මාව කියවන අය අතර..

14 January 2013

නිවාඩුවක් ගත කරන්න බන්ධනාගාරයට යමුද ?


බන්ධනාගාරයක් කිව්ව ගමන් අපි කාටත් මැවෙන්නෙ අමුතුම චිත්‍රයක්.අමුතුම පරිසරයක්.අහස උසට ඉදිකරපු තාප්ප වලින් වටවෙච්චි,දැඩි මුරකාවල් එක්ක .. වැරදි වලට උසාවියෙන් දඬුවම් ලබාපු පිරිසක් සමාජයෙන් වෙන් කරලා තියෙන ස්ථානයක්. සාමාන්‍යයෙන් බන්ධනාගාරයක ඇතුලාන්තය දන්නා කෙනෙක් නම් කවමදාවත් බන්ධනාගාරයකට යන්න හිතන්නෙවත් නෑ.නමුත් මුදල් ගෙවා එක් රාත්‍රියක් හෝ දෙකක්, එහෙමත් නැත්තම් නිවාඩුවක් ගත කරන්නට බන්ධනාගාරයකට යන අයත් ඉන්නවා ..

Långholmen කියන්නෙ 1840 ඉඳන් 1975 වසර පමණ වෙනතෙක් ස්වීඩනයේ තිබුන උසාවියෙන් දඬුවම් ලබාපු ඉතා දරුණු අපරාධකාරයන් රැඳවූ ස්ථානයක්. මුල් නම උනේ Crown Remand Prison . අද වෙද්දී එය සුපිරි හෝටයක්. මේ සුපිරි හෝටල් බන්ධනාගාරයේ එකම ඇඳක්වත් හිස් නොවෙන තරමට හැමදාම අමුත්තන්ගෙන් පිරෙනවා.



ඒ වගේම මේ හෝටල් බන්ධනාගාරයට එන අමුත්තන්ට අපූරු අත්දැකීම ලබා ගන්න පුළුවන්. හිර කරුවන්ගේ ඇඳුම් ඇඳගෙන, විලංගු දමාගෙන , හිර කුටියක රැයක් දෙකක් ගත කරන්න පුළුවන්. ඒ වගේම එල්ලුම් ගහ ලඟට එල්ලන්නට අරන් යන අපරාධකරුවන් වගේ පෝලිමේ ගිහින් එල්ලුම් ගහ අත පත ගා බලන්නටත්, ඕනෑ නම් තොණ්ඩුව බෙල්ලට දා බලන්නත් අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම Prison Break  කරන්නත් පුළුවන් . ඒ කියන්නෙ පැරණි හිරකාරයින් වගේ පලා යන්නත් පුළුවන්. බිත්තියක් දිගේ ලණුවක් ආධාරයෙන් නැඟලා , ඉණිමංවලින් බැහැලා , උමං වලින් පැන යන්න අවස්තාව තියෙනවා. එහෙම පැනලා යන අයව අල්ලන් එන්න ආරක්ෂක නිළධාරීනුත් ඉන්නවා. හරියට ඔට්ටු සෙල්ලම් ...හැංගිමුත්තම් කරනවා වගේ.

මේ බන්ධනාගාරය හෝටලයකට පරිවර්ථනය කරද්දී පරණ බන්ධනාගාරයේ කිසිම දෙයක් වෙනස් නොකර තිබෙනවා. අමුන්තන්ට නවාතැන්ගන්නට තියෙන්නෙ යකඩ දොරවල් දමාපු පැරණි හිර කුටිවල.අමුත්තන් හෝටලට ආ විගසින්ම ඔවුන්ට ලැබෙන්නෙ හිර කරුවන්ට ලබාදෙන ඇඳුමට සමාන ඉරි සහිත රෙද්දකින් මසාපු ඇඳුමක්. ඊට පස්සෙ එක් එක් අමුත්තන්ට නියමිත හිර කුටිය ලැබෙනවා. අවශ්‍යනම් දරුණු ඝණයේ අපරාධකරුවන් වගේ ඉන්නට යකඩ දම්වැල්වලින් ගැට ගසා ගන්නටත් පුළුවන්. තම තමන්ගේ කුටිවලට ඇතුළු උනාට පස්සේ පිටතින් අඟුළු දමා කුටි වසා දමනවා.







තමන්ට කැමති ඕනෑම සුපිරි කෑම වර්ගයක් ඇණවුම් කරන්න අමුත්තන්ට ඉඩ කඩ තියෙනවා. එහෙමත් නැත්තම් හිර කරුවන් වගේ පාන් එක්ක කිරි හෝ වතුර ලබා ගන්නත් පුළුවන්.
සෑම හිර කුටියකටම අවශ්‍ය සියළුම පහසුකම් සපයලා තියෙනවා වගේම ආරක්ෂාවට ආරක්ෂක නිළධාරියෙකුත් හිර කුටියේ දොර ලඟ ඉන්නවා. කාලසටහනක සීමා උන ඔවුන්ගේ නිදහස අනුව පැරැණි හිර කරුවන් වගේ එළි මහනේ ව්‍යායාම කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ ආරක්ෂක නිළධාරීන්ගේ ආරක්ෂාව ඇතුවයි.

එතනට ගිය අය කියන කතා බලන්නකෝ..

" My Husband and I spent 3 night in the Långholmen Crown Prison in Stockholm, Sweden. We were locked into a double cell for the night.

Not that we got arrested for doing something naughty in public, I swear.

It was just one of my "let's do something fun" spasms, and hey-presto, I booked us into prison. I spotted a package deal on the Internet, and found out that we did quite a trendy thing. So-called dark tourism - visiting places where bad things had happened - seems to be very popular.

The food has come a long way since bread and water only was served to the captured. We enjoyed quite a delicious dinner, served by a very compliant waitress with a great sense of humour.

Actually, we liked it so much that we tried to get thrown back into jail again. Check out time is 12 noon. We were in no hurry and didn't show up until 1 pm. They thought we'd left without paying. I guess you really have to obey the rules when in jail.

And we've been able to break out of the prison .It's not so hard. The front door opens automatically for you.there are three people staying in this one prison cell. The third bed is rolled up under the bottom bunk. It pulls out at night so we actually have space to move around the cell during the day.

The only disappointment was that there were no leg-irons waiting for us - even though we'd seen some of them. No ghosts clanking with chains in the corridors, and no knocking on walls to communicate. They left us to our own imagination to create entertainment.

When going to jail, you don't expect a 5* rated stay. Though I'd rather give them 4 stars than only the 3 they have. I wholeheartedly recommend the place, and assure you that I wasn't whipped to say this. They kept renovating the place to even lift it up a notch, and I must say they succeeded. Very neat, fun, interesting experience, and above all - captivating!... "

ඔන්න බලන්න ඒකෙත් හැටි.සල්ලි තියෙනවා නම් වරදක් නොකර උනත් වැරදිකරුවන් වගේ හිරේ ලඟින්නත් ..හිරේදී ලබන අත්දැකීම් ලබන්නත් අවස්ථාව තියෙනවා




තොරතුරු සහ පින්තූර අන්තර්ජාලයෙන්


07 January 2013

අපේ ගමේ වග තුග ..


මම ඉපදුනේ හැදුනෙ වැඩුනේ පුංචි ඉතාලිය කිට්ටුවම තියෙන පුංචි ගමක. දන්නවනෙ පුංචි ඉතාලිය කියන්නෙ කොහේටද කියලා.ඒ තමා වෙන්නප්පුව. වෙන්නප්පුව අයිති වෙන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කයට. කොළඹ - හලාවත මහා මාර්ගයේ එහෙමත් නැත්තම් A3මාර්ගයේ තමා වෙන්නප්පුව නගරය පිහිටලා තියෙන්නේ. වෙන්නප්පුව නගරයේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර දකුණුට තියෙන පුංචි ගමක් තමා මගෙ ගම එක පැත්තකින් ගලා යන ගිං ඔයත්..තවත් පැත්තකින් හැමිල්ටන් ඇළත් යාව ඇති අපේ ගම් පලාත තවමත් ගැමිකම රැඳී තිබෙන ප්‍රදේශයක්.

අපේ ගම් පලාත  ගැන කතා කරද්දී ඒ අවට ඇති අනෙක් ගම් ඉසව් ගැනත් කතා කරන්න වෙනවා. පෝරුතොට , වයික්කාල, දංකොටුව, බෝලවත්ත, නයිනමඩම ,වෙන්නප්පුව, මාරවිල , බොරලැස්ස , ලුණුවිල, කිරිමැටියාන , හාල්දඬුවන, කහටවිල ( බ්ලොග් ලෝකයේ අපේ සහෝදරයෙකුත් ඉන්නවා කහටවිල පැත්තේ ) වගේ ප්‍රදේශ ඊට අයිතියි.

වෙන්නප්පුව ප්‍රදේශය කිව්වම හැමෝම කියන්නෙ " හොඳට කන බොන මිනිස්සු ඉන්න පැත්තක් "ලෙසයි. ඇත්තෙන්ම ඔව්.කිසිම ලෝබ කමක් නොකර හොඳට කන්න බොන්න පුළුවන් මිනිසුන් කොට්ඨාශයක් තමා අපේ ගම් පලාතේ ජීවත් වෙන්නේ. ඒ වගේම ආගන්තුක සත්කාරයට බොහෝම ලැදියි. ප්‍රධාන වශයෙන්ම ආගම කතෝලික. පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමයණ කලායින් පස්සේ පෘතුගීසීන් විසින් ප්‍රචලිත කරපු කතෝලික ආගම අදහන..ඒ වගේම කතෝලික ආගමට බොහෝම ලැදියාවක් දක්වන භක්තිමත් කතෝලික පිරිසක් තමා මේ ප්‍රදේශවල ජීවත් වෙන්නේ. පෘතුගීසි ආක්‍රමණය නිසාම මේ ප්‍රදේශවල පෘතුගීසීන් භාවිතා කල ඇතැම් වචන වගේම නම් පවා තවමත් භාවිතා කරනවා.

උදා ; බත්තලන්ද ( මැටිකෝප්පය ) ,කුඩික්කිය - (කැටය) ඔරසන් - (යාච්ඤා කිරීම)

ඉරිදා දිනවලදී රැකියාවන් කරන සියළුම දෙනා නිවෙස්වල රැඳෙන නිසාම..ඉරිදා උදයේ දේව මෙහෙයට සහභාගි වීම වගේම හොඳින් පිළියල කරගත්තු මස් මාළු එක්ක හොඳ ආහාර වේලක් ගන්න හැම නිවෙසකම අය පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම දේවස්ථාන එක්ක සම්බන්ධය දැඩියි. හදිසි ගැටළු අවස්ථාවලදී දේවස්ථානයේ පියතුමාගෙන් උපදෙස් ලබාගෙන ගැටළු නිරාකරනය කර ගන්නත් ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. මිනිස්සුන්ගේ ජීවන රටාව හරිම සරළයි. මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වෙන බොහෝ දෙනා ඥාතීන්. ඒ නිසා ඥාති සම්බන්ධකම් ඉතා ඉහල මට්ටමක තියෙනවා. ඥාති සම්බන්ධකම් වලට කියන නම් උනත් අනිත් ප්‍රදේශ එක්ක ගත්තම ටිකක් වෙනස්.

මේ ප්‍රදේශයට පුංචි ඉතාලිය කියන්නෙ, ඉතාලියේ රැකියාවල නිරත උන බොහෝ දෙනා ජීවත් වෙන නිසයි. අවට ගම්මානවලින් වැඩි දෙනෙක් නිත්‍යානූකූලව හෝ නැතිව ඉතාලිය වැනි යුරෝපා රටවලට සංක්‍රමණය වූ අය. ඒ වගේම විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපේ රටට ගෙනත් දෙන අය. 1985 වගේ කාලෙක අනවසර සංක්‍රමණයින් ලෙසින් කීප දෙනෙක් මුළින්ම ඉතාලියට ඇතුල් වී තිබෙනවා. 1990 දී වගේ ව්‍යාපාරයක් හැටියට ඉතාලියට ශ්‍රමිකයින් පිටත් කර හරින්නට කීප දෙනෙක් ක්‍රියා කර තිබෙනවා. අය කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක්. ඉතා රහසිගතව ධීවර බෝට්ටු මගින් ජීවිතයත් මරණයත් අතර සටනක් කර ලා ඉතාලියට ආසන්න රටකට පිටව ගිහින් එතැන ඉඳලා ඉතා භයානක ක්‍රම මගින් ඉතාලියට ඇතුල් වීමට ඔවුන් උත්සාහ දරා තිබෙනවා. ඒ කාලයේදී බොහෝමයක් දෙනාගේ ජීවිත පවා අහිමි උනාලු. තද සීතලට අසුවීම් සහ ඉතා රහසිගතව ගමන් කල වැසූ " බක්කි බස් " වල පැය ගමන් කිරීම් වලින් හුස්ම ගැනීමේ අපහසුතාවලින් බොහෝමයක් දෙනාගේ ජීවිත පවා අහිමි උනාලු .

අනවසර සංක්‍රමණයින් හැටියට ඇතුලු උනත්...කාලයක පසුව ලැබෙන වීසා බලපත්‍රය නිසාවට ඔවුන් බොහෝ දුක් විඳ තිබෙනවා. වීසා ලබාගෙන යළිත් ලංකාවට පැමිනෙන්නන්ට ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් රැගෙන යන්නට අවස්ථාවක් ලැබුන නිසාත්, එරට තුල තිබුන රැකියා ඉල්ලුම නිසා සහ වැටුපේ ප්‍රමාණය ඉහල නිසාත් අනවසරයෙන් ඉතාලියට ඇතුළු වන්නන්ගෙ ප්‍රමාණය දිනෙන් දින ඉහල ගියා. අද වන විට අපේ ප්‍රදේශයේ ඉතා විශාල ප්‍රමාණයක් ඉතාලියේ රැකියාවල නිරත වන්නන්. ඒ හේතුව නිසාම ප්‍රදේශයේ දියුණුව ඉතා ඉහල මට්ටමක තිබෙනවා. සුඛෝපභෝගී නිවාස , යාන වාහන වගේම මුදල් අතිනුත් ඔවුන් ඉතා ඉහල තැනක ඉන්නවා. 1990 කාලයේදී ඉතාලියට යැවීමට අය කල මුදල රුපියල් ලක්ෂ දෙකක ප්‍රමාණයක් උනත්.. අද වන විට එය ලක්ෂ පහළොවකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහල ගිහින්. ඒ වගේම ව්‍යාපාරයක් හැටියට ඉතාලි රටේ වීසා සපයන්නන් අපේ ප්‍රදේශයේ බහුලයි.

මේ ප්‍රදේශය සරු සාර වෙලා තියෙන්නෙ පොල් වලින්. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශයක් නිසා බොහෝ සරුසාර පොල් වතු දකින්න පුළුවන්.කර්මාන්ත හැටියට ප්‍රධාන වශයෙන් ධීවර කර්මාන්තය ,පොල් හා පොල් ආශ්‍රිතව නිෂ්පාදන සිදු කරන කර්මාන්ත, උළු හා ගඩෝල් කර්මාන්ත ප්‍රධාන තැනක් ගන්නවා. ධීවර කර්මාන්තයේ යෙදෙන්නෙ මුහුදු බඩ ජීවත් වෙන අය පමණයි. අනෙක් අය සමාන්‍යයෙන් අනෙකුත් රැකියාවල නිරත වෙනවා.

ඉස්සරවෙලාම අපේ ප්‍රදේශයේ තිබෙන උළු නිෂ්පාදන කර්මාන්තය ගැන බලමු. අපේ ප්‍රදේශයේ නිවාස වල වහලය සෙවිලි කරන්නට යොදා ගන්නෙ උළු කැටයි. දැන් දැන් පිටරටින් ගෙන්වන උළු කැට භාවිතා කලත්, ලංකාවේ නිෂ්පාදන කරන උළු කැට වලට තවමත් වෙළඳ පොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා.

වයික්කාල කිව්වම බොහෝ දෙනෙක් දන්නේ උළු නිෂ්පාදන කර්මාන්තශාලා නිසාමයි. මේ ප්‍රදේශයට ආවේනිකව තියෙන මැටි විශේෂයක් නිසාම උළු නිෂ්පාදන මේ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සිදු කරනවා. වයික්කාල, බෝලවත්ත , දංකොටුව ඒ අතරින් විශේෂයි.


                                              උළු කර්මාන්තශාලාවක්

මීට අවුරුදු ගණනාවකට කලින් උළු නිෂ්පාදන කටයුතු සිදුවෙලා තියෙන්නෙ ප්‍රධානකොට මිනිස් ශ්‍රමයෙන්. උළු නිෂ්පාදනයට ගන්නා මැටි පදම් කිරීම සිදු කරලා තියෙන්නෙ ශක්තිවන්ත මිනිසුන්ගේ දෙපාවලින්. එහෙම පදම් කරගන්නා මැටි කැට වශයෙන් කපා අච්චුවකට දමා .. ශක්තිමත් මිනිසුන් දෙදෙනෙක් ගේ දෑතින් කරකවන යන්ත්‍රයක් ආධාරයෙන් තලා ගන්නා උළු කැට මද පවනේ වේලා පෝරණුවක පුළුස්සා ගැනීම සිදුවෙලා තියෙනවා. ඒත් කලයාගේ ඇවෑමෙන් යන්ත්‍ර සූත්ත්‍ර භාවිතා කරලා උළු නිෂ්පාදනය දැන් සිදුවෙනවා.

යාන්ත්‍රානු සාරයෙන් අඹරා පදම් කරගන්නා මැටි තවත් යන්ත්‍රයක ආධාරයෙන් උළු කැට ප්‍රමාණයේ කැලි වලට කපා, මේ වගේ යන්ත්‍රයක් ආධාරයෙන් උළු අච්චුවකට දමා උළු කැටයක් නිපදවා ගන්නවා.

                                                  උළු නිෂ්පාදන යන්ත්‍රයක්

ඒ උළු කැටය ලී වලින් තැනුව තැටියත් මතට බාගෙන උළු කැටයේ හැඩය ඉස්මතුවෙන ආකාරයට අනවශ්‍ය දාර කොටස් කපා හරිනවා. 

                                            උළු කැට රහින කාන්තාවන්

මේ සඳහා කාන්තාවන්ගෙ ශ්‍රම දායකත්වය ලබා ගන්නවා. උළු කැට මද පවනේ වියලා ගත යුතුයි. ඒ සදහාම විශේෂයෙන් පොළොවේ සිට ඉහලට තැනුව රාක්ක භාවිතා කරනවා.

                                   රාක්ක උඩ උළු කැට වියැලෙන්නට සකස් කරන කාන්තාවන්

දවස් කීපයක් මද පවනේ වියලා ගන්නා උළු කැට පෝරණුවක ආධාරයෙන් පුළුස්සා ගන්නවා.

                                                                                  උළු පුළුස්සන පෝරණුවක්

උළු තෝරා ගන්නෙ ඉන් පසුවයි. හොඳින් පිළිස්සුන සහ කඩතොළු නොවුන උළු කැට වර්ග කිරීම කරනවා. ඒ නොම්මර 1 , නොම්මර 2 සහ නොම්බර 3 උළු වශයෙන්. උළුවල මිළ ගණන් තීරණය වෙන්නෙ මේ වර්ග කිරීම අනුවයි. මේ දිනවල පවතින මිළ ගණන් අනුව නොම්මර එක උළු කැටයක මිල රුපියල් 25-30 ත් අතර මුදලක පවතිනවා.

                                                                                  අවසානයේදී උළු කැට

සමාන්‍යයෙන් ඇස්බස්ටෝ ෂීට් සෙවිලි කරපු නිවසකට වඩා උළු සෙවිලි කරපු නිවසක සිසිල් බවක් තියෙනවා. මීට වසර කීපයකට කලින් ඉතා දියුණු මට්ටමක තිබුණ උළු නිෂ්පාදන කර්මාන්තශාලා , මේ වෙන විට බොහෝමයක් වැසී ගිහින්. ප්‍රධාන වශයෙන් බලපාන්නේ උළු නිෂ්පාදනයට අවශ්‍ය මැටි ලබා ගැනීමට නොහැකි කමයි. අනවශ්‍ය ලෙස ගැඹුරට මැටි ලබා ගැනීම නිසා වතුර එකතු වී සෑදුන විශාල වතුර වලවල් ආශ්‍රිතව ඇතිවූ මදුරුවන් නිසා ඩෙංගු වැනි රෝගකාරක පැතිරී යාම නිසාම මැටි ලබා ගැනීම තහනම් කොට තිබෙනවා. බංගදෙනිය වගේ දුර බැහැර ප්‍රදේශවලින් මැටි ලබාගෙන දැනට මෙම උළු කර්මාන්තාශාලා සුළු වශයෙන් පවත්වාගෙන ගියත්..බොහෝමයක් කර්මාන්තශාලා මේ වෙන විට වසා දමලා. ඒ නිසාම උළු කැටයක වටිනාකමත් ඉහල ගිහින් තිබෙනවා.

ප ලි
අපේ ගම් පලාත් ගැන කතා කරද්දී කාටත් මතක් වෙන දෙයක් තමා කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය අරක්කු නිෂ්පාදන එහෙමත් නැත්තම් මහාපරිමාණයෙන් කරගෙන ගිය කසිප්පු ජාවාරම්..ඒ ගැන ඊලග පෝස්ටුවෙන් ... J

පින්තූර හොයා ගත්තේ ගූගල් මගින්