චිත්‍රපට.. කතා පෙළක් එහෙමත් නැත්තම් series ටිකක් හැදෙන්න ගත්තම ඒ චිත්‍රපට බලන්න පේක්ෂකයෝ හුඟාක් උනන්දු වෙනවා.
එක චිත්‍රපටයක් බැලුවට පස්සේ ඒකෙ දෙවෙනි කොටස එනකල් කල්මරනවා. මේ කොටසේ මොනවා
වෙයිද ?
දෙවෙනි එකෙන් ඉවර වෙයිද එහෙමත් නැත්තම් තුන්වෙනි එකකුත්
ඒවිද කියන කුතුහලය හිත්වල ඇතිවෙනවා.
හුඟාක් වෙලාවට මේ series චිත්‍රපට බිහිවෙන්නෙ හොලිවූඩ් චිත්‍රපට හරහා.
Terminator, The Matrix, Mission Impossible,
Speed, Lord of the Rings, Harry Potter, The
Twilight Saga, The Dark Knight කියන්නෙ ඔය වගේ බොහෝම ජනප්‍රිය උන චිත්‍රපට කතා
පෙලක්.
හොලිවූඩ් චිත්‍රපට කතා පෙලක් හැටියට
බොහෝම ජනප්‍රිය වෙද්දී බොලිවූඩ් සිනමාව එහෙමත් නැත්තම් හින්දි සිනමාවෙත් චිත්‍රපට
කතා පෙලක් හැදෙන්න ගත්තා.
Razz , Doom , Don වගේ
හින්දි චිත්‍රපට පෙලකුත් ආවා. ඇයි
එතකොට අපේ සිනමාවේ ? දැන්
නැතත් ඉස්සර නම් ඔය දිගට හරහට ඔය වගේ ඒවා තිබුනා.
සුමනක්කලා රඟපාන අවදියේ ඇගේ වෛරය 1, ඇගේ වෛරය 2 , ගිණි ඇවිළුනු මධුසමය 1,2
එතකොට ටෙලි සිනමාවෙත් ඔය වගේ කතා මාලා
ඕනෑ තරම් තියෙනවනේ. විශේෂයෙන්ම ඉංග්‍රීසි tv
series.
ගීතයක ඒ වගේ වෙන්නෙම නැති තරම්නේ.
ගීතයක් කිව්වම ඒක එක ගීතයක් මිසක් දෙකක් කොහෙන්ද.. ඒත් දැන් ගීත අහන ගමන් බලන්නත්
පුළුවන් නිසා මේ බලන්නකෝ..
මතකද ගයන්තගෙ රවුන් කඩේ සින්දුව ?
පලවෙනි සින්දුව ඉවර වෙන්නෙ දෙන්න
කරත්තෙන් පැනලා යන තැනින්. ඊට
පස්සෙ ආපු රවුන් කඩේ 2
මේ රොමේෂ් සුගතපාලගේ දිගු දෑස දුටුවාම
අනේ ඉතින් දම්සාරි වාහනේකට හැපිලා
අන්තීමට දෙන්නට වෙන්වෙන්න වෙනවනේ..මෙන්න ඒකෙ ඉතිරි කොටස
දිගු දෑස 2 සිනාසෙන්න බෑනේ
කොහොමද වැඩේ ?
(ඔය
වගේ තවත් ගීත තියෙනවා නම් කියන්නකෝ)
Borne trilogy එනක් ඒ ගානට වැටෙනවා.. අර දම්සාරි 2 බැලුවේ නෑ දැං බලන්න ඕන..
ReplyDeleteBorne trilogy කියන්නෙ නවල් එකක් නේද ?
Deleteඅනේ බලන්නකෝ දේශා...ඔයාගෙ තනි ඇහැටත් ඇඬෙයි...
Jason Bourne කියන චරිතය වටා ගොඩ නැගුන චිත්‍රපට ඇත්තටම දැන් හතරක් තියනවා. තව දුරටත් ඒක trilogy එකක් නෙමෙයි. Quadrilodyයක්.
Deleteඔව් බං, ඒකට චිත්තරපටි හතරක් තියෙනා.. Bourne Supremacy, Bourne Identity and Bourne Ulitimatum බොහොම ලස්සන සීරිස් එකක්. මේ තුනේම ඉන්නේ මැට් ඩෙමොන් කියන නළුවා.. ඊට පස්සේ ගිය අවුරුද්දදේ එළියට දැම්ම ඒකේ හතර වෙනි එක Bourne Legacy. ඒත් එකෙනං වෙන හාදයෙක් ඉන්නේ.. අර තුන සුපිරි නං මේක අඤ්ඤකොරොස් කියලයි මට හිතෙන්නේ.. බලාපංකෝ මරු චිත්තර පටි සැට් එක. ඔය ඇමරිකන් කාරයෝ ලෝක දේශපාලනේ විනාස කරන විදිය නියමෙට තියෙනවා..
Deleteමගේ තනි ඇහැට කෙසේ වෙතත් තොගේ අර උඩම තියෙන පින්තූරේ තනි ඇහෙන් බලන් ඉන්න එක නං අල්ලන්නේ නෑ ගොය්යෝ.. හරිම සෙස්සි වගේ... හෙක්..
ආ...දේශා ඒ the bourne identity එකේ සීරිස් ටිකද...හප්පේ මම බලලා තියෙනවා. මට ඒක අමතක උනානේ..හැබැයි අන්තීමට ආපු The Bourne Legacy පුද්ගලයාව වෙනස් කරලා නිසා ටිකක් මංඤ්ඤං වෙනවා.
Deleteමොකද්ද බොල මගේ තනි ඇහේ සෙක්සි පින්තූරේ..හිටු බලන්න...
අලේ ...ඒක සෙක්සි ඇහැක්ද ? හි හි හී...මට පැලෙන්න හිනා බන්..
අඩේ......බලපුවහම ඔක්කොම linked list එකක් වගේනේ! :D මතක් උනොත් කියන්නම්කෝ.....
ReplyDeleteඒකනේ..තව ඔය වගේ ඇති අප්පා. මට මතක් වෙන්නෙ නෑනේ...
Deleteඇයි අනේ අර පෙනෙන නොපෙනනෙ සිංදුවේ දෙවනි එකකුත් තියෙන්නේ හිත දුර හන්දා කියලා
ReplyDeleteමේක තමා මටත් එක පාරට මතක් වුනේ.....
Deleteඅලේ...මම ඒක අහලා නෑනේ..
Deleteහිත දුර හන්දා නෙතු ලග හංගා සිහින ගණින හින්දා ...
Deleteතනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා ...
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..//
ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා
හිත දුර හන්දා .....
අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...
හිත දුර හන්දා .....//
මෙන්න හිත දුර හන්දා ගීතය
අහලා නෑ?? හපොයි.... මෙච්චර දවසක් කොයි ලෝකෙද හිටියේ........
Deleteවෙනස්ම සිතිමකට.හොයන්න ඕන
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හොයලා බලලා අපිටත් කියන්නකෝ..
Deleteපිළිතුරු ගී සම්ප්‍රදායක් නම් තිබුණා ටි එම් හා නිලා වික්‍රමසිංහ ගැයු.. ඒත් පස්සේ කාලේ ඒක සෝබන රැල්ලක් කළානේ කට්ටිය.
ReplyDeleteටී එම් ගෙත් නීලාගේත් ගීත වලට මම බොහෝම කැමතියි.
Deleteඅඩේ සිනාසෙන්න බෑනේ එකේ විඩියෝ එක දැක්කේ අද... සින්දුව අහලා තිබ්බට ඔය දෙක නම් ලින්ක්ඩ් කියලා මට හිතුනේ නෑ... කමක් නෑ කමක් නෑ.. කොහෙ හරි සතුටුදායක අවසානයක් නම් එච්චරයි... හි හි....
ReplyDeleteදිගු දෑස එකට නම් බොරු කියන්නේ මොකටද මටත් විඩියෝ එකට පළවෙනි පාර ඇඩුනා... අර කොලුවා කඳුලු පෙර පෙර අඬනවා දැක්කම... හි හි
අම්මපා අක්කේ කොල්ලෙක් ඔහොම හොටු පෙරනවා දැක්කමයි...
Deleteඌ හොටු කනවා
Deleteසිරාවටම ඌට නම් ඇඬෙන්න අඬන්න පුළුවන් හිරුවො..
Deleteඌ නං මහ පට්ට කොල්ලේක් නේද අනේ...
Deleteමට මතක විදිහට ජෝතිපාල මහත්තයයි සීටී මහත්තයයි දෙන්නා අතරෙත් ඔය වගේ සින්දුවලින් සංවාද වාද විවාද ගිහිං තියෙනවා.දෙන්නටම සින්දු ලිව්ව කරුණාරත්න අබේසේකර මහත්තයාගේ අදහසක් විදිහට වැඩේ උනා කියලයි කියන්නේ.
ReplyDeleteඅපේ සිංහල චිත්‍රපටිවලින් සීරීස් ගහන්නේ කොහොමද? ගහන චිත්‍රපටිත් ඔක්කොම එකම කතාව නළු නිළියෝ වෙනස් ඒවනේ.
ජොතිපාලයන් සමග මිල්ටන් පෙරේරා තමයි මම දන්න විදිහට නම් හරි..
Deleteමට මතක විදියට සීටී නෙවෙයි, මිල්ටන් පෙරේරා දිනුක... ඒ දෙන්නා කියපු ඒ වගේ සින්දු ගොඩක් තියෙනවා...
Deleteමේ සින්දු එකිනෙකට සම්බන්ධයි කියල දැනගෙන හිටියෙ නෑනෙ... ස්තුතියි ලිහිණි...
Deleteඇයි ජෝති මිල්ටන් අනංගවාදය
Deleteඅනේ ඉතින් ඔය කවුරු හරි ජෝතිගෙයි මිල්ටන්ගෙයි සංවාද සින්දුවක් දෙකක් දාන්නකෝ මොනවද බලන්න.
Delete@Miyuru
Deleteබොහෝම ආදරයෙන් පිළිගන්නවා අක්කව මේ පැත්තට..
http://www.elakiri.com/forum/showpost.php?p=12185320&postcount=1910
Deleteඅනංගවාදය
Deleteහරී දීල තියන URL එකම තමයි ලින්ක් එකක් විදිහට දැම්මේ... අන්තිමේ දෙන්නා 'අපි සංතෝසෙන් ඉන්නේ - දුක සෝකය නෑ දන්නේ.. අයියා මල්ලී වාගේ" කියලා අනංගවාදය අවසන් කලා.
සිරාවට මට නම් දිගු දෑස වීඩියෝ එක අජපල්....එකටම අර චිලියා හැමදාම වගේ මේ පාරත් කොපියක් ගහලා හදපු ලා රෝස එක ඊට වඩා අජපල්..ඒවා සින්දු වලට වඩා මෙගා ටෙලිනාට්‍යය වගේ...දැන් සින්දු හදන්නේ තනිකරම තනුවයි රුප රචනෙයි දෙක විතරක් පදනම් කරගෙන කොහේ හරි යන වචන සැට් එකක් කලාවන් කරලා ගහලා...අතරින් පතර සුපිරි සින්දුත් නැතුවාම නෙමෙයි....
ReplyDeleteවීඩියෝ එක පැත්තකට දාලා සින්දුව ගත්තොත් මම දිගු දෑස සින්දුවට කැමතියි. හැබැයි අර කොල්ලො අඬන ටින් ටින් ඒවා නම් දිරවන්නෙම නෑ. චිලීගෙ සින්දු මට නම් මෙලෝ රහක් නෑ. ඒ අතින් රොමේෂ් ඉන්නෙ චිලීට ගව් ගානක් උඩින්.
Deleteමේ ක්ලිප් ලෝඩ් වෙන්නේ නැතෝ..
ReplyDeleteඅලේ මට ප්ලේ වෙනවනේ...මම මේ දිගු දෑස 2 අහනා ගමන්..
Deleteප්‍රියාගේ "සුදු පරවි රෑන සේ" කියන එකට වලියක් ඇවිත් "බාල කාලේ ආයේ එන්නේ නෑ" කියලා එකක් ගැහුවා මිල්ටන්ගෙත් ගෑණු අයට වැරදි කියන එකක් තීලා පිරිමින්ටත් ඒ බ්ලේම් එකම දාලා එකක් ගැහුවා... මතක නෑ...
ReplyDeleteමිල්ටන්ගේ " දෙනෝදහක් සිටියද සරසවියේ " ගීතයට නම් පිළිතුරු ගීතයක් තිබුනා කියලා මතකයි. කියන්නෙ සංජීවනී වීරසිංහ " දෙනෝ දහක් ගැවසෙන සරසවියේ " කියලා. හැබැයි ඒවා පිළිතුරු ගීත මිසක් සීරිස් එක නම් නෙමේ
Deleteඅනංග සටන (නම හරියටම මතක නෑ) කියලා ජෝතිපාල මහත්මයයි මිල්ටන් පෙරේරා මහත්මයයි අතරත් ගීත වාදයක් වගේ එකක් තිබ්බා. ගීත රචනා කරේ කරුණාරත්න අසේකරයන්.
ReplyDeleteජෝතිපාලයන් ගායනා කරන
//පෙම්වතුන්ට සරනේ අනංගයා මම වේ -පෙම් සටනෙන් පැරදි දොස් නැගීම වැරදී//
ගීතය
මිල්ටන් පෙරේරා ගායනා කරන
//සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා - ඔය අනංගයා තමයි මහා පෙම් හොරා//
ගීතයට පිළිතුරු ලෙස ගායනා කෙරුනක්.
ඔය වාදයේ තව ඒ වගේ ගීත කිහිපයක් තිබ්බත් මතක් වෙන්නේ නෑ.
පෝස්ටුවේ කියලා තියෙනවා වගේ ගීත දෙකක් බාතිය සන්තුෂ් දෙපලගෙනුත් ඉදිරිපත් වුනා වගේ මතකයක් තියෙනවා..
භාතිය සංතූෂ්ගේ ගීතයකුත් තියෙනවා කියලා මටත් මතක උනාට ගීතය හොයා ගන්න වචන මතක නෑ අප්පා..
Deleteඔය අනංග ගීත නම් අහලා තියෙනවා. තේතුව නම් දැනගෙන උන්නේ නෑ. ස්තුතියි බණ්ඩා..
සිරාවට.. ඒකන් එල අයිටම් එක ඈ.. :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේකත් " දැවෙන " ප්‍රශ්ණයක් රජෝ..පෙට්‍රල් ගහලා හරි උත්තර හොයන්න වෙනවා :b
Deleteමාරියෝ වයිනන් කියන I Dont wanna know
ReplyDeleteඑකට ශෝලා අමා කියනවා You Should Really
know .. කියල ..
තව කෙවින් ලිට්ල් ගේ ටර්න් මි ඕන්
එකට ටූ ප්ලේ කියනවා යු ගොට් මී රෝන්ග් කියල..
තව ඔය වගේ ගොඩක් progressive සින්දු තියෙනවා 94 වගේ
පස්සේ ආපු .ඒත් ඒවා ගැන කිව්වට වැඩක් නැහැ , අඳුනන්න
අමාරු වේවි ඒ සින්දු ..ඒවා club version ..
හැබැයි ශෝලා කියන එක නම් ඔර්ජිනල් එකට වඩා ලස්සනයි ..
I don't wanna know
Delete// If you're playin' me, keep it on the low
Cause my heart can't take it anymore
And if your creepin, please don't let it show
Oh baby, I don't wanna know...//
// You should really know
I ain't playin you
Babe you gotta know
Cause your love is all im living for //
මේ ගීතත් ගීතයට පිළිතුරු ගීත මිසක් එකම ගීතයේ දෙවෙනි කොට නෙමේ කියලා මට හිතෙනවා. මම කිව්ව ගීතවල තියෙන්නෙ එක ගීතයක් ඉවර උන තැනින් ආයෙමත් ආරම්භයක් වගේ..
ඉස්සර පාලිත සිල්වා රගපාපු ටෙලි සීරිස් එකක් තිබුනා කීටයා කියලා...මට මතක විදියට කීටයා 1,2,3 දක්වා වැඩේ දුරදිග ගියා...රහස් පොලිස් චරිතයක් තමයි පාලිත රගපෑවෙ...මදුරු කීටයො තමා ගෙවල් ගානෙ ගිහින් හෙව්වෙ...මට ඒ මතකය තමා අලුත් වුනේ...
ReplyDeleteකීටයා ගැන මටත් මරු මතකයක් තියෙනවා... ඕකේ සමහර සීන් කළේ අපේ ගෙවල් පැත්තේ... පිස්සු නාට්ටියක් ඒක.. හි හි...
Deleteමම හිතන්නෙ මම නම් බලලා නෑ. හැබැයි කීටයා කියලා ටෙලියක් තිබුනා කියලා නම් මතකයි.
Delete
Deleteමචන් සිරා ඔහොම කියද්දී මතක් උනේ ඔකද මන්ද
තව ඔය වගේම කේස් එකක් ගියා නේද කෙල්ලගේ
මිණිය තියෙන්නෙත් කාර් එකේ ඩිකියේ ..
දැන් අවුරුදු 12 කට ලොවෙත් එහා ..
මට නම් ඉන්න නළුවෙක් වත් මතක නැහැ .
ඔච්චරයි මතක ..ඒකෙ හිටපු පොලිස් ඔෆිසර්
ඇත්තටම පොලිස් ඔෆිසර් කෙනෙක් අනික ..
මගේ හිතවතෙක් උන්නා ඔය විස්තර ටික
ගන්න , ඒත් දැන් එයා නැහැ ..
හැබැයි ඒකෙ පාලිත හිටියේ නැහැ .:D
Deleteඒ කාලෙ සහන් රූපවාහිනී චැනල් මේ වගේ ගොඩාක් තිබුනෙ නැති නිසාත්...මෙගා වසංගතේ ඇවිල්ලා තිබුනෙ නැති නිසාත්...කීටයා සෑහෙන්න ජනප්‍රිය උනා...මට මතක විදියට ඒක අධ්‍යක්ෂණය කලේ චන්ද්‍රරත්න මාපිටිගම මහතා...දැන් කෝ පාලිතලා වගේ වේදිකාවෙන් රංග වින්‍යාසය මැනවින් හදුනාගත්ත නියම නලුවො...නපුංසක පෙනුම තියෙන පියරු බබාලනෙ දැන් නලුවො කියලා වැඩි හරියක් ඉන්නෙ...
Deleteමගේ සින්දු දෙක තාම ඔයාල බලලා නැද්ද?
ReplyDeleteඅනේ ගොඩාක් ස්තුතියි.. එපා...
Deleteතාම කවුරුවත් බැළුවේ නෑ කියලා ඕකා අඬ අඬා බං ඉන්නේ. මම කිවුවේ දෙක....
Deleteඑපා අනේ...මට වෙලාවක් නෑ...හි හි හී
Deleteමම මේ කිව්වේ ඔයාගෙ සින්දු දෙක..නැතිව සරා අයියා කියන " දෙක " එහෙම නෙමේ ඔන්න.. :p
බොලාලගේ ඊරිශියාව :/
Deleteඅනේ පවන්..
ReplyDeleteදම්සා.....රීඊඊඊඊඊඊ..
Deleteඒ උනාට ඒ සින්දු දෙකම ලස්සනයි හරියො..
ශ්‍යාමි නදීෂා ගැහුවේ සීගිරියේ කුරුටු ගීත කියලා ඇල්බම් එකක්ම. එතකොට "රත්තරනේ ඔබ පොඩියක්" කියලා සින්දුවකත් කොටස් තුනක් විතර ගියේ. හැබැයි ඒවා එකම තනුවට ගහපුවා.
ReplyDeleteඅර දෙවෙනි සින්දුව අහලා බලන්න ඕනි.
//"රත්තරනේ ඔබ පොඩියක්"//
Deleteඒක නන්දා මාලිනීගෙ වගේ කට හඬ තියෙන පිරිමි කෙනෙක් කියාපු එකක් නේද අකම් ?
ඔව් ඔව් ලිහිණි. අමිල් තරංග තමයි ඒක කිව්වේ.
Deleteහික් හික් මම ආසම සින්දුවක් දිගු දාස දුටුවාම කියන සින්දුව.
ReplyDeleteඔව් ඉතිං උඹත් හොටු පෙරා ගෙන බනියා ඔතාගත්ත එකා නෙව...
Deleteඒකට වඩා මගෙ හිත ගියේ දෙවෙනි එක..සිනා සෙන්න බෑනේ..
Delete@දේශක යා
Deleteරුසියාවට වඩා ලොකු එක උඹ ලඟ තියෙන්නෙ දෝශෝ .. ;b
ආයෙමත් ආදරෙන් 2 අහල නැද්ද?.
ReplyDeleteඔන්න බස් අජිත් ගේ ගෝලයෙක් ඇවිත්..හෙක්... අහල නෑ බං.. ආත්මගේ නෙවද???
Deleteආත්මගේ තමයි මචං..
Deleteමමත් ඔන්න ඊයේ තමා ඒක ඇහුවෙත්. ඒකත් සීරිස් එකක්. දෙවෙනි කොටස..
Delete"සිනාසෙන්න බෑනේ " සිංදුවෙ වීඩියෝ එක දැක්කෙ අද.. හ්ම්ම්ම්
ReplyDeleteරවුම් කඩේ නම් මට පේන්න බෑ.. ඈ..ක්කා
ඇයි අනේ එහෙම කියන්නේ පබා හරි දගකාරයි නෙව...
Deleteයසිත්ට පේන්න බැරි " රවුන් කඩේ " විතරයි දේශෝ..පබාව නෙමේ...
Deleteතියෙනවා තියෙනවා ළිහිණියෝ. සරා දෙන්නම් ඇතිවෙන්න. හැබැයි ඕං කලබලේට නම් බැහැ. එහෙම ඒවා තිබුනා දැනට කාලෙකට කලින්.
ReplyDeleteඑහෙනම් අපිට පෙස්ටුවකින් බලා ගත්තෑකි වගේ..ඒත් සරා අයියා පිළිතුරු සින්දු නම් නෙමේ..ඒකම සින්දුවේ දෙවෙනි කොටස...
Deleteරවුම් කඩේ නම් දෙකම බලල තිබුන. අනිත් එක නම් අද තමයි..."ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ" සින්දුවේ තව එකක් තියනවා. ඒත් මට වචන මතක නෑ.
ReplyDeleteදෙවෙනි සින්දුවෙන් කියවෙන්නේ ඒ කොල්ලෝ කඩේ ළඟ හිටියත්, හොද කොල්ලෝ කියල.. ලස්සන කතාවකුත් තියනවා ඒක පිටිපස්සේ.
ගමේ කෝපි කඩේ නම් අහලා තියෙනවා. චන්දන කියන එක නම් දන්නෙ නෑ. වචන ටික හොයා ගන්න බැරිද ?
Deleteමං රිප්ලයි නොකලේ ඒක හොයලම දාන්න කියල. වචන ටික හොයාගන්න නම් බැරි වුනා. ඒත් සුමිත් අයියා රාජ් ගෙ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් හම්බ වුනා.
Deletehttp://raj1st.blogspot.com/2012/05/blog-post_18.html?showComment=1337338431289#c7348750429874141465
අනේ මන්ද..!
ReplyDeleteඔන්න ලිහිණි සිංදුත් එපාකරන්න හදනව මෙගා කරල..!
ඔතනින් නවතීද...නැත්තම සීසන් 3 කියලා තව සින්දුවක් ඒවිද දන්නෙත් නෑ වීයෝ..
Deleteඇයි ළිහිණි එක කාලයක් තිබ්බේ පිළිතුරු ගී කියලා මල සමයං වගයක්.
ReplyDeleteඔව් ඔය පිළිතුරු ගී නම් මට මතකයි ඩූඩ්. ඒත් මේක එක ම සින්දුවේ දෙවෙනි කොටස නිසා ටිකක් වෙනස්. අර සරා අයියලා කියන්නෙත් සින්දුවකට හදපු පිළිතුරු ගී කියලා මට හිතෙනවා..
Deleteදැං මල් සින්දු, පිළිතුරු සිංදු එක එක රැලි ආවා නෙව් ඩුඩෙ..මට හිතන්නේ ඊළග සීරිස් එක පළතුරු සින්දුද මන්ද.. අපරාදේ බං උඹ පිළිතුරු ගී කියල වැරදියට ලියල නෙව...
Deleteමාත් මේ ලගදි "හිත දුර හන්දා" සිංදුව (පෙනෙන නොපෙනන සිංදුවේ දෙවැනි කොටස) අහන ගමන් කල්පනා කරපු එකක් තමයි ඕක. දැන් ඒකත් කලාවක් වෙලා.......
ReplyDeleteමම ඒ සින්දුව ගැන දැනගත්තෙත් ශම්මි කිව්වට පස්සේ. සින්දුව නම් රේඩියෝ එකේ යනවා ඇහිලා තිබුනත් පෙනෙන නොපෙනෙන එකේ දෙවෙනි කොටස කියලා දැනගෙන උන්නෙ නෑනේ..
Deleteචන්චලාගේ දෙවැනි කොටසත් ආව නේද? රවුන් කඩේ සින්දු දෙකටම මම කැමතියි :)
ReplyDeleteධම්සාරිගේ වීඩියෝව ගැනනම් මුකුත් කියන්නේ නෑ.
ඔයාල දැකල ඇති නේද පින්සාරි සහ සපුමල්ගේ කතාව?
http://www.youtube.com/watch?v=Y-kN9vPVa4A
අම්මෝ...සයුරි...මට පැලෙන්න හිනා ඒ සින්දුව අහලා... අනේ දෙයියනේ මෙහෙමත් සින්දු තියෙනවනේ...කොහෙන්ද අනේ ඔයා මේක හොයා ගත්තේ...හි හි හී
Deleteසිරාවටම මම මේක අදමයි දැක්කෙ සයුරි..
අද අපේ තාත්ත ගෙදර ඇවිල්ල කියන එකද මේ ?
Deleteඔව් ඔව්..ඒක තමා. ඉල ඇදෙනකල් හිනා වෙන්න පුළුවන් ඒක බලලා...:D
Deleteහිහි...ඔව් අප්පා මමත් ඕක 10 පාරකට වඩා බැලුවා. කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා කරන එකක් වගේ. හැකියාවක් තියනවා උන්ට :)
Deleteහික්.... ඔය සිංදුව මාත් මුලින්ම අහපු දවසේ මටත් පණ යනකන් හිනා ගියා...... :)
Deleteවීඩියෝ ඩිරෙක්ටින් කරලා තියෙන්නේ Atunes Fබ් එකේ තියනවා ගෘප් එකක්
Deleteමාත් කාලෙකය් අකලින් ලිවුවා කොටස් දෙකක් තියෙන කවියක්..... ;)
ReplyDeleteඒවා අපිත් කියෙව්වා :)
Delete"මා දෑසෙ වේදනා - ඔබ දෑසෙ පෙම් සිනා" කියන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන ගීතයට "ඔබ දෑසේ වේදනා - මා දෑසෙ නැත සිනා" කියලා පිළිතුරු ගීයක් කවුරු හරි කිව්වා..
ReplyDeleteරූකාන්ත ගායනා කරන "කඳුලු බිඳක් මා වෙනුවන් - නොසැලෙන්නයි ඔබේ ඇසින්" ගීතයට චන්ද්‍රලේඛා ගායනා කලා "කඳුලු පොදක් ඔබ දෑසේ - නොසලණු මැන මා වෙනුවෙන්" කියලා.
මම හිතන්නේ තිසර ඒවා ඔක්කොම පිළිතුරු ගීත විතරයි. එකම සින්දුවේ දෙවෙනි කොටස නෙමේ වගේ..මේ සින්දු දෙකේම තියෙන්නෙ නවත්තපු තැනින් ආයේ දෙවෙනි කොටසක් තියෙන එක. විෂූවල් එක හදලා තියෙන්නෙත් එහෙමනේ...
Deleteහි හි ඔයාටත් මාර දෙවල් හිතෙන්නෙ... :)
ReplyDeleteඒකනේ..සින්දු අහන ගමන් ඕවාත් හිතෙනවා අප්පා :)
Deleteපිළිතුරු ගී ගැන මතක් වුනාට මේ වගේ දෙවනි සීරිස් එක ඇහුවෙ අද..ස්තුතියි ලිහිණි බෙදාගත්තට..
ReplyDeleteඔව් රූ. මමත් පිළිතුරු ගී නම් හුඟාක් අහලා තියෙනවා උනත් සීරිස් තියෙනවා කියලා දැන ගත්තෙ මේ සින්දුවලින් තමා..
Deleteගීත කොටස් දෙකකට යැවීම මට හිතෙන්නේ මාකටිං වල කොටසක් කියලා. එතකොට පලවෙනි එක හින්දා දෙවෙනි එකට පොඩි ගැම්මක් ලැබෙනවා. මේ වගේද ගී තනු වලට වචන වෙනස් කරලා ගහන සිංදු. ඔය දිගු දාස සින්දුවට පස්සේ ආව ප්‍රතිපලය දුටුවාම .. කියලා. ආ කියන්නම ඕනේ දෙයක් තියෙනවා මේ රොමේෂ් සුගතපාල කියන්නේ පුදුම නිහතමානි කොල්ලෙක්. මගේ යාලුවෙක්ගෙ සැලෝන් එකට එනවා. මට වෙඩින් එකකදී මුණ ගැහුනා. මගේ යාළුවා කිව්වා කතා කරන්න කියලා. මම කතා කලා. බොරු ෂෝ නැති හරිම අහිංසක චරිතයක්.
ReplyDelete//ගීත කොටස් දෙකකට යැවීම මට හිතෙන්නේ මාකටිං වල කොටසක් කියලා. එතකොට පලවෙනි එක හින්දා දෙවෙනි එකට පොඩි ගැම්මක් ලැබෙනවා.//
Deleteඅනිවාර්යෙන්ම සුදීක..ඒකෙ ආයෙ කතා දෙකක් නෑ..
රෝමේෂ් සුගතපාල බොහෝම හොඳ කෙනෙක් විත්තිය මමත් අහලා තියෙනවා..
ලිහිණි මට නම් සින්දු දෙක තුනක් ම මතක් උන. ක්ලැරන්ස් විජේවර්ධනගේ ගමෙන් ලියුමක් ඇවිල්ලා හා මගේ දයාබර අක්ක ගීත දෙක. එතකොට සංගීත් විජේසුරියාගේ නිවාඩුවටත් ගීතයට සශිකා නිසංසලා ගේ මේ ගම්මානෙන් ගීත. තව කළු කෙල්ලේ ගීතයට ඉන්ද්‍රානි පෙරේරා ගයන නෙතු යුග රන්තරු
ReplyDeleteක්ලැරන්ස් විජේවර්ධනගේ ගමෙන් ලියුමක් ඇවිල්ලා අහලා තිබුනත් ඔයා කියන දෙවෙනි සින්දුව නම් අහලා නෑ කල්පනා. ඒක හොයලා අහන්නම්. ශශිකගෙ සින්දුව නම් සංගීත්ගේ සින්දුවට හදපු පිළිතුරු ගීතයක් කියලයි මම හිතන්නේ. ඒකම සින්දුවේ දෙවෙනි කොටස නම් නෙමේ වගේ..
Deleteආත්මගේ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් එකේ දෙවෙනි එක හිත දුර හින්දා.
ReplyDeleteඒකනේ රයිටර්. මම ඒ සින්දුව අහලා තිබුනට පෙනෙන නොපෙනෙන ඒකේ දෙවෙනි කොටස කියලා දැනගෙන උන්නේ නෑනේ..
ReplyDeleteඇයි හත්දෙය්යනේ ෆිල්ම් ගැන කියනකොට fast and furious අමතක කලේ ,මං ඒ ගැන පොස්ට් එකකුත් ලීවා නෙව..අධිවේගයේ සන්ත්‍රාසය - The Fast and The Furious
ReplyDeleteඔව් ඔව් ඒකත් තියෙනවා තමා. මට ඒක අමතක උනේ නෑ. දාන්න තව ලිස්ට් එකක්ම තියෙනවා ... :) ඇයි එතකොට Death Race ?
Deleteලිස්ට් එකම දාන්න ගියා නම් මට සින්දු දාන්න වෙන්නෙ නෑනෙ අප්පා...
ශෂිකා ගෙ මල් සිංදුවට පිළිතුරු ගී නම් 2-3ක්ම ආවා වගේ මතකයි..!
ReplyDeleteඒත් අවුල මුල කොටස් අමතකයි නෙ.. :D
ඒත් ඒවා පලවෙනි සින්දුවේ දෙවෙනි කොටස් නෙමේ නේද නන්ඳු ? අර ඔයා කිව්වා වගේ පිළිතුරු ඒවා..
Deleteඇයි ආත්මා ලියනගේ ගෙ ආයෙමත් ආදරෙන් එකේ 2 සිත දුර හන්දා
ReplyDeleteඔව්. ඒක දැනගත්තෙ පස්සෙනේ ගිම් ;)
Deleteමට නම් එහෙම ගීතවලට හදපු පිළිතුරු ගිට ගැන වැටහීමක් නැහැ. තනි ගීතය විදිහට රසවිඳීම හොඳයි කියලයි මටනම් හිතෙන්නේ.
ReplyDeleteදැන් ඉතින් මුදල ඉලක්කර කරගෙන ගීත හදනවා මිසක් මිනිසුන්ගේ රස වින්දන ගැන තැකීමක් නෑ නේ..
Deleteපිළිතුරු ගීත නම් ඕන තරම් අහල තියෙනවා.
ReplyDeleteසන්ගීත්ගෙ "නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නෙ..." සිංදුවට කියපු පිළිතුරු ගීය( "මේ ගම්මානෙන් ගියේ ඔබ..") අපුරු සුසංයෝගයක්.....
සුගතපාල ගොයියා අඩන විදිහ දැක්කම හිනා යනවා :D
මම දාපු කමෙන්ට් එකට මොකද උනේ අනේ....ඉහි ඉහි....
ReplyDelete