ඉවසයිද මන්දා..මා දුන් රිදුම්
වෙන්වීලා ආදා..වෙනතාක් බලන්
උන්නාට මා රහසේ ..තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ..මතකෙට හොරෙන්
තනියෙන්ම වින්ඳා..දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ..දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා..ඉඟිල්ලී හොරෙන්
මට මාද නැති උනා..සත්තයි හෙමින්
දයාබර මහේෂි..
අපි එක් වූයේද මැයි
මාසයකදීය..වෙන්වූයේද මැයි මසකම වීම පුදුමයට කරුනක් නොවේ යැයි මට සිතේ..අප අතර තිබූ
සම්බන්ධතාවය පමනක් පළුදු කර , දැන් ඒ සිදු වීම අතීතයට එකතු වෙමින්
පවතී. මා මේ පිළිබඳව කිසිවක් කතා නොකලේ නම් අදටත් අපගේ සම්බන්ධතාවය වඩාත් හොඳින්
සුරක්ෂිතව තිබෙනු ඇතැයි ඔබ කියනු නිසැකය. එය සත්‍යකි. එහෙත් එබඳු සම්බන්ධතාවයක් හෝ
මිත්‍රත්වයක් මට අවැසි නැති බව මට වැටහී තිබුන නිසාවට මම එවගක් නොතකාම අපේ
සම්බන්ධතාවයට තිතක් තැබූවෙමි.
සම්බන්ධතාවයන්හී දිග පළල මෙතරම් කියා
ගණනය කල නොහැකි බව දැන උන්නත් , ඔබ සම්බන්ධයෙන් නම් එය සැබෑවක් නොවන බව
ඔබ තරම් දන්නා කිසිවෙක් මේ මිහිපිට නොවේ. ඔබේ
නිර්ණායකයින්ට අනුව ඔබ සිටියේ අනියම් සම්බන්ධතාවයකට ඔන්න මෙන්න කියාය.නමුත් ඔබේ
පැහැදිලි කිරීමට අනුව ඔබට අවැසි නියම සම්බන්ධතාවය එය නොවේ. එහෙත් ඒ අවස්ථාවේ ඔබ
වඩාත් ආකර්ෂණය වී ඇති සම්බන්ධතාවය වූයේ එයයි. ඔබ ගැන නිතර සොයා බලන, ජීවිතයේ
මිහිරිතම වදන් තෙපලන,නිතර දෙවේලේ දකින , පෙනෙන
ඒ අපූර්වතම අරුමැසිය ඔහුය. එය සත්‍යයක් නොවන ඇල්මක් බව ඔබ කියා සිටී. එයින්
මිදිය නිහැකි ලෝබකම නිසාත්,උතුරා ගලන යෞවනයේ හැඟීම් සනහාලන
සොඳුරුබව නිසාත්, ඔබ සිටියේ වැට උඩය.
ඔහු කරන්නේ වරදක් යැයි ඔබට මට හෝ අන්
කවරෙකුටවත් අත දිගු කල නොහැකිය.ඔහු වැරදිබව බව දැන දැනම ඔබේ සොඳුරුතම ආශ්වාදයේ
මිහිර විඳිමින් සිටියා පමණි. මා කලේ ඔබ දෙදෙනා අතර තිබූ නොපෙනෙන්නට හෝ දැනුවත්වම
දකින්නට අකමැත්තෙන් සිටි සියළු දේ පෙනෙන්නට දොර කවුළු විවර කිරීම පමණි.
ගොළු වෙච්චි තරු දෑසේ..කඳුලැල් උනන්නේ
දරාගන්න බෑනේ..මතකේ විලාපේ...
ආදරේ ඔබෙන් තරම්..ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි උනේ..සංසාර ආදරේ..
ගියදාම ඔබ ඔහු හා..ඉඟිල්ලී හොරෙන්
මට මාද නැති උනා..සත්තයි හෙමින්…
දැඩි සුළං හා කුණාටු එතැයි සිතමින් දොර
කවුළු වසාගෙන ඇතුලත රැඳීමෙන් නිරෝගි හිරු එළිය, සීතලට
හමන මද සුළඟ විඳ ගැනීමට ඇති අවකාශය නැතිවීම පමණකි. ජීවිත කාලය පුරාම මුව පොව්වකු
සේ ජීවත් වෙනවාට වඩා, සිංහයෙකු ලෙස එක දවසක් ජීවත් වීම වටී.
මානසීක වශයෙන් සිරගතවී සිටියදී එහි කිසියම් වින්දනයක් තිබුනත්..විවෘත ලෝකය ඊට වඩා
වටී.ඔබ හෝ ඔහු වරදක් කලායැයි මා කියනවා නොවේ.වරදට ඇති ඉඩ කඩ අහුරා ගැනීමේ විවෘත
භූමියට පැමිණි වග කීවා පමණි.
දැන් ඔබටත් මට මෙන්ම ඔහුටද වඩාත්
විශ්වාසයෙන් බොහෝ දුර යා හැක.එය තේ කෝප්පයේ කිඹුලන් නොදැකීමට අන් අයට මඟ කියනා
බැවින් අනපේක්ෂිතව ලද වරප්‍රසාදයක් ලෙස සලකමු. ජීවිතය පුරා
මිනිසුන්ට අභියෝගවලට මූණදීමට සිදුවේ.ඉන් පලායෑම නිරර්ථක ක්‍රියාවකි.පරාජයකි..ඔබ දුටුවේ මොහොතක දේ පමණක්ය. " ලිප ගිණි මොළවන තෙක් සැළියෙහි
දිය කෙළින කකුළුවා " මෙන් මොහොතක සතුට ලැබුවාය. යමක් සිදුවන්නට පෙර හැලියෙන්
පැන ගන්නට මඟක් සිතනවා මිස ලිප ගිණි මෙලවූ පසුව කල හැකි දෙයක් නැත.
මේ පාළු දුක් සිහිනේ..අතරමංවෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ...
ජීවිතය වැටුන තරම් ..නැඟිටින්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ..
උන්නාට මා රහසේ ..තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ..මතකෙට හොරෙන්...
සැඟවුන ප්‍රේමයක මිහිර ඇත්තේ එය
දෙනෙතෙගි සැඟවී ඇති තෙක් පමණක් බව ඔබ කීවා මතකය.මම එයට කොන්දේසී විරහිතව එකඟ
වෙමි.එහෙත් ඔබට ඒ දෙනෙත් කියවන්නට හැකි විය යුතුය. එය කල හැක්කේ ඔබ ඉදිරිපිට ඇත්තේ
නිරුවත් දෑසක් නම් පමණි. සබදතා පැහැදිලි වන තරමට මානසීක කැළඹීම් අවම වන බව ඔබ
නොදැන සිටින්නට ඇත. ප්‍රේමයෙහි
සම්බන්ධතා බිඳී ගිය පසු බොහෝදෙනා දරුණු ලෙස කඩා වැටෙන්නෙ එබැවිනි.එය තාවකාලික
නමුත් වේදනාව දරුණුය... පසුතැවීම දරුණුය..
යළිදු කිසිදිනක මා ඔබ දෙසට හැරෙන්නෙ
නැත. ඔබ මවෙතින් පලාගිහින් හමාරය. පසුතැවීමක් මට නැත. මම ජීවිතය තේරුම් ගත්තෙමි.
විඳවමින් සම්බන්ධතා රැක ගන්නවාට වඩා...එයින් මිදීම මට මෙන්ම ඔබටද යහපතක් බව මම
තේරුම් ගත්තෙමි. එය
සැනසිලිදායකය..
අවසානයේදී මට ඔබට යමක් කියන්නට සිතෙයි...විශ්වාසය තිබිය යුත්තේ
ලස්සන වදන් වල නොව හදවත්වලය.. ඔබ නොදැන උන්නේ එයයි. ලස්සන වදන්වලින් ඔබ ආශ්වාදය
ලබද්දී ..මම විශ්වාසවන්තව ඔබ දෙස බලා සිටියෙමි.. වැරදුනේ මට නොවේ. ඔබටයි.. තනිවුනේ
මා නොවේ ඔබයි. මන්ද ඔහු ඔබ ලඟ රැඳෙන්නෙ නැත..මම ඔබ රඳවාගන්නේද නැත..
අහස්...
හ්ම්ම්...දුක හිතෙන කතාවක් වගේ...බැදීම් වැඩි උනාම දුක වැඩියි අක්කේ....
ReplyDeleteමෙතන බැඳීම් ලිහලා දාලා..එතකොට නිදහසක් දැනෙනවලු.
Delete"ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි " කියල තියෙන්නේ අමූලික බොරුවක්.සැබෑ ජීවිතේ එහෙම දේවල් දකින්න නැහැ.බැදීම් අඩුවුණු තරමට සිතට සැනසීමයි ...
ReplyDeleteඇත්ත. ඒත් මිනිස්සුන්ට බැඳීම් වටිනවා. ඒකනේ බැඳීම් ඇතිකරගන්නේ...
Deleteඇත්තටම මාර ගති මේ ලියවිල්ල. අර අන්තිමට හයිලයිට් කරලා ලියලා තියෙන ටික නම් නියමයි අක්කි ඇත්තටම ඔහොම බොරැවක් කලොත් ඒ ටිකම තමයි කාට උනත් කියන්න තියෙන්නෙ. :)
ReplyDeleteස්තුතියි මදාරා...
Deleteහ්ම්හ්... මම මිනිස්සු දිහා බලලා තීරනය කරනවා. මෙයාලට හොඳක් නරකක් කියලා දෙන්න පුලුවන්ද බැරිද කියලා. ඊට පස්සේ තමයි යමක් කියනවා නම් කියන්නේ. නරක යමක් වෙනවා නම් අදාල තැනැත්තා මගේ සමීපතමයෙක් උනත් කියන දේ තේරුම් නොගන්න හැටියක් පේනවා නම් මම අහක බලා ගන්නවා. හොඳ කියන්න ගිහින් කතන්දර අහන්න තියෙන අකමැත්තට. සමහරු වැරදිවලට යොමුවෙන්නේ ඒවා වැරදියි කියලා නොදැනම නෙමේ. හිතට වහල්වෙලා එහෙම අය තව කෙනෙකුට කන් දෙන්න කොහෙත්ම සූදානම් නෑ. යමක් කිවුවොත් කියපු තැනැත්තාට හිත රිදෝගන්න වෙනවාමයි. මම නම් එහෙම දේවලින් අහක්වෙන්නේ ඉතාම කැමැත්තෙන්. කතාවක් තියෙනවා රත්තරන් පිහිය උනත් ඇනගත්තොත් මැරෙනවා කියලා..
ReplyDeleteදෙන්නෙක්ගෙ අතරට තුන්වැන්නෙක් ආවම මිනි වලවල් තුනක් කැපෙනවලු. මම එහෙම අහලා තියෙනවා.. මේ වගේ ප්‍රශ්ණ ඇති නොකර අයින් වෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද ?
Deleteපස්සෙ කතා කරන්නම් ළිහිණි වෙනම මේ ගැන...
ReplyDeleteහරි :)
Deleteනිලෙන් ලියා ඇති වචන සැට් එක නිල් වෙන්නම වදිනව.
ReplyDeleteකෙන්ජි නිල් උනාද ? :D
Deleteඅපි සොබාදහමේ කාර්යය වෙනුවෙන් කැපවුනු වහලුන් පමණයි.. හැඟීම් අපේ නෙවෙයි.. සරීරෙත් අපේ නෙවෙයි..
ReplyDeleteඔව්. සමහර වෙලාවට අපිව කවුරු හරි මෙහෙයවනවා වෙන්නත් පුළුවන්...
Deleteඇත්තටම මේ කථාව නම් හරි.
ReplyDeleteවැරැද්දක් කරද්දි ඒක හැමෝම දන්න දෙයක් බවට පත් උනාම ඒකෙ අගය නැති වෙනව මම දකින විදියට.
නැත්නම් ඔය තමන්ගෙ කිරි දරුව පවා දාල යන අය ගියාට පස්සෙ සතුටින් ඉන්න එපැයි. එහෙම ඒවා තියේද මන්ද....
දාල යන ඒව නම් ඇහෙනව.... ඒ වගේම ගියාට පස්සෙ යන එන මං නැතිව නැත්තටම නැති වෙලා ඉන්න අයව දැකල තියෙනව...
මම දකින විදියට නම් අපට ආදරේ අය ඉන්න තැන අපි රැඳෙන්න ඕන. ඒක අපි ආදරේ කරන අය පස්සෙ ගිහිං දුක් විඳිනවට වඩා හොඳයි.
මේක මට හිතන දේනෙ...
//දාල යන ඒව නම් ඇහෙනව.... ඒ වගේම ගියාට පස්සෙ යන එන මං නැතිව නැත්තටම නැති වෙලා ඉන්න අයව දැකල තියෙනව...//
Deleteමමත් මේ වගේ අයව දැකලා තියෙනවා..දාලා ගිය අයත් නෑ..ගිය අයත් නෑ..
ඇත්තටම ලිහිණී බොක්කටම වදින කතාවක්.... මට කියන්න දෙයක් නෑ...
ReplyDeleteස්තුතියි යාළු...
Deleteවැඩේ තියෙන්නේ ඔහොම එකක් උන වෙලාවට ඔහොම කියන්න මතක් වෙන්නෙ නැති එකනේ... හි හි
ReplyDeleteඑතකොට කරන්නෙ කොණ්ඩ ව්කෙටියෙන් අල්ලගෙන දත් ටික බඩය යන්න ගහන එකනෙ හිරූ..
Deleteදැන් ඔහොම කීදෙනෙකුට ගහල තියෙනවැයි....?
Delete...DDDD
Deleteඔය ගීතය දෙන්න වෙන වෙන ඇවිල්ල තමා රෙකෝඩ් කරල තියෙන්නේ... ගිතයට කතාවක්.. ඒ උනාට අර මුල් කවියේ “ඔබ ආදා“ කියල අර හාදයට කියන එක හරි නෑ නෙව... හෙහ්...
ReplyDeleteමාත් එහෙම අහලා තියෙනවා..අපිට මොකෝ ඉතින් ..:b
Delete//ඒ උනාට අර මුල් කවියේ “ඔබ ආදා“ කියල අර හාදයට කියන එක හරි නෑ නෙව... හෙහ්..//
ඒ " ආඳා "....මේ " ආදා " හෙහ් හෙහ්
ආඳා කිව්වත් වැරදිම නෑනෙ බොල.ලෙස්සල යන්න දක්ෂ නිසා
Deleteනිර්මාණයක්ද සත්‍යයක්ද? හිතාගන්න අමාරුයි ළිහිණි.. මෙය සුන්දර ගෙත්තමක් නම් මං වඩාත් කැමතියි.
ReplyDeleteමොන සත්‍යයක්ද..නිර්මානයක් නලින් අයියා. ඒත් ඉතින් අතුලගෙයි සමිතගෙයි නම් සත්‍යයත් මේ වගේමනේ...:D
Deleteඇඬේනවා අප්පා...
ReplyDeleteඅයියෝ අඬන්න එපා අප්පා...:D
Deleteමට නම් කිසි දෙයක් තේරුන්නෑ....එක්කො වැඩක් නෑ අප්ප.
ReplyDeleteමොකද මැදක් හරියෙ ඉඳල රිප්ලයි කරන්නෙ..
//මට නම් කිසි දෙයක් තේරුන්නෑ//
Deleteඅතුලගෙයි සමිතගෙයි සින්දුව වත් තේරුනේ නැද්ද වීයෝ ?
//මොකද මැදක් හරියෙ ඉඳල රිප්ලයි කරන්නෙ..//
ඒකනෙ මාත් මේ බැලුවා ඇයි ඒ කියලා :)
සින්දුවට වගේම විෂුවල් එකටත් මම හෙන ලයික්
ReplyDeleteඅපේ ඔෆීසියේ කස්ටිය ඔය සින්දුවට කියන්නේ " ලැජ්ජා නැති සින්දුව " කියලා..අනේ මන්දා...
Deleteඅපි අපිට ආදරේ කර අය නැති කර ගන්න එක නම් අපරාදයක්.එහෙම කලොත් පස්සේ දුක් විදින්න වෙනවා.
ReplyDeleteලස්සනයි නිර්මාණය ...
ඇඩෙනවා... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හ්ම්ම්... මට කියන්නට වැඩි යමක් කල්පනාවට එන්නේ නැත. //විඳවමින් සම්බන්ධතා රැක ගන්නවාට වඩා...එයින් මිදීම මට මෙන්ම ඔබටද යහපතක් බව//
ReplyDeleteඒක නම් හරි බව දැනෙනවා.
දැනෙනවා නෙමේ බං ඒක හරි. මේ මමත් ඔය කෙරේමේ අනුගමනය කොරන එකෙක් වෙච්චි. එහෙනං.....
Deleteඑකඟයි...
Deleteඅපි ආදරය කියලා හිතාගෙන ඉන්නේ මායාවකද කියලා හිතෙන්නේ මේ වගේ පෝස්ටුවක් දුටුවාම..අපූරුවට පද ගලපලා තියනවා ලිහිණි..
ReplyDeleteන්ම්ම්ම්ම්, කියන්නට දෙයක් නැත. සියල්ල කියා ඇත
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteDukai neda? Haba adare labenne kagenda kiyala therum ganna bariwa anthimata thaniwela duk widina aya ki denek athida me loke.
ReplyDeleteතනි වෙන වෙලාවට නම් මටත් අනන්තව ඔහොම
ReplyDeleteහිතෙනවා ලිහිණි ..ඒත් මම දන්නවා මම රැවටුණේ නැති බව .
රැවටුණේ ඇයයි .ඉස්සරහටත් රැවටෙන්නේ ඇයයි .
මම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා...( නැවත ආවොත්
බාර ගැනීම නම් මේ සැරේ වෙන්නේ නැහැ )
දුකායි අනේ.. දුක වැඩි කමට මොකවත් කියා ගන්ට බෑ..
ReplyDeleteරටේ ජනප්රි ය අය කරන ලැජ්ජ නැති වැඩ දැක්කම නම් හිනහත් යනවා. ඒ කතා කෙසේ වෙතත් ගීතයේ අර්ථ විග්රනහය නම් මරු.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteකතාව ගැන මුකුත් කියන්නෙ නැහැ
ReplyDeleteඒත් සිංදුවේ
//ආදරේ ඔබෙන් තරම්..ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි උනේ..සංසාර ආදරේ..
මේ පාළු දුක් සිහිනේ..අතරමංවෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ...
ජීවිතය වැටුන තරම් ..නැඟිටින්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ..//
මේ ටිකට මං හරි ආසයි..
වැරදුනේ මට නොවේ. ඔබටයි.. තනිවුනේ මා නොවේ ඔබයි. මන්ද ඔහු ඔබ ලඟ රැඳෙන්නෙ නැත..මම ඔබ රඳවාගන්නේද නැත.. මේ ටික නම් ඇත්තටම ඇත්ත.
ReplyDeleteමේක ඒ දෙන්නගේ ඇත්ත කතාවලු නේද? ළිහිණි සිංදුව ගැන නියමෙට දැනෙන්න ලියල තියන්වා
ReplyDeleteඅර අන්තිමට නිලෙන් ලියලා තියෙන ටික නම් ඇත්තම ඇත්ත.....
ReplyDeleteකතාව ඇත්ත ලිහිණි...මේ වගේ ජීවිත මේ ලෝකේ කොයි තරම් ඉන්නවද..අනේ තනිකඩවම උන්නා නම්..කියලත් හිතෙනවා...
ReplyDeleteකියෙව්ව ලිහිණි,
ReplyDeleteමට පොඩි අවුලක් තියෙනව,
නැවත ඇවිත් කියවන්නම්.
What Other People Think Of Me Is None Of My Business.Other people may think what they want, I let go of my concern over what others may think of me . however, i know my truth and It is not my mental business what they think.
ReplyDelete