මාව කියවන අය අතර..

27 November 2012

Halloween- ( hal-low-een ) හෙවත් ශුද්ධවූ සැඳෑව


අහලා තියෙනවා නේද Halloween දවස ගැන. අර එක එක විලම්බීත ඇඳුම් ඇඳගෙන සතුටු වෙන දවස ..යුරෝපයේ සහ ඇමෙරිකාවේ ජනතාව Halloween  සමරන්නෙ ඔක්තෝබර් මාසයේ 31 දා.


පොඩි අය, තරුණ අය වගේම වැඩිහිටි අයත් විවිධ විලම්බීත විලාසිතාවන්ගෙන් හැඩවෙලා විනෝද වෙන හැන්දෑව තමා Halloween  කියලා ඔවුන් සමරන්නේ... වසන්ත සමය ගෙවිලා යද්දී සමරන මේ උත්සවය මීට වසර දහස් ගණනකට ඉස්සර රෝමයෙන් පටන් ගැනුන දෙයක්..

 මේ උත්සවය දැනට පොඩි ළමයින්ගේත් වැඩිහිටියන්ගේත් විනෝදජනක උත්සවයක් විදියට සැමරුවත්...අතීතයේදී රෝමවරුන් මේ උත්සවය හඳුන්වලා තියෙන්නෙ ඔවුන්ගේ මිය ගිය ඥාතීන් නැවත නිවසට පැමිණෙන දවස කියලයි. මේ දවසේදී රෝම වරුන් තමන්ගේ මිය ගිය ඥාතින්ගේ අවතාර වෙනුවෙන් ඔවුන් ජීවත්වෙලා සිටියදී  ප්‍රියකරපු කෑම බීම හදලා විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්තුවාලු...

කාලයක් යද්දී එංගලන්තයත් මේ උත්සවය අනුකරනය කරලා ඒක ක්‍රිස්තියානි ධර්මයේ සාන්තුවරයින්ගේ දවස විදියට සකස් කරලා සමරන්න පටන් ගත්තාලු.

Halloween –( hal-low-een ) වචනයේ අර්ථය විදියට ඔවුන් හඳුන්වන්නේ " ශුද්ධවූ සැඳෑව " ලෙසටලු..



එංගලන්ත වැසියන් මේ දවසේ සැන්දෑව ප්‍රීතියෙන් නටන වයන උත්සවක් වගේම සියළු සාන්තුවරයින් හට ආහාර පුද දෙන දවසක් විදියට සමරද්දී මුළු යුරෝපා රටවල් පුරාම වගේම ඇමෙරිකාව, කැනඩාව වගේ රටවලත් පැතිර ගියාලු...

ඒ වගේම මේ Halloween උත්සවය සමරණ හැම රටකම Halloween සැන්දෑවේදී කරන පරණ චාරීත්‍රයක් තියෙනවා. වට්ටක්කා ගෙඩියක් අරගෙන ඒකේ ඇතුලේ මදය ඉවත් කරලා මිනිස් මුහුණක් විදියට හැඩය එන්න කපලා ඉටි පන්දම දල්වන්න පහනක් හදන එක. ඒකට කියන්නෙ " ජැක් ඕ ලන්තෑරුම " කියලා.. Halloween jack o lantern


Halloween දවස වෙනුවෙන් නෑදෑ හිත මිතුරන්ගෙන් සුබ පැතුම් පත් හුවමාරුවත් සිදු වෙනවා. මේ හැන්දෑවේ විලම්බීත ඇඳුම් ඇඳගෙන ...වෙස් මුහුණු පැළදගෙන..එහෙමත් නැත්තම් මුහුණ සායම් කරගෙන....විනෝද වීම තමා ඔවුන් කරන්නේ… විශේෂයෙන්ම අවතාර හා හූතයින් සිහි කරන දවසේදී භූතයින් මෙන් අඳින්න පලදින්නත් මේ අය අමතක කරන්නෙ නෑ.


(ඔන්න ඇමෙරිකාවේ Halloween නිවාඩුව අපිටත් ලැබෙනවා...හි හී එයාල සමරලා ඉවර උනත් අපේ නිවාඩුව එන සිකුරාද ලැබෙනවා.. නිවාඩුව දන්නපු ගමන් Halloween ගැනත් හොයන්න ගත්තා :P)

68 comments:

  1. දැනන් හිටියට මේ විස්තරේ දැනගෙන හිටියේ නෑ..පෞද්ගලිකව මම අකමැති උත්සවයක්..හේතුව .. යක්කු වගේනෙ අනේ අදින්නෙ..පොඩි ළමයි අපි බය වෙනවනේ.. :( ස්තූතියි අක්කෝ.. වටින කරුණු ටිකක්..

    ReplyDelete
    Replies
    1. මමත් බයයි තමා ඔය හොල්මන් ඒවට..ඒත් ඉතින් බයෙන් බයෙන් හරි බලන්නත් ඕනෙ..මේ දවස්වල කියවන පොතත් හොල්මන් කතාවක්..

      Delete
    2. බිය නොවන්න අක්කණ්ඩි.. අහල පහල අපි ඉන්නවා..

      Delete
  2. ඔහෙ පලයන්... බැලුවම ඒකත් ජයසිරි මංගලම් කියලනේ කියන්න වෙන්නේ. මොකක් හරි විකාර ඇඳුමක් ඇදන් පැලවත්තේ හන්දියටවත් වරෙන් න‍ඟෝ.

    ReplyDelete
    Replies
    1. මොන හන්දිද සරා අයියේ...පහු ගිය කාලෙ නිදි වරපුවාට එක්ක කට කපලා නිදා ගන්න දැම්ම ප්ලෑන් කරගෙන...හි හි..

      Delete
  3. අහල තිබුනට ,,, වැඩි විස්තරයක් දැනගත්තේ අදයි ....

    ReplyDelete
    Replies
    1. අපිට මොන හැලෝවින්ද නේද සංජය...:)

      Delete
  4. Halloween කියන වචනේ අහල තිබුනට ඒක පිටිපස්සේ තියන කතාව දන්නේ අදනේ. සිරා නේ. මමත් යන්න ඕනි ගෝනියක් වත් ඔලුවේ දා ගෙන පොඩි රවුමක්. :)

    ReplyDelete
    Replies
    1. ආයේ ගෝණි ඔළුවේ නමා ගන්න වෙන්නෙ ලබන අවුරුද්දෙ ඔක්තෝබර් 31 තමා...හි හි

      Delete
    2. හුටා.. ඕං බලහන්කො ලිහිණියෝ. පුවක් ගහේ ගියත් දෙබලයක්..!! :):)

      Delete
    3. මේ... ඔයා ගෝනි දාන් යන්න ගිහින් හොරෙක් කියල අම්බානක කන්න වේවි ඈ.... බලාගෙන...

      Delete
    4. ආයේ ලබන අවුරුද්දෙලු සමනලී. කිට් එකක් ලෑස්ති කර ගන්න ඕනි දැන්ම ඉඳලම.. :)

      Delete
  5. ඒරොප්පෙ, ඇමෙරිකාවෙ වගේ උන්දැල ආතල් එකක් ගන්න දවක් එනකන් තමයි බලාගෙන ඉන්නෙ... ඒකනෙ අම්මගෙ දවසට ත් පාටි, තාත්තගෙ දවසටත් පාටි, එතකොට ආච්චිගෙ දවස, සීයගෙ දවස , කාන්තාවගෙ දවස, කම්කරුවන්ගෙ දවස , ඔය ඔක්කොම නිවාඩු දවස් හොඳ පාටි දාන .. ඒ වගේම මළවුන්ගේ දවසත් හැලෝවීන් කරන් පාටි දානවා..ජේසු උකුත් උනු දවසට දුක් වෙන්නෙ නෑ. හැබැයි උථ්තාන උනු දවසට මහ ඉහ්ළින් පාටි දානවා.. පාස්කුව සමරනවා නත්තලටත් වැඩිය ජයට...

    ReplyDelete
    Replies
    1. අපොයි ශශී...එයාල පාටි දැම්මෙ නැත්තම් අපිට ( මට ) නිවාඩුත් නෑනෙ...එහෙම කොහොමද...අනේ ඇමෙරිකාව තව තව ඒවට නිවාඩු ගන්නවානම්...( ශශියෝ..අපේ ඔෆීසියෙන් අපිට ලැබෙන්නෙ ඇමෙරිකාවේ නිවාඩු විතරයිනේ... :P)

      Delete
    2. අනේ හොඳයි... ඒක තමා ඔයා මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ..ලංකාවෙ විදිහට නිවාඩු හොඳයි කම්මැලියන්ට

      Delete
    3. ඊරිසියාව...හි හි :P

      Delete
  6. ඇත්තට සුද්දොත් හොල්මං විස්සාස කොරනවනෙ ඇ.......

    ReplyDelete
    Replies
    1. විශ්වාස නොකලා නම් අර තරම් හොල්මන් චිත්‍රපට හදයිද සුද්දෝ....

      Delete
    2. ඇත්ත නේන්නං ඒක මට හිතුනේ නෑනේ......

      Delete
  7. මම බැලුව ඇයි මේ ඔක්.31 පහුවුනාම මේක දාන්නෙ කියලා.. ගොඩාක් ප්‍රමාදයි ලිහිනියෝ :)

    ReplyDelete
    Replies
    1. ප්‍රමාද උනාට මොකෝ සැමෝ...අපේ ඔෆීසියේ නිවාඩුව ලැබෙනවනෙ...

      Delete
  8. ඒකත් නරකම නෑ. දවස් කීයක් නිවාඩු හම්බුනාද?

    ReplyDelete
    Replies
    1. එක දවසයි ගිම්. සිකුරාද විතරයි. මේ නිවාඩුව සිකුරාද එක්කම අපිට නත්තල් පාටි එක සෙනසුරාද..ඉතින් එක දිගට දවස් තුනක්...

      Delete
  9. එයාලා සමරන්නෙ එක දවසයි, අපි නම් හැමදාම සමරනවා.....

    ReplyDelete
    Replies
    1. වෙස් බැඳගෙන නටන එකද මාතලන් ?හි හි හී

      Delete
  10. මොකෝ බං හැලෝවීන් මතක් වූනේ.. ඕක එන්නේ ඔක්තෝබර් 31 ට උනාට නොවැම්බර් මාසය හදුන්වන්නේ මළවුන්ගේ මාසය හැටියට නේද?? මට නිකං මතක ඒ වගේ.. මේ දැන්නං ඔය වට්ටක්කා හෙම ඔළුවේ දාන්න හදන්න එපා වැඩිපුර තියේනං අපිටත් එවන්න. මේ දවස් වල කන්න දේකුත් නෑ. මාතලං කිව්වේ බෝංචි කරලක් රු. 2.50 කියලා. දැං ඒක රු. 4 ක් විතර නෙව..

    ReplyDelete
    Replies
    1. හැලෝවීන් මතක් උනේ සුද්දෝ සමරලා ඉවර උන ගමන් අපටත් නිවාඩුවක් ලැබෙන හන්දනෙ...අපෝ..වට්ටක්ක ලන්තෑරුම් හදන්න තියා උයන්න ගන්නත් අමාරුයි...මේ දවස්වල...

      අර මාතලන් කියලා තියෙන කතාව හරි...බෝංචි රත්තරන් වගේ...ගින්දර ගණන්...

      Delete
    2. ලන්තෑරුම් ටිකත් උයාගෙන කන්න වෙනවා මෙහෙම ගියොත්.. :D:D

      Delete
  11. හැලොවින් ගැන හොද විස්තරයක් දාලා තියෙනවා , බොහොම ස්තුති ..

    මේ තියෙන්නේ මම දාපු හැලොවින් නැටුමක හාස්‍යජනක කතාවක් ..හෙක්..හෙක්.
    සැමියාගේ හොර ඇල්ලීම

    ReplyDelete
    Replies
    1. කොහොමද වැඩේ...හි හී මම ඒක කියෙව්වා..

      Delete
  12. මම ඇලොවීන් වට්ටක්කා මූන දැකලා තිබ්බට මෙච්චර විස්තරයක් දැනන් උන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හැමදාම වෙස් බැඳගෙන නටන හැලොවීලාත් ඉන්නවා නේද ලිහිණි ??

      Delete
    2. නැත්තම්...එකෙක් හන්දා අද ..මේ දැන් අපේ ඔෆීසියේ එහෙම නැටුමක් නැටුවා...හී හී වැඩි විස්තර පසුවට...

      Delete
  13. අක්කේ අපිත් යන්ද ඔය සාමාන්‍ය විදියට ඇඳලා. ෂුවර් එකටම අපිව දැකල උන් හිතයි මිය ගිය අය ඇත්තටම ඇවිත් කියල හිකිස්...... පොස්ට් එකනම් පංකාදු 20 යි.

    ReplyDelete
    Replies
    1. පැනලා දුවයිද දන්නෙ නෑ හොල්මන්ද පොල්කොල කියලා...හි හි හී

      Delete
    2. අක්කව දැකල තමයි දිව්වොත් දුවන්නේ...............:P

      Delete
  14. ඔය මොන හැලෝවීන්ට ඇන්දත් නගේ එකම චරිතයක් නොවැ පහුවදාට... කොච්චර හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලියේ කියලා කතාවකුත් තියෙන්නේ ඔය...

    ReplyDelete
    Replies
    1. ආයේත් අහලා. ඒ උනාට උන්දලා ගෙනත් දෙන ඔය සමහර උත්සව අපිත් කරේ තියාගෙන සමරනවනෙ...ඒ උනාට උන්දලාට තියෙන නිවාඩුවලට මම නම් හරිම කැමතියි...අපිටත් එතකොට ( මට ) නිවාඩුනේ..

      Delete
  15. මං හිතාගෙන හිටියෙ ඔය නිවාඩුව දෙන්නෙ ඔක්තෝබර් 31 කියල. ඇමරිකන් කාරයො හැලොවීන් නිවාඩුව නැවක පටෝලද එව්වෙ පරක්කු වෙන්න... :)

    ReplyDelete
    Replies
    1. අයියෝ... ඒක එදාම එයාල කොලා. අපේ ඔෆීසියට ලැබෙන්නෙ එයාලගෙ නිවාඩුනෙ..ඒක අපට දෙන්නෙ පහුවෙලා....

      Delete
  16. මං හරි ආසයි බං ඔය හැලොවීන් ෆිල්ම් බලන්න.. හි හි...

    ඕකේ වචනේ බිලම්බීත නෙවෙයි.. විලම්බීත..

    ReplyDelete
    Replies
    1. අර තියෙන්නෙ බන් ඕනෙ තරම්... Scream ,wrong Turn, Hills have eyes ...

      //ඕකේ වචනේ බිලම්බීත නෙවෙයි.. විලම්බීත..//

      සොරි වෙන්න ඕනෙ බන්..ඒක ටයිපින් මිස්ටේක්...

      Delete
    2. ඒවා හැලොවීන් ඒවයැ.. බය හිතෙන ඒවනේ.. හැලොවීන් ඒවා හෙන ජොලි.. මට මතකයි එක පාරක් ටීවී එකේ ගියා එකක්.. නම තමයි දන්නෙ නැත්තේ...

      Delete
    3. ඇයි බන් Scream හැලොවීන් එකක් තමා. අලුත් එක නෙමේ 1996 ආපු එකක් තියෙනවා. මිඩ් නයිර් අවර් කියලා එකක් තියෙන්නෙ...මම බලලා තියෙන්නෙඔය දෙක විතරයි

      Delete
  17. හැලෝවීන් හින්ද හරි නිවාඩුවක් හම්බුනානම් මදැයි !:D

    ReplyDelete
    Replies
    1. Halloween එතකොට Thanksgiving දෙකටම හම්බ වෙනවා...අපේ නිවාඩු වලට :( අපි වැඩ..

      Delete
  18. ඔය වචනය අහලා තිබුනාට කවදාවත් මේ ගැන හොයන්න සිතුනේම නෑ. ඒත් මේ ලිපිය නිසා මොකක්ද මේ හැලොවීන් උත්සවය කියන්නේ කියා දැන ගත්තා...

    ReplyDelete
    Replies
    1. මටත් ඔය හැලෝවීන් ගැන හොයන්න හිතුනේ නිවාඩුව නිසානෙ ප්‍රියන්ත..

      Delete
  19. අඩේ! එහෙනම් සිකුරාදා ලෙක්චර්ස් යද්දී භූතයෙක් වගේ යන්න ඕනේ!

    ReplyDelete
  20. මෙහේ නම් හරි ජයටම සමරනවා halloween දැන් නම් ප්ලස්ටික් වට්ටාක්කා ගෙඩි තමා පාවිච්චි කරන්නේ. ලංකාවි අපි නත්තල් දවසට කැරොල් යනවා වගේ තමා මෙහේ ළමයි යක්කු වගේ ඇඳගෙන ගෙවල් ගානේ යන්නේ. මෙදා සැරේ අපේ ගෙදරත් ආවා නොවෑ.. මම නම් ටොෆි වගයක් දීලා ගෙදර කවුරුත් නෑ කියලා පන්නලා දැම්මා. ;D

    ReplyDelete
    Replies
    1. මාත් ඒක අහලා තියෙනවා...පොඩි අය ගෙවල් ගානෙ එනවලු..එතකොට එයාලට තෑගි බෝග එහෙමත් ලැබෙනවලු කියලා...සිතරාවි පොඩි කාලේ කැරොල් ගිහින් තියෙනවද ? හි හි හී මම නම් ගිහින් තියෙනවා...මහ රෑ සීතලේ වෙව්ල වෙව්ල... දැන් ගමෙත් කැරොල් යන්නෙ නෑ...

      Delete
    2. අනේ නෑ ලිහිණි අක්කේ මම නම් කැරොල් ගිහින් නෑ කවදාවත්.. කොහෙද අපේ අම්මත් එක්ක ඒවා බැහැනේ.. :(

      Delete
  21. හලොවීන් කියලා ෆිල්ම් කලෙක්ෂන් එකකුත් තියෙනවා.ඒක හෙන බයානක චිත්‍ර පටි පෙළක්.

    ReplyDelete
    Replies
    1. බය උනාට මමත් බලනවා...බය හිතෙන තැන් මඟ ඇර මඟ ඇර...හි හි හී

      Delete
  22. Hi Lihini, kalekin awe. Oya rasa kama jathi hadala, lassana pinthoora ekathu karala, wada godai.

    Man nam poddak wath Halloween dawasata kamathi na. Maha vikarayak. Eth Ithin thiyena parties nam kiyala wadak na. Eda rata hama gedarakama door eka langa Halloween lantern ekak thiyenawa. Ithin arumosam andum anda gaththa podi, loku lamai, oya kawuruth podi basket ekak, bag ekak, mokuthma
    Nathnam pillow case ekak hari Aran gein geta yanawa. Trick or Treat kiyala ahala toffee ,chocolate , wage candy denawa.
    Habai dan issara wage nemei,ewata yana aya adui. Mokada samahara minissu innawa eka advantage ekak karaganna. Lamainwa molest karana aya wage. Hama commiunity ekakama police aramshawa danawa. Lamainge aramshawa wenuwen. Samahara welawata drugas mixed karapu tablets wage dewal candy ekka denawa.
    Habai Ithin godak perents la lamainge passen yanawa.

    ReplyDelete
    Replies
    1. ඔය කුමාරි අක්කා කියපු විදියේ සීන් එකක් තියෙන ෆිල්ම් එකක් බැලුවා මම. ඒ අපරාධ කරන්නෙත් හැලෝවීන් දවසේ භූත ඇඳුම් එක්ක..ඩ්‍රග්ස් එහෙම අරගෙන...

      ස්තුතියි කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවට...

      Delete
  23. කොම්පැණිය ඇමරිකන්ද ? මට ‍මතක් වෙන්නෙ ඇමරිකාවෙ ජැක් එක ගලවනවා කිව්ව හාදයා...

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ...අනේ අපොයි කවුද ඒ ඇමෙරිකන් ජැක් එක ගලවනවා කියපු කෙනා...අනේ මගෙ රස්සාව... :(...හි හි

      Delete
  24. මේ තරම් අතීතයක් මේ උත්සවයට තියන බව දැනගත්තෙ නංගිගෙ ලිපියෙන්. මම හරිම ආස කරන දවසක් මේ. හැලොවීන් දවසට අපි ඉන්න නිවාස සංකීර්ණය හරියට කනත්තක පවත්වන කානිවල් එකක් වගේ. භූතයෝ, ලයිට් කණුවල එල්ලිලා මැරුණු මිනිස්සු විතරක් නෙමෙයි ලස්සණ චූටි සුරංගනාවියොත් පිරිලා. මෙච්චර කල් නිකන්ම විනෝදවුණාට ළිහිණි නංගි කියලා දුන්නු විස්තරෙන් පස්සෙ දැනුම් තේරුම් ඇතුවම සතුටු වෙන්න පුළුවන්නෙ. ස්තුතියි නංගි, ලස්සණ ලිපියක්!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සමුද්‍රිකා අක්ක ඉන්නෙ යුරෝපා රටක වෙන්න ඕනෙ..නැත්තම් ඇමෙරිකාවේ... :)

      Delete
  25. කොහෙමෙන් කොහෙම හරි සුද්දන්ට පිං සිද්ද වෙන්න ලිහිණියට නිවාඩුවක් ලැබිල....ඒකත් මදැයි....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ...හෙට ගෙදර..ජොලි ජොලියේ...

      Delete
  26. මේක කියෙව්වේ අද තමා ළිහිණි මේ ටිකේ මං ගොඩක් අවිවේකයි. බොහෝ තොරතුරු දැන ගත්තා මේ ලිපියෙන්.

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.