මාව කියවන අය අතර..

13 December 2012

ලෝක විනාශය සිදුවනවාද ? අප විනාශය ලඟා කර ගන්නවාද ?



අප ජීවත් වෙන ලෝකයේ ඇරඹුම මෙන්ම අවසානයද කවදා කොයි ආකාරයෙන් සිදුවේදැයි සොයන්නට මිනිසා පෙළඹුනේ අද ඊයේ නොවේ. ලෝකයේ ආරම්භය මෙන්ම අවසානයද කවර ආකාරයෙන් සිදුවේදැයි යන ගැටළුවට නොයේක් පිළිතුරු ඒ ඒ යුගවල ජීවත් වූ ආගමීක ශාස්තෘවරුන්  මෙන්ම දාර්ශිකයින්ද තමන්ගේ අදහස් පෙන්වා දී තිබේ.

මීට වසර 58කට පමණ පෙර පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලද සෙල් ලිපියක් ඇසුරෙන් කල පරීක්ශණයන් අනුව අප ජීවත් වන ලෝකයේ අවසානය 2012 වසරේ දෙසැම්බර් මස 21 වෙනිදා සිදුවන බව ඔවුන් කියයි. නමුත් ඒ කුමන ආකාරයටදැයි සඳහනක් නැත.

ලොවපුරා මිනිසුන්ගේ අවධානය දිනා ගන්නා ලද එම දිනය මායා ශිෂ්ඨාචාරයේ ජීවත් වූ  මායාවරුන්ගේ සෙල් ලිපියක සඳහන් වූ මායා දින දර්ෂණයක සඳහන්  බව ඒ පිළිබඳව සොයා බැලූ විද්‍යාඥයින්ගේ අදහස වුවද ඇත්තෙන්ම 2012 දෙසැම්බර් මාසයේ 21 දා මේ කියන ආකාරයේ ලෝක විනාශයක් සිදුවේදැයි අප බලා හිඳින්නෙමු..

මායා ශිෂ්ඨාචාරය යනු වර්ථමාන දකුණු ඇමරිකානු අර්ධද්වීපයේ මෙක්සිකෝව , ගෝතමාලාව , එල්සෙල්වදෝරය හා උතුරු බ්‍රසීලය යන රටවල් පිහිටි ප්‍රදේශයන් ආශ්‍රිතව පැවති වසර ක්‍රි.පූ 3000 වෙනි වසරට පමණ ඈත අතීතයේ ඉතාමත් දියුණු ශිෂ්ඨාචාරයක් බව සොයාගෙන තිබේ. 
                                 
                                               මායා ශිෂ්ඨාචාරය



මෙම ශිෂ්ඨාචාරයට අයත් මිනිසුන් ඉතා දියුණු දින දර්ශණ පවා භාවිතා කර තිබූ බවට සාක්ෂි ලැබී තිබේ. මායා වරුන්ගේ දින දර්ශණ අනුව එක් දින දර්ශණයක් දින 260 ක්ද අනිත් දින දර්ශණය දින 365 කින්ද සමන්විතයි. ඊට අමතරව ඔවුන් තවත් විශේෂ දින දර්ශණයක්ද බාවිතා කර ඇත. එය නම් කොට ඇත්තේ Long Count Calendar යනුවෙනි.

                                                   Long Count Calendar

මෙම විශේෂ දින දර්ශණය ඔවුන් නිර්මාණය කර ඇත්තේ වර්ෂ 5125 ක කාලසීමාවකට යටත්වය. ඔවුන්ට අනුව එය ලෝකයේ මිනිස් ශිෂ්ඨාචාරයේ එක් යුගයක ආරම්භය සහ අවසානය සිදුවන කාල පරාසය ලෙස සලකනු ලැබේ. ඒ අනුව මෙම Long Count  Calendar  නැමති දින දසුන අනුව මෙම මායා දින දර්ශණයේ ආරම්භක දිනය වන්නේ ( මායා ශිෂ්ඨාචාරයේ ආරම්භය ) ක්‍රි.පූ. 3114 අගෝස්තු මස 14 දින ලෙස ගණන් බලා තිබේ. එවිට එහි අවසාන දිනය වන්නේ 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදාය.

                                                 පාකල් වෝටන් 

මේ මතභේදයට තුඩු දුන් කරුණු සඳහන් සෙල් ලිපියේ හිමිකරුවා වන්නේ පාකල් වෝටන් ( Janaab Pakal Votan) නැමැති මායා ශිෂ්ඨාචාරයට අයත් රජ කෙනෙකි. ක්‍රි.වර්ෂ 603 දී ඉපිද වසර 80 ක් ජීවත් වූ පාකල්  පඬිවරයා වසර 52ක් මෙක්සිකෝවේ පාලකයා ලෙස කටයුතු කොට තිබේ. තාරකා විද්‍යාව , ජෝතිෂය පිළිබඳව මනා දැනුමකින් පිරිපුන් වියතෙකු ලෙස හැදින්වෙන මොහු පිළිබඳව තොරතුරු මුලින්ම ලෝකයට අනාවරණය වන්නේ 1949 දී මෙක්සිකෝවේ පුරා විද්‍යාකැණීම් ආරම්භ වීමත් සමගිනි. 1952 දී පොලෝ මට්ටමෙන් සිට අඩි 69 ක් යටට කැණීම් කටයුතු කරද්දී පිරමිඩ හැඩයකින් යුත් සොහොන් ගැබක තිබී පාකල් වෝටන් පඬිවරයාගේ මෘත ශරීරය සොයා ගත් බව ඒ පිළිබඳව ඇති වාර්ථාවක සඳහන් වේ..

ඒ සමඟම ඔහු විසින් ලියන ලද සෙල් ලිපි රාශියක්ද සොයා ගන්නා ලදි. 2012 වසරේ ලෝක විනාශය ගැන සඳහන් ශිලා ලේඛණය සොයා ගන්නා ලද්දේ ඔහුගේ සොහොන් ගැබ අසලින් බවත් සඳහන්. මෙම ලෝක විනාශය පිළිබඳව ඇති සෙල් ලිපි පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් සඳහන් කරන්නේ මෙය ලෝක විනාශයක් පිළිබඳ කතාවකට වඩා මිනිස් සංහතියේ එක් යුගයක අවසානය පිළිබඳව කරන අනතුරු අඟවීමක් බවයි. ඊට හේතුව ලෙස ඔහුගේ සෙල් ලිපියේ සඳහන් වන්නේ සංවර්ධණය වූ මිනිසා සොබා දහමට එරෙහිව යෑම සහ සොබා දහම අභිබවා යෑමට තැත් කිරීම නිසා මිනිසා විසින් තම විනාශය ලංකර ගන්නා බවයි...

සංකේත අනුසාරයෙන් ලියා ඇති මෙම සෙල්ලිපිය තුල මායාවරුන් විශ්වාස කල වසර 26000ක කාල චක්‍රය පිළිබඳව සඳහන් වේ. යුග කාල චක්‍රය ලෙස හැඳින්වෙන එය කොටස් 5කට බෙදා ඇති අතර ඉන් කොටසක ආයූ කාලය වර්ෂ 5125ක් ලෙස සඳහන් වේ.  ඒ අනුව 2012 දෙසැම්බර් මාසයේ 21 වන විට මෙම කාල චක්‍රයේ යුගයක් නිමා වන බව කියයි. මායාවරුන්ට අනුව එය ලෝකයේ ගමන නතර වන දිනය වේ. කෙසේ වෙතත් ශිෂ්ඨාචාරයක දැනුම මත පදනම් වී ලෝක විනාශයක් සිදුවේ යැයි ගෙඩිය පිටින් ගෙන විශ්වාස කිරීම මෝඩ කමකි. නමුත් වෝටන් පඬිවරයා සඳහන් කරන ප්‍රධාන කාරණය අපට කිසිසේත්ම බැහැර කල නොහැක. සොබා දහමට එරෙහිව යාමෙන් තමන්ගේ විනාශය මිනිසා ලඟා කර ගන්නා බව එහි සඳහන්ය. වර්ථමාණ සංවර්ධණය යනු සොබා දහමට එරෙහිව යාම නොවෙද ?


අපි ලෝක විනාශය ලඟා කර ගනිමින් සිටිනවාද ?

අප ලෝකය තුල මේ වන විට සිදුවන වෙනස්කම් පිළිබඳව සිතා බැලුවහොත්, මිනිසා ක්‍රමක් ක්‍රමයෙන් තම විනාශය තමා අතින්ම සිදුකර ගනිමින් සිටින බව අපට තේරුම් ගන්නට පුළුවන. මීට වසර 250 කට පෙර පැවැති ලෝකයට වඩා වර්ථමාණ ලෝකය මහා පරිවර්ථනයකට භාජනය වෙමින් තිබේ. ඒ මිනිසා තමාගෙ පැවැත්මට තමාම අභියෝග කරමින් පැමිනෙන ගමනකි. වර්ථමානයේ ලෝකය පුරාම සිදුවන ස්වභාවික විපත් හා රෝග පීඩා සියල්ලම පිටුපස සිටින්නේ මිනිසා තම දියුණුව නමින් හඳුන්වන ව්‍යාසනයයි. ඕසෝන් සිදුර නිසා වන ගෝලිය උණුසුම සමඟම ඇතිවන අයිස් කඳු දියවීම ...ලෝකයේ දේශගුණ සමතුලිතභාවය බිඳ වැටීම , නොයේක් වසංගත රෝග පැතිරයාම, නියඟය, ගංවතුර , කුණාටු හා ජලය හිඟවීම ආදී වශයෙන් මිනිසා වෙත ලඟාවන අතුරු ආන්ත්‍රා මේ සංවර්ධණයේම අතුරු ප්‍රථිපලයි...

මා අසා ඇති පරිදි බුදු දහමට අනුව සියළුදේ නැති වීම මෙන්ම නැවත ඇතිවීමද හේතුඑල ධර්මතාවයකි. ඇතිවීම ..නැතිවීම සහ නැවත ඇතිවීම යන චක්‍රීය සංකල්පයට අනුව ලෝකයේ ආරම්භයක් හෝ අවසානයක් පෙන්විය නොහැකිය. මායා ශිෂ්ඨාචාරයේ මනුෂ්‍ය යුගයක කාලය වර්ෂ 5125ක් ලෙස ගණන් ගැනුනද හින්දු සහ බෞද්ධ දර්ශණ අනුව එය කල්ප යුග වශයෙන් සලකනු ලබයි. කල්පයක් යනු ඉලක්කම්වලින් ඝණනය කල නොහැකි තරමේ කාල පරාසයකි.

විශ්වය යනු අනන්ත කෙළවරය දැකිය නොහැකි තැනකි. ඉතින්...මායාවරුන්ගේ දින දර්ශණයට අනුව 2012 වසරේ දෙසැම්බර් මස 21දා සිදුවෙතැයි කියන ලෝක විනාශයට ඇත්තෙ තවත් සතියක පමණ කාලයකි... ඔවුන්ගේ දර්ශණය අනුව සිදුවෙතැයි කියන ලෝක විනාශය ලඟාවනතුරු බලා හිඳිමු ද ... කවුරුත් කියනා පරිදි ලෝක විනාශය යනු විශාල යමක් පෘතුවියේ වැදී ඒනිසා ලෝකය විනාශ වී යනවාද නැතිනම්...අපි විසින් සංවර්ධණය මුවාවෙන් ලඟා කරගන්නා විනාශයක්ද යන්න සිතා බලමු..

( තොරතුරු සොයා ගත්තේ විකිපීඩියා සහ Ancient Aliens - Aliens and Lost Worlds ඇසුරෙනි ...පින්තූර සොයා ගත්තේ ගූගල් වෙතිනි ) 

පාකල් වෝටන් ගැන කියවන්න


09 December 2012

හුචක්කුවත් එක්ක කෝපි කෝප්පයක්...



උදේම කියවාපු බින්දි අක්කගෙ කෝපි කතාවෙන් පස්සේ.. මටත් හිතුනා කෝපි කෝප්පයක් තොල ගාන්න... කෝපි කෝප්පයක් තොල ගාන ගමන් ඕප දූපයක්වත් කියවන්න කෙනෙක් ඉන්න එකක්යෑ...හීටරය ගහලා වතුර එකක් රත් කරගෙන අඩු සීනි නෙස්කැෆේ එකක් හදා ගත්තා.. වෙලාව උදේ නමයට විතර ඇති.කෝපි කෝප්පය අතින් අල්ලගෙන හීන් සීරුවේ බැල්කනියට ආවා...අර හීනියට ඇඟේ වදින නත්තල් සීත...මාව වටකරගෙන.....තාමත් රෑ පුරා ඇඳගෙන උන්න රෑ ඇඳුම පිටින් … මතක් උනේ  " හුචක්කුවේ  " කතාව කියාපු මහාචාර්ය සරත් විජේසූරියව.. සරත් මහත්තයා කියන කතාව ඇත්ත. ඒ ඉතින් ඔය පිරිසිදු කම ගැන විතරයි. හුචක්කුව ගැන එයා දන්න කෙහෙල්මළ...හි හී

ගෑණු අපිට දෙයියනේ කියලා තියෙන හැමදේම චුට්ටක් හරි නිදහසේ තියන්න අඳින්න පුළුවන් එකම ඇඳුම ඔය හුචක්කුව විතරයි..එයා ඒකටත් ආඩපාලි කියෝනවා... දන්න තරම තමා.. හි හි හී…

එයාලට නම් මොකද නිකම්ම නිකම් සරම් කොටයක් … එහෙමත් නැත්තම් කලිසම් කොටයක් විතරක්ම ඇඳගෙන ගෙදර ඉන්න දවසට හරි නිදහසේ තියන්න ඕනෙ ඔක්කෝම ටික නිදහසේ තියන්න කාගෙන්වත් තහනමක් නෑ... අපිට ඉතින් එහෙම වාසනාවක්වත් කොහෙන්ද.. හුචක්කුවේ පිහිට මිසක්…ඒකත් පැය ගාණකට..රෑ ගෙවෙනකල් විතරමයි..

දන්නවා...සමහර කාන්තාවන් හුචක්කු පිටින් ගෙදර වැඩ රාජකාරියත් කරනවා කියලා. බොරු මොකටද..මාත් උදේට උයන්න ගන්නෙ හුචක්කුවේ ඉඳන් තමා. ඔෆීසියෙන් දෙන මෙලෝ රහක් නැති තෙල් පිරිච්ච බත් එක බැන කාලා ඇඟට ලෙඩ අර ගන්නෙ මොකටද..කම්මැලි කම පැත්තකින් තියලා උදේට බතක් මාළුවක් තම්බගන්නවා.. ගෙදර හදා ගන්න බත එක මාළුවක් එක්ක හරි රහට කන්න පුළුවන්...අගේ කර කර..

මහ රෑ ජාමෙත් බ්ලොග් අස්සෙ රිංග රිංග ඉඳලා ඇඳට යන්නෙ එළිවෙන ජාමේ.. යාන්තමට ඇස් දෙක පියා ගත්ත ගමන් කණ පැලෙන්න වදින එලාම් එකේ සද්දෙට ඇහැරෙන්නෙ බොහෝම අමාරුවෙන්.. සමහර දාට තව විනාඩි පහක් ඇස් දෙක පියා ගන්නවා කියලා හිතලා ඇඳේ උන්නම දන්නෙම නැතුව නින්ද යනවා...ඒ වෙලාවට අනේ ඉතින්... නින්දට අම්මා මුත්තා ගැන කියලා දීලා කුස්සියට දුවන්නෙ මෙලෝ සිහියක් නැතුව..රෑ පුරාම නිදහසේ..සැහැල්ලුවෙන් බැහැගෙන උන්න හුචක්කුවෙන් මිදෙන්නවත් කෝ වෙලාවක්.. ඒ චූටි වෙලාවත් වටිනවා මහ මෙරක් තරමට... හුචක්කුවට බනින අය ඕවා දන්නවද...එයාලට නම් මොකද...සිරියහනේ සැතපිලා නාරි ලතා මල් පූදිනවා බලන් ඉන්න විතරනෙ තියෙන්නෙ...හි හි හී..

අතට පයට වැඩකාරයෝ තියාගෙන ඉන්න අයට නම් හුචක්කුවේ ප්‍රශ්ණයක් නෑ..සරත් මහත්තයාගේ නෝනා ටත් එහෙම ප්‍රශ්ණයක් නැතුව ඇති..…සරත් මහත්තයා කියනවා වගේ හුචක්කුවේ ඉඳන් හොල්ල හොල්ල වැඩ කරන්න ඕනෙ නෑනෙ..වෙලාවට ඇඳෙන් බැහැලා..නිවාඩු පාඩුවේ ඇඟපත හෝදගෙන චූන් එකේ ෂෝක් ඇඳුමකුත් දාගෙන ඉන්න තියෙන්නෙ...( කවුරු කවුරුත් අගේට ඉස්සිලා තියෙන තියෙද්දී රහ වැටිලා අගේ කරන එව්වා...කාලයක් යද්දී කලයාගේ ඇවෑමෙන් එල්ලෙන්න ගන්නවා කියලත් මතක තියා ගත්තොත් හොඳා..එතකොට ඉතින් හෙල්ලෙන්නත් ගන්නවා...සරත් මහත්තයාට වගේ අමතක වෙයි නැත්තම් ) 

ගමේ ඉන්න සමහර අම්මලාට උදේට තියෙන වැඩ රාජකාරි වෙන කිසිම වෙලාවක නැතුව ඇති. ළමයින් තුන් හතර දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්ට නම් විසුමක් නෑ. උදේට කන්න තම්බන්න....ළමයි තුන් හතර දෙනෙක් උදේට ආම්බන් කරන..ඒ අයට වෙනම වෙනම බත් මුල බඳින්න..ඇඳුම් පැළඳුම් හරි ගස්සන්න..." අම්මෙ අරක කෝ..අම්මේ මේක කෝ ..කියද්දි ඒවා හොයලා දෙන්න...අනේ ඉතින් ගෙදර ඉන්න කෙනාගෙන ඒවට සහයක් තිබුනොත් හොඳා...නැත්තම්..අර අම්මා එපායෑ  තනියම ඔය ඔක්කොම සුමේට කර ගහන්න..ඒ වෙලාවට ඉතින් හුචක්කු වලින් ගැලවෙන්නවත් වෙලාවක් තියෙයිද...

ළමයින් ඉස්කෝලෙට ගියා කියලා නිදහසක් තියෙයිද...ඊ ලඟට ගෙදර කෙනාගෙ වැඩ..

" ඒයි..කෝ මගේ ලන්කට් එක ?

" ඒයි කෝ මගේ මේස්  ?

" ඇයි යෝදියේ තාම ෂර්ට් එකවත් මැද්දෙ නැද්ද ?

ඔන්න බලාපල්ලකො...ඇයි ඉතින් උදේ පාන්දර ඉඳන් නිකන් ඉඳලනේ...අර දරුවොත් එක්ක ඔට්ටු උන ඒවා..ගිණි කාගෙන තම්බපු ඒවා..ඒවා කරලා තියෙන්නෙ පොලීසියෙන් වෙන්නැති... ඔය ඔක්කොම අතට පයට දීලා බත් ගෙඩියත් බැඳලා දීලා එයත් ගෙදරින් ගියාට පස්සෙවත් නිදහසක් තියෙයිද ? ඇයි එතකොට ගෙදර ඉතුරු වැඩ ...වළං පිඟන් හෝදන ඒවා...ගෙවල් මිදුල් අතුගාන ඒවා...ඉන්න සනුහරේගෙම රෙදි පිළි හෝදන ඒවා...අනේ ඉතින්..එහෙම ගෑණු කෙනෙකුට අර හුචක්කුවේන් මිදෙන්න වෙන්නෙ කීයටද ? කලින් කිව්වා වගේ ඔය ඔක්කොම හුචක්කුවෙන් මිදිලා ඇවිත් කරන්න පුළුවන් තමා..ඒත් ඉතින් වෙලාව.. අත් දෙකකින් කරන්න ඕනෙ හැමදේම පැය දෙක තුනක් ඇතුලත කරන්න තියෙන වෙලාවෙන් විනාඩියක්වත් අහක් කරන්නත් වෙලාවක් නැතුව ඇති..හි හි හී කරුමෙ කරුමේ...බැන්ඳම තියෙන කරුමේ...

හැබැයි ඉතින් තවත් සමහර පිරිමි ඉන්නවා අඩුම තරමින් ලූණු ගෙඩියක් වත් සුද්ධ කරලා දෙන අය. මගෙ යාළුවෙක් ඉන්නවා යාළුවා තමයි එයාගෙ ඇඳුම් සෝදගන්නෙ..ගෙදර ඉන්න දවසට අපරාදෙ කියන්න බෑ ගෙදර වැඩ හුඟක් කරලා දෙනවලු...හැබැයි ඉතින් එකම වැඩේ දෙපාරක් කරන්න වෙන වෙලාවලුත් තියෙනවා කියන්නෙ යාළුවගෙ වයිෆ්..වැඩේ අනාගන්නවලු..ඒ වෙලාවට ඉතින් දත් මිටි කාගෙන ඉවසනවලු....එහෙමවත් වැඩක් කරනවනෙ කියලා...හි හි හී ...අපි නම් දන්නෙ නෑ ඕවා.. පිරිමින්ගෙ වැඩ කොහොමත් පිළිවෙලක් නෑනේ..අනාගන්න එක අහන්නත් දෙයක්ද...

මොන තරම් වැඩ රාජකාරි තිබුනත් ගෑණු උදවියත් දැන ගන්න ඕනනෙ අඳින ඕනෙ හුචක්කුවක් පිරිසිදුවට අඳින්න..තියෙන එකම එක හරි හැමදාම හෝදලා අඳින්න පුළුවන්නම් එච්චරයි...ආයෙ ඕකෙ මහ අමාරුවක්ද.. කම්මැලිකම් කරන්න ගියොත් නම් කුණුදැලි ගෑවුන හුචක්කු ඇඳගෙන ඉඳලා ඉන්න මනුස්සයාටත් එපා වේවී..නැද්ද මං අහන්නේ….

සරත් මහත්තයා හුචක්කුවට බැන්නට හුචක්කුවකට බැස්සම ඇඟට ..හිතට … වගේම  අනිත් ඒවටත් දැනෙන සනීපය දන්නෙ ගෑණු කෙනෙක්ම තමා..තියෙන හැමදේම දවස පුරාම තදට තදේ හිර කරගෙන ඉඳලා...අනේ ඉතින් උන් ටික ලිහා දාපුවම තියෙන සනීපය ගැන අමුතුවෙන් කතා ඕනෙද...හි හී… ඒක දැන ගන්න හුචක්කුවටකට බහින්නම ඕනා..

ඔන්න දැක්කද අන්තීමට උන දේ...කෝපි කෝප්පයක් තොල ගහා ඕපාදූපයක් කියවන්න කෙනෙක් නැති උනාට..මෙච්චර හරියක් හිතන්න හරි පුළුවන් උනානෙ...ෂෝක් කෝපි කෝප්පෙ...ආසාවෙන් බිව්ව උනාට අනේ ඉතින්...එක එක්කෙනාගෙ ආඩම්බර බලන්න නම් බෑ ඔන්න...හි හි හී


අනේ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා..සරත් මහත්තයාගෙ හුචක්කුවේ කතාව..ඒ කතාව අහලා නැති අය ඉන්නවනම් ඒකත් අහලම බලන්නකෝ.. :)



05 December 2012

හිතට දැනුන...හිතෙන් ඈත් නොවුන..


තේරෙන කාලෙ ඉඳන්ම මම ඉංග්‍රීසි ගීත අහන්න හුඟාක් ආසා කලා. අපේ ගෙදර ඔය ගීත  අහන්න පුළුවන් විදියේ පහසුකම් තිබුනේ නැතත් ගෙදරට එහා පැත්තෙන් තිබ්බ නෑදෑ කෙනෙක්ගෙ ගෙදර හොඳ සෙටප් එකක් තිබුනා.  ඒ අයියලා දෙන්න නිතරම ඇහුවේ ඉංග්‍රීසි ගීත... හවස්වරුවේ ඇහෙන Backstreet boys ලගෙ I want it That way , Show me the meaning of being lonely වගේ සින්දු මොන තරම් මගේ හිතට දැනුන ද කියනවා නම්....හරියට වචන දන්නෙ නැති උනත් වරද්ද වරද්ද හරි ඒ ගීත මුමුණන්න මම පුරුදු උනා.. ඒ ඇහුන ගීත වල තිබුන වචන වල තේරුම ගැන මෙලෝ හසරක් දන්නෙ නැති උනත්... ඒ රිද්මයට හිත ඉබේම තාල ඇල්ලුවා... වෙලාවකට මහා ඝෝෂාකාරීව දැනුන සමහර ඉංග්‍රීසි ගීත... නිවී සැනැසිල්ලේ පස්සෙ කාලෙකදී අහන්න ගත්තම...ඒවා හදවතේ ගැඹුරටම දැනුනා.ඊටත් පස්සෙ කාලෙක නම් හිතට දැනෙන ලස්සනයි කියලා හිතෙන ඉංග්‍රීසී ගීතයක් ඇහුනම ඒ ගීතයේ පද හොයලා බලන්න අන්තර්ජාලයත් උදව් උනා...

ඔය වගේ හිතට දැනුන සමහර ගීත තියෙනවා කොයි තරම් පරණ උනත්..ඒවා හිතෙන් ඈත් වෙන්නෙ නෑ. George Michael ගේ Careless Whisper අන්න එහෙම ගීතයක්


George Michael මේ ගීතය මුලින්ම පිට කරලා  තියෙන්නෙ 1989 අවුරුද්දේදී The Greatest Love කියන ඇල්බම් එකට. ඒ ගීතය මොන තරමක් ජනප්‍රිය උනාද කියනවා නම් ඒ ගීතයේ පිටපත් ලෝකය පුරාම මිලියන 6 කට වඩා අලවි වෙලා තියෙනවලු..



I feel so unsure
As I take your hand and lead you to the dance floor
As the music dies, something in your eyes
Calls to mind the silver screen

And all its sad good-byes

I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know your not a fool

Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you



Blue  කියන පොප් සංගීත කණ්ඩායමේ All Rise කියනගීතයත් මගේ හිතට හුඟාක් දැනුන එකක්. එතරම්ම ජනප්‍රිය නොවුන සංගීත කණ්ඩායමක් නිසා මේ ගීතය හුඟාක් දෙනෙක් අහලා නැතුව ඇති..2001අවුරුද්දේදී තමයි ඉස්සරවෙලාම මේ ගීතය පිට කරලා තියෙන්න...


  
Your honor please,
Gotta believe what I say,
What I will tell,
Happened just the other day,

I must confess,
Cause I've had about enough,
I need your help,
Gotta make this here thing stop,

Baby I swear I'll tell the truth,
About all the things you used to do,
And if you thought you had me fooled,
I'm telling you objection overruled,

Here we go, oh baby

One for the money and the free rides it's,
Two for the lies that you denied
All Rise, all Rise
Three for the calls you've been making,
Four for the times you've been faking
All Rise, all Rise
I'm gonna tell it o your face
I rest my case


පොප් වගේම රොක් ගායකයෙක් උන  Robbie williams ගේ Feel කියන ගීතයත් මගෙ ආසම ගීතයක්..මේ ගීතය මුළින්ම ඇහිලා තියෙන්නෙ 1996 දී...



Come and hold my hand
I want to contact the living
Not sure I understand
This role I've been given

I sit and talk to God
And he just laughs at my plans
My head speaks a language
I don't understand

I just want to feel real love
Feel the home that I live in
Ã???Cause I got too much life
Running through my veins
Going to waste

I don't want to die
But I ain't keen on living either
Before I fall in love
I'm preparing to leave her
I scare myself to death
That's why I keep on running
Before I've arrived
I can see myself coming


ඔය Alternative metal, Hard Rock වගේ ගීත වලට හුඟාක් ගැහැණු ළමයි කැමති නෑ..ඒත්  System of a down සංගීත කණ්ඩායමේ  Such a lonely day
And it's mine
 .. කියන ගීතයට මම නම් හුඟාක් ආසයි..ඒ ගීතය පුරාම තියෙන වචන මගේ හිත කොණිති ගහනවා වගේ මට දැනෙනවා...





Such a lonely day
And it's mine
The most loneliest day of my life

Such a lonely day
Should be banned
It's a day that I can't stand

The most loneliest day of my life
The most loneliest day of my life

Such a lonely day
Shouldn't exist
It's a day that I'll never miss
Such a lonely day
And it's mine
The loneliest day of my life

And if you go, I wanna go with you
And if you die, I wanna die with you

Take your hand and walk away

The most loneliest day of my life
The most loneliest day of my life
The most loneliest day of my life

Such a lonely day
And it's mine
It's a day that I'm glad I survived

 හම්ම්ම් ! අහලම බලන්නකෝ ...





04 December 2012

හිනා ගියොත් හිනා වෙන්න..නැත්තම්...ඒත් හිනා වෙන්න :D



ලෙඩේ වැඩේ...

දවසක් මනෝ වෛද්‍යවරයෙක් ලඟට ආපු මනුස්සයෙක් කියනවලු..

" ඩොක්ටර් මගේ වයිෆ් ට අමුතු ලෙඩක් තියෙනවා...එයා හරි බයෙන් ඉන්නේ කවුරු හරි ඇවිල්ලා එයාගෙ බඩු අරන් යාවි කියලා.."

වෛද්‍යවරයා - " ඔයා කොහොමද ඒක හරියටම දන්නෙ ? "

" මේ ලඟදි දවසක මම කලින් ගෙදර ගියා ඩොක්ටර්. ගිහිල්ලා නිදන කාමරයේ අල්මාරිය අරිද්දී ඒකෙ ඇතුලේ සිකියුරිටි ගාඩ් කෙනෙක් හංගලානේ අපේ වයිෆ්..බඩු ගන්න එන හොරුන්ව අල්ලන්න..."


 බය හිතුන වෙලාව..

ඔන්න ඉතින් ගුවන් යානයක් හොයා ගත්ත මුල්ම දවස්වල තනි එන්ජිමක් තියෙන යානයකින් මුදල්වලට මිනිස්සුන්ට අරන් රවුමක් දෙකක් යනවලු. ඒ යානයේ ගුවන් නියමුවාට අමතරව යන්න පුලුවන් තව එක්කෙනෙකුට විතරලු..ඔන්න දවසක් වයසක ගොවියෙක් ඇවිත් ගුවන් නියමුවාට කියනවාලු..තමන්ගේ බිරිඳවත් අරගෙන යන්න ඕනෑ කියලා. ලෝබ ගොවියා ඉල්ලීම කරන්නෙ තමන්ගේ බිරිඳවත් අරන් යන්නෙ ඕනෙ සාමාන්‍යයෙන් අය කරන මුදලටම විතරක් කියලලු.ඒ කියන්නෙ දෙන්නෙක් යනවා කියලා වැඩිය ගන්න බෑ... මේ ගොවියාගෙ කන් කෙඳිරිය හින්දම ඔන්න ඉතින් දෙන්නවම අරන් යන්න කැමති උනාලු. එක කොන්දේසියක් උඩ..

" හැබැයි මඟදී කවුරු හරි බයවෙලා කෑ ගැහුවොත් ගාන දෙගුණ වෙනවා "

දැන් ඉතින් ඔන්න යානය උඩ ගියාලු..අර ගුවන් නියමුවාට ඕනෙ මේ දෙන්නව බය කරලා ගාණ කඩා ගන්න..ඉතින් ගුවන් නියමුවා ඒ අතට මේ අතට හරව හරව…. කරණමක් එහෙම ගහලා අරන් ගියත්...අර දෙන්න සද්දයක්වත් නෑලු... පස්සෙ ඉතින් ඔන්න පොළොවට එන අතරේ ගුවන් නියමුවා කියනවලු ..

" කරණම් ගහද්දී මටත් බය හිතුනා...ඔහේලා හරිම නිර්භීතයිනේ..."

එතකොට අර ගොවියා කියනවලු

" ඒත් එක වෙලාවකදී මට යටි ගිරියෙන් කෑ ගහන්න හිතුනා..ඒත් ගාණ හින්දා.... "

" ඒ කොයි වෙලාවෙද ? "

" කරණමක් ගහනකොට මගේ බිරිඳ බිමට වැටුන වෙලාවේ..."


වතුර නෑ..

අප්‍රිකාවේ ඈත කැලෑවක ඇවිදින්න ගිය සුදු ජාතික දඩයම් කාරයෙක් දකිනවලු කොළ අතු ඇඳගෙන ඉන්න වනචාරියෙක් බෙරයකට හයියෙන් ගහනවා..

සුදු ජාතිකයා - " මොකද ඔය කරන්නේ...ඇයි බෙරයකට මෙච්චර හයියෙන් ගහන්නේ ?.. "

වනචාරියා - " අපිට වතුර නෑ.."

සුදු ජාතිකයා -" හා හා...එතකොට ඔය බෙරේට ගහලා බලාපොරොත්තු වෙන්නෙ වැස්සද ?"

වනචාරියා - " නෑ අපේ පයිප්ප බාස්.."



ලේසි වැඩක්...

ඔන්න හිර ගෙදර ඉන්න තමන්ගේ ස්වාමිපුරුෂයාව බලන්න බිරිඳ ඇවිත්...එයත් එක්ක කතා බහ කරලා එහෙම ආපහු යන ගමන් ජේලර් කෙනෙක් ලඟට ගිහින් කියනවාලු...

බිරිඳ - " එයාට ලේසි වැඩක් දෙන්න බැරිද ? දවල්ට එයාට හරිම මහන්සියිලු..."

ජේලර් - " මහන්සි වෙන්න අපි එයාට කිසිම වැඩක් පවරලා නෑනේ....."

බිරිඳ - " අනේ මන්දා...එයා නම් කිව්වේ රෑ තිස්සේ උමඟක් හාරනවා කියලායි..."


ගණිතයත් බෑ...

ඔන්න ගුරුවරයෙක් ළමයෙකුගේ සටහන් පොත් බලන ගමන් කියනවලු..

ගුරුතුමා - " ඔය ළමයගේ අභ්‍යාස හරිම දුර්වලයි.ඒ හින්දයි මම කිව්වේ මේ එකම වක්‍ය විසි වතාවක් ලියන්න කියලා. ඒ උනාට ඔය ළමයා ඒක ලියලා තියෙන්නෙ දහ වතාවයිනේ..."

ළමයා- " අනේ ටීච...මම ගණිතයටත් දුර්වරයිනේ..."


ප්‍රශ්ණයක් නෑ…

පුතාගේ වාර්ථා පොත අරගෙන තාත්තා කියනවලු..

තාත්තා - " පුතා හැමදාම පන්තියේ අන්තිමයනේ..."

පුතා - " ප්‍රශ්ණයක් නෑ තාත්තේ... අපේ ටීචර් මට වගේම පළවෙනියට උගන්වන්නෙත් එකම දේනේ... "


දඟ වැඩ...

නහයට අහන්නෙ නැති තමන්ගේ පුතා දිහා බලාගෙන තාත්තා කෙනෙක් කියනවලු...

තාත්තා - " පුතෙක් දඟ වැඩ කරන හැම වෙලාවකම එයාගේ තාත්තගේ කෙස් ගහක් සුදු වෙනවලු..."

පුතා - " මගෙ අම්මෝ...එහෙනම් තාත්තා මොන තරම් දඟ වැඩ කරලා ඇතිද...සීයගෙ කෙස් ඔක්කොම සුදුයිනේ..."