ඉර හැරිලා ගිහින් කරුවල වැටිලා...ලයිට්
එක දෙක පත්තු වෙන පාර දිගේ මම ඇස් දියෙව්වා...නා නා ප්‍රකාර මිනිස්සු කඩි මුඩියේ
එහෙට මෙහෙට යන දිහා මම ඔහේ බලාගෙන උන්නා. අවුරුද්ද ඉවර වෙන්න තව ඉතිරි වෙලා
තියෙන්නෙ මාසයක කාලයක්... දැන් උදුවප් මාසය පටන් ගන්න යන්නෙ...මේ දවස්වලට පාන්දර
යාමේ හීනියට සීතලක් දැනෙනවා...මේ දැනෙන්නේ උදුවප් සීතල...උදුවප් මාසය එහෙමත්
නැත්තම් දෙසැම්බර් කිව්ව ගමන් මතක් වෙන්නෙ නත්තල...
දැන් තියෙන නත්තලට වඩා අපි පුංචි කාලේ
සමරපු නත්තල හුඟාක් සුන්දරයි ...දෙසැම්බර් මාසය
පටන් ගත්ත ගමන් පුංචි අපිට නත්තල ඇරෙන්න වෙන දෙයක් මතක් උනේම නෑ... අම්ම අතේ සල්ලි
තිබුනත් නැතත්...නත්තලට අනිවාර්යෙන්ම අලුත් ඇඳුමක් ලැබෙනවා කියලා දන්න හන්දම..ඒ
ඇඳුම අරන් දෙන්න එක්ක යන්නෙ කොයි වෙලාවෙද කියලා ඇඟිළි ගැන ගැන ඉන්නේ..
අම්මා මාවයි අයියවයි ලැහැස්ති කරගෙන
මීගමුව නගරයට එනවා කෝච්චියේ......අලුත් ඇඳුම් අරන් දෙන්න.. හූ කියාගෙන දුවන
කෝච්චිය හුළඟ කපාගෙන යද්දී ඒ හුළඟට මගේ කොණ්ඩය අවුල් වෙනවා...කරේ එල්ලගෙන ඉන්න
බෑග් එකට අත දාලා පුංචි පනාවක් අරන් අම්ම මගෙ කොණ්ඩය ආයෙම පීරනවා...වේගයෙන් යන
කොච්චිය හන්දා ඇස් ඉස්සරහින් පෙනී නොපෙනී යන වාහන, ගෙවල්
දොරවල්..පාරවල් දිහා මම ඇස් නොගහා බලාගෙන ඉන්නවා...කෝච්චිය යන්නෙ
තාලෙට...වංගුවක්..පාළමක්..ස්ටේෂමක් ලංවෙද්දී මහා හයියෙන් " හූ "
කියනවා....
ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් ඊ ලඟට පාර
දිගේ රෙදි සාප්පු වලට... සාප්පුවල දාලා තියෙන ඇඳුම් දිහා පුදුමාකාර ආසාවකින් බල
බලා මාත් අම්ම එක්ක සාප්පුවක් සාප්පුවක් ගානෙ යනවා... දකින දකින ලස්සන ලස්සන ගවොම්
පොඩි ඔක්කොම අර ගන්න පුළුවන් නම්...ලස්සන ඇඳුමක් දැක්ක ගමන් " අනේ අම්මෙ මට
මේක හොඳයි " කියලා අර සාප්පුවටම ඇහෙන්න කෑ ගැහුවත් අම්ම නෙමේ කණකට
ගන්නේ...ගවුමේ හැඩ වැඩ බලන තාලෙට එහෙට මෙහෙට පෙරල පෙරල අම්මා බලන්නෙ ඒ ගවුමේ ගාන දිහා... ඊට පස්සේ ඒක පැත්තකින්
තියලා වෙන එකක් බලනවා... ඔය
වගේ සාප්පු දහයකට දොළහකට ගිහින් යන්තම් අම්මගේ අතේ තියෙන මුදලට හරි යන එකක් ලැබුනම
ඒක අරන් දෙනවා... අයියටත්
එහෙමයි...
ඊට පස්සෙ එක්කගෙන යන්නෙ සපත්තු අරන්
දෙන්න...සපත්තු කඩවල අය සපත්තු අපේ අතට දෙන්නෙ වත් නෑ...අත් වල දූවිල ඇති කියලා
බයේ වෙන්න ඇති. කකුලේ සයිස් එක කිව්වම සපත්තු ජෝඩුවක් අරන් ඇවිත් දණිස් වලින් අපි
ඉස්සරහ නැමිලා ඒ සපත්තු අපේ කකුල් වලට දානවා...ඊට පස්සෙ චුට්ටක් විතර එහෙට මෙහෙට
ඇවිදලා බලනවා කකුල් වලට හිරද කියලා.. ඇඳුම් වලට උන සෙතේම තමා සපත්තු වලටත්..ලස්සන
නෙමේ අම්මට වැදගත් වෙන්නෙ ගාන...
ගින්දර අව්වේ එහෙට මෙහෙට ඇවිදලා මූණ
රතු වෙලා දාඩිය දාලා..අම්ම කරේ තියෙන බෑග් එකෙන් ලේන්සු පොඩියක් අරගෙන මූණ පිහ
දානවා... වතුර තිබහ දිව ගිලෙන්න තරම්..ඔක්කෝටම වඩා කඩචොරුවක් කන්න තියෙන උවමනාවට
දැනෙන බඩ ගින්න...
" අම්මෙ...බඩගිණියි..."
" ගෙදරින්
කාලා නේද ආවේ..."
කියලා අම්මත් සද්දයක් දැම්මට..අපි
දෙන්නව එක්කගෙන යන්නෙ " කොරනේෂන් හෝටලය " කියලා බෝඩ් ලෑල්ලක් ගහලා තියෙන
හෝටලයට..
හෝටලය ඇතුලේ සෙනඟ පිරිලා... මැස්සො
එහෙම වහලා නැති මේසයක් ලඟට අම්මා අපිව එක්ක ගිහින් වාඩි කරනවා.. එතකොට වේටර්
කෙනෙක් ඇවිත් රෙදි කෑල්ලකින් අර මේසේ හැලිලා තියෙන වතුර එහෙම පිහදානවා...
" මොනවද
කන්නේ ?.."
වේටර් අහන්නෙ හරි කලබලයෙන්...
" මොනා
හරි ගේන්න.."
අම්ම කිව්වම වේටර් රූන් ගාලා ගිහින් තඩි පිඟානක් අරන් එනවා..ඒ
පිඟාන පුරෝලා රෝල්ස්..කට්ලට්, පැටිස් , මාළු පාන් , බිත්තර
පාන්..වඩේ එහෙම තිබුනත්...අම්ම අරන් දෙන්නෙ සීනි බනිස්..නැත්තම් ක්‍රීම් බනිස්...
අම්මා අතට දෙන දේ සද්ද නැතුව කන
පුරුද්දක් ඉස්සර ඉඳන්ම මට තිබුන හන්දා නහයෙන් අඬන්නෙ නැතුව අර බනිස් ගෙඩිය කන්න
ගන්නවා..ඊට පස්සේ ෆැන්ටා බෝතලයක් අරගෙන වේටර් ගෙනත් තියෙන වීදුරු තුනටම වක් කරලා
එකක් මගේ අතටත්...අනික අයියගේ අතටත් දෙනවා..උගුරට දෙකට අපේ වීදුරු හිස් කලාට පස්සෙ
අම්මා අම්මගේ වීදුරුවේ තියෙන ෆැන්ටා ටිකත් අපි දෙන්නට බෙදලා දෙනවා...
ඊට පස්සේ පාර දිගට තියෙන ලෑලි කඩ වලින්
නත්තලට පත්තු කරන්න නිලා කූරු අරන්
දෙනවා...අයිය ගන්නෙ අහස් කූරුයි.. බබර චක්‍රයි..
අහස් කූරු යවන්න දන්නෙ නැති හන්දා මට ලැබෙන්නෙ නිලා කූරු විතරයි. ආයේ නත්තල්
ගගේ එල්ලන්න බැලුන් අරන් දෙනවා.... අතින් කටින්
උස්සගෙන ආයෙම කෝච්චියේ ගෙදර එනවා...අර ගත්ත ගවොම් දාගෙන...සපත්තු දාගෙන නත්තල් දා
රෑ දොළහේ පූජාවට යනකම් ඉවසිල්ලක් නෑ ...
අයියා දවල් කුරුඳු ( ලිව්වා හරිද
මන්දා...අර ආස්මි හදන්න නානු ගන්න කොළ තියෙන ගහ ) ගහකින් රවුම හැඩයට ආපු හොඳ
අත්තක් කපලා අරගෙන කොළ ටික කඩලා දාලා වේලනවා...ඊට පස්සේ සිමෙන්ති මල් පොච්චියක්
අරගෙන ඒකට වැලි පුරවලා..ඒකෙ හරි මැද්දෙන් අර ගහ හිටවනවා...කඩෙන් පාට පාට සව් කොළ
අරගෙන ඇවිත්..පිටියි වතුරයි කලවම් කරලා පාප්ප හදාගෙන අර සව් කොළ හැඩේට කපලා ගහේ
අත්තෙන් අත්තට හැඩේට අලවනවා... ඔය වැඩ වලට මට ලං වෙන්නවත් දෙන්නෙ නෑ...
ඔය විදියට ඒ ගහ හදලා ඉවර කරන්න සති
දෙකක් විතර යනවා... ඒ තමා නත්තල් ගහ...ඊට පස්සේ අයියා කාඩ් බෝඩ් වලින් වල්ගා තරුවකුත් තව පොඩි තරුත් කපනවා.. ඒවට ගම් ගාලා වල්ගා තරුවට ගෝල්ඩ් ඩස්ට් එකත්..අනිත්
පුංචි තරු වලට සිල්වර් ඩස්ට් එකත් දලා වේලනවා... හදා ගත්ත තරු මුදුනින් හිලක් හදලා
ඒකේ නූලක් දාලා නත්තල් ගහේ එල්ලනවා...මුදුනෙම වලිග තරුව... ඊට පස්සේ තව සැරසිලි
එල්ලලා හැඩ කරනවා... බැලුම් පුම්බලා එල්ලන්නේ නත්තල් දවසට කලින් දවසේ රෑ... ඒ වැඩේ
නම් අයියා බාර දෙන්නෙ මට...
බැලුම අතට අරන් දෙපැත්තෙන් පොඩ්ඩක්
ඇදලා ඒක පුම්බන්න ගන්නවා... පිපිරෙයි කියලා පණ බයයි... " මදි මදි....තව
පුම්බන්න..." අයියා කෑ ගද්දී කටේ තියෙන හුස්ම ටික ඔක්කෝම මම අර බැලුම ඇතුලට
රිංගවනවා... පුම්බාපු බැලුන් වල කට හුළං යන්නෙ නැතුව ගැටයක් දාලා...ඒකට නූලකුත්
ගැට ගහලා ...ඊට පස්සේ අත්තෙන් අත්තට අතු අගිස්සේ එල්ලනවා... අම්මෝ...ඒ
නත්තල් ගහේ ලස්සන... අයියා ඒක උස්සාගෙන ගිහින් පාරට පෙන්නත් එක්ක ඉස්තෝප්පුවේ
මුල්ලකින් තියනවා....
අපේ ගමේ උන්නා සර්පිනාවකුයි.. ඩෝල්කියකුයි
තිබුන මාම කෙනෙක්. එයාට හැමෝම කියන්නෙ " ජෝකීනු මාමා " කියලා. අපිත්
කිව්වේ එහෙමයි..එයා ගෙවල් ගානෙ ඇවිත් අම්මලාගෙන් අවසර අරගෙන පොඩි උන්ව එකතු කරගෙන
කැරොල් යන්න පුරුදු කරනවා... අපිට
සාරි ඔතලා විච්චූරන ඇඳුනුත් හදනවා... ඇයි නත්තල් පප්පෙක්..එයා නැතුව කැරොල් ගිහින්
වැඩකුත් නෑනේ... ඔය විදියට කැරොල් ගායනා කරන්න පුරුදු වෙන්නෙ මාසයකට කලින් ඉඳන්...
නත්තලට කලින් දවසේ හැම ගෙදරම කේක්
හදනවා...අපේ අම්මත් හදනවා.. බිත්තරයි සීනියි මාගරිනුයි දාලා අත කැඩෙනකම් පොල් කටු
හැන්දකින් දිය කරනවා... අම්මා දිහා බලාගෙන ඉද්දී මට දුකයි. පුළුවන් කියලා අම්මගෙන්
ඒ වැඩේ ඉල්ල ගත්තට...කොහෙද...හැන්ද දෙපාරක් ගහද්දී මගේ අත රිදෙන්න ගන්නවා... ඔහොම
හදා ගන්න කේක් මිශ්‍රණය අරගෙන යන්නෙ අවන් එකක් තියෙන කාගෙ හරි ගෙදරකට..අපේ ගෙදර
අවන් තිබුනේ නෑනේ... එයා ඔය කේක් එක අපූරුවට බේක් කරලා තිබ්බම අම්මා හවසට ගිහින්
ඒක අරන් එනවා...අම්මෝ...එතකොට මුළු ගේම කේක් සුවඳයි... ඒකෙ රහ බලනකම් අපිට කොයින්ද
ඉවසිල්ලක්... අම්මා කරන්නේ හිනියට කෑල්ලක් කපලා රහ බලන්න දෙනවා...හ්ම්ම්ම්ම්... රස
නියමයි..
නත්තල් දවසේ රෑ දොළහට පූජාවට යන්න අර
ගත්ත අලුත් ඇඳුම් ඇඳලා සපත්තු දාලා හැඩ වැඩ වෙනවා.. කොහේ හරි මුල්ලක හංගලා තියෙන
රත්තරන් චේන් පටක් අරගෙන අම්මා ඒක මගේ කරේ දානවා... මම කරන්නෙ කණ්නාඩිය ලඟට ගිහින්
ඒකේ හැඩ බලන එක..රෑ නිසා රත්තරන් පාටට චේන් එක කරේ දිළිසෙද්දී..ඊටත් වඩා ආශාවෙන්
මගෙ ඇස් දෙක දිළිසෙනවා...
පාර
දිගේ පල්ලියට යන කට්ටියට අපිත් ගිහින් එකතු වෙලා පයින්ම පල්ලියට යනවා...මහ රෑ ටොකොස්
ටොකොස් ගාන සපත්තු සද්දෙට කන් දීගෙන යන්න හරිම ආසයි …ආඩම්බරයි......අලුත් ඇඳුම් වලින් දිළිහෙන මූණු දිහා බලන්න ලස්සනයි... හීනියට
ඇවිත් ඇඟට වැදිලා ලේ ගල් කරන්න දඟලන සීතල හුලඟවත් ගනන් ගන්නෙ නැතුව අපි මහ රෑ
පල්ලි යන්නෙ අලුත් ඇඳුමට තියෙන ආශාව හින්දමයි...පූජාව ඉවර වෙන්න පැයක් දෙකක් විතර යනවා..
සතුට වැඩි කමට වෙන්න ඇති..නිදිමතක් දැනෙන්නෙම නෑ...
පල්ලියේ ඉඳන් ගෙදර එද්දී ගම පුරාම
ඇහෙන්නේ එකම රතිඤ්ඤා සද්දයක්...පාට පාට නිවි නිවී දිලිසෙන බල්බ් වැල් වලින් එළිය
උන නත්තල් ගස් …ගවලෙන් දිලා බල බලා ගෙදර එන්නේ කොයි
වෙලේද නිලා කූරු පත්තු කරන්නෙ කියලා හිත හිතා... අම්මා කපලා දෙන ලොකූ කේක් කෑල්ලක්
කටේ ඔබාගෙන එක අතකින් නිලා කූරු පැකට් එකත් ..අනිත් අතින්
පත්තු කරපු ඉටි පන්දමකුත් අරගෙන ගේ මැද්දෙන් ඉස්තෝප්පුවට ඇවිත්..පාර කිට්ටුව වෙන්න
තියෙන කෝපි ගහ යට තියෙන ගලක් උඩ ඉටි පන්දම රඳවලා ඊට පස්සේ නිලා කූරු පෙට්ටියෙන්
හීන් සීරුවේ අතට ගන්න නිලා කූරක් අර ඉටි පන්දමට අල්ලලා පතු කරලා රවුමට
කරකවනවා..එතකොට ඒකෙන් එළියට විසි වෙන පුංචි ගිණි මල් දැකල පපුව මැද්දෙ අමුතුම
සතුටක් දැනෙනෙවා…ඒ සතුට රුපියල් කෝටියක් දීලා වත් ගන්න
බැරි සතුටක්...
ඒ අස්සෙන් අයියා කරන්නෙ රෙදි වැලේ
පටලවා තිබ්බ අහස් කූරු යටින් තියෙන තිරයට ගින්දර තියෙන එක. තිරය පිච්චීගෙන ගිහින්
අහස් කූර සද්දෙකුත් දාගෙන උඩ යන්නෙ අපිව පොළොවේ තනි කරලා..එහෙම ගිහින් මහා සද්දෙන්
පත්තු වෙලා ගිණි මල් උඩ ඉඳන් පහලට රූටනකොට...මම කරන්නෙ උඩ පැන පැන අත්පුඩි තලන
එක.... ඊට
පස්සෙ ඉස්තෝප්පුවේ තියෙන එළිය අඩු කරලා
අයියා බබර චක්‍ර පත්තු කරනවා... කැරකි කැරකි එළිය දෙන බබර චක්‍ර දිහා බලාගෙන අපිත්
කැරකෙනවා... අනේ ඒ වගේ සතුටක්...
ජෝකීනු මාමා ළමයින් එක්කගෙන යන්න එන්නෙ
ඔය වෙලාවට.. මමත් නිදි මතක් ගෑවිලා වත් නැති ගානට දුවලා ගිහින් අනිත් ළමයි එක්ක
එකතු වෙනවා... ගමේ
එක කෙලවරක ගෙදරකට ගිහින් ඒ ගෙදර අයට කතා කරලා ජෝකීනු මාමා සර්පිනාව ගහනවා
තාලෙට...පුංචි අපිත් පටන් ගන්නවා කැරොල් ගීත ගායනා කරන්න...
රැයක අඳුර දුරු වෙලා මුළුම අහස තරු වෙලා
පොඩි තරුවක් හිරු වෙලා මහඟු මගුලෙකී
කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා
හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලෙකී…
සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් නැත
ගව්වක් දුර යන්නත් ඇත දරුවකු සොයලා
සැනසුම නැත උණුසුම නැත මව් රුවනට පුතකුත් ඇත
යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා….
පොඩි තරුවක් හිරු වෙලා මහඟු මගුලෙකී
කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා
හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලෙකී…
සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් නැත
ගව්වක් දුර යන්නත් ඇත දරුවකු සොයලා
සැනසුම නැත උණුසුම නැත මව් රුවනට පුතකුත් ඇත
යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා….
හරිම ආශාවෙන් කැරොල් ගීත ගයන කොට
නත්තල් සීයාට ඇඳගෙන ඉන්න පිරිමි ළමයෙක් බැලුම් බෝල ගැට ගහපු ලී දණ්ඩක් අරගෙන එහෙට
මෙහෙට වන වනා තාලය අල්ලනවා...ගෙවල් වල අය සතුටින් තෑගි බෝග පවා දෙනවා…
රෑ තරු බබලනවා
මල් පිපිලා වාගේ...
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වගේ...
රැව් පිලි රැව් දෙනවා
ගීත නාද වාගේ..
බිළිඳෙකු හිනහෙනවා
මුහුදක රැළි වාගේ..
ටිකින් ටික පාන්දර වෙද්දී සීතලත්
වැඩී...නිදිමත බේරෙන ඇස් වලින් වට පිට බල බල අපි ඔහේ ඇවිදිනවා..ඒ වෙලාවට නිදිමතේ
තාල වරද්ද වරද්ද කැරොල් ගීත ගායන කලාට කාගෙන්වත් දොසකුත් නෑ..පොඩි උන් නෙ...
පහුවදාට ගෙදර හරිම ජයයි... උදේම
ඇහැරිලා වෙනදට වඩා අලුත් හොඳ ඇඳුමක් ඇඳගෙන අම්මට බුලත් දීලා වදිනවා..ඒ වෙලාවට අම්මා
අපේ අතේ කීයක් හරි ගුලි කරනවා... එදාට
කෑම මේසේ මඟුල් ගෙදරක වගේ..නැති බැරි කම් මොන තරම් තිබුනත් අවුරුද්දකට එක පාරක් එන
නත්තලට පොඩි උන්ට කටට රහට උයලා පිහලා දෙන්න අම්මා හරියට මහන්සි වෙනවා... කෑම ජාති
ගොඩාරියක් එක්ක ලැබෙන ඒ කෑම වෙලේ රස...මට මේ දැනුත් දැනෙනවා වගේ...
අහල පහල ගෙදරකට එකතු වෙලා කැට ගහන්නත් අමතක
කරන්නෙ නෑ...අයියලා ටිකක් ලොකු නිසා එයාලා තමා එතන ලොක්කො...අපි කරන්නෙ බලාගෙන
ඉන්න එක. ඈතට විසි උන කැටය අහුලගෙන එන්න වටේ බලාගෙන ඉන්න ළමයින් පොරකනවා...
දකින දකින හැම නෑදෑයෙකුටම "සුබ
නත්තලක් වේවා " කියලා වැන්දම...කීයක් හරි අත මිට මොලවන්න ඒ අය මැලි වෙන්නෙත්
නෑ.. එහෙම
එකතු වෙන සල්ලි ටික පරණ චූටි කැටයකට දලා එකතු කරනවා...හරිම ආශාවෙන්..
ඒ සතුට...ඒ මතකය..මොන
තරම් සුන්දරද....ඒ වගේ කාලයක් ආයෙ එන්නෙ නෑ..කාලයේ තාලයට නත්තලත් වෙනස්
වෙලා..අපිත් වෙනස් වෙලා..නත්තලේ නිවාඩුවට දැන් ගෙදර දුවන්නෙ ලිපට කඩදාසි කොල ඔබලා
ඇවිත් වගේ...මේ යනවා..මේ එනවා...අර වින්ඳ සතුට... අද අහලකටවත් ගන්න බෑ...
කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා... අපිට ඒක අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා... ඕක තමයි ජිවිතේ හැටි ....
ReplyDeleteජීවිතෙත් එක්ක අපි රේස් එකක්නෙ දුවන්නෙ සංජය. නිවාඩුවේ උත්සව සමරන්නවත් හොයා ගන්න වෙලාවක් නැති උනාම ජීවිතය එකම තැන පල් වෙනවා වගේ මට දැනෙනවා...
Deleteනත්තල් කාලෙට මාත් හරිම ආසයි, මොකද කියනව නම් මේ තමයි සීතලම කලේ. පුංචි කාලෙ යන්තමට ඉර එළිය වැටීගෙන එන වෙලාවට මිදුලට බහිනවා. අපේ ගෙදර මිදුල සම්පූර්ණයෙන්ම උඳුපියලිය වලින් වැහිලයි තිබ්බෙ. හාවො, කුරුල්ලො, සීතලම සීතල හුලඟ. මට ආයිත් ඒ කාලෙට යන්න හිතෙනවා....
ReplyDeleteඉස්සර නත්තල් කාලෙට තද සීතලක් තියෙනවා...දැන් නම් ඒ සීතල නෑ වගේ...අපි ගෙදර පොඩි ගිණි මැලයක් ගහගෙන උණුසුම් උනා මතකයි උදේ පාන්දරට...ඒ හැම දෙයක්ම දැන් වෙනස් වෙලා...
Deleteඉස්සර අපේ අවුරුදු කලෙත් ටිකක් විතර ඔය වගේ.. ආයි අතීතෙට ගියා..
ReplyDeleteමම ඔය දෙකටම මැදිවෙලා ඉන්න කෙනෙක්. සිංහල අවුරුදු වලට තියෙන චාරීත්‍ර නැකත් වලට අපේ ගෙදර හැම දෙයක්ම මම කරනවා..ඒකට මගෙ අම්මගෙන් ලැබෙන්නෙ පුදුම සහයක්...:)
Deleteමට දැනුනෙ...ලිහිණිගෙ ජීවිත කතාවම කියෙව්ව වගේ....
ReplyDeleteඅව්‍යාජව ඒ කියපු දේ වල ගොඩක් දේවල් සැඟවිලා තිබුන කියල හිතෙනව...අඩු කෙනෙකුත් එක්ක..ඒ ගැන අහන්නෙ නෑ...!
කුඩා කාලෙ අපිත් ඔහොමයි....ඔයාල් ක්‍රිස්තියානි නෙ...ඒ නිසා වෙන්නප්පුව පැත්තට නත්තල් තමා අවුරුද්ද...ඒත් අපිට එහෙම නෑ...අපිට සිංහල අලුත් අවුරුද්දට තමා ඕයා ඕය ලබපු අත්දැකීම් ඒ ආකාරයටම ලැබුවෙ.
කිසි වෙනසක් නෑ....අපිත් පොඩිකාලෙ ඕහොමයි..
දැන් පොඩි ඈයොන්ට කොච්චර සැපදේවල් ලැබෙනවද....
අපිට අලුත් ඇදුමක් ලැබෙන්නෙ අලුත් අවුරුද්දට විතරයි..අවුරුද්ද පුරාම අඳින්න තියෙන්නෙ ඒක විතරයි.
අපි එහෙම ජීවිතයක් ගෙවපු නිසා තමා පොලොවෙ පය ගහල ඉන්නෙ කියලයි මට හිතෙන්නෙ.
හිතෙන් අතීතයට ගිහින් තමා කියෙව්වෙ...!!!
ඔයාල දැන් ජීවිතය ගොඩනගාගෙන ඉන්න ආකාරය ගැන සතුටුයි..!
අඩු කෙනා තාත්තා වෙන්න ඕනේ.. වීයා දන්නෙ නැති උනාට මම ඒ කතාව කලින් ලියලා තියෙනවා.. මගෙ තාත්තා අපිව දාලා ගිහින්. මම නම් තාම දැකලාවත් නෑ. එයා වෙන කසාදයක් කරගෙනලු. එයා නෑ කියලා අම්මා අපිට අඩුවක් කලේ නැති උනත්...මම තාත්තා කෙනෙක්ගෙ ආදරේ අඳුනන්නෙ නැති එක නම් මගෙ ජීවිතේට දැනෙන ලොකු අඩුවක්...මම මේවා කියන්න ලැජ්ජා නෑ. මොකද එයා අපිව අතෑරියේ අම්මගෙ වැරැද්දකට නොවෙන හන්දා..මගෙ අම්මා හරිම උත්සාහවන්ත ගැහැණියක්...:)
Deleteඔය තියේනේ ලිහිණියට හොද රසවත් අතීතයක්.. පරණ දේවල් වල සුවද දැනුනම තමා අපිට ජීවිතේ කොච්චර ලස්සනද කියල හිතෙන්නේ...
ReplyDeleteදැන් අර නත්තල ඒ විදියටම ආවත්... ඔය තරම් සුන්දරව විඳින්න දැන් බෑ...ඒ ගැන නම් හරිම දුකයි...
Deleteඇත්ත බං. ඒ මතක සුවදත් රසවත්...
Deleteළිහිණි පුංචි කාලේ අපි දැකපු නත්තලයි , අද නත්තලයි අතර ලොකු වෙනසක් තියෙනවා නේද .. එදා අපි නත්තල විදපු ආකාරයි අද ළමයෙක් නත්තල විදින ආකාරයි වෙනස්..
ReplyDeleteපුංචි කාලේ ඉස්කෝලේ නිවාඩුවත් එක්ක නත්තල් මාසේ පටන් ගත්තම හිතට කොයිතරම් සතුටක් දැනෙනවද .. ගම පුරාම කැරොල් ගිය හැටි . රැයක් දවාලක් නැතුව පල්ලියටම වෙලා ගවලෙනේ හදපු හැටි පල්ලිය සරසපු හැටි.. නත්තල් ගීතිකා පුරුදුවූ හැටි .. අදටත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන්..
ඇත්තමයි චමියෝ... දැන් නතල නිවාඩුව ලැබෙන්නෙ දවසයි දෙකයි... ඒ අස්සෙත් වැඩ කරන්න වෙන වෙලාවල් එමටයි. ගෙදර ගියත් ඒ තරම් සුන්දරව නත්තල සමරන්න ලැබෙන්නෙ නෑ..ඒක්කෝ...අපි ලොකු නිසා...නැත්තම්...අනේ මන්ද...
Deleteමම හිතන්නේ ඔයාට නැති වෙලා තියෙන්නේ පොඩි කාළේ පොඩි කම විතරයි. තාමත් ගමේ නත්තල ඔහොම තමයි.. මම නම් උපතින් බෞද්ධ, ඒත් දැන් නම් එකම ආගමක්වත් පිලිගන්නෙ නෑ. ඒත් නත්තල කියන්නෙ නම් මිනිස් නිදහස උපරිමයෙන්ම විඳින්න පුළුවන් අති සුන්දර උත්සවයක්. ජීසස්ට පින්සිද්ධ වේවා. දන්නවනේ ඇයි කියලා....
ReplyDelete//මම හිතන්නේ ඔයාට නැති වෙලා තියෙන්නේ පොඩි කාළේ පොඩි කම විතරයි. තාමත් ගමේ නත්තල ඔහොම තමයි.. //
Deleteනෑ මාතලන් ..ගමේ නත්තලත් දැන් වෙනස වෙලා. නත්තල සමරන්න ගමේ අය දැන් නෑ. ඒ අය මුදල් වෙනුවෙන් යුරෝපා රටවලට ගිහින් ( දන්නවනෙ වෙන්නප්පුවේ අය ගැන )ගම නිහඬයි. අපි ගමෙන් ඈතයි. ලැබෙන පුංචි නිවාඩුවේ අර තරම් සතුටු වෙන්න කාලයකුත් දැන් නෑ..ලැබෙන පුංචි කාලයේදී ලැබෙන සතුටත් හරි පුංචියි...
හරි ලස්සන නත්තලක් ලිහිණිට පොඩි කාලේ තිබිලා තියෙන්නේ.
ReplyDeleteඅර ගහේ නම මං දන්න තරමින් දවුල් කුරුඳු. (කුඩුදවුල් කියාත් සමහරු කියනවා)
අපිට නම් නත්තල් නෑ. ඒත් ලස්සන මතකයක විස්තර අපිත් වින්දා...
//අර ගහේ නම මං දන්න තරමින් දවුල් කුරුඳු. (කුඩුදවුල් කියාත් සමහරු කියනවා)//
Deleteස්තුතියි ප්‍රියන්ත... මම ඒ ගැන හරියටම දැනගෙන උන්නෙ නෑ..ඉස්සර අපි ඕවායෙ කොල කොටලා නානු අරන් සෙල්ලම් කරනවා. දැන් එක ගහක්වත් වත්ත හතර මායිමේවත් නෑ...
ඔව් ඒවායේ නානු ළමයි සෙල්ලම් කරන්න ගන්නවා. අපිත් සෙල්ලම් ගෙවල් හදන වෙලාවට කඩයක් දානවානම් කඩේ පොල් තෙල් වලට ගන්නේ මේ නානු තමා. ස්තූතියි ආයෙම පරණ දේවල් මතකයට ගෙනාවට.
Deleteහරිම ආසාවෙන් කියෙව්ව පෝස්ට් එකක් ළිහිණි මේක. මේ තුළ ඇත්තේ දුක මැදින් ජීවිතය ජයගත් කතාවක්.අද ඔබට බොහොම සතුටක් ලබන්න පුළුවන් දුක මැදින් ජීවිතය ගොඩ නැගූ දියණියක් ලෙසට. හදවතින්ම ඔබ දිරිය දියණියක්. ඔබට වාසනාවන්ත අනාගතයක් පතනවා.
ReplyDeleteස්තුතියි නලින් අයියා...:)
Deleteපුංචි කාලේ මතක සුන්දරයි. මේක කියවද්දී මගේ හිත මට කතා කරනවා වගේ දැනුනේ.
ReplyDelete"දවුල්" කුරුඳු වලට කුඩු දවුල කියලත් කියනවා.
මම ඔය දවුල් කුරුදු ගැන දැනගෙන උන්නෙ නෑ චන්දන...ඉස්සර ඇහුන විදියට ලියලා දැම්මේ...දැන් ඒ ගහක් දකින්නවත් නෑ...
Deleteහිතට දැනුන පොස්ටුවක් ..!ඔයාලට නත්තල වගේ අද අපිට ඉස්සර තිබුන සිංහල අවුරුද්දත් දැන් නැහැ .ඇත්තටම ඒ අතීතය හරිම සුන්දරයි ,මට නත්තල ගැන ට වඩා ලිහිණිගේ අම්මගේ ආදරේ ගැන තමයි දැනුණේ !
ReplyDeleteඅපේ අම්මා ආදරය පෙන්නන කෙනෙක් නෙමේ රෙහානි..ඒත් එයාගෙ ආදරේ මම අඳුනනවා.. මගෙ උපන් දිනයත් මේ මාසයේදී තියෙන්නේ... එයාට කවදාවත් ඒ දවස නිකමටවත් අමතක වෙන්නෙ නෑ... එතකොට මම දන්නවා හිත යටින් එයා අපිට මොන තරම් ආදරේද කියලා...
Deleteමමත් ඇත්තටම හදවතින්ම කියෙව්‍ව පෝස්ටුවක් ලිහිණි.. මට මතක් උනේ මම පුංචි එකා සංදියේ අපේ මහප්පාත් නත්තලට මාව එක්කං යනව මීගමු.. මම බෞද්ධ උනාට පුංචි කාලේ හැම නත්තලකටම මීගමු පැත්තේ එනවාමයි.. එහේ හිටි අපේ අක්ක තමයි නත්තල් ගහ හරි ගවලෙන හරි හදන්නේ.. මට ඒ කාලේ අඩුම තරමේ ගවලෙනේ තියණ ජේසු බබාවත් අල්ලන්න දුන‍්නේ නෑ.. ඒක නං මං අදටත් මතක් කරනවා.. මං තමයි හෙල්පර් වැඩේ කලේ.. මගේ ආගම නොවුනත් ඒකාලේ මගේ ආගම වගේම මම නත්තල සැමරුවා.. මට නත්තලකට හම්‍බුණ අතේ බදින ඔරලෝසුව(මගේ පලවෙනි ඔරලෝසුව) දිග ඇරපුවාම ලස්සන නත්තල් සිංදු ඇහෙන නත්තල් කාඩ් එහෙමත් තාම මා ගාව තියෙනවා..
ReplyDeleteකාලයත් එක්ක උත්සව වගේම අපේ ජීවිත අමුතුම තැනකට අපිව තල්ලු කරලා.. වෙලාවකට හිතෙනවා අපිම තල්ලු වෙලාද කියලා.. කොහොම හරි, ඒ කාලේ අපේ වැඩිහිටියෝ සමරපු තරමකටවත් හිතේ සැනසීමකින් කිසිම උත්සවයක් අද අපිට සමරන්න ලැබෙන්නේ නෑ කියලයි මට නං හිතෙන්නේ.. කොහොම උනත් නත්තලට ගව් ගානක් මෙහායින්ම ලිහිණිට සුභ නත්තලක් කිව්වා ඕන්න..
සිංහල අවුරුද්ද සමරද්දී තෑගි හුවමාරු කර ගන්නවා වගේම අපිත් නත්තලට තෑගි හුවමාරු කර ගන්නවා... ඒ වගේම අවුරුදු වලට නෑ ගම් යනවා වගේ අපිත් නත්තලට නෑගම් යනවා...මට නම් දැන් ඒ වගේ නෑ ගම් යන්නවත් ලැබෙන්නෙ නෑ...නත්තලට කලින් දවසක ගෙදර ගිහින් නත්තල පහු උන ගමන් ආයෙම කොළඹ....
Deleteඉස්සර නත්තල් සැමරීම හරිම සරළයි. දැන් නත්තල් කිව්ව ගමන් කට්ටියට මතක් වෙන්නෙ බෝතලේ...ඒකෙත් හැටි...
වෙන්නප්පුව කියන්නේ අප්පච්චිලගේ අල්ලපු ගම නිසා හැම නත්තලකටම වගේ එහේ යනවා!! මේ වගේම නැති උනත් නත්තල් සීතල හොඳට හදවතට දැනුනා..
ReplyDeleteඒත්...දැන්.....එදත් පොතකට හිර වෙලා ඉන්න සිද්ධ වෙලා!
පරිස්සමෙන් නාඩියෝ...ඔය පොත් ඇතුලෙම හිර වෙන්න ගියොත් කාවෙක් වෙයි... හි හි හී...
Deleteමේ පාර නත්තලට වෙන්නප්පුවේ ගියොත්... ටිකක් උස..කොණ්ඩය ක්‍රේල් කෙල්ලක් දැක්කොත් නිකමට වගේ ළිහිණි කියලා බලන්න...හි හි
ලිහිණිරගෙ නන්තල මාගේ පුංචි කාලෙට මාව අරන් ගියා.. මගේ දැන් නත්තලත් ඔය වගේම චාම්... සුන්දරයි. මම නම් කොහොමහරි දවස් දෙකතුනක් ගෙදර ඉන්නවා... මමත් වෙන්නප්පුව පැත්‍තෙ නිතරම කරක් ගහනවා නංගි... අවුරුදු ගාණක් ළ.ක්රි.වී. කළ නිසා... ලංසිගම, කටුනේරිය,වෙන්නප්පුව පැත්‍තෙ දන්න අය ගොඩක් ඉන්නවා. වෙන්නප්පුවෙ නාසරෙත් එක, මෙත් නිවස, කොන්වන්ට් එක මගේ නෑයො ගාණයි...
ReplyDeleteමමත් ලියන්නම්කො කුලියපිටියයෙ අපි නත්තල් සමරන විදිය... මේ සැරේ නත්තල මට වැඩියෙන්ම විශේෂයි... ඒ මගේම ගෙදර නත්තල සමරන නිසා... ( බාගෙට හදල තිබුණ උණත්... ඒ මගේම ගෙදරනෙ... මගේ දාඩිය මහන්සිය... ම.ගේ පවුලෙ අයුගෙ කැපවීම...)
බලාගෙන ගියාම තරු අක්කා අපේ ගම් පලාත හොඳට දන්නවනේ...මම අක්කේ වෙන්නප්පුවේ ලුණුවිල පැත්තේ...
Deleteආ කියන්න අමතක උනා...අපේ මාමා කෙනෙකුත් ඉන්නවා කුලියාපිටියේ..දණ්ඩගමුව..කාලෙකින් එහෙ යන්න බැරි උනා...
තරු අක්කගෙම කියලා ගෙදරක පදිංචි වෙන්න ලැබුන එක මොන තරම් සතුටක්ද...බාගෙට නෙමේ කාලෙට ඉවර කලත් මොකද තමන්ගේ ගෙදරනේ..මටත් ඔය හීනය තියෙනවා හිත අස්සෙ...මටයි කියලා තිබ්බ එකම බිං අගලත් විකුනලා ඉගෙන ගත්ත එකෙක් හන්දා ඉන්න කියලා මගේම තැනක් මට නෑනෙ...
අලුත් ගෙදරට ආපු පළවෙනි නත්තල වාසනාවන්ත නත්තලක් වේවී...ඒ සටහන කියවන්න මම බලාගෙන ඉන්නවා.. :)
රසවත් අතීතයක් වගේම හරිම අව්‍යාජව ලියපු දෙයක් අක්කෝ...මම නම් නත්තලයි අවුරුද්දයි දෙකම සමරනවා..හැබැයි අමුතුවෙන් කියලා දෙයක් නෑ.. නත්තලට නත්තල් ගහක් වගේම, අවුරුද්දට කිරිබතක් හදලා තමයි සමරන්නෙ... දැන්නම් හැබැයි වෙලාව අඩුයි..කොයි දේටත්... :(
ReplyDeleteශම්මියත් මම වගේ...මමත් ඔය දෙකම සමරනවා. ගිය අවුරුද්දේ සිංහල අවුරුදු වලට අපේ අම්මා කොළඹ..දෙන්නම එකතුවෙලා කැවිලි හදලා...කිරිබත් හදලා නැකතට කෑවා බිව්වා...
Deleteහප්පටසිරි නත්තල් මාසෙත් ලඟට ඇවිදින්. ලිහිණි මතක් කලාමයි දන්නේ.
ReplyDeleteඅලේ..උඹට ඒකත් අමතක වෙලාද මධුවො...හි හි හී
Deleteඒක ඇත්ත ළිහිණි.... දැන් සමරන නත්තල, සැබෑවටම සමරන නත්තලක් නෙමේ. බොරු ආටෝප වලින් පිරිච්ච හිස් දෙයක්. මිනිසුන්ගෙ ලෙන්ගතු කම නැතිවෙලා.... මිනිස්සු යාන්ත්‍රික වෙලා...... ලෙන්ගතුකම් සහෝදරකම් නැති වෙලා.
ReplyDeleteඒක නත්තලට විතරක් නෙමෙයි, සිංහල අලුත් අවුරුද්ද ටත් පොදුයි. සමහරු කියනව ආර්තිකයත් එක්ක තියෙන ප්‍රස්නත් එක්ක ඒවා කරන්න බැරිලු....... ලෙන්ගතුකම් සහෝදරකම් ඇතිවෙන්නෙ සල්ලි නැතිකොට , ඇතිකොට නෙමේයි.
මම කතෝලික/ක්‍රිස්තියානි නොවුනත්, මටත් නත්තල ගැන අත්දැකීම් තියෙනව. අපේ ගෙදරට අල්ලපු ගෙදර අය ක්‍රිස්තියනි. තාත්තගෙ හොඳම යාලුව ලෙස්ලි මාම, ලොකුඅම්මගෙ පවුල ක්‍රිස්තියානි. අපේ පලාතෙ පවුල 50කින් විතර 5ක් විතර ක්‍රිස්තියානි උනාට දෙසැම්බර් මාසෙ පටන් ගන්නකොටම පලාතම අමුතුම ප්‍රබෝද්යක් ලබනව..... ගෙවල් දොරවල් අස්පස් කරනව.... සුද්ද පවිත්‍ර කරනව... තීන්ත ගානවා...... නත්තල් ගහ හදනව..... සැරසිලි එහෙමත් එල්ලනවා...... ඔය අස්සෙ අපිත් හදනව නත්තල් ගහක්.... පාට පාට කොල එල්ලනව.... වටේ පිටේ ලමයි එක්ක එකතුවෙලා පාර අයිනෙත් හදනව එකක්....... නත්තල ලංවෙනකොටතමා මම ආසම කෑමක් හදන්නෙ........ එහා ගෙදර නැන්ද හරි රසට නත්තලට ගන්න අච්චාරුවක් හදනව...... මම ඒකට ආසයි කියල දන්න නිසා නත්තල්දා කෑම මේසෙ ඇරියට පස්සෙ ලොකු භාජනේකට මට මාසෙකට විතර ඇතිවෙන්න වෙන් කරල තියෙනව...... නත්තල්දා එයාලගෙ ගෙදර..... පහුවදා ජාඇල ලෙස්ලි මාමගෙ පවුලෙ සහෝදර සහෝදරියො 11 දෙනාත් එක්ක........
එදා තිබිච්ච ලෙන්ගතුකම් දැන් නෑ....... එහා ගෙදර නැන්දගෙ නෑදෑවෙන කට්ටියක් හිටියත්.... දවල් සාදයට ආරාධනා කලත්..... ගිය ගමන් බොන්න පටන් ගන්න නිසා..... ලෙන්ගතුකම් මතට යට වෙලා......... හැමදාම අරක්කු බෝතලේට යට වෙලානිසා තීන්ත ගෑවිලි ලස්සනකිරිලි නෑ............. ලෙස්ලි මාමලගෙ පවුලෙ සාදයට දැන් අවුරුදු 10 කින් විතර ආරාධනාවක් නෑ.............
(දිග වැඩිද මන්ද...... මාතෘකාව දැක්කාම අතීතය මතක් වුනා........................ )
කුරුඳු ලිව්වා හරි.....................
// සමහරු කියනව ආර්තිකයත් එක්ක තියෙන ප්‍රස්නත් එක්ක ඒවා කරන්න බැරිලු....... ලෙන්ගතුකම් සහෝදරකම් ඇතිවෙන්නෙ සල්ලි නැතිකොට , ඇතිකොට නෙමේයි.//
Deleteමම නම් හිතන්නෙ ආර්ථිකයට වඩා කාලය හරස් වීමක් තියෙන්නෙ ඉසුරු.. නිදහසේ කාලය අරන් ඔය උත්සව වලට ලැහැස්ති වෙන්න වෙලාවක් නැති වෙලා. ඉස්පාසුවක් නැතුව මිනිස්සු ජීවිත සටනේ...
අපේ අම්මා උනත් ඉස්සර පණ දාගෙන කේක්..කැවිලි හැදුවට...දැන් කඩෙන් ගන්නේ...ඉස්සර අවන් එකක් තිබුනේ නෑ. දැන් අවන්..මයික්‍රොවේව් ඔක්කොම ගෙදර තිබුනට කාලය නැති වෙලා...ඒකෙත් හැටි...
//එහා ගෙදර නැන්ද හරි රසට නත්තලට ගන්න අච්චාරුවක් හදනව......//
ඔය වගේ ගමේ අච්චාරුවක් නම් අපේ ගෙදරත් වරදින්නෙ නෑ...අම්මෝ..කෑවුන තැන කන්න පුළුවන් තරමට රස...ඒක නම් අපේ අම්මා තවමත් හදනවා කම්මැලි නොකර...
//ලෙන්ගතුකම් මතට යට වෙලා......... හැමදාම අරක්කු බෝතලේට යට වෙලානිසා තීන්ත ගෑවිලි ලස්සනකිරිලි නෑ............. ලෙස්ලි මාමලගෙ පවුලෙ සාදයට දැන් අවුරුදු 10 කින් විතර ආරාධනාවක් නෑ............. //
අර මම කිව්වා වගේ ජීවිත රේස් එකට වැටුන මනුස්සයින්ට ලෙංගතුකම් අමතක වෙලා ඉසුරු...
ලිහිණි ක්‍රිස්තියානි භක්තිකයකු කියලා දැනගත්ත එකත් හොදයි... නත්තලට අපි එනකොට අපිට බැරියෑ අර චිකන් ෆ්‍රයිඩ් රයිස් ඉල්ලගන්න.... මීගමුවට විනාඩි 30ක විතර දුරින් මම ඉන්නෙ...
ReplyDeleteලස්සනම ලස්සන ළමා කාලයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ.... සිරා බෞද්ධ උනාට එකම එක වතාවක් නත්තල් ගහක් හැදුවා අපේ පැත්තෙ ක්‍රිස්තියානි යාලුවොත් එක්ක... අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බැලුම් ගෙනල්ලා එල්ලුවා... තාත්තා වැඩ ඇරිලා එනකොට මෙන්න බොලේ නත්තල් ගහට එයත් බැලුම් ගෙනල්ලා...අන්තිමට ඒ බැලුම් ටිකත් ගහේ එල්ලුවාම නත්තල් ගහ බැලුම් ගහක් වුනා... ඔන්න ඔය සිදුවීම තමා මට මේ කථාව කියවලා මතක් වුනේ...
නත්තල් දවසට දෙමාපියන්ට බුලත් දීලා ක්‍රිස්තියානි දරුවන් වදිනවා කියලා මම දැනගත්තෙ අද....සමාවෙන්න මම දැනගෙන හිටියෙ නෑ ඒ ගැන....
//ලිහිණි ක්‍රිස්තියානි භක්තිකයකු කියලා දැනගත්ත එකත් හොදයි..//
Deleteඅනේ සිරෝ...මේ කතාව මම කලින් කියලා තියෙනවනේ...
// මීගමුවට විනාඩි 30ක විතර දුරින් මම ඉන්නෙ...//
හෑ.... මීගමුවේ නෙමේනෙ...මම වෙන්නප්පුවේ...මීගමුවට විනාඩි 20ක් කියන්නෙ...ගම්පහ පැත්තෙද ?
//අන්තිමට ඒ බැලුම් ටිකත් ගහේ එල්ලුවාම නත්තල් ගහ බැලුම් ගහක් වුනා...//
අපි පොඩි කාලේ හදපු නත්තල් ගහෙත් වැඩිපුරම තිබ්බේ බැලුන්... දවසක් විතර ගියාම ඒවායේ හුළං ගිහින්....
දැන් නම් අපේ අයියා ඉතාලියෙන් ප්ලාස්ටික් නත්තල් ගහකුයි...ඒකට ඕනෙ සැරසිළියි ගෙනත් තියෙනවා..ගෙදර ගියාම මගේ රාජකාරිය ඕක සරසන එක තමා...මම යද්දී අම්මා අනිත් වැඩ ඉවර කරලා...
සිරාගෙ අන්තීම ප්‍රශ්ණයට උත්තර දෙන්න බැරි උනානේ...
Deleteඔව් සිරා...අපිත් නත්තලට..වගේම ජනවාරි පළවෙනිදාටත් වැඩිහිටියන්ට බුලත් දීලා වදිනවා..නත්තල් දවසේ උදේ තේ මේසෙදී අපිත් ඔයාල වගේම වඳිනවා...මොනවා නැති උනත්..ඒ චාරීත්‍රය නම් අපේ ගෙදර තවමත් වෙනවා...
ගම්පහ හරියටම හරි....නාරාවිල අපේ මහ්ප්පා ඉන්නවා... ඉදලා හිටලා එහෙට නම් එනවා...
Deleteඅපේ පැත්තේ මාරවිල සහ නාරවිල කියලා ගම් දෙකක් තියෙනවා.සිරා මේ කියන්නෙ නාරවිල ගැන වෙන්න ඕනේ...
Deleteමමත් ඉතින් උඳුවප් කුලකයක් තමයි සුබ නත්තලක්....
ReplyDeleteඋපන් දිනය මේ මාසෙද ? හි හි ..මගෙත්..
Deleteඅපේ අල්ලපු ගෙදර ඇන්ටිගෙත් මේ මාසේ???????
Deleteළිහිණි කතෝලික කෙනෙක් කියලා අදද දන්නේ. :)
ReplyDeleteඅපේ ගෙදරත් අවුරුදු දෙකක් විතර නත්තල් ගහක් හැදුවා.ඒ අපේ මාමා බැඳලා හිටියේ ඒ ආගමේ කෙනෙක් හින්දා.එයාලා ගියාට පස්සේ ඒකත් නෑ. :(
ලිහිණිට මේ නත්තල සරු ඇති නේ? දෙන්නකෝ අෆ්ෆා අපිට නත්තල් පාටියක්! :)
//ළිහිණි කතෝලික කෙනෙක් කියලා අදද දන්නේ. :)//
Deleteඅයියෝ ඉශාන් මම ඒක කලින් කියලා තියෙනවනේ...මතක නැද්ද අර ලව් පලහිලව්ව නැති උනෙත් ඒ හන්දනෙ...හි හි හී
//ලිහිණිට මේ නත්තල සරු ඇති නේ? දෙන්නකෝ අෆ්ෆා අපිට නත්තල් පාටියක්! :)//
ඔය පාටි දැමිලි නම් මගේ නෑ අප්පා...ගෙදර ආවොත් බඩ පැලෙන්න කන්න දෙන්නම්... :)
මට ඒක පස්සෙනේ මතක් වුනේ. මං ඒ පෝස්ට් වලට කමෙන්ට් කරලාත් තියේ.මගේ මතකේ හොදටම අවුල් වගේ :)
Deleteගෙදර එන්න බෑ අෆ්ෆා.එහෙනම් මේ පැත්තේ ආපු දවසක පීසා හට් එක පැත්තෙවත් එක්කන් යන්ට.පීසා එකක් දැක්ක කාලයක් මතක නෑ අෆ්ෆා :(
හරි ලස්සනට ලියලා තියෙනවා ළිහිණියෝ....
ReplyDeleteමටත් නත්තල් නැතත් දෙසැම්බර් නිවාඩුව කියන්නේ ඉස්සර පිස්සු කාලයක්.. අවුරුදු නිවාඩුවට ඉස්කෝලේ ගෙදර වැඩ දෙනවනේ.. මම කවදාවත් අවුරුදු නිවාඩුවට දෙන ගෙදර වැඩ කරන්නේ නෑ.. ඇයි අප්පා.. පොත් අල්ලන් ඉන්න පුලුවනෑ කරන්න, බලන්න මෙච්චර දේවල් තියෙද්දි.... හි හි..
පොඩි කාලේ කරපුවා අපිට තාම මතක ඇයි ළිහිණි.... ඒ කාලෙදි දුකයි කියලා හිතුන ඒවා දැං මෙච්චර සුන්දරයි කියලා හිතෙන්‌ෙන් ඇයි...
//පොඩි කාලේ කරපුවා අපිට තාම මතක ඇයි ළිහිණි.... ඒ කාලෙදි දුකයි කියලා හිතුන ඒවා දැං මෙච්චර සුන්දරයි කියලා හිතෙන්‌ෙන් ඇයි...//
Deleteඋඹේ මේ වචන ටික මට මාර විදියට දැනුනා හිරුවො...මම තාමත් ඔය ප්‍රශ්ණෙට උත්තර හොයනවා..ඒ දවස්වල දුකයි කියලා කට්ට කාගෙන කල දේවල් අද මතක් කරද්දී...හිතට දැනෙන සනීපය කියන්න වචන මදි....
ලියල තියන විදිහ හරිම අපූරුයි. නත්තල් චාරිත්‍ර ටිකක් නුහුරු වුනාට ඉස්සර අවුරුදු චාරිත්‍ර වලටත් දැන් වෙලා තියෙන්නෙ ඔය දේමනෙ කියල හිතුනා.
ReplyDeleteඔව් ගිම්..නත්තල් අවුරුදු කියලා නෑ හැම දෙයක්ම එක වගේ..එකම වෙනස නැකත් විතරයි...
Deleteමටත් පොඩි කාලේ මතක් වුනා.අපි බෞද්ධ වුනාට ඒ කාලේ නත්තල් දවසට පවුලේ සහෝදර සහෝදරියෝ ටික එකතු වෙලා කොහෙන් හරි ගහක ලොකු අත්තක් කපාගෙන ඇවිත් සරසලා නත්තල් ගහක් කියල හදනවා.ගව ලෙනකුත් හදනවා ඒ ළඟ.
ReplyDeleteදැන් අපි කට්ටිය තැන් තැන් වල.අඩුම තරමේ ඉස්සර වගේ හැමෝම එක තැනකට එකතු වෙන්නෙත් කලාතුරකින්.
අපෙන් පස්සේ පරම්පරාව දැන් නත්තල් ගස් හදන්නේ නෑ.උන් හැදෙන්නේ අමුතුම විදිහකට...
දැන් නම් අපේ ගමේ හන්දියේ විශාල ගවලෙනක් හදනවා..ඒකේ දායකත්වය ඉතාලියේ ඉන්න අපේ ගමේ සහෝදර පිරිස... විශාල පිළිම එක්ක හදන ඒ ගවලෙන හරිම ලස්සනයි...රෑට පල්ලි ගිහින් එන ගමන් එතැන නැවතිලා බලාගෙන ඉන්නවා..
Deleteඅපේ ගෙදරත් ඉතින් අයියලා නෑනෙ ප්‍රමුදි...මායි අම්මයි විතරයි..
මට මේක කිවොපුවාම මතක් වුනේ අපි පොඩි කලේ අවුරුදු සමරපු හැටි. ඔයාලගේ නත්තල් වගේ තමා අපිට අවුරුදු කියන්නේ. ඒ කලේ ගැන නම් කියන්න වචන නෑ. අද ඉන්න පොඩි ළමයින්ට අපි සමරපු විදියට නම් අවුරුද්ද සමරන්න බෑ. දැන් ඒ දවසුත් අනිත් දවස් වගේමයි. කිසි වෙනසක් නැ. පුරුද්දට වගේ චාරිත්‍ර ටික කරනවා විතරයි. අනේ මන්දා තව ඉස්සරහට මොනා වේවිද කියල.
ReplyDeleteඔව් සමනලී... අවුරුදු නත්තල් කියලා වෙනසක් නෑ..ඉස්සර ඔයාලා උනත් අවුරුදු කාලෙට මොන තරමක් සතුටින් විනෝද වෙනවද...දැන් එන්නේ නිකම්ම නිකන් අවුරුද්දකුත්...නත්තලකුයි කියලා හිතෙනවා...කාලය එක්ක ...අපිත් එක්ක හැම දේම වෙනස් වෙලා...
Deleteපරණ අතීත මතකයන් රැසක් සිහි කෙරෙව්වා.
ReplyDeleteහරි අපූරුවට වචන ටික ගලපලා බොහොම සීරුවෙන් මාවත් ළමා කාලෙට ගෙනිච්චා හැබැයි අදටත් එහෙමයි ඔයා වගේම අදටත් අම්මයි මායි රෑ 12ට පල්ලි යනවා.ඒ දේවල් එදත් ඒ වගේමයි අදත් ඒ වගේමයි හැබැයි පොඩි කාලේ වගේ අගහිඟ කම් අඩුයි.ඉස්සර පොඩි කාලේ නම් පල්ලි ගියේ ගෙදර ඇවිත් රතින්ඥ්ඥා පත්තු කරන්න නොඉවසිල්ලෙන්.එතකොට අම්මා තෑග්ගක් කෝට්ටේ යටින් හංගලා තියලා අරන් දෙනවා නත්තල් සීයා ගෙනල්ලා තියලා ගිහින් කියලා ;).දැන් නම් එහෙම නැහැ ඒත් තෑග්ගක් තාම අරන් දෙනවා.
අපේ අම්මත් ගෙදර කේක් හදනවා ඊට පස්සේ පෝරණුවට දාන්න අරන් යනවා තැටි උස්සගෙන :).
මේ නත්තලටත් ඔන්න දැන්ම ඉඳන් සල්ලි එකතු කරනවා ඇඳුම් ගන්න.දුක කියන්නේ පොඩි කාලේ අම්මා ගිහින් අම්මම තෝරලා අරන් දෙනවා ඒත් දැන් මමම ගිහින් මමම තෝරලා ගන්න ඕන.ඔයාට අයියා කෙනෙක් හරි හිටපු එක ඇත්තටම ලොකු දෙයක්.නත්තල එන එක ඇත්තටම සතුටක් එත් හෙන කරදරයක් දැන් ඉතින් ගෙවල් අස් කරපංකෝ මකුළු දැල් කඩන්න ඕන බිම මොප් කරන්න ඕන තිර රෙදි මාරු කරන්න ඕන.ඔය මොක වෙතත් මම අකමැතිම දෙයක් තමයි නත්තල් දවසට කෑම පිඟන් උස්සන් ගෙවල් ගානේ යන්න වෙන එක.මොකද අම්මා ඒවා හදලා දුන්නම මම තමා ට්‍රාන්ස්පෝට් කරන්න සෙට් වෙන්නේ.අනික මේ පැත්තේ බෞද්ධයන් වැඩියි.ඉතින් ගෙවල් බර ගානක් සෙට් වෙනවා.හැබැයි එකේ ප්‍රතිපල ලැබෙන්නේ සිංහල අවුරුද්දට මොකද කියනවා නම් කැවුම් කොකිස් කේක් අතිරහ පිඟන් පනහක් විතර එනවා ගෙදරට.මම ඒක නිසා ආස සිංහල අවුරුද්දට එතකොට ගෙදරට වෙලා එදාට යන ෆිල්ම්ස් බල බල ආතල් එකේ අරවා කකා හිටිය හැකිනේ :).
//අදටත් එහෙමයි ඔයා වගේම අදටත් අම්මයි මායි රෑ 12ට පල්ලි යනවා.ඒ දේවල් එදත් ඒ වගේමයි අදත් ඒ වගේමයි හැබැයි පොඩි කාලේ වගේ අගහිඟ කම් අඩුයි.ඉස්සර පොඩි කාලේ නම් පල්ලි ගියේ ගෙදර ඇවිත් රතින්ඥ්ඥා පත්තු කරන්න නොඉවසිල්ලෙන්.එතකොට අම්මා තෑග්ගක් කෝට්ටේ යටින් හංගලා තියලා අරන් දෙනවා නත්තල් සීයා ගෙනල්ලා තියලා ගිහින් කියලා ;).දැන් නම් එහෙම නැහැ ඒත් තෑග්ගක් තාම අරන් දෙනවා.//
Deleteඔව් නිශාන්...පල්ලි යන එක නම් වරදින්නේ නෑ..ඒත් අර තරම් ආශාවෙන් අඳුමක් ඇඳගෙන යන්න නෙමේ...හුඟාක් භක්තියෙන් යන්නේ...අපි ලොකු නිසා වෙන්න ඇති...දැන් නම් නිලා කූරු පත්තු කරන්නෙ නෑනේ...නේද...තෑගි නම් මටත් ලැබෙනවා...අම්මගෙ තෑග්ග මම දැනටමත් අරගෙන ඉවරයි...මටත් තෑගි ලැබෙනවා...මගෙ උපන් දිනයත්..ඒ කිට්ටුවමනෙ...
//ඔයාට අයියා කෙනෙක් හරි හිටපු එක ඇත්තටම ලොකු දෙයක්.//
හපෝ...අපේ අයියා කොයි වගේද කියලා මම කියලා තියෙනවනේ නිශන්...
අපේ මහත්තයා මට හැම වෙසක් එකටම සෙලෝෆේන් බකට් සෙට් එකකුයි නිලා පැකට් දෙක තුනකුයි අරං දෙනවා ළිහිණි... හි හි... එක පාරක් අතේ සතේ නැති වෙච්ච වෙලාවකත් කොහෙන්දෝ හොයලා ලාබෙට අරං ඇවිත් තිබ්බා...
Deleteඅයියෝ මට නත්තල් ගහ අමතක වුනානේ.අපි නම් නත්තල් ගස් හදන්නේ ඔහොම නෙවේ.තෙවත්තේ පල්ලියේ නත්තලට දවසක් කලින් නත්තල් ගස් වල අතු බෙදනවා අපි ඕවා ගෙනල්ලා වැලි පුරෝපු බාල්දියක හිටවලා ලයිට් වැල් එල්ලලා බැලුම් එල්ලලා අවුරුද්දෙන් අවුරුද්දට එකතු වෙච්ච සැරසිලිත් එල්ලනවා ඔකේ :).
ReplyDeleteමේ මම චූටිම කාලෙ නිශාන්...මට අවුරුදු පහක් හයක් වගේ කාලේ..ඊට පස්සෙ කාලෙ නම් අපිත් කරන්නෙ කස අතු වලින් හදන එක තමා. හැබැයි ඒකෙන් බැලුම් පුපුරනවා... දැන් නම් අර ප්ලාස්ටික් ගහක් තියෙනවා... :)
Deleteනත්තලට මමත් කැමති. නත්තලට කලින් දවසේ රෑ එල්ලන බැග් එකට උදේට තැගි තියෙනවා. අම්බෝ දැනෙන සතුට කියලා නිම කරන්න බැ අක්කියෝ.
ReplyDeleteඑහෙම තෑගි නම් මට ලැබිලා නෑ මදාරා..ඒත් අපේ අම්මගෙන් ලැබෙන තෑග්ග මට අනිවාර්යෙන්ම ලැබුනා...වරදින්නෙම නැතුව...
DeleteMamath Sinhala awuruddata apau giya. Matath thibune oya athdakeem thamai. Habai Lihini ape game Kello tika gawum mahuwe ekama jathiye cheeththa deddakin. Ekam vidiyata. Habai aluth sereppu sapaththu nam labune na. Labuna deyin sathutu wela awurudda samaruwa.
ReplyDeleteDan nam Ithin naththal samaranawa. Eeye indan Xmas decorate karanawa.
Oyata subama suba naththalak nangi....
දැන් නම් නත්තල්...අවුරුදු ආවම..ඒක ඇවිත් යන එකම එක දවසක් විදියට තමා දැනෙන්නෙ නේද කුමාරි අක්කා...
Deleteකතාව ඇත්ත ලිහිණි ,දැන් අලුත් අවුරුද්ද වගේම නත්තලත් වෙනස් වෙලා ,මිනිස්සු අධිවේගී වෙලා ,යාන්ත්‍රික වෙලා හැගීම් වලට තිබුණු ඉඩ නැතිවෙලා
ReplyDeleteඔව් හසරැල්...මිනිස්සුන්ගේ හැඟීම් යාන්ත්‍රීක උනාම... අර හැමදේටම තිබුන ලෙංගතුකම් අමතක වෙලා යනවා...
Deleteඅපිට නත්තල් නැති උනාට අල්ලපු වැටේ ගෙවල් 2ටම නත්තල්.
ReplyDeleteආව්......කෑමක් තියෙන්නේ බඩ පැලෙන්න :) :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පෙරේතය...හි හි හී... මම නම් නත්තලට ගමේ...අවුරුද්දට කොළඹ...අපේ අම්මත් එනවා කොළඹ...
DeleteMatath podi kale idanma thibuna asawak thamai naththal samarana gedaraka inna dawasak wath. Eth thama awasthawak labila naha. Danna kiyana kawruth na ane. Asai mathak wenakota oyalata naththala wagemane apata awruduth. Issara awrudu uthsawa walata sahabagi wenawa. Dan balagena inna witharai wenne. Duwanna paninna bane podi kale wage. Ithin mehema mathak wenakotath dukai. Hamadama podi kaletama wela inna thiyenawa nam....... E kale balagena inne kawadada api loku wenne kiyala. Ada hithenawa podi kale wagema inna thiye nam kiyala.
ReplyDeleteසරා අයියත් ආවම දෙන්නම එක්ක අපේ ගෙදර එක්ක යන්නම්...නත්තලකට..හැබැයි ඔය කියන අත්දැකීම් නම් විඳ ගන්න බැරිවේවී...
Deleteසරා දුක අඳුනන්නේ නැතිනිසා එහෙම වෙන එක ගොඩාක් අඩුයි. ඒත් මහ අමුතු යමක් හිතට දැනුනා මගේ. සල්ලි මිනිස්සුන්ව හරියට අසරන කරනවා වෙලාවකට.
ReplyDelete//සල්ලි මිනිස්සුන්ව හරියට අසරන කරනවා වෙලාවකට.//
Deleteඒ කාලෙ අපේ ගෙදර මූලිකයා අපේ අම්මා. අම්මා නිසා අපේ බඩ කට පිරුණා...අඩු පාඩු කම් නම් එමට තිබුනත්...අම්මා අපිට සතුට ඕනෙ වෙලාවට ඒ සතුට දුන්නා...මොන දුකක් විඳලා හරි...
ලස්සන මතකයක්. අපිට ඒ හැටි නත්තල දැනුනේ නම් නැහැ. එත් දැන් ළමයි ඒ වගේද කියලනම් දන්නේ නැහැ.
ReplyDeleteදැන් ළමයි සතුට විඳින්න දන්නෙ නෑ...ඒ අයගෙ සතුට කෙටියි...
Deleteනත්තල ගැන මගේ හිතේ තිබුන දේම ළිහිණි ලියලා
ReplyDeleteඇත්තම ඇත්ත.....
ඉස්සර අපි රෑ දෙගොඩ හරි ජාමෙ වෙනකන් පල්ලියෙ ගවලෙන හදන හැටි, නත්තල් රෑ පූජාවට යන්න කලින් ළිඳ ළඟට ගිහින් ඉඳි කටු අනිනවා වගේ දැනෙන සීතලේ ඇඟ හෝදගෙන අලුත් ඇඳුම් ඇඳගෙන පල්ලි ගිය හැටි, අහස් වෙඩිලි යවපු හැටි, දෙසැම්බෙර් මාසෙ ගෙදරට වඩිය පල්ලියෙ ගත කරපු හැටි චිත්‍රයක් වගේ දැන් මැවි මැවි පේනවා. මම මේ පාර ලංකාවට යන්නෙ අවුරුදු තුනකට පස්සෙ නත්තලකට ඉන්න. ලොකු සතුටක් තියෙනවා හිතේ. කොච්චර ලොකු උනත් ඉස්සර වගේම ගවලෙන හදන්න යන්න, මාසෙන් භාගයක් පල්ලියෙම ඉන්න අමතක කරන්නෙ නෑ... ඒත් එදා නත්තලට වඩා අද නත්තල ගොඩාක් වෙනස්. ලිහිණි ඊයෙ මම හරියටම ලංකාවෙ වෙලාවෙන් රෑ දොළහට ලංකාවට කතා කලා. එතකොට මට ඇහුනා රතිඤ්ඤා සද්දෙ.. ඔයාට අමතක උනාද? වෙන්නප්පුව ප්‍රධාන අපේ පැති වල දෙසැම්බර් පළවෙනිදා ලබද්දි පත්තු වෙන රතිඤ්ඤා ගොඩ.. ඒ වගේම ඉස්සර මතකද පළවෙනිදා ලබපු දා ඉඳලා අපි කට්ටියට නත්තල් කාර්ඩ් යවන හැටි.......
පහුගිය අවුරුදු වල, නත්තලට හිම කැට සට සට ගාල වැටෙද්දි, ජනේලෙට නහය ටියාගෙන ඔය අතීතයේ අටහ්‍රමන් උනු වාර අනන්තයි මම. තව කියන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒත් දැන් හිම වැටෙනවා.... මතක් වෙද්දි දුක හිතෙනවා...
ළිහිණිත් දෙසැම්බෙර්ද .. දාන්න පහක්...ඹ්=)
// මම මේ පාර ලංකාවට යන්නෙ අවුරුදු තුනකට පස්සෙ නත්තලකට ඉන්න. ලොකු සතුටක් තියෙනවා හිතේ. කොච්චර ලොකු උනත් ඉස්සර වගේම ගවලෙන හදන්න යන්න, මාසෙන් භාගයක් පල්ලියෙම ඉන්න අමතක කරන්නෙ නෑ...//
Deleteඉස්සර තරම්ම නැතත්...මේ පාර ශශීට සතුට පිරිච්ච නත්තකට දායක වෙන්න ලැබේවී...අවුරුදු තුනකට පස්සෙ යනවා නම්.... මොන තරම් සතුටක් දැනේවිද ?
// වෙන්නප්පුව ප්‍රධාන අපේ පැති වල දෙසැම්බර් පළවෙනිදා ලබද්දි පත්තු වෙන රතිඤ්ඤා ගොඩ.. ඒ වගේම ඉස්සර මතකද පළවෙනිදා ලබපු දා ඉඳලා අපි කට්ටියට නත්තල් කාර්ඩ් යවන හැටි.......//
අම්මෝ...ඔව් ශශී...මට මතකයි ඉස්සර අපේ ගෙදර බල්ලෙක් උන්නා " ටින්ගෝ " කියලා. අනේ ඌ රතිඤ්ඤා වලට හරිම බයයි..නත්තල් මාසෙම ඌ බයේ ගැහි ගැහී මේසයක් යට රිංගගෙන ඉන්නවා. නත්තල් උදා වෙලා රෑ දොළහට පටන් ගන්න රතිඤ්ඤා සද්දේ පැය ගාණක් යනකම් නවතින්නෙ නෑ...
//ළිහිණිත් දෙසැම්බෙර්ද .. දාන්න පහක්...ඹ්=) //
ඒ කියන්නෙ ඔයත් දෙසැම්බර් ? නියමයිනේ....මම 10 ය :)
මම 4
Deleteඅඩේ ළිහිණි.. මට අමතක වෙන් නෑ උඹේ උපන් දිනේ.. අපේ තාත්තගේ උපන් දිනෙත් එදාමයි... හි හි...
Delete@ශශී
Deleteඑදාට ලංකාවෙද...ඉතාලියෙද ?
@ හිරු
Deleteඅලේ...එහෙනම් නියමයි...උඹ තාත්තටයි මටයි දෙන්නටම එක්ක කිරිබත් හදපන්...හැබැයි සම්බ හාල් වලින් නම් ඔට්ටු නෑ..හි හි හී
ලස්සනට ලියලා තියෙනවා ලිහිණි අක්කේ. ඔයා මේ විදියට ඇත්ත ලියන එකට මම නම් හරිම කැමතියි. ඉඩක් ලැබෙන හැම විදියටම ඔයාගේ පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නේම නෑ මම නම්.
ReplyDeleteකොහොමද නත්තල් කාලේට මීගමුවේ ටවුන් එක එහෙම...?? අෆ්ෆේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ නේද..? ඒක නෙමේ අර කොරනේශන් හෝටලය ඒක මම දැකලා නැහැනේ. :O
ඉස්සර තිබුන නත්තල් අසිරිය දැන් නැහැනේ ලිහිණි අක්කේ..?අපි මීගමුවේ ටවුන් එකේ උනාට අපේ ආච්චිලා උන්නේ පමුනුගම පැත්තේ ඒ පැත්ත නම් හරි ශෝක්... මේ උදුවප් මාසේ හමන නත්තල් සුළඟ...හ්ම්ම්ම්ම්ම් මතක් වෙද්දි ඇඟ හිරි වට්ටනවා. අනේ... මට නම් කාවදාවත්ම කැරොල් යන්න හම්බවෙලා නම් නෑ.. ඒත් ගෙදරට කැරොල් යන කට්ටිය රන්චුව පිටින් එද්දි ආසාවේ බෑ. ශත පනහේ උනත් නත්තල් සීයා දීලා යන ඒ ටොෆිය ඉල්ලගන්න පුදුම ආසාවක් තිබුනේ මගේ හිතේ නම්. නත්තල් සීයා වගේම අනිත් සාන්තුවරයන් වගේ ඇඳගෙන ඉන්නේ කවුද කියලා බලන්න මට පුදුම ආසාවක් තිබුනා. දැන් නම් අළුත් ඇඳුමක් ගන්නවයි කියන එක සාමාන්‍ය දෙයක් උනාට මට නම් ඒ කාලේ හරි ලොකු දෙයක් උනා අපේ ආච්චි හැඩ දාලා මහන් ගවුම අඳින්න මම නත්තල් දවස එනකම් බලන් ඉන්නවා. මම නම් පොඩි කාලේ නත්තල් කතා කරන්න නෑදෑයින්ගේ ගෙවල් වල යන්නේ මේ අවුරුද්දේ නත්තලට හම්බවෙන තෑග්ග මොකක්ද කියලා දැන ගන්න ඕන නිසයි.. හි:) හි:) අනේ....... ඒ කාලේ එහෙම්ම තිබුනා නම්......
කාලය මැව් වෙනසක අරුමේ..
//කොහොමද නත්තල් කාලේට මීගමුවේ ටවුන් එක එහෙම...?? අෆ්ෆේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ නේද..? ඒක නෙමේ අර කොරනේශන් හෝටලය ඒක මම දැකලා නැහැනේ. :O//
Deleteදැනුත් ඒ වගේමයි... කොරනේෂන් හෝටලය කියන්නෙ මහ විශාල එකක් නෙමේ සිත්තරාවි. ඒක තියෙන්නෙ රේල්වේ ස්ටේෂන් එක කිට්ටුව. ඔයාට මතකද කොරනේෂන් සැලෝන් කියලා එකක් තිබ්බා ? එතැනම තමා මේකත් තිබුනේ...තවමත් තියෙනවද දන්නෙ නෑ. ඒ පැත්තට යන්නෙ නෑනෙ...
//දැන් නම් අළුත් ඇඳුමක් ගන්නවයි කියන එක සාමාන්‍ය දෙයක් උනාට මට නම් ඒ කාලේ හරි ලොකු දෙයක් උනා //
ඇත්තමයි සිත්තරාවි. දැන් ඕනෙ වෙලාවක ලස්සන ඇඳුමක් දැක්කොත් අර ගන්නවනේ..ඒත් ඉස්සර...ඔය නත්තලට ලැබෙන ඇඳුම මුළු අවුරුද්දෙම හොඳ ගමන්වලට අඳින්නේ...දුකින් පිරිලා උනත්...ඒ අතීතය මට තාම සුන්දරයි...
එන්න මෙච්චර පරක්කු උනු එකට තමයි දුක. හරිම ලස්සනට ලියල තියෙනව ලිහිණි. කතාව ගලාගෙන යනව. එක හුස්මට කියවන්න පුලුවන්
ReplyDeleteපුන්චි කාලෙ අපිටත් නත්තල සම්බන්ද ලස්සන අතීතයක් තියෙනව. අපිට නත්තල් නැති උනාට අපෙ මාම කතෝලික. තාත්තගෙ පවුලෙ 7දෙනෙක් හිටිය උනාට ලමයිනුත් 7යි හිටියෙ. අය්යල දෙන්නයි අක්කල දෙන්නයි නන්ගිල දෙන්නයි මමයි බලන් ඉන්නෙ නත්තල් නිවාඩුව එනකන්, හැමෝම නිවාඩුවෙ නැන්දලගෙ ගෙදරට එකතු වෙනව, කරන සෙල්ලම් තකඩිකම් එමටයි.ඒ ගැන මටත් ලියන්න හිතුන මේක දැකපු ගමන්ම :)
සමීව ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... :)
Delete//හැමෝම නිවාඩුවෙ නැන්දලගෙ ගෙදරට එකතු වෙනව, කරන සෙල්ලම් තකඩිකම් එමටයි.ඒ ගැන මටත් ලියන්න හිතුන මේක දැකපු ගමන්ම :)//
ඒ වගේ රසවත් දේවල් ලියන්න අප්පා...මොනතරම් සුන්දර මතකයිද...
ඉස්සල්ලා ලියලා තිබුණු හැලොවීන් කතාවත් කියෙව්වා. ඒ වගේ ඇඳගෙන පොඩ්ඩක් විනෝද වෙන්න චාන්ස් එකක් නැති එක ගැන නම් දුකයි. නත්තල මගේ හිතේ ඇඳිලා තියෙන්නේ සීතල කියන වචනයෙත් එක්කමයි. මේ ලිපිය ලියවිලා තියෙන්නේ නියම කාලෙදි.මට ආයෙමත් සීතලක් දැනුණා. තව මේ වගේ ලිපි ඕන ලිහිණි අක්කේ.ජය!!!
ReplyDeleteWickz මල්ලි කොහොමත් හොල්මන් වලට කැමතියිනෙ...මල්ලි පහු ගිය දවස්වල අලුත් පෝස්ට් ඔයා දාපුවා කියවන්න ලොග් උනාම error එකක් එනවා. බ්ලොග් එකේ අවුලක්ද ?
Deleteඅතීතයේ නත්තල සමරපු ඔයාගේ අත්දැකීම් හරි සුන්දරයිනෙ ළිහිණි...අදයි මේ පැත්තට ආවේ...ඉතුරු ලිපි ටික හිමීට කියවන්නම්
ReplyDeleteආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... :)
Deleteඇත්තටම අපිට ජීවිතේ ගොඩක් දේවල් මග ඇරිලා තියෙනවා මොන තරම් දේවල් මග ඇරෙනවද? නපුත් අද මිනිස්සු ජීවත් වෙන්නේ රේස් දුවන්න වගේ. අපි ඒ කාලේ වින්ද නිදහස අද කාලේ පොඩි එකෙක්ට දකින්න ලැබෙන්නේ නැහැ. අද ශිශ්ශත්ව විභාගෙටත් දෙමව් පියෝ දරුවන්ව ලැහැස්ති කරවන්නේ කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් එකකටවත් නැති තරන් මහන්සියක් අරගෙන. අනෙක අපි ඒ කාලේ ගොඩක් සුන්දරව අපේ ළමාවිය ගතකල අද කාලේ ඉන්න ළමයි කාමරේට කොටුවෙලා. නත්තල සමරන්නවත් එයාලට මතකයක් නැහැ. හැබැයි 31st නයිට් එක මතකයි. ලිහිණි අක්කේ ඔයාගේ ලිපිය කියවද්දී මට මතක් උනේ පොඩි කාලේ මාව අපේ පුංචි ආච්චි එක්කන් යන හැටි. පොඩි කඩේකට ගිහින් ක්‍රීම් බනිස් එකක් අරන් දීල යෝගට් එකක් කවල එවන්නේ 1999 එය නැති උනා. නමුත් නිතරම මතක් වෙනවා ඔයාගේ පොස්ටුවෙන් මගේ ඒ මතකයන් අවදි උනා. කොමෙන්ටුව දිග වැඩිද මන්දා
ReplyDeleteඅපේ අම්මා මාත් එක්ක උන්නෙ පොඩිම කාලෙදි විතරයිනේ මල්ලි. හරියටම කිව්වොත් මට අවුරුදු 7-8 ක් වෙනකල් විතරයි. ඔය කාලේදී අම්මා අපිට කඩචෝරු අරන් දෙනවා හරිම අඩුයි. වැඩිම උනොත් බනිස් තමා. හුඟාක් වෙලාවට සල්ලි නැති නිසා වෙන්නත් පුළුවන්... දැන් මම හරියට කඩචෝරු කනවා..ඒ වෙලාවට අම්මා මට බනිනවා ඔහොම කන්න එපා ඔය ජරාව කියලා..මම අම්මට මතක් කරන්නෙ අම්මා අරන් දෙන බනිස් ගැන...එයා හිනාවෙලා නිකම් ඉන්නවා...
Deleteහරිම ලස්සන විස්තරයක් ළිහිණි. ආසාවෙන් කියෙව්වා විතරක් නෙවෙයි අපේ චූටි පුතාට ඇහෙන්න හඬ නගා කියෙව්වා.
ReplyDeleteකතෝලිකයන් වන ළිහිණිලත් බුලත් දීලා අම්මට වඳින බව ඔන්න මම දැනගත්තෙ අද. ඒක නත්තල ලාංකීයකරණය වෙච්ච තැනක් වෙන්න ඇති. මම ඒ බවක් දැනගෙන හිටියෙ නෑ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ස්තුතියි ඩූඩ්...හැබෑට කවුද ඔය චූටි පුතා...අර අපි පින්තූරවල දැක්ක කෙනාද ?
Delete//කතෝලිකයන් වන ළිහිණිලත් බුලත් දීලා අම්මට වඳින බව ඔන්න මම දැනගත්තෙ අද. ඒක නත්තල ලාංකීයකරණය වෙච්ච තැනක් වෙන්න ඇති//
වෙන්නැති ඩූඩ්. හුඟාක් වෙලාවට ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිරිත් විරිත් වෙනස් වෙනවනෙ...
lassana, hithata wadina widiye wistharayak akke... apuuruyi
ReplyDelete