මාව කියවන අය අතර..

13 November 2012

කවුද කියන්නෙ අපි දුප්පත් කියලා ? පිස්සු විකාර..


පින්තූරය හොයා ගත්තෙ ගූගල් දෙයියගෙන්

කෝට්ටේ පාරට යාබදව තියෙන දියවන්නා ඔය ලඟ දැන් දිව්‍ය ලෝකය වගේනෙ...වැඩ කෑලි කෝටියයි..

ඒ අස්සෙ ඉදිකරලා තියෙන මේ බස් නැවතුම්පල කොහොමද ?

මට නම් මතක් වෙන්නෙ ඩුබායි නගරය.. ලස්සනයි තමා.. ඒත් මේ කතාව ඇහුවම නම් මට තරු විතරක් නෙමේ ග්‍රහලෝකත් මැවී මැවී පෙනුනා..

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාස්තු විද්‍යඥයන්ගේ සහ ඉංජිනේරුවරුන්ගේ දක්ෂකම් මැද්දෙ ඉදිකරලා තියෙන මේ බස් නැවතුමට ගියායි කියන වියදම රුපියල් මිලියන දෙක හමාරක්ලු...එහෙමත් නැත්තම් ලක්ෂ විසිපහක්ලු...

සෙල්ලම් නෑ... රුපියල් මිලියන දෙක හමාරක බස් නැවතුමක ඉඳගෙන බස් එකක් එනකම් ඉන්නවා කියන්නෙ මොනතරම් සැපක්ද....

බොරුවටනෙ මිනිස්සු කෑ ගහන්නෙ අපේ රට දුප්පත් කියලා..පිස්සු විකාර

104 comments:

  1. පිස්සු හැදෙයි සඳ බබලයි..

    (රහසින් .. අපි වැළලෙයි )

    ReplyDelete
    Replies
    1. මේ තවම හදපු පලවෙනි බස් හෝල්ට් එක...

      Delete
  2. රට පොහොසත් අපි දුප්පත් ..හය්යෝ සල්ලි .

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි ද කියන්නෙ...

      Delete
  3. ලක්ෂ 25 වියදම් උනාට මම නම් හිතන්නෙ නෑ මේකට ලක්ෂ 25 ගිහිල්ලා තියෙනවා කියලා...ලක්ෂ 25 කට ගෙයක් හදන්න පුලුවන් එකේ මේ බස් ස්ටෑන්ඩ් එකේ බාර් ටයිටේනියම් වලින්ද දන්නෙ නෑ හදලා තියෙන්නෙ... එහෙම උනොත් පොලිස් ආරක්ෂාව යොදන්න වෙයි බස් ස්ටෑන්ඩ් එක රැකගන්න...

    ReplyDelete
    Replies
    1. වැරදිලා වෙන්න ඇති සිරා. ෆයිබර් ග්ලාස් කිව්වට ප්ලැටිනම් ද දන්නෙත් නෑ. හොරුන්ගෙන් පරිස්සම් කරන්න ෆයිබර් ග්ලාස් කියනවා ඇති...අයියෝ සල්ලි..

      Delete
  4. අපේ රට දුප්පත් දුප්පතුන්ට විතරයි නංගි... නැති බැරි මිනිස්සුන්ට විතරයි... අපේ රට මේ විදියට ලස්සන වෙන්න එක ගැන, සංවර්ධනය වෙන එක ගැන සතුටු වෙන්න ඕන.. ඒත් මන්දා එහෙම සතුටු වෙන්න බැරි බවක් දැනෙනවා...
    මේ හැමදෙයක්ම බාහිර අලංකරණ විතරයි. අපි ඇතුළින් කුණු වෙමින් ඉන්න දේශයක්... හරියට සොහොන් කොත් වගේ...

    ReplyDelete
    Replies
    1. සංවර්ධනය වෙන එක ගැන නම් ඇත්තටම සතුටු වෙන්න ඕනෙ. පාර්ලිමේන්තු වට රවුම හරිය හැබෑම ලස්සනයි. සුන්දරයි. ඒත් වියදම් කරන්නෙ අපිට ඔරොත්තු දෙන ගානක්ද ? බස් හෝල්ට් එකකට මිලියන දෙක හමාරක් වියදම් කරන්න පුළුවන් ආර්ථික මට්ටමකද රට තියෙන්නෙ කියන එක ගැටළුවක්. එහෙමත් නැත්තම් වියදම් පෙන්නන මැජික් ගෙනල්ලා එක එක්කෙනාගෙ පෞද්ගලික එකවුන්ට් වලට බැර වෙනවද...

      Delete
  5. ගෑල්ලමේක් එක්ක වරුවක් විතර වාඩි වෙලා කතා කර කර ඉන්න කියාපුම තැනක් !

    ReplyDelete
    Replies
    1. ෂෝක් තැන ඔතන නෙමේ මධූ.. තව ටිකක් එහාට තියෙන 3D චිත්‍ර තියෙන හරිය. අර කිව්වත් වගේ ගෑනු ලමයින්ගෙ අත් අල්ලන් ඉන්න අය තමා වැඩිපුර ඒ හරියෙ ඉන්නේ. අපේ අත් අල්ලගෙන ඇවිදින්න කවුරුත් නෑනෙ. ඒ හන්දා මම ඇවිදින්නෙ තනියම..හි හී

      Delete
    2. ඒක නිසාවද්ද මේක හරහට පෙනුනේ.....? නෑ...නෑ ළිහිණියා එහෙම ප‍ටු ආකල්ප තියෙන කෙල්ලෙක් නෙමේනේ..D

      Delete
    3. මන් එන්නද? :D
      එක්කො බෑ. ලීනියගෙ අත් දිගයිනෙ.

      Delete
    4. //අපේ අත් අල්ලගෙන ඇවිදින්න කවුරුත් නෑනෙ. ඒ හන්දා මම ඇවිදින්නෙ තනියම.//අයියෝ කියන්න එපායැ.. :D

      Delete
    5. @Sarath Chandrasiri

      අපේ නෑනෙ ඔය ඊරිසියාව...හි හී :P

      Delete
    6. @spider the DETECTIVE

      බය වෙන්න එපා. අත් දිග උනාට අත් දෙක මිසක් වෙන කොහෙවත් අල්ල ගන්නෙ නෑ...හි හී...

      Delete
    7. @හරී

      ඒකට මොකද...එන්නකෝ හරී මල්ලි...අක්කගෙ අත් අල්ලන් යන්න..(Free security ) :D

      Delete
    8. ඔය චුට්ටක් කිව්වා නම් පැය බාගෙන් මම ඔතන. අපිට ඉතින් ගෑනු හිත් කියවන්ඩ බෑ නෙව.

      Delete
    9. @හරී :
      ඔන්න ඉතින් දැන් උබට ලිහිණි "අක්කගේ" අත අල්ලන් යන්ඩ චෑන්ස් එක වැදිලයි තියෙන්නේ.
      යු ආ වෙරි ලකී ගයි... :)

      Delete
    10. හි හී හී...හරී මල්ලි නෙ..ඒක හන්දා ගාණක් නෑනෙ මධූ :)

      Delete
  6. ජනතාවට මෙච්චර කරනවා... කන්න නැහැ කියල කෑගහනවා..

    මිනිස්සුන්ට විකාර.. රේසිං කාර් වල මිලත් අඩු කලේ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ සැමෝ..මාත් මේ රේසිං කාර් එකක් ගෙන්න ගන්න හදන්නෙ...නිකම්ම නිකම් එකක් නෙමේ ලැම්බෝගිනි Murciélago එකක් .. :P

      Delete
    2. මමත් රේසිං කාර් එකක් ගන්න ඉන්නේ... (අවශ්‍ය කට්ටිය අඩු ගානට ගත්ත ගමන් ආයේ ඕවාත් ගණන් වැඩි කරනවා )

      Delete
  7. ළිහිණි ඔයත් ඉංජෙක්නේ.... ඇත්තටම හිතන්න මෙවැනි එකක් හදන්න කීයක් යයිද.. නිකම්ම නොවේ මේ භූමියත් ඔය තත්ත්වයට ගන්නත් එක්ක. සමහර විට ගාන ටිකක් වැඩි ඇති. ඒත් අපේ රටේ තැනක හෝ මෙවැන් තත්ත්වයකින් පවත්වාගෙන යන එක ගැන මම පෞද්ගලිකවම සතුටුයි. හේතුව පිට රටක ගියාම අපි මොන කහලගොඩකද ඉන්නේ කියන සිතිවිල්ල අපට ඇතිවෙලා තියන නිසා. ඒත් ඇත්තටම අද කොළඹ ක්‍රමක්‍රමයෙන් එවන් දියුණු රටවල තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. කොම්ස් දූෂණ වෙනවා ඇති. ඒත් මේ වෙනසට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. වෙනසට නම් මමත් කැමතියි නලින් අයියා. මොනවද මේ කියන්නේ... මෙහෙම තැනක් අපිට තියෙනවා කියද්දී සතුටු නැද්ද...ඒත් ඉතින් මිලියන දෙක හමාරක්...කජු ඇටද කොස් ඇටද... අපේ බදු සල්ලි නේද ...

      මම ඉංජෙක් උනාට සිවිල් ඉංජෙක් නෙමේ අයියා. ඒ හන්දා වියදම තක්සේරු කරන්න නම් දැනුමක් නෑ.. ඒත් ඉතින් මේක හදලා තියෙන්නෙ යකඩ රාමුවලින් සහ ෆයිබර් ග්ලාස් වලින්. ගාණ සැර වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද ?

      අනික නලින් අයියා භූමිය මේ තත්වයට ගේන්න ගිය වියදම මේ කෝටි දෙක හමාරය ඇතුලත්ව නෑ. ඒක අයිති වෙනම දෙයකට. මොකද ඉස්සරවෙලාම භූමිය ඔය තියෙන තත්වයට අරගෙන ආවේ මීට කලින්. ඒකට වෙනම වියදම් කරලා.

      රටේ මේ වගෙ තැන් හැදෙන්න ඕනෙ. අනිවාර්යෙන්ම...ඒත් ඉතින් එක එක්කෙනාගෙ සාක්කු තර නොකර. මොකද ඕවා හදන්න භාණ්ඩාගාරයෙන් අදින සල්ලි පියවන්නෙත් අපි කන බොන දෙයින්ගේ...ඒකයි දුක.

      Delete
    2. නලින් අයියේ වෙනසට ලස්සනට මමත් කැමතියි.එත් මහරගම අධාවේගි බස් රථය අාරම්භ කරන ස්ථානය ඇයි තවමත් නිරුවත්
      http://manasindiviyata.blogspot.com/2012/10/blog-post_11.html
      බලන්න මේක.

      Delete
    3. @ නලින්
      මෙතන තමයි අපේ හුඟාක් ඇත්තන්ට වැරදිලා තියෙන්නේ. පැහැදිලිව පේන්න තියෙන ඇත්ත පිළිගන්න කැමති නෑ. එයාලට නොතේරෙනවා නෙමේ. හැබැයි ඒ විදිහට ඉන්නවා. අමනාප වෙන්න එපා.මේ රට දියුණු කරනවට අකමැත්තෙන් වත් කුහකකමට වත් කියවෙන දේවල් නෙමේ. මේ වැඩ සිද්දවෙන විදිහ ගැන නොසතුටෙන් කියවෙන දේවල්..

      Delete
  8. වෙලාවක ඔය පැත්තේ ගොහිල්ලම බලන්න ඕන... ඇත්තම ඔය බස් නැවතුමේ මොකක්ද ඔය තරම් ගානක් වැයවෙන විශේෂත්වය. මට නම් එහෙම එකක් ඔය රූපෙ පේන්නේ නෑනෙ

    ReplyDelete
    Replies
    1. මේක මේ ඇමති විමල්ගෙ අදහසකට හදපු එකක් ලුනේ..කෙහෙල් අත්තක හැඩයට තියෙන්නේ...ඒ උනාට මට නම් පේන්නෙ අරලියා කොළයක් වගේ.. පෙනුම නම් අපූරුයි..ඒත් වියදම..අම්බෝ... රුපියල් ලක්ෂ විසි පහක්..සෙල්ලම් නෑ

      Delete
  9. කොච්චර සැපද කියනවා කට්ටිය බස් වල නගින්නේත් නැතිවෙයි. බස් එකේ යනවට වඩා හෝල්ට් එක සැපයි කියලා ඉඳියි. කපල්ස් වලට නම් නියමයි... පස්සෙ කාලෙක සින්දු එහෙම හැදෙයි... "අරලිය කොලයේ බස් නැවතුම යට වැස්සට අපි උන්නා"... වගේ. නිකං අරලිය ගහක කොලයක් වගේ කියල හිතුනා ඒකයි...

    කොහොමත් ඉතින් නැව් ආවත් නැතත් ජාත්‍යන්තර තලයේ වරායවල් තියන එකේ... ජාත්‍යන්තර තලයේ බස් හෝල්ට් එකක් හැදුවහම මක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. //කොහොමත් ඉතින් නැව් ආවත් නැතත් ජාත්‍යන්තර තලයේ වරායවල් තියන එකේ... ජාත්‍යන්තර තලයේ බස් හෝල්ට් එකක් හැදුවහම මක් වෙනවද? //

      දවසේ කතාව තිසර...දාන්නකො 5ක්..නැව ගිළුනත් බෑං චූං... :D

      Delete
  10. අප්පටසිරි. එතකොට ඕකෙ ඉදන් ඉදලා නගින බස් එකේ ටිකට් එකකු කෝටි ගානක් වෙනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මිලියන දෙක හමාරක බස් හෝල්ට් එකක් ඉඳන් සිලෝන් ටකරං බස් එකක නගිද්දී කොහොමද... හි හී

      Delete
  11. මේක තමයි ආසියාවේ අයිස්චාර්ය බොලව්!!!!

    ReplyDelete
    Replies
    1. අනිවා...මෙහෙම වියදම් ගැන ඇහුවම ඒක් හිතෙනවා නාඩියෝ..

      Delete
  12. අනේ බොල අක්කේ බස් නැවතුම් හැදුවට වැඩක් නැහැ මිනිස්සු බඩගින්නේ බඩුමිල වැඩියි. රැකියා විරහිතකම කොච්චර ප්‍රශ්න තියෙනවද විසඳන්න. පාරවල් හැදුවට ඒවායේ දුවන්න වාහන නෑ මිල වැඩියි. තෙල් ගහන්න බහ මිල වැඩියි. අන්තිමට වෙන්නේ බස් හෝල්ට් එකේම ජීවත් වෙන්න. අපේ ලක්වැසි ජනතාවට. හැබැයි ලබන අවුරුද්දෙත් ඔකේ පොටෝ එකක් දාන්න බලමු දෙකේ වෙනස ඕව නෙවෙයි මොනවා කලත් ලංකාව වෙනස් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //අනේ බොල අක්කේ බස් නැවතුම් හැදුවට වැඩක් නැහැ මිනිස්සු බඩගින්නේ බඩුමිල වැඩියි//

      කවුද ඇත්තට ඔය බොරු කියන්නේ ? බඩු මිල කොහෙද වැඩි ? බෝංචි 500g ක් රුපියල් 140යි. ඒ තරම් ගාණක්ද කෝරළේ මලයෝ ?

      Delete
    2. මේවා දකින කොට මගේ කට පොපියනවා
      මහින්දගේ මව් පරපුර සිහිවෙනවා
      පවුලේ එවුන් හැම සුර සැප වළඳනවා
      දුප්පත් අපි කුසගින්නේ මියැදෙනවා

      කේන්තිය වැඩි කමට කවියකුත් ලියවුනා කියන්න තිබුන ඔක්කොම එතැනින්ම කිව්වා අක්කේ එක්කෝ මම චන්දෙ ඉල්ලන්නම්. නැත්නම් ඔයාල මෙහෙ එන්න.

      Delete
    3. තරහ ගන්ට එපා මල්ලී...ඔන්න ඔහේ බලාගෙන ඉමු.. වෙන දෙයක් වෙද්දෙන් කියලා.. :P

      Delete
  13. ලංකාව ලස්සණ වෙනකොට ආඩම්බරයි තමයි. ඒත් දෙයියනේ......තුන් වේල තියා එක වේලක්වත් හරියට කන්න නැති මිනිස්සු මෙච්චර ඉඳිද්දි, හදිසි සැත්කමක් කරගන්න සල්ලි නැතුව මරණය පෙනි පෙනී ජීවත්වෙන මිනිස්සු මෙච්චර ඉන්න රටක....?? බස් හෝල්ට් ඕනෙ තමයි...ඒත් මෙහෙම වියදමක්!

    ReplyDelete
    Replies
    1. ඔහොම ලස්සන තැන් හැදෙනවට කවුද අකමැති සමුද්‍රිකා අක්කා..ඒත් මේ නිකරුනේ මුදල් නාස්තියක් නෙමේද ? ඒකනෙ පුදුම වෙන්නේ.. බස් හොල්ට් ඕනෑ තමා. ඒත් මිලියන දෙක හමාරක එකක් ??

      Delete
  14. මම හිතන්නේ ඕකේ වහලේ රන් ආලේපිතයි...එක්කෝ ඔය ආසන දඹරන් වෙන්න ඇති....එහෙමත්ම නැත්තම් ඕක යටට වෙලා බස් එකක් එනකම් ඉන්නකොට ලෙඩ හොඳ වෙන/ තරුණ වෙන/ ලස්සන වෙන සීන් එකක් තියද දන්නේ නෑ ....අපිට පිස්සු අපි තමයි අපේ රට කියලා හිතාගෙන ඉන්නේ...රටේ මිනිස්සුන්ට තුන්වේල කාල ඇඳලා ඉන්න බැරි වුනාට රට සීග්‍රයෙන් සන්වර්ධනය වෙනවා . කාටද ආඩම්බර...!

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා. ඔය කණු යකඩ වෙන්න බෑ. ප්ලැටිනම් වගේ ජාතියක් වෙන්න ඇති..ඒකනෙ ඔය තරම් ගණන්...කාටද ආඩම්බර... :P

      Delete
  15. කිසි දෙයක් නොකිරිච්ච රටේ මෙහෙම හරි හදන දේටත් වැරදි කියනවා නෙමෙයි මේ මම...ඒත් මේකට නම් ලක්ෂ 10ක් වත් යන්න විදියක් නෑ... ලස්සන වගේම වැඩකට ගන්න දෙයක් තියෙන්නත් එපැයි... ඕක ලස්සන උනාට ඇති වැඩක් නෑ.. බලන්නකෝ..ඔය ෆොටෝ එකේම පේනවා වහලෙන් ඇති වැඩක් නෑ කියලා... අව්ව වැටිලා බාගෙකට විතර.. වැස්සකට නම් නාන්න තමයි වෙන්නේ... හි හි... මටත් හිනා වෙලා පණ ගියා මේක දැකලා....

    ( දැං අපිට මේක දැක්කම හිතාගන්න පුළුවන් කොච්චර විතර සාක්කු වලට යන්න ඇතිද කියලා... ලොකු ලොකු කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජොක්ට් වලින් කො‌හොම ගහනවා ඇත්ද..)

    ReplyDelete
    Replies
    1. වැස්සට නම් තෙමෙනවා. බාගයක්ම. හැබැයි අවුවේ රස්නය නම් දැනෙන්නෙ නෑ. කොහොමත් එතැන දියවන්නාවේ හුළඟ එනවනෙ...

      අනිවාර්යෙන්ම බාගෙට බාගයක් සාක්කු වලට වැටෙන්න ඇති හිරුවො...

      Delete
    2. මම මේක ෆේස්බුක් එකේ දැම්මා බං.. ලේසියට මම ඕක බලන්නේවත් නෑ.. ඒත් මේක නම් දාන්නම හිතුනා.. හි හි

      Delete
    3. ඒකට මොකද හිරුවො...මම නම් මූණු පොතෙන් අයින් වෙලා සෑහෙන කාලයක්.. බලන්න විදියක් නෑ :)

      Delete
  16. ළිහිනි අපි තියෙනවට වඩා ඇති බව පෙන්වන්න නේ කැමති.
    http://manasindiviyata.blogspot.com/2012/10/blog-post_11.html
    මේ ලිපියේ තියෙන මහරගම බස් නැවතුම් පොළ.අව්වේ පිච්චෙන මිනිස්සුන්ට ටකරමක්වත් ගහලා නොදෙන හැටි.
    කළකිරෙනවා අපේ අනාගතය.

    ReplyDelete
    Replies
    1. ඔය වියදම් පියවන්නෙ අපෙන්..ඒක තමා අපිට තියෙන දුක. කොච්චර නිදහසේ ඉන්න පුළුවන් තැන හැදුවත් වැඩක් නෑ. බඩේ ගින්දර එක්ක මිනිස්සු ඉන්නෙ අසහනයෙන්..

      Delete
  17. Replies
    1. අනිවා...නැත්තම් වෙන මොනවද මේ....

      Delete
  18. ලස්සන පිලිවෙල මෙච්චර ගණන් වෙන්න ඕනෙද! යමක් කරන බව ඇත්ත. ඒත් මොළේ පාවිච්චිය වැඩි කරල නාස්තිය අඩු කරනවා නම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙනම් ගිම්. මේ මිනිස්සුන්ගෙ සල්ලි. ආණ්ඩුවේ සල්ලි කියන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි. ලස්සන වට පිටාවක් ඕනෑ තමයි. ඒත් බස් නැවතුම්පලකට විතරක් මෙච්චර වියදමක් මොකටද..

      Delete
  19. අනේ මං නම් කිව්වේ නෑ ඕං අපේ රට දුප්පත් කියලා!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මම මේ ඕක කියපු එකාව අල්ල ගන්න ඉන්නේ...හි හී

      Delete
  20. ඕක අනර්ඝ වාස්තු නිර්මාණයක් කියලනෙ කිව්වෙ.

    ඒත් ඒවගේ නිර්මාණයක් සරල විය යුතුයි, භාවිත කරන්නන්ට..අවශ්‍යතාවයන් ඉ‍ටුවිය යුතුයි, සැරයක් දැක්කම ආයිත් බලන්න හිතෙන ගතියක් තිබිය යුතුයි...ඔය වගේ දේවල් තමා.

    එහෙම බැලුවාම ගොඩක් කාරනා ඉ‍ටුවෙලා වගේ ඒත්......බලන්න...ඕක බස් හෝල්ට් එකකට ගැලපෙනවද..?..අව්වට කෙසේ වෙතත්..වැස්සකට ..ඔය වගේ තැනක හුලඟත් එක්ක වැස්ස එන්නෙ හරහට....ඉතින් නොතෙමී ඉන්න පුලුවන්ද..?
    ඔය ගිය මුදලින්..ඔයිට වඩා ප්‍රයොජනව්ත් ලෙස...මගී විවේකාගාරයක්ම හදන්න තිබුන.

    ඕව ජනප්‍රිය වෙන්න කරන වැඩ.

    ReplyDelete
    Replies
    1. //ඒත් ඒවගේ නිර්මාණයක් සරල විය යුතුයි, භාවිත කරන්නන්ට..අවශ්‍යතාවයන් ඉ‍ටුවිය යුතුයි, සැරයක් දැක්කම ආයිත් බලන්න හිතෙන ගතියක් තිබිය යුතුයි//

      ඒ දේවල් නම් තියෙනවා. ලස්සන නිසාම එක සැරයක් නෙමේ කීප සැරයක් උනත් බලන්න හිතෙන තරම්..

      //අව්වට කෙසේ වෙතත්..වැස්සකට ..ඔය වගේ තැනක හුලඟත් එක්ක වැස්ස එන්නෙ හරහට....ඉතින් නොතෙමී ඉන්න පුලුවන්ද..?//

      ඇත්තෙන්ම බෑ. පහු ගිය කාලෙ වැස්සට අහුවෙච්චී අය ඔතන ඉඳන් තෙමි තෙමී උන්න හැටි මම දැක්කා..

      //ඕව ජනප්‍රිය වෙන්න කරන වැඩ.//

      නැතුව නැතුව...ලකුණු දා ගන්න කරන වැඩනෙ..

      Delete
  21. මේක නම් අන්තිම බොරු වැඩක්.. නිකන් සල්ලි නාස්තියක්.. හෙට අනිද්දට රේසින් කාර් එකක් ගන්න ඉන්න අපි ආයෙ බස්වල යයියැ..

    ReplyDelete
    Replies
    1. // හෙට අනිද්දට රේසින් කාර් එකක් ගන්න ඉන්න අපි ආයෙ බස්වල යයියැ..//

      නැතුව නැතුව...ලැම්බෝගිනි Murciélago එකක් මම දැනටමත් අරන් ඇවිත් තියෙන්නෙ :P

      Delete
  22. හෑ!
    .
    .
    .

    පොඩ්ඩක් ඉන්න මං නැගිටල පුටුවෙං වාඩි වෙනකං (මේක කියවන්න පටන්ගත්දිනං පුටුව උඩ හිටිය කියල මතකයි... දැන්නං ඉන්නෙ පෙරේතය පොළොවෙ ගැහුව වගේ බිම පතබෑවිල)

    ඇත්තටම ළිහිණී මේකට මිලියන දෙකහමාරක් ගියා කියල සුවර්ද...?

    ReplyDelete
    Replies
    1. //පොඩ්ඩක් ඉන්න මං නැගිටල පුටුවෙං වාඩි වෙනකං (මේක කියවන්න පටන්ගත්දිනං පුටුව උඩ හිටිය කියල මතකයි... දැන්නං ඉන්නෙ පෙරේතය පොළොවෙ ගැහුව වගේ බිම පතබෑවිල)//

      ජබර කලන්තෙ හැදුනද ? හී හී

      //ඇත්තටම ළිහිණී මේකට මිලියන දෙකහමාරක් ගියා කියල සුවර්ද...? //

      ගියා වෙන්න බැරි හන්දනෙ අපිත් පුදුම උනේ...එයාල තමා කියන්නෙ... :D

      Delete
  23. ඕවා කෝට්ටේට විතරයි අපේ ගම බස් ස්ටෑන්ඩ් එක 2500ක්වත් වටින්නේ නැහැ :/

    ReplyDelete
    Replies
    1. එයාලගෙ සෙල්ලම් ගේ තියෙන්නෙ කෝට්ටෙනෙ...එකයි..අවට සිරිය බල බලා යන්න..

      Delete
  24. ඇත්තටම ඕක මොකටද? ලස්සනට විතරමද ඔහොම එකක් හැදුවෙ?
    අර රේසින් කාර් ගැනත් මට අවුලක් තියේ. ඒව මොටද මෙහෙට? ටැට්ටර වල ගනන් අඩු කලා නම් ඒකත් එකක්.

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම ඕක මොකටද? ලස්සනට විතරමද ඔහොම එකක් හැදුවෙ? //

      මේක සිරාවටම ලස්සනයි..ඒකෙ කතා දෙකක් නෑ...මට පුදුම වියදම ගැනයි..

      //අර රේසින් කාර් ගැනත් මට අවුලක් තියේ. ඒව මොටද මෙහෙට? //

      අපිට වැඩක් නැති උනාට බේබිලාව වැඩක් තියෙනවනෙ...

      Delete
  25. බඩ පිට පොත්තට ඇලුනත් අපේ එකාලගේ සොබ්බේ අඩුවක් නෑනේ බොලල්ලා.... ලොහ්..ලොහ්..ලොහ්.............. අනික ඉතින් ඒකලාට මොකෑ. උන්ගේ සාක්කුවලින් යනවා නෙමේනේ...! හතීකොන කරක් ගගහා අපේ එකාලා රටට එවන අපේම අහිංසකයෝ ලේ දහදිය හලලා උපයන දෙයින් ගෙවන බදුවලින් හදන අටමගල වෙච්චකොට. අනික ලොකු ගනන් වලින් බිල් හැදෙන කොට එන කොමිස්......
    තව හුරේ දමාපල්ලා පැටවුනේ......

    මෙයට
    බුරම්පි සිඤ්ඤෝ

    ReplyDelete
    Replies
    1. //බඩ පිට පොත්තට ඇලුනත් අපේ එකාලගේ සොබ්බේ අඩුවක් නෑනේ බොලල්ලා// ඔය වගේ වැඩවලට අපේ පැත්තෙ මනුස්සයෙක් මරු වගන්තියක් කියනවා.. ඒක මෙතන කිව්වොත් පබ්ලිස් කොරන එකක් නෑ.. ඒක නිසා නිකා ඉන්නම්..

      Delete
    2. @ Sarath Chandrasiri

      බුරම්පි සිඤ්ඤෝ මාමේ...රේසිං කාර් එකක් ගන්න එහෙම අදහසක් නැද්ද ? :D

      Delete
  26. ඕක ගැන හොයන්ට ගෙහුන්ද කෙල්ලේ පහුනු ටිකේ පේන්ට නොහිටියේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ සිරා අයියේ...පොඩි වැඩකට ඉන්දියාවට ගියානෙ..දවස් තුනයි..

      Delete
  27. මටත් නිකමට හිතුනා වෙන රටක පින්තුරයක්වත්ද කියලා. ලංකාව මේ වගේ ලස්සනට තියනම් සතුටුයි. ඒත් ඉතින් ඔය වියදම ගැන විශ්වාස නෑ. ඒකෙන් මිලියනයක් විතර කාගේ කාගේ හරි අතට ගියාද දන්නෙත් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. සයුරි කාලෙකින් ලංකාවට ආවේ නැද්ද ? දැන් නම් ලංකාව පිරිසිදුයි..මේ වගේ ලස්සන තැන් තියෙනවා. ඒත් සයුරි මෙතැන මේ බස් නැවතුමට නම්...අම්මෝ...ඒ වියදම ගැන හිතපුවම තරු පේනවා...

      Delete
  28. විකාරයි අප්පා මට නම්..මට තාම ඡන්දෙ නැති නිසා මම ඕන එකක් කියනවා..මෙහෙම දේකට වියදම් කරාට වඩා අර රිදී මාලියද්ද වගේ ගම් වලට වතුර බවුසර් ටිකක් ගිනිහින් දුන්නා නම් ඒ මිනිස්සු පින් දෙයි... ඒවා වැඩක් නෑ..ආආආ...මේ අක්කෝ..හෙට ඔයාගෙ චිකන් පාඩම ප්ප්‍රෙයා්ජනයට ගන්න කියලා ඉන්නෙ.... ;)

    ReplyDelete
    Replies
    1. වතුර දෙන වැඩේ වගේද ශම්මි නංගා මේ වැඩ...ගෙඩි පිටින් සාක්කුවටනේ..

      ආ චිකන් හදලා අපිටත් කියන්න ඕනෙ... :D

      Delete
  29. දියවන්නාව අවට වට පිටාව ගැන නම් ඉතිං කියලා ඕනි නෑ..... ඒවා නම් හොඳ වැඩ... ඒත් මේ බස් හෝල්ට් එකට ගිය ගාන තමයි අවුල..... අපේ රටේ කරන හැම වැඩක්ම ඔහොම තමා..... ඔය ගහන සල්ලි වලින් අළුත් ලංකාවක් හදතැහැකි

    ReplyDelete
    Replies
    1. //ඔය ගහන සල්ලි වලින් අළුත් ලංකාවක් හදතැහැකි//

      සිරා කතාව..ඔය බස් නැවතුමකින් මෙහෙම නම් හයිවේ එකකින් කොහොම ගහනවා ඇතිද...ඒවා පිවන්න නේන්නම් ඔය බඩු මිල එහෙම අහස උඩ තියෙන්නෙ..

      Delete
  30. Giya viyadama kiyana eke dakina kenekuta therum ganna puluwan ganak kiyanna epai. Aparade salli. Shok kattiya thamai aPe rate inne.

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කෙ පත්තරයෙන්. මහ ලොකුවට කියලත් තියෙනවා...

      Delete
  31. මේක දැක්කම මට හිතුනේ ලක්ෂ 25 කින් මීට වඩා ප්‍රයෝජනවත් දෙයක් කරන්න තිබුනා නේද කියල.ඇත්තටම ලිහිණි ඔය තැන මං තවම සියැසින් දැක්කේ නම් නෑ. එත් ෆොටෝ වල පේන විදිහට ඒ තරම් පිරිසකට ඉන්න තරම් ඉඩක් වත් නෑ වගෙයි පෙනෙන්නේ. කෙහෙල් කොලේ.. (කෙහෙල්මල)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම චන්දන..ඒ සල්ලි වලින් වෙනත් වැඩක් කරන්න තිබුනා. මේ තරම් මුදලක් වියදම් කරලා බස් නැවතුම්පලක් හදලා මොකටද..

      //එත් ෆොටෝ වල පේන විදිහට ඒ තරම් පිරිසකට ඉන්න තරම් ඉඩක් වත් නෑ වගෙයි පෙනෙන්නේ. කෙහෙල් කොලේ.. (කෙහෙල්මල)//

      උපරිම දහ දෙනෙකුට වගේ ඉන්න පුළුවන් හැටියයි පේන්නෙ..ඒත් වැස්සට තෙමෙනවා..

      Delete
  32. ළිහිණියො, මට හැමදාම හිතෙන දෙයක් තමයි පාරෙ යනකොට මා වටේට තියෙන අනිත් ඔක්කොම වාහන මගෙ එකට වඩා අලුත්ම ඒවා වෙන්නෙ කොහොමද කියන එක. පොඩ්ඩක් බැලුවොත් පරණ වාහන ඇත්තෙම නැති තරම්නෙ. යකෝ මුන්ට කොහෙන්ද මෙච්චර සල්ලි?

    මේ එක උදාහරණයක් විතරයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සල්ලි නෑ කිව්වට නැත්තෙම නෑ නේද ඩූඩ් :P

      Delete
  33. ඕක හදන්න දීපු මුළු මුදලම සාක්කුවෙ දාගන්නෙ නැතුව, භාගයක් විතරක් දාගෙන, මේක හදපු එක ගැනවත් සතුටු වෙමු... එහෙම නැත්නම් මෙතන කොමෙන්ටු දාපු කස්ටියයි, ලිහිණියී , මමයි අපි සැට් එකම ගිහින් ඕක ඉස්සරහ ඉඳගෙන නිවැරදි මූළ්‍ය වාර්ථා පෙන්නන්න කියලා උද්ගෝශණ කරමු.... අන්තර්ජාලෙ විතරක් පෙන්නන්නෙ නැතුව ඕක ෆොටෝ ගහලා පෝස්ටර්, අත් පත්‍රිකා හදාගෙන ගමේ මිනිස්සුන්ව දැනුවත් කරමු.... නැත්නම් හැමදාමත් අන්තර්ජාලෙ බැන බැන ඉන්නවා විතරනෙ......

    ReplyDelete
    Replies
    1. //ඕක හදන්න දීපු මුළු මුදලම සාක්කුවෙ දාගන්නෙ නැතුව, භාගයක් විතරක් දාගෙන, මේක හදපු එක ගැනවත් සතුටු වෙමු//

      අපි හැමදාම කරන්නෙ ඒකනෙ ශශී..

      /මමයි අපි සැට් එකම ගිහින් ඕක ඉස්සරහ ඉඳගෙන නිවැරදි මූළ්‍ය වාර්ථා පෙන්නන්න කියලා උද්ගෝශණ කරමු.... අන්තර්ජාලෙ විතරක් පෙන්නන්නෙ නැතුව ඕක ෆොටෝ ගහලා පෝස්ටර්, අත් පත්‍රිකා හදාගෙන ගමේ මිනිස්සුන්ව දැනුවත් කරමු.... නැත්නම් හැමදාමත් අන්තර්ජාලෙ බැන බැන ඉන්නවා විතරනෙ......//

      ශා...ශශී ලංකාවට එන්න ලඟයිනේ... මොකද කියන්නේ..වැඩේ කරමුද ? හි හී

      Delete
  34. බස් නොතිබ්බත් මොකෝ. ඔයවගේ සැප තැනක අම්බලමක වගේ වාඩිවෙලා ඉඳලා ගිමන් ඇරලා පයින් යන්න බැරියැ.. .

    ReplyDelete
    Replies
    1. හප්පේ නැතුව නැතුව... කෝටි දෙක හමාරක බස් හොල්ට් එකක් ඉඳන් ඉන්නවා කිව්වම ලේසි පාසුද... :D

      Delete
  35. වැඩේ නම් පට්ට ඒත් පහක් විතර හදන්න තිබුනා ඒ ගානෙන්. ඒකටයි අපි විරුද්ධ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නේ...වැඩේ නම් සිරාවටම ලස්සනයි. ඒත් මේ වියදම තමා සැර...එච්චර යන්නෙ මොකටද කියන එක ප්‍රශ්ණයක්...

      Delete
  36. මගේ වයිෆ් නම් 3ඩි ආර්ට් එකක් බලන්නද කොහෙද ඔහේ ගියා මතකයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාගේ වයිෆ් මේ බස් නැවතුමත් දකින්න ඇති...

      Delete
  37. බස් හෝල්ට් එක ලක්‍ෂ 25ක් වටිනවානම් මේකේ නවත්වන බස් එකක් කෝටියක් වත් වටිනවා ඇති. අපොයි අපි පෝසත් නේන්නම්. සල්ලි වැඩිකමට බස් හෝල්ට් වල ගිමන් හරිමින් අපි පයින්ම යන්නේ....:D

    ReplyDelete
    Replies
    1. හි හී...වෙන්න ඇති ප්‍රියන්ත...මම දකින විශේෂත්වය තමා මේ බස් නැවතුම් පල හදන්න යෝජනාව ගෙනාව කෙනා... විමල් වීරවංශ... කොහොමද ටිකිරි මොළේ...

      Delete
  38. අයියෝ සල්ලි ලිහීණි... ඒත් මේවා අපේ රටට අලුත් දේවල් ඒව අගේ කරන්නත් ඕනි...

    වෙලාවක් තිබුනොත් මෙහාටත් එන්න

    emb-zone.blogspot.com

    ReplyDelete
    Replies
    1. අපෝ...අපි අගය කරනවා...ඔය වගේ එකක් මම දැක්කෙ ඩුබායි නගරයේදී..දැන් අපිටත් තියෙනවා..ඒත් ඉතින් වියදම..ඒක ගැනනෙ අපි කතා කරන්නේ..

      Delete
  39. කාලයක් පවතිනව නම්,
    ආයෝජනයක් නම්,
    ගාණ එතරම් සැර නෑ.

    ReplyDelete
  40. අපි දුප්පත්නම් පාන් ගෙඩියක් මෙච්චර ලොකු ගානක් දීලා කාවිද?..

    ReplyDelete
  41. මේ බස් නැවතුම් පල මම තවම දැක්කෙ නෑ. ගිහිල්ල බලන්න වටිනව...වියදම සැරයි තමයි. ලස්සනයි. ඒ වගේම නඩත්තුවටත් වියදම යයි.
    මෙහෙම දෙයක් හදන්න මෙච්චර වියදම් නොකර සාමාන්ය විදිහට හදල ඉතිරිවෙන සල්ලි වලින් බස් එකක් පාරට දැම්මනම් මොකද ?

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආදරයෙන් පිළිගන්නවා ඉසුරුව...හැබෑ නේන්නම් ගිහින් බලන්නම වටින බස් නැවතුම් පලක්. ලේසි පාසුද මිලියන දෙක හමාරක් කියපුවම...ඇත්තටම ලස්සනයි. අපිත් හිතන්නෙ වියදම ගැන තමා. අපරාදේ සල්ලි....

      Delete
    2. ඔන්න මම දෙසැම්බර් 7 සිකුරාදා බස් එකේ යනකොට දැක්ක බස් හෝල්ට් එක...... ලස්සනයි... ඒත් වැඩක් නෑ..... සුලඟ නිසා වැස්සෙන් වත්... අවුවෙන් වත් බේරිලා ඉන්න පුලුවන් බවක්වත් පෙනෙන්න නෑ...... ඔතනින් යනකොට බලන්න දකුණු පැත්තෙ ගහල තියෙන පලකයේ තියෙනවා අත් දෙකක් එකතු කරල හදපු ලකුණක්..... ඒක ජන සෙවන කියන ව්‍යාපෘතියේ සලකුන.....ඒක තියෙන්නේ සංවර්ධනයේ නාමයෙන් ඉවත් කරන පවුල් වලට ගෙවල් හදල දෙන්න...... අයියෝ සල්ලි........

      Delete
  42. බොරු කතා දාන්න එපා හලෝ. කොහේ පත්තරේද තිබුනේ මේකට ලක්ෂ 25ක් ගිය කියල ?

    ReplyDelete
    Replies
    1. මේ හලෝව නම් මට මතකයි හලෝ..කාලෙකට පස්සෙ නේද හලෝ...දැන් අනෝ එන්නත් බෑනේ.... හැබැයි හලෝ පත්තර කියවන්නෙ නෑ වගේ නේද හලෝ..හලෝට වැරදිලා හලෝ..ගිය සතියේ (11 වෙනි ඉරිදා ) ලංකාදීපයේ මේ ගැන තියෙනවා ..හලෝට ගිහින් බලන්න පුළුවන් හලෝ...හි හී ...

      Delete
    2. ඉතින් හලෝ ලින්ක් එකක් වත් නැද්ද ? අඩුම තරමේ මේ ෆොටෝ එක ගත්ත site එකේවත් ? මටනම් හිතෙන්නේ ඔය හලෝ ඇවිදින්න ගිය වෙලාවක ගත්ත පොටෝ එකක් මේක.

      එක නේන්නම් හලෝ , දැන් අනෝ එන්න බැහැනේ . වෙන බ්ලොග් නම් අනෝ බ්ලොග් කරන්නේ අසබ්ය වචන දානවට. තමන්ගේ මතයට විරුද්ද මතයක් ඉදිරිපත් කර නිසා අනෝ බ්ලොග් කරපු පළමු සිංහල බ්ලොග් එක මේක වෙන්න ඇති.

      Delete
    3. අනේ හලෝ..ඔයාගෙ දැනීම නම් බිංදුවයි. පින්තූරය හොයා ගත්තෙ ගූගල් දෙයියගෙන් කියලා දාලම තියෙනවනෙ. සිංහලෙන් වචන දාලා හෙව්වට හම්බු වෙන්නෙ නැති උනත් දන්නවා නම් ඉංග්‍රීසි වචන දාල හෙව්වොත් මේ පින්තූරය ගත්ත තැන හම්බ වෙයි.. එහෙම ගිහින් හොයා ගන්නකෝ හලෝ...හි හී... අනික ඉතින් තිබ්බ පත්තරේ ගැනත් මම කිව්වනෙ හලෝ..ඒකෙන් බලන්නකෝ දැනීම වැඩි කරගන්නත් එක්ක..කොළඹ ඉන්න එකේ බස් නැවතුම බලලම එන්නකො හලෝ...

      අනික හලෝ..මගෙ යාළුවයි මගෙ ආගමටයි ගොන් ආතල් දෙන්න හදන ඔයා වගේ හලෝවෙක් මොන විරුද්ධ මත ඉදිරිපත් කරනවද...

      Delete
  43. මේකේ ෆොටෝ එකක් හොයා ගන්න එක නෙමි ප්‍රශනය. මම මේකේ ෆොටෝ ඕනේ තරම් දැකල තියනවා. මම කිව්වේ ලක්ෂ 25 කතාව ගැන තියන නෙව්ස් එක ගැන ලින්ක් එකක්. මොකද මේ සිංහල බ්ලොග් කලාවේ එක වැරද්දක් තමයි තමන්ට හිතෙන හිතෙන බොරු ඇදබාන එක. එකෙන් වෙන්නේ මේ වගේ හොද වැඩ නතර වෙන එක.

    තමන්ගේ ආගමට හරි මොන ආගමට හරි ගොන් අතල් දුන්නේ කව්ද කියල ඒ පොස්ට් එකයි එකේ කොමෙන්ට් ටිකයි බලන කෙනෙකුට තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. //ලක්ෂ 25 කතාව ගැන තියන නෙව්ස් එක ගැන ලින්ක් එකක්. මොකද මේ සිංහල බ්ලොග් කලාවේ එක වැරද්දක් තමයි තමන්ට හිතෙන හිතෙන බොරු ඇදබාන එක //

      ඔයාට මම සිංහලෙන් කිව්වා සහෝ මේක මම දැක්කෙ ගිය ඉරිදා (නොවැම්බර්11 දා ) ලංකාදීප පත්තරයේ 19 වෙනි පිටුවේ පුෂ්පා වීරසේකර කියන ලේඛිකාවගේ වාර්ථාවක් අනුව තමා මම මේ දෙය සඳහන් කරන්නේ. මගේ මේසේ උඩ තියෙන පත්තරයේ ලින්ක් එක දාන්න මම දන්නෙ නෑ. මොකද මට ගෙදර ස්කෑන් මැෂීන් එකක් නෑ. කැමති නම් පත්තරේ බලන්න. ඇත්තම් සොරි .COM

      Delete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.