවක් සම තැන ඉල්ලනවා නම් එකෙන්ම දීලා දාන එකයි මගේ මතය.කාන්තාවෝ මොනවා කලාම මොකෝ මට පාන් ඈ අනික මම කවදාවත් කාන්තාවකට තියා කාටවත් අපහාස කරලත් නැහැ විහිලුවට ඇර.

    ReplyDelete
    Replies
    1. කාන්තාවෝ ඉල්ලන්නෙ සම තැන නෙමේ...නිසි තැන :D

      ඔය මොන තැන නැතත් කමක් නෑ..හරියට ගෞරව කරන්නවත් දන්නවානම්...අඩුම තරමින් මේ කාන්තාවක් කියලා හිත්න්නවත් පුළුවන්නම්...

      Delete
  26. මං තාම ලිහිණි සහෝදරීව තේරුම් ගන්න උත්සාහ කරනවා -_-

    කාන්තාවන්ට ආමන්ත්‍රණය කරන විදිය වෙනස් උනා කියල මං හිතන්නෙ නෑ අනිත් හැමදේම වෙනස් වෙයි කියලා.. හැම දේකම දෙපැත්තක් තියෙනවනේ.

    ReplyDelete
    Replies
    1. //මං තාම ලිහිණි සහෝදරීව තේරුම් ගන්න උත්සාහ කරනවා -//

      ඇයි යසිත...මම අසාමාන්‍ය විදියට හිතන කෙනෙක් කියලා හිතනවද ? හි හී

      Delete
  27. 100%ක් එකඟයි. ඒත් මට තියෙන අවුල කාන්තාවෝ වෙනුවෙන් පෙනී ඉන්න අයට මාර්තු අට විතරමයි පෙන්නේ. අනික් දවස්වල එකෙක් වත් නෑ. පාර්ලිමේන්තුවට යන කාන්තා නියෝජනය කරන උනුත් කරන්නේ මී පැණියි, හරක් මසුයි ඉල්ල ඉල්ල කෑ ගහන එකයි වම්බටු මාලයක් දාගෙන ආවම උඩ පනින එකයි විතරයි.

    අද කාලේ විශාකාවො ඉන්නවා. හැබැයි එදාට වඩා අදට ගැලපෙන විදියට පරිණාමනය වෙලා.

    ReplyDelete
    Replies
    1. // ඒත් මට තියෙන අවුල කාන්තාවෝ වෙනුවෙන් පෙනී ඉන්න අයට මාර්තු අට විතරමයි පෙන්නේ. අනික් දවස්වල එකෙක් වත් නෑ.//

      ඇයි දෙයියනේ...මම මේ කතා කලේ ? අද මාර්තු අට නෙමේනෙ...හි හි හී

      Delete
  28. ඇත්තෙන්ම මම එකඟයි! කාන්තා අයිතිවාසිකම් වචනයට පමණයි!!

    ReplyDelete
    Replies
    1. අනේ මේවා නම් අයිතිවාසිකම් ගැන නෙමේ...

      Delete
  29. විශා-කාලා නම් බොහොමයි. ඒ අතර අතරමං වුණ, එළියට පේන්න ක්‍රියාවෙන් පෙන්නනන් බැරි විශාකාලාත් ඉන්නවා.

    ජය !

    ReplyDelete
  30. කෝ ලිහිණි මගේ කමෙන්ට් එක ????

    ReplyDelete
    Replies
    1. ඇයි මම ඊයේ මේල් එකක් එව්වා..ඒක බලලා ඉන්නකෝ..

      Delete
  31. Kanthawange hith harima lamakai sanwedi. E wagema thamai dukwidala dukwidala tika dawasak yanakota harima shakthimath wenawa pirimintath wada. Oya kiyanawa wage adumen pitatha hasirimen kanthawakage thathwaya maninna ba thamai.

    ReplyDelete
  32. ඔයා මෙහෙම ලිපියක් ලියපු බව දැක්කේ දැනුයි මම. පුංචි ලිපියක් ලියලා තියෙනවා මේ සමාන මාතෘකාවක් ගැන.හෙටවත් ඒක දාන්න බලන්නම්. පිරිමි අය කාන්තාවෝ ගැන හැබෑවටම බලන්නේ කොහොමද කියලා මගේ කෝනෙන්.

    ReplyDelete
  33. මේ කතාවට එකඟයි ළිහිණි අක්කෙ.. English Vinglish film 1 මතක්වුණා.. :)

    ReplyDelete
  34. මේ දවස්වල කියවන ඩෙස්මන් මොරිස්ගේ Naked Women පොතේ නම් මේ සංසිද්ධියට හේතුවෙන පරිණාමීය වෙනස ගැන විස්තර කරලා තිබුනා..
    ඒත් පිරිමි පරාණවල ආකල්ප නිසා හිත් රිදෙන ප්‍රමාණය නම් නිමක් නෑ..

    ReplyDelete
  35. අප්පට සිරි දැන්නේ මට දැනුනේ මොකෝ මේ හැමෝම ලිහිනි අක්කා ගැන කියවන්නේ ඇයි කියලා...අක්කියෝ ඔයා මෙහෙ කෙල්ලෝ වෙනුවෙන් කෑ ගහනවා...මම එහෙ කොල්ලෝ වෙනුවෙන් කෑ ගහනවා....නියමයි නියමයි...අපි දෙන්නා දෙපාර්ශවයටම කෑ ගහනවා...නියමයි දිගටම ගේම ගහමු අක්කියෝ...

    ReplyDelete
  36. oyage adahasa ekagai..
    Gahanu diha samajaya balanna huruwela tiyana widiya bohoma waradi..

    E pilibawa kiyannata bohode athath wiwekaya mata ahimiya..

    gahaniya,pirimiya yana depakshayama yam yam karana waladi athiwi tibena thathwayanata wagakima bara gatha yuthuya..

    Jayama Wewa !!!

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.