මට තාම මතකයි මම ඉස්සරවෙලාම ඉරේෂාව
දැක්ක දවස..ඒ ගමේ ඉස්කෝලේ එක වසරේ අලුත් පංතියට ළමයින් බාර දුන්න දවසෙදී. පංතිය
මැද්දෙ තිබුන අලුතින් තීන්ත ගාපු පුටුවල ළමයින් වාඩි කරවපු අම්මලා තාත්තලා
පංතියෙන් එළියට යද්දී සමහර ළමයින් කෑ ගගහා අඬනවා. තවත් සමහර අය ඇස් ලොකු කරගෙන ඒ
දිහා බලාගෙන ඉදලා... අඬන්න ගන්නවා. ඉරේෂා උන්නේ මට එහා පැත්තේ. පංති භාර ගුරුතුමිය
ඇවිත් ළමයින්ම සනසන්න හුඟාක් දේවල් කියනවා උනත්... ගුරුතුමියගේ කටහඬ යටපත් කරගෙන
අඬන සද්දය මතුවෙනවා…..
පුංචි කලෙදි ඉඳන්ම අම්මගේ උණුහුම අස්සෙම හැදෙන්න වැඩෙන්න මට
බැරි උන හින්දම වෙන්නැති...මට නම් අඬන්න තරම් දුකක් ඇතිවෙලා තිබ්බෙ නෑ. මම මට
කිට්ටුවෙන්ම උන්න ඉරේෂා ලඟට ගිහින් එයාගෙ අතකින් අල්ලා ගත්තා. ඉරේෂාගේ ඇස් වලින්
රූටලා ගිය කඳුළු වලින් කම්මුල් වල තවරලා තිබුන පුයර තට්ටුවල රටා ඇඳිලා... නාසයෙන් බේරෙන
හොටු එක අතකින් පිහිදාගෙන ... ඉරේෂා මා දිහා බලලා ඇඬිල්ල නැවැත්තුවා....
එදා ඉඳන් ඉරේෂා පංතියේදී උන්නේ මා
ලඟ..අපේ ගෙවල් වලට හුඟාක් කිට්ටුවෙන් තමා ඉරේෂාගේ ගෙවල් තිබුනේ. ඉස්කෝලේ ඇරුනම
ඉරේෂාගේ අම්මා එනවා එක්ක යන්න..මාත් එන්නෙ එයාලා එක්කමයි.. ඉරේෂා බුද්ධි මට්ටම අඩු
දරුවෙක්. පංතියේ උගන්වන කිසිම දෙයක් එකවර අල්ලා ගැනීමේ හැකියාවක් ඉරේෂාට තිබුනේ
නෑ. එකම දේ දහපාරක් විතර කියලා දුන්නම යන්තමට අවබෝධ කරගත්තත්...අනිත් ළමයින් එක්ක
කිට්ටු වෙන්න වත් ඉරේෂාට පුළුවන් උනේ නෑ... යමක් කියලා දීලා
ඉරේෂාවත් ඇදගෙන යන්න මට ඕනෑ කම තිබුනත්...ඉරේෂාට එහෙම කරන්න බැරි උනා..
දෙක වසර පංතියේදී ඉරේෂාට දෙක වසරෙම තව
අවුරුද්දක් ඉන්න උනා..එතැනින් මම ඉරේෂාගෙන් ඈත් උනා. පංතියෙන් පංතිය අපි ඉස්සරහට
යද්දී ඉරේෂා හුඟක් වෙලාවට එකම පංතියේ අවුරුදු කීපයක් උන්නා…ශිෂ්‍යයත්ව විභාගය පාස් වෙලා මම ගමේ ඉස්කෝලෙන් අයින් වෙලා බාලිකාවට
ඇතුල් උනාට පස්සෙ ඉරේෂාව දකින එකත් නැති උනා...අලුත් පාසලේ අලුත් යෙහෙළියන්
මැද්දෙදී මට ඉරේෂාව අමතක වෙලා ගියා...
කාලය ගෙවෙන තාලය එක්ක අපි ලොකු මහත්
වෙලා උන්නා. ඉරේෂා ගෙවල් කිට්ටුව උන්නත්...කුඩා කාලයෙන් පස්සෙ අපි අතරේ ආශ්‍රයක්..මිතු
දමක් ඇති උනේ නෑ... ඉරේෂා දෙමාපියන් එක්ක යන එන අතර තුරදී දැක්කම සිදුවෙන පුංචි
පුංචි කතා බහකට විතරක් සීමා උනා. කොළඹ නැවතිලා
රැකියාව කරන්න ගත්තම...ගමත් එක්ක තියෙනෙ සම්බන්ධය තව තවත් අඩුවෙලාම ගියා..
************************************************************************
ගමේ ගෙදර ගේට්ටුවට යාබදව තියෙන දෙළුම්
ගහ එතැන හිටෙව්වේ මම..ඒ අවුරුදු කීපයකට කලින්. දැන් ඒ ගහ ලොකුයි විතරක් නෙමේ වාරේ
අවාරේ දෙකේදීම ගෙඩිවලින් අතු බර වෙනවා... පහුගිය දවස්වල ඇද වැටුන වැස්සට ගහේ තිබ්බ
දෙළුම් මල් ටික ඔක්කොම නටුවෙන් ගැලවිලා බිමට වැටිලා..මම ඒ දිහා බලාගෙන උන්නේ
හුඟාක් දුකින්... ගේට්ටුව ලඟ නතර කරපු බයිසිකලයේ ශබ්දය ඇහිලා මම ඒ දිහා බැලුවා...එතැන උන්නේ ඉරේෂාගේ
තාත්තා...
" දුවව
දැක්කෙ කාලෙකට පස්සේ..."
ඉරේෂාගෙ තාත්තව දැක්කෙත් කාලෙකට
පස්සෙ...
" රස්සාව
හන්දා ගෙදර වැඩිය එන්න වෙන්නෙ නෑනෙ මාමේ...ඉතිං කොහොමද ?..."
මම ලෙංගතු කතාවකට මුල පිරුවා...
" ඔහේ ඉන්නවා දුවේ...අපිට උන
කරදරය දන්නවා ඇතිනේ..."
" කරදරය ?..ඒ මොකද්ද මාමේ ?..."
" ඇයි දුවේ අම්මා කිව්වේ නැද්ද ?..."
" අනේ නෑ මාමේ..මට අම්මා එහෙම
දෙයක් ගැන කිව්වේ නෑ..අමතක වෙන්න ඇති.. මොකද්ද මාමේ උනේ....හැමෝම හොඳින් නේද ?..."
මම එහෙම කිව්වම ඉරේෂාගෙ තාත්තා පාරේ ඈත
කෙළවරටම ඇස් දෙක දිවෙව්වා..
" පාරේ
කතා කරන්න බෑනෙ මාමේ...එන්න ගෙට...තේ එකක් බොන ගමන් කතා කරමු..."
ඉරේෂගේ තාත්තගේ හදවතේ හැඟීම් තේරුම්
ගන්න මට අමාරු උනේ නෑ... මොකද්දෝ දුකක් හිත පුරෝගන ඉන්න වග මට තේරුනා..
මගේ ආරාධනාව සතුටින් බාර අරගෙන ඉරේෂාගේ
තාත්තා ගේට්ටුව ලඟ තියෙන රෙඩ් ෆාම් ගහකට බයිසිකලය හේත්තු කරලා ගේ පැත්තට ඇවිදගෙන
ආවා...ඔහුට වාඩි වෙන්න සලස්සලා මම කලේ ඉක්මනින් තේ කෝප්පයක් පිළියෙල කරන එක... ඒ
අතර තුර අපේ අම්මා ඉරේෂාගේ තාත්තා එක්ක කතාවට වැටිලා උන්නා..
හදාගෙන ආව තේ කෝප්පය දෝතින්ම
පිළිගන්නවලා...ඒ ලඟම තිබුන පුටුවෙන් මමත් වාඩි උනා...
" අපිට උන කරදරය අහස පොළොව
උහුලන්නෙ නෑ දුවේ...ඒත් ඉතින් දැන් මොනවා කරන්නද...? "
ඉරේෂාගෙ තාත්තා කතාව පටන් ගත්තේ ඒ
විදියට…
අඩු පාඩු කම් මැද්දේ අමාරුවෙන් ජීවත්
උන පවුලක් උනත් දරුවන්ට බොහෝම ආදරය කරන දෙමාපියන් තමා ඉරේෂාට උන්නේ... වැඩිමහල්
පිරිමි දරුවන් දෙන්නට පස්සේ ඉපදුන ඉරේෂා බුද්ධියෙන් අඩු දරුවෙක් නෙ... ඒ නිසාම නිසාම
ඉගෙනීමත් අතරමඟ නැවතිලා...ඉරේෂාගේ වැඩිමල් සහෝදරයා මැද පෙරදිග රැකියාවක් කරලා
ඇවිත් විවාහ වෙලා පදිංචි වෙලා ඉන්නෙත් ඉරේෂලාගෙ ගෙදරට කිට්ටුවමයි...තමන්ගේ
සහෝදරයාගෙ ගෙදර තියෙන ලොකු රූපවාහිණී යන්ත්‍රයක් තමන්ගේ ගෙදර නැති එක ගැන ඉරේෂා
ඉඳලා තියෙන්නෙ හුඟාක් කණගාටුවෙන්...
" ඔයත්
රස්සාවක් කලා නම් ගන්න තිබුනා..."
ඉරේෂාගෙ අම්මා එහෙම කියලා තියෙන්නෙ
විහිළුවට උනත්...ඉරේෂා...ඒ කතාව ගැන හුඟාක් හිතලා... එදා
ඉඳන් ඉරේෂා දෙමාපියන්ට කරදර කරන්න අරන් තියෙන්නෙ තමන්ටත්
රස්සවක් කරන්න ඕනෙ කියලා.ඒ වෙද්දී ඉරේෂාගෙ වයස අවුරුදු 22ක්...
ගෙදර ඉඳන් කිලෝ මීටර් තුනක විතර දුරින්
තියෙන ඇඟුළුම් ආයතනයකට ඉරේෂාගෙ තාත්තා ගිහින් තියෙන්නෙ ඉරේෂාගෙ කරදරය හන්දාමයි ... අදාල
ඇඟුළුම් ආයතනයේ අධ්‍යක්ෂවරයා මුණ ගැහිලා ඉරේෂාගෙ සැබෑ තත්වය ඔහුට පැහැදිලි කරලා ආයතනයේ කුමන හෝ රැකියාවක් ඉරේෂාට ලබා දෙන්නැයි
ඉල්ලලා තියෙන්නෙ ඉරේෂාගෙ සියුමැළි බලාපොරොත්තු තාත්තා කෙනෙක් විදියට ඉරේෂාගෙ
තාත්තටත් දැනුන නිසාම වෙන්න ඇති. කරුණාවන්ත අධ්‍යක්ෂවරයා ඉරේෂාට රැකියාවක් ලබා
දෙන්නට පොරොන්දු වෙලා..එතැන් පටන් ඉරේෂාට ඒ ආයතනයේ ඇසුරුම් අංශයේ ස්ථීර සේවිකාවක්
විදියට රැකියාවක් ලැබිලා.. ඉරේෂාගෙ
සියුමැලි හිතට මොන තරම් සතුටක් දැනෙන්න ඇතිද....
උදේම ඉරේෂාව බයිසිකලයේ නග්ගවාගෙන
ඇඟුළුම් ආයතනය දක්වා ගෙනත් ඇරලීමත්...හවසට ආයෙමත් කැඳවාගෙන යෑමත් කරලා තියෙන්නේ ඉරේෂාගේ
තාත්තා විසින්මයි. ඇඟුළුම් ආයතනයේ යෙහෙළියන් ඇසුර නිසාම ඉරේෂා යම්තාක් දුරට සමාජ
ගත වෙන්නට පටන් අරන් තියෙන්නෙ ඒ අතරතුරේදීයි... තමා විසින් සොයා ගන්නා මුදල්
අරපිරිමැස්මෙන් ඉතිරි කරගෙන ඉරේෂාගේ සියුමැලි හීනවල තිබුන මුදු කීපයක්...කුඩා රන්
මාලයක්..බ්‍රේස්ලට් එකක්, ජංගම දුරකථනයක්…වගේ දේවල් අරගෙන තියෙන්නෙ හරිම ආශාවෙන්... කරේ
දිලිහෙන කුඩා රන් මාලය නිතර දෙවේලේ කණ්නාඩියෙන් බලන්නත් ඈ පුරුදු වෙලා..තමන්ගේ
රස්සාවෙන් හොයා ගත් මුදලින් ගත්ත ඒ දේවල් ඉරේෂාට මොන තරමක් වටින්නට ඇතිද...
තමාටම කියලා බයිසිකලයක් ගන්නත් ඉරේෂා
සමත් වෙලා. තාත්තත් එක්ක පාරේ යද්දී හීන් සීරුවේ පාරේ වම් පැත්තෙන් යන්න ඉරේෂාගෙ
තාත්තා කියලා දිලා තිබුන හන්දම තමාටම කියලා බයිසිකලය ගත්තට පස්සේ ඉරේෂා රැකියා
ස්ථානයට යන්නෙ තනිවම.. හවස් වරුවේ ඉරේෂාගේ තාත්තා සුපුරුදු විදියට එනවා... ඒත් උදේට
තනියම බයිසිකලයේ යන එක වැරැද්දක් වෙලා තිබුනා...කවුරුවත්ම දන්නෙ නැතුව..
මේ සිදුවීම සිදු උනේ හරියටම මාස හතරකට
කලින් ඉරිදා දවසක...එදා ඉරේෂාටත් නිවාඩු. දහවල් ආහාරයෙන් පස්සෙ ඉරේෂාගෙ අම්මයි..තාත්තයි
ඩිංගක් නිදාගෙන ඉන්නා අතරේ ඉරේෂාට දුරකථන ඇමතුමක් ලැබිලා.ඈ දන්නා කියන අයෙකුගෙන්.
ගෙදර කාටවත්ම නොකිය එම පුද්ගලයා සඳහන් කරපු ස්ථානයට ඉරේෂා ගිහින්... එතැනට
ඉරේෂලාගෙ ගෙදර ඉඳන් කි.මීටර් එක හමාරක් විතර ඇති. ඒක විශාල පොල් වත්තක්... පාර
දෙපැත්තෙම අක්කර ගනනාවක් පුරා තියෙන පොල් වත්ත හින්දම අහල පහල ගෙයක් දොරක්වත් නෑ …සියල්ල සිදුවී ඇත්තේ එතැනදීයි…
" ඉරේෂාව එක පිරිමි ළමයෙක්
රවට්ටාගෙන ඉඳලා දුවේ...අපි දැනගෙන හිටියෙත් නෑ... කවදාවත් එහෙම දෙයක් වෙයි කියලා හිතුවෙත්
නෑ... පොඩි ළමයෙක් වගේ හැසිරෙන විදියට පිරිමි ළමයෙක්ගෙ හිතක් අපේ ඉරේෂාට
යයිද...ඒත් ඒ කොල්ලා ඉරේෂාව රටට්ටගෙන... සැරෙන් සැරේට සල්ලි එහෙම ඉල්ලාගෙන තියෙනවලු..අනේ
පුතේ අපි දැනගෙන උන්නෙ නෑනේ....ආයෙම සැරයක් මොබයිල් එකක් අරන් දෙන්න කියලා. ඉරේෂා
කියලා තියෙනවා සල්ලි නෑ කියලා. කොල්ලා බල කර කර ඉල්ලලා...ලැබිලා නැති තැන මෙහෙම
කරන්න හිතන්න ඇති...."
නොවැඩුන මනසක් තිබුනත්, තරුණ කාලයේදී හිතේ ඇතිවෙන ආදර සිතිවිලි ඉරේෂාගෙ හිතෙත් පහල වෙන්න
ඇති... නොවැඩුන ඒ මනස පුරාම ආදර සිතිවිලි ගලා ගන්නට ඇති..ඒ නිසාම ඉරේෂා අර
පුද්ගලයාගේ කතා බහට රැවටෙන්නත් ඇති...
ඉරේෂාව මුණ ගැහෙන්නට ඉරේෂාගෙ පෙම්වතා
යැයි කියා ගත්තු අර පිරිමි ළමයා ඇවිත් තියෙන්නෙ තනියම නෙමේ. තව පිරිමි දෙන්නෙක්
එක්ක ත්‍රී වීල් එකකින්. අර පාලු පොල්
වත්තට ඉරේෂාව එක්ක ගිහින් බලහත්කාරයෙන්ම කරේ තිබ්බ මාල පොටත්...බ්‍රේස්ලට්
එකත්...ජංගම දුරකථනයත් උඳුරාගෙන...ඉරේෂාගෙ නොවැඩුන මනස ගැන දන්නා හින්දම..ඒ අධමයා හිතන්න ඇති සන්තකය උඳුරාගෙන ගිහින් පාඩුවේ ඉන්න..
සියළු සන්තකය අරගෙන ගියානම්...නෑ ඒ අධම
තිරිසනා එයින් නැවතී නෑ. ඉරේෂාගෙ බයිසිකලයත් උදුරාගෙන ඒ අධමයා එතැනින් ගිහින්
තියෙන්නෙ ත්‍රී වීල් එකෙන් ඇවිත් උන්න තමාගේ යහළුවන්ට ඉරේෂාගේ ශරීරයත් බාර දීලා...
විශාල පොල් වත්ත මැද්දට ඉරේෂාව ඇදන් ගිය හිතක් පපුවක් නැති ඒ තිරිසනුන් දෙන්නා ඉරේෂාව
කීප සැරයක් දූෂණය කරලා... මේ
තමාව දූෂණය කරනවා කියන හැඟීම වත් ඉරේෂාට අවබෝධ උනාද මන්දා... වේදනාවට කෑ ගහනවා
ඇරෙන්නට කරන්නට දෙයක් තියෙන්න නැතුව ඇති. ආසාවේන් වියරු වැටුන මිනිස්සු දෙන්නෙක්
එක්ක ඉරේෂා කොහොම ඔට්ටු වෙන්නද...
ඇති වෙනකල් ඉරේෂාගෙ ඇඟ උඩ දඟලාපු
වනචරයෝ දෙන්නා ඉරේෂාව පොල් වත්ත මැද්දෙම දාලා යන්න ගිහින්... තමාට සිද්ධ උනේ මොනවද
කියලා සිතිවිල්ලක් ඉරේෂාට තියෙන්නෙ නැතුව ඇති..
ඇයට දැනී තිබුන එක දෙය කායික වේදනාව පමණයි. කලවා දිගේ රුධිරය ගලා යද්දී ඇය
අපහසුවෙන් ඇවිදගෙන ඇවිත්...පාර කිට්ටුවට..
පාරේ ගිය කාන්තාවක් ඉරේෂාව දැකලා
තියෙන්නෙ මේ අතරයි... කලවා වලින් ලේ ගලන... ඇඳුම් ඉරී ගිය මේ ගැණු ළමයාට කරදරක් බව
අර කාන්තාවට වැටහෙන්නට ඇති. ඉක්මනින්
ලඟම තිබුන කඩයකට ඉරේෂාව එක්ක ගිහින් වතුර වීදුරුවක් බොන්නට දීලා සිද්ධ උනේ මොනවාද
කියලා දැනගන්න උත්සාහ කලත්...පලක් වෙලා නෑ... තමාට සිද්ධ උන දේවල් ඉරේෂාට පැහැදිලි
නැතිව ඇති... කායිකව දැනෙන වේදනාව..එක්කම දැනෙන බය හින්දම ඉරේෂා කතා නොකරන්න
ඇති...අහම්බෙන් එතැනින් ගිය ඉරේෂාව දන්නා කියන කෙනෙක් අතේ ගෙදර පණිවිඩයක් යවන්න අර
පිරිස උත්සුක වෙලා. ඉරේෂාගේ තාත්තා එද්දී සියල්ල සිද්ධ වෙලා ඉවරයි...
ඉක්මනින් ඉරේෂාව රෝහල් ගත
කරලා..පොලීසියේ පැමිණිල්ලකුත් එක්කම..පොලීසිය වරදකරුවන්ව අල්ලා ගන්න උත්සාහ කලත්
පලක් වෙලා නෑ. ඒ ඉරේෂා කිසිම දෙයක් කියන්නෙ නැති නිසා..අන්තිමේදී පොලීසියට
නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිලා..ඒ ඉරේෂා රැකියාව කරන ආයතනයේ ගැහැණු
ළමයෙකුගෙන්...දුරකථන ඇමතුමෙන් ඉරේෂාගෙ වංචාකාර පෙම්වතා ගැන තොරතුරු කීපයක් සඳහන්
කරලා තිබුන නිසා ඔහුව අත් අඩංගුවට අරගෙන...එතැනින් ඉරේෂාව දූෂණය කල නරුමයින්
දෙන්නවත් අත් අඩංගුවට අරන්... අර
ඉරේෂාව රවට්ටපු නරුමයා අඩු වයසින්ම කසාද බැඳපු එකෙක්...
තාමත් නඩුව විභාග වෙනවලු.. ඉරේෂා
රැකියාව අත් හැරලා..නමුත් ඒ ඇඟුළුම් ආයතනයේ කරුනාවන්ත අධ්‍යක්ෂවරයා...ඉරේෂාට මාස්
පතා වැටුපක් ගෙවනවාලු..ඒ විතරක් නෙමේ...නඩුවේ වියදම් දරන්නෙත් ඔහු විසින්මලු...
දැන් මොන තරම් නඩු කිව්වත් වැඩක්
තියේයිද ? අර
නරුමයෝ හිරේ විලංගුවේ වැටෙද්දී සියල්ල සිදුවී හමාරයි..තිරිසනුන් රජයන ලෝකයක...
තිරිසන් ගති ඇති මිනිසුන් මැද්දේ අහිංසක ඉරේෂාගෙ ඉරණම ඒ විදියට විසඳිලා ගිහින්....
සිද්ධ උන දේට වරද පවරන්නෙ කාටද ? නොවැඩුන
මනසක් තිබුන ඉරේෂාව රැකියාවකට යවා ඉරේෂාගේ ආශාව මල්පල ගනවලා දුන්න දෙමාපියන්ටද ?
ඉරේෂාගේ මානසීක මට්ටම කෙසේ වෙතත්
සාමාන්‍ය තරුණියකට ඇති වෙන සිතුම් පැතුම් ඉරේෂාට ඇති වීම වරදක්ද ? එම
මානසීක මට්ටමේදී ඇය රැකියාවක් කිරීම වරදක්ද
? ආදරය
ඈ තුල ඇති වීම වරදක්ද ?
හ්ම්ම්ම්ම් !
(සත්‍ය කතාවකි)
:( මට හිතට එන ටික කියන්න බෑ...ඇත්තටම තරහයි දුකයි..
ReplyDeleteමේක දැන ගත්තම ඒ හැඟීමම මටත් දැනුනා...
Deleteමට නම් කියන්න පුළුවන් ... ඒත දැන් බෑ ... සති දෙකකට විතර පස්සේ ඇව්ත් මුලින්ම ගොඩ වැදුනට මොකද ලොකු කොමෙන්ටුවත් කොටන්න වෙලානෑ අක්කේ ...... තරහා වෙන්න එපා ... පස්සේ ඇවිත් කොටලා යන්නම්
Deleteදුක හිතෙන සිදුවීමක් !
ReplyDeleteමට මතකයි ඉස්සර දිල් අක්කත් මේ වගේ කතා ලිව්වා.
ලින්ක් එකක් එවන්න මධූ...මේ අර බට්ටි කියන දිල්අක්ක ද ?
Deleteදිල් බ්ලොග් එක වහල දැම්මා... බට්ටි කියන්නෙත් එයා ගැන තමයි...
Deleteහ්ම්ම්...ඒ බ්ලොග් එක අද අරියි හෙට අරියි කියලා බලන් හිටියට අරින පාටක් නෑ. :(
Deleteඅන්තිමට (සත්‍ය කතාවකි) දැක්කම නම්... හ්ම්ම්..
ReplyDeleteමම මේක දැනගෙන හරියටම සතියයි. ලියන්න ගන්න හැම මොහොතකම මට ඉරේෂාගෙ මූණ මතක් උනා...
Deleteඔය වගේ වැඩ කරන එවුන්ව එල්ලලා මරන්න තියෙන්නේ අර අරාබිකරයේ කරනවා වගේ විදවන්න දීලා.මං කැමතියි ලංකාවේ ආපහු මරණ දඩුවම ක්‍රියාත්මක කරනවනම්.
ReplyDelete'I Spit on Your Grave' - මේ ෆිල්ම් එක බලලා තියෙනවාද? ඒකෙ කතාවත් ඔය වගේ තමා.හැබැයි ඒ කෙල්ල පළිගන්නවා ඒ දේ කරපු එවුන්ගෙන්. හොඳ ෆිල්ම් එකක්.
//ඔය වගේ වැඩ කරන එවුන්ව එල්ලලා මරන්න තියෙන්නේ අර අරාබිකරයේ කරනවා වගේ විදවන්න දීලා.මං කැමතියි ලංකාවේ ආපහු මරණ දඩුවම ක්‍රියාත්මක කරනවනම්//
Deleteඅපේ පාලකයින් කවදාවත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ නෑ. ඒහෙම උනොත් වැඩිහරියක් මැරෙන්නෙ දේශපාලන හෙංචයියලනෙ...
//'I Spit on Your Grave' - මේ ෆිල්ම් එක බලලා තියෙනවාද?//
අම්මෝ...චුට්ටක් විතර බලලා නවත්තලා දැම්මා..ඒක හොල්මන් එකක්නෙ...ඒවා බලන්න මම බයයි. තනියම ඉන්න එකානෙ... :D
සංවේදී සටහනක් .... මේවා කරන එවුන්ට උල තියලත් මදි.....
ReplyDeleteරජ කාලේ එක දඬුවමක් ක්‍රියාත්මක කලානම්...මිනිස්සු වැරදි කරන්නත්...නීතියටත් බය වෙනවා...අපේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවද ? තියෙනවා නම් ඒ පාරේ දුවන වාහන අල්ලන නීතිය විතරයි...
Deleteහම්
Deleteමේවා ඇහෙන කොට මට හිතෙනව අලුගෝසු Job එක බාර ගන්න..
ReplyDeleteඑත් වැඩක් තියනවද එල්ලුම්ගහ නැහැනේ..
Deleteඑල්ලුම් ගහ තියෙනවා රෙහානි... චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉන්න කාලෙදී එකක් ගෙනාවනෙ...මම දැක්කා පත්තරයක තියෙනවා ඒ කඹය තියෙනවා කියලා... මිනිස්සු මරන්න කියනවා නෙමේ..ඒත් මිණිමරුවන්ටත් වැරදි කරන අයටත් දඬුවම් තියෙන්නෙ ඕනෙනෙ...
Deleteමිනිස්සුන්ගේ ආධ්‍යාත්මය තමයි දියුණු වෙන්න ඕනේ. එකෙක් අනෙකාට ගරු කරන්න උගන්නන්න ඕනේ.. මිනිස්සුන්ගෙ හිත් තමයි ලස්සන වෙන්න ඕනෙ, Fair & Lovely ගෑවට හිත් ලස්සන වෙන්නෙ නෑ.. මේ වෙන දේවල් වලට මධ්‍යත් වග කියන්න ඕනේ.
Deleteමරලා දාපියව් ඕකුන් ටික.
ReplyDeleteකවුද මරන්නේ ??
Deleteමරණ දඳුවම තමා ඉතින් හැබැ වදයට පමුනුවලා....නමුත් පොදුවේ ගත්තහම ගැහැනු ලමයෙක් උනත් ටිකක් රටේ ලොකේ ගැන දැණුවත්ව ජීවත්වීමත් වැදගත් මොකද තමන් පරිස්සම් උනානම් බොහෝ අවස්ථාවලදි ඔවැනි අවාසනාවන්ත අවස්තාවන් මගහැර ගන්නට ලැබෙන ඉඩකඩ වැඩිනිසා
ReplyDelete//නමුත් පොදුවේ ගත්තහම ගැහැනු ලමයෙක් උනත් ටිකක් රටේ ලොකේ ගැන දැණුවත්ව ජීවත්වීමත් වැදගත් මොකද තමන් පරිස්සම් උනානම් //
Deleteමේ ළමයා නොවැඩුන මනසක් ඇතිව ඉපදුන අයෙක් කියලා මම ලියලා තියෙනවා රාජ්...එහෙම අයට ඒ වගේ දෙයක දැනීමක් නෑ නේද ?
එහේමනම් අම්මා තාත්තට මීට වඩා වගකීමක් පැවරෙනව සහ ඔවුන් සමාජය ඒ කියන්නේ ඔවුන් ගේ වටපිටාවේ සිටින පිරිස් වලට මීට වඩා දැනුවත් කිරිමක් කරන්න තිබුනා මම අතේන්දි පොදුවේ කියල කතාකලේ මේ කතාවම ඉලක්ක කරලා නොවෙයි
Deleteහ්ම්ම්... අනේ මන්දා මේ මිනිස්සුන්ට හිතක් පපුවක් කියල එකක් නැද්ද කියල.... මේ වගේ දේවල් කරන්න කොහොම හිත හදා ගන්නවද මන්දා... :(
ReplyDeleteඒ වගේ මිනිස්සුන්ට අපි කියන්නෙ තිරිසනුන් කියලා සමනලී...උන්ට මිනිස් ආත්ම නෑ...
Deleteමොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ.. අනේ අර අසරණ දෙමව්පියන්ගෙ දුකින් බාගයක්වත් ගන්න පුළුවන් නම්!
ReplyDeleteඉරේෂාගෙ තාත්තා එක්ක කතා කලාට පස්සෙ මට පුළුවන් විදියට හිත හැදෙන්න වචන කීපයක් කියා ගන්න මට පුළුවන් උනා අක්කෙ..ඒත් ඉතින් තුවාලේ ඇති කෙනාටලුනේ වේදනාව...
Deleteහ්මි.. ඕනවට වඩා සංවේදි උනාම මට ලියන්න බෑ..
ReplyDeleteහ්ම්ම්ම්ම්ම් !
Deleteහරිම දුකයි .. මේ වගේ තිරිසන් මිනිස්සුත් ඉන්නවනේ.. අනිත් එක ඒ වගේ ළමයෙක් ඉන්න දෙමාපියනුත් ළමයා ගැන වැඩි සැලකීමකින් ඉන්න ඕනේ.. යමක් උනාට පස්සේ අඩලා දොඩලා පලකුත් නැහැ.. කොහොම උනත් මෙහෙම අපරාද කරන උන්ටනම් හොදක් වෙන්නේ නැහැ ..
ReplyDelete// අනිත් එක ඒ වගේ ළමයෙක් ඉන්න දෙමාපියනුත් ළමයා ගැන වැඩි සැලකීමකින් ඉන්න ඕනේ..//
Deleteඅනේ මන්දා චමියෝ.. හොයලා බැලුවේ නෑ කියන්නත් බෑ..ඒත් ආදර සම්බන්දයක් ඇති වේවී කියලා නම් දෙමාපියෝ හිතලා නෑ..ඒක මට කිව්වා..
මේ වගේ නරුමයන්ට උපරිම දඬුවම් දෙන්න ඕනි. ඔය වගේ දේවල් වලදී ලැබෙන දඬුවම් ප්‍රමාණවත් මදි කියලයි මට නම් හිතෙන්නේ. මම දන්නා කෙනෙකුත් ඉන්නවා ඔහොම සිද්ධියකට මුහුණ දීපු.
ReplyDeleteහැම දේම මුදලට යටවෙන කාලෙක අර අධ්‍යක්ෂ වරයා නම් රත්තරන් මනුස්සයෙක්.
//හැම දේම මුදලට යටවෙන කාලෙක අර අධ්‍යක්ෂ වරයා නම් රත්තරන් මනුස්සයෙක්.//
Deleteඒ පුද්ගලයා ගැන මම ටිකක් හොයලා බැලුවා..බොහෝම හොඳ මනුස්සයෙක්ලු. ගෙවල් ඒ පැත්තෙම උනත් දැන් පදිංචිය නම් ඇතුල් කෝට්ටෙලු. සල්ලි කාරයෙක් උනත් තවමත් මනුස්සකම් ඉතිරි වෙලා තියෙන එක ගැන අදහන්න වටිනවා...
අනේ නංගි....හදවත සසලවුනා මට හිතාගන්න බෑ මොනව ලියන්නද කියල..????
ReplyDeleteදෙමාපියනුත් වැරදිද මන්දා...ඒත් ඕය වගේ අය හිතිච්ච දේ කරන නිසා ...මුකුත් කියන්නත් බෑ...!
මේක මහ කුරිරු ලෝකයක් ලිහිණි....අපේ දරුවොත් මේ සමාජයටම නේද යවන්නෙ කියල හිතෙනකොට....බය හිතෙනව..!!!
මේ සමාජය එක ගැටෙන්න ඕනෙ පරිස්සමෙන් කියන එක දැනගෙන උන්නෙ නැත්තම් ඉවරයි...
Deleteහනේ බොහොම දුකයි... මේ වගේ නරුමයන්ට උපරිම දඩුවම් දෙන එක තමයි දැන් ඉතිං කරන්න තියෙන්නෙ... අපේ සමාජය දැන් ගැහුණු ළමයින්ට තබා පිරිමි ළමයින්ටත් නිදහසේ ජීවත් වෙන්න බැරි තරමට දූෂණය වෙලා...වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද මේ අමාරුව...
ReplyDelete.
කතාව ඇත්ත සිරා..
Deleteතරහටත් දුකටත් හිතට එන දේවල් අනන්තයි ලිහිණි අක්කේ. අනේ අර තිරිසන්නුට මොහොතකටවත් හිතුනෙ නැතිවද උන්ටත් සහෝදරියක් අම්මේක් දුවෙක් ගැහැණියක් ඉන්නවයි කියලා..? හිතක් පපුවක් නැති අමනුස්සයෝ.. මුන්ව නිකන් නෙමේ වද දීලා මරන්න ඕනේ.
ReplyDeleteහිතක් පපුවක් තිබුනා නම් මෙහෙම කරයිද නංගා.....
Deleteහෆොයි කාලකන්නියෙක් නිසා ජීවිතයක් විනාශ වෙලා.අර ගාමන්ට් එකේ බොසා නම් ජීවිතේට දකින්න ලැබෙන්නේ නැති මනුස්සයෙක්.
ReplyDeleteඔව්...ඒ මනුස්සකම් ඇති මනුස්සයෙක්....
Deleteකාලකන්නි...... මුන්ව මරන්න ඕනේ මරන්න පුළුවන් උපරිම දරුණු විදියට කාලකන්නි......
ReplyDeleteනීතියක් නැති රටක වැරදි කරන්න මොනවට බය වෙනවද කියලා උන් හිතනවා ඇති මල්ලි...
Deleteඔය වගේ උන්ව මරන්න ඕන ටිකෙන් ටික... ඒත් ඊට කලින් ඔය වගේ උන්ගෙ මානව හිමිකම් ගැන කියන දුක්වෙන උන්ව මරල ඉන්න ඕන... :)
ReplyDeleteමානව හිමිකම් ගැන පුරසාරම් දොඩවන කට්ටිය ගැන කතා කරලා වැඩක් නෑ... බොරුවට දඟලන එක විතරනෙ කරන්නේ..
Deleteපවු.... දුක හිතෙන කතාවක්..........
ReplyDeleteසමාජයේ වැරද්ද කිවුවට.... අපි හැමෝම ඔය කියන සමාජයේ කොටසක් නිසා වැරද්ද නිවැරදි කිරීමේ වගකීමක් තියෙනව........ බොහෝ විට ඔය වගේ අපරාධ සිද්ධ වෙන්නෙ ආගම දහමට නැඹුරුවක් නැතිකමින් හොඳ නරක නොදන්නා කමින්...... ළිහිණි ලිව්ව 'ගැහැණුකම..හංගන්නේ කෝම...' එකේ කියවෙන දේවලුත් ඔයිට අදාලයි. තව දේවල් බොහොමයි........
//බොහෝ විට ඔය වගේ අපරාධ සිද්ධ වෙන්නෙ ආගම දහමට නැඹුරුවක් නැතිකමින් හොඳ නරක නොදන්නා කමින්.....//
Deleteමේ කතාට මම එකඟයි... ආගමක් දහමකට බය භක්තිය තියෙනවානම් වැරදි කරන්න බය වෙනවා...
දරුණු ඇයි මේ තරම්...කුරිරු ඇයි මේ තරම් ... අහිංසකයින්ට ලොව නිතියෙන්...
ReplyDeleteමටත් වෙලාවකට එහෙම හිතෙනවා...
Deleteහදවතම කම්පාවෙලා ගියා ළිහිණි මේ කතාව අහලා. තමන් කාලෙකදි හරි ලගින්ම ඇසුරු කළ ඔබට ඇතිවන හැගිමත් මට හිතාගන්න හැකියි. වෙන මොනව කියන්නද ඇහැට කඳුළු වැටෙනවා.
ReplyDeleteඅවුරුදු ගාණකින් ආශ්‍රය කරලා නැති උනත්... කෙල්ල ගැන මට දුකයි...මාත් කෙල්ලක් හන්දා...මනුස්සයෙක් හන්දා...
Deleteමේවා කරන උන්ට කෙලින්න ඕන කිව්වම කස්ටිය අපිව මරාගෙන කන්න එනවා. මෙතන ඇවිත් දුක්වෙනවා. අනී මන්දා.....
ReplyDeleteකෝ ඒ අය...මට පෙන්නන්න...කවුද කියලා බලා ගන්න එක්කලා... :)
Deleteහ්ම්ම්... පවුකාර වැඩ.
ReplyDeleteපව්කාර වැඩ නේන්නම්...
Deleteඅම්මෝ මෙහෙමත් මිනිස්සු... මේවගේ උන්ට උපරිම දඬුවම් ලැබෙන්න ඕන. ඒත් ඉතින් අර ගැහැණූ ළමයාට වුනු විපත් ඒකෙන් පියවන්න බැහැණේ. ඕවා උසාවිවල උනත් අවුරුදු ගණන් ඇදෙන්න පුළුවන්. ඇරත් අර කීමක් තියනවානේ එක පාරක් දූෂණය වුනු කාන්තාවක් උසාවියේදි සියළුදෙනා ඉදිරියේ අසන අසීරු ප්‍රශ්න නිසා තවත් පාරක් එලිපිටම දූෂනය වන තත්වෙට පත්වෙනවාය කියා
ReplyDelete//ඇරත් අර කීමක් තියනවානේ එක පාරක් දූෂණය වුනු කාන්තාවක් උසාවියේදි සියළුදෙනා ඉදිරියේ අසන අසීරු ප්‍රශ්න නිසා තවත් පාරක් එලිපිටම දූෂනය වන තත්වෙට පත්වෙනවාය කියා//
Deleteමේ කතාව මාත් අහලා තියෙනවා...කපුටො වගේ ඉන්න කලු කෝට් කාරයින්ගෙ හරස් ප්‍රශ්ණ හන්දා...
කවදද අපි මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ!!!!!!!!!!?
ReplyDeleteදෙයියො දනී...අපි නොදනී තමා නාඩි...
Deleteමටනම් වචන ගලපගන්න බෑ ලිහිණි මේකට මොනවහරි ලියන්න. මෙහෙම අයට මරණ දඬුවම දීලා මදි.
ReplyDeleteඒත් එක්කම අර කම්හල හිමි කෙනාගේ කරුණාවත් අගය කරන්න ඕන.
මේ ආත්මයේදී නැත්තම් ලබන ආත්මයේදී හරි දඬුවම් ලැබෙයි සයුරි..ලෝක නීතියෙන් බේරුනත්...
Deleteහැමෝම කියලා තියෙනවා වගේ පුදුමාකාර තරහක් ආවා...
ReplyDeleteමට හිතෙනවා අම්මලා තාත්තලා තව ටිකක් පස්සෙන් හිටියානං හොඳයි කියලා.. අඩුගානේ ස්ටාෆ් වෑන් එකකවත් යැව්වනං... එහෙම නැන්නම් එක්කන් එන්නවත් ගියා නම්... එතකොට එයාට ලං වෙන්න හදන කෙනෙක් ඉන්නවා නං දැනගන්න තිබ්බා... මොකද ඔය වගේ ළමයෙක්ව වෙන කටහරි නම්මගන්න හරි ලේසියිනේ... පොඩි ළමයි වගේනේ... දැං අර කෙල්ල ගොළු වෙලා.. ජීවිතේ ගැන කොච්චර ලස්සනට හිතාෙගන ඉන්න ඇද්ද.. දැං ඉතිං ඒ අම්මයි තාත්තයි මොන තරම් විඳවනවා ඇත්ද.. ඇරුන් තුන් දෙනාව නම් මරන්න ඕනේ.. වෙන දෙන්න දඩුවමක් නෑ... ඒත් ඉතිං අර බැන්දයි කියපු එකාගේ ගෑණිත් ආයිත් ලෝකෙට මූණ දෙන්නේ කොහොමද...... ඇයි මුන් මේවා ගැන නොහිතන්නේ... කී දෙනෙක් ඔය වගේ දේකින් විඳවනවද.... මට නම් මේවා ඇහෙනකොට හිතෙනවා අර ලොක්කයියා කිව්වා වගේ අලුගෝසු ජොබි එක බාරගන්න...
හිරුවට පස්සෙ කට්ටිය දාලා තියෙන කමෙන්ට් ටික කියවලා බලන්නකෝ හිරූ...
Deleteකියන්න කිසිම දෙයක් නෑ අක්කේ... :( :(
ReplyDeleteහ්ම්ම්ම් ...
Deleteඅර තිරිසන්නු ගැන පුදුමාකාර වෛරයක් ඇතිඋනේ ලිහිණි....
ReplyDeleteඉරෙෂගේ හිත හැදෙන්න කරන්න තියෙන හොඳම දේ එයාට අර කර්මාන්ත ශාලාවට වැදත යන්න දෙන එක.. වැදක් නොකලත් නිකන් එ කට්ටියත් එක්ක ඉද්දි එයා හෙමින් හෙමින් යතා තත්වයට ඒවි... ඔයා කියල තියන විදියට ඒ ආයතනය හුඟාක් හොඳ තැනක් වගේ පේන්නේ
මම හිතන්නෙ ඉරේෂාගෙ ගෙදරින් ඒකට ඉඩක් නෑ. ඒ අයට උන දේවල් හැටියට එහෙම තීරණයක් ගත්ත එක සාධාරණයි වගේ..
Deleteකියවන්නත් ඕන.. වෙලාවත් මදි.. පස්සෙ ඇවිත් කියවන්නම්.. ඔන්න ෆලෝ පාරක් දාගත්තා..
ReplyDeleteස්තුතියි මේ පැත්තට ආවට .. :)
Deleteඅපොයි ඔහොම කරපු උන්ව මරලා වැඩක් නෑ.පුරුෂ ලිංගේ කපලා ජීවිත කාලෙම විඳවන්ඩ දෙන එක තමයි කරන්ඩ ඕනේ.අසරණයින්ව ඔය වගේ ඒවට ගොදුරු කරගන්න උන්ට දෙන්ඩ ඕනේ දඬුවම ඒක තමයි.
ReplyDeleteමේක තවත් එක කතාවක් විතරයි වගේ දිනුක මල්ලී..
Deleteලංකාවේ තියෙන නීතියේ ලොකු හිල් තියෙනවා නංගෝ. ඒවයෙන් රිංගන්න ඔය වගේ උන්ට ගේමක් නෑ. අපි නීතියේ පිහිට ඉල්ලන්න නොකැමති ඒ හේතුව නිසයි. නඩු තීන්දුව දැන් උනත් කියන්න පුළුවන්.ඒත් ඒක අර ගෑණු ළමයට සාධාරණයක් කරන්න ප්‍රමාණවත් වේවිද...?
ReplyDeleteසරා අයියා නිවාඩුවක් ලැබුනොත් අර පහල තියෙන කොමෙන්ට් ටිකත් කියවලා බලන්නකෝ...
Deleteමෙහෙමත් ලෝකෙකනෙ අපි ජීවත්වෙන්නෙ කියලා හිතුනා..
ReplyDeleteඔව් හරී..ඇත්තෙන්ම...
Deleteහොඳ සිහිබුද්ධිය තියන ගෑණු ලමයිනුත් අද කාලේ රැවටීම් වලට අහු වෙල හැටි දැක්කහම. ඉරේෂාගෙ වරදක් කියන්න බෑ. එකක් මෙවැනි වරදවල් කරන අයට ලැබෙන දඬුවම් ඉහිල් වැඩියි.
ReplyDeleteතව දෙයක් එන්න එන්නම මිනිස්සු මානසික විකෘතිතාවයට පත් වෙන ප්‍රවනතාව වැඩි වේගෙන යනවා. ඒයට හේතු හොයලා එතනටයි පිලියම් යෙදිය යුත්තේ.
එතකල් කොච්චර කාර්යබහුල තමන්ගෙ ලමයි වෙනුවන් නිතරම තම ඇස් කන් යොමු කරල තියන්න දෙමව්පියන්ට වෙනව.
// එකක් මෙවැනි වරදවල් කරන අයට ලැබෙන දඬුවම් ඉහිල් වැඩියි.
Deleteතව දෙයක් එන්න එන්නම මිනිස්සු මානසික විකෘතිතාවයට පත් වෙන ප්‍රවනතාව වැඩි වේගෙන යනවා. ඒයට හේතු හොයලා එතනටයි පිලියම් යෙදිය යුත්තේ. //
එහෙම වෙන්නෙ ඇයි කියන එකත් ප්‍රශ්ණයක් විදියට අපිට ඉතිරි වෙනවා ගිම්....අදටත්...ඉස්සරහටත්...
Ane ahinsakita wechcha de. Thirisan lokayak meka. Ki denekuta oya wage dewal karanawa athida.
ReplyDeleteඔව්...ඒක දවසකදී...මේ අපි දන්න දෙයක් හන්ද...නොදන්නා දේවල්...
Deleteහොඳ ලිපියක්.. සමාජය මේ වගේ තමයි... මේ වගේ විශයයක් කතා කරන්න බ්ලොග් අඩු කාලෙක ඔබේ ලිපිය අගය කරනවා නංගි...
ReplyDeleteස්තුතියි...
Deleteමේ වගේ තිරිසන් අධම මිනිස්සු අතරේ අපි ජීවත්වෙනවානේ. මේ දරුවන් ලෝකේ ගැන දන්නේ මොනවාද ? මගේ පුතා ඒ වගේ නිසා මම දන්නවා. ඔවුන්ට හැමෝම යාලුවෝ නෑදෑයෝ.. හිත් මල් වගේ පිරිසිදුයි.. අහිංසකයි. ආදරය පෙන්නන ඕනෙම කෙනෙක් විශ්වාස කරනවා. මුන්ගෙ හතර හන්දි කඩලා අවයව කපලා බෙල්ලේ එල්ලලා රට වටේ ගෙනිහින් දව වද දීලා මරන්න ඕනෑ.. .
ReplyDeleteසරත් අයියගෙ අදහස්වලින් මට පැහැදිලියි..අපිට වඩා මේ වගේ දරුවෙකුගේ මානසීක තත්වය සරත් අයියට වැඩියෙන් තේරුම් ගන්න පුළුවන් කියලා...
Deleteගොඩක් සංවේදී සිදුවීමක්. මිනිසුන්ට මෙහෙම හැසිරෙන්න පුළුවන්ද කියන එකයි මට ඇතුවූ පළමු ප්‍රශ්නය. එහෙත් මිනිස් සිත්වල ඇති සියලු මිනිස්කම් නැතිව ගියාම මිනිස්සු සත්තු වගේ හැසිරෙන එක අරුමයක් නෙවෙයි. කෙසේ නමුත් ඉතා කණගාටුදායක තත්වයක්. ඇයගේ මනස තවත් විකෘති වෙන්න ඇති මේ සිදුවීමෙන්.
ReplyDelete//මිනිස් සිත්වල ඇති සියලු මිනිස්කම් නැතිව ගියාම මිනිස්සු සත්තු වගේ හැසිරෙන එක අරුමයක් නෙවෙයි//
Deleteඒ අතරම මිනිසත්කම තිබුන අයත් ඉඳලා තියෙනවා ප්‍රියන්ත..අර කම්හලේ හිමිකරුවා වගේ අය..
මේ බ්ලොග් එකට ආපු පළවෙනි වතාව... කතාව කියෙව්වම මොනා කියන්නද හිතාගන්න බෑ.. :(((
ReplyDeleteස්තුතියි මේ පැත්තට ආවට :)
Deleteදූශකයෝන්ට මරණ දඬුවම දුන්නම ස්ත්‍රී දුෂණ නවතිවිද???? ඇත්තටම හිල් තියෙන්නේ නීතියේ විතරමද??? ලිංගිකත්වය මැජික් එකක් උන සමාජ ක්‍රමයක් ඇතුලේ, නිසි ලිංගික අධ්යාපනයක් නොලැබෙන සමාජ ක්‍රමයක් ඇතුලේ, ලිංගික ආශාවක් සංසිඳුවා ගන්න නිත්‍යානුකුල ක්‍රමයක් නැති සමාජයක් ඇතුලේ, මිනිස්සුන්ගේ සාරධර්ම බල්ලට යද්දී ගස් ගල් වලට වඳින, දෙයියෝ පස්සේ දුවන ආගමික නායකයෝ (රෑට රෑට සාමනේර පැටවුන්ගෙන් ආසාවල් සංසිඳුවා ගන්න ගමන්) ඉන්න සමාජ ක්‍රමයක් ඇතුලේ, සුදුරෙදි ඇඳන් ලෝකෙට බන කියන ගමන් හිතේ හැටියට බඩු ගහන දේශපාලුවෝ ඉන්න සමාජ ක්‍රමයක් ඇතුලේ... නිතිය විතරක් වෙනස් කරාම මේ ප්‍රශ්න විසඳේවීද???
ReplyDeleteඅදමයි මේ පැත්තට ආවේ... මොනම තත්වයක් යටතේ වත් මම ස්ත්‍රීදුෂකයෝ සාදාරණිකරණය කරා නෙමෙයි. මේ මට දැනුන දේ. ඒ වගේමයි මේ වගේ බුද්දි මට්ටමෙන් අඩු ළමයි නිසි පරිදි සමාජානුයෝජනය කිරීමට නිසි වැඩපිළිවෙලකුත් මේ සමාජ ක්‍රමය ඇතුලේ නෑ නේද???
//නිතිය විතරක් වෙනස් කරාම මේ ප්‍රශ්න විසඳේවීද??? //
Deleteමිනිස්සු සාරධර්ම ගති ගුණවලින් පිරෙන්නෙ නෑ...ආයේ කවමදාවත්...අඩුම තරමින් මේ තමයි දැනට කරන්න ඉතිරි වෙලා තියෙන එකම පිළියෙම...මට හිතෙන්නෙ එහෙමයි...රටක නීති රීති තද වෙද්දී අඩුම තරමින් ඒවට බය වෙලාවත් මේ වගේ දේවල් නවතියි..ටික ටික හරි...
දැන් මේ ලිපිය හැරදාලා කුරුල්ලො ඈතට පියාඹලා ගිහින් ඇති..
ReplyDeleteමෙතනදි අපි දකින්නෙ කෙල්ලගේ එක පැත්තකින් කතාව විතරයි...මානසික මට්ටමින් අඩු වුනත් ඉරේෂාට ලිංගික ආශාවක් තිබුනේම නැහැ කියලා අපිට නිගමනය කරන්න හැකියාවක් නැහැ....මෙතන මේක බලන සහ කමෙන්ට් කරන බහුතර කොල්ලන් මේ වගේ මන්ද මානසික කෙල්ලන් දිහා බලන්නෙ මොංගල් වේසියො කියන තැන ඉදන්..
මේ කවුරුත් මේ වගේ අසරණ කෙල්ලන් එක්ක යාලුවෙන්න හිතන්නෙවත් නැහැ.. ඉතිං ඒ අසරණ ගෑනු ළමයාට තිබුන ලිංගික අවශ්‍යතාවය සපුර ගන්න එයාට පුලුවං විදියට එයා ක්‍රමයක් හොයා ගන්න ඇති..
එයාට හමුවුන එයාගෙන් කැමැත්ත අහපු එකම පිරිමි ළමයා මේ වංචාකාරයා වෙන්නඇති.. එක පැත්තකින් ඔහු විසින් ඇය සමූහ වශයෙන් දූෂණ්‍ය කිරීම...ඇය සතු දේ පැහැරගැන්ම වැරදියි..
නමුත් මේ මන්ද මානසික තරුණියගේ ලිංගික අවශ්‍යතාවය මානසිකමය හිදැස සම්පූර්ණ කරන්න පෙනීසිටියෙ ඒ මනුස්සයා විතරයි..
අපි සමාජයේ තරමක් දැනුම් තේරුම් සහගත පුද්ගලයින් විදියට මේ ස්ත්‍රි දූෂනයක් අර ඇගේ වෛරය ෆිල්්ම එක වගේ කෝණයකින් බලන්න නරකයි.. ඒක ඇතුලෙ තියෙන යථාමය සිදුවීම් දෙස නිරීක්ෂණය කරන්න ඕනි..
නමුත් මේ වගේ සිද්දියෙක තියෙන නාටකමය ස්වරූපය තුලින් ඇති කුනු රසය උලුප්පා දක්වා පව්කාරයාට ගහන්න කස්ටිය ගල් එකතු කරගන්නවා විනා මේ සිදුවීම් වල ඇතුලාන්තය අනුව තමුන් වෙනස් වීමක් සිදුවෙන්නෙ නැහැ..
// ඉතිං ඒ අසරණ ගෑනු ළමයාට තිබුන ලිංගික අවශ්‍යතාවය සපුර ගන්න එයාට පුලුවං විදියට එයා ක්‍රමයක් හොයා ගන්න ඇති..//
Delete//නමුත් මේ මන්ද මානසික තරුණියගේ ලිංගික අවශ්‍යතාවය මානසිකමය හිදැස සම්පූර්ණ කරන්න පෙනීසිටියෙ ඒ මනුස්සයා විතරයි..//
ඔයාට හිතෙන්නෙ එහෙමද ? පුදුමයි...ඒත් මට තියෙන ප්‍රශ්ණය මේකයි...කොහෙන්ද මෙතැනට " ලිංගික ප්‍රශ්ණයක් " ආවේ කියන එක.... ?
// තරුණියගේ ලිංගික අවශ්‍යතාවය මානසිකමය හිදැස සම්පූර්ණ කරන්න පෙනීසිටියෙ ඒ මනුස්සයා විතරයි.. //
Deleteහරිම හොඳ මනුස්සයෙක් නේද?
අඩු මනසක් වර්ධනය වෙලා තියෙන්නේ අර නරුමයෝ තුන්දෙනාගේ..
ReplyDeleteඋඩ තියෙන කමෙන්ට් එකෙන් කියන්නෙ මේක ලිංගික ප්‍රශ්ණයක් අවශ්‍යතාවයක් නිසා කියලයි...
Deleteහ්ම්ම්ම් මොනවා කියන්නද කියලා හිතා ගන් බැ සංවෙදි ලිපියක්..
ReplyDeleteමේ වගේ මේ රටේ අහපු පලවෙනි කතාව නම් මේක නෙවෙයි. ලිවීමේ නිර්මාණශීලීත්වයක් මිසක් කතාවේ නම් නැවුම් බවක් දැක්කේ නැහැ. නරුමයින් ගෙන් ලමුන් මුදවන එක දෙමව්පියන්ගෙත් වගකීම
ReplyDeleteඑකෙක් දෙන්නෙක්ව ගෝල්ෆේස් ගෙනත් ගල් ගැහුවනම් මේවා 90% අඩු කරගන්න තිබ්බා. නැත්තං ඉතින් ප්‍රසිද්ධියේ එල්ලන්නයි තියෙන්නේ. ඒත් වැඩේ මේවා කරපු රටවල්ම ඇවිත් කියනවනේ කරන්න එපා කියලා.
ReplyDeleteamila chathuranga මම හිතන්නෙ නැහැ ඔයා තරම් හොඳට මේක විග්‍රහ කරන්ට මේ ගැන ඉගෙන ගත්ත විශේෂඥ වරයෙකුටවත් පුලුවන් කියල.
ReplyDeleteහරිම දුකයි ළිහිනි. මුංව උල තියල මදි. මගෙ නෑදැ කෙනෙකුගෙ මනස විකල් වු ලේලිය වත් කීප වතාවක් මේ විදියට ගෙනියල තිබුනා. එයාගෙනං ඒ රෝගයේ ලක්ෂණයක් අධික ලිංගික ආශාව කියල වෛද්‍යවරු කීවෙ. ඒ ලෙඩේ මන්ද බුද්දික ස්වභාවයක් නොවෙයි. හොඳට ඉඳල පසු කාලෙක ඇති වු දෙයක්.
ReplyDeleteමේ දැරිවි වෙනස් ස්වභාවයක කෙනෙක් මට හිතෙන හැටියට. මෙතැනදිමව් පියන්ට වගකියන්ට වෙනවා කෙල්ලට වෙච්ච දේ ගැන. ඔයිට වඩා සොයා බලන්ට තිබුනා. අඩුගානේ අය වැය ගැනවත් ඇහැක් තියලා තිබුනා නම් ඔහු වෙනුවෙන් කල වියදම් ගැන දැන ගන්ට ඉඩ තිබුනා.
හ්ම්ම්..
ReplyDeleteසමා හරහා
හිරූ දන්නවද..ඒ කතාවේ අන්තීමට මාර කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒ කමෙන්ට් එකේ හැටියට ඒ ගෑණු ළමයව අර මිනිහා රවට්ටලා නෑලු. ඒ ගෑණු ළමයගේ ලිංගික අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ ළමයට උදව්වක් කලාලු...
ඔන්න ඕක මොකක්ද බලන්න කියල අවේ...
මට නන ඇත්තටම පපුව හිරි වැටුනා.. ගොඩක් සංවේදී කතාවක්.. මොනව උනත්.. මේ වගේ.. එවුන්ට.. මේ අත්මෙදීම ඕව පඩිසන් දෙනවා..
ඔය වගේ කාලකන්නි,අවජාතක,නපුංසක,අධම,කුපාඩි වේ$^ බල්ලෝ හින්දා තමයි අක්කියෝ මේ රටේ පිරිමින්ට හෙනගහන කාලයක් උදා වෙලා තියෙන්නේ...එකෙන් අහිංසකයෙකුටවත් පාරේ බැහැලා යන්න බෑ...චික් කාලකන්නි...ඔවුවන්ව කෑලි කෑලි කපලා මරන්න ඕන...වල් කුපාඩි බල්ලෝ....මේක කියවද්දී පුදුම කේන්තියක් එන්නේ...නොදකින් කාලකන්නි....
ReplyDeleteආශාව තමයි ලිහිණි .පුදුම විදිහට අද කාලේ කොල්ලෝ උනත් බේරිලා ඉන්නේ.
ReplyDeleteසිහියෙන් ඉන්න කෙනෙක්ටවත් බේරෙන්න බැරුව ඉද්දි ඒ ළමය කොහොම
බේරෙන්නද ? අවංක ආදරේ මේ අපිටවත් හරියට හොයා ගන්න බැරි කොට
ඒ ළමය කොහොමද බේරෙන්නේ ? දෙමව්පියන්ට කරන්න තිබ්බේ එයාව
ඒ විදිහට තනි නොකරන්න.මේ සමාජය ගැන දැනුම අඩු කම නිදහසට කාරණාවක්
නෙවේ කොහෙත්ම.මන් නම් හිතන්නේ තවත් ඒ ළමයට දුක් නොදී උසාවි ගානේ
ගිහින් තව තව ඒ සිද්දි ටික අග ඉඳන් මුලටයි , මුල ඉඳන් අගටයි කියව කියව ඉන්නැතුව
වැඩක් ඇති දෙයක් කරොත් හොඳයි..( මන් කියන්නේ වැරදි කාරයන්ට බේරිලා යන්න
දෙන එක නෙවේ, මේ ලමයව විශේෂිත තත්වයක් සේ සලකල නඩු වාර සදහා අවශ්‍ය සාක්කි
වෙන ක්‍රමේකින් අරන් ලමයව උසාවි නොකැඳවීම)
ඔයත් කරන්න ඕනේ යාලුවෙක් විදිහට ගමේ ගිය දාකට ඒ ලමයගේ හිත හැදෙන්න
වචනයක් හරි කතා කරන එක.
නැත්නම් අපි මෙතන හනේ හපොයි ගෑවට ඒ ළමයට වෙන දෙයක් නැහැ!