අප ජීවත් වෙන ලෝකයේ ඇරඹුම මෙන්ම
අවසානයද කවදා කොයි ආකාරයෙන් සිදුවේදැයි සොයන්නට මිනිසා පෙළඹුනේ අද ඊයේ නොවේ. ලෝකයේ
ආරම්භය මෙන්ම අවසානයද කවර ආකාරයෙන් සිදුවේදැයි යන ගැටළුවට නොයේක් පිළිතුරු ඒ ඒ
යුගවල ජීවත් වූ ආගමීක ශාස්තෘවරුන් මෙන්ම
දාර්ශිකයින්ද තමන්ගේ අදහස් පෙන්වා දී තිබේ.
මීට වසර 58කට
පමණ පෙර පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලද සෙල් ලිපියක් ඇසුරෙන් කල
පරීක්ශණයන් අනුව අප ජීවත් වන ලෝකයේ අවසානය 2012
වසරේ දෙසැම්බර් මස 21 වෙනිදා සිදුවන බව ඔවුන් කියයි. නමුත්
ඒ කුමන ආකාරයටදැයි සඳහනක් නැත.
ලොවපුරා මිනිසුන්ගේ අවධානය දිනා ගන්නා
ලද එම දිනය මායා ශිෂ්ඨාචාරයේ ජීවත් වූ මායාවරුන්ගේ
සෙල් ලිපියක සඳහන් වූ මායා දින දර්ෂණයක සඳහන් බව ඒ පිළිබඳව සොයා බැලූ විද්‍යාඥයින්ගේ අදහස
වුවද ඇත්තෙන්ම 2012
දෙසැම්බර් මාසයේ 21 දා මේ කියන ආකාරයේ ලෝක විනාශයක්
සිදුවේදැයි අප බලා හිඳින්නෙමු..
මායා ශිෂ්ඨාචාරය යනු වර්ථමාන දකුණු ඇමරිකානු අර්ධද්වීපයේ මෙක්සිකෝව , ගෝතමාලාව , එල්සෙල්වදෝරය හා උතුරු බ්‍රසීලය
යන රටවල් පිහිටි ප්‍රදේශයන් ආශ්‍රිතව පැවති වසර ක්‍රි.පූ 3000 වෙනි වසරට පමණ ඈත අතීතයේ
ඉතාමත් දියුණු ශිෂ්ඨාචාරයක් බව සොයාගෙන තිබේ.
මායා ශිෂ්ඨාචාරය
මෙම ශිෂ්ඨාචාරයට අයත් මිනිසුන් ඉතා
දියුණු දින දර්ශණ පවා භාවිතා කර තිබූ බවට සාක්ෂි ලැබී තිබේ. මායා වරුන්ගේ දින
දර්ශණ අනුව එක් දින දර්ශණයක් දින 260 ක්ද
අනිත් දින දර්ශණය දින 365 කින්ද සමන්විතයි.
ඊට අමතරව ඔවුන් තවත් විශේෂ දින දර්ශණයක්ද බාවිතා කර ඇත. එය නම් කොට ඇත්තේ Long
Count Calendar යනුවෙනි.
Long Count Calendar
මෙම විශේෂ දින දර්ශණය ඔවුන් නිර්මාණය
කර ඇත්තේ වර්ෂ 5125
ක කාලසීමාවකට යටත්වය. ඔවුන්ට අනුව එය ලෝකයේ මිනිස්
ශිෂ්ඨාචාරයේ එක් යුගයක ආරම්භය සහ අවසානය සිදුවන කාල පරාසය ලෙස සලකනු ලැබේ. ඒ අනුව
මෙම Long
Count Calendar නැමති දින දසුන අනුව මෙම මායා
දින දර්ශණයේ ආරම්භක දිනය වන්නේ ( මායා ශිෂ්ඨාචාරයේ ආරම්භය ) ක්‍රි.පූ. 3114
අගෝස්තු මස 14 දින
ලෙස ගණන් බලා තිබේ. එවිට එහි අවසාන දිනය වන්නේ 2012
වසරේ දෙසැම්බර් 21 වෙනිදාය.
පාකල් වෝටන්
මේ මතභේදයට තුඩු දුන් කරුණු සඳහන් සෙල්
ලිපියේ හිමිකරුවා වන්නේ පාකල් වෝටන් ( Janaab Pakal
Votan) නැමැති මායා ශිෂ්ඨාචාරයට අයත් රජ කෙනෙකි. ක්‍රි.වර්ෂ 603 දී ඉපිද වසර 80 ක් ජීවත් වූ පාකල්
පඬිවරයා වසර 52ක් මෙක්සිකෝවේ පාලකයා ලෙස කටයුතු කොට තිබේ. තාරකා විද්‍යාව , ජෝතිෂය
පිළිබඳව මනා දැනුමකින් පිරිපුන් වියතෙකු ලෙස හැදින්වෙන මොහු පිළිබඳව තොරතුරු
මුලින්ම ලෝකයට අනාවරණය වන්නේ 1949 දී මෙක්සිකෝවේ පුරා විද්‍යාකැණීම් ආරම්භ වීමත්
සමගිනි. 1952 දී පොලෝ මට්ටමෙන් සිට අඩි 69 ක් යටට කැණීම් කටයුතු කරද්දී පිරමිඩ
හැඩයකින් යුත් සොහොන් ගැබක තිබී පාකල් වෝටන් පඬිවරයාගේ මෘත ශරීරය සොයා ගත් බව ඒ
පිළිබඳව ඇති වාර්ථාවක සඳහන් වේ..
ඒ සමඟම ඔහු විසින් ලියන ලද සෙල් ලිපි
රාශියක්ද සොයා ගන්නා ලදි. 2012 වසරේ ලෝක විනාශය
ගැන සඳහන් ශිලා ලේඛණය සොයා ගන්නා ලද්දේ ඔහුගේ සොහොන් ගැබ අසලින් බවත් සඳහන්. මෙම
ලෝක විනාශය පිළිබඳව ඇති සෙල් ලිපි පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් සඳහන්
කරන්නේ මෙය ලෝක විනාශයක් පිළිබඳ කතාවකට වඩා මිනිස් සංහතියේ එක් යුගයක අවසානය
පිළිබඳව කරන අනතුරු අඟවීමක් බවයි. ඊට හේතුව ලෙස ඔහුගේ සෙල් ලිපියේ සඳහන් වන්නේ
සංවර්ධණය වූ මිනිසා සොබා දහමට එරෙහිව යෑම සහ සොබා දහම අභිබවා යෑමට තැත් කිරීම නිසා
මිනිසා විසින් තම විනාශය ලංකර ගන්නා බවයි...
සංකේත අනුසාරයෙන් ලියා ඇති
මෙම සෙල්ලිපිය තුල මායාවරුන් විශ්වාස කල වසර 26000ක කාල චක්‍රය පිළිබඳව සඳහන් වේ. යුග කාල චක්‍රය ලෙස
හැඳින්වෙන එය කොටස් 5කට බෙදා ඇති අතර ඉන් කොටසක ආයූ කාලය වර්ෂ 5125ක් ලෙස සඳහන් වේ.
ඒ අනුව 2012 දෙසැම්බර් මාසයේ 21 වන විට මෙම කාල චක්‍රයේ යුගයක් නිමා වන බව කියයි. මායාවරුන්ට අනුව එය
ලෝකයේ ගමන නතර වන දිනය වේ. කෙසේ වෙතත් ශිෂ්ඨාචාරයක දැනුම මත පදනම් වී ලෝක විනාශයක්
සිදුවේ යැයි ගෙඩිය පිටින් ගෙන විශ්වාස කිරීම මෝඩ කමකි. නමුත් වෝටන් පඬිවරයා සඳහන්
කරන ප්‍රධාන කාරණය අපට කිසිසේත්ම බැහැර කල නොහැක. සොබා දහමට එරෙහිව යාමෙන් තමන්ගේ
විනාශය මිනිසා ලඟා කර ගන්නා බව එහි සඳහන්ය. වර්ථමාණ සංවර්ධණය යනු සොබා දහමට එරෙහිව
යාම නොවෙද ?
අපි ලෝක විනාශය ලඟා කර ගනිමින්
සිටිනවාද ?
අප ලෝකය තුල මේ වන විට සිදුවන වෙනස්කම්
පිළිබඳව සිතා බැලුවහොත්, මිනිසා ක්‍රමක් ක්‍රමයෙන් තම විනාශය
තමා අතින්ම සිදුකර ගනිමින් සිටින බව අපට තේරුම් ගන්නට පුළුවන. මීට වසර 250 කට
පෙර පැවැති ලෝකයට වඩා වර්ථමාණ ලෝකය මහා පරිවර්ථනයකට භාජනය වෙමින් තිබේ. ඒ මිනිසා
තමාගෙ පැවැත්මට තමාම අභියෝග කරමින් පැමිනෙන ගමනකි. වර්ථමානයේ ලෝකය පුරාම සිදුවන
ස්වභාවික විපත් හා රෝග පීඩා සියල්ලම පිටුපස සිටින්නේ මිනිසා තම දියුණුව නමින්
හඳුන්වන ව්‍යාසනයයි. ඕසෝන් සිදුර නිසා වන ගෝලිය උණුසුම සමඟම ඇතිවන අයිස් කඳු
දියවීම ...ලෝකයේ දේශගුණ සමතුලිතභාවය බිඳ වැටීම , නොයේක්
වසංගත රෝග පැතිරයාම, නියඟය, ගංවතුර
, කුණාටු
හා ජලය හිඟවීම ආදී වශයෙන් මිනිසා වෙත ලඟාවන අතුරු ආන්ත්‍රා මේ සංවර්ධණයේම අතුරු ප්‍රථිපලයි...
මා අසා ඇති පරිදි බුදු දහමට අනුව
සියළුදේ නැති වීම මෙන්ම නැවත ඇතිවීමද හේතුඑල ධර්මතාවයකි. ඇතිවීම ..නැතිවීම
සහ නැවත ඇතිවීම යන චක්‍රීය සංකල්පයට අනුව ලෝකයේ ආරම්භයක් හෝ අවසානයක් පෙන්විය
නොහැකිය. මායා ශිෂ්ඨාචාරයේ මනුෂ්‍ය යුගයක කාලය වර්ෂ 5125ක් ලෙස ගණන් ගැනුනද හින්දු
සහ බෞද්ධ දර්ශණ අනුව එය කල්ප යුග වශයෙන් සලකනු ලබයි. කල්පයක් යනු ඉලක්කම්වලින්
ඝණනය කල නොහැකි තරමේ කාල පරාසයකි.
විශ්වය යනු අනන්ත කෙළවරය දැකිය නොහැකි
තැනකි. ඉතින්...මායාවරුන්ගේ දින දර්ශණයට අනුව 2012 වසරේ
දෙසැම්බර් මස 21දා
සිදුවෙතැයි කියන ලෝක විනාශයට ඇත්තෙ තවත් සතියක පමණ කාලයකි... ඔවුන්ගේ
දර්ශණය අනුව සිදුවෙතැයි කියන ලෝක විනාශය ලඟාවනතුරු බලා හිඳිමු ද
... කවුරුත්
කියනා පරිදි ලෝක විනාශය යනු විශාල යමක් පෘතුවියේ වැදී ඒනිසා ලෝකය විනාශ වී යනවාද
නැතිනම්...අපි විසින් සංවර්ධණය මුවාවෙන් ලඟා කරගන්නා විනාශයක්ද යන්න සිතා බලමු..
( තොරතුරු සොයා ගත්තේ විකිපීඩියා සහ Ancient
Aliens - Aliens and Lost Worlds ඇසුරෙනි ...පින්තූර සොයා ගත්තේ ගූගල්
වෙතිනි )
පාකල් වෝටන් ගැන කියවන්න