මාව කියවන අය අතර..

06 November 2012

විශ්වාසය -Trust




විශ්වාසය කියන්නෙ ජීවිතයේ වැදගත්ම කොටසක්.විශ්වාසය අපි ඉස්සරවෙලාම ඉගෙන ගන්නෙ අම්මගෙන්.කිසිම දෙයක් නොතේරෙන ළදරුවන් කාලයේදී ඒ ළදරුවා මුලින්ම විශ්වාස කරන්නෙ තමන්ගේ අම්මාව. බඩගිනි දැනුනම අඬන්නෙඅඬද්දී අම්මා බඩගින්න නිවන බව දන්නා හින්දාම .. බය උනාම අම්මා ලඟට දුවන්නෙ අම්මාගෙ රැකවරණයේදී බයක් නොදැනෙන හන්දා ... ඒ විශ්වාසය නිසාම නේද...

හැම බැඳීමක්ම නිර්මාණය වෙන්නෙ විශ්වාසය මතයි.විශ්වාසයක් නැති තැන බැඳීමක් කොහෙන්ද...අපි ලබාදෙන විශ්වාසය හා ලබා ගන්නා විශ්වාසය මත ඇති වන බැඳිම හරිම ශක්තිමත්.. අපි බලාපොරොත්තුවක් ඇතිකරගන්නෙ විශ්වාසය මතයි.

විශ්වාසයක් බිඳිලා ගියෝතින්...

ඇත්තෙන්ම විශ්වාසක් බිඳිලා ගියතැන දැනෙන කලකිරීම නම් පුදුමාකාරයි. ඒ වගේම විශ්වාසය නැති තැන ඉතිරි වෙන එකම දෙය සැකය විතරමයි..

********************************************************************

ඇනී...ලස්සන හුරුබුහුටි කෙල්ලක්. හරිම දඟකාර කෙලිලොල් ජීවිතයක් ඇනීට අයිති වෙලා තිබුනා. ඇනී උන්නේ ජීවිතයේ ලස්සනම...සුන්දරම කාලයේඇයට හරියටම අවුරුදු දා හතරයි...සමනල තටුවල සැහැල්ලුව අනීගේ ජීවිතයේ තැවරිලා තිබුනා. අම්මා..තාත්තා...අයියා වගේම  පුංචි නංගිගෙ ආදරයට මැදිවෙච්චී ඇනී උන්නේ පුදුමාකාර සතුටකින්…

ඇය මිතුරන් ඇති කරගන්න කැමති හන්දම එක්තරා සමාජ ජාලයකින් හඳුනාගත්ත මිතුරෙක් ඇයට උන්නා. ඔහු චාලි... චාලිත් ඇනීත් නිතරම සංවාදයේ යෙදුනා...අදහස් හුවමාරු කරගත්තා... ඒ ඇගේ උපන් දිනයදා ඇනීගෙ තාත්තාගෙන් ලැබුන ලැප්ටොප් පරිඝණකයෙන්..එතැනින් නතර නොවූ චාලිත් ඇනීත් ඔවුනොවුන්ගේ දුරකථන අංක පවා හුවමාරු කරගත්තා...

චාලිට සඟවන්නට දෙයක් ඇනීගේ ජීවිතයේ තිබුනේ නෑ. ඇය ඔහුට ඉතාමත්ම විවෘතව උන්නා...ගෙවෙන හැම මොහොතකම සිදුවෙන හැම සිදුවීමක්ම චාලි ඉදිරියේ නොසඟවා පවසන්නට ඇනීට ඕනෑ කලා. ඒ ඇනී චාලීව තදින්ම විශ්වාස කල නිසාමයි...

වීඩියෝ සංවාද වලින් ඇනී චාලිට ඇගේ රුව පෙන්නා සතුටක් ලැබුවා. ඇනීගෙ රූපය චාලි දැක තිබුනත් ඇනී චාලිගේ රූපය දැක තිබුනේ නෑ.ඇය ඔහුගෙන් ඡායාරූපයක් එවන්නැයි ඉල්ලා සිටියා..


මේ සංවාදය අතරතුරේදී ඇනීට මෙතෙක් කලක් සඟවාගෙන උන්න රහසක් චාලි එළිකලා. ඒ ඔහුගේ වයස. ඇනීට චාලි පවසා තිබුනේ චාලිගේ වයස අවුරුදු දාසයක් බව නමුත් චාලිගෙ වයස අවුරුදු විස්සක් බවත්..එය ඇනීගෙන් වසන් කලේ ඇය ඔහුගේ ඇසුර ප්‍රතික්ෂේප කරාවියැයි සිතූ නිසා බවත් චාලි ඇනීට හෙළිකරනවා... ඒ වෙද්දී චාලි ඇනීට ඔහුගේ පින්තූර කීපයකුත් එවා තිබුනා. චාලිව දුටු ඇනීට සිතුනේ ඔහු සැබවින්ම කඩවසම් තරුණයෙක් බවයි..ඇනී තරමක් පුදුම උනත්...ඔහුගේ මිතුරු සමාගම ඇය තදින්ම ප්‍රිය කල නිසා ඇය එය එතරම්ම කැතීමක් නොකර දිගින් දිගටම චාලිව විශ්වාස කරන්නට පෙළඹෙනවා..

නැවත වරක් චාලී ඇනීට පවසන්නෙ තමන් තවමත් ඇනීට බොරු කරනා බවයි. ඔහුගේ සැබෑ වයස අවුරුදු 25 ක් බවත්...ඇනීට ඇති කැමැත්ත නිසාම තමා ඇයට බොරු වයසක් පැවසූ බවත් චාලී ඇනීට පවසනවා. ඇත්තෙන්ම ඇනී කලකිරීමට පත්වෙනවා. ඔහු තමාව රවටනා බවත්...තවත් බොරු කීමෙන් පලක් නැති බවත් ඇනී චාලිට පවසනවා... නමුත් චාලිගෙ බොළඳ වදන්වලින් ඇනී නැවතත් චාලිව විශ්වාස කරන්නට තරම් පොලඹවනවා. ඇනී ඇගේ විශ්වාසය සකසා ගන්නේ ඔහුට ඇතිව තිබූ කැමැත්ත නිසාමයි..

මේ අතර තුරේදී චාලිට ඇනීව මුණ ගැසෙන්නට අවශ්‍යය බව දන්වනවා. තමන්ගේ නිවසට කිසිවක්ම නොපවසා ඇනී තනිවම චාලී මුණ ගැසෙන්නට යනවා.. චාලි තමන්ගෙ ඉදිරියට එනතුරු ඇනී බලා සිටින්නේ නොඉවසිල්ලෙන්...නමුත් ඇය ඉදිරියට එන්නේ ඇය ඡායාරූපයෙන් දැක තිබුන පුද්ගලයා නොවේ...චාලි ඇනිව රවටා තිබුනා...ඔහු තරුණ විය ඉක්මවා යමින් තිබූ පුද්ගලයෙක්. ඔහු ඇනීට එවා තිබුනේ වෙනත් අයෙකුගේ ඡායාරූප...

ඇනී පුංචි කෙල්ලක්. චාලි මේ පුංචි කෙල්ලව අපූරුවට රවටා තිබුනා..විතරක් නෙමේ ඇය ඉදිරියේදී තම ඇත්ත තත්වය මත හිඳගෙනත් ඇයව රවටමින් උන්නා.. චාලිට අවශ්‍යව තිබුනේ ඇනීගෙන් අයුතු ප්‍රයෝජන ගන්නයි.. මේ පුංචි කෙල්ලව අපූරුවට රවටා එක්තරා හෝටල් කාමරයට රැගෙන යන චාලි ඇයව දූෂණය කරනවා..



චාලි බාල වයස්කාර දැරියන් දඩයමේ යෙදුන විවාහක එක්දරු පියෙක්. ඔහුගේ සල්ලාල ක්‍රියාවලට ගොදුරක්ව තිබුනේ ඇනී පමනක් නෙමේ..

මේ රහස සියළුදෙනාගෙන්ම සඟවා තබාගෙන උන්නද... සියල්ල එලිවන්නෙ සියළු දෙනාගේ සතුට උඳුරාගෙනයි...මාගේ ගෙදර සතුට වගේම තමාගෙ සතුටත් ඇනී නැතිකරගෙන තිබුනා... ගෙදර සියළුදෙනා හැඬූ කඳුළින් ගත කලා..සියළු දේම අවුල්ව ගියා වගේම චාලි...කපටි චාලි ඇනීව මඟ හරිමින් උන්නා... නාඳුනනා අයෙකුව එතරම්ම විශ්වාස කිරීම ඇනීට දඬුවමක් උනා.. ඇය බාල වයස්කාරියක් නිසාම සමාජයෙන් ඇයට විවිධ චෝදනා එල්ල උනා. විවිධ සමාජ ආයතනවලට උත්තර බඳින්නට ඇයට සිද්ධ උනා. පොලීසියට සාක්ෂි දෙන්නට ඇයට සිද්ධ උනා..ඇනීට ඒ හැමදෙයටම වන්දි ගෙවන්නට සිද්ධ උනේ  කඳුළු වලිනුත්...කලකිරීමෙනුත්...


අන්තිමේදී ..ඇය දැඩි මානසීක පසුබෑමකට ලක් උනා. කෙනෙක් ගැන ඇතිවන විශ්වාසය බිඳී ගිය තැන ඉතිරිවන කලකිරීම පමනක් ඇනීට ඉතිරිව තිබුනා..

*********************************************************************

මේ මම ආසාවෙන් නරඹපු චිත්‍රපටයක අන්තර්ගත කතාවයි. චිත්‍රපටය Trust.

Online Dating and the horrible consequences it can result in. Trust is not an easy film to watch, but the message is something all parents really should take the time to see. It is controversial, and will disturb you, but above all the film will impact you. 

The story involves a typical family that is at odds with one another, and torn, when their middle child, 14-year old Annie meets a guy online. After chatting online and by phone, for a few months, Annie begins to learn that her friend Charlie is not what he claims to be at all. When her parents learn the situation that their innocent young daughter has gotten herself into they’re in for a rude awakening.

The main thing that hurts the film, Trust, is the fact that it tackles such a disturbing subject. When people feel a realistic subject hits too close to home, it makes them terrified, or even queasy that they don’t want to see a film depicting the truth. Certain films that speak the truth...



ප ලි
කෙනෙකුව විශ්වාස කල යුත්තේ ඉතා ප්‍රවේශමෙනි

65 comments:

  1. ළියිණි සුපිරි කතාවක්. හරියටම කියනව නම් ඩූඩ් ගේ පරිවර්ථනයක් වගේ.අවසානයට යනකම් හිතාගන්නවත් බෑ.ඒත් ආරම්භය ගැන යමක් කිව යුතුයි.අහිමි වීම තමයි ජීවයේ පැවැත්ම. ඉපදුන ගමන් දරුවා අඩන්නේ යම් දෙයක් නැතිව. මවගේ තන පුඩුව කටට ළං කළ සැනින් ඒ ඇඩීම අවසන්.
    දෙවැන්න මේ ලොව කිසිවකු විස්වාස කරන්න බෑ. තමන්ට විශ්වාස තමන් පමණයි. මේ මගේ දැක්ම.

    ReplyDelete
    Replies
    1. //දෙවැන්න මේ ලොව කිසිවකු විස්වාස කරන්න බෑ. තමන්ට විශ්වාස තමන් පමණයි //

      විශ්වාසය කියන්නෙ දෙන්නෙක් අතරේ ඇතිවෙන ගිවිසුමක් වගේ දෙයක් නලින් අයියා. ඒ විශ්වාසය තියාගන්න දෙන්නටම පුළුවන් වෙන්න ඕනෙ. අනික අපි අපිව විතරක්ම විශ්වාස කරලා මේ සමාජයේ ජීවත් වෙන්න අමාරු වෙනවා. හැමෝ දිහාම සැකයෙන් බලන්න ගත්තම ජීවත් වෙන්න අපහසුයි. ඒත් මම කිව්ව වගේ විශ්වාස කරන්න ඕනෙ පරිස්සමෙන්...ටිකින් ටික...

      Delete
  2. මං මේ ෆිල්ම් එක ගැන ඉස්සෙල්ලාම දැනගත්තේ දෙරණේ ගිය u turn ප්‍රෝග්‍රෑම් එකෙන්. Trailer එකක් පෙන්නුවේ ෆිල්ම් එකේ. ඒ ෆිල්ම් එක රිලීස් වෙන්න මාස 3,4කට කලින්ද කොහේදෝ.ෆිල්ම් එක රිලීස් වෙනවා කියපු කාලේ නෙවෙයි එළියට ආවේ.ටික කාලයක් පරක්කු වෙලා.මොකද මං ඕක රිලිස් වෙලා හොද කොපියක් එනකම් බල බල හිටියේ.ඉතින් හොද කොපියක් ආව කාලෙම මං ඩවුන් කරන් බැලුවා.බලපු හොද ෆිල්ම් එකක්.ඒ හින්දාම මං අපේ නංගිලා දෙන්නාටත් බලන්ට දුන්නා.

    ෆිල්ම් එක ගැන ලියලා තියෙන විදිය එළ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉෂාන්..මේ ෆිල්ම් එක බලලා සෑහෙන කාලයක් උනත් මගෙ කලෙක්ෂන් එකේ තාම තියාගෙන ඉන්නවා. හිටපු ගමන් පරණ ඒවා බලන අතරේදි මේකත් දැක්කා. මේකෙන් කෙල්ලකට ගතයුත්තක් තියෙනවාය කියලා හිතුන නිසා පෝස්ටුවක් දැම්මා..

      Delete
  3. It's really true akki.. It's not like past, present situation is very cruel.specially for girls. easily a cheater can catch a girl. because her innocent, honesty makes her poor. but.. why they forget that they also have sister, daughters. even a mother..?? cruel people I really hate them.

    //ඇත්තෙන්ම විශ්වාසක් බිඳිලා ගියතැන දැනෙන කලකිරීම නම් පුදුමාකාරයි. ඒ වගේම විශ්වාසය නැති තැන ඉතිරි වෙන එකම දෙය සැකය විතරමයි..//

    ඇත්ත අක්කේ අපි ළඟින්ම ඉන්න අය අපේ විශ්වාසය බින්දහම නම් ඇති වෙන්නේ කියා ගන්න බැරි තරම් දුකක්, කලකිරීමක්. ඒ වගේම අක්කා කියනවා වගේ විශ්වාසය නැති තැන ඉතිරි වෙන්නේ සැකයම තමා. එක වතාවක් සැකයක් ඇති උනායි කියන්නේ ඒක මුළු ජීවිත කාලයටමයි. විශ්වාසය ගැන කියවෙන ලස්සන ගීතිකාවකුත් තියෙනවා අපේ ආගමේ...

    ඉඩ දෙන්න එපා විශ්වාසයේ - පහන නිවී යන්න
    අඳුරේ ගිලී යයි ජීවිතේ අවදි - වෙලා ඉන්න

    ReplyDelete
    Replies
    1. // විශ්වාසය ගැන කියවෙන ලස්සන ගීතිකාවකුත් තියෙනවා අපේ ආගමේ...//

      මමත් ඔයාගෙ ආගමේම කෙනෙක් තමා..

      //ඇත්ත අක්කේ අපි ළඟින්ම ඉන්න අය අපේ විශ්වාසය බින්දහම නම් ඇති වෙන්නේ කියා ගන්න බැරි තරම් දුකක්, කලකිරීමක්. ඒ වගේම අක්කා කියනවා වගේ විශ්වාසය නැති තැන ඉතිරි වෙන්නේ සැකයම තමා //

      මම දන්නෑ සිත්තරාවි මම කරන දෙය හරිද කියලා. ඒත් මම කැමතියි මිනිස්සුන්ව විශ්වාස කරන්න. එහෙම් නොකර හැම වෙලාවෙම හැම කෙනෙක් දිහාම සැකයෙන් බලන්න පුරුදු උනොත්...ඒක හරිම වදයක් වෙනවා...ඒත් විශ්වාස කරන්න ඕනෙ හරිම පරිස්සමෙන්. විශ්වාස කල පමනින්ම සියළු දේම ඉවර නෑ...අඳුන ගන්නත් ඕනෙ. වෙනස් අදහස් තියෙන මිනිස්සු අතරේ එකම අදහස්ම තියෙන මිනිස්සු හොයන්න බෑ. ඒත් බුද්ධිමත්ව හිතුවොත්...හොඳ මිනිස්සු හොයා ගන්න අමාරුත් නෑ.

      Delete
  4. විශ්වාසය ගැන කතා කරනව නම් ඉතින් කියන්න බොහෝ දේවල් තියනව.හැබැයි ඒ ගොඩක් දේවල් දැන් පොළවට පස් වෙලා ගිහින් නිසාම නොකිය ඉන්න එක හොඳයි..
    ප.ලි කතාවට මම එකඟ නෑ,
    කෙනෙකුව විශ්වාස කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි නෙමෙයි, කිසිම කෙනෙකු කිසිම වෙලාවක විශ්වාස නොකළ යුතුයි කියන එකයි මම කියන්නෙ.ඒ පෞද්ගලික අත්දැකීම කෝටියක් විතර එක්ක.
    ටික දවසක් එන්න බැරි වුනා.ටීවී එකක්,රේඩියෝවක්,අඩුම ගානෙ දුරකතනයක් වත් නැති තැනක නිවාඩුවට ටික දවසක් නතර වුනා.අසනීප වුන කෙනාට ඉක්මන්නින්ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. //කෙනෙකුව විශ්වාස කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි නෙමෙයි, කිසිම කෙනෙකු කිසිම වෙලාවක විශ්වාස නොකළ යුතුයි කියන එකයි මම කියන්නෙ //

      මේ ලෝකයේ අපි ජීවත් වෙන්නෙ තනියම නෙමේ කස්ස. එත්කොට අනිත් අයව විශ්වාස කරන්න අපිට සිද්ධ වෙනවා. විශ්වාසය බිඳුනාම කලකිරීමක් ඇතිවෙනවා තමා. ඒත් එතැනින් අපේ විශ්වාසයට නැවතීමෙ තිත තියන්න පුළුවන්ද ?

      මේ ෆිල්ම් එකේ මේ පුංචි කෙල්ලව රවට්ටන්නෙ හරිම ලේසියෙන්. ඒ කෙල්ලගෙ විශ්වාසය අරගන්නෙ හරිම සීරුවෙන්. හැබැයි එක දෙයක් එතැන වරදිනවා. එක පාරක් නෙමේ දෙපාරක්ම ඒ මනුස්සයා බොරු කීව වග දැනගත්තාම තව දුරටත් විශ්වාස කිරීම තමා මෝඩ කම උනේ..

      අනික කස්ස, නෙට් එකේදී නොපෙනෙන තිරයක් එහා ඉඳන් කතා කරන කෙනා ගැන අපි විශ්වාස කරන්නෙ කොහොමද ?

      Delete
    2. //ටික දවසක් එන්න බැරි වුනා.ටීවී එකක්,රේඩියෝවක්,අඩුම ගානෙ දුරකතනයක් වත් නැති තැනක නිවාඩුවට ටික දවසක් නතර වුනා.අසනීප වුන කෙනාට ඉක්මන්නින්ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව//

      හප්පේ කස්ස වනගත උනාවද්ද ?

      Delete
  5. ඔන්ලයින් සමාජ ජාලා ඕනාවට වඩා ජීවිතේට ලං කරගන්න ගියාම ඔහොම දේවල් තමා වෙන්නේ. බාල වයස්වල අයට ඒක තේරුම් කරලා දෙන්නත් අමාරුයි. ඒත් අනේ මන්දා අපිනම් ඔය වයසේදී දැන් ළමයිට වඩා ඒ ගැන තේරුමක් තිබුනා කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. //ඔන්ලයින් සමාජ ජාලා ඕනාවට වඩා ජීවිතේට ලං කරගන්න ගියාම ඔහොම දේවල් තමා වෙන්නේ//

      හරියට හරි සයුරි. දැන් බලන්න අර දිවි නසා ගත්ත ගෑණු ළමයා. එක පාරක් මට්ටු උනාම එයින් නතර නොවී තව පාරක් ඒ දේම කරන්න ගියා..අන්තිමේදී...සිය දිවි නසා ගන්නත් උනා.

      // ඒත් අනේ මන්දා අපිනම් ඔය වයසේදී දැන් ළමයිට වඩා ඒ ගැන තේරුමක් තිබුනා කියලා හිතෙනවා //

      ඔයා කියන එක හරියටම හරි. අපි ඔළුව පාවිච්චි කලා. හරියට.

      Delete
  6. මේ වගේ ‍ෆිල්ම්...තමයි නව යොවුන් වියේ ඉන්න තරුණ්,තරුණියොන්ට පෙන්නන්න ඕන.
    ජීවිතය කියන්නෙ අපි හිතන තරම් සුන්දර දෙයක් නොවන බව පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. //ජීවිතය කියන්නෙ අපි හිතන තරම් සුන්දර දෙයක් නොවන බව පෙන්වන්න //

      අනිවා..ජීවිතය කියන්නෙ අපි හිතන තරම් කොහෙත්ම සුන්දර නෑ. සුන්දර කතා බහ උනත් එච්චරයි. එක මොහොතකින් ඉවර වෙන්න පුළුවන්. සදාකාලික නොවෙන ලෝකයක හැම දේම සදාකාලික නෑනෙ. විශ්වාසය උනත් ඒ වගේ..ඒක මොහොතකින් ඉවර කරන්නත්...ඉවර වෙන්නත් පුළුවන්. කෙල්ලක් උනාම ඒ ගැන වැඩියෙන් හිතන්න ඕනෙ..

      Delete
  7. මම අහල තියෙනවා මේ වගේම කතාවක් අන්තිමට තරුණිය කාමරයකදී හමුවෙන්නේ තමුන්ගේම තාත්ත. තාත්තා දිවිනසාගන්නවා.
    බ්ලොග් ලෝකයෙත් ජන්ජාලයෙත් නොයෙකුත් රකුසන් මිනිස් වෙසින් ඉන්න බව දැනගැනීමට මේ කතාව ඉවහල් වේවි කියලා මම හිතනවා.
    වැඩිහිටියෙක් හැටියට තරුණ දරුවන්ට මම දෙන අවවාදය මේකයි.. කවදාවත් තමුන් නොදු‍ටු නොදන්නා කෙනෙකු විශ්වාස කරන්න එපා.. එහෙම කෙනෙක් හමුවෙන්න ඕනෑම නම් කවදවත් තනිව යන්න එපා. විශ්වාස කෙනෙක් දෙන්නෙක් එක්ක යන්න. අර මනුස්සයා අව්ංක කෙනෙක් නම් ඒකට විරුද්ද වෙන එකක් නැහැ.. තමන් විශ්වාස කරන වැඩිහිටියෙකුට කියන්න..

    ReplyDelete
    Replies
    1. මාත් ඒ කතාව අහලා තියෙනවා...

      ළිහිණිගේ පෝස්ට් එකේ ලියවෙන්න ඕනේ ඔක්කොම ලියවිලා තියෙනව.... ආයි මම මොනවා කියන්නද...
      ඔය වගේ ෆිල්ම් ගොඩාක් තියෙනවා... ඒ හැම එකකින්ම කියවෙන්නේ ඉතිං ඔය දැකපුවත් නැති කෙනෙක්ව විශ්වාස කිරීමෙන් සිද්ධ වෙන දේවල් තමා....
      තාක්ෂණය ඉක් ඉක්මණට ආවාට සාමාන්‍ය දැනීම සහ මිනිස් හිත ඒවට අනුගත වෙන්නෙ හිමීට... ඉතිං ඇබ්බැහි වෙනවා.... ඊට පස්සේ තාක්ෂණයට බනිනවා.... කරන්න ඕනේ දැනුවත් කිරීම් නොකර, ගන්න ඕනේ පියවර නොගෙන තාක්ෂණයට බනින අපේ රටට උනත් මේක පොදුයි...

      Delete
    2. @සරත් ලංකාප්‍රිය

      //බ්ලොග් ලෝකයෙත් ජන්ජාලයෙත් නොයෙකුත් රකුසන් මිනිස් වෙසින් ඉන්න බව දැනගැනීමට මේ කතාව ඉවහල් වේවි කියලා මම හිතනවා//

      අනිවාර්යෙන්ම අයියේ...ඒ කතාව නම් හරියට හරි...

      //වැඩිහිටියෙක් හැටියට තරුණ දරුවන්ට මම දෙන අවවාදය මේකයි.. කවදාවත් තමුන් නොදු‍ටු නොදන්නා කෙනෙකු විශ්වාස කරන්න එපා.. එහෙම කෙනෙක් හමුවෙන්න ඕනෑම නම් කවදවත් තනිව යන්න එපා. විශ්වාස කෙනෙක් දෙන්නෙක් එක්ක යන්න. අර මනුස්සයා අව්ංක කෙනෙක් නම් ඒකට විරුද්ද වෙන එකක් නැහැ.. තමන් විශ්වාස කරන වැඩිහිටියෙකුට කියන්න..//

      හැම ගෑණු ළමයෙක්ම මේ ටික අවබෝධ කර ගත්තානම්..

      Delete
    3. @හිරු

      //තාක්ෂණය ඉක් ඉක්මණට ආවාට සාමාන්‍ය දැනීම සහ මිනිස් හිත ඒවට අනුගත වෙන්නෙ හිමීට... ඉතිං ඇබ්බැහි වෙනවා.... ඊට පස්සේ තාක්ෂණයට බනිනවා.... කරන්න ඕනේ දැනුවත් කිරීම් නොකර, ගන්න ඕනේ පියවර නොගෙන තාක්ෂණයට බනින අපේ රටට උනත් මේක පොදුයි...//

      මම දන්න සමහර අය ඉන්නවා හිරූ එයාලගෙ මුළු ජීවිතයම මූණු පොත. මුළු දවසම හැම තප්පරයම ඉන්නෙ එතැන. ...අනේ මන්ද....

      Delete
  8. මාත් ෆිල්ම් එක බැලුවා. අන්තර්ජාලය නිසා අදුරු වන ජීවිත ගැන කොයි තරම් කතා එදිනෙදා ඇහෙනවද. ඒත් ඒව ඇහෙන දකින මොහොතට විතරයි ගොඩක් අයට. රැවටෙනකල් දන්නෙ නෑ. වටිනා ලිපියක් ළිහිණි.

    ReplyDelete
    Replies
    1. //අන්තර්ජාලය නිසා අදුරු වන ජීවිත ගැන කොයි තරම් කතා එදිනෙදා ඇහෙනවද. ඒත් ඒව ඇහෙන දකින මොහොතට විතරයි ගොඩක් අයට. රැවටෙනකල් දන්නෙ නෑ.//

      ඔව් ගිම්. යමක් තමන්ට වෙනකල් ඒ ගැන හිතන්නෙ නෑනෙ. ඒත් අන්තර්ජාලය උනත් සීමාවක් ඇතිව පාවිච්චි කරනවා නම්...මම හිතන්නෙ නෑ මෙහෙම ප්‍රශ්ණ ඇතිවෙයි කියලා.. අර අපේ පැරැන්නෝ කියලා තියෙනවනෙ " පනින්න පෙර සිතා බලනු " කියලා. ඒ මේවා ගැන දන්නා හන්දම වෙන්නැති...

      Delete
  9. සමාජ ජාල වලින් මුන් ගැහෙන, ඒ විතරක් නෙවෙයි කොහේදී උනත් මුණ ගැහෙන නොදන්නා අය විශ්වාස නොකර ඉන්න එක තමයි නුවණට හුරු. දන්නා අඳුනන අයවත් විශ්වාස කරන්න බැරි එකේ නොදන්නා අය ගැන ඉතින් කියන්න දෙයක් නැනේ. මේ වගේ සැබෑ සිද්ධි ඕන තරම් ඇති.
    බලන්න හොඳ චිත්‍රපටියක්. හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. //කොහේදී උනත් මුණ ගැහෙන නොදන්නා අය විශ්වාස නොකර ඉන්න එක තමයි නුවණට හුරු //

      අපිට අපි ජීවත් වෙන සමාජයේදී දන්නා අයව විතරක් නෙමේ නොදන්නා අයවත් ආශ්‍රය කරන්න වෙනවනෙ චන්දන. ඒවා ඒවාට සීම වැට කොටු මායිම් තියාගන්න එක මොකටත් හොඳයි. අනික ඔළුවක් කියලා දෙයකුත් අපිට තියෙනවනෙ...

      Delete
  10. කාලෙකට උඩදි බලපු කතාවක් අද ආයෙම ලිහිණි මතක් කරලා දුන්නේ.
    මම නම් කියන්නේ දෙමවුපියන්ව හැර වෙන කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න නරකයි කියලා. අපට මොනදේ උනත් අන්තිමේදි ඉතුරු වෙන්නේ දෙමව්පියන්ගේ හවු හරණය විතරයි.
    කතාවේ හැටියට මේ ළමයට වෙච්ච දේ ගැන නම් දුකයි.

    ReplyDelete
    Replies
    1. //මොනදේ උනත් අන්තිමේදි ඉතුරු වෙන්නේ දෙමව්පියන්ගේ හවු හරණය විතරයි //

      සමහර අයට දෙමා පියන්ගෙ හව්හරණත් නැති වෙන අවස්ථා තියෙනවා මධූ. දැක්කෙ නැද්ද තාත්තලා තමන්ගෙ ලෙයින් හදපු දරුවන්ව දූෂණය කරනවා. එහෙව් සමාජයක අපි ඉන්නේ...

      Delete
    2. හ්ම්.. ඒක හරි.
      අපේ අම්මා ගොඩක් වෙලාවට කියන දෙයක් තමා "අම්මා නැති කල අප්පා කවර කල" කියලා. බලාගෙන ගියහම ඒ කතාව ඇත්ත නෙව.

      Delete
  11. කෙනෙක්ව ගොඩාක්ම විශ්වාස කරල, ඒ විශ්වාසය බිඳිල හිත කෑලිවලට කැඩිල ගියාට පස්සෙ තමන්ට තමන්වවත් විශ්වාස නැති මානසිකත්වයකට වැටෙනවා... ඔයා ලස්සනට අදහස් පෙළ ගස්වල.. කොහොම උණත් අන්තර්ජාලය ඇසුරු කිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් තමයි. කල්පනාවෙන් ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. /කෙනෙක්ව ගොඩාක්ම විශ්වාස කරල, ඒ විශ්වාසය බිඳිල හිත කෑලිවලට කැඩිල ගියාට පස්සෙ තමන්ට තමන්වවත් විශ්වාස නැති මානසිකත්වයකට වැටෙනවා...//

      ඇත්ත තරූ...ඒත් අපි එතැනින් නවතින්නෙ නෑ...අපි ආයෙම තව කෙනෙක්ව විශ්වාස කරන්න ගන්නවා. ඒක තමා ජීවිතයේ ස්වභාවය...

      // අන්තර්ජාලය ඇසුරු කිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් තමයි //

      සිරා කතාව...

      Delete
  12. මගේ අවුරුදු විසි තුනක් වන මගේ ජීවිතයේ මගේ ක් මම හොඳයි කියල තියෙන්නේ එකම එක පුද්ගලයෙකුට විතරයි. හැබැයි කාවවත් අද වෙනකල් විශ්වාස කරලා නැහැ.(මගේ පවුලේ අය හැරුණු කොට) කෙනෙක්ට වැඩක් බාර දුන්නත් එය ඒ දේ කලත් පස්සෙන් ඉඳන් ඒ දේ උනාද කියල හොයල බලන එක මගේ සිරිතක්

    ReplyDelete
    Replies
    1. //හැබැයි කාවවත් අද වෙනකල් විශ්වාස කරලා නැහැ.(මගේ පවුලේ අය හැරුණු කොට)//

      මේක හිතන තරම් ප්‍රායෝගිකද ? මම හිතන්නෙ නෑ. මොකද කෙනෙක් දිහා සැකයෙන් බලන එකත් ලෙඩක්...විශ්වාසයක් නැ අකියන්නෙ සැකයක් තියෙන එකයි...ඒත් අපි පරිස්සමෙන් විශ්වාස කලොත්...ඒ කියන්නෙ සීමා මායිම් තියාගෙන...


      Delete
    2. මේකයි අක්කේ... සැකයෙන් බලනවා කියන්නෙයි විශ්වාස කරනවා කියන්නෙයි දෙකක් නේද? මම කවුරුවත් දිහා සැකෙන් බලන්නෙත් නැහැ. මම ඕනෙම කෙනෙක්ව ගොඩක් අද්‍යනය කරනවා. ඒ මිනිස්සුන්ගේ චරිත ස්වභාවයන්, මම කතා බහ කරනවා ඒත් අර අර මනුස්සය හරි හොඳයි නේද කියන වචනේ මගේ කටින් පිටවෙන්න ගොඩක් කල් යනවා. අපේ බනිය මේ ලඟදි දවසක් දැනට සති 3ක් නැහැ. අනේ අර ආන්ටිලා හරිම හොඳයි නේද කිටී කියල ඇහුවා මම එයට කිව්වේ දැන්ම මට කියන්න බැහැ අපි බලමු කියල. මෙන්න ඉදිරි සති දෙකක් යන්න කලින් අර මිනිස්සුන්ගේ කුප්ප වැඩක් නිසා බැනියම ඇවිල්ල කියනවා බලන්න කිටී ඔය කිව්වා එක හරිනේ කියල. අක්කේ මම ගොඩක් යාළුවො ආශය කරනවා නමුත් හොඳයි කිව්වේ අපේ බනියගේ නැන්දගේ පුතෙක් වන අපේ හැරල්ඩ් අයියට විතරයි. ඒකා කොච්චර හොඳද කියන එක අහන්නවත් කියන්න වත් බහ මම නිසා හිරෙත් හිටිය මගේ අතින් හැප්පුන වාහනේ එයයි ගෙනිච්චේ කියල මොකද මට ලයිසන් නැති නිසා මේ ටිකයි තව තියෙනවා ලිව්වොත් මේක කොමෙන්ටුවක් නෙවෙයි පොස්ට් එකක් වෙනවා. පැහැදිලි ලෙසම මම කාවවත් සැක කරන්නේ නැහැ. හැබැයි විශ්වාසකරන්නෙත් නැහැ. අනේ මන්දා එක ලෙඩක්ද කියල.........

      Delete
  13. ළිහිණි මේක ලස්සනට ලියලා තියෙනවා. ඔන්න ළිහිණිගෙ තවත් කුසලතාවයක් හෙලිවුනා.
    ඔය සමාජ ජාල, සන්නිවේදන ක්‍රම ඔක්කොම ගින්දර වගෙ තමයි. හොඳ සේවකයෙක්, නරක ස්වාමියෙක්.

    අන්න ඒකයි සමහර තැන්වලදි Adult supervision is needed කියන්නෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. //ඔය සමාජ ජාල, සන්නිවේදන ක්‍රම ඔක්කොම ගින්දර වගෙ තමයි. හොඳ සේවකයෙක්, නරක ස්වාමියෙක්.

      අන්න ඒකයි සමහර තැන්වලදි Adult supervision is needed කියන්නෙ. //

      අන්න හරි ඩූඩ්. දුවක් ඉන්න තාත්තා කෙනෙක් විදියට ඩූඩ් දන්නවනෙ දරුවන්ව තියන්න ඕනෑ සීමා මායිම් කොතැනද කියලා. ජාලය හොඳ වෙන්නෙ අපි හොඳ වෙනකල් විතරයි..

      Delete
  14. චිත්‍රපටය බලලම ඉන්න ඕනේ... දැන් ලිස්ට් එකේ බර ගානක් තියෙනව බලන්න.. සතුයට එකනේ බලන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. බලන්න. හොඳ කතා තේමාවක් වගේම ගත යුත්තක් තියෙනවා කියලා හිතෙනවා..

      Delete
  15. මේල මේ ලඟදි වෙච්ච ඇමරිකාවේ "අමෙන්දා" ගේ කතාවට ටිකක් සමානයි වගේ..අනිවා බලන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඇමෙන්ඩා කියන තරුණිය ඇමෙරිකාවේ නෙමේ කැනඩාවේ වෙන්න ඕනෙ.. ඒ සිදු වීම දන්නෙ නැති අයට මෙතැනින් බලන්න..
      http://www.gossiplankanews.com/2012/10/the-tragic-death-of-amanda-todd.html

      http://www.youtube.com/watch?feature=player_embedded&v=ej7afkypUsc

      Delete
  16. මමත් බැලුවා මේ මුවි එක. සිරාම කතාවක්. දැන්කාලේ ළමයින්ට හොඳ ආදර්ශයක්

    ReplyDelete
    Replies
    1. ඇත්තෙනම් වර්ණා...දැන් කාලෙ ගෑණු දරුවන්ට හිතන්න ගොඩාක් දේවල් ඒ ෆිල්ම් එකේ තියෙනවා...

      Delete
  17. මේ අද පවතින බරපතල සමාජ ගැටළුවක්. ගොඩක් බුද්ධිමත්ව කටයුතු කිරීමයි මෙවන් සමාජ සබඳතා වලදී වැදගත්. මෙහෙම කොච්චර කීවත් ආයිම ඒ වැරදි මෝඩකම් වල පැටලෙන අය ඕනි තරම් ඉන්නවා. ඇත්තටම හොඳ ලිපියක්.
    ෆිල්ම් එක නම් බලලා නෑ. වෙලාවක බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. /මේ අද පවතින බරපතල සමාජ ගැටළුවක්. ගොඩක් බුද්ධිමත්ව කටයුතු කිරීමයි මෙවන් සමාජ සබඳතා වලදී වැදගත්. මෙහෙම කොච්චර කීවත් ආයිම ඒ වැරදි මෝඩකම් වල පැටලෙන අය ඕනි තරම් ඉන්නවා. //

      හරියට හරි ප්‍රියන්ත. අන්තර්ජාලය භාවිතා කරද්දී කී ඇස් දෙක විතරක් නෙමේ " ඔළුවත් " පාවිච්චි කරන්න ඕනේ..

      Delete
  18. හැමෝම කියවන්න ඕන පෝස්ට් එකක්,ඇත්තටම ඒක තමයි කියන්නෙ ඕනම දෙයක් ඕනවට වැඩිය එපා කියලා,අපි ඇත්තට දන්න අය පවා විස්වාස කරන්න අමාරු කාලෙ නන්නාදුන අයට පෞද්ගලික දෙවල් කියන එක පවා මම නම් අනුමත කරන්නෙ නෑ.මම මේ ෆිල්ම් එක නම් බලලා නැහැ අක්කෝ..බලන්න ඕන..මම හිතුවෙ අර ගෑල්ලමෙක් ගැන ගියෙ කතාවක් ෆේස්බුක් නිසා..ඒක කියලා..

    ReplyDelete
    Replies
    1. //ඕනම දෙයක් ඕනවට වැඩිය එපා කියලා //

      අන්තර්ජාලය උනත් ඕනෑවට වඩා ඕනෙ නෑ ශම්මි..අනික විශ්වාසය ඉබේ ඇතිවෙන දෙයක් නෙමේ. ඒක කාලයක් එක්ක ඇතිවෙන දෙයක්. ඉති කාලයක් ගත්වෙනකල් කොහොමත් කෙනෙක්ව විශ්වාස කරන්න අමාරුයිනේ...

      Delete
  19. ගොඩක් වටින ලිපියක් අක්කී...ෆිල්ම් එක නම් බලන්නම ඕනේ..

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක බලන්න නංගා...ජීවිතයට යමක් අරගන්න පුළුවන් එකක්..

      Delete
  20. exm ඉවර වෙලා බලන්න ඕනි..:)
    ලංකාවේ මේ වගේ දේවල් අනන්තවත් වෙනවා.එත් මේ වගේ films ලංකාවේ හැදෙන්නේ නැති එක අවාසනාවක්.

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස්වල සිදු උන අමන්දාගෙ සිදුවීම දකින්න ඇතිනේ ප්‍රමුදි...ඒකත් මේ කතාවට සමානයි..

      Delete
  21. මේ වගේ සිදුවීම් අපේ සමාජයෙත් ඕනෑ තරම් ඇති... වැඩිය කරළියට නාවට... ළගදි කැනඩාවෙ දිවි නසාගත්ත දැරිවිගෙ කථාවත් මේ වගේ එකක් නොවැ... පවු කියලා තමයි ඉතිං කියන්න තියෙන්නෙ... හැගීම් වලට නොව බුද්ධියට ඉඩ දෙන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා. ඒ අමන්දා කියන ගෑණු ළමයා එයා ප්‍රසිද්ධ කරපු වීඩියෝ පටයේ නිහඬව කියන කතාව කියද්දී අපිට තේරුම් ගන්න පුළුවන් ඒ වෙද්දී ඒ ළමයාගෙ මානසීක මට්ටම කොයිවගේම කියලා...

      Nothing is ever gonna be the same කියන්නෙ ඒ නිසා වෙන්නැති..

      Delete
  22. හොද ෆිල්ම් එකක් - ලිහිණිගේ ලියවිල්ල නිසා එය නැඹීමේ උනන්දුව වැඩි වුනා.

    ReplyDelete
    Replies
    1. බලන්න සුමිත්..ඇත්තෙන්ම හොඳයි..

      Delete
  23. අනේ මට බෑ ඒවගේ ෆිල්ම් බලන්න ...............

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ ? මේක හොල්මන් නෙමේ..හි හී..මේ ළමයා බය වෙලාද කොහෙද :P

      Delete
  24. මම උඩ ඉදලම හිතාගෙන පතාගෙන ලියන්ට ආපු දේ මේ දිනල්කයා ලියල නෙව. මක්කරන්නද මටත් ඔය වගේ කතා මොන තරම් සුපිරි නිර්මාණයක් වුනත් බලන්න හිතෙන්නේ නෑ. හරියට හදගමගේ ගෑනි ලැම පෙන්නපු චිත්තරපටිය වගේ.. බෑ අප්පා අපේ ගුණදර්ම කැඩෙනවා.. ඕව බැලුවම. විස්තරේ හොදට තියෙන නිසා ඒක බැලුවම ඇති.

    ReplyDelete
    Replies
    1. බය වෙන්නෙ එපා. හඳ මාමගෙ කෙනා පෙන්නුවා වගේ දේවල් මේකෙ නෑ...

      Delete
  25. විශ්වාසය නැත්තම් කිසිම බැඳීමක් පවතින්නේ නෑ ....... අර ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕනේ. මම හිතුවේ අර කතාව කියලා අර පහුගිය ටිකේ නිව්ස් එකක් ගියේ කෙල්ලෙක් දිවිනසා ගත්ත එක.

    ReplyDelete
    Replies
    1. අමන්දත් මේ ෆිල්ම් එකේ ඇනී වගේම පුංචි කෙල්ලක් නෙ පැතුම්. ඇනී කියන්නෙ චරිතයක් විතරක් උනාට ...අපරාදේ අමන්දගෙ ජීවිතය..

      Delete
  26. හ්ම්ම්. ඒ විශ්වාසය ලීනියෝ.
    අන්තර්ජාලයේ නෙවෙයි,අපේ සමාජයේ උනත් මේ වගේ කතා ඕනි තරම් තියෙනවනෙ මම නොකිව්වට.
    ඒත් හිතුවද? මේ බ්ලොග් ලෝකයේ උනත් අපිට හම්බ වෙන හැමෝම හොඳ නෑ...
    මම අපේ යාලුවො ගැන වරදක් හෙම කියනව නෙවේ.

    ReplyDelete
    Replies
    1. //මේ බ්ලොග් ලෝකයේ උනත් අපිට හම්බ වෙන හැමෝම හොඳ නෑ...//

      අනිවාර්යෙන්ම..තිරයක් එහා පැත්තේ ඉන්න කෙනා කොයි වගේම කියලා කොහොම හිතන්නද...

      Delete
  27. මේ වගේ දේවල් අද සමාජයේ ගොඩක් සිදු වෙනවා....සෑම ළමයෙක්ම මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. මන් මේ ලගදි දවසක දැක්කා මේ වගේම කතාවක්. ඊට පස්සේ ඒ ළමයා සිය දිවි හානි කර ගෙනත් තිබුනා.... අනේ මන්ද අද සමාජය ගැන නම් කියලා වැඩක් නෑ.... මන් නම් හිතන්නේ අපි බුද්ධිමත් විය යුතුයි සහ දෙමාපියන් ළමයින් ගැන මීට වඩා සොයා බැලිය යුතුයි.....

    ෆිල්ම් එක බලලා නෑ... බලන්න ඕනි.... :)

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් හොයාගෙන බලන්න සමනලී...

      Delete
  28. Hama welawema api buddimath wenna one neda? Nathnam api dannema nathiwa ape jeevithe aduru wenawa.

    ReplyDelete
  29. මේ මොහොතෙත් ලොකයේ කොතනක හෝ කෙනෙකු තව කෙනෙකුට රැවටෙනවා.එකයි යථාර්තය.සංවෙදි කථාවක්.මිනිස්සු මේ තරම් රාගයෙන් ඔද්දල් විම පාපයක්.මේ ‍හැගීම් වෙනස් කරන්න අපට පුළුවන් වෙවිද?සියළු ම ආගමික නායකයින් පවසා සිටි යහපත අපෙන් බොහෝ ඈතට ගොස් ඇත.ආතීතය වර්තමානය මිනිසා දියුණු වන්නේ විනාශ විමට මිස පැවැත්මට නොවෙයි කියලත් හිතෙනවා.

    ReplyDelete
  30. මම ඔය ෆිල්ම් එක බලලා තියෙනවා.

    ReplyDelete
  31. හුඟාක් අය ජීවිතේ තීන්දු තීරණ ගන්නේ හැඟීම් වලින් මිස බුද්ධියෙන් නොවන නිසයි ඒ අයට වරදින්නේ. මෙහෙම වෙලාවට හරි දේ කියලා දෙන අයවත් පේන්නේ හතුරෝ විදිහට. ඒත් හැමදේම වැරදුනහම එයාලා තෙරුම් ගන්නවා. එතකොට හැමදේම වැරදිලා ඉවරයි නිවැරදි කල නොහැකි විදිහටම.

    (සොරි ළිහිණියෝ පරක්කු වුනා හොඳටම.)

    ReplyDelete
  32. ගොඩක් දෙනෙක් අතර ප්‍රශ්ණ ඇති වෙන්නේ මේ විශ්වාසය කියන දේ නැති උනාම.. විශ්වාසය කියන්නේ ලොකු සාදකයක් ඕනම සම්බණ්දෙකදි...

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.