මාව කියවන අය අතර..

15 November 2012

අඩමාන ජීවිතය...



වැස්ස …. මහා වැස්සඋළු වහලට වද දෙයි…පුපුරා හැලෙන අකුණක් සිතිවිලි ගාල හොල්ලා දමයි. සසලව සිටින මම තව තවත් සසලව යමි.අකුරු විසිරී ගියේය…වචන කලවම් විය….ලියමින් සිටි දෙය නොව වෙනයමක් ලියැවෙන්නට යන බව මටම හැඟේ...කරන්නට දෙයක් නැත.කලවම් වූ අකුරු වලින් හෝ ලිවිය යුතුය....

හදවතේ අඳුරු අහු මුළු වල කටිගැසී ඇති කේන්තිය , අකුරු වලින් දියකර හරින්නට වැයම් කරමි.නමුදු කේන්තිය පාෂාණිභූත ව ඇති සෙයකි..එය දිනෙන් දින, මොහොතෙන් මොහොත තව තවත් ඝණ වෙමින් පවතියි.එය මා තුලම ගිලාබසී…මමද ඒ සමග ගිලෙමින් සිටිමි....

මට ආලෝක බිඳක් අවැසිය..නමුත් හාත්පස අන්දකාරය මට සමච්ච්ල් කරයි…මම නැගිටින්නට වීරිය දරමි ජීවිතය මා පෙලයි…පෙරලා ජීවිතය පාගා දමන්නට මට හැකිද

ජීවිතය දුකකි..උත්පත්තිය දුකකි..නමුත් මා දැන් ඉපදී අහවරය…එ නිසා කෙසේ හෝ ජීවත් විය යුතුව ඇත..මා තුල ඇත්තේ මරාගෙන මැරෙන අරගලයකි. මම ද ඒ මොහොතට මුහුණ දෙමින් සිටිමි….

හැමදාම එකම හඩින් වේදනාවෙන් කෑ ගසන මහා වැස්සේ මගේ සිහිය මම විකල් කර ගත්තෙමි. පියවි සිහිය දැං මට රැගෙන එන්නේම මාරාන්තික හීන පමණකි

සමාජීය ඝට්ටනයත්, සංකෝචනයත්, ප්‍රතිරෝධතාත්, තෙහෙට්ටුවට හෙළන කඳුළුත්, විඩාවට නැගෙන සෝ සුසුමුත්, සමනළ කන්ද සේ බර ඇති තනි මගේ සිතින් දරාගෙන ඉවසිමෙන් මෙතෙක් කල් බලා උන්නෙමි..

දරා ගැනිමට නොහැකි බවත්.. එපා විමත් .. මා වෙහෙසයි..අඩපණ කරයි.. අත්හැරීම මෙන්ම බදා වැළද ගැනීමත් මාව තෙහෙටිටු කරමින් හිඳී..

මම පටලැවී සිටිමි…ඒ පටලැවිල්ලේම එරී...මංමුලා වී සිටිමි.අනන්ත සිතිවිලි ගාලක පැටළුම් අතර මට මාවම මහහැරී ඇත.හුදකලාව බරකි...ශුන්‍යත්වය වේදනාවකි....ජිවිතයේ ණය ගෙවන්න වළිකන දහසක් දෙනා අතරට මමද එක්වී හිඳිමි..

ඇත්තටම මම කවුද ?

පිස්සෙක්ද ..? ඔල්මාද කාරයෙක්ද ?

යථාර්තයට බයේ පලා යන්නෙක්ද ?

බොරු තර්ක වලින් යථාර්තය මග හරින්නෙක්ද ?

(සැබෑ මිතුරෙකුගේ අත්දැකීමක් ඇසුරෙනි)

64 comments:

  1. කා එක්කද පැටලුනේ...හැබෑවටම

    ReplyDelete
    Replies
    1. යොමුව දැක්කෙ නැද්ද සංජය..." නිකමට ලියවුන කතා " :)

      Delete
  2. කථකයා ධනාත්මක ආකල්ප හීන වෙච්ච අඩමාන ජීවිතයක් වගේ. මං හිතන්නේ දෛවය පෙරලා දැමීම මිසක් දෛවයට තමන්ව පෙරලන්න ඉඩ නොදෙන එකයි කරන්න ඕනේ.. මේ වචන සෙට් එකට මම මාර ලයික් ලිහිණි. "පාෂාණිභූත" කියන එකේ තේරුම මොකක්ද හැබෑටම?

    ReplyDelete
    Replies
    1. "පාෂාණිභූත" = ගල්වීම

      Delete
    2. "පාෂාණිභූත" කියන්නේ සත්ත්ව ශේෂය කියනවනේ...සිංහලෙන්ම කියනවා නම් Fossil ...

      Delete
    3. ඒකනේ...මම හරි.. අර මම සිංහලෙන්ම ලියලා තියෙන්නෙ Fossil ... :)

      Delete
    4. "පාෂාණිභූත" කියන්නේ පොසිල කියන එකටද.. හපොයි ඉල්ලන් කෑවෙමි.. :)

      Delete
    5. අපෝ..ඕවා ගණන් ගන්න එපා ... :)

      Delete
  3. ජීවිතය දුකකි..උත්පත්තිය දුකකි..නමුත් මා දැන් ඉපදී අහවරය…එ නිසා කෙසේ හෝ ජීවත් විය යුතුව ඇත..

    මරු වචන ටික අක්කේ මේ ටික..
    හුරේ අද මම එක.

    ReplyDelete
    Replies
    1. හි හී...මේ දවස්වල වැස්සට මොළේ පෙඟිලා..ලියවෙන්නෙම හරහට...

      Delete
    2. ඈ මට කලින් එක්කෙනෙක් එක වෙලානේ.. :(..

      අයියෝ.. හරහට ලියන්න එපා ළිහිණි අක්කේ ඒවා තේරුම් ගන්න ගියාම මට නම් ටිකක් විතර මොලේ අවුල් වෙනවා..... හික්ස්ස්ස්....

      Delete
    3. ඉන්නකෝ එහෙනම් කෙලින්ම ලියන්න... :)

      Delete
  4. තමන්ට තමන්ව අදුනගන්න නම් නිදහස් වෙලාවක තමන්ගෙම හිතට තට්ටුකරල බලන්න ඕනෙ.පිට මිනිස්සු දකින සහ අපි දකින්න සලස්සන චරිත නෙමේ අපේ හැබෑ චරිත.ඒ චරිතය අඳුර ගන්න පුලුවන් වෙච්ච දවසට ඔය ප්‍රශ්ණ වලට වගේම තවත් ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. //පිට මිනිස්සු දකින සහ අපි දකින්න සලස්සන චරිත නෙමේ අපේ හැබෑ චරිත //

      සහතික ඇත්ත. ඔය කතාව කිව්වම තවත් කතාවක් මතක් උනා කස්ස. ඒකත් ලියන්න ඕනේ. .

      //ඔය ප්‍රශ්ණ වලට වගේම තවත් ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර ලැබෙයි..//

      මිනිස්සුන්ට ප්‍රශ්ණ එන්නේ ඇතුලාන්තයෙන් විතරක් නෙමේ කස්ස. වටපිටාවෙනුත් එනවනෙ.. පේන්නෙ නැද්ද අපේ රට කෙළින පිස්සුව..මිනිස්සු හොල්මන් වෙලා ඉන්නේ..

      Delete
    2. වට පිටාවෙ තියන ප්‍රශ්ණ ඇයි අපි අපේ කරගන්නේ?

      Delete
    3. කස්ස ගේන්නෙ මෝඩ තර්කයක්. සමාජයක ජීවත් වෙන පුද්ගලයෝ උනාම සමාජේ සමහර ප්‍රශ්ණත් අපේ ප්‍රශ්ණ වෙනවා. මොකද අපි මේ ලෝකෙ ජීවත් වෙන්නෙ හුදකලාවෙ නෙමේනේ කස්ස.. :)

      Delete
  5. මට මේ පොස්ට් එකත් එක්ක මතක් වූණෙ ඇල්බෙයා කැමූගේ පිටස්තරකාරයා පොත. ශුන්‍යවාදය ලොවට ගෙන ආවේ කැමූ. එකල මේ මොන විකාරයක්ද කියා එම පොත විකාරයක් සේ සැලකුවත් එහි අන්තර්ගත යථාර්ථය මේ වනවිට අපට මැනවින් දැනි තිබෙනවා. ඔබේ මේ පොස්ටුව තුළත් ඇත්තේ එවන්ම යථාර්ථයක්ම නොවෙද. මේ දේ විඳින්නට අප මොහොතක් හුදකලා සැබැවටම හුදකලා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. //මේ දේ විඳින්නට අප මොහොතක් හුදකලා සැබැවටම හුදකලා විය යුතුයි //

      අනිවාර්යෙන්ම...අද මගේ හොඳම යාළුවෙක් එක්ක සෑහෙන වෙලා කතා කරන්න ලැබුනා. ජීවිතේ ගැන ඌ අන්තෙටම කලකිරිලා ඉන්නේ. මගේ වචනවලට පණ ලැබුනේ උගේ අත්දැකීම..මනුස්සට බූට් කාලා එහෙම නෙමේ..ගෙදර ප්‍රශ්ණයක්. හරියටම කිව්වොත් අම්මගෙයි තාත්තගෙයි අතර ප්‍රශ්ණයකට ඌ හිරවෙලා...

      Delete
  6. වෙනස් ආකාරයක නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතෙනවා චන්දන.. :)

      Delete
  7. ප්‍රශ්ණයක් තමයි...තමන් තමන්ව දකින්නෙ කොහොමද...???
    අඩුම තරමේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල තමන්ගෙ විකාරරූපී ශරීරය දැක්කට හිත...දකින්න පුලුවන්ද...?

    දෙකක් දාගන්නම වෙනව...! හිකිස්..!

    ReplyDelete
    Replies
    1. රෑට කන්න හැදුවේ මඤ්ඤොක්කා තම්බලා ,,කොච්චි සම්බල... දැන් ඔළුවත් මඤ්ඤං වගේ... සිරාවට..

      කොහෙද ඉතින් දෙකක් දාගෙන හිතන්න බෑනෙ අපිට...හි හී

      Delete
    2. ඔයා රටපිට නොවේද ඉන්නේ...! මඤ්ඤොක්කා කන්නෙ..කටට කෙලත් ඉනුව..ස්ස්ප්..!
      අනිච්චේ...මට වැරදුනා සැකේට ආයිත් බැලුවේ...ලොකේෂන් කොලඹනේ.

      Delete
    3. හත් දෙයියනේ ඊයේ කිව්වා මම වෙන්නප්පුවේ කියලා..ආ ඒ උන්නට ඉන්නෙ කොඹල...මගෙ මඤ්ඤොක්කා වලට කෙල ගිලින්න එපා ඔන්න... :D

      Delete
  8. අද මා සිත් ගත් වැකි කිහිපයක්ම ඇත.කදුළු අතරින් අපි මේ ජිවිතය ජය ගත යුතුය.ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ස්තුතියි ගයානි..

      Delete
  9. ජීවිතය දුකක් කියල දන්නව නම්, ඉපදීම දුකක් කියල දන්නව නම් ජීවිතයට එන අනෙක් ගැටළු දිහාත් උපේක්ෂාවෙන් බලන්න ලිහිණි...... මං හිතන්නෑ මේ ලෝකේ කොහේවත් කෙනෙක් ඇතියි කියලා තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් නොආපු දුකින් නොහිටිය කෙනෙක්.... හැමෝටම ප්‍රශ්න තියෙනවා. වෙන්න ඕනි ඒවට අපිව වට්ටන්න නොදී ජීවිතයට මූණ දෙන එක..... මේක කියන තරම් ලේසි නෑ කියලත් මම දන්නවා... ඒත් උත්සාහ කරන්න... අපිට බැරි වෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අයියෝ කෙල්ලේ..මේක මගේ ගැන නෙමේ. මගේ හොඳ යාලුවෙක්ගේ අත්දැකීමක් ගැන..මෙච්චර ජොලියේ ඉන්න මම දුකින් කියලා හිතනවද ? හි හී..

      Delete
    2. අපොයි...... මං හිතුවේ මේ ලිහිණියගේ ප්‍රශ්නයක් කියලා....ඒක තමා හොඳට හිටපු එකාට මොකෝ වුනේ කියලා බැලුවේ. සොරි වෙන්න ඕනි.

      යාළුවගෙත් හිත හදන්න බලන්න.... එයා තනි වෙලා කියල දැනෙන්න දෙන්න එපා... එතකොට එයාට සහනයක් වේවි.

      Delete
  10. මේක වදිනවා. මටත් ඕම හිතිලා තියෙනවා. දුක තමයි.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ පෝස්ටුව බලන්නකෝ...හි හී... දුක තමා

      Delete
  11. Thani kama paluwa ikmaninma maka ganna hoda piyawarak ganna.

    ReplyDelete
    Replies
    1. අපොයි අපොයි... මට නම් මේ තඉකම හොඳා...හොඳ පෝස්ටුවක් ලියලා තියෙනවා..ඒක දැම්මම බලන්නකෝ තනිකමේ රස..හි හී

      Delete
    2. එහෙම උනොත් මම ලියනවා යුග දිවියේ රස ගැන පොස්‍ටුවක් ළිහිණියට ඇඬෙන්න.....!

      Delete
    3. ඔය ඊරිසියාවට කියන කතා...අපි දන්නැතුවායෑ...:P

      Delete
  12. ළිහිණි, මම ඒත් බැලුවා මේ ඊයෙ පෙරේදා වෙනකල් අගේට හිටපු එකීට මොනවා උනාද කියලා. මමහිතුවෙ අර බස් හෝල්ට් එක ගැන ඕනෙවට වඩා කල්පනා කරලා පිස්සුවත් හැදිලද කියලා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සිරාවට ඩූඩ්... මොළේ කචල් වෙලාද කොහෙද..ඒ උනාට හෙන ජොලියේ දැන් ඉන්නේ..සති දෙකක් නිවාඩු. පාඩම් කරන්න.. කෙල්ල විවාහෙකට ලෑස්ති වෙනවනේ...සොරි සොරි...විභාගෙකට...විභාගෙකට..හි හී

      Delete
    2. විභාගෙ උපරිමයෙන් කරන්න හැකිවේවා කියලා පතනවා.
      ළිහිණි, අක්කගෙ බැන්ඩේජ් ගලවලා දැන් ඇ‍ඳෙන් බැහැලා හෙම ඉන්නවද?
      අපි මතක් කල බව කියන්න.

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. ස්තුතියි ඩූඩ් ...අද දවස කූල් එකේ ඉන්න හදන්නෙ ඩූඩ්. පාඩම් නොකර. හෙට ඉඳන් පාඩමේ ඉන්න වෙනවා..
      අක්කගෙ මැහුම් එහෙම කපලා. දැන් කොණ්ඩෙත් ටිකක් වැවිලා. ඇස් දෙකේ පෙනීම නම් යථා තත්වයට ඇවිත් නෑ. ටිකින් ටික හරි යාවි... ඒක කැන්සර් එකෙක් නෙමේ කියලා වාර්ථාවත් ඇවිත් තිබුනා...

      Delete
  13. ජීවිතය සංකීර්ණ වනුයේ අන් අයගේ සිහින තමන්ගේ කර ගැනීමට යෑම හේතුවෙනි...

    ReplyDelete
  14. අනේ බං මට වගේම තොටත් පිස්සු. මේකත් බලාපිය එහෙනං ආයෙත් එතකොට මතක් වේවි. මඤ්ඤං දේශන

    ReplyDelete
    Replies
    1. හි හී තොටත් පිස්සු ...මටත් පිස්සු...හි හී :D

      Delete
  15. හපොයි අද බරසාර ලිපියක් ලියලනේ...මේ මොකෝ ලිහිණි?

    ReplyDelete
    Replies
    1. යාලුවෙක් එක්ක මහ කදයක් දාගෙන උන්නා. මම උගේ දුග්ගන්නාරාල උනානෙ සයුරි..ඌ හොඳ එකා..ඒත් ප්‍රශ්ණ වැඩී...ජීවිතේ හරහට ඇණගෙන... ඌ ගැන තමා මේ ලිව්වේ..

      Delete
  16. අර සමනලියගේ කෙරේමේ අත්හදා බලන්න කීවනම් නරකද කෙල්ලේ. උන්දෑ නම් කියන්නේ හරියටම හරි කියලා.

    ReplyDelete
    Replies
    1. කිව්ව කිව්වා. බොහෝම අමාරුවෙන් හිත හදා දැම්මා. ඒ උනාට අයියේ තුවාලේ තියෙන එකාටලුනේ වේදනාව...

      ( මම මේ උගේ කතාව කියලා නොකියා ඉන්න ගියේ..කොහෙද කට්ටියම හිතනවනේ මගේ කතාවක් කියලා...ඒ හන්දා කියලම දැම්මා..ඌ මලාට බ්ලොග් බලන්නෙ නෑ. ඒ හන්දා හොඳයි. නැත්තම් හිතයි ළිහිණියා විස්තරේ පත්තරේ දාල කියලා )

      Delete
  17. Replies
    1. ඒකනෙ කිව්වේ...අවුල් ජාලාවක් :)

      Delete
  18. යථාර්තයට පිළිගන්න අකමැති කෙනෙක්...

    මේ පෝස්ට් එකේ තියෙන චරිතෙ එහෙම් පිටින්ම මගේ විරුද්ධ චරිතෙ.. :) (බොහොම කාලෙකට කලින් මේ චරිතෙ. දැන් දුක කියන එකේ ආතල් එක බලහත්කාරයෙන් ගන්න වෙලා තියෙන්නෙ...)

    ඔය ලෙඩේට මම නම් කාටත් කියන්නෙ මොකක් හරි සටන් කලාවක් ඉගෙන ගන්න කියන එක(හිතේ කේන්තිය නැති කරගන්න)... එහෙම නැත්තන් මනෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන්න කියන එක...

    ReplyDelete
  19. සාතන්ව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.

    මේ චරිතයේ ඉන්න කොල්ලා ගෙදර ප්‍රශ්ණ නිසා ගෙම්බත් උන එකෙක්. ප්‍රශ්ණ හන්දම එක ජොබ් එකක් අතෑරලා පිස්සු නටපු එකෙක්. අපේ බල කිරීමට..අපිම බලෙන් ඉන්ටවීව් යවලා ආයෙම ජොබ් එකක් කරනවා. මනුස්සයා දුක් විඳින්නේ අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්ණ වලට.

    මැරෙන්න නම් හිතන්නෙ නෑ. ඒක නම් මට බුදු ෂුවර්..හැබැයි මානසීකව වැටීම අති භයානකයි කියලා නම් දන්නවා

    ReplyDelete
  20. මේ වගේ රටක් ඉපදුනම මෙහෙම හිතන එක අසාධාරන නෑ...

    ReplyDelete
  21. මේ දවස් වල වැස්ස හැමොටම කොක්ක දානව වත්ද...?

    ReplyDelete
  22. Replies
    1. මට නෙමේ බන්... කොල්ලෙක්ට උන වින්නැහියක්..

      Delete
  23. අපි ඉපදිලා තියෙන්න අපේ කැමැත්තට නොවේමැයි...ඒ උනාට ඉතිං ජීවිතේ ගැට ගහන්න එපයැ කොහොම හරි... නැද්ද මං අහන්නෙ...

    ReplyDelete
  24. මට හිතෙන්නේ නම් පරාජිතයෙක්. සටනක් නොකර ම පරදින්න බලාගෙන ඉන්න කෙනෙක්..

    ReplyDelete
  25. සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්ණයක්..

    ReplyDelete
  26. සංකීර්ණව නැතුව ටිකක් සරලව හිතල, මේ වගේ අපබ්‍රංශ හිත හිතා ඉන්නකල් යමක් කලා නම් ඔය මනුස්සය දැනටම ගොඩ ගිහින්!

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.